රැග් නොකා ඉන්න හැටි
නවක වදය ගැන ලියන අය එමටයි. අළුතින් විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්න සූදානම් දරුවන් සඳහා මේ. පටන් ගන්න දිනයට කළින් පුරුදු පුහුණු වෙලා යන එක අත්‍යාවශ්‍යයයි. මේ කරුණු කාරණා අත් දුටුවයි, සත්තයි, පිට දෙනු.
මම කාලා තියෙන්නෙ යාළුවෝ දීපු රැග් තමා. ඒ කියන්නෙ එනවයි කියන වෙලාවට එන්නෙ නැති රැග්, කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා වැඩේ සහමුලින්ම අමතක කරන රැග්.
කැම්පස් ගිය මාව රැග් කරන්න ඇවිත් “අයියෝ මේකී රැග් කරන්න ගිහින් අපිවයි රැග් වෙන්නෙ කියලා” ගිය අය වැඩි. සිංදුවක් කියන්න කිව්වම පටන් ගත්ත ගමන් ධ්වනි බිහිරි බව පෙනුනම “අපොයි අපොයි නවත්ත ගන්නවා” කියනවා. ඒ වුනාට මම ලතා වල්පොල ගයපු ගීතයක් පටිගත කරන්න ඩ්‍රම්ස් ගහපු බව ඒ අය දන්නෙ නැහැ. කුණුහරුපයක් කියන්න කිව්වම ඒක කියාගෙන කියාගෙන ගියාම “මේකිට කිසි ලැජ්ජාවක් නෑනෙ” කියලා දාලා යනවා. තේරුම නොදන්න කොට ලැජ්ජාවක් කොහෙන් ද? අනික, ලැජ්ජාවෙන් ඇඹරෙන්නෙ නැතිකොට තේරුම දන්නවා ද නැද්ද කියලා අනික් අය දැනගන්නෙ කොහොම ද? රැග් කරන්න මාවයි, මාත් එක්ක ගිය මගේ යෙහෙළියන්ට අඬගහපු අයගෙන් (එහෙම අඳුනගන්න අඬ ගහපු එක් කෙනෙක් අද ඇමතිවරයෙක්!) ජේෂ්ඨ උත්තමයාගේ මුහුණ දිහා බලලම “යන්න එපා” කියල යාළුවත් ඇදගෙනම ගිහින් බේරිලා තියනවා.
රැග් එකට විරුද්ධව පළමු වසරේ දීම නවකයෙක් ලෙසින් මම කතා කලා. අදත් එහෙමයි.
ඉතින් මේ විශ්ව විද්‍යාලයට යන්න ලෑස්ති වෙන අයට රැග් වලින් බේරෙන්න නැත්නම් අහුවුනත් අඩුවෙන් රැග්වෙන, හිත රිදෙන රැග් එකෙන් අඩුවෙන් හිතින් දුක්වෙන ක්‍රම. සමහර අය විහින්ම රැග් වෙන්න කැමති. යාළුවෝ හදාගන්න, කැම්පස් සමාජයට ෆිට් වෙන්න රැග් නොවුනොත් බැහැ කියල හිතන අයට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. රැග් නොවී යාළුවෝ අති මහත් සංඛ්‍යාවක් දැන හඳුනාගන්න පුළුවනි. අවශ්‍ය වන්නේ ඊට තමාගේ කැමැත්ත හා සුහදශීලී බව පමණයි. වසර හතරක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මා වසර හතර තුලදීම නොයෙකුත් සංගම් සමිතිවල නිලතල දැරුවේ රැග් වලින් හඳුනාගත් අය හා තිබි සුහදත්වය නිසා නොවෙයි.
මගේ උසස් පෙළ එකම පංතියෙන් 12 ක් විතර කැම්පස් යන්න වරම් ලැබුවා. ඉන් එක් අයෙක් ඇරුනු කොට අනිත් සියල්ලෝම ගියේ එකම ස්ථානයට. අද තියෙන ෆේස්බුක්, ටිවිටර් වැනි සමාජ වෙබි අඩවි වලින් පටන් ගන්න දිනයට ඉස්සරවෙලාම තමන් යන විශ්ව විද්‍යාලයට තේරුණු නවකයෝ කාණ්ඩයක් එක්ක සෙට් වෙන්න. පංති පටන් ගත්තාට පස්සේ පුළුවන් තරම් ඉක්මණින් ඔවුන් හා කතා බහ කරලා යන එන තැන්වලට කට්ටිය සෙට්වෙලා එකට යන්න. වෙන් කරන්න හැදුවම හැකි තරම් ඉඩ නොදී එකටම ඉන්න බලන්න. ගෙදර සිට කැම්පස් යන අය අතරමඟ දී හමුවෙලා කැම්පස් එකට යනකොට එකවිට යන්න. තනිවම දරාගත නොහැකි අත්දැකීමක් කණ්ඩායමක් ලෙසින් දරා ගැනීම පහසුය. විපත්වල දී අප එක්වන්නේ ඒ නිසාය. ඒ නිසා හැකි සෑම අවස්ථාවක දීම ඔබේ කණ්ඩායම වෙන් කරන්නට වදකයාට ඉඩ නොදෙන්න.
නවක වදය සහමුලින්ම නවතා දැමිය හැක්කේ නීතිවලින් නොව විශ්ව විද්‍යාලයට යන එක් එක් ශිෂ්‍යයාටය. එහි කිසිම ආකාරයකින් නිරත නොවීමෙනි. බලා සිටිමින් සිනහා වන්නා ද එයට ඉනිමං බඳින්නෙකි. අපි එක් එක්කෙනා වැරදි නතර කළහොත් අනුකරණයට කැමති “කොපිකැට්” මානවයා ද සමූහයක් ලෙසින් එය නතර කරනු ඇත. එතෙක් මෝඩයාගේ වදයෙන් බේරී යාමට නුවණැති අය මොළය උදව් කරගත යුතුය.
මගේ වැඩිමහල් සහෝදරිය මට කළින් වසරේ විශ්ව විද්‍යාලයට ඇතුල් වුණි. රැග් සමයේ හැමදාම ඇය ගෙදර ආවේ කඳුළු පිරි දෙනෙතිනි. එවන් ගොදුරක් නොවන්නට ඉටාගත් මා රැග් සමය ගතකළේ සිනහා පිරි මුහණනි. මා අඬවන්නට කිසිත් කෙනෙකුට ඉඩක් නොදුන්නෙමි. පටන් ගන්නා දිනයට පෙර ක්‍රම සහ විධි රැසක් මම ප්‍රගුණ කරගත්තෙමි. ඒ කරුණු කාරණා මනෝවිද්‍යාවේ පෞරුෂ වර්ධනයට උදව් වෙන සිද්ධාන්ත සත්‍යයන්ය. දැනගන්නට කැමැත්තෝ ඇත්නම් ඒවා බේදා ගන්නට තව ලියන්නම්.
මා අහංකාරයි කියා ප්‍රතිචාර නොදමන්න. මාව හෝඩියේ පංතියේ සිට හොඳින් දැන හඳුනන අය (අදත් ඔවුන් හා මිතුරු දම් පවත්වන) ඔබට මා කිසිදාක අහංකාර වූ අයෙක් නොවන බව කියනු ඇත. මොළයක් ඇත්තේ පාවිච්චියටය. එය ප්‍රයෝජනයට ගැනීම අහංකාරකමක් නොවෙයි.
අරුණි ලියල තියෙන්නෙ රැග් වෙන හැටිනෙ. රැග් නොවී ඉන්නෙ මෙහෙමයි.
කියන කිසිම දෙයක් කරන්න එපා!
සින්දුවක් කියන්න කිව්වොත් ඇයි මොකටද කියල අහන්න.
කුණුහරුප කියන් කිව්වොත් මට බැහැ කියන්න.
අපේ කටෙන් කොහොමද බලෙන් වචන ගන්නෙ? අපේ ඇඟෙන් කොහොමද බලෙන් එක එක දේවල් කරවන්නෙ.
ඕක ….. නෙමේ එයාගෙ බොස් ආවත් වරදින්නෙ නැති විධික්‍රමයක්!
