අරුණි ශපීරෝ‍ වෙතින්

ඇති සුගතිය හා නැති සුගතිය

Posted in Uncategorized by arunishapiro on මැයි 24, 2010

පහුගිය සටහනේ දී සහන් තන්තිරිවත්ත ලියූ ප්‍රතිචාරයට මා දුන් පිළිතුර තව දුරටත් විමර්ශනය කිරීමට උත්සාහයක් මේ. එහි කියූ පරිදිම වටහාගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්න උත්සාහයක් ගන්නම්. එහි ලියූ කරුණු නැවතත් මෙයට එක් කරගන්නේ විස්තරය අවබෝධ කරගැනීමට පහසුවන්නටය. එසේම කළින් ලියූ සටහන් කිහිපයකින් ද කරුණු එකතු කරන්නෙමි.

බුද්ධ ධර්මය අනාත්ම බව පැහැදිලිව සරලව විස්තර කර ඇත්තේ වල්පොල රාහුල හිමියන් විසිනි. ආත්මන් යන්න සංස්කෘතික වචනයකි. එය බුද්ධ ධර්මයට පෙර පැවතියකි. සමහර ආගම්වලට අනුව හැම පුද්ගලයෙකුටම තමන්ට යයි කියා වෙන් වූ (දෙවියන් විසින් මවන ලද) “ආත්මයක්” ඇත. මේ ආත්මය මිනිසාගේ මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ හෝ අපායේ (මැවුම්කාර දෙවියන්ගේ විනිශ්චය අනුව) සදාකාලිකව ජීවත් වෙයි. තවත් සමහර ආගම්වලට අනුව මේ ආත්මය විවිධ උප්පත්ති වලට භාජනය වෙමින් ලබාගන්නා පව් පින් අනුව පිරිසිදු වී අවසානයේ දෙවියන්වහන්සේ හෝ විශ්ව ආත්මය හා (එය පටන්ගත් තැනටම) එකතු වෙයි. මෙය මිනිසාගේ සිතුවිලි සිතන, සංවේදන විඳින, කරන ලද හරි වැරදි වලට ලාබ අලාබ ලබන ආත්මයයි. බුද්ධාගම ලෝකයේ ආගම් ලෙස සැලකෙන දහම් අතුරින් පැහැදිලිව වෙනස් වන්නේ මෙවැනි ආත්මයක් නැතැයි කීම නිසාය. මම ඒ වල්පොල රාහුල හිමියන්ගේ පැහැදිලි කිරීම නිවැරදි යයි සලකමි.

ඊ ළඟට, මොළය ගැන කතාබහේ දී උඩු සිත (subjective consciousness) යනු “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින සිතයි. මෙය මරණයෙන් පසු කොහේවත් තැනකට යන්නේ නැත. මොළයේ ක්‍රියාකාරීත්වය නතරවීමෙන් උඩු සිත ද ක්‍රියාවිරහිතය. යටි සිත (objective consciousness or subconscious) අපට හිමිය. අප ජීවත්වන්නේ හිතාමතා හුස්ම ගෙන, රුධිරය පිරිසිදු කරගෙන නොව යටි සිත විසින් ඉටු කරදෙන නිසාය. මෙයට “මම” ය “මාගේ” ය කියන හැඟීමක් නැත. “මම” යන පුද්ගලයාගේ දැනීමෙන් තොරව “මම” යන පුද්ගලයාව ආරක්ෂා කරයි. උඩු සිතක් නොමැති මොළයක යටි සිතකින් කරන්නේ ශරීරය ක්‍රියාකාරීව පවත්වා ගැනීම පමණි. ක්‍රියාකාරී මොළයක් නැති තැන ඒ දෙකම නැත.

ක්‍රියාකාරී මොළයක මෙම උඩු සිත හා යටි සිත අතර සම්බන්ධය මෙහෙයවන්නේ ස්වභාවික බුද්ධියයි. එය විශ්වයේ පැතිර පවතී. මොළයක් උපදින විට (ක්‍රියාකාරීත්වය පටන් ගනිද්දී) එය මොළය තුළින් එළි දකියි. මොළය ක්‍රියාවිරහිත වීමෙන් එය එම මොළයේ නිමාව දකියි. එය පුද්ගලයා කළ හොඳ නරක හෝ පව් පින් ගණන් කරන, එකතු කරන, රැගෙන යන, පුද්ගලයාට සීමිත වූ, වෙන් වූ, බුද්ධියක් නොවෙයි. නමුත් ක්‍රියාකාරී මොළයේ නිමාව නිසා එය වෙනත් තැනක නැතැයි කීමට නුපුළුවන. ක්‍රියාත්මක වන මොළයට එය පිවිසෙන්නට එය කොහේ හෝ තැනක පැවතිය යුතුය.

මහ මුහුදේ පැන නඟින පෙන බුබුලකි. එය සුවිශේෂී වූ අනිත් පෙන බුබුළු වලට වඩා වෙනස් වූ, ඒකජ වූවකි. නමුත් එය මහ මුහුදෙන් බැහැර වූ එකක් යයි කිව නොහැක. එහෙත් එය මහ මුහුද යයි ද කිව නොහැක. පෙන බුබුලකට වඩා මිනිස් මොළය වෙනස් වන්නේ අනිත් සත්වයන්ට නැති විචාර බුද්ධිය ඇති කරන නිදහස් සිතුවිලි (free will) තිබීම නිසාය. ජීවත්වන කාලය තුල දී “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින්නේ අර ස්වභාවික බුද්ධියත්, ඉන් යා කරන උඩු සිත හා යටි සිත ඇති ක්‍රියාකාරී මොළයක ආධාරයෙන් ජීවත්වන පුද්ගලයාය. මේ ස්වභාවික බුද්ධිය ආවේ කොහෙන්දැයි යන්නේ කොහාටදැයි විමර්ශනයට කාලය වැය කිරීමට වඩා බුදුන්වහන්සේ නැවත නැවතත් වදාරන්නේ එයින් නිදහස් සිතුවිලි ඇති ක්‍රියාකාරී මොළයක් පවතින පුද්ගලයා තමාගේ ජිවිතය යහපත් කරගැනීමට සිත යොමු කරන ලෙසය.

ආවේ කොහෙන්දැයි යන්නේ කොහාටදැයි විමර්ශනයෙන් ඵලක් නැත්තේ එය ආ තැනක් ද යන තැනක් ද නැති පවතින්නා වූවක් නිසාය. නමුත් “වක් වූ අත දිගු කරන්නට පෙර පිටසක්වල පවා” යන්නට හැකි යුගයක තවමත් මිනිසා එකිනෙකා හා ඇණකොටා ගෙන, යුද්ධ කරමින්, විවිධ මතවලට භේද වී උඩු සිතත්, යටි සිතත්, ඒ දෙක යා කරන ස්වභාවික බුද්ධියත් මේ ජීවත්ව ඉන්නා සුළු කාලය තුල තමන්ගේ සුභ සිද්ධියට යොමු කර නොගෙන තැවෙති.

මෙහිදී පැන නඟින බලවත්ම ගැටළුව නම් මිනිසා ආත්මයෙන් ආත්මයට එකතු කරන පව් පින් නැත්නම්, පින් දහම් කර දිව්‍ය ලෝකයටත් පව් කළ නිසා අපායටත් මරණයෙන් පසු නොයන්නේ නම්, පුද්ගලයෙක් යහපත් විය යුත්තේ ඇයි ද කියාය. අපි මේ ජීවත්වන කාලය තුල ගුණ දහම් වැඩිය යුත්තේ ඇයි?

මිනිසා ස්වභාවයෙන්ම නරකය යන විශ්වාසය ලොව පවතින මිථ්‍යාවක් ද? නැතහොත් මිනිසා ස්වභාවයෙන්ම ගුණ යහපත් වූවත් සමාජයීය බලපෑම් නිසා මිනිසා නරක පුද්ගලයෙක් වන්නේ ද?

මේ අදහස් විමසද්දී, ස්වභාවයෙන්ම නරක වන්නට අපේ ජානු වලින් ලැබෙන්නා වූ දායාදයන් ද, සමාජයීය වශයෙන් නරක වන්නට හැදියාවේ අඩුපාඩුකම් ද දායක බව පෙනී යයි.

මොළය යනු මිනිසාට ලැබී ඇති සුවිශේෂී වූ ඉන්ද්‍රියයක් වන්නේ එය වෙනසට භාජනය කළ හැක්කක් නිසාය. අනිකුත් සත්වයින්ට නැති සහජ ඥානය ඉක්මවා යන මිනිස් මොළයට විචාර බුද්ධිය ඇත්තේ උඩු සිත, යටි සිත හා ස්වභාවික බුද්ධිය තම ගුණ යහපත් බව වඩවා ගන්නටය. මන්ද ගුණ යහපත් බව නොමැති ලෝකය ජීවත් වීමට නුසුදුසුය. සිත කලකිරවන්නට සමත්ය. බියෙන් චකිතයෙන් පුරවන්නට සමත්ය. එමඟින් රෝග තත්වයන් ඇතිකර මානසිකව හා ශාරීරිකව දුකින් පෙළන්නට සමත්ය. එකිනෙකා නසාගෙන ලෝකය විනාශයට යයි.

මනුෂ්‍යයා උපතින්ම බුද්ධිමත් හෝ‍ මෝඩයකු වන්නේ ද? අළුත උපන් දරුවාගේ මොළය Tabula rasa නොහොත් දැනුම ලියා ගන්නට නිර්මාණය වී ඇති හිස් පුවරුවක් යයි ඇරිස්ටෝටල් සිට අද දක්වා දාර්ශනිකයෝ හා මනෝවිද්‍යාඥයෝ පිරිසක් පෙන්වා දෙති. මෙය සහමුලින්ම නිවරද නොවූවත් (ජානුමය බලපෑම ඇති නිසාත්, කළලයේ සිටින දරුවාගේ මොළය ද තොරතුරු රැස්කරන, වැඩෙන මොළයක් නිසාත්) මොළයට දෙන දැනුම හා තොරතුරු අනුව දරුවා යහපත් තීරණ ගන්නට හැකියාව ඇති කර හෝ නැති කර ගනියි.

අළුත උපන් දරුවෙකුගේ මොළය දෙමාපියෝ වෙත බාර කරන ලද වටිනා වස්තුවකි. එහෙත් බොහෝ දෙනා අළුත උපන් දරුවාට කන්න බොන්න දී, අඳින්නට වස්ත්‍ර දී, නින්දට යහනක් දී දරුවා වැඩිවිය පැමිණෙන කාලය වෙනතුරු අමතක කර දමයි. මොළය වැඩෙන වටිනාම කාලය දරුවාගේ වැඩීම බාරව ඉන්නා අය විසින් අපතේ යවති. අළුත උපන් දරුවාගේ යහපත් හැදියාව තීරණය කරන්නේ දරුවාගේ වැඩීම බාරව ඉන්නා අය විසිනි.

එක් එක් සමාජයට ආවේනික අගැයුම් දිහා බලන කල ඊට ඒ අගැයුම් දී ඇත්තේ ඒ සමාජයේ විසූ ජනයා විසින්ම නොවේ ද? අපි අපේ දරුවන්ට පුහුණු පුරුදු කරන අගැයුම් වලින් ඔවුන් තීරණ ගන්නා විට අපි ඔවුන්ට බැන වදිනුයේ කෙසේ ද? අපි ජිවත්වන සමාජයේ වගකීම අපිට පැහැර හැරිය නොහැකිය. ජනතාව මෙසේ තීරණ ගන්නා කල ඒවා අපිට බලපානවා සේම, ඒ තීරණ එසේ ගැනීමට අපි ද වගකිව යුතුය.

අපායක් ඇතැයි බියෙන් වැරදි නොකරන සමාජයක් වතිකානුවේ ද නැති බව අද සනාථය. අද පුද්ගලයා වැරදි කරනුයේ අපායට බි‍ය නිසා නොවේ නේද? නැති අපායක් ගැන බය කරගෙන සිටීම වැනි පැරණි හණමිටියක් අද දවසට උවමනා නැත. අගැයුම් කියා දීමට අපාය හෝ දිව්‍යලෝකය අවශ්‍ය නොවේ. එසේම අගැයුම් තීරණය ඇත්තේ අප අතම නිසා විනිශ්චයක් දෙන්නට එක් එක් පුද්ගලයාගේ පව් පින් කිරා මණින විනිශ්චයකාරයෙක් ද අවශ්‍ය නොවේ.

දිව්‍යලෝකයක් ඇතැයි සිතා පින් කරන්නා එසේ කරන්නේ තමාගේ මේ ලෝක‍ෙය් යහපතට නොව ආගමික නායකයන් විසින් ප්‍රකාශිත පරලොව යහපත සලසනවා යයි සැලකෙන පිළිවෙත්ය. එවිට මේ ලෝකයේ ජීවත්වන කාලයේ සුභ සිද්ධිය සැලකෙන්නේ කෙසේද? වැරදි කර, පසුව පව් සමාකරගෙන පින් දහම් කර මරණින් මතු නැති සුගතිය සෙවීමට වඩා හැම දිනයේම ගුණ දම් වඩාගෙන ජීවත් වන්නට හුරු කරවී‍මෙන් මෙහි අද, ඇති සුගතිය වඩා සුදුසු නොවන්නේ ද?

හැම ආගමකම, හැම සමාජයකම, හැම පුද්ගලයෙක් තුලම ඇති ගුණ දහම් හා අගැයුම් සලකා බැලීමට හුරු වන්නාට පින්තූරයේ පුංචි කොටසක් නොව මුළු පින්තූරයම දැකගත හැකිය. ඒ හැම තැනකම ඇති ගුණ අගුණ දකින්නටත් ඒ ගුණ අගුණ අගැයුම් කරන්නටත් දැනුම ලැබේ. මරණින් මතු සුගතිය නොව මෙම ජීවිතයේම යහපත් බවින් සුගතිය සලසා ගත හැකි බව අවබෝධ කරගත හැකිය.

17 Responses

Subscribe to comments with RSS.

  1. Dhamz said, on මැයි 25, 2010 at 12:57 පෙ.ව.

    So what’s Rahula thero’s stance about Rebirth? (Rebirth which is mentioned in Buddhism)

    • arunishapiro said, on මැයි 25, 2010 at 8:59 පෙ.ව.

      Dhamz, I will quote from Walpola Rahula’s “What The Buddha Taught”:
      -What we call death is the total non-functioning of the physical body. Do all these forces and energies stop altogether with the non-functioning body? Buddhism says ‘No’. Will, volition, desire, thirst to exist, to continue, to become more and more, is a tremendous force that moves whole lives, whole existences, that even moves the whole world. This is the greatest force, the greatest energy in the world. According to Buddhism, this force does not stop with the non-functioning of the body, which is death; but it continues manifesting itself in another form, producing re-existence which is called rebirth.-

      Now let’s consider, if there is no permanent, unchanging entity (atman, soul) that travels from life to life, what is it that can re-exist or be reborn after death? Probably the “Will, volition, desire, thirst to exist, to continue, to become more and more, is a tremendous force that moves whole lives, whole existences, that even moves the whole world.” Now, what would that be? The “innate intelligence” that is present in all life forms. It was not “mine” as it existed before I was born, was not “mine” during my physical existence and it would not be called “me” when the body is dead but it did not die as it is ever present in the universe. So yes, there is a continuity of a force that was before, during and after but that would that be “me”?

      Rahula also says “As there is no permanent, unchanging substance, nothing passes from one moment to the next. So quite obviously, nothing permanent or unchanging can pass or transmigrate from one life to the next.”

      However Rahula also says “the difference between death and birth is only a thought-moment: the last though-moment in this life conditions the first thought-moment in the so-called next life, which, in fact, is the continuity of the same series. During this life itself, too, one thought-moment conditions the next thought-moment.” While I can understand the second sentence I cannot see the first in agreement with the above greatest energy explanation given by him and as to how can a thought exist without a living brain? Will, volition, desire, thirst to exist, to continue, to become more and more are not “thoughts” but “innate intelligence” present in all life while “thought-moment” requires a thinking brain. If a thought-moment passes through to conditions another life then there is a continuity which goes with Upanishad Atman and western soul and then Buddhism itself is not any different from other religions as it claims to be. This desire for “continuity of self” is what we should realise as the truth, that it does not exist, and seems we somehow find ways to hold on to it.

  2. stormcrow said, on මැයි 25, 2010 at 2:53 පෙ.ව.

    පෙන බුබුලකට වඩා මිනිස් මොළය වෙනස් වන්නේ අනිත් සත්වයන්ට නැති විචාර බුද්ධිය ඇති කරන නිදහස් සිතුවිලි (free will) තිබීම නිසාය.

    I think this is directly out of theist religions. Where in Buddhism does it say that human mind is different from other animals because of free will? I’m assuming you are using the usual meaning of free will (http://en.wikipedia.org/wiki/Free_will) (as opposed to “intelligence” which is a relative term in Buddhism AFAIK) because you specifically put that in English.

    ඊ ළඟට, මොළය ගැන කතාබහේ දී උඩු සිත (subjective consciousness) යනු “මම” ය “මාගේ” ය කියා අල්ලා ගෙන සිටින සිතයි. මෙය මරණයෙන් පසු කොහේවත් තැනකට යන්නේ නැත. මොළයේ ක්‍රියාකාරීත්වය නතරවීමෙන් උඩු සිත ද ක්‍රියාවිරහිතය. යටි සිත (objective consciousness or subconscious) අපට හිමිය.

    what does it mean that “යටි සිත අපට හිමිය“? Is that according to Buddhism? And does it imply (as it seems to me from the paragraph) that it “goes somewhere” after death as opposed to “උඩු සිත” which doesn’t?

    I may be wrong, but personally I think that you are verging on New Age.

    • arunishapiro said, on මැයි 25, 2010 at 10:02 පෙ.ව.

      Stormcrow, yes I am using the usual meaning of the word 🙂 as paticca samuppada says conditoned (paticca-samuppanna) and relative “Free Will”. Please see the reply to Dhamz regarding your second set of questions. However I don’t think I am verging on New Age thinking; they seem to derive from Buddhism as well as strology and occultism etc etc. many of which I have no interest to inquire or follow.

  3. stormcrow said, on මැයි 25, 2010 at 1:48 ප.ව.

    Aruni,

    I don’t see where paticca-sapuppada involves free will. Free Will (“in usual sense”) in theistic religions was necessary to explain away the conundrum that an omnipotent and omniscient god created humans without a factory fitted god-believing organ. There is no need in Buddhism for that concept and I’m not clear where free will is mentioned in paticca samuppada. If you say that the bhava is “will” then it’s not free for us to give up anytime as per the definition of *free* will. Also it ceases to exist automatically once we understand the truth.

    What I think verges on New Age is the mentions (here and the previous article) such as that of a යටි සිත that controls autonomous body functions, takes care of DNA (????) etc and of a “universal intelligence”. AFAIK those ideas are closer to pseudoscience or new age more than Science and Buddhism (never to mean that Buddhism itself is scientific).

    I don’t know what you meant by “උඩු සිත, යටි සිත යන දෙකට අමතරව වූ මේ විශ්ව ඥානය ගැන සුමනදාස සමරසිංහ ද විස්තර කරන්නට උත්සාහයක් ගෙන ඇත.” because I only read him when I was 10-11 and that was VERY long ago, but even then I thought his later books were voodoo science because they contained stuff such as (if memory serves — I could be very wrong about exact mentions) water having consciousness or memory.

    • arunishapiro said, on මැයි 25, 2010 at 5:35 ප.ව.

      Stormcrow,
      paticca samuppada is the tool used to explain and support that there is no atman or soul, how life arises, exists and continues thus eliminating the need to discuss notions about a “free will”.

      How does one explain the existence of the subconscious scientifically if not by observation of its results?! Can both Freud and Jung be wrong?! Current brain research may provide us with better answers, so we shall continue to keep up with what’s going on to find out more.

      Well, he tried and I am not sure he succeeded in his books either, and that’s what I meant. Also this is not to say that I have explained anything better or understood myself what’s going on. I am a student of life interested in finding out more. However I am impressed you were even interested to read his books when you were 10 -11; I was reading Enid Blyton and Tale of Two Cities and my daughter read Lord of the Rings at that age. Dad’s first book was published when I was 13. I have only recently taken a look at his later books and find they have taken quite a downhill turn from his early works. Could be ’cause I was not there to argue every point!!

      • stormcrow said, on ජූනි 2, 2010 at 12:09 පෙ.ව.

        If you asked your dad, he would probably have told of hundreds of kids of that age who read “minis sithe haaskam” which were among the most available and popular non-fiction books those days. On the other hand, it’s impressive that a kid at that age read LotR.

        I don’t really get what you say here

        as paticca samuppada says conditoned (paticca-samuppanna) and relative “Free Will”

        and here:

        paticca samuppada is the tool used to explain … that there is no atman or soul, … thus eliminating the need to discuss notions about a “free will”

        which looks contradictory to me, but may be that’s just me.

        • arunishapiro said, on ජූනි 2, 2010 at 9:28 පෙ.ව.

          stormcrow, රෑ නින්දට යාමට පෙර තනිවම කියවිය නොහැකි පොතක් එකතු වී කියවන්නට දුව හා එක්වන පුරුද්දක් තිබුණි. The Hobbit පොතේ මුල් පරිච්ජේදය පටන් ගත් පසු ඊ ළඟ දිනයේ රාත්‍රිය ළඟා වෙනතෙක් බලා ඉන්නට නොහැකි වූ දුව දහවල් කාලයේ තනිවම පොත කියැවූවාය. අවසානයේ ඈ නතරවූයේ LotR ත්‍රිත්වයත් කියවා හමාර කර පසුය. පසුගිය දිනක J.R.R. Tolkien ගේ මුනුපුරා Simon ඔහුගේ The Inheritance නවකතාව දියත් කරන්නට ප්‍රචාරක වැඩසටහන් සඳහා ඇ‍මෙරිකාවට ආවේය. ඔහු කියූ පරිදි ඔහුගේ මුත්තා ද ඔහුට හඬනඟා පොත කියවා ඇත්තේ ඔහුගේ වයස වසර 12 දී පමණය!!!

          උප්පත්තියෙන් උප්පත්තියට යන ආත්මයක් නැතැයි ද, ආත්මයක් මවන ලද දෙවියන්වහන්සේ නැතැයි ද කියූ බුදු දහම එකළ පැවති අදහස්, මතවාද වලට පටහැනි (පටිසෝතඝාමී) වූයේය. අනත්තා (No-Soul) විස්තර කරන්නට බුද්ධ ධර්මය උපකාර කරගන්නේ පටිච්ච සමුප්පාදයයි. කෙටියෙන් වල්පොල රාහුල හිමි එය විස්තර කර දෙන්නේ When A is, B is; A arising, B arises; When A is not, B is not; A ceasing, B ceases යනුයි. ඉමස්මිං සති ඉදම් හෝති (When this is, that is), ඉමස්සුප්පාදා ඉදම් උප්පජ්ජති (This arising, that arises), ඉමස්මිං අස්ති ඉදම් නහෝති (When this is not, that is not), ඉමස්සා නිරෝධා ඉදම් නිරුජ්ජහති (This ceasing, that ceases).

          ඊ ළඟට අපි කවුරුත් අසා ඇති පරිදි “අවිජ්ජයාපච්චයා සංඛාරා, සංඛාරාපච්චයා විඥානම්, විඥානපච්චයා නාමරූපම්, නාමරූපපච්චයා සලායතනම්, සලායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානම්, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණ යයි ද විස්තර වෙයි.

          ජීවය (life) ඇතිවන්නේ (exits), පවතින්නේ (exists) හා පවත්වාගෙන යන්නේ (continues) මෙසේය. කිසිවක් තනිවම පැවතියේ නොවේ. මේ හැම එකක්ම පටිච්චසමුප්පන්න (conditioned) වෙති. එසේම පටිච්චසමුප්පාද (conditioning) වෙති. සියල්ලම එකිනෙක මත රඳා පවතී. එකිනෙක හා සම්බන්ධය. කිසිවක් සහමුලින්ම තනිව නොපවතී.

          ක්‍රියාකාරී මොළයක් නැතිව විඥානය (consciousness) ඇතිවිය නොහැකිය. විඥානය නැතිව සිතුවිල්ලක් (thought) ඇතිවිය නොහැකිය. සිතුවිල්ලක් පැන නඟින ක්‍රියාකාරී මොළය පරම්පරාගත ජානු වලින්, පරිසරයෙන්, හැදියාවෙන් යනාදී අනේක වූ හේතූන් නිසා සකස් වී ඇත්තකි. එහෙයින් එය මාගේ යයි කිව නොහැකිය. එසේම මගේ නොවේ යයි ද කිව නොහැකිය.

          සිතුවිල්ලක් ඇති වූ කළ එය ක්‍රියාවට නංවන ආකාරය, එම සිතුවිල්ලට ගලා යාමට උපකාර කරන ආකාරය පමණක් කෙසේද කියා තීරණය කරන්නට පුද්ගලයාට හැකිය. එනිසා පුද්ගලයා ආත්මයක් ඇතැයි හෝ දෙවියන් විසින් තීරණය කරන ලදැයි කියන යම් නියතවාදයකට යටත් නොවේ. පුද්ගලයාගේ චින්තන නිදහස යනු absolute නිදහස නොවේ.

          මේ වල්පොල රාහුලයන්ගේ What the Buddha taught පොතේ The Doctrine of No-Soul: ANATTA පරිච්ජේදය මම වටහාගත් ආකාරයයි.

      • stormcrow said, on ජූනි 3, 2010 at 1:36 ප.ව.

        දුවත් අම්ම වගේම දක්ෂයෙක් වෙන්න ඇති. හොබිට් වෙනම සිද්දියක්. ටොල්කින් සීයා ඒක ලිව්වෙම පොඩි උන්ට නෙ. සයිමන් කීවේ ඒක ගැනද ලොකු පොත ගැන ද? ඔබ දන්නවාද මන්දා, පොඩි උන්ට සුරංගනා කතා මවා කීමේ වික්ටෝරියානු තාත්තලා ගේ පුරුද්ද තිබුනේ ටොල්කීන්ට විතරක් නොවෙයි, කෙනත් ග්‍රේහම්, ජේම්ස් බරී සහ චාර්ල්ස් ඩොඩ්සන් ඔක්කොගෙම සුරංගනා කතා පටන් ගත්තෙ එහෙමයි.

        ඔබ රාහුල හිමියන්ගේ පොතෙන් කී කොටස ගැන මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නය ඇති වූයේ free will මත මිනිස් මොළය සතුන්ගෙන් වෙනස් වන බව කීමටයි. මා දන්නා බුදු දහමේ එහෙම සංකල්පයක් නැහැ. (අඩුම ගනනේ) අනාත්ම ස්වභාවය සම්බන්ධ විග්‍රහයේ දී “උඩු සිත” “යටි සිත” කියා බෙදීමකුත් (distinction) නැහැ.

        මේක කීවේ බුද්ධාගම ට අදාලව කවර අන්දමක හෝ නව මතයක් පල කිරීම මහා අපරාධයක් ලෙස සලකන නිසා නෙවෙයි. එහෙම මත පල කරන්න තිබෙන (තිබිය යුතු) නිදහස ම ඒ මත විග්‍රහයටත් තිබෙන නිසා 😛

        • arunishapiro said, on ජූනි 10, 2010 at 9:11 පෙ.ව.

          stormcrow, සයිමන් පටන් ගත්තෙත් Hobbit වලින්.

          //මට ප්‍රශ්නය ඇති වූයේ free will මත මිනිස් මොළය සතුන්ගෙන් වෙනස් වන බව කීමටයි. මා දන්නා බුදු දහමේ එහෙම සංකල්පයක් නැහැ.// හින්දු ඉගැන්වීම් හා බුද්ධාගම අතර වෙනස කුමක් ද?

          //අනාත්ම ස්වභාවය සම්බන්ධ විග්‍රහයේ දී “උඩු සිත” “යටි සිත” කියා බෙදීමකුත් (distinction) නැහැ.// “මම” කියා අල්ලා ගෙන සිටින අයත් විඥානයත් අතර වෙනස කුමක් ද?

          බුද්ධාගමට අදාල නව මතයක් ද? නැත්නම් බුද්ධාගම බුදුන් විසින්ම කියා දී තිබෙන විදියට (උපනිෂද්, හින්දු යනාදී මතවාද අත්හැර) බැලීම ද? විග්‍රහයට විචාරයට ගල්මුල් වලට සියල්ලටම ඉඩ!!

  4. Dhamz said, on මැයි 26, 2010 at 10:27 පෙ.ව.

    Isn’t this against popular buddhism?

    Rahula also says “As there is no permanent, unchanging substance, nothing passes from one moment to the next. So quite obviously, nothing permanent or unchanging can pass or transmigrate from one life to the next.”

    So according to him everyone is achieving nirvana when they die because there’s no “me” after that?

    • arunishapiro said, on මැයි 27, 2010 at 7:43 පෙ.ව.

      Dhamz,
      //Isn’t this against popular buddhism?// -It seems that way when you think about it! Is popular Buddhism, Buddhism? When Dhaham pasala monk gives points for bringing the most colorful flowers, is that Buddhism?!

      //everyone is achieving nirvana when they die because there’s no “me” after // – I quote from Rahula’s book.
      “If there is no Self, no Atmanm, who realizes Nirvana? Before we go on to Nirvana, let us ask the question: Who thinks now, if there is no self? We have seen earlier that it is the thought that thinks, that there is no thinker behind the thought. In the same way, it is wisdom (panna), realization, that realizes. There is no other self behind the realization.”

      To achieve Niravana in this sense would be to realize the truth, while understanding that there is no thinker “me”. Not many are willing or understand that there is no “me”. Hence not many can realize Nirvana.

      This line of thinking also makes the idea prevalent in popular buddhism that you have to travel “samsara” for many lives collecting “merit” in order to realize the truth, redundant. This is an idea also was in Indian religions before Buddha. When Buddha’s teachings got mixed up with earlier Indian teachings was probably why there were many who realized the truth at Buddha’s time and none in recent history.

  5. Dhamz said, on මැයි 27, 2010 at 9:49 ප.ව.

    If we don’t think then who’s responsible for our thoughts? nobody?
    By the way it’s nice to see someone is thinking differently 🙂

    • arunishapiro said, on මැයි 28, 2010 at 7:22 පෙ.ව.

      Dhamz, ultimately we are responsible as thoughts arise us; without our working brain there are no thoughts. However since we cannot silence our thoughts we can guide them towards goodness or evil. It seems when we keep our brain focused on the path to goodness our physical body also stays healthy. Just because we live as a group (society) our moral duty is to strive to be good which benefits society and results in benefitting the individual, a selfish motive!!!

      Thanks, you make friends as well as enemies when you think different. To me the first outweighs the second. 🙂

  6. Dhamz said, on ජූනි 2, 2010 at 4:26 ප.ව.

    By the way what’s your notion about “Absolute Truth” ? This reply may not be relevant to this post so it is highly appreciated if you can write a new article about this 🙂

    • arunishapiro said, on ජූනි 3, 2010 at 11:34 පෙ.ව.

      Dhamz, yes, a ‍‍fine topic to inquire. I’ll make a note to mysel‍f.
      “There are philosophers who actually spend countless hours toiling over thick volumes written on the “meaninglessness” of everything. We can assume they think the text is meaningful! Then there are those philosophy teachers who teach their students, “No one’s opinion is superior to anyone else’s. There is no hierarchy of truth or values. Anyone’s viewpoint is just as valid as anyone else’s viewpoint. We all have our own truth.” Then they turn around and grade the papers!” -http://www.allaboutphilosophy.org/absolute-truth.htm

  7. […] ආගමූඪ, ටච්ඩවුන් ජීසස් හා වෝල්ටෙයා; ඇති සුගතිය හා නැති සුගතිය; දැනුම කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: