ගිම්හානයේ සයිකල් ගමන්
අප්‍රේල් මාසේ අන්තිමට චිනයේ අන්තර්ජාතික බයිසිකල් හා මෝටර් බයිසිකල් ප්‍රදර්ශනයක් පැවැත්වේ. ඉතින් අළුතින් ලෝකයට ඉදිරිපත් කෙරෙන කාර් වගේම අළුතින් ඉදිරිපත් කරන බයිසිකල් හා මෝටර් සයිකල් ද හරිම අපූරුයි. හාලි ඩේවිඩ්සන් එකකින් සති අන්ත සවාරි යන වෛද්‍යවරයෙක් කියන්නේ ඇමෙරිකාව බලන්න හොඳම ක්‍රමය ඒක කියල. එහෙම හාලි මෝටර් සයිකල් කට්ටියක් මඟ යද්දි දැක්කොත් සේරම පච්ච කොටා ගත්ත සුදු නාට්සි අන්තවාදී කියල හිතන්න එපා. අද උගත් හා අනිකුත් ජාතික අයට නිසි සැලකිලි දක්වන අයත් එහෙම මෝටර් සයිකල් කණ්ඩයාම් ලෙසින් සංචාරය කිරීම දකින්න පුළුවන්.
මෝටර් සයිකල් වල සහ බයිසිකල්වල අද තියෙන විච්චූර්ණ කදිමයි. උණ බම්බු බට වලට කාබන් ෆයිබර් ඔතලා බයිසිකල් හදන හැටි ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ අදහසක්. ඒ බයිසිකල් වෙළඳපොලට නිෂ්පාදනය වියට්නාමයේ සයිගොන් නුවර. “කොයි” මාළුන්ගෙ පින්තූරත් ඇඳලා හරිම ලස්සනයි.
අළුතින්ම ඇමෙරිකාවේ ගමනාගමන මණ්ඩලය පාස් කරපු නීතිය තමයි මෝටර් නැති වාහන වලටත් මෝටර් ඇති වාහන වලටත් එක හා සමාන ලෙස සැලකීම. මේක මොකක්ද කියලා පැහැදිලි කරගන්න තවම සාකච්ඡා. ඇමෙරිකාවේ මහාමාර්ග දැනට ඉදිවෙලා තියෙන්නෙ අධිවේගී මාර්ග වල බයිසිකල් පදින්න, බර කරත්ත අරන් යන්න, අශ්වයෝ පිට යන්න තහනම් විදියට. මේ අළුත් නීතියෙන් ඒ ආකාර වලින් යන්න පාරවල් අළුතින් ඉදි කරනවා ද යන්න ගැන සමහරු කතාබහේ.
මෝටර් නැති වාහන වලින් යන්න මං මාවත් බොහොමයක් ඇමෙරිකාවේ තියෙනවා. රට බලන්න හරිම ලස්සන විදියක්. හැබැයි ඉතින් කාලේ තියන්න ඕන. ඒ නිසාම තමයි ගිම්හාන නිවාඩුව ඒකට හොඳ. මෙහෙ ඉන්න අයට ගිම්හානයේ විශ්ව විද්‍යාලයේ ඇතුලේ හිරවෙලා ඉන්නෙ නැතුව යන්න රට බලන්න හොඳ විදියක්. බයිසිකල් පදින්න දුර වැඩි නිසා අපි කණ්ඩායමක් මෙහෙම දෙයක් කළා. බයිසිකල් වාහන වල පටවා ගෙන ගිහින් පැති දෙකකින් කණ්ඩායම් දෙකක් ගමන් පටන් ගත්ත. මැද දී අපි දෙගොල්ලො හමුවෙලා වාහන වල යතුරු මාරු කරගත්ත. ඉතින් ආපහු පටන් ගත්ත තැනටම බයිසිකල් පදිනවා වෙනුවට තවත් නොදැක්ක පැත්තක් බලාගෙන ආපහු ආවේ. මෙහෙ බයිසිකල් තමන්ට නැත්නම් ඒවා කුලියට ගන්නත් පුළුවන්.
ගූගල් සිතියම් අද ගමනාගමනයේ යෙදෙන අයට පාර හොයාගන්න උදව් කරනවානෙ. මගේ වාහනයේ සැටලයිට් සිතියම් වලින් උදව් තියෙන නිසා මම නම් ගූගල් වෙබ් සිතියම් පාවිච්චිය නැහැ. ගූගල් අළුතින්ම පටන් ගත්ත එක තමයි බයිසිකල් පදින අයට සිතියම් හදලා දෙන එක. තවම අළුත් නිසා වැරදි හදාගන්න ටිකක් කල් යයි.
ලංකාවේත් සයිකල් ලේන් එකක් විවෘත කරපු බව අන්තර්ජාලයෙන් කියෙව්ව. කෝට්ටෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ තියන ඒ සයිකල් ලේන් එක කොච්චර දුරක් යනව ද කියල නම් වාර්තාවේ සටහන් වුනේ නැහැ.
අද ඉර පායාලා දවස ලස්සනයි. මේ පැත්තෙ ළඟම තියෙන තැපැල් කාර්යාලයට මගේ Specialized සයිකල් එකෙන් පැද්දා. සයිකල් ලේන් එකේ එතෙන්ට දුර හැතැප්ම 11 ක්. පැය භාගෙන් ගියා. මෙහෙ මුහුදු සුළං පිටිපස්සෙන් වැදෙන කොට අර ගුවන් යානෙක යනකොට “වලිගෙට සුළං” වැදුනම හයියෙන් යනවා වගේ. හැබැයි ආපහු එන්න නම් පැයකට වඩා ගියා. පදිනවා පදිනවා ඒත් එකතැනමයි!
හුළං කපාගෙන 100ට විතර වේගයෙන් යන්න තියේනම් වෙන මොනාද ආ…
/බිඟුවා…!
90ට ගිහින් වාහනේට නම් ටිකට් එකකුත් වැදිලා තියෙන්නෙ! මේ දවස්වල මේ පැත්තෙ ආර්ථික බැසීම නිසා සල්ලි හොයාගන්න ටිකට් දෙන එක වැඩිවෙලා.
බිඟුව 100 කියන්නෙ km/h නම් ටිකට් වදින්නෙ නැතිව යන්න පුළුවන්!
වාහන වලට හයි කරන GPS වලත් බයිසිකල් පදින අවස්ථාවට තෝරගන්න පහසුකම තියනවනෙ.
ලංකාවෙ පාරෙම තියන බයිසිකල් ලේන් එකක් මුලින්ම දැම්මෙ මොරටුව සරසවිය ගාව ඉඳන් කටුබැද්ද හන්දියට මගෙ හිතේ.
මං හිතුවේ මේ උතුරු ඇමරිකාවේ වසන්තය (Spring) කියායි. හේමන්තය (Summer) එන්නේ ජුනි වල නේද?
මේ වසන්තයයි (spring). හැබැයි වසන්තයේ වහින නිසා ගිම්හානය (summer) සයිකල් පදින්න වඩා හොඳයි. හේමන්තය (winter) සීත වැඩියි අපට. ඉතුරු වූ ඍතුව සරත් (autumn) සුළං අධික වුනත්, කාලගුණය සුදුසු වුනත් පාසැල් යළි පටන් ගන්නා නිසා සවාරි යන්නට බැරිය.
[…] යෝර්ක් නගරයේ ලෝක දානපතියෝ රැස්වුනහ. ඒ අන්තර්ජාතික රථවාහන ප්‍රදර්ශනය නරඹන්නට නොව හයිතියට දෙන ආධාර ගැන […]