අරුණි ශපීරෝ‍ වෙතින්

බාණකුසුමයා බානසුල්ලෙක් වෙයි ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 3, 2010

රෝම දේවකතා සාහිත්‍යයේ ප්‍රේමයට (erotic love) අධිගෘහිත සේ සලකන්නේ බාණකුසුමයා (cupid) නොහොත් මල්සරා නොහොත් මලවියා නොහොත් අනංගයාය. මේ ප්‍රේමය කාමය (desire) පෙරදැරි කරගත්තක් වුවත් බොහෝ දෙනා එය ආදරය කියා වරදවා සලකති.

‍බාණකුසුමයාට අද වොෂිංටන් නගරයේ දී සතුටට පත්වන්නට හැකිවිණ. ඒ අද වොෂිංටන් දිස්ත්‍රික්කයේ සමලිංගික මංගල්‍යයන්ට නීතියෙන් අවසර ලැබුණු හේතුවෙනි. උසාවි විවෘත වන්නටත් පෙර සමලිංගික විවාහ රිසි අය සිය ගණනක් පෝලිම් ගැසී සිටියහ. ඊට විරුද්ධතාවය දක්වන්නෝ පැත්තකින් විරෝධතා දැක්වූහ. එළියට ආ නව විවාහකයන්ගේ සතුටු නාදයෙන් විරෝධතා දක්වන්නන්ගේ හඬ යටපත් වී ගියේය.

කතෝලික පල්ලිය සාමාන්‍ය සමාජ කටයුතු වල දී අනුගමනය කරන්නේ සමාජවාදී පිළිවෙතකි. ඇති අයගෙන් රැගෙන නැති අයට බෙදා දීම ඔවුන්ගේ සේවාවල ඉහළින්ම සිදුවෙයි. නමුත් ළමා අපචාර වරදට (පිරිමි පූජකයන් අතින් අපචාරයට ලක්ව ඇත්තේ වැඩිපුරම පිරිමි ළමුන්ය) චෝදනා ලබා ඇති පල්ලිය වහාම ක්‍රියාත්මක වන පරිදි වොෂිංටනයේ කතෝලික පවුල් වලට පල්ලියේ මැදිහත්වීමෙන් දරුවන් හදා ගැනීමට දරුවන් සොයා දීම නතර කර දමා ඇත. ඒ අද විවාහ ජීවිතයට පා තබන සමලිංගික පවුල් දරුවන් හදා ගැනීමට දරුවන් සොයා පල්ලියට එතැයි බියෙනි. එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි පල්ලියෙන් වේතන ලබනා අයගේ සහකාරයාට දෙන සහනයන් ඉවත් කරන ලදි. මන්ද කතෝලික පල්ලියේ විවාහ නොවුන ද පළාතේ නිතියට අනුව විවාහයට අනුමැතිය ඇත්නම් සහකාරයාට සහන ගෙවීම සිදු කරන්නට වන හෙයිනි.

සමරිසි පැවතුම් සාමාන්‍ය නොවේ යයි කෙනෙක් කියන්නේ දෙවියන් වහන්සේ අනුමත නොකරන නිසාය. තව අයෙක් ඊට විරුද්ධ එය සම්මුතියට පටහැනි නිසාය. ඒ පැවතුම් වල යෙදෙන්නෝ සම්මතය නොසලකන අය වෙති. ඒ නිසාම ඔවුනට නීතියෙන් විවාහ වීම අවශ්‍ය වී ඇත්තේ නිතියෙන් ලැබෙන බදු හා වෙනත් ලාබ හා සහන සඳහා පමණක් ද යයි සිතේ. දෙදෙනෙක් අතර ආචාර ධර්මානුකූල නිසි විවාහයකට නීතියෙන් බැඳීමක් අවශ්‍ය නැත. එහෙත් සම්මත ලෝකයේ ජීවත්වීමට එය අවශ්‍යයය.

අතීතයේ පටන් අසම්මත ලිංගික ජීවිත ගත කෙරුවෝ වූහ. ප්‍රසිද්ධ අය ප්‍රසිද්ධියේම හැසිරුනේ නිතියට පිටින් යමිනි. නිතියෙන් අසම්මතය සම්මතයක් වන කල එදා සිටියාට වඩා වැඩි පිරිසක් මීට එක් වෙන ප්‍රවණතාවයක් ඇති වෙයි ද?

ලංකාවේ නීතියෙන් වසර දෙකක් හිර දඬුවම් ලබත හැකි වරදක් වුවද කැළණිය විශ්ව විද්‍යාලයේ කඩු ෆැකල්ටියේ හෙවත් ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත් හිතවත් මිතුරියන් දෙදෙනෙක් වසර තුනක් ඉතා ආදරයෙන් එළිමහනේම සිය ආදර රැඟුම් නැටූ බව මතකයට එයි. නමුත් ඒ දුටු නිසා පමණින් තවත් අය එසේ හැසිරෙන්නට ගියේ නැති බවත් මතකය.

නීතියෙන් තහනම් නැති සමලිංගිකත්වය පවතින පැතිවල ඇමෙරිකාවේ තරුණ කෙල්ලෝ තමන් සමරිසි වීමට හේතු කාරණා දැක්වූයේ මෙසේය. මුල්ම වාසිය සමරිසි සම්බන්ධයක් නිසා ගැබ් නොගැනීම. ඊ ළඟට පිරිමි අයට වඩා ස්ත්‍රියක් සංවේදනීයයි කීම. ළාබාල වයසින්ම රැකියා හෝ ඉගෙනීම සඳහා නිවසින් පිටත්ව යන ඔවුන් පවුලෙන් ඈත් වෙලා ඉන්න කොට කාංසිය මඟ හරවා ගන්න ළං වෙන්න පුළුවන් ලේසියෙන් තවත් කෙල්ලකුටයි සිතේ තියන දේ බෙදා හදා ගන්න. පිරිමි කතා බහට කැමති නෑ. සාප්පු යන්න කැමති නෑ. තවත් හේතුවක් තමයි අධ්‍යාපනය ඉවර වෙලා හෝ රැකියාව වෙනස්කර වෙන්වෙලා යනකොට නැවත අවස්ථාවක් ලැබෙනවා සමරිසි බවේ ඉන්නවා ද නැද්ද යන්න තීරණයට.

ඒ කියන්නේ බාණකුසුමයා ඔවුන් අතරට ගොස් ඇත්තේ කාමය යන අර්ථයෙන් ද? ඔවුන් අතර ඇත්තේ හුදු ගණුදෙනුවක් පමණක් ද? ඒ ආදරයක් යයි කිව හැකි ද?

තවත් කොට්ඨාශයක් වාසි ලබා ගැනීම සඳහා සමරිසි වී ඇත. අයිස් කේට්, නාට්‍ය හා රඟපෑමේ යෙදෙන තරුණයෝ තමන් සමරිසි කියා ගන්නේ ඉන් වෙනදා නොතිබුණ අවස්ථා අද ඇති නිසාය. සමරිසි බව පෙන්වීමට (හමේ පාට මෙන්) වෙනම විභාගයක් නැත! කතාබහ, ගමන බිමන හැඩ ගස්සා ගත් ලිංගිකත්වයෙන් සමරිසි නොවන තරුණයෝ අද සිටිති. එහෙත් තමන් ඒ කොටසට ඇතුලත් යයි කියා මොවුන් ලාභ ලබති. මෙය වැඩිපුරම පවතින්නේ කලා ක්ෂේත්‍රයේය. සමලිංගිකයන් ප්‍රතික්ෂේප කිරිම නිසා අපවාද අහන්නට සිද්ධ වේය යන බියෙන් අනිත් තරුණයන් අභිබවා මොවුන්ට අවස්ථා ලැබේ.

සමලිංගික විවාහ වලට අවසර දෙන උසාවිය ලේ පරීක්ෂණ ඉල්ලන්නේ නැත. එහෙත් ස්ත්‍රී-පුරුෂ විවාහයේ දී ප්‍රාන්ත 31 ක් එය සැලකිල්ලට ගනී. තමන් ලේ ඥාතීන් නොවන බව පෙන්විය යුතුය. එහි විද්‍යානුකූල වැදගත්කමක් ඇත් ද නැද්ද යන්නට කරුණු පෙන්වා දී ඇතත් නීතියෙන් අපේක්ෂා කරන්නේ ලේ ඥාතීන් අතර ව්‍යාභිචාරය (incest) ඇති ඉඩකඩ නිසා නීත්‍යානුකූල විවාහ සිදු නොවිය යුතු කියාය. නමුත් මෙහිදී සමලිංගික දෙදෙනෙක් අතර නීත්‍යානුකූල ව්‍යාභිචාරයට ඉඩක් ඇතිවේ ද? ප්‍රතිඵලය දරුවෙක් බිහි කිරීම නොවන පමණින් ව්‍යාභිචාරය කමක් නැද්ද?

බර්ලින් සත්තු වත්තේ උපන් හිම වලහා කනුට් (Knut) අද ආදරයෙන් වෙළී ඇත්තේ සිය ඥාතී සහෝදරියක වන ජෙවොනා සමඟයි. ‍ඇය මියුනික් සත්තු වත්තෙන් බර්ලින් සත්තු වත්තට ඇවිත් ඉන්නේ තමන්ගේ නිවාස භූමිය මේ දිනවල අළුත්වැඩියා කෙරෙන නිසයි. දෙදෙනාගේම සීයා ඕලාෆ් නම් හිම වලහා වෙයි. People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය කනුට්ගේ පිරිමිබව ඉවත් කර යුතු බව කියයි. එවිට සිය සහෝදරිය සමඟ කැමති පරිදි හැසිර එයින් පැටවෙක් බිහිවීම සිද්ධ නොවේ යන්න PETA ගේ මතයයි.

මේ හිම වලසුන් දෙදෙනාගේ ජානු ඉතිහාසය දන්නේ මිනිසාය. උන් දෙන්නා ඒ ගැන නොදනිති. වැඩිවියට පත්වෙන හිම වලසා යනු සිය මවගෙන් වෙන් වී තනිවම ජීවත් වෙන සතෙකි. ඌ තනියම කරක් ගා හමුවන ගැහැණු සතෙක් හා සතුටු වී වෙනතක් බලා යයි. පිරිමි හිම වලසා දරු ප්‍රසූතියට, දරුවන් ඇති දැඩි කරන්නට අත දෙන්නෙක් නොවේ.

මේ හිම වලස් යුවල සත්තු වත්තේ දී මිනිසා විසින් මුණ ගස්වන ලද නිසා මිනිසා ඊට යම් වගකීමක් දරනවා ද? මිනිසා විසින් ඇති කරන සතුන්ටත් මිනිසාගේ ආචාර ධර්ම බලපෑ යුතු ද? හිම වලස්සුන්ට බාණකුසුමයෝ ඉන්නවා ද?

අද ‍ලෝකයේ ඇති පෙරළි නිසා බාණකුසුමයන් බානසුල්ලන් (coward) වෙයි ද? නැතිනම් තවත් දක්ෂ බාණකුසුමයන් බවට පත්වේ ද?

Francis Connie, Mandy Moore, Wanda Jackson යන තිදෙනාම ගයා ඇති මේ සිංදුව මතකයට නැඟුණු බැවින් එය ද සටහනට එක් කරන්නට සිතුවෙමි.
Stupid cupid, you’re a real mean guy
I’d like to clip your wings so you can’t fly
I’m in love and it’s a crying shame
And I know that you’re the one to blame
Hey, hey — set me free
Stupid cupid, stop pickin’ on me!
I can’t do my homework and I can’t see straight
I meet him every morning ’bout a half-past eight
I’m acting like a lovesick fool
You’ve even got me carrying his books to school
Hey, hey — set me free
Stupid cupid, stop pickin’ on me!
You mixed me up but good right from the very start
Hey, go play Robin Hood with somebody else’s heart
You’ve got me jumping like a crazy clown,
And I don’t feature what you’re putting down
Since I kissed his lovin’ lips of wine,
The thing that bothers me is that I like it fine!
Hey, hey — set me free
Stupid cupid, stop pickin’ on me!
You’ve got me jumping like a crazy clown,
And I don’t feature what you’re putting down
Since I kissed his lovin’ lips of wine,
The thing that bothers me is that I like it fine!
Hey, hey — set me free
Stupid cupid, stop pickin’ on me!
Hey, hey — set me free
Stupid cupid, stop pickin’ on me!

Knutගේ පින්තූරය බර්ලින් සත්තු ව‍ත්තේ වෙබ් අඩවියෙනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. Kathandara said, on මාර්තු 4, 2010 at 9:57 පෙ.ව.

    ටයිටල් එක දැක්කහම මං හිතුවෙ මේක අර “මැංගිරි ඩිණිකෙ වුඟ සැනබව වුල සැනියා” වගේ එකක් කියල.

    කතන්දරකාරයා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: