අරුණි ශපීරෝ‍ වෙතින්

තවත් ඇමෙරිකන් විස්සල් විසඳුමක්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 28, 2010

ගැටළුවක් විසඳා ලාභයක් ලබාගත හැකි නම් ඒ ගැටළුව විසඳීම තරම් ඉක්මණින්ම (විස්සල් -immediately) කළ යුතු වෙනත් කටයුත්තක් ඇමෙරිකන් අයට නැති තරම්. පහුගිය සටහනකින් ඇමෙරිකාවේ කුකුල් තටු හිඟයක් ගැන සටහන් කළා මතක ඇතිනෙ. දැන් ඒකට මෙහෙ විස්සල් විසඳුමක් හොයාගෙන.

එක කුකුලෙක් ගෙන් තටු හතරක් ගන්න ක්‍රමයක් මේ. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට එක කුකුලෙකුට තියෙන්නෙ තටු දෙකයිනෙ. ඕනෑම කුරුල්ලෙකුටත් තියෙන්නේ තටු නැත්නම් පියාපත් දෙකයි. මේ අළුත් ඇමෙරිකන් සොයා ගැනීම නිසා කුකුලාට තටු හතරක් ඇති කරලා නැහැ. ඒත් කුකුලාව මස් පිණිස කපන ආකාරය අනුව තටු හතරක් කුකුල් කුණ තුලින් සොයා ගැනීමක්. විස්තර මෙතැනින්.

කුකුල් මස් පිණිස වෙළඳාම් කරන කොට වෙළඳපොල තුල දකින්නට ලැබෙන්නෙ පුදුම ප්‍රවණතාවන්. චීනයේ අය කන්න කැමති කුකුල් පාද. එයාලට අවශ්‍ය තරම් කුකුල් පාද චීනය ඇතුලත නිෂ්පාදනය නොවෙන නිසා එයාල පිටරටවල් වලිනුත් කුකුල් පාද ආනයනය කරනවා. ඇමෙරිකන් අය කන්න ආස කුකුල් පපු සහ කකුල් තටු. අද වැඩියෙන්ම මුදලක් ලැබෙන්නෙ කකුල් තටු වලට. මේ දවස්වල කකුලාව සම්පූර්ණයෙන් මිල දී ගන්නවා නම් රාත්තලක් සත අනූනවයකට (ඇමෙරිකන් ඩොලර්) විකිණෙන කුකුලාගේ තටු රාත්තලක් විකිණෙන්නෙ ඩොලර් 1.53 කට.

වඩා ඉල්ලුමක් ඇති විට භාණ්ඩයක මිල ඉහළ යෑම වෙළඳපොලේ හැටි. ඉල්ලුමට සරිලන්න සැපයුම වැඩි කරන්න බැරි වුනාම භාණ්ඩයක මිල තවත් ඉහළ යයි. කුකුල් තටු ඉල්ලුමට දැන් මේ අළුත් සැපයුම් ක්‍රමය විද්‍යාවක් ද විජ්ජාවක් ද කියන එක තීරණය පාරිභෝගිකයාට පැවරෙනු ඇත. මෙයින් කුකුල් තටුවල මිල පහළ වැටෙයි ද?

වෙළඳපොලේ භාණ්ඩයක් හිඟ වුනාම නිෂ්පාදකයාට කරත හැකි විකල්ප දෙකකි. එකක් භාණ්ඩයේ මිල වැඩි කිරීම. අනික භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීම. අද ඇමෙරිකන්කාරයා මේ දෙකම නොකර, ඒ කියන්නෙ කුකුල් තටු මිල වැඩි නොකර, එසේම කුකුලන් නිෂ්පාදනය ද වැඩි නොකර, අළුත්ම ඇමෙරිකන් විසඳුමකට බැස ඇත!

3 Responses

Subscribe to comments with RSS.

  1. v said, on මාර්තු 28, 2010 at 11:03 ප.ව.

    මාරයි.

    ඇමෙරිකන් කාරයන්ටත් හිතෙන දේවල්.

  2. දසයා said, on මාර්තු 29, 2010 at 4:57 පෙ.ව.

    තටු දෙකේ කුකුලෙකුගෙන් තටු හතරක් ගැනීම මාර මැජික් එකක් නේ.

  3. […] අවුරුද්දෙත් කුකුල් තටු හිඟයට කරපු ඇමෙරිකන් විස්සල් විසඳුම ගැන කිව්වානෙ. හැබැයි මෙදා නම් එහෙම […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: