මහාචාර්යවරයෙක් සේ සාහිත්‍ය කියවන හැටි
How to Read Literature Like a Professor, Thomas C. Foster (2003) මේ ඊයේ පෙරේදා කියවන්න ලැබුණු පොතකි. බටහිර සාහිත්‍ය කියවා ඇත්නම් වඩාත් රසවිඳිය හැකි පොතක් වන්නේ ඒකෙ සාකච්ඡාවට ලක්වෙන්නෙ ඒ ගැන උදාහරණ වලින් පිරුණු මාතෘකා නිසා. හැබැයි හොඳ වෙලාවට මට මේ පොත මගේ ප්‍රබන්ධය ලියා අහවර කලාට පස්සෙ කියවන්න ලැබුනෙ. මොකද අපි ජීවිතයේ කියවන (දැන් කාලේ අහන පොත් වලින් පවා) හැම කෘතියකින්ම අපිට යම් බලපෑමක් සිද්ධ වෙන හේතුවත්, ලියද්දි යම් ආකාරයකින් ලියන්නට අර බලපෑම් එහෙන් මෙහෙන් රිංගන නිසාත්.
මේ පොත ලියන තෝමස් ෆොස්ට මෙහෙම සඳහනක් මුලින්ම කරනවා. අපි මෙහෙම මෙහෙමයි පොත්පත් වල ඇති රීති කියලා කොටස් කරපු ගමන් කවුරු හරි කෙනෙක් ඒ රීති වලට එරෙහිව තවත් පොතක් ලියනවා. ඉතින් ඒ නිසා සාහිත්‍ය කියන්නෙ නිතරම වෙනස්වීම් වලට ලක්වෙන්නක්. නමුත් ඒ සියල්ලම වෙනස් වෙන සාහිත්‍ය ලෝකයක වුවත් සම්ප්‍රදායක් දකින්න පුළුවන් කියන එක පෙන්වා දෙන්නයි මෙයා මේ පොත ලියලා තියෙන්නෙ.
සියල්ල දේශපාලනිකයි කියන මාතෘකාව යටතේ ෆොස්ට මෙහෙම තියරියක් ඔප්පු කරනවා. අද අපි චාල්ස් ඩිකන්ස් ලියපු A Christmas Carol කතාව පුද්ගලික ආචාර ධර්ම විග්‍රහයක් කියා (නත්තලට කතාබහ කළ යුතු) සැලකුවත් චාල්ස් ඩිකන්ස් ජීවත් වූ 1843 දී ලන්ඩන් සමාජයේ ප්‍රචලිත ව හෙබ වූ දේශපාලනික මතයකට පහර දීමක් මේ මසුරු (සිටාණෝ) දකින අධ්‍යාත්මික හොල්මන් කතාවේ දී කරන බවයි.
තෝමස් මැල්තස් -Thomas Malthus- නම් වූ බ්‍රිතාන්‍ය සමාජ දාර්ශනිකයා එකල ඉදිරිපත් කරන ලද තියරිය මෙසේය. දුප්පතුන්ට උදව් කිරීම හා ආහාර නිෂ්පාදනය වැඩිකර වැඩි දෙනෙකුට කන්න ලබා දීම නිසා සමාජය වැඩි දුප්පතුන් සංඛ්‍යාවක් බිහි කරයි. එයින් වන්නේ ඒ දුප්පතුන් ඉතා ඉක්මණින් තව තවත් දරුවන් වදා අර අතිරික්ත ආහාර වඩාත් ඉක්මණින් බුදා අහවර කිරීමයි.
චාල්ස් ඩිකන්ස් මසුරාගේ චරිතය පාවිච්චි කරමින් දුප්පතුන්ට කිසිවක් නොකරයි. මෙය “they had best hurry up and do it and decrease the excess population” මසුරාගේ වදනින් හේ දක්වයි.
වැඩි දුරටත් විස්තර කරන ෆොස්ට පෙන්වා දෙන්නේ ඔබ කවදාවත් තෝමස් මැල්තස් ගැන අසා නොතිබුන ද, චාල්ස් ඩිකන්ස් මෙවැනි මසුරු චරිතයක් (එවැනි අදහස් දරන එක් අයෙක් පමණක් ලන්ඩනයේ එසේ අදහස් දැරවා නම්) කතාව මේ ආකාරයෙන් අපට හිතට ළං නොවෙන බවයි. එදත් අදත් මේ ආකාරයෙන් සිතනා අය සිටින නිසා කතාව අපට හිතට වැදේ.
චාල්ස් ඩිකන්ස් සමාජය විවේචනය කරන්නෙකි. එහෙත් ඔහු එය කරන්නේ සූක්ෂම අන්දමිනි. ඔහු තම භාෂා රචනා ශෛලිය යොදා අපව සතුටු කරවන ගමන් සමාජයේ අඩුපාඩු විචාරය කරගෙන යයි. එයින් සමාජ වගකීම් ගැන විවේචනයෙන් එක් මතවාදයක් අගය කරන අතර තවත් මතවාදයකට පහර දෙයි. ෆොස්ටගේ පොතින් ඒ විස්තරය කරන තුරු මා තෝමස් මැල්තස් ගැන අසා නොතිබුණි. නැවත චාල්ස් ඩිකන්ස්ගේ පොත් කියවද්දී ඔහුගේ විචාරයට භාජනය වන තවත් දාර්ශනික මත සොයා ගැනීම ඩිකන්ස් තවත් රස විඳිය හැකි ආකාරයක් බව පෙනේ.
මම ලියපු ප්‍රබන්ධය “බ්‍යාමප්‍රභාව” කියවන අයටත් සමහර විට ඒ හා සමානව ලියවුන පොත් කියවන්න ඉඩ ලැබේවි. මොකද ෆොස්‍ට කියන විදියට හැම පොතක්ම කොයි තරම් මනඃකල්පිත වුවත්, කොයිතරම් නිර්මාණශීලී වුවත්, කොයිතරම් සම්භව්‍ය වුවත්, එහි කලින් ලියපු පොත්පත්, සුරංගනා කතා ආදියේ තේමා, ශෛලියන්, පටලැවිලි දිවෙනවා. සමහර විට Taboo කියන Sisterhood of the Travelling Pants වලට වඩා අයිරිශ් ජාතික මේව් බින්චි -Maeve Binchy- ලියපු Circle of Friends පොතට මගේ පොත සමාන වෙනවා යයි කියන්න පුළුවන්. මොකද Sisterhood of the Travelling Pants වල රටේ තත්වය හෝ කතා චරිත වල අනාගත විකාශයක් නැති වුනාට Circle of Friends එකේ අයර්ලන්තයේ සමාජ විපර්යාසය කතාවට ඇතුල් වෙලා තියෙන නිසා. ඒ වගේම The Divine Secrets of the Ya-Ya Sisterhood පොතත් වැනි පොත් රාශියක් මගේ ප්‍රබන්ධය හා සමානව දිවෙනවා.
කෙටියෙන් කිව්වොත් අපි අමුතු කතාවක්, නව නිර්මාණයක් කිව්වට බලාගෙන යනකොට අතීතයේ කවුරු හරි ඒ විදියට කතාවක් ලියලා කියලා තියෙනවා!!!
හ්ම්…
මේ ලිපිය මං කොහේදී හරි මීට කලින් කියවලා තියෙනවා වගේ මතකයි!
😉
කතන්දරකාරයා
Your comment is way better than my blog!!!! 🙂