අරුණි ශපීරෝ‍ වෙතින්

දේශපාලන නිවැරදිබව වැරදීමක් ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 25, 2010

දේශපාලන නිවැරදිබව නොහොත් political correctness ගැන කතාබහක් ඇති වූයේ මෑතක දී නොවේ. සමාජයේ වැඩි පිරිසක් දේශපාලන නිවැරදි බව හොඳ යයි කියා කත් අදිද්දී ඉන්දියාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ Dinesh D’Souza 2002 දී ලියූ Letters to a Young Conservative පොතේ පරිච්ඡේදයක් එම සංකල්පය හා සටන් වදින අයුරු විමර්ශනය කළේය. දේශපාලන නිවැරදිබව යන ඇමෙරිකන් ව්‍යවහාරය පටන් ගත්තේ දිනේෂ් යයි පිළිගැනීමක් ඇත. එහෙත් දිනේෂ් පිළිගන්නා පරිදිම මෙය පැරණි මාක්ස්වාදී පදයකි. ස්ටාලින්වාදී හා ට්‍රොස්ට්ස්කයිට්වාදීන් අතර කවුරු දේශපාලන නිවැරදි බවෙන් යුක්ත වේදැයි මාක්ස්වාදීව බලන්නට එය යොදා ගත්තකි.

“කොතැනින් පටන් ගන්න ද? මම නොදනිමි. ආගම සඳහා වූ අංශයේ කොපමණ මහාචාර්යවරු පිරිසක් දෙවියන්වහන්සේ විශ්වාස කරනවාදැයි විමසන දත්ත සෙවීමක් පවත්වන්න. “කාන්තා සිතුවිලි” නැමති ශීර්ෂයෙන් යුතු වූ හිස් පිටු ඇති පොත් පිංචක් බෙදා හරින්න. නිර්මාණාත්මක මානවභීතිකාව (homophobia) සඳහා වූ සංගමයක් පටන් ගන්න. පළමු වසර සිසුන් සඳහා අත්පොතක් සාදා ඉගෙනුම් ආයතනයේ හොඳම හා නරකම මහාචාර්යවරුන්ගේ ලැයිස්තුවක් ඇතුල් කරන්න. Maya Angelou ගේ කවි නිර්මාණ සමඟින් කිසිත් තේරුමක් නොමැති වැදගැම්මක් නැති කවි ද ප්‍රකාශයට පත්කර කිසිවකුට ඒ දෙක තුලින් වෙනසක් දැකිය හැකිදැයි බලන්න. මුමියා අබු-ජමාල් හි මරණ දඬුවම් ලබා ඇති සිරකරුවන්ගේ පින්තූර සහිත වෙබ් අඩවියක් පටන් ගෙන එහි ඔවුනට මරණ දණ්ඩනය සුදුසු නම් එය අන්තර්ජාලයෙන් ලබන්නට ඔබත හැකි බොත්තමක් පැත්තකින් යොදන්න. හාපෝයි, තවත් දුරට යන්නට පෙර මෙවැනි අදහස් දීමෙන් දැන් මා නවතිනු හොඳයි.” Letters to a Young Conservative, පිටු -35, 36

ඔහු විසින්ම 1991 දී ලියන ලද Illiberal Education: The Politics o‍f Race and Sex on Campus නැමති පොත ද මෙම මාතෘකාව විමසයි. පොතේ නම දක්වන පරිදි විශ්ව විද්‍යාල “නිදහස් මතධාරී” යයි කියා ගනිමින් “නිදහස අසුරන” ආකාරයට හැසිරේ. කළින් මගේ බ්ලොග් සටහන්වල කියූ පරිදි බො‍හෝ අයෙක් නොදන්නා ඇමෙරිකන් සමාජය නම් සුළු ජාතිකයනට, දුප්පතුන්ට, රැකියා නොමැති අයට, දේශපාලනඥයන් විසින් දේශපාලන නිවැරදිබව නිසා අනුමත කරන කොටස් වලට අනිකුත් පුරවැසියනට වඩා වැදගත්කමක් දීමය.

පැත්තකට නැඹුරු වූ අයට සත්‍යය තත්වය වටහා ගැනීමට අමාරුය. ලංකාවේ රූපවාහිනියෙන්, පුවත්පත් වලින් හා ‍ගුවන් විදුලියෙන් නිතර අහන්නට ලැබෙන සුපිරි ව්‍යාපාරිකයෙක් කළුහම ඇති ඔබාමා ජනාධිපති වූ පසු මා හා කතාකර එය ලෝකයට ලොකු ජයක් බව කීවේය. වැඩි කලක් යන්නට මත්තෙන් ඔබාමාගේ ජනප්‍රියත්වය බහිනු ඇතැයි මා කී විට මේ සුපිරි ව්‍යාපාරිකයා එය විශ්වාස නොකළේය. එසේම ටැබූ විසින් රනිල් වික්‍රමසිංහ ගැන ලියන සටහන් වලට දාන ප්‍රතිචාර සමහරක් බෙහෙවින් හාස්‍ය දනවයි. ටැබූ කියන කරුණු බොහොමයක් ඉහළ පෙළේ එක්සත් ජාතික පක්ෂයේ අයට පමණක් නොව තතු දන්නා සියල්ලෝටම අළුත් ආරංචි නොවේ. ඒ සිද්ධියත් 2005 ජනාධිපතිවරණයත් අළලා තතු දන්නෙක් විසින් ලියැවුනු “අභිෂේකය” (?) නම් වූ සිංහල නවකතාවක් ද ඇත. සත්‍යය වසන් කිරීම නිසා තත්වය වෙනස් වන්නේ නැත. එමඟින් නිතර පැරදෙන එක්සත් ජාතික පක්ෂය ගොඩ නඟන්නට ද බැරිය. සමරිසිබව නිසා හිරගෙදරට යැවීම වැනි හණමිටි අදහස් සමඟ සමරිසිබවට මුල්තැන දී එයින් ප්‍රතිපත්ති සම්පාදනය වීම ද අත්හළ යුතුය.

බැසිල් රාජපක්ෂගේ බදු ගැන කතා කළ ඇල්කෙමියා “විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ලබා ගන්නා ණය මුදල්, පාසල් ගාස්තු ආදිය මෙසේ බද්දෙන් නිදහස් දේ අතරට අයත් වෙනවා” යයි සඳහන් කර ඇත. මෙය සෑම අයෙකුටම බලපාන නීතියක් නොව ඉහළ ආදායම් ඇති අයට කළ නොහැක්කකි.