කතන්දරකාරයා
කතන්දරකාරයා,
//රැග් වලින් බේරෙන්න නැත්නම් අහුවුනත් අඩුවෙන් රැග්වෙන, හිත රිදෙන රැග් එකෙන් අඩුවෙන් හිතින් දුක්වෙන ක්‍රම.//
නම අයින්. අපහාස කරනු එපා!
රැග කිව්වාම මතක් උනේ.
තවම කතන්දර කාරයගෙන් රැග ගැන කතන්දර ටිකක් අහන්න ලැබුනේ නෑ නොවැ..
ඉක්මනට ලියන්න…
රැග් එක ගැන අත්දැකීම් නෑ. ඒ නිසා ඉතින් අනිත් අය කියන දේවල් වලට අනේ ඇත්තද කිය කියා ඉන්නවා..
you are not missing anything!
කෑම්පස් ගියයම රෑග් කරනකොට කරන්න තියෙන්නේ අහලා ඉන්න ඒ අයගෙන් මොනවද එයාලට තියෙන සුදුසුකම් රෑග් කරන්න.. අඩුම තරමින් DRM එකවත් කරලා එන්න කියන්න.. (ඩිප්ලොමා ඉන් රෑග් මෑනේජ්මන්ට්) එහෙම නෑතුව දෙන රෑග් මම නෙමේ මගේ බල්ලවත් කරන්නේ නෑ කියලා ඔයා එතනින් එන්න.. මම නම් ඔහොමයි
http://www.athugalpura-zone.co.cc
මම හිතන්නේ ඔබතුමිය කැළණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වියයුතුයි. කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසර ශිෂ්‍යයෙකු ලෙස මගේ අත්දැකීම් අනුවනම් මේවනවිට කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ කිසිඳු ආකාරයක නවක වදයක් ක්‍රියාත්මක නොවන බවයි. තවද, කැළණියට පැමිණීමට ප්‍රථම ටිකකලක් සිටි ජ’පුරෙහි තත්වයද මෙයට බොහෝ සමානයි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ මෙම විශ්වවිද්‍යාල දෙකෙහිම, අපේම සහෝදර සහෝදරියන්වන කලා හා වාණිජ පීඨවල නවකයින්හට ඔවුන්ගේ ජේෂ්ඨ උත්තමයින්ගේ නවක වදයට මුහුණදීමට සිදුවතිබීමයි.
තර්ඩ් මෑන්, මම කැළණියේ වසර හතරක් ද පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ සුළු කාලයක් ද ඉගෙන ගත්තෙමි. මා කැළණියේ විද්‍යා පීඨ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලැබුවත් අධ්‍යයනය කළේ පළමු වසර මානව ශාස්ත්‍ර හා ඉතිරි වසර තුන සමාජ විද්‍යා පීඨයේය!! කැළණීයේ විද්‍යා පීඨය නවක වදය නතර කිරීම ගැන ආඩම්බරයි. එය පවත්වා ගැනීමට විද්‍යා පීඨ ගුරුවරු රාශියක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ හවුල්වීමත් සතුටට කාරණයක්. මෙය කොතරම් දුෂ්කර ජයක් ද යන්න මම දන්නේ එයට වෑයමක් ගත් නිසාය.
I’ve got to agree with Kathandarakaraya. You’ve said how to deal with the rag, not how to not get ragged. I think it is the best thing, which I as a University student did for four years. You can plainly oppose it which is the only way to get rid of this cancer.
Sach, yes. Best way is not to do anything they say. However you cannot ignore the fact; there are some real mad raggers out there who even inflict physical harm. Some of us are able to say “no” to ragging while there are those who cannot. Have you any idea how many girls used to actually end up marrying the raggers because they just couldn’t say no? Many who attend compulsory English are subject to worse ragging early on. There are some individuals, very successful in SL society today who carry physical and mental scars from ragging. If they were able to say no you think they wouldn’t have? For those like you, who are able to say no, and did not face a real physical threat, there’s no need for me to say anything. Someone like you and Kathandarakaraya already know the best way. I want to write for those who suffer quietly because they cannot bring themselves to say no. ONLY way to get rid of ragging is educating public about the ragging mentality and its harm. Otherwise it will die down for a while and reappear again.
We faced enough physical threats, we just as a bunch tried to withstand them all and stand for what we believed. Which is every student has a right to an education without being harassed.
මට නම් රැග් එක කියන්නේ මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ සුන්දරම කාලය. දැන් ඉතින් රැග් එක ආතල් වෙන්නෙ කොහොමද කියල මාව කන්න හදන්න එපා. ඊට කලින් අපේ අයිය කෙනෙක් ලියපු මේ පෝස්ට් එකත් කියවන්න.
http://gayangarusinghe.wordpress.com/2009/02/14/%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BA%E0%B7%92/
සමහර විට දන්නව ඇති ජාතික රූපවාහිනියේ A9 කියන වැඩසහටහන කරන්නෙ මේ අයිය තමයි.
UCSC එකේ අපිට නම් රැග් එක සුන්දර අත්දැකීමක්. එක පුටුවෙ තුන් දෙනෙක් විතර වාඩිවෙලා ඉඳපුවා, දෙතුන් සීයක් ඉස්සරහ ජීවිතේ මුල් පාරට ඉදිරිපත් කිරීමක්(ගොන් පාට් එකක් :D) කරපු හැටි. නම් මතක නැතුව අයියලගෙන් බැනුම් අහපු හැටි. බැට් නැතුව ක්‍රිකට් ගහපු හැටි, බෝලයක් නැතුව ෆුට් බෝල් ගහපු හැටි තව ගොඩක් දේවල් අදටත් සුන්දර මතකයන්. එහෙම නැතුව මම අච්චර ලෙක්චර්ස් ගියා, මචං මම පට්ට පොතක් library එකේන හොයාගෙන පාඩම් කලා කියල කියන්නද නේද?
රවීන්ද, සුන්දරත්වය නම් රැගය ද? ප්‍රීතිමත් සුහදත්වය ද? ඔබ අත්දැකි සුහදත්වය රැගය නමින් කරනු අවශ්‍ය නැත. සුහද හමුවක් නමින් ඊට කැමැති අය අතර පමණක් කළ හැකිය. ඉන් බලහත්කාරය හා අත්‍යවශ්‍යය අංගයක් වීම ඉවතට දමනු හැකිය.
අමතක උනා රැගය කියන වචනෙ ඔතනට ගැලපෙන්නෙ නෑ. orientation program වගේ ගැලපෙනවා. හ්ම් කැමති අය විතරක් කිව්වොත් ඕකට ගොඩක් අය එන්නෙ නෑනෙ. අති බහුතරයි කැම්පස් එන්නෙ ඉස්කොලේ පන්තියෙ ලඟ ඉන්න එකා කපාගෙන පාඩම් කරලා කොහොම හරි ඉහලම තැනකට යන්න. අම්මල තාත්තල උගන්නල එවන්නෙත් කිසිම දේකට පැටලෙන්න එපා, සමහර අය ආශ්‍රය කරන්න එපා කොහොම හරි පළවෙනි සාමාර්ථයකුත් එක්ක උපාධිය ගනින් කියලනේ. ඒත් කැම්පස් එකක සංස්කෘතිය ඒක නෙමෙයි. ඉගනගෙන නොතේරෙන කෙනෙක් ඉනනව නම් ඒ අයත් ගොඩ දාලා ඒ වගේම අපිට ඉගන ගන්න බදු මුදල් ගෙවන රටේ මිනිස්සුන්ටත් යමක් කරන්න ඕන අපි. අවුරුදු 13ක් රේස් එකක දුවපු අයට මේක එක පාරට තේරෙන්නෙ නෑ. තේරුම් ගන්නෙත් නෑ. හැබැයි තේරුම් ගත්තදාට ඇත්ත සතුට කියන්නෙ සල්ලි නෙමෙයි මනුස්සකම කියල තේරෙනවා. අපිට මේ රැග් එක කියන කාලෙදි(වෙනෙ කෙටි වචනයක් නෑ :)) අපේ අයියලා අක්කලා කියල දුන්නෙ මේ දේවල්. ඒ නිසා අපි දැනට අවුරුදු 2ක් තිස්සේ කැම්පස් එකේ ගහ මරා නොගෙන ජාති ආගම් කුල වලට බෙදෙන්නෙ නැතුව රටටත් අපේ උපරිමය කරමින් ඉගෙන ගන්නවා.
රවීන්ද, //කැමති අය විතරක් කිව්වොත් ඕකට ගොඩක් අය එන්නෙ නෑනෙ// හමුව රැගය නැති රසවත් හමුවක් කරනු හැකිනම් පැමිණන අයට සීමා පනවන්නට සිද්ධ වනු නිසැකය. සතුටුයි ඔබ වැනි දරුවන් අද දින සිටීම. ඉදිරියටත් ජය!
අය්යලාට කඩේ යන්නෙ මූ හොදට තෙල කාපු එකෙක්ද කොහෙද?මේ වගේ එවුන් කැම්පස් වල ගොඩක් ඉන්නවා.උන්ගේ ලොකු ටෝක් විතරයි ක්‍රියවෙන් තමන් ගැනම විතරයි
@රවින්ද
“ඉගනගෙන නොතේරෙන කෙනෙක් ඉනනව නම් ඒ අයත් ගොඩ දාලා…”
We studied for four years as antiraggers, and we too helped our own friends. We didn’t need to get ragged for that did we?
Pity you think otherwise.
නියමයි ඕක තමයි ඇත්ත මුන් ඔය කරන්න යන්නෙ තමන් අනුන්ට කරපු රැග් එක සාදාරිනී කරන්න.මුන්ගෙ කට විතරයි ඔයකියන සමාජශිලී වැඩ නැ.
Maxaaaaaa
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: රැග් නොකා ඉන්න හැටි http://bit.ly/b6JbR3 […]
පළමු වසර ඉද්දී මාත් ඔය ගොන් පාට් කර කර රැග් වුන බවනම් ඇත්තයි. ඒක මටනම් දරා ගන්න බැරි වාතයක් වුනේ නෑ. ඒ වගේම පිළි ගන්න ඕන රැග ආතල් එකක් වුන වෙලාවලුත් සෑහෙන්න තිබුනා.
ඒත් දෙවෙනි, තෙවෙනි වසරවල් ගෙවෙද්දී තේරුණා රැග් එක මග අරින්න මොන තරම් ක්රම තිබුනද තියලා.
පළමු වසරට ඇතුල් වෙන්න යන නවකයෙකුට මම කියන්නේ රැග් එකට අකමැතිනම් මුල ඉඳන්ම ඒකට විරුද්ධ වෙන්න කියලයි. ඒත් මම ආයිත් පළමු වසරට ඇතුල් වුනානම් කරන්නේ, කරන්න කියන දේවලින් මම කැමති දේවල් විතරක් කරන එකයි. අකමැති දේවල් ෂේප් එකේ මග අරිනවා. එතකොට ආතල් මිස් වෙන්නේ නෑනේ.
ඒත් ඉතින් පොඩි අවුලකට තියෙන්නේ, ගැටුමක් ඇති කර ගන්නේ නැතුව එහෙම කරන හැටි තේරෙන්න ඒ කාලේ පහු කරන්නම ඕන වීම තමයි.
අදයි මේක දැක්කෙ.
මමත් නවක වධයට විරුද්ධයි. හැම කෙනෙකුටම තමන් කැමති විදිහට කටයුතු කරන්න නිදහස තියෙන්න ඕන.
මම ගියෙ මුදල් ගෙවන විශ්ව විද්‍යාලයකට. ඒ ගැන ඔබ කොහොම හිතනවද මම දන්නෙ නැහැ. නමුත් කියන්න තියෙන්න රැග් නම් ඇත්තෙම නෑ. කිසිම කායික හෝ මානසික පීඩාවක් කරන්න පාලනාධිකාරියෙන් සම්පූර්ණයෙන් තහනම්.
ශිෂ්‍යයො අනුන්ගෙ ඕප දූප හොයන්න යන්නෙ නෑ. දෙමවුපියන්ගෙ දුක ගැන නොහිතන ටික දෙනෙක් හැරුණම අනික් හැමෝම උත්සහ කරන්නෙ ගෙවන මුදලට සරිලන අධ්‍යාපනයක ලබා ගන්න.
pradeep,
//මම ගියෙ මුදල් ගෙවන විශ්ව විද්‍යාලයකට. ඒ ගැන ඔබ කොහොම හිතනවද මම දන්නෙ නැහැ.// මහජන බදු මුදලින් රැකෙන අධ්‍යාපන ආයතන කිසිම රටක තිබිය යුතු නැති බවයි මගේ මතය. හේතු කන්දරාවක් පෙන්වන්න පුළුවන්. වැදගත්ම විරෝධය එන්නෙ අර්ථ ශාස්ත්‍රයෙන්, උදා. වෙළඳපොල මිලක් නොමැතිව ආර්ථික ගණනය සඳහා රාජ්‍ය ආයතනයට නොහැකියාව.
තියන අයගෙන් අරන් රජයෙන් මැදිහත්වෙලා නොමිලේ බෙදුවෙ නැත්නම් රටක දුප්පත් අයට අධ්‍යාපනයට හෝ ඉහළ අධ්‍යාපනයට වරම් නැතිවෙනවා යන්න ලෝකයේ මුල් බැහැ ගත්තු මිථ්‍යාවක්. ඉතිහාසය දිගින් දිගටම පෙන්වන්නේ ඒක එහෙම නොවෙච්ච බවට ඇති තරම් උදාහරණ. දුප්පත් අය තව තවත් පීඩිත කරලා තියාගන්න හැකි ක්‍රමයක් තමයි ආණ්ඩුවෙන් උගන්වලා ආණ්ඩුවෙන්ම රස්සාවල් දෙන ක්‍රමය. ලෝක ඉතිහාසය දිගින් දිගටම පෙන්වන්නේ ඒක එහෙම වෙච්ච හා දැනුත් වෙන බවට ඇති තරම් උදාහරණ.
කවුරු හරි අයෙක් පුන්‍යායතනයක් හැටියට මිනිස්සු කැමත්තෙන් තෑගි කරන මුදල් වලින් ඔවුන් කැමති අයට අධ්‍යාපනය බෙදීම ගැන මගේ කිසිම විරෝධයක් නැහැ. රජයෙන් බෙදන නොමිලේ අධ්‍යාපනයට විරුද්ධයි කියද්දී සමහරු අධ්‍යාපනයට විරුද්ධයි කියල වරදවා තේරුම් ගන්නව.
මේකත් කියවලා බලන්න.
http://andarademala.blogspot.com/2012/02/blog-post.html
දශක ගණනාවක් අඛන්ඩව සිදු වෙන මේ ක්‍රියාවලියට නීතිමය හෝ වෙන යම් ක්‍රියාමාර්ගයක් නැති වීම ඔබ දකින්නෙ කොහොමද?
pradeep,
තියන නීති ප්‍රමාණවත් ක්‍රියාත්මක වෙනවා නම්. අලුත් නීති ගෙනැත් ඵලක් නැහැ. බිරිඳට ගහන සැමියා පොලිසීයේ අයට කසිප්පු විකුණද්දී බිරිඳ පොලිසී ගියාට වැඩක් වෙයි ද? වෙන යම් ක්‍රියාමාර්ග -සමාජ සේවා ආයතන- නැත්තේ ඒවා ද බිහි වී ඇත්තේ දේශපාලන අරමුණු වලින් නිසයි. අපිට කරන්න පුළුවන් කොටස නම් සැබෑ මිනිස් අයිතීන් (අනුන් උපයන ආදායමට අයිතියක් කියන්න හැකියාව නොවේ) පිළිබඳව හැකි පමණින් සමාජය දැනුවත් කිරීමයි. ඒ ඒ පුද්ගලයා තම තම නුවණ වඩවා ගනිද්දී සමාජයේ ආකල්පයන් ඉබේම වෙනස් වෙනව.