අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වාධීන මිනිසා හා පරාධීන මිනිසා

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 15, 2010

“නිර්මාණශීලීත්වය ඉපදෙන්නේ පුද්ගලයෙක් තුල ය. සාමූහික මොළයක් තුලින් නොවේ. සාමූහික වූ චින්තනයක් තුලින් නොවේ. මොළ රාශියක් එකම අදහසක් හා එකඟ වෙන්නේ තම තමන්ට පමණක් වූ මොළයෙන් විමසා බලා ය. සාමූහික වූ චින්තනයක් යයි අපි අල්ලා ගෙන සිටිය ද එවැන්න එක් එක් පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද එක් එක් මත එක් එක් පුද්ගලයින් විසින් පිළිගෙන සිටීම ය. පුද්ගලයෝ පිරිසක් විසින් එකඟතාවයට පැමිණෙන්නේ නම් එය එක්කෝ ප්‍රතිවිරුද්ධ එකඟතාවයකි (compromise) නැතහොත් පිරිසක තුලින් දකිනා වූ ස්වාධීන වූ චින්තනයේ සාමාන්‍යයකි (average).

නිර්මාණ ශිල්පියා ස්වාර්ථකාමී ය. එයම නිර්මාණය ශක්තියේ රහසයි. ස්ව-සම්පූර්ණ වූ, ස්ව-අභිප්‍රායෙන් යුතු වූ, ස්ව-උපදවා ගත හැකියාවකින් යුතු වූවෙක්ට පමණක් නිර්මාණශීලීත්වය ඇත.

පෘතුවියේ උපන් මිනිසාට කිසිවක් ඉබේ නොලැබේ. ඔහු ජීවත්වන්නේ යම් අයෙක් විසින් කරන්නා වූ නිෂ්පාදන වලිනි. එක්කෝ ඔහුට තම මොළයේ උපකාරයෙන් ස්වාධීනව කටයුතු කළ හැකිය. නැතහොත් අනුන්ගේ මොළ වල උපකාරයෙන් නිෂ්පාදිත දේ පරපෝෂිතයෙක් සේ උකහා ගෙන ජීවත්විය හැකිය.

නිර්මාණකරුවා උපදවයි. පරපෝෂිතයා අනුන්ගේ දේ පාවිච්චියට ගනියි. නිර්මාණකරුවා ස්වභාව ධර්මයා හා ගැටෙන්නේ තනිවම ය. පරපෝෂිතයා ස්වභාව ධර්මයට මුහුණ දෙන්නේ තවත් ආධාරකරුවෙකු හරහා ය.

නිර්මාණකරුවාගේ උත්සාහය ස්වභාව ධර්මය ජය ගැනීමයි. ස්වභාව ධර්මය හා ගැටෙන්නා අව්වෙන් වැස්සෙන් බේරී ඉන්නටත්, ආහාර හා සෞඛ්‍යයය පවත්වා ගන්නටත් උත්සාහයේ යෙදෙයි. මෙහි දී පළමු අරමුණ තමන් තුලම වූ දක්ෂතාවයේ ඵල නෙළීම ය. පරපෝෂිතයාගේ උත්සාහය මිනිසුන් ජය ගැනීමයි. මිනිසුන් තුලින් ජීවත්වන පරපෝෂිතයාට මිනිසුන් නොමැති ජීවිතයක් නැත. ඒ නිසාම අනිත් අය ඔහුගේ පළමු අරමුණ වෙයි.

නිර්මාණකරුවාගේ මූලික අවශ්‍යතාවය වනාහි ස්වාධීනත්වය වෙයි. විචාරාත්මක මනසකට බාහිර බලපෑම් පිරි පරිසරයක වැඩ කරනු නොහැකිය. නිර්මාණයක දී අනිකුත් අය හිතන්නේ කුමක්දැයි විචාරය දෙවැනි ස්ථානය ගනියි.

පරපෝෂිතයාගේ මූලික අවශ්‍යතාවය අනිකුත් අය හා අත්වැල් බැඳ ගැනීමය. එසේ නොකළ හොත් බඩ වඩා ගැනීම කෙසේ වෙතත් කුසගින්න නිවා ගැනීමට ද නොහැකිය. පරපෝෂිතයා සබඳතා වලට පළමු ස්ථානය දෙයි. මිනිසාගේ පැවැත්ම අනුන්ට සේවය කිරීම සඳහා වෙතැයි එවැන්නා කියයි. පරාර්ථාකමීත්වය අගය කරයි.

පරාර්ථාකාමීත්වය නම් මිනිසා අනුන් වෙනුවෙන් ජීවත් වීම ය. තමන්ට වඩා ඉහළින් අනුන්ව තැබීම ය.

තම ආමාශය තුලින් තවකෙකුගේ ආහාර දිරවීමට නොහැකි සේ, අනිකා වෙනුවෙන් හිතන්නට මොළය ද දීමට මිනිසාට නොහැකි ය. මේ මූලික සිද්ධාන්තය ප්‍රතික්ෂේප කරන පරාර්ථාකාමය වඩා ඉහළ අගයකින් තබන පරපෝෂිතයන් විසින් පරාර්ථකාමය වඩා අගනේය යන අවියෙන් පීඩිතයෝ සූරා කති.

අනුන් වෙනුවෙන් ජීවත් වන්නා වහලෙකි. ශ්‍රමික වූ වහල් භාවය පිළිකුල් නම් මානසික වූ වහල් භාවය කොතරම් පිළිකුල් විය යුතු ද?

වඩාත්ම උසස් උත්කෘෂ්ටය නම් ජය ගැනීම (achieve) නොව දානය (giving) යයි පොදුවේ පිළිගන්නා සම්මතය මිථ්‍යාවක් නොවන්නේ ද?

නිර්මාණය කරන ලද්දක් මිස නැත්තක් දානය කළ හැකි ද? බෙදා දීමකට පෙර නිර්මාණයක් බිහිකළ යුතු නොවේ ද? නැත්නම් බෙදා දෙන්නේ කුමක් ද?

නිර්මාණකරුවාගේ පැවැත්මේ අවශ්‍යතාවය පළමුවත්, ඉන්පසුව පමණක් ප්‍රතිලාභියෙකු (දානය ලබන්නකු) ගැන කතා කළ හැකි නොවේ ද?

එහෙත් අපිව හුරු පුරුදු කර ඇත්තේ තෑගි නිපැයූ අයව අගය කිරීමට වඩා තෑගි බෙදා දෙන්නාගේ වෑයම අගය කිරීමට නොවේ ද?

අපි ත්‍යාගශීලී කටයුත්තක් පැසසීමට නොපසුබට වෙමු. එහෙත් අපි නිර්මාණයක් ඉදිරියේ දී දෙවුර හකුළමු. උත්සාහය හා වෑයම නිසා ලබන ජය ගැනීම ඒ නිසා නොව වාසනාව නිසා යැයි ඔප්පු කරන්නට නොහැකි වුව ද එසේ වූවා යයි සිතින් අල්ලා ගෙන සිටිමු. එවැන්නාට තම කුසීත බව හා ඕනෑකම නැතිබව නිසා වන අසාර්ථකත්වය ගැන දුකක් නැත.

ස්ව ශක්තීන් නම් සිතන්නට, වටහා ගන්නට, විනිශ්චයට හා කටයුතු කිරීමට ඇති හැකියාවන් ය. එහෙත් අපිට වඩා අගනේය කියා හැමදාම කියා දෙන්නේ ස්ව-නැති කම (selflessness = පරාර්ථාකමය) වන්නේ ඇයි?

හොඳ (good) හා නරක (evil) ලෙස ස්වාර්ථය (egotism) හා පරාර්ථය (altruism) සැලකිය හැකි ද?

ස්වාර්ථය නම් තමන්ගේ හිතසුව පිණිස අනුන් බිලි දීම ද? පරාර්ථය නම් අනුන්ගේ හිතසුව පිණිස තමන් බිලි දීම ද?

එය එසේ නම්, මිනිසා අනිකුත් මිනිසුන් සමඟ අවලංගු කළ නොහැකි ලෙසින් අසරණ කර බැඳ තබා ඇත. එසේම එවිට මිනිසාට තෝරා ගැනීමට හැක්කේ දුකින් පිරුණු පිළිතුරකි. තමන් බිලි දී අනුන්ගේ හිතසුව සැලසීමට හෝ අනුන් බිලි දී තමන්ගේ හිතසුව සැලසීමට ය.

මිනිසා ඉදිරියේ ඇති තෝරා ගැනීම නම් මෙවැනි අන්ත දෙකකින් එක අන්තයක් නොවේ. තෝරා ගැනීම නම් ස්වාධීනයෙකු වෙනවා ද? නැතහොත් පරාධීනයෙකු වෙනවා ද? යන දෙකින් එකකි. එය ජීවත් වෙනවා ද? නැතහොත් මරණයට පත්වෙනවා ද? වැනි වූ තෝරා ගැනීමක් වෙයි.

ස්වාර්ථ හිතවාදියෙක් යන්න පරම අර්ථයකින් විමසද්දී, එවැන්නා අනුන් බිලිදෙන්නෙකු නොවන බව පෙනී යයි. එවැන්නා අනිත් කිසිවකුගේ අවශ්‍යතාවයන් වලට ඉහළින් සිට කිසිදු ආකාරයකින් අනිකුත් අයව ප්‍රයෝජනයට නොගන්නා කෙනෙක් වන්නේය. කිසිවෙක් වහලකු කර නොගන්නා පුද්ගලයා කිසිවෙකුගේ වහලකු ද නොවන්නේ ය.

පුද්ගලයා අනුව මෙම හැකියාව වෙනස් ප්‍රමාණයන් වලින් යුතුය. එහෙත් මූලික සිද්ධාන්තය එකම ය. ස්වාධීනත්වය, කුසලතාවය, කැමැත්ත හා උවමනාව අනුව පුද්ගලයාගේ වටිනාකම මිනිසකු වශයෙන් ද ශ්‍රමිකයෙකු වශයෙන් ද දැකිය හැකිය. මිනිසාගේ සද්භාවය හා අගැයුම මැනීමට ඇති එකම මිම්ම මිනිසාගේ ස්වාධීනත්වයයි. මිනිසා තමා වෙනුවෙන් කුමක් ඉෂ්ට කළා ද යන්න ඔහුව අගය කරත හැකි එකම මිම්ම වෙයි. ඔහුට ඇති දෑ මොනවා ද හා ඔහු අනිකුත් අය වෙනුවෙන් කුමක් කළා ද යන්න මත පුද්ගලයාගේ අගය තීරණය නොවෙයි.”

-ක්ලෝඩ් ෆ්‍රෙඩරික් බැස්ටියාට්; ලුඩ්විග් වොන් මයිසස්; හෙන්රි හැස්ලිට්; අයින් රෑන්ඩ්; ෆෙඩ්රික් හයෙක්; රොන් පොල් ….

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. kevin perera said, on ඔක්තෝබර් 15, 2010 at 11:19 පෙ.ව.

    ඔව් ​මෛතී භාවනාව උනත් පටන් ගන්නේ මුලින්ම මම නිදුක් වේවා කියල නේ. හැබැයි අරුණි මේ ඔයාගෙ අදහසට පිටින් යන දෙයක් තියනව ඒ තමයි මිනිස් ආදරය. අපිට ආදරය ඕන තරම් දෙන්න පුලුවන් නේද?

    • arunishapiro said, on ඔක්තෝබර් 15, 2010 at 12:32 ප.ව.

      kevin perera,
      තමන්ට ආදරය නොකරන කෙනෙකුට පිටස්තරයෙකුට ආදරය කරන්න පුළුවන් ද? වැඩියෙන් මිනිසුන්ට ආදරය දක්වන්න පුළුවන් හැකියාව ඇත්තේ තමන් පරාධීනයෙක් වූ කළ ද? ස්වාධීන වූ කළ ද?

  2. දුකා. said, on ඔක්තෝබර් 15, 2010 at 2:34 ප.ව.

    අරුණි ඔබ මාව මොහොතකට පාෂාණීභූත කලා මේ ලිපියෙන් . .

    ඔබ මේ ලිපියේ අඩංගු කලේ ඔබේ හද ගැහෙන රාවයද නැති නම් මගේ හද ගැහෙන රාවයද . . .

    මම ටික කාලයක් හෝ නොසැලී සිටිනවායැයි මටම ශපථ කල මගේම තීරණයක් ආයේ ආයේ හොල්ලා බලන්න ඔබ මාව පෙළඹවීමක් කරනවා මේ ලිපියෙන් අරුණි . .

    කෙටියෙන් කිව්වොත් “මාරයි”


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: