අරුණි ශපීරෝ‍ වෙතින්

argumentum ad ignorantiam

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 30, 2010

මෝහයෙන් විතර්කය (argument from ignorance) අද ලොව බොහෝ ය. එය හැඳින ගන්නට නම් ඒ කුමක් දැයි දැනීමක් අවශ්‍ය ය.

වාදය (debate) යනු තමා අල්ලා ගත් පැත්තට සාධක පෙන්වීම ය. වාදයක දී පැති දෙකකි. පැත්තේ මතය පෙන්වා දෙන්නට උත්සාහයක් වාදකයෝ (debators) විසින් කරති. වාදීභසිංහයෙකුට (great orator) වාදයක් ජයගැනීම පහසු ය. වාදීභසිංහයා වාද කරද්දී සිය හැකියාව යොදා ගන්නේ අනික් පිලේ අඩුපාඩු පෙන්වා දීමට ය. වාදකයෝ දෙපැත්ත බලා සත්‍යය සොයන්නට වාද කරන්නේ නැත. වාද කරන්නේ තම පැත්ත දිනවන්නටත් අනිත් පැත්ත පරාද කරවන්නටත් පමණි. අනිත් පැත්ත දිහා බලන්නේ තම පැත්ත ජයගැන්වීමට අඩුපාඩු සොයාගන්නට පමණි. අරමුණ තම පැත්ත දිනවීම මිස දැනුම වැඩි කරගැනීම නොවේ ය.

තර්ක ශාස්ත්‍රයට (logic) අනුව විතර්කය (argument) යනු විස්තරාත්මක වාක්‍යයකින් හෝ එවැනි වාක්‍ය කිහිපයකින් නොහොත් ප්‍රස්තුත (propositions) වලින් යුතු පූර්වාවයවයන් (premises) තුලින් නිගමනයකට එළඹීම ය.

දුර්මතයක් යනු දෝෂ සහිත වාක්‍යයකි. තාර්කික දුර්මතයක් (fallacy) යනු වැරදි සහිත සිහිබුද්ධි විචාරයකින් (reasoning) එළඹෙන මතිභ්‍රමයක් (misconception) නොහොත් වැරදි සංකල්පයකි. ‍උවමනාවෙන් හෝ පුරුද්ද නිසා බොහෝ දෙනා යම් විතර්කයක යෙදෙනා විට, විචාරයට ආවේග (emotions) රිංගන්නට ඉඩ දෙති. ඉන් විතර්කයේ තාර්කික බවට හානියක් වී ආවේගාත්මක වූ පූර්ව නිගමනයන්ට (presumptions) වැඩි තැනක් ලැබේ. ප්‍රතිඵලය නම් දුර්මතය යනු වැරදි සහිත බව හඳුනාගැනීමට ඉන් ඉඩකඩ ඇහිරී යාම ය. දුර්මතය විතර්කයට උපයෝගී කරගන්නා එක උපන්‍යාසයක් (statement) විමසීම වෙනුවෙට උපන්‍යාස සමූහයක් පටලවා ගනියි. එයින් සැලකිල්ලට භාජනය කරන උපන්‍යාසය අවුල් ය. තර්ක කරන්නා ආවේගය පදනම් කරගෙන දුර්මතයේ තව දුරටත් පටලැවී සිටියි.

අවධිමත් දුර්මතයක් (informal fallacy) නම් විතර්කයේ දී බලාපොරොත්තු වන නිගමනය කරා යන්නට ප්‍රස්තුත වලට නොහැකියාව ය.

මෝහයෙන් විතර්කය (argumentum ad ignorantiam) නම් තමන් විසින් ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයකට හෝ ප්‍රස්තුතයකට එරෙහි වූ දත්ත නොපවතිනා කල එවැනි දත්ත කොහේ හෝ තැනක ඇතැයි කියා අසන්නා තුල ඇති ශ්‍රද්ධාවට (faith) තර්කය නොවිමසා පිළිගැනීමට බාර කිරීම ය.

* සිද්ධාන්තයක් හෝ ප්‍රස්තුතයක් නිවැරදි ය, මන්ද එය වැරදි බව ඔප්පු කර නැති නිසා ය.

* සිද්ධාන්තයක් හෝ ප්‍රස්තුතයක් වැරදි ය, මන්ද එය නිවැරදි බව ඔප්පු කර නැති නිසා ය.

ඉහත දෙකම අවිධිමත් දුර්මතයන් ය.

බටහිර දර්ශනයේ මුල්ම අවිධිමත් තර්ක ශාස්ත්‍රඥයා ඇරිස්ටෝටල් ය. ඔහු දුර්මත විමර්ශනයේ යෙදුනේ ය. ක්‍රි. පූ. 350 දී ඔහු On Sophistical refutations නමින් දුර්මත පිළිබඳ පොතක් සම්පාදනය කළේය. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා වූ ප්ලේටෝ ද දුර්වල සිහිබුද්ධි විචාරයන් සොයන ලද්දෙකි. ක්‍රි. පූ. 380 දී ප්ලේටෝ විසින් ඒ ගැන සම්පාදනය කරන ලද්ද Euthydemus යයි සැලකේ. බටහිර චින්තනයේ ජෝන් ලොක්, ජෝන් ස්ටුවර්ට් මිල්, ජෙරමි බෙන්තම් හා ආතර් ෂොපෙන්හවර් වැන්නෝ තර්ක ශාස්ත්‍රයේ දුර්මත අධ්‍යනයට සහාය දුන්හ.

නිසියාකාරව තර්කය ඉගෙන ගන්නා දුර්මතයන් ගැන ද ඉගෙන ගත යුතු ය. සිහිබුද්ධියෙන් විචාරය පමණක් ගැන නොව මෝහයෙන් විතර්කයත් ඉගෙන ගත යුත්තේ මන්ද?

සියයට සියයක් හැම විටම තමන් විසින් සිහිබුද්ධියෙන් විචාරය කරද්දී, අනුන් එසේ නොයෙදනා කළ, තර්කානුකූල තම ආරක්ෂාව (logical self-defense) සඳහා ඔවුන්ගේ දුර්වල සිහිබුද්ධි විචාරය සොයා ගන්නටත්, වටහා ගන්නටත් හැකියාව අවශ්‍ය නිසා ය. අනුන්ගේ මතවාද වල ඇති වැරදි නිවැරදි කරන්නට, ඒත්තු යන ආකාරයෙන් නිශ්ප්‍රභා (refute) කරන්නට පෙර ඔවුන් වැරදි (incorrect) මන්දැයි හැඳිනගන්නට අවශ්‍යය.

විධිමත් තර්ක ශාස්ත්‍රය ගමන් කරන මාර්ගය පැහැදිලිව කරයි. මාර්ග සිතියමක් බලා පාරක යන්නෙකුට වුව ද තැනක දී බලාපොරොත්තු නොවූ බාධක දකිනු හැකිය. පාර වසා ඇත, වෙනත් මාර්ගයකින් යන්න, ඇතුල්වීමට අවසර නැත යන සංඥා පුවරු දකිනු හැකිය. දුර්මත යනු වැරදි මාර්ගයේ නොයන්නට ආධාර කරන සංඥා පුවරු ය. ඒවා දකින්නාට එයින් ලබන අවබෝධයෙන් යළි නිවැරදි මාර්ගය සොයාගත හැකිය.

දුර්මතයෙන් කරන තර්ක වර්ග කිහිපයක් මෙසේය:

සංදිග්ධ තර්ක (ambiguity): වාක්‍යයක අඩංගු වචනයක අර්ථ කිහිපයක් ඇති කල තමන් යොදාගන්නේ කුමන අර්ථය අපැහැදිලි ලෙසින් භාවිතා කරමින් තර්කයේ යෙදීම. උදා: මේ කෑම හරි හොඳයි. ‘හොඳ’ යනු රහ ද? ගුණදායක ද? ප්‍රියමනාප ද?

විශේෂඥ සහය (appeal to authority): ඔප්පු කළ යුත්ත විශේෂඥයකු කී පමණින් ඔප්පු කළා සේ දැක්වීම. බොහෝවිට ගුවන් විදු‍ලියේ හෝ රූපවාහිනියේ යම් දැයක් ගැන පැහැදීමට විශේෂඥයකු ගෙන එයි. ඒ විශේෂඥයාගේ දැනුම කියා, මේ මේ උපාධි, මේ මේ දැනුම, මේ මේ පළපුරුදුකම් ඇති නිසා, ඔප්පු කළ යුත්ත ඔප්පු නොකර විශේෂඥයා නිවැරදි යයි කියන නිසා පමණින් පිළිගැනීම.

ජනප්‍රිය පුද්ගල සහය (appeal to celebrity): දැන්වීම් සඳහා යොදා ගැනීම බෙහෙවින් වුව ද අද දවසේ වෙනත් සමාජ වාදපද සඳහා ද මෙය භාවිතා වෙයි. ලේඩි ගා ගා ඇමෙරිකන් යුදහමුදාවට සමරිසියන් හොඳ නැතැයි කීම වැනි ය. බොහෝ ජනප්‍රිය පුද්ගලයින් සමාජ වාදපද ගැන අදහස් දැක්වීම පැත්තට දුර්මත එකතු කිරීමකි, මතවාදය ඔප්පු කිරීමක් ඔවුන් නොකරති.

උද්‍යෝග පාඨයක සහය (slogan): ඔස්ට්‍රේලියාවේ තිරිඟු සඳහා තෙල් විකිණීම ගැන එක්සත් ජාතීන් අතින් වූ විමර්ශනයක් එහි මාධ්‍ය වලින් ප්‍රචාරය දී තිබියේ Wheat for Weapons නොහොත් ආයුධ සඳහා තිරිඟු යන උද්‍යෝග පාඨයේ සහයෙනි. මෙහි දී විමසුම තිරිඟු විකිණීම හා තෙල් ලාභ ගැන මිස අවි ගැන නොවූව ද උද්‍යෝග පාඨය එසේ භාවිතා කිරීමෙන් විචාරයකින් තොරව අසන්නා තුල ඊට විරෝධය වඩවත හැකි වුණි.

ස්වභාවික දුර්මතය (naturalistic fallacy): මීට හොඳම උදාහරණය වන්නේ ඩාර්වින්ගේ පරිණාමවාදය සමාජ සුභ සිද්ධියට යොදා ගැනීම ය. සමාජ ඩාර්වින්වාදියෝ කියනා අන්දමට ස්වභාවය මෙයාකාර නම් (යෝග්‍යතමයා ජයගැනීම) සමාජයේ සුභ සිද්ධිය මෙයාකාරයෙන් සිදුවිය යුතු ය. මෙහි දී එකක් ඔප්පු කිරීමකින් පසුව දුර්මත තර්කයෙන් සමාජයේ විය යුත්තකට අයිතියක් දක්වයි. ආචාර ධර්මයක් වීමට ඊට ‘හිමිකම’ පමණකින් නොහැකි ය. එනම් යමක් මෙයාකාර වූ පළියට එයට අයිතියක් නොලැබේ. යමක් මෙයාකාර වීම එහි පරිසිද්ධියක් (fact) පෙන්වීමකි. පරිසිද්ධියකින් ආචාර ධර්මයක් කරා යන්නට ඒ සාධකයේ ‍’හොඳ’ හෝ ‘නරක’ ගැන බලකුරු (compelling) විතර්කයක් තිබිය යුතු ය. ඊට පෙර ‘හොඳ’ හා ‘නරක’ මොනවාදැයි එකඟතාවයකට ආ යුතු ය. නැතිව යමක් එසේය ඒ නිසා වෙනකක් මෙසේ විය යුතු යැයි කිය නොහැකි ය.

ඉන්දියානු තර්ක ශාස්ත්‍රය මා හදාරා නැත. ගෞතම බුද්ධ හෝ නාගර්ජුන හෝ දීඝනාග යන කිසිවෙක් තර්කය සත්‍යය සොයා ගැනීමේ මාර්ගය යයි සලකා බලා නැති බව ඩේවිඩ් කළුපහන දීඝනාග ගේ ඥාන විභාගය හා තර්ක ඥානය ගැන විචාරයේ දී කියන්නේ A History of Buddhist Philosophy ග්‍රන්ථයේ ය. (පිටු 204). ඔහු පෙන්වා දෙන ආකාරයට ඉහත අයගේ ඉගැන්වීම් වලට අනුව අනුමානය (inference) දැනුම ලබා ගැනීමේ මූලාශ්‍රයක් වන්නේ එය සහමුලින් ම ප්‍රත්‍යක්ෂ හා අනුභූති වලින් විසන්ධි වී නොමැති නම් ය. දීඝනාග ගේ ඥාන විභාගය හා තර්ක ඥානය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා ඉහත ග්‍රන්ථය කියවන්න.

දැනුම සොයා යන ගමනට විතර්කය අවශ්‍ය ය. එහෙත් එය යන මඟ පෙන්වීම හා මාර්ග බාධක හඳුනා ගැනීමට ආධාරකයන් පමණි. යන මඟ සොයා ගැනීම තර්කයේ ආධාරයෙන් තමා විසින් කළ යුත්තකි.

සිංහලෙන් තර්ක ශාස්ත්‍රය උගන්වා උසස් පෙළ පංතියක් ම ගොඩ දැම්මේ ඉතා ඈත කාලයක දී ය. ඉතින් අද භාවිතයේ වන සිංහල තාර්කික වචන නිවැරදි කරන්නට දන්නා කියන අයට මෙහි දී පුළුවන.

මා ප්‍රිය කරනා දුර්මත:
ඔබට මා වැරදි යයි ඔප්පු කළ නොහැකි නම් මා හරි ය!!!
ආලෝකය ශබ්දයට වඩා වේගයෙන් ගමන් කරයි. ඒ නිසා සමහර පුද්ගලයෝ බබලනවා සේ පෙනෙන්නේ ඔවුන් කතාකරනවා ඇහෙන්නට පෙර ය!!!

17 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on නොවැම්බර් 1, 2010 at 3:02 පෙ.ව.

    Wonderful

  2. Sujeewa said, on නොවැම්බර් 1, 2010 at 3:21 පෙ.ව.

    [[මීට හොඳම උදාහරණය වන්නේ ඩාර්වින්ගේ පරිණාමවාදය සමාජ සුභ සිද්ධියට යොදා ගැනීම ය. සමාජ ඩාර්වින්වාදියෝ කියනා අන්දමට ස්වභාවය මෙයාකාර නම් (යෝග්‍යතමයා ජයගැනීම) සමාජයේ සුභ සිද්ධිය මෙයාකාරයෙන් සිදුවිය යුතු ය. මෙහි දී එකක් ඔප්පු කිරීමකින් පසුව දුර්මත තර්කයෙන් සමාජයේ විය යුත්තකට අයිතියක් දක්වයි. ආචාර ධර්මයක් වීමට ඊට ‘හිමිකම’ පමණකින් නොහැකි ය. එනම් යමක් මෙයාකාර වූ පළියට එයට අයිතියක් නොලැබේ. යමක් මෙයාකාර වීම එහි පරිසිද්ධියක් (fact) පෙන්වීමකි. පරිසිද්ධියකින් ආචාර ධර්මයක් කරා යන්නට ඒ සාධකයේ ‍’හොඳ’ හෝ ‘නරක’ ගැන බලකුරු (compelling) විතර්කයක් තිබිය යුතු ය. ඊට පෙර ‘හොඳ’ හා ‘නරක’ මොනවාදැයි එකඟතාවයකට ආ යුතු ය. නැතිව යමක් එසේය ඒ නිසා වෙනකක් මෙසේ විය යුතු යැයි කිය නොහැකි ය.]]

    Leaving rest of the arguments for future. Let’s take this very important point.

    I am really puzzled how and why ppl think evolution is a programmed code within the underlying matrix [may or may not be what the namesake film depicted] of universe.

    Bio Evolution is not a programmed code. Not a God’s wish or anything. It is inevitable. If the BG events occur, the process is inevitable.

    Similarly social evolution also happening. Again not as God’s wish or within any morale code. It is again happening in the direction of its gravity. It is a free fall. Inevitable process.

    Those who think that “ඩාර්වින්ගේ පරිණාමවාදය සමාජ සුභ සිද්ධියට යොදා ගැනීම” they should first see how bio evolution is happening. Is it creating “better” or morally high creatures? Nop. Bio evolution is creating stronger beings for their current moment’s env. However the present activity of the same may destruct a hefty portion of life and convert the planet hardly livable. Yet evolution does not know. It does not know as nobody wrote it. It just happen inevitable. Its cause is random mutation, and its process is natural selection. It is absolutely thoughtless, brainless, and just inevitably happening.

    So how can one expect the social evolution will create a better society? It will just create a more fitting society, better surviving society. If history will prove that dictator china’s society is better surviving than freedom-loving america, we will end up with more china like systems. It happens so since more survivable things get replicated often. Again, this is under the pretext that social systems do replicate like living beings.

    If human psychology is such that they do not copy social systems based on the good features, then social systems do not replicate [ex: although USA is a place of success we Sri Lankans do not take up those batahira cultures]. In the argumental basis taht cultures do not replicate, there can not be a social evolution.

    But there is a social aspect of every human, and hence there is a effect on society based on bio evolution. That again drives itself in the inevitable path, a path which makes the members fitter for survival. Not necessarily a path inline with human morales.

    Ex: Vastly vegetarian societies may not survive a long period full of famine, drought etc.

    So let’s not be religious about evolution

    • Sujeewa said, on නොවැම්බර් 1, 2010 at 3:26 පෙ.ව.

      note that most statements which I made as facts depend on today’s known knowledge of evolution. I am open to learn in a future day that god created life, or god initiated evolution or life came from abhassara brahma loka, programmable underlying matrix or any other yet-unknown matters. So the fact that I stated with aparent certainty shud not be considered as a reason to believe in it. In simple I DO NOT KNOW anything, beyond its model explanation.

    • B.Y. said, on නොවැම්බර් 1, 2010 at 5:30 පෙ.ව.

      This is an unimportant digression from the main topic but,

      If history will prove that dictator china’s society is better surviving than freedom-loving empire america, we will end up with more china like systems.

      FTFY. As far as the far-reaching consequences are concerned, this seems to be a myth of the same proportions as God creating the universe.

      although USA is a place of success we Sri Lankans do not take up those batahira cultures

      Being a slave nation in the Empire, Sri Lanka has taken up many of the values the dominant culture of the empire has actively promoted. If you think freedom has been one of them (or will ever likely be), you are sadly mistaken. This was discussed in the earlier ඇමෙරිකානුවා කවුද? post in this blog.

      • Sujeewa said, on නොවැම්බර් 1, 2010 at 12:36 ප.ව.

        YBY;

        I think you have mistaken my response.

        As you can see I have been arguing on the basis of prepositions. It is a diff debate whether US is freedom loving or empire type. In fact in my view it has both features. Also it is a diff debate whether it is right to copy US, and whether Us is always a success story.

        If you read corresponding posts, you can find my views on such. I have arguments for both sides of it. In other words it is partially true.

        Here the point is out of that fact. We are talking about how social evolution [if any] can retain better morales. So I took it for granted to use some “commonly accepted” [by some parties] arguments.

        Hope it explains.

    • arunishapiro said, on නොවැම්බර් 1, 2010 at 9:20 ප.ව.

      Sujeewa,
      //let’s not be religious about evolution//
      මෙතැන දී ඔබ හා එකඟ බොහෝ ක්‍රිස්තියානි විද්‍යාඥයෝ සිටිති. ඔවුන් කියනා ආකාරයට පරිනාමය ද දෙවියන්ගේ සැලැස්මකි. එය එසේ යැයි පෙන්වා දෙන්නට ඔව්හු බොහෝ වෑයම් දරති. සමහර භෞතික විද්‍යාඥයෝ තමන් භෞතික විද්‍යාව පරතෙරට හදාරද්දී වඩාත් දෙවියන්ගේ පැවැත්ම තමනට තහවුරු වූ බව කියා සිටිති. එහි දී මා දකින්නේ හාව්කින්, ඩෝකින්ස් හා හැරිස් වැනි අය ගත් දුර්මත උත්සාහයන් ම ඔවුන් ද සිදු කරනා බව ය. එනම් මෙය වැරදි යයි ඔප්පු කළ නොහැකි නිසා එය හරි යයි පිළිගන්නට කීමකි. ඔප්පු කරත හැකි සාධක නැති පමණින් එය ඔප්පු කිරීමට ද නිශ්ප්‍රභා කිරීමට ද බැරි ය. දෙපැත්තටම වාද කරන්නට නම් පුළුවන!!!

      ක්‍රිස්තියානි අයට අපට ඇති මේ හිසරදය නැත. ඔවුන්ට භක්තියෙන් (faith) විශ්වාස කරත හැකිය. දෙවියන්වහන්සේ වන්නට පව්කාර මිනිසාට කොයිතරම් උත්සාහ ගත්ත ද නොහැකි ය. එකම පිළිතුර: දෙවියන් මිනිසාගේ මට්ටමට පැමිණිය යුතු ය. දෙවියන්වහන්සේ මිනිසා වී මිනිසාගේ පව් උසුලාගත යුතු ය. ක්‍රිස්තියානි ආගමට අනුව මේ පුන්‍ය ක්‍රියාව කරන ලද්දේ ජේසුස්වහන්සේ ය. මිනිසා භක්තියෙන් ඒ ජේසුස්වහන්සේ ගේ පරිත්‍යාගය පිළිගත යුතු ය. එයින් විමුක්තිය කරා යන දෙවියන්වහන්සේ ගේ තෑග්ග පව්කාර මිනිසාට පින් කිරීම නිසා උරුම වෙයි. විවිධ වූ ක්‍රිස්තියානි ධර්මයන් අතර දිවෙනා පොදු මතවාදය ගැන සාරංශයකි මෙය.

      Dr. “Fritz” Schaefer is the Graham Perdue Professor of Chemistry and the director of the Center for Computational Quantum Chemistry at the University of Georgia. “The significance and joy in my science comes in the occasional moments of discovering something new and saying to myself, ‘So that’s how God did it!’ My goal is to understand a little corner of God’s plan.” –U.S. News & World Report, Dec. 23, 1991.

      Stephen Jay Gould, wiki:
      “In his book Rocks of Ages (1999), Gould put forward what he described as “a blessedly simple and entirely conventional resolution to…the supposed conflict between science and religion.” He defines the term magisterium as “a domain where one form of teaching holds the appropriate tools for meaningful discourse and resolution.” The non-overlapping magisteria (NOMA) principle therefore divides the magisterium of science to cover “the empirical realm: what the Universe is made of (fact) and why does it work in this way (theory). The magisterium of religion extends over questions of ultimate meaning and moral value. These two magisteria do not overlap, nor do they encompass all inquiry.” He suggests that “NOMA enjoys strong and fully explicit support, even from the primary cultural stereotypes of hard-line traditionalism” and that NOMA is “a sound position of general consensus, established by long struggle among people of goodwill in both magisteria.”

      • Sujeewa said, on නොවැම්බර් 2, 2010 at 3:45 පෙ.ව.

        Aruni,

        See this Sciam link for an example , how some “scientists” imagine God at place that is totally unnecessary. And despite myself and some others who die hard to explain that God is misused for inexplicable, see how they keep on debating [even past 100 comments].

        Note: article is old.

        Let me summarize all those “God Scientists” with following comment that I wrote in above Sciam site.

        Einstein has said to have stated:

        “God does not play dice”

        I fondly that;

        “God does not play dice, it is the dice that we mistook for God”

      • Sujeewa said, on නොවැම්බර් 2, 2010 at 3:55 පෙ.ව.

        [[මෙතැන දී ඔබ හා එකඟ බොහෝ ක්‍රිස්තියානි විද්‍යාඥයෝ සිටිති. ඔවුන් කියනා ආකාරයට පරිනාමය ද දෙවියන්ගේ සැලැස්මකි. ]]

        You mean ones who disagree with me, right? I am trying in above to state that evolution is not a plan or program, but inevitable process.

        If there is a place where you can think of plan, that is the mutation. Today scientists think that mutation is purely random. And it explains why, despite all our efforts the world is always morally low.

        At minimum a random mutation can explain all that happen in what we call life. But that is not enough facts to conclude that “mutation is NOT caused by some external force”. However that external force is no longer an essential element in explanation.

  3. B.Y. said, on නොවැම්බර් 1, 2010 at 1:17 ප.ව.

    I feel guilty about the irrelevant comment above so let me add something on early Buddhist view of logic (since the Buddha Gotama was mentioned in the article).

    The Buddha specifically called his teaching atakkāvacara, so at least the final goal of the practice is beyond logic, and in this sense, Buddhism is indeed ‘unreasonable’ (takka = reason). In other words, ‘right view’ (sammā diṭṭhi) cannot be achieved merely through an informed choice.

    The Aṭṭhaka Vagga of the Sutta Nipāta contains several suttas which discuss the limits of logic and reason. For example:

    Abandoning (the views) he had (previously) held and not taking up (another), he does not seek a support even in knowledge. Among those who dispute he is certainly not one to take sides. He does not [have] recourse to a view at all.

    In whom there is no inclination to either extreme, for becoming or non-becoming, here or in another existence, for him there does not exist a fixed viewpoint on investigating the doctrines assumed (by others).

    Concerning the seen, the heard and the cognized he does not form the least notion. That brahmana who does not grasp at a view, with what could he be identified in the world?

    They do not speculate nor pursue (any notion); doctrines are not accepted by them. A (true) brahmana is beyond, does not fall back on views.
    (Paramaṭṭhaka Sutta)

    David Kalupahana, in his translation of Mūlamādhyamakakārikā as well as in the book you mentioned, portrays Ven. Nagārjuna as a reformist who attempted to resurrect the early Buddhist teachings. I tend to agree with him. However, later Mādhyamakas who professed to follow Ven. Nagārjuna sometimes went overboard with dialectics. An excellent critique of this dialectical approach (in the context of Buddhism) is found in Ven. Ñāṇananda’s classic Concept and Reality in Early Buddhist Thought (1997 [1971], pp. 93-110):

    According to the early Buddhist standpoint, the Middle Path consisted neither in the confrontation of every thesis with its antithesis, nor in their synthesis, nor again in their total refutation, but in a balanced understanding of the relative and pragmatic value of concepts. Dialectical consciousness, therefore, as an intellectual experience of the ultimate futility of concepts, is a necessary but not a sufficient condition for the attainment of the Goal. [p. 99]

    … in early Buddhism we have the unique phenomenon of an enlightened dialectical awareness paving the way for a down-to-earth ethical consciousness. Far from undermining spiritual values by encouraging vain sophistry, it reasserted their importance by elevating experience above theoretical knowledge. [p. 108]

    • arunishapiro said, on නොවැම්බර් 1, 2010 at 7:59 ප.ව.

      B.Y.,
      “ඵස්ස පච්චයා” නම් සංකල්පයක් ඥාන ගවේෂණයට එකතු කරන ගෞතම බුද්ධ එය සලකන්නේ සංවේදන ඉන්ද්‍රියයක් පමණකින්ම ‍නොවේ. ඵස්ස නම් ස්පර්ශය පමණක් නොව ප්‍රථුල අර්ථයකින් වන ‘ආශ්‍රය’ යයි ඉහත පොතේ ම කළුපහන (පිටු 33) දක්වයි. හැඳිනීම (familiar) වැනි අදහසකින් ද යුතු යැයි ඔහු කියයි. මෙහි දී ස්පර්ශයෙන් යන සීමිත අදහසකින් නොව ආශ්‍රය නොහොත් හැඳිනීම වැනි ප්‍රථුල අර්ථයකට යද්දී මනුෂ්‍ය ආවේගයට ද තැනක් ලැබේ.

      එදිනෙදා ජීවිතයේ දී පුද්ගලයා කරන තර්කයේ දී ආවේගයට තැනක් නැතැයි පෙනුන ද සටහනේ සාකච්ඡාවට ලක් වූ දුර්මත විමසිල්ලේ දී ඒවා තර්කයට යොදා ගන්නා අය සිටින බව පෙනේ.

      අනෙක, ආශ්‍රය හෝ හැඳිනීම ගත්කල ඊට ඉතිහාසයක් ද, මතකයක් ද ඇත්තකි. ‘යමෙකුට දැනෙන්නේ ද, යමෙකු අවබෝධය ලබයි’ යන්න ඉහත ආශ්‍රය හා හැඳිනීම අර්ථයෙන් ද විමසිය යුතු ය. එවිට කළුපහන කියන්නා සේ, නිදහස් ස්ව චින්තනයක් ඇති කරයි.

      අපගේ දැකීම සාමාන්‍යයෙන් අපගේ ආවේග මතින් උපදයි. කැමැත්ත අකැමැත්ත වැනි ආවේග ද, සරල වූ උනන්දුවක් ද පදනම් කරගෙන යමක් අවබෝධය අපගේ ආවේගයන් මතින් හැඩ ගැසේ.

      කැමැත්තක් නැත්තා මේ බ්ලොගය ද කියවන්නේ නැත. එහෙත් කුතුහලය නැමති ආවේගය මතින් පදනම් වූ අයෙක් එය කියවන්නට එයි. සටහන් කියවා ඊට කැමැත්තක් හෝ අකැමත්තක් ගොඩනඟා ගන්නේ තමන් තුල වූ ආශ්‍රය මතිනි. දේශපාලනය ගැන හෝඩුවාවක් සොයන්නට වෙබ් අවකාශයේ සැරිසරන්නාට හෝ සරසවි සිසුන්ට වූ හදිය ගැන සොයන්නාට මේ සටහන කියවන්නට හිතක් නැත. එයින් එවැන්නා දැකීමක් ද නොලබයි. සමහර විට මෙය කියවා කිසිත් ආශ්‍රයක් ගොඩනඟා ගැනීමට නොහැකි නම් ඊට කැමැත්ත හෝ අකමැත්ත වෙනුවට කුසීත බවක් දක්වා ඉක්මණින්ම පිට වී යනු ඇත.

      සමහර ‍අයෙක් සටහන් දෙවරක් තුන්වරක් කියවා විහිළු කතන්දරයක් අවබෝධයට උත්සාහ ගන්නේත්, තවත් අයෙක් තමාට ලයිට් බල්බ් පත්තු නොවුනු නිසා අතහැර දමා යන්නේත් ඇයි? ඵස්ස නැමති ආශ්‍රය ඇති හෝ නැතිකම නිසා ද?

      ඵස්ස විසින් පටන් ගන්නා දැනුම සොයා යෑමේ දී ඊ ළඟ පියවර විතර්ක නොහොත් කල්පනා කර බැලීම ය. යම් දැකීමක ඇති ප්‍රතිවිපාක අගැයුම් කරන්නට ඉන් හැකියාව ලැබේ. ඒ මා වටහාගත් ආකාරයයි. වැරදි නම් නිවැරදි කරන්න.

      • B.Y. said, on නොවැම්බර් 2, 2010 at 2:06 පෙ.ව.

        Kalupahana is certainly correct when he says “the Buddha is able to say that all philosphical theories about the world are dependent on contact (phassa paccayā)” (this is supported by a recurring phrase in the Brahmajāla Sutta). However, his assertion that phassa “expresses the idea of familiarity” is quite misleading. I believe he is inclined to say so because he portrays the Buddha as an empiricist, thus making nibbāna, the goal of Buddhist practice, also something within empirical knowledge, whereas the early Buddhist text clearly point to the contrary. My personal impression is that Kalupahana’s forte is later Buddhist philosophy. Unfortunately the same cannot be said about his studies in early Buddhism.

        As for phassa being a means of gaining knowledge, we have to be clear that, according to the Buddha, the ‘knowledge’ thus gained is still part of the problem. It is tainted with avijjā, thus actually perpetuating ignorance. In the well known formula of dependent arising, phassa (contact) arises only when there is avijjā (ignorance). By the cessation of that very same ignorance (i.e. when the goal is reached), contact also ceases. Or, to be more precise, it is indeed the cessation of phassa (among other things) that is the goal (which is why phassa nirodha – cessation of contact – is a synonym for nibbāna).

        Regarding the connection between contact and familiarity Kalupahana mentions, it is perhaps best explained using the concepts of āsaya and anusaya (inclination, tendency), which are only indirectly related to phassa.

  4. kevin perera said, on නොවැම්බර් 1, 2010 at 11:42 ප.ව.

    while Plato was teaching philosophy in the academy Diogenes was illustrating his public masturbation in the marketplace.
    while aruni is talking philosophy in her own blog I just only keep shut my mouth

    • Sujeewa said, on නොවැම්බර් 2, 2010 at 3:37 පෙ.ව.

      Kevin, glad you did not follow Diogenes 🙂 Kidding by all means 🙂

    • arunishapiro said, on නොවැම්බර් 2, 2010 at 12:46 ප.ව.

      kevin perera, ඔව්, දියෝජිනීස් තරම් පැවති මතවාදයට විරුද්ධතාවය පෙන්වන්න ඉදිරිපත් වුන වෙනත් දාර්ශනිකයෙක් නැති තරම්! දැන් ඔයාට පුද්ගලික තැනක දී එහෙම දෙයක නිරත වීම ගැන මට හරි හෝ වැරදි යයි කියන්න බැහැ. ඒක ඔයාගේ අධ්‍යාත්මික ජීවිතයට බලපානව ද නැද්ද යන්න තීරණය ඔයාගෙ අයිතියයි. නමුත් පොළට ගිහින් ඒක උගන්වන්න හැදුවොත් මට එතැන දී ප්‍රශ්න නඟන්න වෙනවා. ඊට ඔයාට දෙන ඉඩකඩ මා assault weapon එකක් assembly කරන හැටි උගන්වන අයටත් දෙන්න ඕනා ද? මොකද දෙපැත්තම කියලා දෙන්නෙ නොදන්න දෙයක්නෙ. කෙනෙක් කියන්න පුළුවන් දියෝජිනීස් ක්‍රමය පුද්ගලික සතුට ගෙන දෙනවා සේ ම අවිය දාන හැටි ඉගෙන ගැනීමත් පුද්ගලික සතුටක් ගෙන දෙනවා කියල. එතකොට එක අයෙකුගෙ පුද්ගලික සතුටට ඉඩ දුන්නම තවත් අයෙකුගෙ පුද්ගලික සතුටට ඉඩ නොදී ඉන්න බැහැනෙ!!!

  5. […] argumentum ad ignorantiam නමින් දුර්මත ගැන මා කළින් ලියූ […]

  6. […] ඊයේ දුර්මත වලින් පිරි හෙට දිනයක් ද? මෝහයෙන් විතර්කය නොහොත් argumentum ad ignorantiam තර්කයේ දුර්මත ගැන […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: