අරුණි ශපීරෝ‍ වෙතින්

සරසවි කොල්ලෝ

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 23, 2010

සරසවියේ කෙල්ලෝ ගැන හැමතැනම ලියවෙනවා. අර ඉස්සර කාලෙ කෙල්ලන්ගෙ ආදර කතා ලියපු වැඩිදෙනා පිරිමි වගේ අදත් කෙල්ලො ගැන කතාබහ වේදිකාව තනිකරම කොල්ලොන්ට දීලා ඉන්න බැරි නිසා මාත් එනවා ටෝක් දාන්න.

ඔක්කොම හේදිලා යන්නෙ පහළම පහළ තැනින්. පව් ඉතින් ගම්වලින් එන අසරණ කෙල්ලන්ට තමයි හැම නීතියම. කොළඹ ජීවත් වෙච්ච අපිට නම් ඕවා මොනව ද? කලම්බු ප්ලාසා හෝටලය ඉස්සරහ බංකුවක වාඩිවෙලා හැමෝටම පේන්න ආයේ දරුවෙක් හදන එක විතරක් නොකරපු දෙන්නෙක් දැක්කෙ වැඩි ඈතක දී නෙමේ. හැබැයි ඉතින් විස්ස විජ්ජාල දරුවො නෙමෙයිනෙ. අන්තර්ජාතික පාසැල් වලට යන ලොකු ‍ලොකු ඇත්තන්ගෙ අය. ඉතින් එයාලගෙ සුදු රෙදි බලන්න ගියොත් වෙන්නෙ උපකුලපති පට්ටම් ගහලා යෑම නොවෙයි සුදු වෑන් වලින් අතුරුදහන් වීම. ගමේ එකීගෙ රෙද්ද උස්සලා බලන්න කාගේ අවසරයක් ඕනෑ ද?

අපි කැම්පස් ගිය කාලෙ හිටියා‍ කොළඹ හතෙන් ආපු අය. දැන් නම් බැද්දගාන පැත්තෙ අයත් යන්නෙ පිටරට විශ්ව විද්‍යාල හොයාගෙන. අපිත් එක්ක හිටපු කොළඹ කෙල්ලෙක් යාළු වුනා ගමේ කොල්ලෙක් එක්ක. හද්දා පිටිසරින් ආපු හරිම හොඳ ගොයියෙක්. දවස් දෙක තුනක් යනකොට කොළඹ හතේ කෙල්ලගෙ මූණ ඇඹුල්. හිත නොරිදවා යාළුකම ගලවාගන්න ක්‍රම වේද හොයනවා. අපි ඉතින් යාළුවෝ මාළුවෝනෙ. රහස් නැහැ. හේතුව හොයාගත්ත විනාඩි කාලකින්. “අනේ එයා කිස් කරන්න ගියාම මූණ හපනවා. තොල් විකනවා.” ජංජාලයයි, හදාගන්නෙ කොහොම ද? ගමෙන් එන කොල්ලව හදාගත්ත කියමුකො එයාගෙ පුරුෂත්වයට හානි නොවෙන විදියට කරුණු කාරණා කියලා දීලා. මැද පංතියේ බෞද්ධ කොල්ලෝ තමයි ඊ ළඟට ආසයි බයයි තිර පිටපත් ලියාගෙන එන්නෙ.

ධනවතුන් දුප්පතුන්ට කරන පීඩනය මොන විහිළුවක් ද මේ කොල්ලෝ තමන්ටම දාගෙන ඉන්න පීඩනය දිහා බලනකොට.

ඒ කාලෙ හරිම නිදහස් ලෝකයක් කැළණි සරසවිය ඇතුලත. දවල් කාලේ කඩු ෆැකල්ටියෙ සමරිසි කෙල්ලෝ හාදු දෙමින් ගස් යට. හවස් කාලය ළඟාවෙන කොට අඳුරු තැන් හොයා යන්නෙ ගම් වලින් ඇවිත් නවාතැන්වල ඉන්න ආදරවන්තයො. කොළඹ අයට නම් ඉතින් කොළඹ සුපිරි ‍නිවහන්, හෝටල් විතරක් නෙවෙයි බෙන්තොට, මීගමුවට නෙමෙයි නුවරට වුනත් ගිහින් එන්න ඇහැකි. අද ආපහු හැරිලා බලද්දී අනුන් කොහොම හිතුවට මොකෝ කියලා ආදර කතාවල් රස වින්ඳ අය හොඳට විභාග සමත් වෙලා ලංකාවේ උසස් තැන්වල, පිටරට ඉහළ තනතුරු වල සේවය කරන්නෙ සතුටු පවුල් ජීවිත ගත කරමින්.

හැබැයි අර සමාජය කොහොම හිතයි ද කියලා හැංඟි හැංඟි ලව් කරලා හැමදාම තැවුණු කොටස තවමත් ඒ ගැන තැවෙමින්, හඳහනයි, දෑවැද්දයි සුදු රෙද්දයි එක්ක විවාහයෙන් පසු පවුලටත් සමාජයටත් විතරක් නෙමෙයි තමන්ටත් වංචා කරගෙන ඉන්නවා.

අනේ අපිට ආදර කතා අත්දැකීම් නැහැ කියල කියන කොටසට මා අයත් නැහැ. යකාගෙ කැලැන්ඩරයට මූණ හොඳ වුනාට, එළිම‍හනේ අනුන්ට ලැජ්ජා ‍හිතෙන විදියට නොහැසිරුණාට, අත්දැකීම් සම්පූර්ණයෙන්ම රසවිඳි යෞවනයක් ගැන ආඩම්බර‍ වෙන්න පුළුවන් කියලා කියන්නම්.

පවුල් සංවිධාන සංගමය විසින් කරපු වැඩ සටහන් ඒ කාලේ කැම්පස් එකේ හරි ජනප්‍රියයි. ඉතින් ඔය කතාවක දී මට මතකයි සභාපතිනිය දවසක් කිව්වා විවාහ වෙලා දරුවො නැහැ කියල ආපු දෙන්නෙක් ගැන. හොයලා බලනකොට මේ දෙන්නා බැඳලා අවුරුදු පහක් විතර, ඒත් දන්නෑ ළමයෙක් හදන හැටි ගැන!

මුස්ලිම් හා ක්‍රිස්තියානි අයටයි සාමාන්‍යයෙන් දෙයියො දාලා තියන නීති බලපාන්න ඕන. සිංහල බෞද්ධ කොල්ලො මේ කොහෙන් ඉල්ල ගත්ත සුදු රෙද්දක් කරගහගන තාමත් ගාටනවා ද?

වැඩි කාලයකට ඉස්සර ආදරවන්තයින්ට බැන වැදිච්ච, නීති දාන්න ගිය, දඬුවම් දීපූ අයම දැන් මෙන්න අයිතීන් ගැන කතා!! අගැයුම් දැකීම ද? ලකුණු දා ගන්න ද?

සදාචාරය හා ආචාරශීලීත්වය හඳුනා නොගත් සමාජවලයි මේ වගෙ මෝඩ කතා අහන්න වැඩියෙන් ඇත්තෙ. විවාහය වසර පහකින් කටු ගාන්න නීතියෙන් ඉඩ ලැබුණාම දික්කසාද ලෝකයේ අන්තිමට හිටපු ලංකාව රූං ගාල උඩටම ආවා. රහ බලන්නෙ නැතිව ආහාර නොකන අපි අතින් අල්ලන්නෙ වත් නැතිව විවාහ ජීවිතයට එළඹීම ඉහළ සදාචාරාත්මක අගයක් ඇති යයි පිළිගැනීම කවුරු නියම කරන ලද්දක් ද? ඒකටම හරියන්න හැමදාම ගල් මුල් වදින්නේ හා වරදට බැඳී ඇත්දැයි සොයා බලන්නේ ගැහැණියගේය.

පව්, පීඩිත කොල්ලො ඉතින් යට සායක් දැක්කත් නා ගන්න නිසා කොහොම හොයන්න ද?

පීඩිත කොටසක් පාලනය පහසුය. ඔවුන් තුල කකියන්නේ නොදන්නා ද්වේශයයි. අනුගමනය කරන්නෙ විමසා බැලීමකින් තොරවය. අහිමි දෙයක් අහිමි ඇයි දැයි සොයා නොබලා එය ඇත්තාට වෛර කරති. තමන්ට නැති නිසා අනුන්ට ද ලැබෙනවාට අකැමැතිය. ලෝකයාගේ කැමැත්ත සොයනා ඔවුන් අවසානයේ ලබන්නේ ලෝකයාගේ අපවාදය බව නොදනිති.

කල්පනා කර බලන්න. හඳහනයි, දෑවැද්දයි, සුදු රෙද්දයි සලකා බැලුවම ඇති ද ජීවිත කාලයක් හැමදාම එකට සතුටින් ගෙවන්න?

66 Responses

Subscribe to comments with RSS.

  1. Praveena said, on සැප්තැම්බර් 23, 2010 at 6:58 ප.ව.

    This is great Aruni,

    පීඩිත කොල්ලො ඉතින් යට සායක් දැක්කත් නා ගන්න නිසා කොහොම හොයන්න ද?

    Well, I believe it’s time to call a spade a spade

  2. මයියා said, on සැප්තැම්බර් 23, 2010 at 8:01 ප.ව.

    ‘පීඩිත කොටසක් පාලනය පහසුය. ඔවුන් තුල කකියන්නේ නොදන්නා ද්වේශයයි. අනුගමනය කරන්නෙ විමසා බැලීමකින් තොරවය. අහිමි දෙයක් අහිමි ඇයි දැයි සොයා නොබලා එය ඇත්තාට වෛර කරති. තමන්ට නැති නිසා අනුන්ට ද ලැබෙනවාට අකැමැතිය. ලෝකයාගේ කැමැත්ත සොයනා ඔවුන් අවසානයේ ලබන්නේ ලෝකයාගේ අපවාදය බව නොදනිති.’

    හොද කියමනක් බව මයියා ගේ හැගීමයි..බොරුව ලාOකීඅය සමාජය තුල, සිOහලයන් තුල හොදටම ඇති දෙයක්,,ඒත් ඒක තියෙන විත්තිය ඒක ඒගොල්ලො දන්නේ නැ,,නැත්නම් පිලිගන්නේ නැ…

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 8:39 පෙ.ව.

      මයියා, ප්‍රතිචාර නොදැම්මට අළුතින් ආපු මයියාගේ ලෝකය කියවන්න එන අයෙක් මමත්. ඔබේ අඩවිය කියවීම සතුටකි.

  3. sarasawiya said, on සැප්තැම්බර් 23, 2010 at 9:46 ප.ව.

    කැම්පස් එකේදි එක එකත් එක්ක හැමනිලා, එලියට ආපුවාම ඉතින් වෙන එකෙක් සුදු රෙද්දක් එළපුවාම ඇති වැ‍රැද්ද මොකද්ද?හඳහන බලන්නෙ නැතුව කොහොමද හොයාගන්නෙ ඒකිගෙ ලිංගයට අපේ ලිංගය ගැලපෙනවද කියල.කැම්පස් එක ඇතුලෙදි වාගෙ ඕක කටට දීල එහෙම ටෙස්ට් කරගන්න අවස්ථාවක් කොහෙද එලියෙදි.පත්තිනි අම්මල වාගෙනෙ ඉන්නෙ.දෑවැද්ද ගැන කියනවනම් , හරි ඔය කැම්පස් එකෙන් එලියට ආපු කෙල්ලෙක් කැමතිද පොල් කඩන ගොයියෙක් බදින්න.නෑ එයත් හදන්නෙ තමන්ගෙ දෙමවුපියන්ගෙ ඔක්කොම වත්කම් ටික දාල හරි සුපිරි පොරක් හොයා ගන්න.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 8:02 පෙ.ව.

      sarasawiya,
      //කැම්පස් එකේදි එක එකත් එක්ක හැමනිලා, එලියට ආපුවාම ඉතින් වෙන එකෙක් සුදු රෙද්දක් එළපුවාම ඇති වැ‍රැද්ද මොකද්ද?//
      සුදු රෙද්ද එළන්න සිද්ධ වීම නොහොත් ඊට වුවමනාවක් තිබීම වැරැද්ද වන්නේ එය ස්ත්‍රියට පමණක් සීමා වීම නිසාය.

      //හඳහන බලන්නෙ නැතුව කොහොමද හොයාගන්නෙ ඒකිගෙ ලිංගයට අපේ ලිංගය ගැලපෙනවද කියල.//
      හඳහනේ එහෙම පෙන්වලා දෙන බව මම දැනන් හිටියේ නැහැ. දික්කසාද වැඩි ඇයි කියල දැන් දන්නවා.

      //කැම්පස් එක ඇතුලෙදි වාගෙ ඕක කටට දීල එහෙම ටෙස්ට් කරගන්න අවස්ථාවක් කොහෙද එලියෙදි.// පව් මෙයාට. දැනට ප්‍රතිචාර දාන ඊ මේල් ඇඩ්‍රස් එක වෙනස් කරගත්තොත් අවස්ථා ලැබෙන්න ඉඩ තියෙයි.

      //පත්තිනි අම්මල වාගෙනෙ ඉන්නෙ.// නැත්නම් ගල් මුල්, දඬු කඳ, ගස් බැඳීම, තව ටික දවසකින් ආපහු උල තියන්නයි, ඇතුන් ලවා පාගා දමනවා කියලත් අහන්න වෙයි.

      //දෑවැද්ද ගැන කියනවනම් , හරි ඔය කැම්පස් එකෙන් එලියට ආපු කෙල්ලෙක් කැමතිද පොල් කඩන ගොයියෙක් බදින්න.නෑ එයත් හදන්නෙ තමන්ගෙ දෙමවුපියන්ගෙ ඔක්කොම වත්කම් ටික දාල හරි සුපිරි පොරක් හොයා ගන්න.// මේකට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. දෙපැත්තම එකයි ඒ අතින්.

    • Samanalee said, on සැප්තැම්බර් 25, 2010 at 9:18 පෙ.ව.

      Never seen such beautiful Sinhala words before. Are you real?

  4. තාරක said, on සැප්තැම්බර් 24, 2010 at 2:42 පෙ.ව.

    \\දවල් කාලේ කඩු ෆැකල්ටියෙ සමරිසි කෙල්ලෝ හාදු දෙමින් ගස් යට.\\
    මේක ලංකාවෙ කැම්පස් එකක්ද? අනේ මන්දා…..මොනවා කියනවාද කියලා.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 8:07 පෙ.ව.

      තාරක, නෑ නෑ අද ලංකාවෙ කැම්පස් එකක් නම් නෙමෙයි. වසර 20 කට විතර ඉස්සර ලංකාව. කැම්පස් විතරක් නෙමෙයි ගෑණු ඉස්කෝල වලත් “යහළු යෙහෙළි” එමට හිටිය.

      සමහරු ඉන්නවා වැඩ කරන. සමහරු ඉන්නවා කරන වැඩ දකින. සමහරු ඉන්නවා මොකක්ද යකෝ මේ වුනේ කියල අහන. Some make things happen. Some watch things happen. Some wonder what the heck happened.

      අද වැඩියෙන් ඉන්නේ අන්තිම කොටස.

      • MGandMW@kln.ac.lk said, on සැප්තැම්බර් 24, 2010 at 9:08 පෙ.ව.

        you dont mean, MG and MW, do you?

        • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 9:49 පෙ.ව.

          MGandMW@kln.ac.lk, Sorry, my aim is to get readers to inquire the issue and definitely not to be personal. There were more than one couple during my four years in the English Dept. Such relationships did not limit itself to colombo crowd either, or only to females, however since I have no firsthand reference to that statement, I will refrain from talking about that.

      • තාරක said, on සැප්තැම්බර් 24, 2010 at 9:19 පෙ.ව.

        යහළු යෙහෙළි අපි ඉස්කෝලේ යන කාලෙත් හිටිය. වැඩි අතීතයක නෙවෙයි.ඔය කුසුම්ට පද්මිණි හාදු දෙන කතා පොත් එහෙමත් තියෙන්නේ.මම ඒක නැතය කියන්නේ නෑ.ඒත් ගස් යට සමරිසි කෙල්ලෝ මහා දවල් හාදු දෙනවා කියන කතාව එච්චර සැබැ ලෝකේ එකක් නෙවෙයි වගේ.හරියට හඳගමගේ ච්ත්‍රපටිවල තියන සමහර දර්ශනවගේ.

        • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 9:36 පෙ.ව.

          තාරක, සැබෑ ලෝකේ එකක් නෙවෙයි වගේ කියලා ඔයාට හිතුනට මා දැකි ලෝකයත් කැළණිය විශ්ව විද්‍යාලයටම ගිය මා සුමිතුරු හඳයා දැකි ලෝකයත්ය. අපි විවෘත වූ දෑස් තිබි අය වූහ.

          හඳයා “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටිය නිර්මාණය කරද්දී එදා විශ්ව විද්‍යාලයේ දැකි මගේ ගමන බිමන එහි ප්‍රධාන චරිතයට යොදා ගත් බව මට පසු දවසක කියුවේය. සමරිසි නොවන මා එයින් අමනාප වූයේ නැත. හේතු මෙසේය. මල්ලී යන පටබැඳි නම මට එදා වැටී තිබුණි. තල් ගස් පේළිය යට හෝ විද්‍යා පීඨයට ඇතුල්වන ගල් බංකුවල එරමිණිය ගොතාගෙන වාඩි වී වල බැහීමත්, ගහක අත්තක වාඩි වී පොත් කියවීමත් මා සිරිතක් වුණි. ටැංකි යක්කු වූයේ ද අපිය. ඇවිදනවාට වඩා මා අන්තිම මොහොත වනතෙක් ජිම් එකේ බැඩ්මින්ටන් හෝ චෙස් ක්‍රීඩාවේ යෙදී සිට දේශනයට කැම්පස් එක මැදින් හැල්මේ දිව ගිය අවස්ථා වැඩිය. කොණ්ඩය කොටටම කපා සිටි හා බ්ලවුස් වෙනුවට ටී ෂර්ට්, කමිස හා ඩෙනිමක් හැඳි අල්පයට මා අයිති වුණි. සාම්ප්‍රදායික නොවන නිසා නුහුරු දැක්ම රිසි නොවූ සමහරු මට අවවාද කළහ. රැල්ලට විරුද්ධව පීනන්න මා කවදත් කැමති අයෙකි. කොල්ලෙක් සේ දඟකාර වූ නමුත් මා සමරිසි කෙල්ලක් නොවන බව හඳයා සේම වසර 4 පුරා මා හා හිතවත්, අදටත් හිතවත්, හැමෝම දනිති.

          එසේම හඳයාගේ චිත්‍රපටියට අන්තර්ගත වූ සාධක බොහොමයක් ලාංකික සත්‍යය ලෝකය තුල වුවත් චිත්‍රපටිය හුදු ප්‍රබන්ධයක් බව බොහෝ දෙනා ‍අමතක කරති.

      • sujeewa said, on සැප්තැම්බර් 24, 2010 at 11:59 පෙ.ව.

        අරුණි,

        ඔයා වගේ හිටපු කෙල්ලො තව ඕනෑ තරම් සිටිති. ඒ චිත්‍රපටයේ අතාත්වික කමට හේතුව කොල්ලන් මෙන් හැසිරෙන කෙල්ලන් නොවේ. මෙලෝ රටක නොවෙන සිදුවීම්, මෙලෝ යකෙක් කතා නොකරන දෙබස්, කොටින්ම උගෙ සෙක්ස් සීන් එක මත් කොච්චර අතාත්වික ද?

        මට අරුණි කියන්නට් දඟලන යටි අදහස නොතේරේ. ඔබට ඕනෑ ලංකාවේ නිදහස ඇති වෙනවා දකින්නද? නැත්නම් බලයෙන් ලංකාව ඇමෙරිකාවක් කරන්නද? මම නම් ඔය බලෙන් කරන හැම දෙයට ම විරුද්දයි.

        • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 12:14 ප.ව.

          sujeewa,
          හඳයාගේ ප්‍රබන්ධයට වඩා අතාත්වික සෙක්ස් සීන්ස් තිබිච්ච දෙන්නා ගැන (පවුල් සංවිධාන සංගමයේ සභාපතිනිය කියපු) ලිව්වෙ සටහනේ. අමතක නොකරන්න හඳයාගේ චිත්‍රපටිය වාර්තාකරණයක් නොව ප්‍රබන්ධයකි.

          මෙම සාකච්ඡාවට තුඩු දුන් බලෙන් යමක් කර ඇත්තේ උපකුලපතිවරයා නෙවද?

      • sujeewa said, on සැප්තැම්බර් 24, 2010 at 12:32 ප.ව.

        Aruni,

        VC buruvaa gana kiyala vedak ne. iye indala matath mala panala inne. ithin ayi oya e buruvata kelinma banin nathuwa mulu lankaavata ma baninne?

        • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 12:55 ප.ව.

          sujeewa,
          බූරුවාට බූරු වැඩකට භයක් නැත්තෙ සමාජය හැඩ ගැසිලා තියන ආකාරය නිසයි. බණ දේශනා කරන ස්වාමීන්වහන්සේලා ගෑණුන්ගෙ වස්ත්‍ර ගැන දෙසන්න සම්පූර්ණ කාලයම ගන්නා ආකාරය රේඩියෝ වලින් අහලා ඇත් ද? පුරුෂ‍යාට අවවාද කරන බණ දේසනාවක් වදාරන්නේ කොයි ස්වාමීන්වහන්සේ ද?

      • MGandMW@kln.ac.lk said, on සැප්තැම්බර් 24, 2010 at 11:15 ප.ව.

        Aruni said:
        /* Sorry, my aim is to get readers to inquire the issue and definitely not to be personal.
        */

        අන්න අරුණී ඔයා බොරු කියනවා. පිරිමි නම් විතරද එලිකරන්න හොඳ?

        කෝ මේකේ දාලා තිබුණු ඇස් වැසූ ෆොටෝ එක සහ MCQ සහිත පුද්ගල නාමය? ඇයි ඒක අයින් කලේ?

        • arunishapiro said, on සැප්තැම්බර් 25, 2010 at 6:57 පෙ.ව.

          MGandMW@kln.ac.lk,
          ඉහත සටහනේ කාගෙවත් නමක් නැහැනෙ!! ‍ෆෝටෝ එක දැම්මෙ කතාවට බෙහෙවින් සම්බන්ධ හෙයින්. ඇස් වැහුවේ හා පසුව එය අයින් කළේ පුද්ගලිකත්වය මින් බැහැර කරන්නටයි. එහි වැදගත්කම කොල්ලො ඕන දෙයක් කළාට කමක් නැහැ හැබැයි කෙල්ලෝ පාරිශුද්ධත්වය පණට වඩා ආරක්ෂා කළ යුතු යන පිළිගැනීම විචාරයයි. අභිසරුලියන් වෙත යන පුද්ගලයාට සදාචාර අගැයුමක් දෙන්නේ කවුරුන් විසින් ද? ඡායාරූපය මා සතු අයිතියකි. එය කොපි කිරීම සපුරා තහනම්ය.

  5. මොඩයා said, on සැප්තැම්බර් 24, 2010 at 4:26 පෙ.ව.

    ඔහෙට ඔනෙ අමෙරිකවේ වගේ ලන්කවෙත් ලිවින්ග් ටොගෙතෙර් කරල මිනිස්ස්සු 10 විතර එක්ක ඉන්න්න , තන නොතන නොබල මුහුඩු වෙරලෙත් ලමඉ හඩ කුනු රටක් කර්‍rන්න නම් එහෙම කලට කමක් නහ, අපෙ සන්ස්කෘතිය මෙතරම්ටවත් රකිල තියෙන්නෙ ඔක නිස…

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 8:17 පෙ.ව.

      මොඩයා,
      ලංකාවෙන් පිට නොගිය කෙනෙක් වගෙ මෝඩ කතාවක් කියලා තියෙන්නෙ. මෙහෙ මුහුදු වෙරළෙ ලංකාවෙ තරම් ආදරවන්තයෝ නැහැ. ඉන්නෙ දරුවෝ එක්ක එන පවුල්. ඇමෙරිකාවෙ ජීවත් වෙන අනිත් අය (මම හැරුණම) ලියලා තියන දේවල් ටිකක් හොයාගෙන කියවන්න. ලංකාවේ හැංඟි හැංඟි බැඳපු අය අනාචාරයේ හැසිරීමට වඩා නම් විවාහ නොවී එකගෙයි ජීවත් වීම ආචාරශීලීයි. ඕක ඊයෙ පෙරේදා ලංකාවේ පටන් ගත්ත දෙයකුත් නොවේ. ලංකාවේ ඔය කියන සදාචාරය රැකිලා තියෙන්නෙ විවාහය නිසා නෙමෙයි දුප්පත්කම නිසා.

      • මොඩයා said, on සැප්තැම්බර් 24, 2010 at 10:57 ප.ව.

        ප්‍රස්නෙන් පිට පනින්න එපා, අමෙරිකාවෙ වගෙ, 12-16 ඉදන් කොල්ලො එක්ක යාලුවෙල ලමයි හදාගන්න යනකොට එක නවත්න්න පෙති බොන ගැනු, සහ ජිවිතෙට මිනිස්සු 3-5 එක්ක ඉන්න ගෑනු එමට ඉන්නව, දන් කියයි ලන්කවෙත් එහෙමයි කියල, ඔව් සුද්දා ඇවිල්ල විවිර්ත අර්තිකයක් එක්ක මෙ කුනු ගොඩවල් අපෙ වුන්ගෙ ඔලුවට දානකම් එහෙම නෑ..

        ඔහෙට උනත් තෙරෙන්ව අති, අව් රුදු 500-1000 කලින් නිතියෙන් කසද නොබන්දත් පන්සිල් අරන් ජිවත් වෙච්ච මිනිස්සු හිටිය, දෑන් වෙලා තියෙන්නෙ, පන්සිල්ල් රකිනත් බහෑ මෙ සුද්දගෙ විසින් අප්ට බලෙන් අශාව කියන මොඩකමට ගතිවෙල මිරිගුවක් පස්සෙ යන බොලද කොල්ලො/කෙල්ලො නිසා..

        • arunishapiro said, on සැප්තැම්බර් 25, 2010 at 7:15 පෙ.ව.

          මොඩයා, //මෙ සුද්දගෙ විසින් අප්ට බලෙන් අශාව කියන මොඩකමට ගතිවෙල//
          ඒ කාලෙ අයට ආශාව කියන මෝඩකම නොතිබුණා නම් බුදුහාමුදුරුවෝ ආශාව නිවාරණය කියල දුන්නෙ ඇයි ද දන්නෑ.

      • මොඩයා said, on සැප්තැම්බර් 25, 2010 at 11:20 පෙ.ව.

        ඔව් බුදූ හමුදුරො කිව්වට පාසෙ හරි බුද්දාගමෙ අය, අශව පලනය කරගෙන, සන්වරව ජිවත් වෙනව, ඔහෙල වගෙ බුද්දාගම ඔලුව උඩ අරගෙන යන ඔල්cඔට් බොව්ඩයො කරානෙ අපිවත් අපෙ ජතියත් විනශ කිරිම,…

        ඔහෙට ඔනෙනම් මෙතන කියන්න තිබ්බෙ, පුබ්ලිc ප්ලcඑස් අසන්වරව හසිරිම වලක්ව ගන්න එක රිච් අන්ඩ් පූර් ඔක්කොම්ටම වෙන්න ඔනෙ කියන එක මිසක් , ලොකු අයට එහෙම නිස හමොටම එහෙම කර්‍රන්න ඉඩ ඩීල ලන්කවත් අමෙරිcඅව වටුනු වලෙ ඩන්න නෙමෙ..

        මෙක නිකම් මුට්ටිය බෙරගන්න එලුවගෙ බෙල්ල කපිම වගේ සීන් එකක්..

        මහඩන මුට්තෙ, ඔහෙ අමෙරිcඅව විඩියට ලන්කව හන්න එප…මෙක ලන්කව.. එක ඊහෙ නොඩියුනු විඩියටම තිබුනාවේ…

    • kevin perera said, on සැප්තැම්බර් 24, 2010 at 9:56 පෙ.ව.

      මොඩයා සුද්ද තමයි අපේ එවුන් මුලින්ම කසාද බැන්දුවෙ. අපි බදින්න අරන් වැඩි කලක් නෑ. කසාද කියන්නෙක් ස්පාඤ වචනයක්.

  6. kevin perera said, on සැප්තැම්බර් 24, 2010 at 9:36 පෙ.ව.

    good job aruni. That’s what I am talking about. Write more like this. I betcha some hate you for doing this but this is kind of micro-politics help them to change. I know it fascinate you to write about mainstream American politics however this is more fitting to a sinhala blog. As I told before “අරුණිගේ ලිපිවල ඇති ඇමරිකාව ගැන කියවීමෙන් වදුරන් මෙන් එල්ලී ප්රයිවෙට් බස්වල යන ලාංකිකයාගේ ජීවිත වලට වන යහපතක් නැත”.

  7. sujeewa said, on සැප්තැම්බර් 24, 2010 at 10:39 පෙ.ව.

    aruni,

    Situ is not as bad as you highlight. Maybe you’re driven against a mad VC and wanna react [so do we].

    Sudu redda is not as frequent as before, I never heard of a single couple who slept on it. Frnds of mine [both poyyaas and bayyaas] do not go after it.

    Proposals are still there. Not because there are so many who cannot still talk to a girl, but because most end up in lost positions of life after issues in love affairs. But a vast majority marry in love affairs. I see nothing wrong in marrying via proposal, although personally I wudn’t have done it.

    Porondam is a belief. I dont think you or me have a right to question a belief. We are free not to believe. Again, I do not know any couple wrho stopped affairs due to porondam. Ppl take it light and optional.

    Regarding gays, do you think that gays no longer exist in SL? The only prob they have is they get joked by ppl. It is the way how society is. I do not wanna go thru this too much Taboo has done a pretty good work on this. Pls see it if you call SL is hell for gays.

    So my point is, your extreme reaction about lovers [maybe due to one mad VC] is about a generation overdue. The generation that I belong to is quite free. But I agree that your response fits a lot to the generation b4 us. But times have changed Aruni.

    Most SL girls are not exactly like a western girl idols and the way they behave is diff. It is not always due to rules, but the free choices. If I talk about west, when I was once in a western society, a SL gal who did not want to do pre-marriage sex had a hell of a time as “no boy liked her for long”. Every affair broke in few weeks. Was that fair either to force a person to have sex like that? It shud be free choice, me believe. No one shud be forced in either direction.

    In a bottom line most of us in both genders live quite happily today. I think you’re little bit extreme and angry in your post.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 11:51 පෙ.ව.

      sujeewa,
      සමාවෙන්න, අන්තවාදී සටහනක් යයි නොසිතන්න. ආවේගයක් හෝ තරහක් කිසිසේත්ම නැත.

      දශකයක් පරක්කු වී මා ලියන බව ඔබ කියයි. මා පෙන්වන්නට උත්සාහ කළේ දශක දෙකකට පෙර පැවති නිදහස අද නැතිව යන බවයි.

      මුහුදු වෙරළට ගිය කාන්තාවන් අත් අඩංගුවට ගත් බව ද, ආදරය කරන්නට ගිහින් ප්‍රෙමවන්තයෝ උසාවි මඟින් විවාහ කරදීම හා පාසැල් දරුවන් පොලීසිය මඟින් රඳවා ගන්නා ප්‍රවෘත්ති ද කියවන්නේ අද දිනයේය.

      අනතුරුව කෙල්ලගේ කන්‍යාභාවය පරීක්ෂා කරන්නට තරම් මෝඩ උපකුලපතිවරයෙක් නිසා මේ රැල්ලත් තවත් දුර දිග යන්නට ඇති ප්‍රවණතාවය දුටුවෙමි. එනම් වීදි කොණක රඳවා කාන්තාවට ගල් මුල් එවන දවස වැඩි ඈත නැතැයි සිතිණ.

      සුදු රෙද්දක මධුසමයට යහන්ගත වීම නෙමේ කතාවට පාදක වෙන්නෙ. කැම්පස් කෙල්ලන්ටත්, වැල්ලේ ඇවිදපු කාන්තාවන්ටත්, වැඩිහිටි පෙම්වතුන්ටත්, පාසැල් ආදරවන්තයින්ටත් (සම්ප්‍රදායික එල්බ ගැනීම නිසා) මූලික වන්නේ සුදු රෙද්දයි. මන්ද සුදු රෙද්දක වටිනාකම නැත්නම් ඒ ඒ අයට කැමති ආකාරයට පෙම් කළාට කමක් නැති නිසා. ඒ කොයි තැනක දී වත් පුරුෂයාගේ ප්‍රථම වින්දනයක් ගැන කතාබහක් වූවා ද?

      ලාංකික සමා‍ජයේ දික්කසාද වූ කාන්තාවට ඇති කරදර ඔබ දන්නවා ද? කන්‍යාභාවය නැති වූ පමණින් (විවාහය නිසා එසේ වූවා යයි හිතා) ලිංගික ඇසුරු වලට පොළඹවා ගැනීම කමක් නැතැයි සිතන පිරිමි සිටිති. නමුත් එම පිරිමි විසින්ම විවාහය සඳහා තවමත් හොයන්නේ ලිංගික ඇසුරක් නොපවත්වන ලද කෙල්ලෙකි.

      ලාංකික පිරිමියෝ අතර යහළු වන කෙල්ල ලිංගික ක්‍රියාවට කැමැත්ත දැක්වීම ප්‍රිය කෙරුව ද, තම විවාහක භාර්යාව ඊට ප්‍රිය කිරීම හෝ මූලික වීම ගැන දක්වන්නේ (ඇයගේ පළපුරුදුකම් ගැන) සැකයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් නම් සමහර භාර්යාවෝ තම සැමියා වෙතින් නොසොයන සෙනෙහස වෙනත් පිටස්තරයෙකු වෙතින් සෙවීමය. සමහර සැමියෝ ද තම භාර්යාව වෙතින් බලාපොරොත්තු නොවන ආශාවන් සන්තර්පණය පිටතින් සොයති.

      කොහොම ද මා මේවා දන්නේ? පවුල් අවුල් හා කාන්තාවන්ගේ දුක් ගැනවිලි වලට එදා සිට අද වනතෙක් සවන් දීම නිසාය. බ්ලොග් ලියනවාට බැහැරින් පොත් ලිවීම, දේශන පැවැත්වීම හා දුක් ජීවිත යහපත් කර ගැනීමට උපදෙස් දීම ද අයිතියි. ලංකාවෙන් දවසකට දුරකතන ඇමතුමක් ඒම සාමාන්‍යයකි. ඉස්සර නම් ආවේ ගුවන් තැපැල් කවරයි.

      විශ්වාසයන් විචාරය කළ යුතුමයි. විචාරයෙන් පසු තම විශ්වාසය තව දුරටත් අල්ලාගෙන වඩා භක්තියෙන් ඇදහීමටත් නැතහොත් නිශ්ඵල යයි බැහැර කිරීමටත් පුද්ගලයාට ඉඩකඩ ලැබේ.

      “ඉතා ළඟින්” ඇසුරු කර, පොරොන්දම් නොගැලපේය කියා හාදකමෙන් ඉවත්වීම සාමාන්‍යයක් කරගත් සුප්‍රසිද්ධ පුද්ගලයෝ ලංකාවේ සිටිති.

      මංගල යෝජනා නරක යයි මා කිසිවිටෙක කියා නැත.

      නැත. නැත. සමරිසියන් සමහර විට වැඩියෙන් අද ලංකාවේ එළිපහළියේ ඇතැයි කියත හැකිය. එදා තිබුණ ලැජ්ජා බය නැතිව යාම නොව රැල්ලකට එකතු වීමට ඇති ආශාව නිසා සමහර සමරිසි නොවන අයත් අත්හදා බැලීම් කරන්නට යති.

      අද ලාංකිකයා එදාට වඩා ලිංගිකත්වය ගැන කතාබහට එළඹී ඇත්තේ බ්ලොග්කරණය තුල තම අනන්‍යතාවය සඟවා ගත හැකි නිසා පමණයි.

      ගෘහ මූලිකයන් විසින් තම මෙහෙකාරියන් ගැබ්බර කරවීම එදත් කෙරුණි. අදත් සිද්ධ වේ.

      පිටරට ගිය අම්මලා නිසා තාත්තලා අතින් අනාථ වූ දරුවන් ගැන නීතියෙන් කිසිත් දඬුවමක් දී ඇති යයි කොතැනක හෝ ඔබ කියවා ඇත් ද?

      කන්‍යාභාවය නැති වූවා යයි නඩුවකින් ජයගත් කාන්තාවක් ලංකාවේ සිටිනවා ද?

      එහෙත් අන්තවාදී සමාජයක සේ කාන්තාවගේ පාරිශුද්ධිය ගැන පමණක් දොඩවන බණ දේශනා කොපමණ අහන්නට ලැබෙනවා ද?

      සරසවි කෙල්ලෝ වෙත එවැනි බලහත්කාරකම් කරන්නට උපකුලපතිවරයාට හැකිවන්නේ සරසවි කොල්ලෝ පමණක් නොව මුළු සමාජයක් හිතන විලාසය නිසයි.

      • sujeewa said, on සැප්තැම්බර් 24, 2010 at 12:19 ප.ව.

        Aruni;

        Sorry I hv to use faster typing medium.

        Every incident that you mentioned is true. But my concern is the attempt of generalizing whole country for one or two such event.

        Not only in SL. Not long ago a french community was bundled for selling their under aged kids for sex. I am not giving tits for a tat here, but wanna show that every society has diff corners and there is no way you can use “Lankaawe” and bash whole SL on these. It is no diff to someone saying “pransaya podi lamayin sex valata vikunana ratak”. The batahira virodhaya of some individuals is same as this.

        It is fair to bash the nation on something if it is a common place event. But for one or two isolated events your blame is for the whole nation. You were dead against stereo typing few weeks ago, and today you’re doing the same.

        A much better approach is to target the individuals and try to get the whole against the one or two. If you keep on bashing whole nation on such, my opinion is that you are going to the same place where those women’s right idiots who protest in lipton circle to tell village bandits not to beat wife.

        Apart from that weakness, I think this is a very good post. Sadly my concern is whether it will get due respect for that one weakness.

        Plus you miss few points.

        – Let’s say TODAY SL girls are not free in sex [which is wrong], but can it be a free choice than a rule?

        – My example about some western communities forcing girls to have pre-marriage sex. Is that right? Is that freedom?

        – If totally free, do you think that every human will have sex with anyone anywhere in any manner, and it is all rules that control it? There is nothing call preference?

        • arunishapiro said, on සැප්තැම්බර් 24, 2010 at 12:51 ප.ව.

          sujeewa,
          පොදු ලංකාව යයි සහමුලින්ම සැලකුවේ නැත. බලන්න හෙඩිම, කැම්පස් කොල්ලෝ. මෙහෙම හිතන්නෙ පුරුෂරත්නයයි. ලංකාවේ ඉන්න ගෑණු කන්‍යාභාවය පරීක්ෂා කරලා ඔප්පු කරන්න බැරිබව දැන ගත්තෙ ඈත අතීතයේ දී, මොකද එයාල කා එක්කවත් ඉඳලා නැතුවත් නිකං දෝෂාරෝපණයට හා සැකයට ලක්වෙච්ච නිසා. තාමත් මේක ඔප්පු කිරීම කාන්තාවට පමණක් අදාල ප්‍රශ්නයක් වෙන්න හේතුව මොකක්ද? ඒකට අගැයුමක් තිබීමයි.

          ඇත්ත ඇති හැටියෙන් කීම stereotype වෙන්නේ කොහොම ද? “Dude, stop. You’re justifying the stereotype.” -Bruce Springsteen.

          අර ලිප්ටන් වටරවුමේ කෑ ගහපු අයට මාත් අයිතියි! දැන් තමයි වැටහෙන්නෙ කරපු මොන වෙනසක්වත් නැහැ කියල. වෙනස ඇති වුනේ කාන්තාවටත් ධනයක් හොයාගන්න නිදහසක් ආපු දවසෙ. අද ගම්බද කාන්තාව මිනිහා ගහනවා නම් දාලා යනවා. ඒත් වන්දි නඩු දාන්න යන්නෑ දිනන්න බැරි නිසා.

          කාන්තවගේ ලිංගිකත්වය ගැන දරණ අදහස් ගැන විචාරයකි මෙහි සිද්ධ වන්නේ. ඒ අදහස් අල්ලාගෙන සිටීමට පාදක වන හේතු ගැනය. ඇයට නිදහස් තෝරා ගැනීමක් ඇත් ද? ඇයට ලිංගිකත්වයට නිදහසක් ඇත් ද? බලාගෙන ගියාම උත්තරය මෙතැනට වැටී ඇති ප්‍රතිචාර වලින් දැකිය නොහැකි ද?

          විවාහයට කළින් ලිංගිකත්වයට බලපෑම් කරන බටහිර සමාජ මොනවාදැයි මූලාශ්‍ර සහිතව කියන්න. අප්‍රිකානු සමාජ ගැන නම් දනිමි. එහෙම කරන බටහිර සමාජයක් ගැන නොදනිමි.

          බල්ලෝ බළල්ලු න්‍යාය කියා එකක් කැම්පස් එකේ දී අපි අතර කතාබහට ලක්වුණි. නමුත් එවැන්නකට උවමනාවක් නිරෝගී මනුෂ්‍යයා තුල නැත. මනුෂ්‍යයා තෝරාගන්නට කැමති පුද්ගලයෙකි.

      • sujeewa said, on සැප්තැම්බර් 24, 2010 at 2:07 ප.ව.

        Aruni;

        Mathrukaava campus kollo thamayi. Palamuven ma ekath varadiyi. samahara campus kollo sulutharayak noveda?

        man campus giye ne mehe, kelinma kiyanna facts ne. Eth campus giya un athi tharam dannava. ungen nam oya gon adahas daranne ithaama sulutharayak.

        ita passe lipiye oya kiyanne, lankawe pirimi suduredda elanna inne, un ona ekak karala avith ganige virginity balanava kiyala. oka stereotyping neveyi nam aruni vena mokadda. man kiyanne oka 75%k hari una nam statement eka acceptable. oka wenne 20%yi nam, oyata mulu lankaavata baninna ayithiyak ne.

        oyata nopenena miss vena vachane “samahara” kiyana eka. oyage avurudu gaanakata kalin memory ekata miss wela thiyena de % eka ada aduyi kiyana eka.

        Aruni mata kiyanava nam lankawe oya ayithi wena parapure sex freedom eka, me parapurata wada vadiyi kiyala, ane man me kathaven ayin wennam. kagevath imaginary worlds walata challenge karanna one ne. oya ekka katha kale bima paya gahala innava kiyala. ara handagama rasikayanta thada unaata mata uge film allanne neththeth uu bimaka thiyaa uda thattuvakavath paya nogahu nisa, sihina bindinnath aathal kadannath one ne. Reality eka therum aran ita passe katha karamu.

        ada kaale e kaaleta vada freedom aduyi kiwwa eka varadiyi aruni. Kelaniya campus eke kello SUBSET ekakata freedom adu wela athi [mokada oya eka eka gati hadila campus eke unva ideologically control karana nisa – ekath oyalage kaale campus politics hadapu unge nirmaanayak]. eth samajayak hatiyata oya 60/70 walata wadaa ada freedom vadiyi.

        western society eke love life ekak pavathinna nam sex kala yuthuyi kiyana eka aruni nodanne ayidayi man danne ne. eth api dakapu ath vindapu samajaye nam eka ehemayi. e nisa e hati kamaththak nathiva ekata giyapu aya one tharam innava. man kiyanne kellan gana. ultimate freedom ekak noveyi ohe thiyenne. Ekath eka culture ekak. As a culture it presses you to follow something. It is diff to SL, and maybe more practical. But the cultural forcing is there. If not the same fate of isolation and alienation is the end result. No diff to SL.

        oyath ara lipton vata ravume ingrisiyen liyapu board wala birindata gahanna epa kivva ekkenek da? oyala katha kale game malu vikunana raa madina piyadaasalata neda? eka nam ithin sorry scene ekak.

        kese vethath me mathrukava ithama kaalochiythayi. e vagema me VC ge wade nisaa meka handa nagiya yuthuma velaavak. Aruni obe mathrukaava agaya karanava. alla gaththa vidihen nam oba kaatavath aamanthranaya karayida sakayi. mokada bahutharayak nivaradi kaarayinta oya pahara dena nisa.

        oya aasaavata kello vs kollo sellamak karanna hadanava nam [man out ovayin – e podi kaale] meka maru post eka e purpose ekata.

  8. පිටස්තරයා said, on සැප්තැම්බර් 24, 2010 at 12:20 ප.ව.

    හොඳ ලිපියක්.

    මේ සමහර ප්‍රතිචාර දැක්කාම නම් හිනා යන එක නවත්තගන්න බැහැ.
    1)චිත්‍රපටියක සියල්ල තාත්වික විය යුතු යැයි සිතීම
    2)කැම්පස් වල හැමිනෙන්නේ කෙල්ලන් පමණක් යැයි සිතීම
    3)සුද්දා අරුණිට සල්ලී දී ලංකාවේ අති උතුම් සන්ස්කුරුතිය විනාස කිරීමට බ්ලොග් ලියවනවා යැයි සිතීම

    තව මොන මොනව ඉස්සරහට එන ප්‍රතිචාර වලින් එයිද දන්නේ නැහැ. 🙂

    • sujeewa said, on සැප්තැම්බර් 24, 2010 at 12:34 ප.ව.

      >> 1)චිත්‍රපටියක සියල්ල තාත්වික විය යුතු යැයි සිතීම

      eka eka minihaa rasa vindinne eka eka akarayen yayi nosithimath. hama ekama handayage mongal bala notherime prithiya vindiya yuthu bava sithimath nam usas buddhimath kamaki.

      • පිටස්තරයා said, on සැප්තැම්බර් 25, 2010 at 1:21 පෙ.ව.

        සම්පූර්ණයෙන් එකඟයි. මේ උඩ කමෙන්ට් වල වෙලා නැත්තෙන් ඒක නෙවෙයි ද?

      • sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 1:47 පෙ.ව.

        pitastharayaa;

        samahara comment wala thiyenne mongal katha. eth okkotama uththara denna velavak ne.

        topic ekatath stand point ekatath man respect kranava. man try kale mata therena vidihata aruni ta varadila thiyena eka deyak pennanna. vidde haavaata vadune pandurata wage nisa.

        campus kollo bahutharayak virginity balanavada wage topic ekak, handayage nirmanayak vage perception ekak nove. ekko ow nathnam ne. oyatayi matayi aruni tayi nivaradi matha thunak thiyenne be.

        Aruni baninava nam baniya yuththe oya podu sishyaya kiya ekek define karala, uu vishesha vu ekek bavata path karala [ex rag karanna puluvan arrest karanna be] thiyena sulutharayak vechcha campus political gansiye ekadhikaarayen campus bera ganna. hitapu VC elavalaa me buruva genna oya kiyana podu shishyaya maara veda kotasak kala bavayi aaranchi. dan baninneth me yaka unta gahana nisaa kiyalath kiyanava. meka assen daala campus marayin 66k bera ganna adahasak thiyelu remand eken. so VC ge bora [sulu] diye maalu baana ayath innava. ovath boru neveyi neda?

        e arenna godak campus vala inneth eliye inna minissu vagema kotasak. me chodanavata un varadi kaarayan kiya man hithanne ne.

      • පිටස්තරයා said, on සැප්තැම්බර් 25, 2010 at 11:32 පෙ.ව.

        Sujeewa,

        //campus kollo bahutharayak virginity balanavada wage topic ekak, handayage nirmanayak vage perception ekak nove. ekko ow nathnam ne. oyatayi matayi aruni tayi nivaradi matha thunak thiyenne be.//
        ඔව්. ඇත්ත. මම හඳයාගේ අනුගාමිකයෙක් නෙමෙයි. ඒත් හඳයගෙ නිර්මාණ අසාර්ථක වීම අතාත්විකයි කීම වගේ උත්තරයක් අයිති වෙන්නේ එක් එක්කෙනා මත වෙනස් වෙන උත්තර ගොඩට.

        //Aruni baninava nam baniya yuththe oya podu sishyaya kiya ekek define karala, uu vishesha vu ekek bavata path karala [ex rag karanna puluvan arrest karanna be] thiyena sulutharayak vechcha campus political gansiye ekadhikaarayen campus bera ganna. hitapu VC elavalaa me buruva genna oya kiyana podu shishyaya maara veda kotasak kala bavayi aaranchi. dan baninneth me yaka unta gahana nisaa kiyalath kiyanava. meka assen daala campus marayin 66k bera ganna adahasak thiyelu remand eken. so VC ge bora [sulu] diye maalu baana ayath innava. ovath boru neveyi neda?//

        වීසීගේ ක්‍රියාකලාපයට ඔබ හඳුන්වන “පොදු ශිෂ්‍යයා” විතරක් උදව් වුනා කියන්න බැහැ. වීසිව එතනට පත් කරන්න ඒ අය කටයුතු කරන්න ඇති. ඒත් වීසිගේ sex විරෝධයට පොදු ශිෂ්‍යයගෙ කිසිම උපකාරයක් නැහැනෙ. ඒ නිසා මේ පොදු ශිෂ්‍යයාට වඩා පවතින සමාජ මතයට ගහන එක වැදගත්. ඒ සමාජ මතය තමයි මේ වීසීව පෝෂණය කරන්නෙ.

      • sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 12:04 ප.ව.

        pitastharaya,

        oya kiyana vidihe samaja mathayak gana maytanam danenne ne. mata hithenne oya yaka uge mathaya ganne uu inna yamkisi mathavaadi kalliyakin. podu samajayen nove.

        man kiyanne ne lankawa patta free kiyala. kiss ekak public eke dena ekata thavama virodayak thiyenava. oya wage podu mathavaada nathuwa nove. eth aruni kivva eva nam daranne tharuna parapure sulutharayak bavayi mage hangima. aththatama apata kalin parapura nam meva badaa gena hiti bavayi mage mathakaya.

        Api langadi vechcha incidents tika ara gena balamu,

        1. K’gala polisiyen loversla arrest kirima [mekata hethuva nam “nagaraye minisun” complain kirimayi]

        2. VC ge petti check

        3. samahara hamuduruvan valantine day eke diversion programs kirima

        4. campus vala kellanta gavum andanna bala kirima.

        5. kiss kirimata athi virodhaya

        me hathara vena vena ma balamu.

        (1) siddiye k’gala patthen ahena kathava thamayi tuition hindaa tavuwe couples pirilaa e aya public ma weda kiyala. oya public weda gena mage virodayak ne. eth eva piliganna lankawwa lasthi ne [aruni e gana oba kivva nam man agreed]. habayi meka kivvama polisiya kale hotal walata panna eka. me siddiya polisiye usual buru behavior ekayi. prasidda than vala thahanam kalayuthu de navaththanna un kale haro vididhata karapu un va allapu eka. meka obviious buru vedak. eth me mathaya podu mathayak nove. meka isolated one event ekak.

        (2) man thavamath hithanne VC yamkisi mathavaadi kalliyaka member kenek kiyala. mokada ohoma hithana venath uni lecturersla mata hamu vi ne. mehema hithana uni kollo kello mata hamu vi ne. meka podu mathayak nove.

        (3) oka patan gaththe tikak saadarana hethuvakata mokada sannasgala kiyana mongal buva aadaraya vikunana commercial program ekak patan gaththa nisa. eth ithin janapriya hamuduru set eka meka pathirevva. e ralle inna aya me mathaya daranava. habayi JHU eken aapu ralle inne hari tikayi. ithiri podi maha janathava puluvannam program dekaytama yaavi. meva sulutharayaka mathayan.

        (4) meva thanikara campus politics valin aapu bullshit. hamoma danna nisa vadiya liyanne ne. kohethma podu mathayak nove, balen patavu mathayak. mage yeheliyan innava unta kuda gaha ganna kiyala hithu manape andau.

        (5) menna meka nam lankawe charter scene ekak. me virodhaye padanamak ne. eth thavama public kissing taboo. langadi indan meka break we gena yanava man eka subavaadiva dakinava. kissing kiyanne ahinsaka deyak., eka public kalata varadak dakinne ne. public kissing – public sex nowe harida?

        man siddi pahak gaththe mata danena tharamin pahadili karanna. no 5 gaththe aruni ge kathawe nathi wenath deval pennanna. man thavamath dakinne me lipiye anthargathayata “podu sri lankan matha” nove balapanne. eka eka kattiyage suluthara matha. e sulutharaya adaala thana balaya allan inna nisayi ova wenne. ex: VC podu sihyaya.

  9. Kathandara Karaya said, on සැප්තැම්බර් 24, 2010 at 11:25 ප.ව.

    A friend of mine says that the best bit of this essay is the following.

    පීඩිත කොටසක් පාලනය පහසුය. ඔවුන් තුල කකියන්නේ නොදන්නා ද්වේශයයි. අනුගමනය කරන්නෙ විමසා බැලීමකින් තොරවය. අහිමි දෙයක් අහිමි ඇයි දැයි සොයා නොබලා එය ඇත්තාට වෛර කරති. තමන්ට නැති නිසා අනුන්ට ද ලැබෙනවාට අකැමැතිය. ලෝකයාගේ කැමැත්ත සොයනා ඔවුන් අවසානයේ ලබන්නේ ලෝකයාගේ අපවාදය බව නොදනිති.

  10. නිමේෂ් said, on සැප්තැම්බර් 25, 2010 at 1:49 පෙ.ව.

    මීට අවුරුදු 20කට කලින් කැම්පස් කොහොමද කියන්න මම දන්නේ නැහැ ඒත් අද කැම්පස් කියන්නේ මොකක්ද කියලනම් දකිනවා. කැම්පස් වල පෙම් කතා බොහොම වේගවත් එලියෙදි මාස ගනන් යන ක්‍රියාවලිය දවස් දෙක තුනකින් වෙනවා. අද යාලු වෙන කපල් එකක් දවස් දෙක තුනකින්ම කොහේ හරි බංකුවක ගුලි වෙලා ඉන්නවා දකින්න පුලුවන්. ඒ අතින් බලනකොට කැම්පස් සීමා ඇතුලේ පිටදි නොලබන නිදහසක් තියෙනවා කියන්නත් පුලුවන්. ඒත් සම්බන්දකම් ගොඩක් ඉක්මනට ශාරීරික වෙනවා දැක්කේ කැම්පස් ඇතුලෙදිම තමා. ඒ ඉක්මනටම සම්බන්දකම් කැඩෙනවා තවත් එකක් එක්ක දෙන්නගෙන් කවුරු හරි ඉස්සෙල්ල එකටත් වඩා ඉක්මනින් ශාරීරික වෙනවා දකින්න පුලුවන්. හැබැයි මේ හැම නිදහසක්ම කැම්බස් බවුන්ඩ්‍රිය ඇතුලෙ අනුමත කරන කොල්ලා එතනින් තමන්ගෙ ගෙදරට එක්ක යන්න තෝර ගන්නේ නිකැලැල්, නිදොස් ගැලපෙන කියල හිතන කෙල්ලෙක්. කැම්පස් ගිය කෙල්ලෝ බදින්න එපා කියල කතාවක් මේ සමාජයේ ඇත්තෙම නැද්ද? ඒත් එක්කම කොල්ලෝ ඕනිම මගුලක් නටල ගෙදර ඇවිත් නා ගත්තම ඔක්කොම හරි කියල කතාවකුත් මේ සමාජයේ නැද්ද?
    මේවා තමයි වෙනස් වෙන්න ඕනි. කැම්පස් ආපු ගමන් මොකෙක් හරි කමක් නැහැ කියල අහුවෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන කොල්ල ඊ ලඟ බැජ් එක ආපු ගමන් අර කෙල්ල අතැරල ලස්සන සුදු නංගිල පස්සේ යන සිද්දි මම දැකල තියෙනවා. ඔය කැම්පස් ඇතුලේ. කැම්පස් නොවෙන මගේ යාළුවෙක් දවසක් කියනවා “මචං මම සිරා කරන එක මම අතින් අල්ලනෙත් පරිස්සමින් හැබැයි අනිත් සෙල්ලම් ඔක්කොම දාන්නේ පිට ඒවත් එක්ක. මස් කෑල්ලකට මෙහෙමත් මැරෙන ජාතී ලෝකේ දැන් තියෙන්නේ ආසියාවේ විතරද මන්දා?
    කැම්පස් ආව පමණින් කැම්පස් වෙනස ලිංගික ක්‍රියා එලිපිට කිරීමෙන් අර්තකතනය කරල එලියේදී සාම්ප්‍රදායිය ගෑනු මිනිස්සු වෙන්නේ ඇයි?
    කෙල්ල කැමපස් ගියාම ගමේ යාලු වෙලා ඉන්න කොල්ලා ඉරිසියාවි පුපුර පුපුරා රන්ඩු කරන්නේ ඇයි?
    කැමපස් වල තියෙන උප සංස්කෘතිය පිට ඉන්න සාමාන්‍ය මනුස්සයා අර්තකතනය කරන්නේ කොහොමද?(කැමපස් එක ගාවින් ගෙදර අයත් එක්ක යනකොට මම යන්නේ වාහනේ ලයිට් නිවාගෙන)
    මේ හැම දෙයක්ම සලකල බලන්න ඕනි. මෙහෙම කැම්පස් යනකම් රැඩිකල් වෙන අය එලියෙදී අතිශය සාම්ප්‍රදායික වෙන්නේ ඇයි?

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2010 at 6:37 පෙ.ව.

      නිමේෂ්, මා දකිනා විදියට එදත් අදත් අතර තරුණ කෙල්ලෝ කොල්ලෝ හැසිරෙන ආකාරයේ වැඩි වෙනසක් නැහැ. සත්‍ය දකින හා කියන්නට අදිමදි නැති ඔබ වැන්නෝ කාන්තාවන් වන අපි ඉහළින් තබා පුද සත්කාර හා නමස්කාර කළ යුතුයි. ආයිබෝ වේවා!

      • නිමේෂ් said, on සැප්තැම්බර් 25, 2010 at 12:28 ප.ව.

        මම කියපු හැම දෙයක්ම වැඩියෙන් කාන්තාව කේන්ද්‍ර කර ගත්තේ පිරිමි ස්වභාවයෙන් වැඩියෙන් වැරදි කරන නිසා නෙමෙයි. ඒ දේවල් ඒ ඒ පුද්ගලයාගේ චරිත එක්ක බලන්න ඕනි දේවල්. ගැහැනු පිරිමි දෙකොටසම එක විදිහට ආත්මාර්තකාමීයි, වැරදි කරනවා, හොඳ කරනවා. මම එහෙම ලිවිවේ කවුරු මොනව කිවිවත් මේ සමාජයේ වැඩියෙන් පීඩණයට ලක් වෙන්නේ කාන්තාවන් වෙන නිසා. හැබැයි කිසිම කාන්තාවකගෙන් මහා පුරුශෝත්තමවාදියෙක් නොවන නිසා පුද සත්කාරනම් ඕනි වෙන්නේ නැහැ. කොහොමත් මට බ්ලොග් කරල පුරවගන්න තරම් ඇරියස් නැහැ.

    • sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 7:07 පෙ.ව.

      me vidihata hiothana aya campus eke inna bahutharaya dha sulutharaya dha nimesh. mage ath dakimen eya sulutharayak.

      >> කෙල්ල කැමපස් ගියාම ගමේ යාලු වෙලා ඉන්න කොල්ලා ඉරිසියාවි පුපුර පුපුරා රන්ඩු කරන්නේ ඇයි?

      maa dhanna tharamin ehema giya godak evun ge affaors kadila athule ekekta set vena nisa. varadak ne neda?

      >> ම්පස් ගිය කෙල්ලෝ බදින්න එපා කියල කතාවක් මේ සමාජයේ ඇත්තෙම නැද්ද? ඒත් එක්කම කොල්ලෝ ඕනිම මගුලක් නටල ගෙදර ඇවිත් නා ගත්තම ඔක්කොම හරි කියල කතාවකුත් මේ සමාජයේ නැද්ද?

      oya kathaa maath ahala thiyenava eth ova prayogika va paavichchi karana bavak nam dekala ne. athoth bohoma tikayi.

      >> කැම්පස් ආපු ගමන් මොකෙක් හරි කමක් නැහැ කියල අහුවෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන කොල්ල ඊ ලඟ බැජ් එක ආපු ගමන් අර කෙල්ල අතැරල ලස්සන සුදු නංගිල පස්සේ යන සිද්දි මම දැකල තියෙනවා.

      meke thiyena maha veredda mokadda? eliye samajayeth oya vage de ven nedda? anika kollo vitharda? kello mehema karanne nedda? meva minis svabhavaya. meva venas karanna one ne neda?

      >> කැම්පස් ආව පමණින් කැම්පස් වෙනස ලිංගික ක්‍රියා එලිපිට කිරීමෙන් අර්තකතනය කරල එලියේදී සාම්ප්‍රදායිය ගෑනු මිනිස්සු වෙන්නේ ඇයි?
      >> මෙහෙම කැම්පස් යනකම් රැඩිකල් වෙන අය එලියෙදී අතිශය සාම්ප්‍රදායික වෙන්නේ ඇයි?

      Love life eka sambandhayen me siddiya ehema venavada? deshpaalane gana nam meka hari.

      • නිමේෂ් said, on සැප්තැම්බර් 25, 2010 at 12:14 ප.ව.

        සුජීව,
        //maa dhanna tharamin ehema giya godak evun ge affaors kadila athule ekekta set vena nisa. varadak ne neda?
        ඔව් ඉතින් කැම්පස් ආපුහම ගමේ කොල්ලා මදි වෙන අය ඉන්නවා මම දැකලත් තියෙනවා. හැබැයි අන්තිමට අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ(කෙල්ල කට්ට අම්මණ්ඩියෙක් නොවෙන්න).

        //oya kathaa maath ahala thiyenava eth ova prayogika va paavichchi karana bavak nam dekala ne. athoth bohoma tikayi.
        හොඳ degree එකක් එක්කනම් ඔය මස් කෑල්ල යකාට ගියාවේ කියල බැඳ ගන්න අය ඉන්නව හැබැයි ඊලග කසාදෙන් පස්සේ episode එක ගෑනිට ගොඩක් අමාරු වෙනවා.

        //meke thiyena maha veredda mokadda? eliye samajayeth oya vage de ven nedda? anika kollo vitharda? kello mehema karanne nedda? meva minis svabhavaya. meva venas karanna one ne neda?
        ඒ වගේ දේවල් සමාජයේ වෙන එක නිසා අර්බුද ඇති වෙන්නේ නැද්ද? කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතිව ඔය දේවල් වලට පෙලබුනත් කොල්ලෝ තරම් ඒ වගේ දේකට නිර්භීත වෙන්නේ නැහැ. මොකද එහෙම ගිය අයගේ videos, photos එහෙම ඉන්ටර්නෙට් එකට වැටෙනවා නේද? කවදද ලංකාවේ කොල්ලෙක්ගෙ එහෙම කිලිප් එකක් ලීක් උනේ??

        //Love life eka sambandhayen me siddiya ehema venavada? deshpaalane gana nam meka hari.
        අපෝ ඔව් ඔය 80 දශකයේ කැම්පස් ගිය කෙනෙක්ගේ දරුවෙක්ට ඒ ගොල්ලෝ කොහොම අවවාද දෙනවා ඇතිද?? මම මෙහෙමඉ කලේ පුතේ උබත් මෙහෙම කරපන් කියල?

      • sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 1:35 ප.ව.

        නිමේෂ්;

        >> ඔව් ඉතින් කැම්පස් ආපුහම ගමේ කොල්ලා මදි වෙන අය ඉන්නවා මම දැකලත් තියෙනවා. හැබැයි අන්තිමට අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ(කෙල්ල කට්ට අම්මණ්ඩියෙක් නොවෙන්න).
        >> ඒ වගේ දේවල් සමාජයේ වෙන එක නිසා අර්බුද ඇති වෙන්නේ නැද්ද?

        මේවා නොවෙයිනේ අපි මෙතන කතා කරන්නේ.

        මෙතන මා දකින දුර්මත නම්,

        1. කෙල්ලන් පෙළන රාමුවක ලංකාව පොදුවේ සිටින බව
        2. කැම්පස් කොල්ලන් බොහොමයක් කෙල්ලන් සමග සියල්ල කර කන්‍යාවියක් බැඳ ගන්න බව
        3. ජපුර වීසී ගේ මතය පොදු සමාජ මතය බව

        ඔයිට පිටින් කොල්ලො කෙල්ලන්ටත් කෙල්ලො කොල්ලන්ටත් ඕනෑ තරම් බලු වැඩ කරනවා. කොල්ලො කෙල්ලො විතරද? නිෂ්පාදකයා පාරිභෝගිකයාටත්, වෙළෙන්දා මිළදී ගන්නාටත්, දේශපාලකයා චනද දායකයාටත්. ලොකෙ ඔහොම තමයි. එවයේ හොඳ නරක වෙනුවෙන් මට කතා කරන්න බෑ නෙ. මං කිව්වෙ අර මුළින් කිව් දුර්මත තුන වැරදියි කියා පමණයි.

        >> හොඳ degree එකක් එක්කනම් ඔය මස් කෑල්ල යකාට ගියාවේ කියල බැඳ ගන්න අය ඉන්නව හැබැයි ඊලග කසාදෙන් පස්සේ episode එක ගෑනිට ගොඩක් අමාරු වෙනවා.

        මේවා නම් කොල්ලෝ ඉතාම සුලුතරයකගේ කතා. මේවා ඇතිවන්නේ හරි දැනුමක් නැති කමින්. කැම්පස් එකයි මේකයි අතරේ මොකද්ද සම්බන්ධය? එලියෙ ඔය ප්‍රශ්න වැඩියි නෙද?

        >> අපෝ ඔව් ඔය 80 දශකයේ කැම්පස් ගිය කෙනෙක්ගේ දරුවෙක්ට ඒ ගොල්ලෝ කොහොම අවවාද දෙනවා ඇතිද?? මම මෙහෙමඉ කලේ පුතේ උබත් මෙහෙම කරපන් කියල?

        ඒ පරම්පරාවේ අය ඊට කළින් අයට වඩා නිදහස්. ඒත් අද එවුන් තරම් නොවේ. මං කිව්වෙ පරණ පරපුර ඔවායේ හිටියා වැඩියි කියලා. මන් හිතන්නේ වෙනස ක්‍රමයෙන් ඉස්සරහට යනවා. මේ එක තැන පල් වෙන දෙයක් නොවෙයි.

        ඔබේ මත වල ඇත්තක් ඇතිමුත්, අරුණි කියන අදහස් වලට ටිකක් පිටතින් ඔබ කතා කරන්නේ. මං මෙකට කොමෙන්ටු දාන්න ගත්තේ අරුණි ගේ ඉහත සඳහන් දුර්මත නිසා පමණයි. මාත් ඉතිරියට ඇය හා එකඟයි.

      • නිමේෂ් said, on සැප්තැම්බර් 25, 2010 at 2:27 ප.ව.

        අදාලත්වය ගැන ප්‍රශ්ණයක් වෙන නිසාම තමයි කොටස් එක්කම අරන් උත්තර දුන්නේ. ඇත්තම කිව්වොත් ඔය පෙන්නලා තියෙන දුර්මත කියන තුනම ඇත්ත. ඒ හැම එකෙක්ම ඇත්ත කියන එක මම කියපු අදහස් වලින් ව්‍යුත්පන්න වෙනවා. ඇත්තටම මෙතනින් පොඩ්ඩක් එලියට ගියොත් විවිධ වූ බෙදීම් නිසා සමාජයේ කොටස් පීඩණයට ලක් වෙන්වා. මම කියපු අදහස් අරගෙන බැලුවොත් තේරේවි ඔබ ඔය හුවා දක්වල තියෙන දුර්මත දුර්මත නොවෙන බව ඒවයින් කියවෙන බව. මම කියන කතා ඇත්තනම්,

        1. කෙල්ලන් පෙළන රාමුවක ලංකාව පොදුවේ සිටින බව
        >>ඒ වගේ දේවල් සමාජයේ වෙන එක නිසා අර්බුද ඇති වෙන්නේ නැද්ද? කොල්ලෝ කෙල්ලෝ වෙනසක් නැතිව ඔය දේවල් වලට පෙලබුනත් කොල්ලෝ තරම් ඒ වගේ දේකට නිර්භීත වෙන්නේ නැහැ. මොකද එහෙම ගිය අයගේ videos, photos එහෙම ඉන්ටර්නෙට් එකට වැටෙනවා නේද? කවදද ලංකාවේ කොල්ලෙක්ගෙ එහෙම කිලිප් එකක් ලීක් උනේ?
        //මේ මම කියල තියෙන්නේ සමස්ථයක් විදිහට වැඩියෙන් කෙල්ලෝ පීඩණයට ලක් වෙන බව නෙමයිද?

        2. කැම්පස් කොල්ලන් බොහොමයක් කෙල්ලන් සමග සියල්ල කර කන්‍යාවියක් බැඳ ගන්න බව
        >>>> කෙල්ල කැමපස් ගියාම ගමේ යාලු වෙලා ඉන්න කොල්ලා ඉරිසියාවි පුපුර පුපුරා රන්ඩු කරන්නේ ඇයි?
        //එහෙම වෙන්නේ කැම්පස් කෙල්ල ගැන සමාජයේ තියෙන ජනප්‍රිය මතය නිසා
        >> ම්පස් ගිය කෙල්ලෝ බදින්න එපා කියල කතාවක් මේ සමාජයේ ඇත්තෙම නැද්ද? ඒත් එක්කම කොල්ලෝ ඕනිම මගුලක් නටල ගෙදර ඇවිත් නා ගත්තම ඔක්කොම හරි කියල කතාවකුත් මේ සමාජයේ නැද්ද?
        //මේකෙන් කියන්නෙත් ඔය 2 යටතේ දක්වල තියෙන එකමයි නේද?

        3. ජපුර වීසී ගේ මතය පොදු සමාජ මතය බව
        >> මෙහෙම කැම්පස් යනකම් රැඩිකල් වෙන හුටත් එලියෙදී අතිශය සාම්ප්‍රදායික වෙන්නේ ඇයි?
        //එලියෙදි ලිංගිකත්වය ගැන රැඩිකල් වෙන කෙනා මහා සමාජයත් එක්ක සමාජානුයෝජනය වෙනකොට ඔහුටත් නොදැනීම සමාජ මතය සමග එකතු වෙනවා. නැත්නම් ඒක වැරදියි නොකියා ඒක ඒ විදිහටම වෙන්න අරිනවා(නිහඩතාවය තුලින් එකගත්වය).

        මම දෘඩ විදිහට අරන් පෙන්නුවෙ නැති උනාට ඒ හැම එකක්ම අනදාල වෙන්නේ නැහැ. යමක ගැලපීම නොගැලපීම විමසන්නට උත්තම පුරුෂ කෝණය වෙනුවට ප්‍රථම පුරුෂ සර්වවේදී කෝණයක් පාවිච්චි කරන්න. එතකොට සියුම් ගැලපීම නොගැලපීම පවා පෙනේවි.(සමාවෙන්න ආයෙත් ප්‍රස්තුතයෙන් බැහැර උනාට)

      • sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 4:24 ප.ව.

        nimesh;

        smaavanna. obe karunu dakvimen ara dhurmatha bindenava kiyaa pili ganna amaruyi.

        >> //මේ මම කියල තියෙන්නේ සමස්ථයක් විදිහට වැඩියෙන් කෙල්ලෝ පීඩණයට ලක් වෙන බව නෙමයිද?

        naha indala hitalaa 0.1%k pidanayata lak vana bava

        >> //එහෙම වෙන්නේ කැම්පස් කෙල්ල ගැන සමාජයේ තියෙන ජනප්‍රිය මතය නිසා

        naha. ehema wenne uuta kella nathiweyi kiyaa thiyena saadharana bayata.

        >> //මේකෙන් කියන්නෙත් ඔය 2 යටතේ දක්වල තියෙන එකමයි නේද?

        ehema daradandu mathayak tharuna parapure ne kiyala neda man digatama kiwwe?

        >> //එලියෙදි ලිංගිකත්වය ගැන රැඩිකල් වෙන කෙනා මහා සමාජයත් එක්ක සමාජානුයෝජනය වෙනකොට ඔහුටත් නොදැනීම සමාජ මතය සමග එකතු වෙනවා. නැත්නම් ඒක වැරදියි නොකියා ඒක ඒ විදිහටම වෙන්න අරිනවා(නිහඩතාවය තුලින් එකගත්වය).

        meka sambandha ne ne no 3 walata. oba kiyanne me VC vage aya maha godak innava kiyala da? man ahapu palaveni staff memebr thamayi oka.

        >> යමක ගැලපීම නොගැලපීම විමසන්නට උත්තම පුරුෂ කෝණය වෙනුවට ප්‍රථම පුරුෂ සර්වවේදී කෝණයක් පාවිච්චි කරන්න

        meka mage jivitheta sambanda ne. kalin kivva vage man campus giye naha.etha dakina ahana de valin gath harayak. e nisa obe uththama purusha chodanava galapenne ne.

  11. sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 5:45 ප.ව.

    මෙන්න මා මෙහි දකින අඩුපාඩු කෙටියෙන්.

    1. කෙල්ලන් පෙළන රාමුවක ලංකාව පොදුවේ සිටින බව
    2. කෙල්ලන් පෙළන රාමුවක කැම්පස් කොල්ලන් පොදුවේ සිටින බව
    3. කැම්පස් කොල්ලන් බොහොමයක් කෙල්ලන් සමග සියල්ල කර කන්‍යාවියක් බැඳ ගන්න බව
    4. ජපුර වීසී ගේ මතය පොදු සමාජ මතය බව
    5. එකෙකු දෙන්නෙකු ගේ ක්‍රියාකාරකමකින් මුළු මහත් සමාජය ම නියෝජනය වන බව
    6. සිය කැමැත්තෙන් ඇතැම් ක්‍රියාවක් නොකර ඉන්නවුන් හැමවිටම එසේ කරන්නේ සමාජයට ඇති බය නිසා යන අදහස. එහි එසේ නොකිරීමට ඇති free choice නියෝජනය නොවීම.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2010 at 6:58 ප.ව.

      sujeewa,
      ඔතන මුල් 5 ඔයා දකින්නෙ අඩුපාඩු හැටියට. මම ලිව්වෙ පවතින තත්වය. ඔයිට වඩා දරුණු කතා තියෙනවා මා ළඟ අද ලංකාවෙන් ඇහෙන. ලාංකික සමාජයේ කාන්තාවට වන ඒ අසාධාරණකම් කිව්වොත් ඔයා වගෙ කෙනෙක් කිසිදාක පිළිගන්නෙ නැහැ. නමුත් සුජීව, ඔයා පිළිනොගත් පමණින් ඒවා සිද්ධ නොවෙනවා කියල හිතන්න එපා.

      ලංකාවේ පිරිමි හැමෝම කාන්තා පීඩනයේ යෙදෙන අයයි කියා කිසිසේත් අදහස් නොකරමි. පුරුෂයකු වූ පමණින් “පුරුෂරත්නයක්” යයි තමන් විසින් සලකා ගන්නා පිරිසක් සිටින නිසා (සමහර කාන්තාවෝ ද පිරිමි එහෙම යයි පිළිගනිති) පොදුවේ කාන්තාව පෙළන රාමුවක් ඇතිවීම ඔයත් මමත් කරපු දෙයක් නෙමෙයි. නමුත් අපි නොදැක්කා වගේ හිටියොත් අපිත් එහි හවුල්කාරයෝයි.

      රත්තරන් වටින හදවත් ඇති පිරිමි ඉන්නවා. නමුත් වැඩිදෙනා පිළිගත් පොදු රාමුව අස්සෙ එයාල කටවල් වහාගෙන ඉන්නෙ කාන්තාව දුක් පීඩා විඳ විඳ කටවල් වහගෙන ඉන්න විදියටමයි.

      උපකුලපති ගැන බ්ලොග් සටහන් ලියූ හා මේ සටහනට ප්‍රතිචාර දැමූ පිරිමි බොහොමයක් සංවේදී හදවත් තියන ගොඩට එකතු කරන්න පුළුවන් කියලත් හිතනවා. ඒ අය අතරින් නිමේෂ්ට මම ආශීර්වාද කළේ ඔහු ඒ අය අතරින් ද තවත් පියවරක් ඉදිරියට යන්න එඩිතර වූ නිසා. එනම් තම පිරිමි අතරම ඇති අඩුපාඩුවක් කියන්න පසුබට නොවනු නිසා.

      අපි අතර ඇති අඩුපාඩු (ගෑණු පිරිමි දෙකම) කතාබහට ලක් නොකළොත් ඒවා හදා ගන්න බැහැ. හදා නොගත්තොත් අපිට දියුණු සමාජයක් වෙනුවට ආයෙත් යන්න වෙන්නෙ අතීතයේ කරපු වැරදි කරන යුගයකට. දියුණු සමාජයක් නම් ලිංගික නිදහස තියන සමාජයක් යයි මා අදහස් කරන්නේ නැහැ. ලිංගික නිදහසත්, ආගම ඇදහීම වගේ තම තමන්ගෙ කැමැත්තට අනුව පුද්ගලයා කරන තෝරා ගැනීමක් විය යුත්තක් පමණයි. බලෙන් ඒවාට නීති දාන්න ගියාම අපිට ‍වැදගත් විදියට හැසිරෙන්නෙ කොහොමද යන්න කතාබහට ඉඩක් ලැබෙන්නෙ නැහැ.

      ලංකාවේ ජීවත් නොවූවත්, ලාංකික පුරවැසිභාවයක් නැති වූවත්, එහි උපන් නිසා, හැදුණු වැඩුණු නිසා, මා ද ලංකාව යම් ආකාරයකට නියෝජනය කරනවා. ලංකාව කියා නියෝජනය වන්නේ ලංකාවේ ජීවත්වන අය පමණක් නොවේ. පිටරටක දී පිටරැටියන් හා කරන ඕනෑම සමාජයීය කටයුත්තක් සඳහා සහභාගී වෙද්දී මම ලංකාවෙන් ආපු කෙනෙක් හැටියට ඒ උපන් රටට නිසි සැලකිල්ලක් ලැබෙන විදියට හැසිරෙන්න හැමදාම උත්සුක වෙන්නෙ එකෙකු දෙන්නෙකුගෙ ක්‍රියාකාරකමකින් මුළු මහත් සමාජයම නියෝජනය වන බව පිළිගත් නිසයි. නිතරම බලන්නෙ වැරදි අඩුකරගන්න.

      සුළු වැරැද්දක් සිද්ධ වෙද්දී අපි හිනාවෙලා අහක බලාගන්නවා. ටිකක් බරපතල වැරැද්දක් කරද්දී පොඩි අවවාදයක් දෙනවා. ඒත් පිට පිට වැඩි පිරිසක් අතින් වෙන වැරදි ගැන කිසිත් නොකියා ඉන්න, නොදැක ඉන්න පිරිස නිසා තවත් දරුණු හැසිරීමක් කරන්න ඒ අතරින් කෙනෙක් එඩිතර වෙනවා. ඉතින් පීඩනයට ලක්වෙන්නා ඉතා දුක්විඳිනවා.

      එදා ප්‍රෙමවතී මනම්පේරී යන අවුරුදු කුමාරිය වූ රූමත් තරුණියගේ වස්ත්‍ර ගලවා ඇයට මහපාරේ ඇවිද යන්නට අණ දුන් පොලිස් නිලධාරීයා ගැන අසා ඇත් ද? එදා ඒ ගමේ කිසිවෙක් පොලිස් නිලධාරියාගේ අණට ඉහළින් කිසිත් කියන්නට බිය වී කටවල් වසාගෙන සිටියහ. ඇයට වෙඩි තබා මරා දැමුවේ නීතිය ක්‍රියාත්මක කරන්නට ද? තවත් වසර ගණනක් යනතුරු ඒ පොලිස් නිලධාරියාට විරුද්ධව කිසිත් කළ අයෙක් නැත.

      ඔබේ සහෝදරියක් හෝ දියණියක් හට එසේ සලකන්නට කෙනෙක් ඉදිරිපත් වුවහොත් ඔවුන් බේරා ගන්නට ඔබේ සහයට එනු ඇත්තේ කවුද? කෙල්ලන් පෙළන රාමුවක පොදුවේ ලංකාව නොසිටින බව සිතන අය ද?

      //6. සිය කැමැත්තෙන් ඇතැම් ක්‍රියාවක් නොකර ඉන්නවුන් හැමවිටම එසේ කරන්නේ සමාජයට ඇති බය නිසා යන අදහස.//
      “අද ආපහු හැරිලා බලද්දී අනුන් කොහොම හිතුවට මොකෝ කියලා ආදර කතාවල් රස වින්ඳ අය හොඳට විභාග සමත් වෙලා ලංකාවේ උසස් තැන්වල, පිටරට ඉහළ තනතුරු වල සේවය කරන්නෙ සතුටු පවුල් ජීවිත ගත කරමින්.”
      මේ කියන්නේ බය නිසා යමක් කළ/නොකළ අය ගැන නෙමේ. සමාජයට බය නොවී තමනට අවශ්‍ය අන්දමින් යමක් කළ/නොකළ අය ගැනයි. මම සමරිසි නොවුනේ සමාජයට බයෙන් නොවේ. කෙල්ලොන්ට වඩා කොල්ලන් ප්‍රිය කළ නිසා.

      “හැබැයි අර සමාජය කොහොම හිතයි ද කියලා හැංඟි හැංඟි ලව් කරලා හැමදාම තැවුණු කොටස තවමත් ඒ ගැන තැවෙමින්, හඳහනයි, දෑවැද්දයි සුදු රෙද්දයි එක්ක විවාහයෙන් පසු පවුලටත් සමාජයටත් විතරක් නෙමෙයි තමන්ටත් වංචා කරගෙන ඉන්නවා.” මේ කියන්නේ සමාජයට බය අය ගැනයි.

      //එහි එසේ නොකිරීමට ඇති free choice නියෝජනය නොවීම.//
      පැහැදිලිවම මීට අවකාශ තියන බව මා හා ඔවුන් ද කළ නොකළ දේවල් ගැන උදාහරණ වලින් සටහන තුල කියා ඇත්තෙමි. මා මෙන්ම ඒ අයත් ඉතා සතුටින් තමන්වත්, සමාජයවත් රවටමින් ජීවත් නොවන බවත් කියා ඇත්තෙමි.

      • sujeewa said, on සැප්තැම්බර් 25, 2010 at 7:51 ප.ව.

        >> ඔතන මුල් 5 ඔයා දකින්නෙ අඩුපාඩු හැටියට. මම ලිව්වෙ පවතින තත්වය

        man adu paadu kivve obe lipiye dhurmatha kiyana adhahasin. oka pavathina thathvaya hatiyata piliganna bahe aruni. api inneth lankaavema thamayi.

        >> ඔයිට වඩා දරුණු කතා තියෙනවා මා ළඟ අද ලංකාවෙන් ඇහෙන.

        lankaawe me dhinavala yana maadya sellamath ekka ahena de gana devaathaavak hithanna.

        habayi maa langath oyita vadaa darunu katha thiyenavaa [kaantha hinsanaya gana]. sudu reddayi [meka nam almost retired], campus ekayi, proposal, porondam neveyi lokuma prashne. bimath samiyan, rata giya ganu, daruvo polim, vandakama nisa [svamiyage unath] guti kana ganu, hora affairs, muslim gahanu [iye pereda shariya vadakuth vela thiyenava], Kaantha hinsanaya haa athavara gana godak katha thiyenava.

        eth aruni oya me kiyanne eva gana nove. obe me lipiye anthargathaye athi varadiyi maa kiwwe. venath eva venama katha karamu.

        >> අපි අතර ඇති අඩුපාඩු (ගෑණු පිරිමි දෙකම) කතාබහට ලක් නොකළොත් ඒවා හදා ගන්න බැහැ.

        ov man eka vivechanaya kale ne. eth varadikaruvan vayi oba target kala yuththe. mulu lankaavama ho okkoma campus kollan nove.

        >> එකෙකු දෙන්නෙකුගෙ ක්‍රියාකාරකමකින් මුළු මහත් සමාජයම නියෝජනය වන බව පිළිගත් නිසයි

        koheth ma ekeku dennekugen ratak niyojanaya vanne ne. ehema hithuvoth americava kiyanne rapist serial killers la ge ratak, pransaya child sex ratak, ostriyaava kiyanne piyaa visin dhuva va lingika vahal kamata thiyaa gaththa ratak. onna oka thamayi aruni fundamental fault eka.

        ekeku denneku ge dhurvalakama isolate karala gahanna. apith inne e mathaye thamayi.

        >> සුළු වැරැද්දක් සිද්ධ වෙද්දී අපි හිනාවෙලා අහක බලාගන්නවා

        e oba hithana hati. varadata virudda va katha karana ayath ona tharam innava. obath ekkenek. me lipiya honda lipiyak man kivva adupaadu tika nathnam.

        >> ඔබේ සහෝදරියක් හෝ දියණියක් හට එසේ සලකන්නට කෙනෙක් ඉදිරිපත් වුවහොත් ඔවුන් බේරා ගන්නට ඔබේ සහයට එනු ඇත්තේ කවුද? කෙල්ලන් පෙළන රාමුවක පොදුවේ ලංකාව නොසිටින බව සිතන අය ද?

        edaa 1971di nam pana athi ekek kata arinne nathuva athi kata arapu unuth e valema athi.

        eth “කෙල්ලන් පෙළන රාමුවක පොදුවේ ලංකාව නොසිටින බව සිතන” ekayi mekayi sambandhayak ne neda? puluvan nam onama minihek viruddha weyi.

        eka siyalla bavata generalize karana obe prashnaya methanatath avith neda? minissu stereotype karana ekath [mathayak uda] methana thiyenava neda?

        >> 6. සිය කැමැත්තෙන් ඇතැම් ක්‍රියාවක් නොකර ඉන්නවුන් හැමවිටම එසේ කරන්නේ සමාජයට ඇති බය නිසා යන අදහස

        meya oba nokivaa nam maa agaya karanava. mokada me padanamin sexual deval kohethma nokarana ayath inna nisa. mulin kiyevvama mata nam hithune oya kiyanne “campus nam ithin sex karala thiyenne one, nathnam vadak ne” wage deyak kiyalayi.

        ——————–

        me gana api athi venna vaada kala. oba samaga ekanga viya nohaki namuth digatama api ekama de repeat kirime padanamak ne. api venath satahanakadi hamuvemu.

        koyi hati unath digatama iliyanna. me forum vala [hari unath varadi unath] loku therumak hiyenava. oba boho deneku visin kiyavanu labanniyak kiyaa maa sithanne.

        jaya weva.

  12. Kathandara said, on සැප්තැම්බර් 26, 2010 at 12:40 පෙ.ව.

    මගේ ප්‍රශ්ණය නම් – කෙල්ලන්ගේ පෙට්ටි කැඩී ඇත්දැයි බලන්න උන්ව කොටු කර කළුබෝවිල යැවූ බමුණු ඇදුරා – කොල්ලන්ව ගෙදර යැව්වේ ඇයි ද කියායි.

    උන්ගේ නූල හෝ කුමර බඹසර ද මොකක්ද ගැන හොයන්නේ නැත්තේ ඇයි?

    අද පත්තරේ තියෙනවා වීසී ගේ ප්‍රකාශයක් – පුවත් පත් සාකච්ඡාවක් දුන්නාලු. අපේ බෝතල් පත්තරකාරයෝත් කිසිම ප්‍රශ්ණයක් ඇසූ බවක් පේන්නේ නෑ.

    මට පේන්නේ බමුණු අදහස නම් කෙල්ලන්ගේ හිතේ ජපන් කොඩිය ගැන බියක් ඇති කර එමගින් ලව්-පලහිලව් මැඩීමයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2010 at 11:46 පෙ.ව.

      උපකුලපතිවරයා එසේ කළා හෝ නොකළා යන කතාව ප්‍රවෘත්ති සිරස්තලයකට වැටෙන හේතු ගැන කතා කර ඇත්තේ මා පමණක් ද? ලංකාවේ සරසවි ප්‍රජාව අතර ඉන්නෙ මේ කාරණය වටහා ගන්නටවත් බැරි බොහොමය නම් ඉතිරි සෙසු ලාංකිකයෝ ගැහැණිය ගැන කෙසේ සිතන්නට හුරුව ඇත් ද?

      පසුගිය දිනක ඉරාන ජනාධිපති අහමදීනජාඩ් තම රටේ සමරිසියෝ නැතැයි කීහ. සභාවෙන් සිනා ඇසිණ. විසිල් වදිනවා ද ඇසිණ. උරණ වූ ජනාධිපතිවරයා එහෙම ඉන්නවා නම් ඒ අයගේ නම් කියන්නැයි කීහ. ඒ පිරිමි දෙදෙනෙකු හා පරදාර සේවනය කළා යැයි වැන්දඹු කාන්තාවකට මරණ දණ්ඩය නියමව කස පහර 99 ක් ගැසූ රටකය. ඇය හා ඊට එක්වූයේ පිටසක්වලින් ආ වැසියෝ වන්නට ඇත. ඔවුනට මරණ දණ්ඩය නියම නොවන්නේ හා කස පහර නොගැහැව්වේ අල්ලා ගන්නට කළින් ආපහු ඇමෙරිකාවට පැන ගිය නිසා වන්නට ද ඇත.

      ලාංකික කාන්තාවගේ අභිවෘද්ධිය ගැන වෙහෙසන ලාංකික කාන්තා සටන්කාමීයෝ වහාම විශ්‍රාම යා යුතුයි. මන්ද ඇමෙරිකාවෙන් හා පිටසක්වලින් එන කුමන්ත්‍රණ ඉදිරියේ ඔවුන්ගෙන් කිසිම ඵලක් නැති හෙයිනි.

  13. කසුන් said, on සැප්තැම්බර් 30, 2010 at 4:05 පෙ.ව.

    good post! aruni.

    “පීඩිත කොටසක් පාලනය පහසුය. ඔවුන් තුල කකියන්නේ නොදන්නා ද්වේශයයි. අනුගමනය කරන්නෙ විමසා බැලීමකින් තොරවය. අහිමි දෙයක් අහිමි ඇයි දැයි සොයා නොබලා එය ඇත්තාට වෛර කරති. තමන්ට නැති නිසා අනුන්ට ද ලැබෙනවාට අකැමැතිය. ලෝකයාගේ කැමැත්ත සොයනා ඔවුන් අවසානයේ ලබන්නේ ලෝකයාගේ අපවාදය බව නොදනිති.”

    මේ ටිකෙන් ගොඩක් දේවල් කියවෙනවා.

  14. chatura said, on ඔක්තෝබර් 7, 2010 at 4:35 පෙ.ව.

    niyamai……..aruni shapeiro

  15. පද්දා said, on ඔක්තෝබර් 7, 2010 at 7:51 පෙ.ව.

    ජපුර වීසී ගොයියට අනින්න ශපීරෝ නෝනේ උඩ ඵැන පැන දඟලන්නෙ මොකද කියන එක හිතා ගන්න අමාරුයි. ශපීරෝ නෝන කොරන්නෙ වී.සී. මුව හම කොරගෙන ඒකට තඩි බාන එක. ඔය වී.සී. ගොයියා කිසිම කෙල්ලෙක් කන්නියා බාවය පරීක්සා කොරන්න යවලත් නෑ, කඩාපු සමර් හට් එකකුත් නැහැ. ඔක්කොම උදුල් ප්‍රේමරත්න ගොයියගෙ අතේ රෝල්. ඔය ප්‍රේමරතනෙ ගොයියට තවම කඩාපු එක සමර් හට් එකකවත් පින්තූරයක් දාන බැරි වෙච්චි එකෙන් කතාව පෑදිලියි.

    ශපීරෝ නෝන බලන්නෙ මෙතන එක පැත්ටක් විතර බවයි පද්දගෙ මතය. පද්ද හිතන්නේ විස්ස් විජ්ජාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක ලවු කොරන්න නොවෙයි කියල. වයස 18 ට වැඩි කෙනෙක්ට ලවු කොරන්න පුළුවන් තමන් කැමති කෙනෙක් එක්ක. බුදිය ගන්න උණත් පුළුවන්. හැබැයි සපීරෝ නෝනේ පුරස්නෙ තියෙන්නේ මුන් බුදියගන්න එන්නේ සමර් හට් වල වෙච්චි එක! සමර් හට් තියෙන්නේ ඉගෙන ගන්න උන්ට පාඩං කොරන්න. රති සුව කැමති ජේස්ට උත්තමය හා උත්තමාවිය ඇවිත් අර පාඩං කොර කොර ඉන්න ජුන්නෝ රෑන එතනින් එළවලා දානව. ඔන්න ඔතන තමයි නෝනේ කොස්ස තියෙන්නේ. විස්ස විජ්ජාලේ උගන්නනේ නිකං. අපි බදු ගෙවන්නෙ ඒකෙ යන උංට ඉගෙන ගන්න වියදං කොරන්න මිසක උන්ට හු*න්න සමර් හට් හදන්න නෙවි. අර වැඩේ කොර ගන්න ඕනෙ නං තව ඔනෙ තරං තැන් තියෙද්දී ඇයි ඒකට විස්ස විජ්ජාලෙම තෝර ගන්නෙ? පේරදෙනියේ පෙම් මගේ ඔය වැඩේ කෙරෙනවා. අන්න එතන ඒකට කියාපු තැන. එතන පාඩං කොරන උන් නෑ. හැබැයි උං පුස්තකාලෙ ඇතුලෙත් පෙං කෙළින්න ගත්තම එතෙන්ට යන කලදසාව මොකද? සපීරෝ නෝනෙ දන්නව ඇති නෙව ඇමෙරිකාවෙ උනත් පන්ති කාමරේ ඇතුඑවත් පුස්තකාලෙවත් ඔය වැඩේ කොරන්න බෑ කියල?

    කෙල්ලන්ගේ පෙට්ටිය චෙක් කොරන අපේ සුදු රෙදු සෙල්ලමට පද්දා හැමදාම විරුද්දයි. හැබැයි සපීරෝ නෝන ගේන්න හද ඔය පරම නිදහස් සමාජෙ අපිට ගැලපෙන්නෙ නෑ නෝනේ. ඒඩ්ස් වසංගතේ ඔච්චර ඔය රටේ මුල් බැහැල තියෙන්නේ මොකදැයි කියල හිත්වද නෝනේ? කැසුවල් සෙක කියන එක ඔය රටේ වැහි වැහැලා නිසා. කැසුවල් විදියට හු*න සුද්දන්ගේ ළමයින්ට වෙන්නේ මොකොද කියල හෙම නෝනේ හොයල බැලුවද? උන්ගේ අම්මලට තාත්තලට වෙන්නේ මොකොද කියල හොයල බැලුවද?

    සුද්දගෙ හැම මගුලම නෝනේ අපට ගැලපෙන්නේ නෑ. ඒක ගැලපෙනවද නැත්ද කියල ඉස්සෙල්ල හොයල බලන්න ඕනෙ. අපි වගේ අනික් රටවල් වල ඔය කෙරේමෙ මුල් බස්සන්න ගොහින් උනේ මොකද කියල බල්ලන්න ඕනි. සපීරෝ නෝනෙට ඕනෙම නම් ඇමෙරිකන් හමුදා පිරිස් තායිලන්තෙට ඇවිත් පැලපදියම් වෙච්ච අවුරුදු 50ට තායිලන්තෙ ගෑණු වේස ගෑණු වුණේ කෝහොමද කියල කියවලත් බලන්න. සුද්දගෙ හැම රෙද්දම අපට ගැලපෙන්නේ නෑ නෝනේ. අපට කැපෙන රෙද්ද හොයාගෙන අපි ඇඳ ගන්න දැන ගන්න ඕනේ.

  16. Asiri Maduranga said, on ඔක්තෝබර් 21, 2010 at 5:34 පෙ.ව.

    ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට තියෙන එකම ප්‍රස්නෙ ලිංගිකත්වය විතරක්ද කියල හිතෙනව…..
    …………
    සුදු රෙදි පිළිඹද තැකීමක් නැතත් ලංකාව තුළ වත්මන් තත්ත්වය පිළිඹද සතු‍ටු විය නොහැක.

    කොල්ලන්ට කෙල්ලන් සෙල්ලමක් පමණක් වීමත්, කෙල්ලන්ටද අතින් අත යෑම ගානක් නොවීම පිළිඹද වත් පිළිකුලක් තිබෙන බව කිව යුතුය….(විශේෂයෙන්ම 8 – 11 වසරවල පාසල් සිසුන්)

  17. අක්කේ…අදමයි ඔයාගේ බ්ලොග් එකට ආවේ…එත් ඔයාගේ පොත් නම් කියවල තියනවා….මට මේ පොස්ට් එකට කියන්න දෙයක් හිතාගන්න බෑ………………නමුත් ආසිරි මදුරංග අයියා කියල තියන දේම තමා මටත් හිතුනේ.

  18. Umanda Jayobandra said, on ජූනි 7, 2011 at 2:17 පෙ.ව.

    ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ට තියෙන එකම ප්‍රස්නෙ ලිංගිකත්වය විතරක්ද කියල හිතෙනව…..
    …………

    ආසිරිගේ කතාවට මම 100% එකඟයි….

    අද තරුණයට, තරුණියන්ට හරි ජොලි “සබ්ජෙක්ට්ස්” තමා ඔය උක්තය. රට තුල ඇති කෑකෑරෙන “සංස්කෘතිමය” බෙල හීන තාවය මායිම් නොකර එය තුල ඇති ඌනත්වය සංවාදයට නොගැනීම පිලිබද කනගාටුවක් ඇත.

    හුදෙක් “සියල්ලම ක්ෂනිකව” යන වැඩබැරි දාසයන් ගේ ලෝකයක් නිර්මාණය කරමින් ඉන්නා නූතන ලාංකික විශේෂයෙන් තරුන පෙල මෙවැනි හුදු අනිත්‍ය දේ පිලිබද සිතීම සිදු නොවිය යුක්තක්.

    “සරසවියේ සිටිනන සියලු දෙනා” බුද්ධිමතුන් නොවේ (ඉතා වගකීමෙන්) ඔවුන් සිව්වසක් හෝ ඊටත් වඩා කැප කොට කරනුයේ “බුද්ධිය මුවහත්” කිරීමක් නොව, නම අගට ගරු පදයක් දා ගැනීමට වෙහෙසීමයි. ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් “ලංකාවට” නම් නූතනයේ සිදුවන සෙතක් නැත.

    ලිංගිකත්වය උලුප්පා දක්වන බටහිර සංස්කෘතිය ඊනියා ලෙස එය අපගේ “සංස්කෘතියට” ඔබ්බවා එය හරි “ෆන්” බව අපගේ තරුන පරුපුරට ඒත්තු ගන්නවා ඇත. ඇත්තේ සංස්කෘතික හෝදා පාළුව සමග ඌ සංස්කෘතික බෙලහීනතාවයකි.

  19. Pera buva said, on නොවැම්බර් 16, 2011 at 6:42 පෙ.ව.

    aththatama campus yana kello owa karanawamayda..?

  20. ගැමියා said, on ජනවාරි 9, 2012 at 4:28 ප.ව.

    මෙහෙමයි මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මොන දේ උනත් කෙල්ලක්ට ලිංගික නිදහස දීම ගැන මගේ අහිතක් නෑ හැබැයි ඒකෙන් මේ ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ටම කෙල්ලක් එක්ක සංවාසේ යෙදෙන්න පුළුවන් කියලා හිතන එක වැරදියි.අනික ආදරේදි එක් කොල්ලෙක්ගෙන් සැනසෙන්න දෙපක්ෂයම හිතට ගන්න ඕනේ මොකද නැත්තම් කොහොමද ආදරේ කරන්නේ.මම නම් කැමති නෑ මගේ දේවල් වෙන කවුරුත් ගන්නවට.හැම පිරිමියම එහෙමයි…

    තව වැදගත් දෙයක් මම පත්තරේක කියෙව්වා ඒ තමයි විශ්ව විද්‍යාල නිබන්ධන සූදානම් කරද්දි රූමත් ශිෂ්‍යාවක්ව මහාචාර්යවරයෙක් විසින් තම විශ්ව විද්‍යාල කාමරයට ගෙන්නවා ලිංගික එකතුවීමකට ආරාධනා කිරීම සහ ඉන් පසුව සෑහෙන ප්‍රයෝජන අරගෙන එම ශිෂ්‍යායවට දරුවෙක් ලැබෙන්න එද්දි කථිකාචාර්යවරියක් ලෙස සිටි ඇයව විශ්ව විද්‍යෙලයෙන් ඉවත් කර දැමීම පිළිබද ලිපියක්.ඇය අපහරණයට පත් කල පුද්ගලයාට කිසිම දඩුවමක් හෝ නොදී සිටීමත් මෙවැනි දේවල් වන බව දැන දැන මේවාට ඉනිමං තැබීමත් සෑහෙන්න අසාධාරණයි.අහිංසක ගෑනු ලමයින්ව දැනුවත් කල යුතුයි විශ්ව විද්‍යල පද්ධති තුල.නැත්තම් ඔබ කිව්වා වගේ සමරිසි කෙල්ලෝ වැහි වහියි එකෙක් දෙන්නෙක්ගේ මානසික අසහන නිසා.පැහැදිලිවම සමරිසි භාවය මානසික ආබාධයක් නැතහොත් ලෙඩක් බව වෛද්‍ය මතයක් පැහැදිලිවම සිංහල වෛද්‍ය මතයක්.ශ්‍රී ලංකාව තියෙන්න ඕනේ ශ්‍රී ලංකාවක් විදියට එහෙම නැතුව ලෝකේ දියුණුවට යනවා කියලා ඒ හැම දෙයක්ම මෙහෙ කරන්න බෑ සීමාවක් තියෙනවා.සුද්දෝ හෙළුවෙන් ගිය පලියටම අපිත් හෙළුවෙන් යන්න ඕනේද….???

    පොඩි මෑන් කියලා තිබුනු කථාව මතක් වෙන්නේ මේ වෙලාවට තමයි සුද්දා කරන හැම පර වැඩේම කරලා අන්තිමට පු* හෝදන්නේ ලංකාවේ විදියට වතුරෙන්ද නැත්තම් සුද්දගේ වගේ කොලවලින්ද??? වතුරෙයි කොලවලයි වෙනස කියන්නේ මක්කටැයි දන්නවා ඇතිනේ….සුද්දව අනුකරණය කලොත් ගූ හැත්තෑවයි

    අනික ආසිරි කිව්වා වගේ අතින් අත යන්න කෙල්ලෝ කැමතිනම් විහින් බඩු වෙන්න ආසනම් කොහොම කලත් මොකෝ අපිට නම් ඕන පු*ක් .ආදරෙන් හැමදාම ඉන්න විස්වාසවන්ත කෙල්ලක් වුනොත් ඒ ඇති

  21. Panuu said, on පෙබරවාරි 27, 2019 at 10:04 පෙ.ව.

    Campus wala wadiyenma rag denne kello neda? Kollanta rag karanneth

    • arunishapiro said, on මාර්තු 4, 2019 at 10:17 පෙ.ව.

      දත්ත, සමීක්ෂණ නැතිව මගේ (ලංකාවේ විශ්වවිද්‍යාලයේ වසර 4 ක) පෞද්ගලික අත්දැකීම නම් එය නොවේ. මා දැක ඇති පරිදි වැඩියෙන්ම රැග් කරන්නේ පිරිමි අයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: