අරුණි ශපීරෝ‍ වෙතින්

දානය, දානපතියා හා ධනවතා

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2010

ලෝකයේ ඇමෙරිකන් ඩොලර් මිලියනකට වඩා වත්කම ඇති අය (ලංකාවේ අය ද ඇතුළුව) අතේ පයේ ඇඟිලිවලට වඩා පෞද්ගලිකව දන්නා හඳුනන බව මෙම ලිපිය කියවා ඒ ගැන කල්පනා කරද්දී පෙනී ගියේය. ඒ බොහොමයක් අය තුලින් අද දිනයේ දිස්වන්නේ නුරුස්නා ගතියකි. මව්පිය උරුමයෙන් මෙන්ම තමන් විසින්ම උපයාගත් මුදලින් ධනවත් වූ‍වෝ මේ අය අතර සිටිති. දේශපාලනයෙන් ධනවත් වූවෝ ඒ සලකා බැලීමට ඇතුලත් නොමැත.

Dish Network පටන්ගත් Charlie Ergen ටෙනසි ප්‍රාන්තයේ Oak Ridge නගරයේ උපන් ටෙනසි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබුවෙකි. ඔහු සතු දේපළ අතර කොලරාඩෝ ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානයක් ආශ්‍රිතව බෝට්ටු තොටුපළක් විය. ෆෙඩරල් ආණ්ඩුව, ප්‍රාන්ත ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු මඟින් පරිසර රකින පිළිවෙත්, බදු පිළිවෙත් හා රෙගුලාසි වලින් පිරුණු නීති රීති මධ්‍යයේ ඔහු මේ බෝට්ටු තොටුපළ පවත්වාගෙන ගියේය. මෙම වසරේ මුල දී පාලකයෝ විසින් තවත් රෙගුලාසි දැඩි කිරීමක් සිදු කළහ. ඒ පරිසරය ආරක්ෂා කිරීමට නොව පැහැදිලිවම ධනවතාගෙන් වැඩි මුදලක් අය කරගැනීමටය. ධනවතා කළේ බෝට්ටු සියල්ලටම ඉවත් කරගන්නට ඒවා අයිතිකරුවන්ට කාලය දී තොටුපළ මුළුමනින්ම ගලවා ගෙන ඉවත්ව යාමය.

එයින් තොටුපළ ආශ්‍රිතව ආපනශාලා හා වෙනත් සේවා සැපයූ අයගේ ආදායම් නැතිව ගියේය. තොටුපළේ රැකියා නැතිව ගියේය. පළාතට, ප්‍රාන්තයට, හා ෆෙඩරල් ආණ්ඩුවට ද මෙතෙක් ලැබුණු බදු සියල්ල අහිමි විය.

ජාතික වනෝද්‍යානයේ ජලාශයේ ජලක්‍රීඩාවෙන් සතුටු වූයේ හා පරිසරයේ සුවය වින්ඳේ හුදෙක් ධනවතුන් පමණක් නොවේ. ධනවතා එය පවත්වාගෙන ගිය නිසා දුප්පත් අයට ද එම පහසුකම් වලින් ධනවතුන්ට වඩා අඩු වියදම් දරා ධනවතුන් හා සමාන පහසුකම්, සුවය හා සතුට ලබාගැනීමට හැකිවුණි.

ව්‍යවස්ථාදායකයෝ විමසා නොබලා දියත් කරන ලද තවත් ප්‍රතිපත්තියක් වූයේ රටේ අඩු ආදායම් ඇති අයට පහසුවෙන් නිවාස අයිතිය කීමට බැංකු ණය මුදල් ලබා දීමයි. මෙසේ අඩු ආදායම් ඇති අයට පහසු මට්ටමින් යුතු බැංකු ණය ලබා දිය හැක්කේ වැඩි ආදායම් ලබන අය මහත් දේපල බදු ගෙවන බැවිනි.

අනුන්ගේ වියදම් ද තමන් දරනා බව අවබෝධ වූ ධනවතුන් බොහොමයක් තමන් විසින් නඩත්තු කරන ලද අමතර නිවෙස් විකුණා දමන්නට විය. ඔවුන් ධනවත් නිසා පාඩු විඳගෙන නිවෙස් විකුණා දමත ද හැකිය. පළාත්, ප්‍රාන්ත හා ෆෙඩරල් බදු හා වෙනත් රෙගුලාසි වැඩි වෙද්දී ඔවුන් සිය අමතර ව්‍යාපාර ද වසා දැමූහ. අළුත් ව්‍යාපාර ආරම්භ නොකළහ.

දැන් වෙළඳපොලේ නිවෙස් අතිරික්තයකි. නිවෙස්වල වටිනාකම අඩුවෙද්දී අර ව්‍යාපාරයන් නැතිව යාම නිසා අඩු ආදායම් ඇති අයගේ රැකියාවන් ද නැතිවිය. සහන දීමනාවෙන් වුවද ගෙවත හැකි මුදල් ගෙවන්නට ඇති වත්කම් නැතිව ගියේය.

බදු ක්‍රමය නිසාම නිවෙස් මිලදී නොගන්නා අය ලෝකයේ වර්ධනය වන්නට පටන් ගෙනය. බදු නිසාම ව්‍යාපාර අරඹන්නට, ආයෝජනයට අදිමදි කරන අය වැඩිය. කන්නට බොන්නට හා ඉන්නට සෑහෙන පමණට පමණක් මුදල් හොයන්නට මෙයින් පුද්ගලයාව හැඩගැසේ. රටක පෞද්ගලික ව්‍යාපාර නැතිව ගියකල රැකියා අවස්ථා ලබාදීම රජයේ ඒකාධිකාරය වෙයි.

තණ්හාවට වතුපිටි හා මුදල් පොදි ගහන්නට, දේපල එක්රැස් කරගන්නට මිනිසා තුල වූ කැමැත්ත සුන්කරලන්නට සමත් වූයේ දානපතියෝ වීමෙන් දිව්‍යලෝකයට යනවා යයි කීම නොවෙයි. ආදායම් උපයන අයට, නිෂ්පාදනයේ නියුතු අයට තමන්ගේ උත්සාහය වෑයම නිසා ඇතිවන ප්‍රතිඵලය වන ලාභයෙන් කොටසක් කිසිත් නොකළ අයට ගෙවන්නට වන රෙගුලාසි පැනවිමය. කාර්යක්ෂම වූ නිෂ්පාදනය හා උත්සාහය අඩාල කරන වෙනත් ක්‍රියාවක් ලොව නොමැතිය.

දානය මනා යයි පිළිගැනීමක් ලොව ඇත. එසේ නම් හැම පුද්ගලයෙකුම දානපතියෙක් විය යුතු නොවේද?

“අපි දිව්‍යලෝකයට යන්නට කැමතිය එහෙත් අදම යන්නට කැමති නොවෙමු.” (මෙය සංගීත කණ්ඩයාමක් විසින් ගයන ලද ගීතයක් ද වෙයි.)

දානය මනා යයි පිළිගනිමු. එහෙනම් දන් දෙන්නට යයි නිතර නිතර මතක් කළ යුතු ද? දානපතියෙක් වන්නේ කෙසේද යන්න ගැන Giving -the sacred art, Creating a Li‍festyle o‍‍f Generosity, Lauren Tyler Wright (2008) වැනි පොත් පළවීම දානය ගැන අපට අමතක වී යාම නිසා සිද්ධ වූවක් ද? නැතහොත් “කවුරුන් හෝ පිරිසක් විසින්” තීරණය කරන ආයතනයකට, සංවිධානයකට, පංසලකට හෝ පල්ලියකට දානය ලබා ගැනීම පිණිස කියන්නක් ද?

ඔබ ලැබූ ජයක් නිසා තෑග්ගක් වශයෙන් රසකැවිල්ලක් ඔබට ලැබුණා යයි සිතන්න. එය තනිවම අනුභව කළ නොහැකි විශාල ප්‍රමාණයකි. ඔබ කැමති අයෙකුට ඉතිරිය දෙනවා ද නැතහොත් “පැත්තක සිටි කෙනෙක්” ඔබට න‍ියෝග කරන අයෙකුට ඉතිරිය දෙනවාද යන දෙකෙන් ඔබ වඩා ප්‍රිය කරන්නේ කුමක් ද?

ඇමෙරිකන් රජය විසින් කෙනෙකු උපයාගන්නා ලාභයන්ට වැඩි වැඩියෙන් බදු ගහද්දී රජය පිළිගත් දානමය පරිත්‍යාගවලට සහන ලබා දෙති. නුදුරු කාලයක දී මෙය නවතා දමන්නට අදහසක් මේ දිනවල කතාබහ වෙයි. මෙයින් සහන බෙදා දීමේ ඒකාධිකාරයක් ගොඩ නඟා ඇති රජයට දානපතියා වීමේ වරප්‍රසාදයටත් ඒකාධිපතියා වන්නට අවස්ථාව පෑදේ.

බදු සහන නොමැති වූ කළ ධනපතියා ධනය දානය කිරීමෙන් බැහැරව තම මුදල් වෙනත් දෙයට වියදම් කරනු ඇත. ආයෝජනයට නොව වියදම් කරන්නට යොමු කිරීමෙන් දිගුකාලීන යහපතක් රටක නැතිබැරි අයට සිද්ධ නොවේ. බලයෙන් ස්ථාපිත කරන යම් අරමුණකට පමණක් සීමා වූ නීති වලට වඩා තර්කානුකූලව වටහාගත හැකි පැහැදිලි සැමටම සමානාත්මතාවය වර්ධනය කරන පිළිවෙත් බුද්ධිමතා පිළිගනියි.

රජය විසින් තීරණය කර බෙදා දෙන “දානමය ඒකාධිපති” බවට අකමැති වන සමහර අයවළුන් තමන්ගේ ධනය කැමැත්තෙන්ම බෙදා දීමට තමන්ගේම වූ දානමය සංවිධානය ආරම්භ කරති. මිලියන 5 ක් ට්විටර් “යහළුවන්” ඉන්නා ජනප්‍රිය නළු Ashton Kutcher හා ඔහු භාර්යාව වන Demi Moore ද අනිකුත් සුප්‍රසිද්ධ ජනප්‍රිය ධනවතුන් අනුගමනය කර තමන්ටම දානමය සංවිධාන අරඹති. බිල් ගේට්ස් හා වොරන් බෆට් අද දිනයේ ධනපතියන්ට තමන් හා එකතුවන්න යයි කියන්නේ ඔවුන්ගේ දානපති සංවිධානය මඟින් ධනපතියන්ට තමන් තීරණය කරන අයෙකුට දානමය පරිත්‍යාගයන්ට අවස්ථාව සලස්වා දීමට ද? රජයට ඒකාධිකාරයක් ලැබීම නවතන්න ද? නැත්නම් ඔවුන් තුල වූ හුදු දානමය පරිත්‍යාගශීලීත්වය නිසාමද?

දානය නිසා ලැබෙන පින, ප්‍රසිද්ධිය, සමාජ තත්වය, සතුට, යම් අරමුණක් සාක්ෂාත් වීම යනාදී වූ කිසිම දෙයක් නැත්නම් දානයක් කරන්නට කෙනෙක් ඉදිරිපත් වෙයිද? සුද්දා දානය දීම නතර කළ දාට බලපෑම් සුද්දන්ටම පමණක් ද? මෙම පළාතට, මෙම ප්‍රාන්තයට, මෙම රටට පමණක් ද?

4 Responses

Subscribe to comments with RSS.

  1. Grey said, on ජූලි 2, 2010 at 10:17 පෙ.ව.

    ගොඩක් වෙලාවට ඔය දානපති සන්විධාන හදාගන්නේ ආන්ඩුවෙන් එන බදු වලින් නිදහස් වෙන්න හෝ බදු සහන ගන්න.
    මම දකින විදිහට නම් බදු කියන්නේ ගින්දර වගේ දෙයක්. ආණ්ඩුවලට බදු අනිවාර්යයෙන් ඕනේ. එහෙමයි කියලා මල නොතලා පැනිගන්නේ කොහොමද කියන එකයි ගැටලුව. එහෙම නැත්නම් තලන්න ඕනේ කොපමන ප්‍රමානයකටද කියන එක.
    නැතිනම් සෝවියට් රුසියාවේ වගේ සියල්ල මහජනයා සතු කරන්න ඕනේ.
    එතන තියෙන ප්‍රයොගිකත්වය ගැන ගැටලු ඇතිවෙනවා.
    නමුත් රටක ආර්තිකයට අවශයි කියලා මම හිතන ධනපතියොන්ට අධික බදු පැට්වීමේ රිප්ල් ඉෆෙක්ට් එක එන්නේ දුප්පතුන්ට. අර තොටුපලේ කතාව වගේ.
    ඒ වගේ තත්වයක් මහා පරිමානයෙන් ඇති වුනොත් ඇමරිකාවේ උනත් රුසියානු විප්ලවේ වෙන්න පුලුවන්.
    මම දකින විදිහට වියාපර සදහා බදු පැනවීමෙදී එම වියාපාර මත යැපෙන පුද්ගලයන් ගගන, එමගින් යැපෙන අනෙක් ව්යාපාර වගේ ඒවා සැලකිල්ලට ගන්න ඕනේ. එහෙම නැතුව රත්තරන් බිත්තර ඔක්කොම ගන්න තාරාව මරල බෑ.

  2. කොලූ said, on ජූලි 2, 2010 at 2:16 ප.ව.

    Why it is always rich complain about couple of breads they have to pay as taxes from their bread basket, while poor pay a slice from the only bread they have without all that rattling. And why whine about social welfare, while supper rich get more and more support from the government?

    If rich people are having such a terrible time like an arctic bear or African elephants, selling their extra houses and business on lost (to poor?), why there are more rich people now than last decade? Clearly something does not add up.

    It is unfair to take extra tax from rich people, no question about it. But with all the unfairness they endure, they still have significantly larger benefit.

  3. luckmini said, on ජූලි 2, 2010 at 2:28 ප.ව.

    I was thinking of my boss, she is extra rich . It is unfair, they give lot of money out & provide me work , how if she deside just like ergen? I loose many when I go out of my pay check?

  4. […] බ්ලොග් පෝස්ට් එකකට ලියූ කොලූගේ ප්‍රතිචාරය මෙහිදී මතකයට නැඟුණි. අද ලෝකයේ ධනවතුන් […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: