අරුණි ශපීරෝ‍ වෙතින්

මරා දමනු ඇත

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 3, 2010


ගුහාවක උපමාවක් යොදා සත්‍යය අවබෝධය විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නේ පුරාතන ග්‍රීක දාර්ශනිකයෙක් වන ප්ලේටෝ තම ජනරජය (Republic) යන කෘතියෙනි.

ගුහාවක බිත්තියට මුහුණ ලා යදම් ලා බැඳ ඇති සිරකරුවන් සමූහයකි. ඔවුන් උපන් දා සිටම එසේ යදම් ලා බිත්තියට මුහුණ ලා බැඳ ඇති හෙයින් ඔවුනට තමන්ව හෝ තමන් හා සිටිනා අනෙක් අයව හෝ දැකිය නොහැක. ඔවුන් දකින්නේ බිත්තියේ වැටෙනා සෙවනැලි පමණි.

සිරකරුවෝ පිටුපසින් හා ඉහළින් ඇති කෙටි තාප්පයකින් යුතු බැම්මකි. බැම්මේ දැල්වෙන ගින්නකි. ඇවිලෙන ගින්න ඉදිරියෙන් සහ බිත්තියට මුහුණ ලා ඉන්නා සිරකරුවන්ට පිටුපසින් කෙටි තාප්පයට ආවරණය වී ඇවිදිනා පිරිසකි. ඔවුන් පෝච්චි, ප්‍රතිමා වැනි දෑ ඔසවා ගෙන එහා මෙහා ඇවිදිති. සිරකරුවන් දකින්නේ මේ අය ඔසවාගෙන යන දෑ වලින් බිත්තියට වැටෙනා සෙවනැලි ය.

සිරකරුවන්ට ඇසෙන්නේ ඇවිදින අයගේ කටහඬේ දෝංකාරයයි. මේ සෙවනැලි හා දෝංකාර සත්‍යය යැයි සිරකරුවන් වටහාගෙන සිටිති.

එක් සිරකරුවෙක්ගේ යදම් ගැලවේ. නොදැකි පැත්ත දෙස හැරී බලනා යදම් ගැලවුන සිරකරුවාට සෙවනැල්ලේ සත්‍ය ප්‍රභවය පෙන්වීමට බලහත්කාරයෙන් උත්සාහයක් ගැනේ. එහෙත් ගින්න නිසා ඔහුගේ ඇස් වලට වේදනාවක් දැනේ. ඇස් රිදවන ගින්න නොව හුරු පුරුදු සහනය දනවන සෙවනැලි ඔහුට ප්‍රිය ය.

ගුහාවට පිටුපසින් හා ඉහළින් ගුහාවේ ප්‍රවේශය පිහිටා ඇත. ගුහාවෙන් පිටත සූර්යාලෝකයෙන් දැකිය හැකි ගස් කොළන්, ගංඟා හා කඳුවැටි වෙති. ගුහාවට පිවිසෙන්නේ ඉතා මඳ හිරු එළියකි.

අර යදම් ගලවන ලද සිරකරුවාව බලහත්කාරයෙන් (අධ්‍යාපනය මඟින්) උස් වූ දුෂ්කර කන්දක් නැඟ ගුහාවේ ප්‍රවේශයට ගෙන එයි. හිරු රශ්මිය ඔහුගේ ඇස් මොහොතකට අන්ධ කරවයි. පළමුව ඔහු සෙවනැලි වලට හුරු නිසා අවට ඇති ගස් කොළන්වල සෙවනැලි දිහා බැලිය යුතුය. අනතුරුව ගස් කොළන් දිහා බලයි. ඉන්පසු ඔහුට සූර්යයා දකින්නට හැකිවේ. මෙය සත්‍යය දැකීම නොහොත් ඥානාවබෝධය සේ ප්ලේටෝ දක්වයි.

මේ සත්‍යය දැකි මිනිසා ආපසු ගුහාව වෙත ගියහොත් ඔහුට හැම තැනම හිරුලප පෙනෙනා නිසා අන්ධකාරයේ කිසිත් දැකිය නොහැකි අයෙක් සේ විහිළුවට පාත්‍ර වනු ඇත.

ඔහු තමා හා සිටි සිරකරු සගයන් මුදවා ගන්නට ගියහොත් සෙවනැලි දකිමින් සහනයෙන් ගෙවූ මුලාවට බාධා කළා යැයි ඒ සිරකරු සගයෝ කෝප වෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් සිරකරුවෝ ගුහාවෙන් පිටත ගොස් සත්‍යය දැක ආපසු ගුහාවට පැමිණි සත්‍යය කියන්නට යන යදම් බිඳි සිරකරුවාව මරා දමනු ඇත.

මෙහි දී ප්ලේටෝ සිරකරුවා නම් සොක්‍රටීස් යැයි ද සත්‍යය කියා දීමට ගොස් ඇතැන්ස් සමාජය සොක්‍රටීස්ට මරණ දණ්ඩනය නියම කිරීම උපමාවට යොදා ගන්නවා යැයි ද දාර්ශනික මතයකි.

සිරකරුවා අන්ධකාරයෙන්, මායාවෙන් හා අසත්‍යය නැමති වහල් භාව වලින් නිදහස ලබා, දුෂ්කර වූ මාර්ගයක ගමන් කර සත්‍යාවබෝධය නැමති ආලෝකය හා උණුසුම ලැබීම පසුකාලීන දාර්ශනිකයෝ හා සමාජ නායකයෝ බොහොමයක් ප්‍රබෝධමත් කරන්නට සමත් වූ සිද්ධාන්තයකි.

ප්ලේටෝ මෙය තවත් විස්තර කරන්නේ ඥාන විභාගය (epistemology), සත්භාවවේදය (ontology), ආචාර ධර්ම (moral theory) හා රසඥානය (theory of beauty) යනාදියෙන් පාරභෞතිකව ලෝකය වටහාගන්නා ආකාරය හැටියටයි.

ඉහත විෂයයන් සියල්ලකින්ම යුතු ධූරාවලි (hierarchical nature) ස්වභාවය පැහැදිලි වන්නේ මෙයාකාරයට ය.

සත්‍යය නම් ධූරාවලියේ ඉහළින්ම පවතින, ඥානය සහ අගයෙන් වැඩි, වඩාත්ම තථ්‍ය (real) වඩාත් ම නිශ්චිත (certain) හා වඩාත්ම අගයක් ඇති වස්තූන් වෙති. ඒ ඉහළ ස්ථානයෙන් පහතට බහිද්දී අපි දකින්නේ සංකල්ප හා ප්‍රතිබිම්බ වෙති.

රූපක (forms) නැමති සිද්ධාන්තය යොදා ගන්නා ප්ලේටෝ අධ්‍යාපනයෙන් ඉහළ යද්දී ශුද්ධ විචාරයෙන් (pure reason) රූපක දකින්න හැකියාව ලබන බව පෙන්වයි. සත්‍යයයේ මූලාශ්‍රය වන රූපක සදාකාලික වූ සත්‍යයන් වලින් යුතු ය. උදාහරණය ලෙසට ලස්සණ යන්න විභාගයට ගනිමු. සංවේදනයෙන් අපි දන්නා ලස්සණ නැමැත්ත අනුකරණය හෝ දායක වන දෑ ලස්සණ යැයි අපි සලකමු. නමුත් මේ ලස්සණ යැයි අප සලකන දෑ කැඩී බිඳී යයි. ජරාවට පත් වෙයි. වයසට ගොස් මරණයට පත් වේ. නමුත් ලස්සණ යන්න සදාකාලික ය. එය සදාකල් පවතිනු ඇත. සත්‍යය හා යුක්තිය යනු ද එලෙස ම ය. වහල් භාවය හෝ තරබාරුකම යන්න ද එසේ ම ය.

සංවේදන ලෝකයේ දකිනා දෑ සූර්යාලෝකයේ ආධාරයෙන් දැකිය හැකි සේ, මේ රූපක හා ඒ ගැන වන ඥානය හොඳ යන පදනම මත වේ යයි ප්ලේටෝ කියයි. සියළු ඥානයේ අවසානය මේ හොඳ යන්න අවබෝධයයි. ‘හොඳ’ යන්නට සුපිරි රූපක තත්වයක් දෙන ප්ලේටෝ එය නැත්නම් අපට කිසිත් අවබෝධයට ඉඩකඩක් ද නැති යයි කියයි. හොඳ යන්න අවබෝධ කරගන්නා අය හොඳ පුද්ගලයෙක් වන බව ද ඔහු කියයි.

ප්ලේටෝ කියන සුපිරි රූපක ‘හොඳ’ යන්න පහදා ගැනීමට විවිධ දාර්ශනිකයෝ විවිධාකාරයෙන් උත්සාහ ගත්හ. සමහරු එය දෙවියන්වහන්සේ යැයි අර්ථ දැක්වූහ. සමහරු එය සදාකාලික වූ ආත්මය තුල ඇත්තක් සිහිබුද්ධියෙන් පහදා ගැනීමක් සේ අර්ථ දැක්වූහ.

සෙවනැලි හා ප්‍රතිබිම්බ දකිමින් වාසය කරන්නා අද ලෝකයේ ද යදම් වලින් බැඳි සිරකරුවෙකි. ඒ පුද්ගලයාට පෙනෙන්නේ අනුන් විසින් පෙන්වන සෙවනැලි පමණි. යදම් වලින් මිදී උත්සාහයෙන්, දුෂ්කරතාවයෙන් ඉහළට නඟින්නට වෑයම් ගන්නාට සත්‍යය සොයා යන්නත් හොඳ පුද්ගලයකු වන්නටත් හැකියාව ලැබේ. යදම් වලට හිර වී බිත්තිය දිහා බලාගෙන සහන සෙවනැලි දකින්නට පුද්ගලයෝ කොතරම් කැමති දැයි දැකිය හැක්කේ නුහුරු නුපුරුදු දේ විමසීමට වෑයමක් ගන්නට පුද්ගලයෝ තුල ඇති උදාසීනත්වය දකිනා කල ය. ගින්දර දකිද්දී ඇතිවන වේදනාව අකමැති සේ ම සූර්යයා දකිද්දී වැටහෙන අවබෝධය ද රිසි නැත්තෝ බිත්තිය දිහා බලාගෙන සිටින්නට ප්‍රිය කරති. එවැන්නෝ තමනට වෙනකක් කියන්නට එන්නාව අද දවසේ වුව ද මරා දමන්නට ඉඩ ඇත.

13 Responses

Subscribe to comments with RSS.

  1. Dilee said, on නොවැම්බර් 4, 2010 at 2:17 පෙ.ව.

    great post!!!

  2. Praveena said, on නොවැම්බර් 4, 2010 at 6:08 පෙ.ව.

    අරුනි,

    ඔයා කියලා තියනවා , ‘නමුත් ලස්සණ යන්න සදාකාලික ය. එය සදාකල් පවතිනුඇත.’ කියලා. බුද්ධාගමේ අපි ඒක ඉගනගත්තේ මෙහෙම නේද?
    everything is continuously changing.
    එතකොට කොහොමද මොනම දෙයක්වත් සදාකාලික වෙන්නේ.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2010 at 8:48 පෙ.ව.

      Praveena,
      මට මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනා බුද්ධ චරිතය කියවද්දී: පරම සත්‍යය අචින්ත්‍ය යැයි කියන්නෙ කොහොම ද ගෞතම බුදුහාමුදුරුවෝ ගහක් යට කල්පනා කරද්දී සත්‍යාවබෝධය ලැබුවා නම්? භාවනානුයෝගයෙන් කියන්න බැහැ, මොකද හය අවුරුද්දක දුෂ්කර ක්‍රියා (භාවනාව) අත්හැරලා සමහර අයගෙ අප්‍රසාදය මැද තමයි සුජාතාගේ කිරිබත් අනුභවයෙන් පස්සෙ ගහ යට වාඩි වෙන්නෙ. ඉතින් පෙර ආත්මවල පින් සේරම බලයෙන් ඒ අවස්ථාවේ සත්‍යාවබෝධය ලැබෙන්නත් මෙච්චර කාලයක් තුල නොලැබෙන්නත් චින්ත්‍ය නොහොත් සිතීමේ හැකියාව උපකාර වුනා නේද? එහෙම නම් ඇයි පරම සත්‍යය හිතාගන්නවත් බැරි එකක් වෙන්නෙ කොහොම ද?

      පාරිවාජික අහනවා සාරිපුත්ත ගෙන් කෙළින් ප්‍රශ්නයක්: මොකක් ද ‍නිර්වාණය? මේකට බුදුහාමුදුරුවො දෙන උත්තරය තමයි අසක්ත (බැඳීම් නැත) සංකල්පය. ආශාවන් නැති කිරීම, ද්වේශය නැති කිරීම හා මායාව නැති කිරීම (සංයුක්ත නිකාය, පාලි ත්‍රිපිටක සංගමය) ඉතින් නිර්වාණය කියන්නෙ ඍනාත්මක දෙයක් වෙන්න බැහැනෙ, පරම සත්‍යය නම් මේ මේ දේවල් නැති කිරීම පමණක් නෙමෙයි, මේ දේ අවබෝධය කිරීමත් වෙන්න ඕන. වල්පොල රාහුල හිමි මේක මෙහෙම පහදනවා. ඍනාත්මක හා ධනාත්මක යන අගයන් සාපේක්ෂ අදහස්. නිර්වාණය ඍනාත්මක හෝ ධනාත්මක ලෙස පැහැදිලි කරා යන්න වැරදි ආකාරයට එය පෙන්වා දීමක් කියල. (What the Buddha taught, පිටු 37) මඤ්ජිම නිකායේ ධාතුවිභංග සූත්‍රයේ (140) බුදුහාමුදුරුවො පුක්කුසාතිට කියා දෙන්නෙ අසංඛත (සිතිය නොහැකි) නිර්වචන නෙමෙයි සංඛතම් (මනසින් වඩත හැකි) සංකල්පයයි.

      දැන් ඔයා අහන ‘හැම දෙයක් ම වෙනස් වෙනවා නම්’ කොහොම ද මොනම දෙයක් සදාකාලික වෙන්නෙ කියන එක විභාගයට ගනිමු.

      පරම සත්‍යය වෙනස් වෙන්න පුළුවන් ද?

      පරම සත්‍යය වෙනස් වෙනවා නම් ඒක සාපේක්ෂතාවයට ගොදුරු වෙනවා. ඒ කියන්නේ ඍනාත්මක හා ධනාත්මක අගයන්ට භාජනය වෙනවා.

      ඉතින්, පරම සත්‍යය යනු සාපේක්ෂතාවයට ගොදුරු නොවී සිටිය යුත්තක්. එනම් ඉහත දාපු සටහනේ කියපු විදියට ‘ලස්සණ’ රූපකය සාපේක්ෂතාවයෙන් ඔබ්බක තියෙන්නක්. සාපේක්ෂ නොවෙද්දි ඒක සදාකාලික වෙනවා.

      ඒක වෙනස් කරන්න අපි හිතන විදියට බැහැ. ඔයාට ලස්සණ දේ මට ලස්සණ නොවෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කියන්නෙ ලස්සණ කියන රූපකය නැහැයි හෝ ඇතැයි කියන එක නොවෙයිනෙ. අපි හිතන විදිය වෙනස් පමණයි.

      ලස්සණ රූපකය කාලයට ගෝචර නැහැ. මොකද කාලයෙන් කාලයට වෙනස් වෙන්නෙ ‘ලස්සණ’ ගැන අපි හිතන විදිය මිසක ඒ ‘ලස්සණ’ කියන රූපකය නෙමෙයි. වෙනසට භාජනය වෙන්නේ අපි අතර තියන එක එක අය අල්ලා ගන්නා ‘ලස්සණ’ ගැන වූ අප හිතන සංකල්ප. ප්ලේටෝ කියන දෙවන මට්ටම.

      අපි හැමෝම ‘හැම දෙයක්ම වෙනස්වන’ ඒකීය වූ ලස්සණ දෑ තමයි අල්ලා ගෙන බැඳීමකින් ඉන්නෙ. මගේ ලස්සණ සුදු කොල්ලා දැන් සුදු මහල්ලෙක් වෙමින් ඉන්නවා. (එයාගෙ හදවත තාම ලස්සණයි!) මේ ඒකීය වූ ලස්සණ දෑ අපි දකින, නිතර වෙනස්වීමට භාජනය වන, කාලයට අනුව වෙනස් වන දේවල්. සමහර අය මේ බැඳීම් තදින් තියාගෙන නැහෙන්නෙ ඒ වෙනස්වන දේවල් මත්තෙ.

      කොහොම ද මගේ සුද්දාගෙ ලස්සණ රූපකයට මා බැඳීමක් ඇති කරගන්නෙ? සුද්දාව පමණක් නෙමෙයි ලස්සණ දෑ හැම දෙයක් ම මම ලස්සණ රූපකය අනුව දකින්නෙ. මගෙ සුද්දාගෙ ලස්සණ නැතිව ගිය දවසට ලෝකෙ ලස්සණ නැතිව යන්නෙ නැහැනෙ.

      කොහොම ද මගෙ සුද්දාගෙ ලස්සණ සංකල්පයට මා බැඳීමක් ඇති කරගන්නෙ? ඒක සුද්දාට සාපේක්ෂව තියෙන්නෙ මගේ හිතේ. මගෙ සුද්දාගෙ එදා දැක්ක ලස්සණ කාලයට ගෝචරව අද නැතිව යමින් සිටියත් (ඒකීය වූ ලස්සණ) සාපේක්ෂව ඇති බැඳීමක් නිසා දැන් මම රූප ලක්ෂණයට වඩා හදවතේ බැඳීම ලස්සණ යයි අල්ලාගෙන ඉන්නවා!

      පරම සත්‍යය ‍හෙවත් රූපකය සදාකාලික යයි මා දකින්නෙ එහෙමයි.

      • B.Y. said, on නොවැම්බර් 4, 2010 at 12:56 ප.ව.

        Assuming we take the early Buddhist texts as the authoritative representations of the doctrine of the Buddha Gotama (i.e. mainly the Pali Nikāyas and the Chinese Agamas):

        1. Even a very superficial reading of the texts would show that the Buddhist path of practice does not rely on ‘thinking’ (in the sense you mention here) except in the preliminary stages. The mental factor of vitakka is abandoned when entering the second jhāna. Even in the first jhāna it has the more technical meaning of ‘applied attention’, and does not refer to ‘thinking’.

        2. You are correct to point out that the Buddha instructs Ven. Pukkusāti using conditioned (I prefer ‘prepared’) concepts (සංඛත සංකල්ප) in the early parts of the Dhātuvibhaṇga Sutta. However, as the Sutta unfolds, it becomes quite clear that they are tools to be utilized to reach the ‘unprepared’ Nibbāna. Since you have already used the word අසංඛත, you can’t be ignorant of the fact that it is an often used synonym for the goal. The path is not the goal itself, it only leads to it:

        … Among the things conditioned, the Noble Eightfold Path is reckoned the best of them all. […] Among things conditioned and unconditioned, dispassion is reckoned the best of them all: the crushing of all infatuation, the removing of thirst, the uprooting of attachment, the cutting off of the round, the destruction of craving, dispassion, Nibbāna.

        Aggapasāda Sutta [AN 4.34]

        3. As for the පරම සත්‍යය in Buddhism, it is none other than Nibbāna (as explicitly mentioned in the same Dhātuvibhaṇga Sutta you quoted). Of course, this doesn’t rule out the possibility that in your(?) own philosophy there could be other ‘things’ such as form that are පරම සත්‍යය, and I’d refrain from trying to challenge that. What is correct between the two is a matter of conjecture (or, for Buddhists, a matter of practice leading to realization).

        4. The positive definitions of Nibbāna include the realization of the four noble truths, the perfect peace (parama santi), the highest happiness (parama sukha) etc. These are kept in balance with many ‘negative’ definitions such as emptiness (suññatā). Besides, even the ‘positive’ definitions such as ‘highest happiness’ are seen to be rather ‘negative’ at the end:

        I have heard that on one occasion Ven. Sariputta was staying near Rajagaha in the Bamboo Grove, the Squirrels’ Feeding Sanctuary. There he said to the monks, “This Nibbāna is pleasant, friends. This Nibbāna is pleasant.” When this was said, Ven. Udayin said to Ven. Sariputta, “But what is the pleasure here, friend, where there is nothing felt?” “Just that is the pleasure here, friend: where there is nothing felt.”

        Nibbāna Sutta [AN 9.34]

        The ascetic practices the Buddha was engaged in did not include meditation, and the accounts of the incident (in the suttas and Vinaya) explicitly state his practice of jhāna prior to awakening, so it is absurd to say that he abandoned meditation and started thinking under a tree. Selective reading of certain texts and taking the content out of context might be a convenient way to support one’s arguments, but that is hardly the best way to try to understand a subject.

        • arunishapiro said, on නොවැම්බර් 4, 2010 at 6:20 ප.ව.

          B.Y.,
          බුද්ධාගම ලියැවෙන්නෙ එය පහදා දී වසර කොපමණ ගණනකට පසුව ද? ඒත් කටවචනයෙන් ආ දැනුම එය ඉගෙන ගන්නා අය විසින් ලියා තැබීමක්. අද දිනයේ ද ඒ ගැන වූ විවිධ මත නිසා තමන්ට කැමති පරිදි විශ්ලේෂණයට ඉඩක් ලැබෙනවා. ඒක දර්ශනයක් වශයෙන් ගත්තාම ඊට පාඩුවක්. ධර්මයක් හැටියට ගත්තාම ධර්මය කියා දෙන අයගෙ අඩුවක්. අදහන ආගමක් හැටියට ගත්තම ඒ අදහන අනුගාමිකයෝ අතරමං කරවන්නක්!!!

      • B.Y. said, on නොවැම්බර් 5, 2010 at 1:18 පෙ.ව.

        බුද්ධාගම ලියැවෙන්නෙ එය පහදා දී වසර කොපමණ ගණනකට පසුව ද? ඒත් කටවචනයෙන් ආ දැනුම එය ඉගෙන ගන්නා අය විසින් ලියා තැබීමක්.

        If this implies an unreliability of the ‘texts’ merely because it was transmitted orally, that only shows a lack of appreciation of the Indian tradition. The best example to counter this comes from Brahmanism (or ‘Hinduism’), where they have preserved the Vedic texts (not to mention the later Upanishads etc.) which predate the Buddha at least by 500 years with even such subtleties as the accent and intonation. There is plenty of evidence to say that the Buddhist tradition of oral transmission was based on this already well-established methodology. In a similar manner, the Jains have a system of oral texts.

        Today we have the luxury of subjecting the Buddhist texts to histo-critical analysis using the different recensions preserved in places so far apart as China and Sri Lanka (as well as ancient manuscripts discovered in India, Nepal and Afghanistan). Much has been done in this regard for decades now, so I need not go into details. Suffice to say that what I mentioned above as ‘early Buddhist’ texts have weathered these rigorous tests.

        Of course, I don’t have a problem with there being different interpretations of the texts. Perhaps that is inevitable in these modern times when most people try to understand the Buddhist doctrine through logic, whereas the doctrine itself claims to be atakkāvacara. While the Buddha called his teaching an invitation to practice, very few people are willing to go through all that trouble; it is much more convenient to analyse it from a safe distance where practice is not a valid concern. It is interesting (and quite telling) to note that in your lament above you mention the Buddhist philosophy, theory and religion, but omit practice.

        • arunishapiro said, on නොවැම්බර් 5, 2010 at 8:58 පෙ.ව.

          B.Y.,
          මා පමණක් නොව බොහෝ විචාරකයෝ (කළුපහන හා වල්පොල රාහුල හිමියන් ඇතුළුව) මූලාශ්‍ර විමසීම කර ඇත. යමක් හදාරන්නා තම අධ්‍යයනය පටන්ගත යුත්තේ එතැනින් ය. කාලාන්තරයක් ධර්මය අධ්‍යයනයේ යෙදි අය අතර වුව ද, දැඩි සොයාබැලීමට භාජනය වූව ද, කට වචනයෙන් ආ දහම සම්පූර්ණයෙන් ගත්කල ලියා ඇත්තේ බුද්ධ වචනය බවට සමස්ත එකඟතාවයක් නැත. බ්‍රාහ්මණ, චාර්වක හා ලෝකායතික වැනි භෞතිකවාද, ආජීවක, ජෛන ධර්මයන් බුදු දහමින් වෙන් කර හඳුනා ගන්නට වෑයම් තවමත් බොහොමයකි. බෞද්ධ ධර්මයේ විකාශය චීනය, බුරුමය, ලංකාවට හා තිබ්බතයට පැතිර යද්දී ඒ ඒ රටවල තිබූ විශ්වාසයන් ද ඊට එකතු වූ ආකාරයන් ද දැකිය හැකිය.

          නැත, එය කටවචනයෙන් ගෙන ආ පමණින් මා ඊට අඩු තක්සේරුවක් නොදෙමි. සංස්කෘත හදාරද්දී ප්‍රථමයෙන් උද්දාම විය හැකි වැදගත් වූ අවබෝධය නම් එහි පද ව්‍ය්‍රහය සැකැස්ම වාක්‍යයක් කොතරම් මතකයේ රැඳීමට ආධාර කරන අන්දමින් සැකසී ඇත්දැයි කියා ය. එහෙත් පුද්ගල‍යෝ තුල වූ අතින් දමා ලුණු ඇඹුල් එකතු කර රසවත් කරන හැදියාව ද නොසලකා හැරිය නොහැක. මන්ද ධර්මය ලියා තැබුවේ රහතන්වහන්සේලා නොවන නිසා ය.

          පිළිපැදීම ගැන ඔබගේ දැක්මට මා එකඟ නැත. ධර්මය නොවිමසා පිළිපැදීමෙන් ඵලක් ඇත් ද? මුලින් ම යන්නේ කොහාටදැයි අරමුණ විමසිය යුතු ය. ඊ ළඟට ඒ ඉලක්කයට යන්නට මාර්ගය සොයාගත යුතු ය. අනතුරුවයි ඒ මාර්ගයේ කෙනෙක් ගමන් කරන්නේ.

          තමන්ට තනියම ධර්මය අවබෝධය හැකි යයි කියන ථෙරවාදයත්, සියල්ලෝම සමඟ ධර්මාවබෝධයට පිවිසෙන මහායානත් අතිශයින් වෙනස් වූ පිළිපැදීම් මාර්ග දෙකක යන්නෝ ය.

          පන්සිල් පද පහ හඳුනා ගෙන ඒවා ආරක්ෂා කිරීම වෙනුවට එය ගිරව් මෙන් කීම ධර්මාවබෝධය යැයි සිතන පිරිසක් ද සිටින්නේ අරමුණ නොවිමසා ය.

          මානසික සහනය උදා කරලන මහත් උපදේශ රැසකින් යුතු පිරිත් පළාතට ඇසෙන සේ නාද කිරීමෙන් හා පිරිත් නූලක් ගැට ගසා ගැනීමෙන් එයින් විස්තර වෙන ධර්මාවබෝධය ලැබේ යැයි සිතන පිරිසක් ද ඉන්නේ පිළි‍පැදීම මෝක්ෂය උදාකරලනවා යැයි සිතන නිසා ය.

          හතර පෝයට සිල් ගෙන භාවනා කරනවා කියා නිදි කිරන්නේ භාවනාව ඥානය වඩවනවා යැයි සිතන නිසා ය.

          සියළු ආගම්වල පිළිපැදිය යුතු කොටසක් ද, ධර්මය ‍කොටසක් ද, දර්ශනය කොටසක් ද ඇත.

          මා දකින්නේ, අරමුණ නොවිමසා, ධර්මය නොදැන පිළිපැදීමට පාප්ත්‍ර වීම ඵල රහිත බවක් සේ ය. අරමුණ විමසා බැලූ කල, ධර්මය වටහාගත් කල, පිළිපැදීම නිතැතයෙන් ම සිද්ධ වේ. මන්ද, එය නොමැතිව නොහොත් මාර්ගයේ ගමන් නොකර ඉලක්කය කරා යා නොහැකි බැවිනි.

      • B.Y. said, on නොවැම්බර් 5, 2010 at 12:27 ප.ව.

        I thought the comment above made it clear that I consider histo-critical analysis a good thing which is to be encouraged. My apologies if that were not clear enough. A fairly well established conclusion (if there were any doubt to begin with) of a century of Buddhist studies is that the central teachings found in Buddhist texts are reliable, whatever disputes there may be about the subtle nuances or the later developments. In your reply to Praveena you seemed to base your comment on a wild speculation that had little support from these authoritative sources. I’m not sure how this is supposed to add up with the way you apparently ‘check references’.

        තමන්ට තනියම ධර්මය අවබෝධය හැකි යයි කියන ථෙරවාදයත්, සියල්ලෝම සමඟ ධර්මාවබෝධයට පිවිසෙන මහායානත් අතිශයින් වෙනස් වූ පිළිපැදීම් මාර්ග දෙකක යන්නෝ ය.

        I have a very different take on this. Even doctrinally it is not as clear-cut as you make it sound, but more importantly, the further one immerses in the practice, the more superficial these differences seem. Most of the serious practitioners in both these ‘camps’ (as opposed to the cheerleaders and flag-bearers) agree to that much. A very simple example is the way the same set of practices lie at the heart of all major traditions: jhāna in Theravāda, dhyāna in Mahāyāna, Ch’an in China, Zen in Japan.

        And, since its obvious that I’m jobless enough to keep commenting here, let me also add something related from a modern classic:

        The early Buddhist attitude was to realise the imperfections of language and logic by observing the internal and external conflict it brought about. This is extremely clear in the Aṭṭhaka Vagga of the Sutta Nipāta. It was not considered necessary to counter every possible thesis with an antithesis or to turn every inside out by the reductio-ad-absurdum method merely as an exercise in dialectics, thereby adding to the conflict. It took the more radical attitude of grasping the general principle involved, namely, that of suffering, which provides the true impetus for the spiritual endeavour to transcend all theories by eradicating the subjective bias.

        From the foregoing it should be clear that in early Buddhism we have the unique phenomenon of an enlightened dialectical awareness paving the way for a down-to-earth ethical consciousness. Far from undermining spritual values by encouraging vain sophistry, it reasserted their importance by elevating experience above theoretical knowledge. The pragmatic reasons given by the Buddha with regard to his preaching of the Four Noble Truths in categorical terms, should not be taken as a mere edifying call to practise the Dhamma. In view of the Buddha’s attitude towards the totality of concepts as such, we may say that pragmatism is the only justification for his preaching those Noble Truths. Words have a value only to the extent that they indicate elements of experience. However, even where words fail, experience triumphs. By defining ‘voidness’ in terms of experience, early Buddhism also pointed out that what is void as to concepts is not devoid of happiness.

        – Bhikkhu K. Ñāṇananda (1997 [1971]), Concept and Reality in Early Buddhist Thought, Kandy: Buddhist Publications Society, pp. 108-109.

    • sujeewa said, on නොවැම්බර් 4, 2010 at 2:06 ප.ව.

      මා බුද්ධ ධර්මය දන්නා පමණින් එහි කියැවෙන්නේ “සබ්බේ සංඛාරා අනිච්චා” [හේතු ප්‍රත්‍යයකින් හටගත් සියළු දේ නතිවී යයි] කියා ය.

      මෙහි සඳහන් සංස්කාර [හේතු ප්‍රත්‍යයකින් හටගත්] මොනවාද? එයට අයිති නොවන්නේ මොනවාද? සියළු සංස්කාර නැති වන්නේ ඇයි? සදාකාලික සංස්කාර ඇත් ද? වැනි දේ මට නිදහස් මනසකින් ග්‍රහණය කළ නොහැක.

      ලස්සන යන රූපකය සංස්කාරයක් නොවේ යැයි මට සිතේ. ලස්සන දකින වස්තුව නම් සංස්කාරයකි. [උදා: අම්මා යන සංකල්පය සදාකාලිකයි. එහෙත් කෙනෙකුගේ අම්මා නම් පුද්ගලයාට ඇත්තේ මිනිස් ආයු කාලයකි]

      බුදු දහම පරම සත්‍යයක් කියා හෝ පරම සත්‍යයක් පවතී කියා හෝ ස්ථිර කිරීමක් මගෙන් නොවූ බව සළකන්න. එහි රාමුව තුල සිට ඔබට උත්තර දුන්නා පමණකි.

      • arunishapiro said, on නොවැම්බර් 4, 2010 at 6:12 ප.ව.

        sujeewa,
        ප්‍රත්‍යය (theory of relations) ගැන හේතු ප්‍රත්‍යය (primary condition), ආලම්බන ප්‍රත්‍යය (objective condition), අධිපති ප්‍රත්‍යය (dominant condition) හා සමනාන්තර ප්‍රත්‍යය (immediately contiguous cause) යයි හතරක් ගැන කියැවෙනවා. මෙහි දී මේවා ථෙරවාද හා මහායාන වැටහීම් අනුව වෙනස් ව විකාශණය වෙනවා. හරි අවුලක්, විසඳා ගන්න නම් ඒ ගැන වෙනම හදාරන්න ඕනා. මෙතැනට අදාල වෙන්නෙ ඉතා යාන්තමින්.

        අම්මා නැමති රූපකය සදාකාලිකයි. අම්මා සංකල්පය සදාකාලික නැහැ, මොකද සංකල්පය සිතන පුද්ගලයෙක් සිටිය යුතු නිසා. එය වෙනසකට භාජනය වෙන්නත් පුළුවන්. අම්මා නැමති ඒකීය වූ වස්තුව ද තාවකාලිකයි.

  3. kevin perera said, on නොවැම්බර් 4, 2010 at 12:36 ප.ව.

    1950ස් ගනන් වල කොල්ලො ලස්සනයි කිව්වෙ පිරිපුන් දේහයක් ඇති රුක්මණී දේවි මොඩල් එකේ කෙල්ලන්ට ඒත් දැන් 2010 දී කොල්ලො ලස්සනයි කියන්නෙ සිහින් සිරුරක් ඇති ඇනරොක්සික් මොඩල් වගේ කෙල්ලන්ට නේ කාලයත් එක්ක ලස්සන කියන සංකල්පය වෙනස් වෙලා නමුත් ලස්සණ රූපකය කාලයට ගෝචර නැහැ රූපකය සදාකාලික දෙයක් කියල. අපි ඉර කියන රූපකය ගත්තොත් ඉර කියන රූපකය වෙනස් වෙන්නෙ නෑ වුවත් මෙහිදී ප්‍රංශ දාර්ශනික Jacques Derrida මෙහෙම කියනව by implication: the Egyptians called that object “Ra” and thought it was a mighty god; we call it “sun” and think of it as a ball of gas. And we have the audacity to think our conception will last forever, just like the Egyptians believed four thousand years ago.

    • arunishapiro said, on නොවැම්බර් 4, 2010 at 2:54 ප.ව.

      kevin perera
      ඔව්, සංකල්පය (conception) වෙනස් වුවත් රූපකය (form) වෙනස් වුනේ නැහැනෙ. අපි මොන නමින් එය හැඳින්වුවත්, එය මෙයාකාර යැයි සිතා සිටීම වෙනස් වුවත්, එය (thing-in-itself) වෙනස් වෙලා නැහැනේ.

  4. Srinath Chathuranga said, on මාර්තු 1, 2012 at 9:39 පෙ.ව.

    net එකෙන් මේ දාර්ශනික දේවල් ගොඩනෑගීම ප්‍රායොගික නෑහෑ.දර්ශනවාදය ගත් තැනම මෙතනදි වැරදියි.මම මේ කියන දෙය වැරද්දක් නෙවෙයි කියලා මට ඔප්පු කරන්න පුලුවන්.මොකද දැලි පිහියෙන් කිරි කන්න බැහැ.ඒ වගේම ල0කාව කියන දැලි පිහියෙන් දර්ශනවාදය කියන කිරි කන්නම බැහැ.0789154522.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: