රෝල්ස් රොයිස් හොල්මන සහ ආමූස් බූෂ්
මේ සති අන්තයේ නිව් යෝර්ක් නගරයේ 2010 ජාත්‍යන්තර වාහන ප්‍රදර්ශනය පැවැත්වෙයි. රටේ ආර්ථිකය කඩා වැටී ඇති සමයක අළුත් වාහන මිල දී ගැනීම ද පහත වැටි ඇත. පරිසරය රකිනා නව නීති සමඟ වාහන තාක්ෂණය ද විකල්ප ඉන්ධන ගැන වඩා අවධානයක් පෙන්වන ආකාරය වෙළඳපොලට ඉදිරිපත් කරන නව වාහන ගැන කියවා බලන්නෙකුට දැකගත හැකිය. එසේම මුදල් ඇති අයට ඉදිරිපත් කරන වාහනයන්හි අඩුවක් ද නැත. රෝල්ස් රොයිස් කොම්පැණිය ඉදිරිපත් කරන Rolls Royce Ghost වාහනය ඇමෙරිකන් ඩොලර් 245,000 කි. ගැලුමකට සැතපුම් 20 ක් දුවයි. (නදී, ස්තූතියි!) පැයට සැතපුම් 70 කට වඩා නිත්‍යානුකුලව රථ පැදවිය නොහැකි රටක එය පැදවිය හැකි වැඩිම වේගය පැයට සැතපුම් 155 කි. මේ රෝල්ස් රොයිස් හොල්මන යොදා ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් ආවොත් එයත් ලෝකය පුරා වැඩියෙන් අලෙවි වන්නට පුළුවන.
නිව් යෝර්ක් නගරයේ වාහන ප්‍රදර්ශනය බලන්නට යන්නෙකුට වාහනයක් ගන්නට මුදල් නැත්නම් තේ කෝප්පයක් බී සතුටු වන්නට තැනක් ඇත. මෙතෙක් ඉදිකිරීම් සඳහා වසා දැමුණු නිව් යෝර්ක් Plaza Hotel හි Palm Court අවන්හල ද දැන් විවෘතය. ඇමෙරිකන් ඩොලර් 60 ක් ගෙවා එක් තේ සේවයක් ද වඩාත් බඩගිනි නම් ඩොලර් 100 ක් ගෙවා අනිත් තේ සේවය ද ලබාගත හැකිය. මීට තේ පෝච්චියක් පමණක් නොව කුඩා ප්‍රමාණයන්ගෙන්, විසිතුරු ලෙසින් පිළිගන්වන ආහාර හා අතුරුපස ඇතුලත්ය. ලංකාවේ තේ ද තේ වට්ටෝරුවේ ඇත.
චීන රේල් සේවකයන් ඇමෙරිකාවේ අතීතයක සේවය කිරීමට යොදා ගනිද්දී සුදු අය නිතරම ලෙඩ දුකට ගොදුරු වන කල චීන්නු සුවයෙන් සිටි බව ඇමෙරිකන් ඉතිහාස පොත්වලින් මම කියවා ඇත්තෙමි. හේතුව වූයේ චීන්නු ඇමෙරිකන් බටහිරට රේල් පාරවල් කනින කල වතුර උණුකර තේ පානය කළ හෙයිනි. මත්පැන් පානය නොකරන මා චීන්නු අනුගමනය කරමින් නිතරම පිටත ගිය කළ බොන්නට ඉල්ලන්නේ තේ. එසේම ලංකාවේ උපන් නිසා නිතරම තේ ඉල්ලන විට මා ලංකාවේ තේ ඇත්දැයි අසන්නෙමි.
නිව් යෝර්ක් නගරයේ Serendipity අවන්හලත් ඉතා ප්‍රසිද්ධ තැනකි. මේසයක් ලබන්නට සංචාරකයෝ නැති දවසක වුවද පැයක් හමාරක් එතැන ලතවන්නට වන්නේ එය ඉතා ජනප්‍රිය නිසයි. තේ කෙසේ වෙතත් එහි දී නම් වඩා ජනප්‍රිය Frrrozen Hot Chocolate වෙයි. මගේ දියණිය එය ඉතා අනගි පානයක් බව සහතික කරන්නීය.
මේ දිනවල ලෝකයේ අවන්හල් අළුතින්ම පටන් ගෙන ඇති රැල්ල නම් ආමූස් බූෂ් –Amuse Bouche තම අවහන්හලේ ආහාර බුදින්නන් වෙත පිළිගැන්වීමය. අද එය නව රැල්ලක් වුවත් එය කාලයක් සිට ඉහළ පෙළේ අවන්හල් වලින් පැවත එන්නකි. ආමූස් බූෂ් යනු ප්‍රංශ භාෂාවෙන් කට (දිව) පිනවන යන අර්ථය ගෙන එන්නකි. මීට වෙනම මුදලක් අය කරන්නේ නැත. අවන්හලේ අසුන් ගන්නා අයට සූපවේදියා විසින් ඔහුගේ කැමැත්ත අනුව විසිතුරු ලෙස නිර්මාණය කරන ආහාර ඩිංගිත්තක් පිරිනමයි. උසස් අවන්හල් වල සූපවේදීන් තම නව නිර්මාණ ආහාර අනුභව කරන්නට නිතර එන අයට මෙසේ ආමූස් බූෂ් ලෙසින් පිළිගන්වා එකිනෙකා හා තරඟයේ යෙදෙති.
Wolfganag Puck නැමති ඔස්ට්‍ර්යානු ජාතිකයා කැලිෆෝර්නියාවේ Spago අවන්හල ඇරඹීම මඟින් ආහාර අනුභවය ද නව රැල්ලක් කළේය. විවෘත කළ අළුත ස්පාගෝ අවන්හලට කළින් මේසයක් වෙන් කරගන්නට මාස හයකට පමණ කළින් ඉල්ලුම් කළ යුතුවිය. මේසයක් ලබා ගන්නට තරම් වාසනාවන්තයෙකු වූයේ නම් ඔබට හොලිවුඩ් නළු නිළියන් හා සුප්‍රසිද්ධ අය (ඔවුන් කවුදැයි මුහුණින් දැක හඳුනා ගත හැකිනම්) වාඩි වී ආහාර අනුභව කරනා ආකාරය දැකගත හැකිය. වොල්ෆ්ගැන්ග් සිය ප්‍රියතම රසිකයන්ට ආමූස් බූෂ් ඉදිරිපත් කළේ සිය ස්පාගෝ අවන්හල පටන් ගත් දිනවල දීමය.
කවුරුත් වැඩිය නොදන්නා යුරෝපීය සම්ප්‍රදායික (කැලිෆෝනියා යොසමිටි ජාතික වනෝද්‍යානය අසල ඇති) ස්ථානයක් වන්නේ Erna’s Elderberry House හා ඇති CHATEAU du SUREAU ය. එය ඉතා අලංකාර පරිසරයක පිහිටා ඇත. එසේම සේවය ද ඉතා සුහදය. ලංකාවේ අනගි තේ ගැන මා කියන්නට පෙරම ඔවුන් දැන සිටියහ. එහි අයිතිකාරිය වන අර්නා ද Wolfganag Puck හඳුනන ඔස්ට්‍රියාවේ සිට ආ කෙනෙකි.
උසස් ප්‍රභූ සමාජයට පමණක් කියා වෙන් වූ ස්ථාන නොවන මේවා ඕනෑම අයෙකුට යා හැකි ස්ථානය. අවශ්‍ය වන්නේ ආහාර වේලට ගෙවිය හැකි මුදල් සාක්කුවේ තිබීම පමණි. සමහර තැන්වල කෑම පිඟානේ වියදම ලියා නැත. ගණන නොදැන ඕඩර් කරන්නට නොහැකි නම් එහි ආහාර බුදින්නට ද ඔබට වත්කමක් නැත!
රෝල්ස් රොයිස් හොල්මන වාහනයේ ඉන්ධන පරිභෝජනය සැතපුමකට ගැලුම් 20 ක් නොව ගැලුමකට සැතපුම් 20.8 ක් ලෙස නිවැරදි විය යුතුයි නේද?
http://www.rolls-roycemotorcars.com/#/ghost/specification/
thanks!
yeah..I think Nadee is correct. It’ a V12.
Grey, what on earth are you talking about, a V12??? I thought Nadee commented on gas mileage; how many miles per gallon. And, the 20 mpg (as I wrote in my blog) was from Paul Ferraiolo, President of Rolls Royce himself. Please see:http://www.cnbc.com/id/15840232?video=1455412014&play=1
I think what gray is saying is, since its V12 engine, as V12 engines usually do, it should be around 20mpg. It’s about gas mileage. 20 miles on a V12 engine is very impressive!
කොලූ, thanks. now I get it; Gray wrote in the “malle pol” style!
Aruni – you Americanas, I thought, use a different gallon- I mean the volume. So I say It is precisely 13.6 ltr/100 km or (20.8 mpg). However, your article I presume does not demand that type of an accuracy in the spec of RRs – does it?
1 gallon (U.S. fluid; Wine) = 3.785 411 784 ×10−3 m³
1 gallon (U.S. dry) = 4.404 883 770 86 ×10−3 m³
1 gallon (Imperial) = 4.546 09 ×10−3 m³
Jagath, you’re correct, we do use a different gallon;One imperial gallon is approximately equal to 1.201 US gallons. And you’re again right, my blog is not a scientific paper 🙂 however I appreciate all corrections.
ammo why Americans use different gallons. Any way that is kind a okay. If we use our own measurement units , I do not know what goanna happen.
oka pattelenne ahema nadhdha ?
V, word “imperial” is the culprit! this has quite an interesting history to it: http://en.wikipedia.org/wiki/Comparison_of_the_imperial_and_US_customary_measurement_systems
you asked “oka pattelenne ahema nadhdha ?” Of course, big time disaster! Read about the loss of Mars Climate Orbiter in 1998 due to this metric and US measurement differences: http://everythingishistory.com/2009/09/25/why-isnt-the-u-s-on-the-metric-system/
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: රෝල්ස් රොයිස් හොල්මන සහ ආමූස් බූෂ් http://bit.ly/9ZTkOg […]