අපේ දියණියට කුඩා අවදියේ සිට පෞද්ගලික පාසැල් වලිනුත් පසුව ගෙදර අධ්‍යාපනයත් ලබා දුන්නෙමු. අනතුරුව අපි ඇයව යැව්වේ අප අයත් නොවන කොට්ඨාශයක ඇති ප්‍රාන්තයේ පාසැලකට වසර හතරක් සඳහාය. එහි ඉගෙනීමට ඒ අවට අය කිසිත් මුදලක් නොගෙව්ව ද අප එම කොට්ඨාශයට අයත් නොවන නිසා සෑහෙන මුදලක් ගෙවන්නට වුණි. මුළු කාලය තුලදීම රජයට, ප්‍රාන්තයට හා නගරයට නොයෙක් ආකාර බදු ගෙව්ව ද කිසිදාක අධ්‍යාපන වියදම් බදු වලින් අඩුකරගත නොහැකි විය. ඒ තනිකරම අපගේ ආදායම නිසාය. එසේම බුද්ධියට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දීමට වූ අපගේ කැපවීම හා තෝරා ගැනීම නිසාය. නමුත් තවත් කොපමණ කාලයක් මෙසේ අනුන්ගේ මෝඩ තකතීරු දේශපාලන නිවැරදිබව මුල් කරගත් අධ්‍යාපන හා අනිකුත් රටේ සැලසුම් තීරණ සඳහා අපි බදු කරගහන්නේ ද යන අප්‍රසාදය තුලින් තව තවත් මුදල් හම්බකරන මාර්ග පෙනී පෙනී හා රැකියා ලබාදිය හැකි මාර්ග පෙනි පෙනී ඒවාට අත නොගසන්නට අපි පෙළඹෙමු. මෙයින් රටක දියුණුව සලසන ආයෝජනයට නොව සුඛෝපභෝගීව ජීවත්වන්නට හා ඉතිරි නොකර (උරුම බදු නිසා) වියදම් කරන්නට සමාජය පොළඹවන්නේ ද?

සියල්ලෝම දන්නා පරිදි ඇමෙරිකන් බදු නීති ඉතා සංකීර්ණය. කෙසේ වෙතත් ඇමෙරිකාවේ බොහෝ ලියකියවිලි මහජන සොයා බැලීමට අන්තර්ජාලයේ ඉදිරිපත් නිසා ඕනෑම අයෙකු විසින් නිවසක් මිල දී ගත්තේ කොයි මිලකට ද, ඉඩම් බදු ගෙවන්නේ කුමන ප්‍රමාණයක් දැයි සොයා බැලීමට ද ඕනෑම අයෙකුට පුළුවන.

ලාංකික නිදහස් අධ්‍යාපනයට මුදල් ගෙවීමට සිදුවේ යයි ලියූ ලිපියේ “දෙමාපිය වත්කම් මත පාඨමාලා ගාස්තු අය කිරීම” යන කොටස ගැටළු සහිතය. සමහර දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් නොකරති. එවිට දෙමාපියන්ගේ වත්කම් මහත් වුවද දරුවාට යන කල කුමක් ද? මගේ ධනවත් පියා මා ප්‍රථම උපාධියට අවසන් වසරේ අධ්‍යාපනය ලබද්දී පවුල හැර දා අහක් විය. සමෘද්ධි ලාභ හෝ මහපොළ ශිෂ්‍යත්වයන් මට නොතිබුණි. මවගේ ගුරු සේවයෙන් ලැබි රුපියල් තුන්දාහක් පමණ වූ විශ්‍රාම වැටුප විශ්ව විද්‍යාලයේ සිටි දරුවන් දෙදෙනාවත්, උසස් පෙළ හැදෑරූ දරුවන් දෙදෙනාවත් නඩත්තු කිරීමට ප්‍රමාණවත් නැතැයි කියා කාට කියන්න ද? ටියුෂන් නොදුන්නා නම් දේශනයට යන්නට බස් කුලියවත් හොයා ගන්නට නොහැකි කාලයකි ඒ.

රටක සියළු බර දරන්නේ මුදල් හම්බකරන ධනපතියෝ විසින්ම වූ කළ සිද්ධ වන්නේ මුදල් උපැයීම තවත් නංවාලනවාට වඩා මුදල් උපයීමට පුද්ගලයෝ තුල අප්‍රසාදයක් ඇති කිරීමය. මෙය අද ඇමෙරිකාවේ ද ඇති සමානාත්මතාවයට නැඟූ දේශපාලන නිවැරදිබව මුල් කරගත් ප්‍රතිපත්තියකි. බොහෝ තරුණ අය (විශේෂයෙන්ම ධනපති පවුල්වල) ධනය හරිහම්බ කිරීමේ යෙදෙනවාට වඩා තමන් ද වත්කම් එක්රැස් නොකරන, බදු නොගෙවන පහසු ජීවිත සොයායන නිහඬ උද්ඝෝෂණ රැල්ලක් අද පටන් ගෙනය. මෙය ද අළුත් සංකල්පයක් නොවෙයි. මුලින්ම එවැන්නක් ගැන අයින් රෑන්ඩ් සිය Atlas Shrugged පොතේ තේමාව කරගන්නීය.

ලබාගන්නා ලකුණු නොව වෙනත් බාහිර සාධක පෙරදැරි කරගත් අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී සාමානාත්මතාවය ස්ථාපිත කිරීමට වඩා දේශපාලන නිවැරදිබව මුල් කරගත් අවුලක් සිද්ධ වෙයි. අධ්‍යාපනික තීරණ වලට සුදුසු එකම මිම්ම ශිෂ්‍යයා විසින් ලබා ගන්නා ලකුණු පමණි. ලකුණු මිසක දුප්පත් පොහොසත්, කළු සුදු හෝ ගැහැණු පිරිමි ද කියා වෙනසක් තිබිය නොයුතුය. ඉහළ ලකුණු ලබාගන්නට සියළු දෙනාටම අවස්ථාව පාදා දෙනු සඳහා කටයුතු කරන්නට කම්මැලි, කුහක, මෝඩ අය විසින් වෙනත් පහසු ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ දේශපාලන නිවැරදිබව නාමයෙන් නැවතත් චන්දය දිනන්නට පමණි.

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙද්දී සොයා බලන තොරතුරු වලින් ශිෂ්‍යයා ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා වැදගත් වන්නේ ශිෂ්‍යයාවගේ ජාතිය, ලිංගය හා සමාජ තත්වයයි. ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුල් කරගත් කළු ජාතිකයෝ සුදු අයට වඩා ලකුණු අඩුවෙන් ගත්තෝ වූහ. අද මෙවැනි ප්‍රතිපත්ති පිළිගත් සාමාන්‍යයක් බවට පත් වී ඇත. “ශිෂ්‍යයාගේ හැකියාව අපි විභාග ලකුණු වලින් මනින්නේ නැත. අනිත් සාධක අපි සලකමු” යන මතය පෙරදැරි කරගන්නා ඇමෙරිකන් විශ්ව විද්‍යාල බොහොමයක මෙසේ ඇතුලත් වූ අය පළමු වසරින් පසුව නැවත පැත්ත පළාතේ නොඑන ආකාරය ක්‍රමයෙන් වැඩිවෙයි. එසේම විශ්ව විද්‍යාල කාන්තා පක්ෂයෙන් පිරී ගොස් අද සමහර අංශ හා පීඨවල සමහර විෂයයන් හදාරන්නේ තනිකරම කාන්තාවන් පමණි. ඔවුන් රැකියා වෙළඳපොලට ගොස් වසරක් දෙකක් රැකියාව කර ඉන්පසු විවාහ වී දරුවන් හදන්නට ගෙදර නැවතෙති. එයින් පිරිමි අයෙකුට තිබූ අධ්‍යාපන අවස්ථාවක් පැහැර ගිය අතර රැකියාවට ද නැවතත් කෙනෙක් පුහුණු කරවන්නට වෙයි. මෙයින් සමාජය ඉදිරියට නොව පස්සට යයි.

පහසුවෙන් යමක් ලැබෙන විට උත්සාහයක් අවශ්‍යය ද? තව තවත් පහසු කරවීමේ අවසානය කුමක් වෙයි ද? ලකුණු මත නොව ආදායම මත යයි අධ්‍යාපන අවස්ථා තීරණය වුවහොත් දුෂ්කර පළාත්, ගුරු හිඟය, ලිංගය, සුළු ජාතිය, අංග විකලත්වය යනාදී මෙකී නොකී සාධක තෝරා ගන්නට වෙයි. අවසානයේ දක්ෂයාගේ දක්ෂ බවට අපි කිසිත් උදව්වක් නොකරමු. වැදගැම්මක් නොදෙමු.

නිදහස් අධ්‍යාපනය යයි කියා උදම් අනින ලාංකික අධ්‍යාපන ප්‍රතිපත්ති අද අනුගමනය කරන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවට නොමිලේ දෙන බාල අධ්‍යාපන ක්‍රමයකට දරුවන් යොමු කරවීම ද? රටේ උපාධිධාරීන්ගේ රැකියා හිඟය මකා දමන්නට ඉංග්‍රිසි දැනුම ලබා දී හැකිතරම් ඉගෙනීමට කැමති පුරවැසියෝ බහුතරයක් ඉන්නා රටකින් ලෝකයට උගතුන් බිහි කරනවා වෙනුවට අපි ආපස්සට යන්නේ කුමන හේතුවක් අරබයා ද?

ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල, රජයේ හා පුද්ගලික ආයතන “සහතික ප්‍රතිපත්ති” (a‍ffirmative action) නොහොත් අඩු ප්‍රමාණයකින් සමාජය නියෝජනය කරන අයට මුල් තැන දීම තවමත් කරගෙන යති. එය ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බලන්නේ විවිධ වූ ර‍ජයේ දෙපාර්තමේන්තු තුලින් දියත් කරන රෙගුලාසි වලිනි.

අද ඇමෙරිකාවේ රැකියා කරන වැසියෝ වැඩි කොටස වයස අවුරුදු 40 ට ආසන්න හා ඊට වැඩි වයසින් යුතුය. “සහතික ප්‍රතිපත්ති” ලබා ඉදිරියට එන තරුණ අය සොයන්නේ පහසු හා ආදායම් වැඩි රැකියාය. සමාජය නියෝජනය කරන වැඩි කොට්ඨාශයක “නිදහස” කාබාසීනියා කර දැමූ “දේශපාලන නිවැරදි” විද්වතුන් මෙය නොදකිති.

අද අනෙකුත් වේගයෙන් දියුණුවන ආසියානු රටවල් මෙන්ම කැනඩාවට හා ඇමෙරිකාවට බොහෝ සෙයින් තාක්ෂණික හා කර්මාන්ත කුසලතා හැකි සේවකයෝ මෙන්ම සෞඛ්‍ය සේවයට ද පිරිස් අවශ්‍ය වී ඇත. ඉංග්‍රීසි කතාබහට හැකි උගත්, කුසලතා ඇත්තෝට තම සේවය අවශ්‍ය රටවල් වලට වැඩි වැඩියෙන් සංක්‍රමණය වන්නට පහසුය. එහෙත් ඇමෙරිකාවේ දේශපාලන නිවැරදිබව අගයන්නෝ කතාබහට ලක්කරන්නේ මෙක්සිකෝවෙන් පැන එන කුසලතා නැති කම්කරුවන්ගේ අයිතීන් ගැනය. කුසලතා සැපයිය හැකි උගතුන් බිහි කරත හැකි ලංකාව වැනි රටක් ලබාදෙන අධ්‍යාපනයේත් තත්වය වැඩි දියුණු කරනවා වෙනුවට මර්ධනය කරන්නට යයි. කාට නම් කියන්න ද?

අතීතයක දී ඇමෙරිකන් ක්‍රීඩා පිටිය සුදු හම ඇති අයට පමණක් වෙන්වුණි. ජනතාවගේ ගල් මුල් පහරින් බේරාගෙන, රැකවරණ ලබා දී කළු හම ඇති අයව ක්‍රීඩා ලෝකයට වැද්ද ගන්නට ක්‍රීඩා ලෝකයේම වූ සුදු හම ඇත්තෝ වෙහෙස වූහ. එතැන් පටන් ක්‍රීඩා ලෝකය නිදහස් තරඟයකින් පැවතිණ. අද නැවතත් ක්‍රීඩා ලෝකයට ද දේශපාලන නිවැරදිබව රිංගා ඇත.

විම්බල්ඩන් නම් මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ටෙනිස් තරඟාවලියයි. එහි ක්‍රීඩා කරන ඇමෙරිකන් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අඩු ප්‍රමාණය ගැන ටෙනිස් සංගමයේ නිලධාරින් හා මාධ්‍යවේදීන් අතර කතාබහක් පැවතිණ. පසුගිය දශකය තුල ඇමෙරිකන් ටෙනිස් සංගමය පැවත්වන ලද ක්‍රිඩාව දියුණු කිරීමේ වැඩමුළු මෙතැන දී සිහියට නැ‍ඟේ. ඒවා බොහොමයක් පැවැත්වූයේ ටෙනිස් ක්‍රීඩාවට දක්ෂකම් දැක්වූවන්ට නොව ජාතිය හා සමාජ තත්වය සලකා බැලීමෙන් පසුවය. එහි දී සිද්ධ වන්නේ සුදුස්සාට සුදුසු තැන නොව තෝරා බේරා ගත් පාලකයෝ විසින් දේශපාලන නිවැරදි බවෙන් යුතු යයි සිතන පිරිසකට තැන ලැබීමයි. ඊට කදිම නිදසුන වූයේ 2009 විවෘත ටෙනිස් තරඟාවලියේ දී සමයේ දේශපාලනික නිවැරදිබව පෙන්වීමට පොන්චෝ ගොන්සාලේස් නැමති හිස්පැනික් ජාතික ඇමෙරිකන් පුරවැසි ටෙනිස් ක්‍රීඩකයාගේ නමට තිළිණයක් පිරිනැමීමය. එහෙත් දේශපාලනික නිවැරදිබව පුන පුනා පවසන මාධ්‍යවේදියෝ විසින්ම ආර්ජන්ටීනාවෙන් පැමිණ තරඟාවලියේ ජය අත්පත් කරගත් Juan Martin del Potro විසින් සිය ස්තූති කතාව ස්පාඤ්ඤ භාෂාවෙන් පවත්වන්නට තැත දරද්දී ඔහුව විකාශනයෙන් කපා හැරියේය!

