අරුණි ශපීරෝ‍ වෙතින්

බුද්ධි හීන ලෝකයක බුද්ධිමතෙක් ජීවත් වන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2010

මම ධනවත් යයි කියා හඳුන්වා ගන්නට ඇති අකැමත්ත සේම මම බුද්ධිමත් යයි කියා හඳුන්වා ගන්නට ද අද ලෝකයේ පුද්ගලයෝ තුල ඇත්තේ බලවත් පසුබැසීමකි. ධනවත් බව මෙන්ම බුද්ධිමත් බව ද එක මට්ටමක් පෙන්වා මෙතැනින් ඉහළට මෙයා ධනවත්, බුද්ධිමත් හෝ මෙතැනින් පහළ අය දුප්පත්, බුද්ධි හීන යයි කියත හැකි අපහසුව ඊට කිසිත් ලෙසින් හේතු සාධක නොවේ. ඉහත ලෙසින් තමන් ගැන කීමට පුද්ගලයෝ පසුබාන්නේ නොහැකි නොමැති අය වැඩියෙන් ලෝකයේ ඉන්නවා යයි සිතා තමනට ඇතැයි හැකියයි කීම නුසුදුසු යයි මතයක් පැතිර ගොස් තිබීම නිසාය.

මම ධනවත් යයි කියන්නට මට පැකිළීමක් නැත. හිතේ හැටියට කැමති දේ කරන්නට යහපත් ආර්ථික ලාභත්, ඊටත් වඩා වැදගත් වූ එදිනෙදා සතුට බෙදාගන්නට දැඩි ලෙසින් ආදරය කරන පුරුෂ රත්නයක් ද, අගැයුමෙන් උසස් හොඳ හැදියාවෙන් යුතු තමන්ගේම වූ ස්වාර්ථවාදයක් ගොඩනඟා ගත් බුද්ධිමත් දියණියක් ද මගේ ජීවිතය සම්පූර්ණ කරති. ඒ නිකම් ලැබුණු දේවල් නොව මහත් වෙහෙසක් දරා, ලෝකය පීරා හොයාගත්, බුද්ධිය විමසා ඇති දැඩි කරගත් මගේ ජීවිතය දෙස යථාර්ථවාදයෙන් (realism) බැලීමකි.

අද මේ සටහන ලියන්න පාදක වුනේ SiriBiris අහලා තිබුණ හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නය හා උත්තරය මෙතැනින් බලාගන්න.

ග්‍රීසිය, තුර්කිය ඊ ළඟට ස්පාඤ්ඤය වැනි රටවල් පිටින් බංකොලොත් වන කාලයකි අද උදා වී ඇත්තේ. මේ ලෝකය පුරා ඔඩු දුවන බංකොලොත්භාවයට හේතු කාරකය ධනවත් අයගේ අනිසි ආයෝජනයන් යයි එක් මතයකි. ඒ අනිසි ආයෝජන කොටස් වෙළඳ ‍පොල පටන් ගත් සිට ලොව පැවතුණි. කාලයෙන් කාලයට වස්තු නැති වූවෝ උස් බිල්ඩින් වලින් බිමට පැන, හිසට වෙඩි තබාගෙන දිවිනසා ගත්හ. තවත් මතයක් නම් ධනවත් වූවෝ සුළු පිරිසක් විසින් දුප්පත් මහත් පිරිසක් කර පින්නාගෙන යන පිළිවෙතේ එක්තරා හන්දියකට අද අප ප්‍රාප්ත වී ඇති බවයි. මෙය රටවල් වලින් ක්‍රියාත්මක වන සමාජ සේවා වැඩසටහන් නිසා පැන නැඟි තත්වයකි. ලෝකයේ මෙතෙක් වූයේ ධනවත් සුළු පිරිසක්, මහත් මැද පංතියක් හා දුප්පත් සුළු පිරිසකි. අද මැද පංතිය වඳ වී යයි. ධනවත් අයත් දුප්පත් අයත් අතර පරතරය තවත් විශාල වෙමින් පවතී.

මෙතෙක් ලොව වර්ජනය, තර්ජනය හා විරෝධතා පෙළපාලි ගියේ දුප්පතුන්ය. හෙට දිනයේ පැහැදිලිවම දැකගත හැකි වනුයේ වර්ජනය, තර්ජනය හා විරෝධතා පෙළපාලි යන ධනවතුන්ය. මන්ද ඔවුන් තව දුරටත් දුප්පතුන් කර තබාගෙන යා නොහැකි යයි කියනු ඇත. ඒ යථාර්ථය දැකීමයි. අප අකමැත්තෙන් වුවද ඇත්ත ඇති සැටියෙන් දැකීම යටගසා මඬිනු නොහැකිය.

බුද්ධිස්වාතන්ත්‍රවාදී (rational) ජීවිතයක් අවිචාරී වූ බුද්ධි හීන වූ (irrational) ලෝකයක ගෙවන්නට නම් කිසිම අවස්ථාවක ආචාර ධාර්මික වූ අගැයුමක විනිශ්චයක් දීමට පසුබට නොවිය යුතුය. මෙසේ කියා ඇත්තේ අයින් රෑන්ඩ් නැමති ඇමෙරිකන් දාර්ශනික කතුවරියයි. ඇය විසින් මෙම සටහනේ ශීර්ෂයෙන් ලියූ ලිපිය සොයා ගැනීමට මෙහි අන්තිමට ඇති ඉංග්‍රීසි වාක්‍යය ක්ලික් කරන්න.

අනුන්ගේ ක්‍රියාවන් ගැන විනිශ්චයක් (judge) කිරීම වැරදි යයි සමාජය සිතීම අද “හොඳ” යයි පිළිගන්නා උපකල්පනයකි. නමුත් එලෙසින් විනිශ්චයක් නොදෙන කල පුද්ගලයාගේ හැදියාව දූෂිත වන්නේය. කිසිම අවස්ථාවක තවත් අයෙකුගේ ආචාර ධර්මයන් පිළිබඳ අගැයුමක් නොදීම සදාචාරාත්මක අඥෙයවාදයයි (moral agnosticism). එයින් පිළිගැනෙන්නේ අපි කිසි විටෙක ‍ෙහාඳ හෝ නරක අතර වෙනසක් නොදකින බවයි.

පුද්ගලයාගේ සද්ගුණයන් අගය කිරීමෙන් වැළකීම හා දුරාචාරයන් හෙළා දැකීමෙන් වැළකීම නිසා යුක්තිය හෝ සාධාරණත්වය ස්ථාපිත කිරීමක් නොවෙයි. ‍හොඳ හෝ නරක කියා අගැයුමක් එක් එක් පුද්ගලයා වෙතින් බලාපොරොත්තු නොවෙන කල, එවැන්නක් සමාජයේ වාසය කරනා පුද්ගලයෝ අපක්ෂපාතීව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින කල, කවුද නරක යයි කියා සහ කවුද හොඳ යයි කියා අප සලකන්නේ කෙහොම ද?

ආචාර ධාර්මික වූ අගැයුමක් ඉදිරිපත් කිරීම මහත් වූ වගකීමකි. විනිශ්චයකරුවෙක් වන්නට කෙනෙකුට ද්‍යෝෂාභියෝග (impeach) කළ නොහැකි වූ හැදියාවක් තිබිය යුතුය. සියල්ල දන්නා ඥානයක් හෝ කිසි දිනෙක වැරදි නොවීම අවශ්‍ය නැත. ‍මන්ද මෙය දැනුමේ වැරැද්දක් පිළිබඳ ප්‍රශ්නයක් නො‍වන්නේය. විනිශ්චයක් දෙන පුද්ගලයාට අවශ්‍ය වන්නේ අඛණ්ඩ වූ අවංකභාවයයි (integrity).

කිසිම ආකාරය කුහක වූ වැරදි පිළිනොගන්නා අයෙක් විය යුතුය. උසාවියේ විනිශ්චයකරුවෙක් සේ සාක්ෂි සම්පූර්ණ නැති කළ ඇති සාක්ෂි මඟහැරිය නොයුතුය. අල්ලස් නොගත යුතුය. පුද්ගලික හැඟීම්, ආවේග, ආශාවන් හෝ බිය පෙරදැරි කරගෙන මනස විසින් විමසන විනිශ්චයේ සත්‍යතාවය පිළිබඳ දත්ත විමසීම අවුල් කළ නොයුතුය.

සෑම බුද්ධිස්වාතන්ත්‍රවාදීයෙක් විසින්ම එක හා සමාන වූ දැඩි සහ අවංක බවින් උසාවියේ විචාරයට හා සමාන පසුබිම් වන මෙවැනි ප්‍රතිපත්ති වලින් සදාචාරාත්මක අගැයුම් විනිශ්චයට තමාගේම මනස උසාවියක් කරගත යුතුය.

මේ වගකීම මහජන විනිශ්චය සභාවක‍ට වඩා තේජස් (awesome) ය. බ්‍රැඩ් පිට් Fight Club (1999) චිත්‍රපටියේ කියන ලද සේ “ලෝකයෙන් ඔබට උවමනා කරන සියල්ලම ලබාගත් විට අවසානයේ ඔබට ඔබ හා ජීවත් විය හැකියාව තිබිය යුතුය.” විනිශ්චයකරුවා ලෙසින් ඔබව ද්‍යෝෂාරෝපණය කළ හැක්කේ ඔබටමය.

තමා විසින් කරන ලද වැරදි සියල්ල දන්නේ වෙන කිසිවකුත් නොව තමා විසිනි. එය කාට වසන් කරගත්ත ද හැම දිනයේම, හැම තත්පරයේම තමා ජීවත් වන්නේ තමා කළ වැරදි සමඟය.

විනිශ්චයකාරයෙක් සේ තමා අගැයුමක් විනිශ්චය කරන හැම අවස්ථාවක දීම තමාවත් උසාවියේ විභාගයට ගැනේ. මෙය විෂයමූලික යථාර්ථයයි (objective reality).

පුද්ගලයා විනිශ්චය වන්නේ ඒ පුද්ගලයා විසින් දෙන විනිශ්චයන් අනුවය. එක් අයෙක් හොඳ යයි කියා ගුණ අගයන විෂයමූලික යථාර්ථය අනිත් අයගේ ස්වතන්ත්‍ර වූ තක්සේරුවට ලක්වෙයි. එයින් ඉදිරිපත් කරන්නේ ඒ පුද්ගලයාට විශේෂ වූ ආචාර ධාර්මික හැදියාවයි. මෙන්න මේ තමන්ගේ වූ ආචාර ධාර්මික හැදියාව ගැන බිය ඇති නිසා ආචාර ධාර්මික විශේෂත්වයක් නොමැති තත්වයක සිටීමට පුද්ගලයෝ හුරු වී ඇත.

“අනුන්ව විනිශ්චය නොකරන්න, එයින් ඔබව විනිශ්චය වන්නේය” (judge not that ye be not judged) යන සංකල්පය නිසා ආචාර ධාර්මික වගකීම අප අත්හැර දමා ඇත. අනුන්ට ඕනෑම ආකාරයකින් හැසිරෙන්නට ඉඩදෙන ආචාර ධාර්මික නොවූ ලෙසට ගණන නොදමා අත්සන් ගැසූ චෙක්පතක් බාර දෙන්නා තමන්ටත් එසේම ගණන නොදමා අත්සන් ගැසූ චෙක්පතක් අපේක්ෂා කරයි.

පුද්ගලයාට තෝරා ගැනීම් අත්හැරිය නොහැක. තෝරා ගැනීම් කරන තාක් කාලයක් අගැයුම් වලින් පළා යාමට ද නොහැකිය. අගැයුම් තෝරා ගන්නට සිද්ධ වන තාක් කාලයක් ආචාර ධාර්මික විශේෂත්වයක් නොමැති සදාචාරාත්මක අපක්ෂපාත තත්වයක (morally neutral) සිටිනු නොහැකිය.

පීඩකයා සදොස් බව නොකීමෙන් ඔහුට අත් උදව්කාරයෙක් වන්නේය. ඔහුගේ බිල්ලට හසුවන අයට දුෂ්ටයෙකු වන්නේය.

විනිශ්චයක් දෙන්න, එසේම අනුන් වෙතින් විනිශ්චය වන්නට සූදානමින් ද ඉන්න.
Judge, and be prepared to be judged.”

7 Responses

Subscribe to comments with RSS.

  1. […] This post was mentioned on Twitter by Kottu. Kottu said: බුද්ධි හීන ලෝකයක බුද්ධිමතෙක් ජීවත් වන්නේ කෙසේද? http://bit.ly/d2uG5C […]

  2. Kathandara said, on මැයි 17, 2010 at 11:56 පෙ.ව.

    බුද්ධි හීන ලෝකයක බුද්ධිමතෙක් ජීවත් වන්නේ කෙසේද?

    -that is exactly my day to day struggle as well, Aruni.
    (see, it is so easy to say that)

  3. arunishapiro said, on මැයි 17, 2010 at 4:28 ප.ව.

    Kathandara, welcome to the struggle. You will survive!

  4. කසුන් said, on මැයි 17, 2010 at 11:44 ප.ව.

    ලස්සන ලිපියක්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මිනිහෙක්ට තනියෙන් ජීවත් වෙන්නම බෑරිද? සමාජ අශ්‍රය අඩුව…. එතකොට ප්‍රශ්න අඩුයි නේද? මට පෑහෑඩදිලි කරනවද?? ස්තූතී!

    • arunishapiro said, on මැයි 18, 2010 at 6:47 පෙ.ව.

      කසුන්, මිනිසා යනු සාමූහිකව ජීවත් වෙන්නෙකි. සමාජ ආශ්‍රය නැතිව ජීවත් වෙන අයගේ වර්ධනය මානසිකව මෙන්ම ශාරීරිකව ද අඩුවෙන් සිද්ධ වෙයි. සමාජය හා ගැවසීම ප්‍රශ්න ඇති කරන බව සැබෑය. එහෙත් ඒ ගැටළු සඳහා විසඳුම් සොයාගත හැකියාව මිනිසාට තිබීම නිසාම මිනිසාගේ දියුණුව සැලසෙයි. උදාහරණයක් මෙහෙම අරගෙන බලමු. සත්තු අතර තමන්ගේ පවුලේ, කල්ලියේ එකකු මිය ගිය කල, අනතුරකට ලක් වූ කල අනිත් අය අනේ අපොයි කියා කම්පාවෙන්නේ හෝ තැවෙමින් කාලය ගත කරන්නේ නැත. සංකීර්ණ වූ ආවේග ඇති මිනිසාට කාලයක් යනතුරුත් දුක, කම්පාව ඇත්තේය. ඒ ලක්ෂණය නිසාම මිනිසා තම වර්ගයා ගැනත් අනිත් සත්ව වර්ග ගැනත් වඩාත් තැකීමක් ‍කරන්නට පෙළඹෙනවා නේද? ප්‍රශ්න යනු විසඳා ගත යුතු හා මුහුණ දිය යුතු ඒවාය. ප්‍රශ්නයක් කරදරයක් කියා නොව අභියෝගයක් කියා සලකද්දී එයින් ගොඩ එන්නට ධෛර්යය හා ශක්තිය ඇත්තේ ද මිනිසාට පමණි. අනිත් සත්තු ස්වභාව ධර්මයාගේ උවදුරු මත්තේ නැසී යද්දී මිනිසා තම පැවැත්ම තවත් තහවුරු කරගන්නේ ද මේ අභියෝගයන්ට මුහුණ දී ජය සඳහා සංකීර්ණ වූ පිළිතුරු සොයාගත හැකි හැකියාව නිසාය. ගැටළු විසඳීමෙන් දියුණු තියුණු වන්නේ ඊට මුහුණ දෙන පුද්ගලයාමයි. සමාජයෙන් අප විඳින දුකට වඩා සමාජයෙන් අප ලබන සතුට වැඩිය. සතුට ලැබෙන්නේ සතුට සොයන්නාටය. දුක ඇති වේ යයි කියා ඈත් වී සිටීමෙන් සතුටක් ද නොලැබේ. බුද්ධ ධර්මයේ ද දුක හඳුන්වා දී දුකින් මිදෙන මාර්ගයක් පෙන්වා දී ඇත්තේ සමාජ ආශ්‍රයෙන් ඈත් වන්නට නොවේ. ගිහි සමාජය මෙන්ම සංඝ සමාජය ද මිනිස් ආශ්‍රයෙන් ඈත් නොවූ ඒවාය. අප ‍සොයා යා යුත්තේ අප සිතන ආකාරයට සිතන්නට හැකි, අපි අගය කරන අගැයුම් ඇති පුද්ගලයෝය. එවිට ඒ මිනිස් ආශ්‍ර‍ය කරදර අඩුකර සතුට හා දියුණුව සලසන්නේය.

  5. SiriBiris said, on මැයි 18, 2010 at 2:11 පෙ.ව.

    හොද ලිපියක්. අනුන්ව විනිශ්චය කිරීම ගැන ඔබගේ තර්කයට අකමැත්තෙන් නමුත් එකග වෙන්න වෙනවා.

    මගේ දේශපාලන දැණුම මදි මේ ගැන පැහැදිලි කරන්න. මට මතක තරමින්, රටක දියුණුව මනින්නේ මැද පංතිය කොච්චර සක්තිමත්ද කියන සාධකය මතයිලුනෙ. අමෙරිකාව සහ ජපානය දෙකම තාක්ශණික අතින් එකවගේ දියුණු උනාට, ජපන්නු ඔන්න ඔය සාධකය අති ඉදිරියෙන් ඉන්නවාලු. ඕක මනින්න “ගිනි” කියලා මිම්මකුත් තියනවලු.

    ඇති නැති පරතරය තවත් වැඩි වුනොතින් වුනොත් නං මලාම තමා( දියුණුවෙන රට වලට ගහලා තියන හෙනෙත් ඕකමනෙ) . මට නං මූදෙ පනින්නයි වෙන්නෙ ( කිට්‍ටුවම තියෙන්නෙ නං, මූදක් වගේ ලොකු විලක්) .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: