ආරාධනාවයි!
මේ දිනවල ඇමෙරිකාවේ ඊසාන පැතිවල දැඩි උෂ්ණත්වයක් පවතී. ඊයේ නිව් යෝර්ක් නගරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 103 දක්වා ඉහළ ගියේය. මහජන පිහිනුම් තටාක ජනයාගෙන් පිරි යද්දී නගරවල සිහිල් සුවය ලබාදෙන ස්ථාන රාශියක් විවෘත වුණි. ඒ වායු සමනයෙන් සීතල සුළං තම නිවසේ ලබා ගැනීමට වත්කමක් නොමැති අය වෙනුවෙනි.
අත්ලාන්තික් මුහුදෙන් ගලා එන ස්වභාවික සුළඟේ සිහිල් සුවය නිසා මා ජීවත්වන පැත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 වුවත් එය ගත වෙහෙස නොකරයි. ඩෙලවෙයාර් ප්‍රාන්තයේ රෙහොබොත් මුහුදු වෙරළට පසුගිය සති අන්තයේ නිදහස් දිනය නොහොත් ජූලි 4 දිනය සමරනු පිණිස ලක්ෂයක ජනතාව රොක් වූහ.
සිහිල් සුවය විඳින්නට ඇමෙරිකාවේ ඊසාන මුහුදු වෙරළේ Ocean City, Maryland වෙත පැමිණෙන අයට මගේ අතින් පිළියෙල කරන ආහාර වේලක් රස විඳින්නට ආරාධනාවකි මෙය. අවන්හල විවෘතව ඇත්තේ සංචාරක සමයේ දී පමණයි. එසේම මම හැමදාම හෝ හැම වේලාවකම එතැන නැති නිසා මම උයන කෑම කන්නට නම් කළින් දැනුම් දී එන්න. තේ, කෝපි හෝ සෝඩා වීදුරුවක් හා රසැති අතුරුපසක් මගේ ගානේ නොමිලේ! නේපාලයෙන් පැමිණි රාජ් නැමති ලුයිසියානා විශ්ව විද්‍යාලයේ ජීව-වෛද්‍ය ඉංජිනේරු ශිෂ්‍යයෙකුත්, බුල්ගේරියාවෙන් ආ ඇලෙක්ස් නම් වූ ගැටවරයෙකුත් හා කසක්ස්ථානයෙන් ආ තවම ඉංග්‍රීසි වචන විස්සකට වඩා කතාබහ නොහැකි ඉවාන් නම ඇති තරුණයා ද සමඟ මගේ දියණිය ද එහි සේවය කරන අය අතර වෙති.
ආරාදනාවනම් පිලිගතා ….. එත් ඉතින් ….මට විසාගන්නවෙනවා ….මම ඉන්නේ ලන්කාවෙනේ …….හොදවැඩක් කරන්නේ ඔයාලා……………
ඔයාල හැමොටම ජය හා සතුට…..
ඉලංදාරියා, ලංකාවට ආ දවසක එහෙනම් හමුවෙමු.
මෙයා එකසිය තුනයි කීව්වහම අපි ඕකෙන් 32ක් අඩු කරලා නමයෙන් බෙදලා පහෙන් වැඩි කරලා ගන්න කොට උණ බැහැලා!!!
අර කෙසෙල් ගෙඩි නං රහ පාටයි!
kathandarakaraya, කෙසෙල් ගෙඩි වැවෙන්නෙ නැති රටේ වුනාට හැම කඩේම කෙසෙල් ගෙඩි! දකුණු ඇමෙරිකාවේ බනානා රිපබ්ලික් වලින් එන ඒවා තමා. ලංකාවෙ තරම් රහ නැහැනෙ ඒ වුණාට. ලාබ නිසා වෙන්නැති. රාත්තලක් සත විසිපහයි. ම්….කතන්දරට ආයෙත් ගණන් හදන්න වෙයි!
anything taste sweet is fine by me. 😀 (So all the muffins, tarts, pies on display)
Someday, I’ll pay a visit to your cafe, but not this summer, extremely busy with work.
Grey, welcome anytime.
Oh my! Can I say I’m so jealous?
By the way, where is the rolls?
කොලූ, මෙහෙ තියෙන්නෙ වැඩිපුරම පැණිරහ දේ තමා. මස් මාළු පේස්ට්‍රි සහ රෝල්ස් එහෙම තියන තැන් හොයාගන්න හරි අඩුයි. ඒවා කන අය කුට්ටි කුට්ටිනෙ කන්නෙ අඹරලා, අනලා පුංචි කෑලි නෙමෙයි නිසා වෙන්නැති!!!
චැහ්! මම ඇමෙරිකාවේ නැත්තේ!!! අපරාදේ!!
කොහොම වුණත් වැඩේට සුභම සුභ පැතුම් එක් කරනවා!
බින්කු, මොනවද ඉතින් දකුණු පළාතට යන බස් එකක එල්ලෙන්න බැරිද? හැබැයි වීසා එක ආපහු ඇතුල්වෙන්න පුළුවන් විදියට හදාගෙනම ඕන පිටවෙන්න. නැත්නම් ආපහු යන්න හැදුවාම ලෙඩ ගොඩයි.
තාම PR පිට නිසා ඇමෙරිකාවට එන්න යන්න නම් වීසා ඕන නෙව. තව අවුරුදු එක හමාරක් ඉඳලා Visa ගත්තාට පස්සේ බැරියැ? 🙂
මම ඉන්නේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවාක් නගරයේ, ඔය පැත්තට බොහොම ළඟයි….
අපි ඉඳහිට ඔය පැත්තට එනවා.. එන්න ඉස්සර දන්වලා එවන්නම්….
Alchemiya, ඔව් මේ ළඟම ඉන්න අයනෙ. එන්න කළින් කියන්නකො.
ශා… කෑමනම් මරු වගේ… 🙂
[…] […]