සෙරීනා හා වීනස් නැමති විලියම්ස් සහෝදරියන් දෙදෙනා කාන්තාවන් වුව ද, කළු හම ඇති අය වුව ද ඔවුන් ඇමෙරිකන් ටෙනිස් බලධාරීන් වෙතින්, ඇමෙරිකන් මාධ්‍යය වෙතින් හා දේශපාලන නිවැරදිබව අගයන ඇමෙරිකන් සමාජය වෙතින් වැඩි කැමැත්තක් නොලබති. මන්ද ඔවුන් දේශපාලන නිවැරදිබව ප්‍රතික්ෂේප කරන හෙයිනි. ඔවුන් පාරම්පරික ටෙනිස් හැදියාවෙන් බැහැර වූහ. ඇමෙරිකන් ටෙනිස් සංගමය විසින් තීරණය කරන ලද පුළුල් වූ තරඟාවලියක තරඟ කිරීම වෙනුවට ඔවුන් ඔස්ට්‍රේලියානු, ප්‍රංශ, විම්බල්ඩන් හා ඇමෙරිකන් මහා තරඟ වලටත් වැඩියෙන් මුදල් ලැබෙන තරඟවලටත් පමණක් සහභාගී වෙති. තමන්ගේ කළුහම නිසා කිසිත් විශේෂත්වයක් බලාපොරොත්තු‍ නොවෙති. දේශපාලන නිවැරදිබව අගයන්නෝට එය දිරවන්නෙ නැතිකම ඔවුන් දෙදෙනා නොසලකති.

බරාක් ඔබාමා කළු හම කියා පුනා දක්වමින් ජනාධිපතිවරණය දිනුවත් සෙරීනා විලියම්ස් ඇමෙරිකන් තරඟාවලියේ අවසන් තරඟයට ඉදිරිපත් වෙද්දී එය බලන්නට නොගියේය. එදා සෙරීනාගේ කටින් පිට වූ අසික්කිත වදන් නිසා නොගිය එකම හොඳ යයි කෙනෙක් කියන්නට ඉඩ ඇත! එහෙත් එංගලන්තයේ මහරැජිනට නම් තම රටවැසියාගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන පක්ෂපාතීත්වයක් ඇත. ඇය මහත් කාලයක නිහැඬියාවකින් පසු (1977 ට පසු) Andy Murray නම් වූ තම (ස්කොට් ජාතික) රටවැසියාගේ තරඟය නරඹන්නට ගියාය. 1936 න් පසුව විම්බල්ඩන් තරඟාවලියේ ජය එංගලන්ත වැසියෙක් අත් කරගෙන නැත. ඇන්ඩි එංගලන්තයට ජය ගෙන දුන්නොත් සතුටු වූවද අපේ ඇන්ඩි දිනුවොත් ඊට වඩා සතුටු වෙමි. අපේ ඇන්ඩි කිව්වෙ Andy Roddick ටය. ඔහු අවුරුදු 17 දී මා හා සංවාදයක් ගෙනයමින් ටෙනිස් තරඟයක ක්‍රීඩා කර අවසන් තරඟයෙන් පැරදුනේය. මා හා කතා කරමින් යයි කිව්වේ මා ටෙනිස් පිටියේ අසුන් ගෙන සිටියේ ඔහු සිටගත් තැනින් වීමය. හැම ලකුණක් අවසානයේම නරඹන්නෝ සමඟ දොඩවන ගතිය එදා ඔහුට විය.

කළු හම නිසා කරන දේශපාලන නිවැරදිබව ගැනත් මගේ ටෙනිස් අත්දැකීම් වලින්ම තවත් කතාවක් මේ. මෙවර විම්බල්ඩන් මුල් තරඟවටයකින්ම පැරදී ගිය James Blake ද තරඟ කරද්දී මා ඔහු ළඟින්ම අසුන්ගෙන සිටියෙමි. එදා ජේම්ස් කවුදැයි කවුරුත් දැන නොසිටියහ. පොඩි පිරිසකින් වූ නරඹන අය අතර සිටි කළු හම වූ එකම පුද්ගලයා මා විය. මා ඔහුගේ ජය ලකුණු සඳහා අත් පොළසන් දෙද්දී මා වෙත හැරුණු සුදු හම ඇති අයෙක් “ඔබගේ සැමියා ඉතා හොඳින් සෙල්ලම් කරනවා” යයි පැවසීය!

19 Responses

Subscribe to comments with RSS.

  1. කොලූ said, on ජූනි 25, 2010 at 5:04 ප.ව.

    It doesn’t feel like, at least to me, the most fitting Sinhala world for “political correctness” is “දේශපාලන නිවැරදිබව”. It doesn’t have the negative smell it should come with. Taboo and Anadawardana often bake delicious new words, it would be entirely useful if one them or any other blessed personal come up with a bit more charming word for this.

    I love Chimpanzees, Namal Rajapaksha and politically correctness. They are not entirely useless, but often funny. Specially when a panel of clergies in deferent robs discuss peace, kindness and harmony with slimy politically correctness drooling all around, while all of their teachings and maliciously declare supremacy against other and many other ungodly things poring all over. Isn’t it hilarious?

    Those dishonest compassion and sincere lies are part of our day to day life. We may say “Aubowan” while we absolutely do not care how that person live or die or one may offer position to a minority student while he or she do not really care about that group or one may write “he or she”, instead “he”, because it is the politically correct thing to do. Even though fake actions undoubtedly bring fake results, pretend kindness toward a minority is much better than downright hatred.

    • arunishapiro said, on ජූනි 29, 2010 at 9:13 ප.ව.

      කොලූ, කමෙන්ට් එක කියවද්දි මතක් වුණා චැපල් හිල් නෝර්ත් කැරලයිනා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ගැන. මිනිස්සු තමන් විශ්වාස කරන හරි වැරදි ගැන තමන්ටම ඇති සංවේදිත බව මත යමක් කරද්දි ඒ අයගෙ සිතට දැනෙන ආකාරයටත් හැසිරෙන ආකාරයටත් එය බලපානවා. වෙන කවුරුන් හරි වැරදි වැඩක් කරන්න තමන්ව පොළඹවද්දි පසුව තවත් වැරදි වැඩ කරන්න හිත පෙළඹෙනවළු. http://www.economist.com/node/16422414

  2. පියරු බබා said, on ජූනි 27, 2010 at 2:09 පෙ.ව.

    මේක Libertarian Textbook එකකින් ගත්තු කොටසක පරිවර්තනයක්ද? 🙂

    Libertarian දර්ශනවාදයෙන් වැඩකට ඇති යමක් කරන්න පුලුවන් යුටෝපීය මනඃකල්පිත ලෝක වලට විතරයි. ඒකෙන් සමාජයේ ගැටලු වලට කිසිම ප්‍රායෝගික විසඳුමක් දෙන්න බැහැ. Rand Paul ට Rachel Maddow ඉස්සරහ කට උත්තර නැති වෙච්ච හැටි ඔයා දකින්න ඇතිනෙ? (http://maddowblog.msnbc.msn.com/_news/2010/05/20/4313688-rand-paul-on-maddow-fallout-begins)

    Tea Partiers ලගෙ ගොංකං ගැන නම් ඉතින් අමුතුවෙන් කතා කරන්න ඔනෙ නැහැ.

    ඔයා මේ American politics ඒවාට අදාළ context එකෙන් පිටතට අරගෙන කළවම් කරල ලංකාවෙ අයට කියවන්න දෙන්නෙ නැතුව යමක් පිලිවෙළකට ලියන්න.

    • arunishapiro said, on ජූනි 29, 2010 at 9:28 ප.ව.

      පියරු බබා, පරිවර්තන කොටස පිටු අංක සමඟින් ලියා ඇත. එසේ “… ” නැති කොටස් පරිවර්තන නොවන්නේය.

      මෙය දර්ශනය හා මනෝවිද්‍යාව ගැන ලියන බ්ලොග් එකක්නෙ. ප්‍රායෝගික විසඳුම් දෙන්න බැහැයි කියලා හිතන්නෙ හිතන්න පුරුද්ද නැති අයයි. මම සාකච්ඡා කරන ලිබටේරියන්වාදය රොබට් නෝසික් ඉදිරිපත් කරන ලද දර්ශනය පසුබිම් කරගත්තක්. මෙතැනින් වැඩි විස්තර https://arunishapiro.wordpress.com/?s=%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8A

      මාධ්‍ය ආයතන සියල්ලම තමන්ගේ සංවාද, ප්‍රවෘත්ති හා වැඩසටහන් පවත්වන්නේ ඔවුන් විසින් තීරණය කරන ලද අරමුණු ඉලක්ක කරගෙනය.

      තේ පාටි සංවිධානය රොබට් නෝසික් ගැන සඳහනක් නොකරති. මන්ද තේ පාටි සංවිධානයත් බලයට කෑදරකමක් පෙන්වන විලාසයක් අරගෙන ඇති නිසාය.

      මගේ බ්ලොග් එක නිසා මට ඕනෑම context එකක් ඇතුලත හෝ පිටත ලිවීමේ අයිතිය ඇත්තෙමි. කියවන්න කැමැත්තක් නැත්තම් ඉතින් අර දකුණු කෙළවරේ ඉහළ තියන x කොටන්න. ආවාට ස්තූතියි.

  3. kevin perera said, on ජූනි 28, 2010 at 3:00 ප.ව.

    අරුණි ශපීරෝ‍ ලියන ලිපි වැනි ලිපි වැනි ලිපි පෙලක් කලකට පෙර ලියනගේ අමරකීර්ති විසින් ලක්බිම පුචත් පතට “ඇමරිකාවේ සිට ලියමි” නමින් ලිවීය. ‍එකල කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාල් රංජිත් දේචසිරි එම ලිපි ගැන කරන ලද විවේචනය අරුණිට ද ගැලපේ. අරුණිගේ ලිපිවල ඇති ඇමරිකාව ගැන කියවීමෙන් වදුරන් මෙන් එල්ලී ප්‍රයිවෙට් බස්වල යන ලාංකිකයාගේ ජීවිත වලට වන යහපතක් නැත. ඇයගේ දැනුමෙන් ලාංකිකයාගේ ජීවිත වලට යහපතක් වන අන්දමේ යමක් දීමට නැණ පහල වේවායී පතමි.

    • arunishapiro said, on ජූනි 29, 2010 at 10:03 ප.ව.

      kevin perera, අමෙරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාගෙන් ඉවත් වුනේ 1776 දීය. ලංකාව ජනතා කැමැත්තෙන් පාලනය වන නිදහස් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ කොයි වසරේ ද?

      ඇමෙරිකාව පෝලියෝ එන්නත, දුරකතනය, වයර්ලස් ෆෝනය, රූපවාහිනිය ලොවට ප්‍රදානය කළ පසු ලංකාවේ “වඳුරන් මෙන් එල්ලී ප්‍රයිවට් බස්වල යන ලාංකිකයෝ” එය මනාව ප්‍රයෝජනයට ගනිති. මේ දිනවල නම් එන්නත්වලටත් බයෙන් ඉන්නවා යයි ආරංචිය. බාල බඩු බාල බව නොදන්නා නිසාය.

      ඇමෙරිකාවේ ලෙඩ හැම එකක්ම බාර ගන්න හොඳ නැත. එහෙත් වැඩකට ඇති දේවල් දැක දැක ඒවා ප්‍රතික්ෂේප කරමින් වැඩකට නැති දේවල් වලට (සුපර් ස්ටාර්ස්ලා වැනි) වඩා කෑදරයෙන් හා පෝලිම් ගැසී ගොස් රැල්ලට හසුවන ආකාරය නම් වටහා ගැනීමට නැණ පහළ වේවායි පතමි.

      • kevin perera said, on ජූනි 30, 2010 at 1:51 ප.ව.

        මිනිස් නිෂ්පාදන ක්‍රියාවලියට roots නොමැතිව,දියුණු සංකීර්ණ නිෂ්පාදිත බඩු භාණ්ඩ import වී උඩින් පහල වූ විට, නිෂ්පාදන ක්‍රියාවලියට බුද්ධිමය ශ්‍රමයෙන් හෝ කායික ශ්‍රමයෙන් දායක නොවූ මිනිසුන්ට , මේ බඩු use කල පමණින් මේ බඩු නිෂ්පාදනය කරන රටවලට අදාල දියුණු මනස,එහි සමාජ සංස්කෘතික ලක්ෂණ,සංකල්ප උකහා ගත නොහැක. මහාරාජා ඇමරිකන් සංස්කෘතික පාරිබෝගික භාණ්ඩයක් වූ American Idol සුපර් ස්ටාර් කරල import කරල “වඳුරන් මෙන් එල්ලී ප්‍රයිවට් බස්වල යන ලාංකිකයන්ගෙ” ඔළු උඩට අත අරිනව. එයාගෙ ප්‍රාග්ධනය,වත්කම් ඉහල යනව. ඔයා ඇමරිකාවෙ ඉදන් ඇමරිකන් සමාජ සංස්කෘතික ලක්ෂණ,සංකල්ප,දේශපාලණය බ්ලොග් කියවන ලාංකිකයන්ගෙ ඔළු උඩට export කරනව ඔයාගෙ සංකේත ප්‍රාග්ධනය,සංකේත බලය,සංකේත වටිනාකම ඉහල යනව.(අවශ්‍ය නම් අනාගතයේදී මේ symbolic values මුදල් කල හැක) ඔයාට ලිවීමෙන් මානසික තෘප්තියකුත් ලැබෙනව.මහාරාජා හෝ ඔයා නිසා ලාංකිකයන්ට මොනවත් වෙන්නෙ නැහැ හෙටත් වඳුරන් මෙන් එල්ලීල ප්‍රයිවට් බස්වල යනව. ලංකාවට දේශපාලන නිවැරදිබව වගේ සංකල්ප, සුපර් ස්ටාර් වගේම තමයි අරුණි ඉතා අදේශපාලණිකයි. ලාංකිකයන්ගෙ life එක change කරන්නෙ නැහැ. මෙතෙන්දි මහාරාජා සහ ඔයා අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් විතරයි. එයා ප්‍රාග්ධනය එකතු කරනව ඔයා සංකේත ප්‍රාග්ධනය එකතු කරනව.
        http://en.wikipedia.org/wiki/Symbolic_capital

        • arunishapiro said, on ජූනි 30, 2010 at 3:46 ප.ව.

          kevin perera, දැන් මේ බ්ලොග් සටහන් කියවන ලංකාවේ ජීවත් නොවන ඇමෙරිකාවේ හා ලෝකයේ වෙනත් රටවල ද සිටිනා අයට කොහොම ද මේක බලපාන්නෙ?
          //අවශ්‍ය නම් අනාගතයේදී මේ symbolic values මුදල් කල හැක// මේ ගැනත් කියලා දුන්නා නම් මට වගේම අනිත් බ්ලොග් ලියන අයටත් වැදගත් වේවි. ස්තූතියි.

  4. මුදිත said, on ජූනි 29, 2010 at 6:23 ප.ව.

    ඔබාම කලු හම කියන මාතෘකාව කථාකලේ එක වථාවයි. ඔහු ජනාධිපති කමට පත්වීමට එකම හේතුව කලු හම නොවන බව ඔබත් මමත් දන්නවා.

    සල්ලි තියන මිනිස්සු ලමයින්ව තමන්ට අවශ්‍ය පාසැල් වලට යවා බදු ගැන කථාකරනකොට මම උදේට කෝපි ගන්න තැන වැඩකරණ සුදු හම ඇති කෙල්ලට විශ්ව විද්‍යාලයට යන්න සල්ලි නැතුව ඒක ඒකතුකරගන්න පනීරා බ්‍රෙඩ් එකේ වැඩ. සාධාරණයයි අසාධාරණයයි දෙකම සාපෙක්ශයි නේද?

    • arunishapiro said, on ජූනි 29, 2010 at 9:50 ප.ව.

      මුදිත, ඔබාමා ජනාධිපතිකමට පත්වීමට ජෝර්ජ් බුෂ්ට තිබූ අප්‍රසාදයත් අනිත් පක්ෂයේ සුදුස්සෙකු නොවීමත් යනාදී හේතුවිය. නමුත් ඔබාමාට චන්දය දුන් අය එසේ චන්දය දුන්නේ කළුහමටය, වෙනසකටය. ඔබාමාට හෝ ජෝන් මැකේන්ට හෝ චන්දය නොදී ගෙදර සිටි අයත් ලිබටේරියන් පක්ෂයට චන්දය දුන් අයත් කළු හමට පමණක් කියා චන්දය දෙන්නට අකමැති අය වූහ. මට කළු ජාතිකයන් සමඟ අමනාපයක් නැත. එහෙත් ඔබාමා නිසා වඩා සුදුසු කළු ජාතිකයෙකුට හෝ තවත් සුළු ජාතිකයෙකුට මෙරටේ ජනාධිපතිවරයෙකු වීමේ අවස්ථාව ලැබීම මඟහැරී ගියේ යයි අසතුටක් ඇත. අද වනතුරු ඔබාමා ජනාධිපතිවරයා විසින් කරන ලද සියල්ලෙන් එකඟ වන එකම කටයුත්ත මැක්ක්‍රිස්ටල්ව නිලයෙන් පහ කිරීමයි.

      //සුදු හම ඇති කෙල්ලට විශ්ව විද්‍යාලයට යන්න සල්ලි නැතුව ඒක ඒකතුකරගන්න පනීරා බ්‍රෙඩ් එකේ වැඩ// මේකම තමයි මමත් විභාග කරන්නෙ. ඇයගේ හම කළු වුනා නම් හෝ ඇය ස්වදේශීය ඉන්දියානුවෙක් වූවා නම් ඇයට ශිෂ්‍යත්වයක් අනිවාර්යයි. ලකුණු මත නොව තවත් පිරිසක් විසින් තීරණය කරන (කාලයෙන් කාලයට වෙනස්වන) මෙවැනි ප්‍රතිපත්ති ගැන කතා කරද්දි සාධාරණ හෝ අසාධාරණ බව සාපේක්ෂ යයි කිව නොහැකියි. වැරැද්දේ මුල එතැනයි. කියවන්න https://arunishapiro.wordpress.com/2010/05/17/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92-%e0%b7%84%e0%b7%93%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%b8/

      සල්ලි තිබිම හෝ නොතිබීම අධ්‍යාපනයට සුදුසුකමක් වීමේ ඵලවිපාක ලංකාවේ, කැනඩාවේ හා ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතනවල කාලයක් සිටි නිසා මැනවින් දනිමි. ඒ ගැන එක බ්ලොග් සටහනකින් හෝ පිළිතුරු ප්‍රතිචාරයකින් ‍විස්තර කරන්නට ගියොත් දැම්ම බ්ලොග් සටහනටත් වඩා වටහා ගන්නට අපහසුවන අච්චාරුවක් වනවා නිසැකයි. කියවන්න https://arunishapiro.wordpress.com/2010/01/22/%e0%b6%87%e0%b6%9a%e0%b6%a9%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f%e0%b6%af%e0%b6%ba/#comments

  5. මුදිත said, on ජූනි 30, 2010 at 7:05 ප.ව.

    ඔබාමට කලු හමට චන්දය දෙන්න නම් සුදු මිනිසුන්ගේ කොයිතරම් දුරට guilt එකක් තියෙන්න ඇත්ද? මිලියන් 10ක් විතර margin එකක් ලැබුනනේ.

    ලංකාවේ විද්‍යා හා තාක්ෂනික ඇමති තුමා කියලා තිබුනා නාසා (NASA) එකේ විද්‍යාඥයෝ 2600 කින් 200 ගානක්ම ශ්‍රි ලාංකිකයෝ කියලා. ඒ වාගේම IBM, Microsoft, pharmaceutical companies, සියල්ලක්ම වාගේ දුවන්නේ පාට සහිත හමක් තියෙන මිනිස්සු නිසා. ඔබ කියන විධියට සුදු මිනිස්සුන්ගේ තැන් ඔවුන් ගත්ත නිසා වෙන්න ඇති.

    ස්වදේශිය ඉන්දියානුවන්ට ලැබෙන දේවල් ගැන කථා කරන්න කලින් ඔවුන්ගේ reservation එහෙකට ගිහින් බලන්න. ඔවුන් ජීවත්වුනු ඉඩ කඩම් ඔවුන්ව මරල එලවල දාල ගත්ත මිනිස්සු අද ඔවුන්ට ලැබෙන දේවල් ගැනකථා කරනකොට අහන්න ආසායි.

  6. මුදිත said, on ජූලි 1, 2010 at 11:38 පෙ.ව.

    To tell you the truth, I am a Sri Lankan Scientist working in the USA. I have never encountered any problems in Science because I am an Asian. You are deflecting my point as you already have a preconceived view of the world. Compared to black people and a native Americans, I have not suffered even a 0.000001%. I lived in Arizona for 7 years and I have met, talked to and visited with the native Americans. I never said any thing about the Jews in Germany and I know they suffered and now they make Muslims in the middle east suffer too. Just don’t look at one side of the story.

    To get back to my original point, lots of American companies employ brown skinned Indians, yellow skinned Chinese. Without them they would not survive, they would not be able to do what they do. If there was no affirmative action, those people would not have gotten where they are. Then we can only assume where those American companies would be.

    Seriously you think Obama got elected because of the guilt? You should watch something other than Fox news. Not MSNBC but something really fair and balance if such a thing exist. Recently, a congressman apologized and some other congressmen and women criticized the escrow fund set up by BP to help the lives of people they managed to screw up. I am not saying the government was clean in this but at the end of the day BP screwed up. They listed a dead scientist (has been dead for 5 years) as the emergency contact (not only BP all the other oil companies) in case of a catastrophe like this. That’s what the free market/non-regulated industries do. You want them to get more freedom. May be you should talk to more scientists and find out what’s in your food, water, etc. because free market is only driven by greed and profits.

    • arunishapiro said, on ජූලි 1, 2010 at 11:05 ප.ව.

      මුදිත, //To tell you the truth,// ඒ කියන්නේ එහෙම නොකියන විට කියන්නෙ බොරු ද?!

      විද්‍යාඥයෙක් බව දැනගන්න ලැබීම සතුටක්. සාර්ථක ප්‍රතිඵල ඔබට වැඩි වැඩියෙන් ලැබේවා යයි ආශීර්වාද කරමි!

      ආසියානුවෙක් වීම නිසා විද්‍යාවේ ගැටළුවක් ඇතිවිය නොහැක. ඇමෙරිකන් පුරවැසියෙක් ආසියානුවෙක් වීම නිසා විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේ දී අවාසි ඇතිබව මම කියන්නක් නොව විශ්ව විද්‍යාලයකට ප්‍රථම උපාධියකට ඉල්ල්‍රම් කිරීමේ දී පැහැදිලිව පෙනෙන දත්තයකි. බොහෝ ඇමෙරිකන් විශ්ව විද්‍යාලවල බෙව් අඩවි වෙත ගොස් බලන්න. ඒවායෙහි හදාරන ශිෂ්‍ය පිරිස නියෝජනය වන ආකාරයේ ප්‍රතිශතය දක්වා ඇත්තේ ඇයිදැයි දන්නවා ද? මා දුන් පිළිතුරෙහි දැමූ ලින්ක්ස් සොයා බැලුවා නම් ආසියානු ඇමෙරිකානුවන්ට ඇකඩමියාවේ වන අසාධාරණය මගේ තනි මතයක් නොව දත්ත වලින් ඔප්පු කරත හැකි සාධකයක් බව පෙනී යනු නිසැකයි. මම ඇමෙරිකාවට පය ගසා Adjunct Pro‍fessor පදවියක් ලෙසින් මුල්ම රැකියාව ආරම්භ කළේ 1989 දීය. එදා සිට අද දක්වා මට ද හමේ පාට නිසා කිසිදු හිරිහැරයක් සිද්ධ වී නැත. නමුත් ඔබත් මමත් දෙදෙනා ඇතුල් වන්නේ ප්‍රථම උපාධි මට්ටමින් නොව පශ්චාත් උපාධි මට්ටමකින් නේද? එතැන තරඟය ප්‍රථම උපාධියකට වඩා බෙහෙවින් මඳය. ඇමෙරිකන් පුරවැසිබව ඇති අයට සුදුහම ඇති අය හා අනිකුත් සුළු ජාතිකයන් අතර ශිෂ්‍යත්ව පිණිස තරඟ වදින්නට ද, පිටරටින් මුදල් ගෙවා එන ආසියානුවාට එම ශිෂ්‍යත්ව හා තරඟ වදින්නට ද සිද්ධ නොවේ. ඊ ළඟට අතුරු ප්‍රශ්නයක් නඟන්නම්, ඇමෙරිකානු පුරවැසියෙකුගේ ජාතික බව (කළු, හිස්පැනික්, ආසියානු යනාදි වශයෙන්) තීරණය වන්නේ කෙසේද? මවගේ ජාතිය ද, පියාගේ ජාතිය ද? ඔබ දන්නවා ද?

      ජර්මානු හා යුදෙව්වන් ගැන ඔබ කිව්වා යයි මම ද නොකිව්වෙමි. සමහර අය එහෙමත් කියනවා කියන බව සඳහන් කළෙමි.

      ලෝකය ගැන කළින් තීරණය කරන ලද මතයක් මට නැත. ඇරුණු මනසකින් සිදුවන පෙරළිය හඳුනා ගන්නට හා වටහා ගන්නට නිතර වෑයම් දරනවා පමණි.

      මගේ කළින් ලිපි කියවන්නට ආරාධනා කරමි. එවිට //you should talk to more scientists// වැනි නොදැන මට දෝෂාරෝපණ එල්ල කිරීම ඔබ අතින් සිදු නොවනු ඇත්ද? මම රූපවාහිනිය නැරඹීම ක්‍රීඩා තරඟවලට පමණක් සීමා කර ඇත. ඉඳහිට Pew Charitable Trust පැත්තේ ද එසේම Heritage Foundation පැත්තේ ද ගොස් විද්වතුන් යයි කියාගන්නා අය ඉදිරිපත් කරන මත විමසමි. සමීක්ෂණ ගැන සොයා බැලීමට Rasmussen වෙත ද Gallup වෙත ද යන්නෙමි. ප්‍රවෘත්ති හා ජනමත දැන ගැනීමට මා යන්නේ BBC World Service; National Public Radio (NPR); New York Times; The Washington Post; Rush Limbaugh Radio (can’t find equally provocative left radio!); Reuters News Agency; Associated Press (AP) වෙතටය. The Economist සඟරාව කාලයකට ඉහත දකුණට බර වුවත් අද දිනයේ වමට තරමක් බරය. ඒ ලෝක සමාජයේ පිළිබිඹුවකි. එය මගේ ප්‍රියතම සඟරාවයි. සමහර විට මගේ කළින් ලිපි කියවා බලා ඇත්නම් මා නිතර සම්බන්ධ කරන තොරතුරු හා මූලාශ්‍රයන් දකුණට හෝ වමට ආවඩන තැන් නොවන බව ඔබට ද දැනගන්නට හැකිවන්නේය.

      ලෝකය වටහා ගන්නට මා හදාරා ඇති නිර්මාණ අතර Karl Marx, The Communist Manifesto; Adams Smith, The Wealth of Nations; Friedrich Nietzche, The Birth of Tragedy from the Spirit of Music, Dante Alighieri, The Inferno (book not the video game!); Ayn Rand, Atllas Shrugged; Dinesh D’Souza, Illiberal Education; C. Vann Woodward, Freedom & the Universities (the New York Review of Books Vol 38. No 13. July 18, 1991); වෙති. වම වේවා දකුණ වේවා තර්කානුකූලව (මඩ පහර එල්ල කරන්නට නොව) යමක් යම් අයෙක් ලියා ඇත්නම් මම ඒවා කියවමි.

  7. මුදිත said, on ජූලි 2, 2010 at 1:34 පෙ.ව.

    මම ඔබට දෝශාරෝපණ වන ආකාරයට ලිවීම ගැන කනගා‍ටු වෙමි. නමුත් ෆොක්ස් ප්‍රවෘත්ති අඩවියෙන් කියවෙන දෝශාරොපණයක් වන ඔබාමා කලු හම නිසා පත්වූ බව ඔබද කියන නිසාවෙන් මට එසේ සිතිනි. නමුත් රෂ් ලිම්බාද විශාල වෙනසක් නැත. ඔහු කියන සමහර දේ ඉතාමත් ජාති වාදීය. මමද සමහර විටක එම වැඩ සටහ අසමි. නමුත් අවුරුදු 8ක් තිස්සේ බුශ් ඇමරිකාව විනාශ මුඛයට ඇදගෙන යන විට මේ මිනිසුන් කොහේ සිටියාදැයි මම නොදමි. ජොන් ස්‍ටුවර්ට් ගේ ඩේලි ශෝ එක සමහර දේ තර්කානුකූලව ඉදිරි පත්කරනවා. ඔහු විහිලු කරුවෙකු වූවත් ප්‍රයොජනවත් දේ ගත හැකියි. සමහරුන් කියනා පරිදි ඔබාමා දෙවි කෙනෙක් ලෙස මම නොසිතමි. අවුරුදු 8ක් බුශ්ට රට කන්න දුන් මිනිසුන් ඔබමාට අවුරුදු 2ක් යන්නට කලින් කියනාදේ විහිලු ජනකයැයි මට සිතේ. ඔබට අපහාස වන පරිදි මා යමක් කිව්වානම් සමාව අයදිමි. මෙම බ්ලොග් අඩවියේ සමහර දේ මම ඉතා ආශාවෙන් කියවා ඇත.

    මේ ජොන් ස්‍ටුවර්ට් ලින්ක්ස් දෙක බලන්න

    http://www.thedailyshow.com/watch/mon-june-21-2010/day-62—the-strife-aquatic?xrs=share_copy

    http://www.thedailyshow.com/watch/tue-june-15-2010/respect-my-authoritah?xrs=share_copy

  8. […] බ්ලොග් සටහනක දැමූ ප්‍රතිචාරය අනුව ස‍ංකේත ප්‍රාග්ධනය උපයන කතාව පැහැදිලි කරන තෙක් බලාගෙන […]

  9. නවීන් said, on ජූලි 25, 2010 at 6:30 පෙ.ව.

    http://bit.ly/cYPiso මෙන්න ඔබට විරුද්ධව බ්ලොග් සටහනක් මෙකේ ඇත්ත නැත්ත පහදලා බ්ලොග් පොස්ට් එකක් දාන්න… නැත්නම් ඉතින් අපිට එක් පැත්තක ප්‍රතිචාර වලට ඇහුන්කන් දෙන්න වේවි..

  10. Krishna Ramanayaka said, on අගෝස්තු 1, 2014 at 2:42 පෙ.ව.

    අදාල බ්ලොග් සටහන කියවීමි අරුනිගේ පුද්ගලික කුණු මට වැඩක් නැත ඇය ඉදිරිපත් කරන සංකල්ප වල ගැටලු පිළිබඳ කතා කිරීම වැදගත්ය.

    • arunishapiro said, on අගෝස්තු 1, 2014 at 7:08 පෙ.ව.

      Krishna Ramanayaka,

      කාල් මාක්ස් ලෝකෙට කරපු වින්නැහිය අද බහුතරයක් තමන් මාක්ස්වාදියෙක් බව ප්‍රතික්ෂේප කරමින් ඒත් කරපින්නාගෙන යන මාක්ස්වාදය නම් අවුල ඉදිරිපත් කිරීම විතරක් නෙමෙයි. ඔහු ජීවත්ව සිටි කාලයේ දී තමන්ගේ අදහස් වලට එරෙහි අයව පුද්ගලික හාස්‍යයට ලක් කිරීමෙන් ඔහු තමන්ගේ න්‍යායේ දුර්වලතා ඇතැයි සංවාදයෙන් මඟහැරිය. මේ හැදියාව තවමත් මාක්ස්වාදී අයත් තමන් මාක්ස්වාදී නොවේ යැයි කියන ඒත් මාක්ස්වාදී අදහස් වලින් පිරිච්ච අයත් කරන දෙයක්.

      ආර්ථිකයක් වැඩ කරන විදිය සත්‍ය ආකාරය හඳුනාගන්න කිසිත් උත්සාහයක් නැහැ. ඒක මෙහෙම වැඩ කරන්න නම් මෙහෙම සැලසුම් හදන්න පුළුවන් අය සිටිනවා යැයි විශ්වාස කරනවා. ඊට පස්සෙ ඒ සැලසුම් හදන්න දන්න තමන්ගෙ අංශයට මහජනයාගේ මුදල් මෙච්චරක් ලබාදිය යුතු යැයි අපේක්ෂා කරනවා.

      මගේ පුද්ගලික කුණු යැයි කියමින් ඒවා හෙළිකරන බව කියමින් ලියැවුණු බ්ලොග් සටහන් කාලයෙන් කාලයට දකින්නට ලැබේවි තව ඉස්සරහට කියවද්දී. ඒවායේ සබැඳි මගේ අඩවියේම දාන්න ඔවුනට අයිතියක් ඇතැයි සිතූ අයත් ඉන්නවා!!!!

      මෙතෙක් කවදාවත් සිංහලෙන් ලියැවී නැති මේ දේවල් මම ලියන නිසා විකල්ප කියමින් හැමදාම එකම විදියට හිතන අය වෙනුවට අලුත් විදියකට කල්පනා කරන්නට පෙළඹෙන අය බිහි වූවොත් අනුන්ගෙන් අරගෙන තව අයට බෙදන ක්‍රමයේ වාසි ලබන අයට රිදෙන බව නම් කදිමට පෙනෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: