අරුණි ශපීරෝ‍ වෙතින්

කාමෝද්දීපනය වඩන්නේ දේශපාලනය ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 11, 2010


ගෑණු ජාතිය ගැන නෙමේ විභාගය පිරිමි ජාතිය ගැන ය. ටෙස්ටොස්ටොරෝන් (T) නොහොත් පිරිමි ලිංගික හෝර්මෝනය ලෝකයේ වර්ගයා බෝ කරන්නට ආධාරකයකි. පහුගිය දිනයෙක අපූරු පර්යේෂණයක වාර්තාවක් පෙන්සිල්වේනියාවේ විලානෝවා විශ්ව විද්‍යාලයේ පැට්‍රික් මාර්කෙ හා ඔහුගේ බිරින්ඳෑ වන නිව් ජර්සියේ රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ චාලට් යන දෙදෙනා වෙතින් ඉදිරිපත් වුණි.

මේ අධ්‍යයනයේ වැදගත්කම වෙනදා දැකිය නොහැකි දෙයක් අධ්‍යයනයට මාර්ගයක් පෑදීම ය. එය දන්නා මතයක් ඔප්පු කරන්නට සාධක ලැබීමකි. අළුත් සොයා ගැනීමක් නොවේ.

වර්ගයා බෝ කරන වයසට පාප්ත්‍ර වන මනුෂ්‍ය පිරිමියාගේ ටෙස්ටොස්ටොරොන් හෝර්මන (T) මට්ටම ඉහළ යයි. අභියෝගයක් ඉදිරියේ දී එය තවත් ඉහළ යයි. දිනුමක් ලබද්දී තවත් ඉහළ යයි. තරඟයකින් පරදින පිරිමියාගේ ‍එම හෝර්මෝන මට්ටම පහළ යයි.

අභියෝග උපන්‍යාසය (challenge hypothesis) නම් පුරුෂ T මට්ටම් ඒකභාර්යා ජීවීන් තුල පිරිමි-පිරිමි හා තරඟයේ ඉහළ යන බවත් දරුවන් රැකබලා ගැනීමේ දී පහළට බහින බවත් ය. පිරිමි-පිරිමි හා තරඟයේ දී ඉහළ යන්නේ වර්ගයා බෝ කරන සහායිකාව දිනා ගැනීම සඳහා ය. දරුවන් රැකබලා ගැනීමේ දී පහළ යන්නේ එවිට දරුවන් බෝ කිරීම සාක්ෂාත් වී ඇති නිසා ය.

මෙම උපන්‍යාසයේ විභාගයට කුරුල්ලන්, මාළු, හිකනල්ලු, වඳුරෝ හා චිම්පන්සීන් ද විමර්ශනයට ගෙන ඇත. සත්වයෝ හා කරන ලද විමර්ශනයන් හි දී පෙනී ගොස් ඇත්තේ මේ T නිෂ්පාදනය අඩු වැඩි වන්නේ සත්වයා වර්ගයා බෝ කරන ඍතු කාලයන්ට අනුව බව ය. වසන්තයේ පැටව් හදන පිරිමි සත්වයෝ ඉහළ T මට්ටමක වසන්තය ගෙවති.

තව ද, එක් පිරිමි සත්වයෙක් වර්ගයා බෝ කිරීම සඳහා තවත් පිරිමි සත්වයෙක් හා තරඟයේ යෙදෙනා විට ජය ලබනා විවිධ අවස්ථාවල දී T මට්ටම් කෙමෙන් ඉහළ යයි. පරාජය ලබද්දී T මට්ටම් පහත යයි.

මෙය එක්තරා අකාරයක පිරිමියා ආරක්ෂා කරන සැලසුමක් සේ ද පෙනී යනු ඇත. අභියෝගයකින් ජය ගන්නා තුල ඉහළ යන T මට්ටම නිසා දිනුම ලබන්නෝ තවත් ප්‍රබල වෙති. පරාජය වන්නා තුල T මට්ටම පහළ නොගියොත් ඔහු තුල චණ්ඩභාවය පහව නොයන නිසා සටන් වැද තුවාල ලබා මරණයට පත්වීම වළකා ගත ද නොහැකිය. ඉතින් ඔහු ආරක්ෂාවට ඉහළ පහළ යෑම සිද්ධ වෙයි.

පැට්‍රික් හා චාලට් දෙදෙනා තම විමර්ශනයට 2004, 2006 හා 2008 ඇමෙරිකන් මැතිවරණ යොදා ගනිති. WorldTracker නැමති වෙබ් සේවයෙන් හා Google Trends වෙතින් පුද්ගලයෝ වඩාත්ම කොටන සෙවුම් වචන 10 ගැන ඇමෙරිකන් මැතිවරණයට පෙරත් මැතිවරණයට පසුවත් ඔවුන් විමසති.

අද අන්තර්ජාල අඩවි තම තොරතුරු විකුණා මහත් මුදලක් උපයා ගනිති. ඔබ සහ මම ඔවුන්ට නොමිලේ දත්ත සපයන අය වෙති!! ඉතින් අපට ‘නොමිලේ’ ලැබෙන මේ සෙවුම් පහසුතා ‘නොමිලේ’ ලැබෙන්නා වූ දේ නොවේ.

ඉහත විමර්ශකයෝට අනුව ඉහත සෑම මැතිවරණයක දී ම, දිනුම් ලැබූ පැතිවල වාසය කරන්නෝ ප්‍රීති ඝෝෂා නඟා අනතුරුව තම කොම්පියුටර වලින් කාමෝද්දීපන වෙබ් සෙවුම් හි නිරත වූහ. ජෝර්ජ් බුෂ් දිනූ කල රිපබ්ලිකන් පක්ෂ දේශයන්හි එවැන්න වැඩිපුර සිද්ධ වී ඇති බව ද, බරාක් ඔබාමා දිනූ කාලයේ ඩෙමොක්‍රැටික් පෙදෙස්වල එවැන්න වැඩිපුර සිද්ධ වූ බව ද ඔවුන් Evolution and Human Behavior සඟරාවෙහි වාර්තා කරති.

මෙහි දී ඉහත දෙදෙනා පෙන්වා දෙන්නේ වෙනත් කිසිම සාධකයක් මත නොව බාහිර වූ දිනුමක් පරාජයක් අනුව පිරිමි T මට්ටම් ඉහළ පහළ යන ප්‍රවණතාවය අභියෝග උපන්‍යසය හා එකඟ බව ය.

ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයක් ඔබ නරඹා ඇත්නම් මෙවැන්නක් පර්යේෂණයකින් තොරව නැරඹිය හැකිය. දිනුම් ලද පි‍ලේ ක්‍රීඩකයා පපුවට ගසා ගනිමින්, සිරස් ලෙසින් ඇඟිල්ල ඉහළට උරුක් කර දෙවියන්ට ස්තූති කර, උඩ පැන පැන පපු හප්පාගෙන, දසුන් දක්වා සිනා පාති. පැරදුන පැත්තේ අය පොළවට මුහුණ හරවා ගෙන, මුළුගැන්වී, බලාපොරොත්තු සුන් වූ මුහුණින්, සමහර අවස්ථාවල දී කඳුළු ද පෙරමින් සිටිති. කාගේ T මට්ටම ඉහළ දැයි මනින්ට අවශ්‍ය නොවේ.

ලෝකය ගෝලයක් බව දැන දැනත් තවමත් සිරස් ලෙසින් ඉහළට ඇඟිල්ල උරුක් කරන්නේ ඇයි දැයි මා නොදනිමි. කවුරුන් හෝ තිරස් ලෙසින් ඇඟිල්ල පා ‍දෙවියන්ට ස්තූති කරනා දවස ‍එනතෙක් බලා සිටින්නෙමි!

දැන් මේ T මට්ටම් ඉහළ යන්නේ ක්‍රීඩකයන්ගේ පමණක් නොවේ. නරඹන අය අතර ද එවැනි ම වූ ප්‍රතිචාරයක් දැකිය හැකියි. ඉහත සොයා බැලීම අනුව, දිනුම් පිලට ආවැඩි නරඹන්නෝ අතර ඉන්නා පිරිමින්ගේ ද T මට්ටම් ඉහළ යයි.

හිතන්න, ලංකාවේ ක්‍රිකට් මැච්, සුපර් ස්ටාර්ස් තරඟ දිනූ දාට ගැබ්බර වෙන සංඛ්‍යාව සොයා ගන්නට ඊට සති 37 කට පසුව දරු ප්‍රසූති සංඛ්‍යාන අධ්‍යයනයකින් හැකිනම්?

පැත්ත ජයගත් දාට ලංකාවේ කාමුක වෙබ් අඩවි සොයා යන සංඛ්‍යාව නම් දැනගත හැකියි.

හැබැයි එහෙම යන එකේ වැරැද්ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද? සුපර් ස්ටාර්ස්ලා ගේ ද? පුරුෂ T මට්ටම ඉහළ යෑම උවමනාවකින් කරගන්නක් නෙමෙයිනෙ!!

ලංකාවේ කාමෝද්දීපනයට අන්තර්ජාලා පින්තූර සොයා යන පිරිමින් වැඩි වෙන්නේ නම්, එයින් කියැවෙන්නේ ජීවිත ජයග්‍රහණයන් ලබන පිරිමින් ලංකාවේ වැඩිවෙමින් පවතී යයි කියා ද? එහෙම නම් අපි එයින් උද්දාම විය යුතු නොවේ ද?

තමා සහාය දුන්, සටන් වැදි පැත්ත දිනූ නිසා ලැබූ ජයෙන් තම ශරීරයේ T මට්ටම් ඉහළ ගියාට පිරිමියා වගකිව යුතු ද?

ලාංකික පිරිමියා රැකියා හිඟ සමාජයේ ජය ලබන්නේ අඩුවෙන් ද? ඉහළ අධ්‍යාපනයට වරම් ලබා ජය ලබන්නේ සීමිත ව ද? ක්‍රීඩා තරඟවලින් ජය ලබන්නේ සුළුවෙන් ද?

එහෙම යයි කියනා අය ද ඉන්නා නිසා, කල්පනා කර බලන්න, වැඩි ජන සංඛ්‍යාවක් තමා ලබාගත් ජයග්‍රහණය සේ සලකන්නේ තම දේශපාලන පැත්ත දිනුම් ලැබීම ද?

තම සිරුරේ ඡායාරූප අන්තර්ජාලයට තමන් නොදැනුවත්ව එක්ව ඇතිනම්,
ඊට සිරුර හිමි කාන්තාවට දඬුවම් කළ හැකි නම්,
කාමෝද්දීපනයට අන්තර්ජාලා පින්තූර සොයා යන පිරිමින්ගේ T මට්ටම් වැඩි කළා යයි මැතිවරණයකින් පසුව දිනුම් ලැබූ පැත්තේ දේශපාලනඥයෝට විරුද්ධව නඩු පැවරිය හැකි ද?!!!

පිරිමි, T මට්ටම් හා චණ්ඩභාවයන් ගැන කතාබහේ දී ඊයේ අහන්නට ලැබුණු තවත් ප්‍රවෘත්තියක් ගැන නොකියාම බැරි ය. මෙතෙක් කාලයක් අප සිතා සිටියේ සත්ව මාංශ කන පිරිමි අයගේ චණ්ඩභාවය (male aggression) මස් නොකන අයට වඩා ඉහළයි කියාය. එහෙත් අද එංගලන්තයෙන් ඇහෙන අළුත් ම විද්‍යාත්මක සොයා ගැනීම නම් හරක් මස් හා බැටළු පැටව් මස් පිරිමියාගේ ලෙන් සහජ ආශයන් (cave man instinct) ඉස්මතු කර, මානසික ආතතිය (stress) පළවා හැර, ඔහුව සංසුන් කරවන බව ය.

හැබැයි මේ පර්යේෂණයට ඉන්දියාවේ ශාක භක්ෂක පුරුෂයෝ කොපමණ සංඛ්‍යාවක් යොදා ගත්තා දැයි නොදනිමි. හරක් මස් කෑල්ලක් ඉදිරියේ තැබුවොත් ශාක භක්ෂක ඉන්දියානුවාට මානසික ආතතිය වැඩි වෙන එක නිසැකයි.

ඉන්දියානුවන්ගේ සිතේ සංසුන් බවත් ලෙන් ඉතිහාසය දක්වා අතීතයකට දිව යනවා ද?
නැතහොත් ඔවුන්ගේ සිතේ සංසුන් බව ඇතිවෙන්නේ කුරක්කන් තලප මතක් වෙලා ද?!!!

T සඳහා විකිපීඩියාවට ස්තූතිය.

15 Responses

Subscribe to comments with RSS.

  1. කොලූ said, on නොවැම්බර් 11, 2010 at 12:50 ප.ව.

    hope this bit is interesting reading.. This is form the book “The Hippopotamus” by Stephen fry

    “………….
    well, it is a fact that women do not enjoy sex. It has become almost a matter of religion for them to deny this, but it remains a fact. Women put up with sex as the price they pay for having a man, for being part of what they like to call a ‘relationship’, but they can do without. They do not feel the hunger, the constant stabbing, stomach-dropping hunger that tortures us. The bugger of it is that whenever I say this I am accused of being a misogynist. For a man who has spent his entire life thinking and dreaming of women, skipping after them like a puppy trying to please his master, ordering his entire existence so that he might be brought into more contact with them and judging his life and worth solely according to his ability to attract them and make them desire him, it comes a little hard to be accused of a dislike of the sex. All I feel is profound worship, love and inferiority mixed in with a good deal of old-style self-loathing.
    ……………..
    Gaysexuals, bottomites, benderists, settle on a name you like, taking such problems as the queer-bashers, the newspapers, the virus, the police and society as read, lead a pretty fabulous life. Lavatories, parks, heathland, beaches, supermarkets, cemeteries, pubs, clubs and bars vibrate to their music of simple erotic exchange. A man, bent, sees another man, bent. Their eyes lock and . . . bang, sex is done. They don’t have to know their partner’s name, they don’t have to talk to him, they don’t even, in the back rooms of dark metropolitan nightclubs, have to see his bloody face. It’s a male world, ordered in a precisely male way, according to the devices and desires of a strictly male sexuality. Do those big hairy faggots who pose in magazines with leather collars round their dicks and rubber tubing up their cackalleys think of themselves as oppressed? Do gay men tarting themselves up for a night in a club whine about the vile sexism which insists they must be made attractive in order to be inspected like cattle? Do they hell.

    Sometimes, in my dreams, I imagine a world in which women enjoy sex: a world of heterosexual cruising areas in parks and promenades, heterosexual bars, heterosexual back rooms, heterosexual cinemas, heterosexual quarters of the town where women roam, searching for chance erotic encounters with men. Such an image is only conceivable in one’s fantasising bedroom, jerked into life by an angry fist and a few spastic grunts. If women needed sex as much as men did then – duck, Ted, duck, run for cover – then there wouldn’t be so many rapists around the place.

    Women’s constant rejection of such a self-evident fact doesn’t help at all. Whenever I point it out to my women friends they instantly deny it; they will claim to be regular masturbators; they will claim that the idea of a good anonymous fuck is a real turn-on; they will claim that only the other day they saw a man whose bottom reminded them a little of Mel Gibson and that they got really quite juicy thinking about it. Only the other day? What about only the other minute? What about every damned sodding bloody minute of every bloody damned sodding day? Don’t they see that women should pop open the champagne and celebrate the fact that they are not slavering dogs like men, they should revel in the biological luck which allows them to be rational creatures who can think about the benefits a partnership with a man can provide, who can think about motherhood and work and friends .. . who can just plain think unlike us poor bastards who spend days that should be spent in work and higher thoughts having to realign the sore and swollen cock under the waistband of our underpants every time a set of tits walks by? Of course women get the itch now and again, we wouldn’t be here as a race otherwise; of course they have genital equipment sensitive enough to ensure that sex can, when embarked upon, cause shiverings of pleasure, barks of delight and all the dirty rest of it. But they are not, lucky, lucky, lucky things, for ever hungry, for ever desperate, for ever longing for the base physical fact of getting their bloody rocks off. I mean, the fact is, it’s five in the afternoon as I write this, and I’ve already tossed myself off twice today. Once first thing, in the shower, and again just after lunch, before sitting down to this. Any honest tart will tell you, sympathetically, like a nurse, that men, poor dears, just have to spit their seed. Why women should wish to claim parity in the matter of this gross imperative beats me.
    …………”

  2. Praveena said, on නොවැම්බර් 11, 2010 at 6:45 ප.ව.

    කොලූ ,

    thought this was interesting!

    women can’t assume that guys are Pavlovian dogs that want to have sex every time you ring the bell. The mental turn-on becomes more crucial than the physical turn-on, and sexual desire begins in the brain, not the groin.

    during sex, women produce lots of oxytocin, a hormone that stimulates a strong emotional connection. As a result, women are more emotionally integrated when it comes to sex. That’s why casual sex and hookups often backfire for lots of women. Guys produce little to no oxytocin, and can easily have sex without any sense of emotional connection. It’s sex with no emotional strings attached.

    Women have as much of a naughty wild side as men. The cliché is that men are lights-on, women are lights-off in the bedroom, but sex is multidimensional and it’s all about having a dimmer switch that goes from romance to raunch.

    A guy can’t get through the day without seeing an ad for an erectile stimulant, getting spam about some sort of penis enlargement pill, or hearing sexual tall tales from the guys in the locker-room. We live in an age where a lot of guys feel like they have to make love like porn stars, and with all the cultural reinforcement, it’s hard to believe otherwise.

    Guys cycle very quickly through the process of arousal. A guy experiences a sexual moment and presto! He’s ready for sex. There’s an instant connection between arousal and the desire for sex, and guys assume that women are experiencing the same thing. So to all the guys: Take your assumptions, add 15 minutes of foreplay.

    Ian Kerner, author of several books including “She Comes First,”

    • කොලූ said, on නොවැම්බර් 11, 2010 at 7:09 ප.ව.

      Nice! Here is the last para from the previous quotes.. Seems it comically fit in here..

      …………….
      But . . . that’s enough of that. I can get carried away. If you want catchpenny theories about the Sexes and all that, you can find shelves in bookshops devoted to nothing else. Men Biting Back, Women Biting Back From Men’s Biting Back, responses to responses to counter-responses: it’s like the days of the Cold War, every publication by the other side is read, every posture analysed, every twitch on the web detected and every cultural shift pored over. God knows there are columnists, cultural commentators and semi-academics enough to keep the Gender Wars industry arming and rearming for ever. Anyway, who gives a fuck what a parcel of undereducated journalists have to say about anything?”
      ……………….

  3. Praveena said, on නොවැම්බර් 11, 2010 at 6:50 ප.ව.

    අරුනි,

    මීට පස්සේ පිරිමියෙක් දකිනකොට එයාගේ T මට්ටම ඉහළද, පහළද කියලා පේන එක තමා පොඩි අවුලකට තියෙන්නේ.

    • arunishapiro said, on නොවැම්බර් 12, 2010 at 10:29 පෙ.ව.

      Praveena,
      🙂
      මුලින් මනෝවිද්‍යාව (ඕනෑම විෂයයක් වෙන්නත් පුළුවන්) හදාරන්න පටන් ගන්න කොට හැම දෙයක්ම ඉගෙන ගන්න සිද්ධාන්ත අනුව විශ්ලේෂනය කරන්න පෙළඹෙනවා. සියල්ල අවබෝධය හැකි යයි ‍සිතෙනවා. පස්සෙ තව තව ඉගෙන ගන්න කොට අහඹු දේ හා විරුද්ධාභාසයන් දැකලා අපි මොනව ද දන්නෙ කියලා හිතෙනවා. තවත් ටිකක් ඉස්සරහට යනකොට තෝරා බේරා වටහාගන්න යාන්තම් පැහැදිලි කරගත දැනීමක් පටන් ගන්නවා. ඉතින් ඔහොම යමු …

  4. kevin perera said, on නොවැම්බර් 11, 2010 at 11:53 ප.ව.

    අරුනි,
    රුසියාවෙ පීඩක කොමියුනිස්ට් පාලනය කාලෙ මිනිසුන්ට එලියෙ සමාජීය නිදහස නැති වෙනකොට ඔවුන් ගෙ පෞද්ගලික ජීවිතය තුල තදින් ලිංගිකත්වයට නැඹුරු උනාලු.

    • arunishapiro said, on නොවැම්බර් 12, 2010 at 10:18 පෙ.ව.

      kevin perera,
      රුසියාවේ වූ ප්‍රවණතාවයේ ඇත්ත නැත්ත සෙවීමට ඇති තාක්ෂණික අපහසුතා නිසා එය කටකතාවක් ලෙසින්ම පවතිනු ඇත.

      සටහනේ පර්යේෂණය යම් සුවිශේෂී වූ සාධක දිහා බලා අභියෝග උපන්‍යාසය තහවුරු කළ පමණින් සෑම පිරිමියෙක්ම එසේ හැසිරේය යන්න නිගමනය කිරීම දුර්මතයකි. සංකීර්ණ වූ මිනිසාගේ එක් හැදියාවක් දැක මුළු මිනිස් හැසිරීම ද නිගමනයට යාම විහිළුවකි. ඉහත දැක්වූයේ එක් සංඛ්‍යාවකට සීමිත වූ හැසිරීමක් පැහැදිලි කරන දත්ත සොයාගත හැකිවීම පමණකි. කිසිදිනෙක කාමෝද්දීපන අඩවියකට ගොඩ නොවෙන්නා තුල T මට්ටම් ගැන ඒ අධ්‍යයනයේ විමසුමක් කෙරෙන්නේ නැත.

      1965 දී නිව් යෝර්ක් නගරයේ පැය 10 ක් පුරා වූ විදුලි බලය ඇණ හිටීම හේතු කොටගෙන දරු ප්‍රසූති රාශියක් බිහි වූවා යැයි මතයක් ද විය. පසු කාලයක ඒ මතය ප්‍රතික්ෂේප කරන සාධක බොහොමයක් ද දැක්වුණි. වෙනත් කරන්නට දෙයක් නැති කල පුද්ගලයෝ මෙවුන්දමට පිවිසෙනවා යන්න ද මිථ්‍යාවක් බව J. Richard Udry කියයි.

      • Ajith Dharmakeerthi said, on මාර්තු 4, 2014 at 10:48 පෙ.ව.

        kevin ge ඇත්තක් තියෙනවා කියා හිතනවා. මම රුසියාවේ හිටිය ඒ කාලේ . අනිත් නිදහස අඩු නිසා ලිංගික නිදහස හුඟක් වැඩියෙන් තිබුන බවක් පෙනුනා .නමුත් එය මේ ලිපියට අදාලද කියන්න නම් දන්නේ නැහැ.

  5. sujeewa said, on නොවැම්බර් 12, 2010 at 1:43 පෙ.ව.

    patta

  6. kathandara said, on නොවැම්බර් 12, 2010 at 10:18 පෙ.ව.

    මේ ගැන මං ජූලිවල අරුණිගෙන් අහපු ප්‍රශ්ණයට ඔන්න දැන් ලඟින් යන උත්තරයක් ලැබුණා.

    http://kathandara.blogspot.com/2010/07/blog-post.html

    ටෙස්ටෙස්ටොරන් වැඩි විම ගැන මට නං කියන්න තියෙන්නේ ඒක කොණ්ඩේ යන්න හේතුවක් කියලා. දොස්තර කෙනෙක් බේතකට මට ඊස්ටජන් ඉංජෙක්ෂන් ගහන්න කිව්වා. බිරිඳ එපා කීව නිසා මං නිකං හිටියා.

    • arunishapiro said, on නොවැම්බර් 12, 2010 at 11:11 පෙ.ව.

      මං හැම දෙයක් ම දන්නෑ, ඒත් නොදන්න දේවල් ඉදිරියේ දී දැනුම සොයන්න දන්නවා!!!

      ජීවවිද්‍යාව ඉගෙන ගන්න වුනේ ජීවවෛද්‍ය ආචාර ධර්ම (Biomedical ethics) PhD ඉගෙන ගන්න ගිහින්. ඊට පස්සේ ඒ විෂය ඉගැන්නුවා, ජීවවිද්‍යාව නෙමෙයි අනිත් එක. ඊට පස්සේ ඒ විෂයේ ශුන්‍යයත්වය දැකලා ඉගෙන ගැනීමත් ඉගැන්වීමත් දෙකම අත්හැරලා දැම්මා!!!

      කතන්දරගේ අම්මාගේ තාත්තාට තට්ටයක් තියෙනවා ද? තට්ටය ‍පෑදීම ආරයෙන් එන ජානු නිසා කියන ජර්මන් අය ද, ජපනා කියන Sox21 ජානුව නිසා යයි ද විද්‍යාත්මක නිගමනයන් ය.

      තවත් පිරිසක් කියන්නේ T මට්ටම ඉහළ පැවතීම හා තට්ටය පැදීම අතර කිසිම සබඳතාවයක් නැත කියාය. T මට්ටම සාධක වුවත් සාමාන්‍ය T මට්ටමක් පවතිද්දී ද තට්ටය පැදීම සිද්ධ වන බව ය.

      අනික් හැම දෙයක් ගැනම වගේ මේක ගැනත් විද්‍යාත්මක පර්යේෂණ සම්පූර්ණ නැත.

      නමුත් කතන්දරහාමිනේ හරි ය. අපට නැති පුද්ගලික දැනුම එයාට නම් සහතිකවම ඇත!!!

  7. […] මැතිවරණ දිනුවට පස්සෙ අන්තර්ජාල අසභ්‍…යනවා වගේ! දැන් එහෙම කිව්වම ප්‍රවීනා […]

  8. […] කාමෝද්දීපනය ඇතිවෙන්නේ දේශපාලනයෙන් කියලා සමහරු සැක කළාට, තවත් පිරිසක් හිතනවා කාමෝද්දීපනය සඳහා කෑම ජාතිත් තියෙනවා කියල. එහෙම කෑම ජාති අතර රයිනෝසිරස් අං වගේම බෙල්ලොත් ඉන්නවා. හැබැයි මේ කෑම වලින් කාමෝද්දීපනය වඩවනවා කියන එකත් ‘ගුඩ් ලක්, මිස්ට ග්‍රොස්කි’ කිව්වා වගේ නාගරික වෘත්තාන්තයක් ද?!! […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: