අරුණි ශපීරෝ‍ වෙතින්

ඊජිප්ට් ලීබ්‍රෙ

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 11, 2011

ජනාධිපති හොස්නි මුබාරක් ඉල්ලා අස්වෙයි. ඔහු දැනටමත් ජනපති නිවසෙන් පිටත්ව ගොසිනි. ඊජිප්තු හමුදාවට රටේ පාලන බලය බාර වී ඇත.

සී.එන්.එන් සේවයේ ඇමෙරිකාවේ විකාශනය, ඊජිප්තු වැසියෙක් තම නිදහස උදා කරන්නට සහාය දුන්නාට නාලිකාවට ස්තූති කරනා ආකාරය නොනවත්වා පෙන්වමින් සිටියි!!

කියුබාව ද මීට වසර 49 කට පෙර රට පාලනය කරන ලද ධනවාදීන් පන්නා දමා නිදහස ලැබූහ. රට හමුදා පාලනයට යටතට ගියහ. එදා කියුබාවේ නිදහස (කියුබා ලීබ්‍රෙ) කියා ඔවුන් ජයඝෝෂා කළහ.

ඊජිපත්තුවේ හමුදාව කියුබාවේ හමුදාවට වෙනස් ය. කියුබානු හමුදාව සමාජවාදයෙන් රටේ සියළු ගැටලු විසඳිය හැකි යයි සිතූහ. ඊජිපත්තු හමුදාව එසේ නොසිතයි. ඔවුන් සමාජවාදී නොවන්නෝ ය. ඊජිපත්තු හමුදාවේ වැඩි පිරිස බටහිර රටවල අධ්‍යාපනය ලද්දෝ ය. සමාජවාදීන්ට වඩා ධනවාදීන්ට ළංවෙති. ඔවුන් දැනටමත් රටේ නොයෙකුත් රැකියා හා සේවා සපයන කම්කරු පිරිස් වලින් යුතුය.

කියුබා ලීබ්‍රෙ කියා නවකතාවක් ලියන්නේ එල්මෝ ලෙනාඩ් ය.

කියුබා ලීබ්‍රෙ කියා සිංදුවක් ගයන්නේ ග්ලෝරියා එස්ටෆාන් ය.

කියුබා ලීබ්‍රෙ නම් ජනප්‍රිය මත්පැන් වීදුරුවේ රම් ‍අවුන්ස දෙකකි.

කියුබා ලීබ්‍රෙ නමින් කියුබන් කෑම විකුණන අවන්හල් වැඩියෙන් ඇත්තේ කියුබාවෙන් පිටත ය.

එදා කියුබාවේ සිටි කම්කරුවන්ට වඩා අද ඊජිප්තුවේ වැසියෝ අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමක සිටිති.

ජනඝෝෂාවෙන් ඔවුන්ට සිය ‘ඉල්ලීම’ ලැබී ඇත.

ඊජිප්තුවේ චතුරශ්‍රය වට රවුමකි. ඊජිපත්තු ජනතාවත් එසේම අසාමාන්‍ය වූ අය වේවා!!

ඊජිප්ට් ලීබ්‍රෙ නැත්නම් ඊජිප්තු නිදහස නවකතා, සිංදු, මත්පැන් වීදුරුවට හා අවන්හල් වලට සීමා නොවී සත්‍යයක් වේවා යයි පතමි!!!!

104 Responses

Subscribe to comments with RSS.

  1. kevin perera said, on පෙබරවාරි 11, 2011 at 9:08 ප.ව.

    Aruni You are getting too much CNN to one ear and too much Fox News Channel’s extraordinary right-wing tilt to the other ear. For a change see this too
    http://richardbrenneman.wordpress.com/2011/02/06/from-the-left-ramadan-and-zizek-on-egypt/

  2. che said, on පෙබරවාරි 12, 2011 at 6:49 පෙ.ව.

    අරුනි අක්කගේ දේස්ශපාලන දෑනුම නම් අන්තිමයි නෙ.
    කියුබාවෙ විප්ලවය ගෑන ගොඩක් වෑරදි දේවල්නෙ ලියල තියෙන්නෙ.
    1.කියුබාවෙ හමුදා විප්ලවයක් සිද්දවුනේ නෑ.
    2.කියුබාවෙ විප්ලව්යට කලින් තිබුන බෑටිස්ටගෙ පාලනය ගෑන කිසිදෙයක් දන්නෙ නෑතිබව පේනව.
    ඉන්නෙ ඈමරිකාවෙ නිසා වෙන්න ඈති කියල හිතනව.
    අනෙක් කාතා නම් ලස්සනයි ඵ්ත් දේශපාලන අදහස්නම් දෝශසහගතයි.

    • arunishapiro said, on පෙබරවාරි 12, 2011 at 11:52 පෙ.ව.

      che,
      චේ මල්ලි propaganda ගැන නොදන්නවා වගේ කතා කරන්නෙ!!

      මම ලියපු එක හරියට කියවලා නැහැ. මම කියුබාවේ විප්ලවය ගැන ලියුවේ නැහැනෙ මල්ලි. මම ලියුවේ කියුබාවේ හමුදාව ගැන. ෆිඩෙල් සහෝදරයාට කියුබානු හමුදාවේ (cuban armed forces) සුපිරි මිලිටරි (supreme military rank) තනතුර වන Comandante en Jefe නොහොත් Commander-in-chief තනතුර නැත් ද? ඇයි ෆිඩෙල් සහෝදරයා මිලිටරි ඇඳුමක් අඳින්නේ? ඒක ගැලෙව්වම සමාජවාදී ෆිඩෙල් සහෝදරයා ඇයි අඩිඩාස් නම් ලොව සුපතල ධනවාදීන් අඳින ක්‍රීඩා ඇඳුම් අඳින්නෙ?

      බතීස්තා ගෙන් විවාහ මංගල්‍යයට ඩොලර් දාහක තෑග්ගක් ගත්තෙත් ෆිඩෙල් සහෝදරයා බව ඔබයි නොදන්නෙ.

      බතීස්තා කියුබාවේ ජනාධිපති වෙන්නේ 1940 – 44 දක්වා – වසර 4 ක්.

      බතීස්තා නැවතත් කියුබාවේ ජනාධිපති වෙන්නේ මාර්තු 10, 1952 සිට ‍ජනවාරි 1, 1959 දක්වා – අවුරුදු 8 ක්.

      බතීස්තා ජනාධිපති වශයෙන් මුළු පාලන කාලය ගත්තම වසර 12 ක්.

      බතීස්තාගේ කාලයේ විවිධ දේශපාලන පක්ෂ මැතිවරණයන්ට තරඟ කළා.

      ෆිඩෙල් සහෝදරයා අගමැති ධූරය දැරූ කාලය පෙබරවාරි 16, 1959 සිට දෙසැම්බර් 2, 1976 – අවුරුදු 17 ක්.

      ෆිඩෙල් සහෝදරයා කියුබාවේ ජනාධිපති වෙන්නේ දෙසැම්බර් 2, 1976 සිට පෙබරවාරි 24, 2008 – අවුරුදු 32 ක්.

      ෆිඩෙල් සහෝදරයා අගමැති හා ජනාධිපති වශයෙන් කියුබාව පාලන කරපු කාලය වසර 49 ක්.

      බතීස්තා කාලයේ විවිධ දේශපාලන පක්ෂ තිබුණ. ෆිඩෙල් සහෝදරයා කියුබානු කොමියුනිස්ට් පක්ෂය හැරෙන්නට අනිත් සියළු දේශපාලන පක්ෂ අ‍වලංගු කළා.

      ඔවුන් විසින් හදාගත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම්වරයා ලෙසින් ඔක්තෝබර් 3, 1965 දී සිට අද දක්වා සිටින කාලය -වසර 45 ක්.

      ඉතින් තවත් බතීස්තාගේ කාලය ගැන කතා කර කර ඉම්මු ද මල්ලියේ?!!!!

      ඔයා නෙමෙයි ඇත්ත අර්නෙස්ටෝ ගුවේරා නොහොත් චේ සහෝදරයා කියනවා මල්ලි මෙහෙම:

      “මිනිසාට තමන්ගේ සත්‍යය මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් ම ඉෂ්ට කරනු හැකි වන්නේ ඔහුට තමන් ව භාණ්ඩයක් ලෙසින් විකිණීමට බලහත්කාරයෙන් යොමු නොකර නිෂ්පාදනයේ නිරත වන්නට හැකියාව ලැබෙන විට ය.”
      “Man truly achieves his full human condition when he produces without being compelled by the physical necessity of selling himself as a commodity.” — Che Guevara, Man and Socialism in Cuba

      ඕවා නොදන්නෙ මල්ලි චේ කියලා නම දාගත්තට ඉන්නෙ ලංකාවේ නිසා වෙන්නැති!!!!

      සමාජවාදය ලෝකයෙන් අතුරුදහන් වෙලා ලෝකය වෙනස් වෙන හැටි නොදකින සෝමවංශ සහෝදරයා 6 වැනි මහ සමුළුවක් දාලා කියන propaganda ගිලින අයට ඔය ගුංඩු ගිල්ලුවාට අපිට දෙන්න හදන්න එපා මල්ලි. 🙂

      බතීස්තලා සහ ‍හොස්නි ලා අඩු ගානේ නකුට හංගා ගෙන හොරෙන් ම රටින් පැන යන ලෙසින් පළවා හරින්න පුළුවන්, ඔය පූටින් ලා ෆිඩෙල් ලා වැනි එලවා ගන්න බැරි සමාජවාදීන් ආ‍වොත් දුම්මල ගහලාත් යවාගන්න බැරි බව දකින්න අපිට ඇරුණු ඇස් තියනවා.

      • kevin perera said, on පෙබරවාරි 12, 2011 at 1:25 ප.ව.

        I agree 20th Century version of Communism a total failure in practice but I think Communism has nothing to do with totalitarian rulers like Putin and Fidel. How about France and Canada? Aren’t they kind of socialist countries? Communism works in countries with a large middle class and they are highly democratic and industrialized too

        • arunishapiro said, on පෙබරවාරි 12, 2011 at 4:33 ප.ව.

          kevin perera,
          කොමියුනිස්ට්වාදයේ නාමයෙන් බලය අල්ලා ගනිද්දී //has nothing to do with// කියන්නේ කොහොම ද?

          “I know the world thinks of us, we are Communists, and of course I have said very clear that we are not Communists; very clear.” ~Fidel Castro

          ප්‍රංශය ජනරජයකි. කැනඩාව තවමත් ව්‍යස්ථානුකූලව බ්‍රිතාන්‍ය මහ රැජින යටතේ ය!

          සමාජවාදය හා කොමියුනිස්ට්වාදය එකක් නොව දෙකකි.

          සමාජවාදය නම් ‍ආර්ථික ක්‍රමයක් ගැන වූවකි. කොමියුනිස්ට්වාදය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් ගැන වූවක් ය.

          ආර්ථික ක්‍රමයක් සමාජවාදී වූ කල එය සාමූහික සමාජ පාලනය උවමනාවෙන් ස්ථාපිත කරයි.

          ආර්ථික ක්‍රමයක් කොමියුනිස්ට්වාදී වූ කල එහි සාමූහික දේපල මිසක පුද්ගලික දේපල නැත. කිසිවකුට කිසිවක් අයිති නැත. පංතිභේදයක් නැති කරන්නට හදන කොමියුනිස්ට්වාදය දේශපාලන බලයේ ඉන්නා අයගේ පංතියට දෙන වැදගත්කම අනික් කිසිම පංතියකට දෙන්නේ ද නැත.

          ආර්ථිකයක් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සමාජයේ සියල්ලටම අයිති විය යුතු යැයි කොමියුනිස්ට්වාදීන් හා සමාජවාදීන් කියති. එහි සැලසුම් හා බෙදාහැරීම කේන්ද්‍රීය වූ සංවිධානයක් යටතේ (බලයේ ඉන්නා ආණ්ඩුව) සිදුවිය යුතු යැයි ද කියති.

          සමාජවාදීන් කියන්නේ බෙදා හැරීම ඒ ඒ පුද්ගලයාගේ නිෂ්පාදන උත්සාහය හා සමානව සිද්ධ විය යුතු බව ය.

          කොමියුනිස්ට්වාදීන් කියන්නේ බෙදා හැරීම සිද්ධ විය යුත්තේ පුද්ගල අවශ්‍යතාව අනුව විය යුතු බව ය.

          (මෙහි දී නිෂ්පාදන උත්සාහය හා පුද්ගල අවශ්‍යතා යනු මොනවා දැයි තීරණය කරන්නේ බලයේ ඉන්නා ආණ්ඩුව නොහොත් කේන්ද්‍රීය සංවිධානයයි.)

          ධනවාදී ආර්ථික රටාවක සමාජවාදයට ඉඩක් ඇතැයි සමාජවාදීන් කියති. ධනවාදය කේන්ද්‍රීය වූ සංවිධානයකින් පාලනය වන කල් හි සමාජයේ සැවොම ඉන් ඵල ලබනු ඇතැයි සමාජවාදීන් කියති.

          කොමියුනිස්ට්වාදීන් කියන්නේ කොමියුනිස්ට් රටාවේ, ධනවාදී ආර්ථික රටාවකට ඉඩක් නැත, නිෂ්පාදනයට කිසිම පුද්ගලික අයිතියක් නැත කියාය. ඒ පංති භේදය දුර ලනු පිණිස ය. එහෙත් රුසියාව, චීනය හා කියුබාව දිහා බලද්දී පාලක පංතිය හා පාලිත පංතිය කියා දෙකක් ඇති බවත් ඔවුන් අතර පැහැදිලි පාරිභෝගික රටා ඇති බවත් දැකිය හැකිය. ධනවතාගේ නිෂ්පාදන අයිතිය නවතා භාණ්ඩ හා සේවා ජනතා සතු කළත්, සියල්ල කේන්ද්‍රීය වූ සංවිධානයෙන් බෙදා හරින කල් හි පාලකයනට ලැබෙන ‘බලය’ ද අර කලින් හිටි ධනවතාගේ ‘බලය’ හා සමාන වේ. ඉතින්, පංතිභේදය භංග කරන්නට නොහැකි විය.

          සමාජවාදය උත්සාහ කරන්නේ ආර්ථික සැලසුම් ව්‍ය්‍රහයේ පාලනයට හැකි තරම් පිරිසක් එකතු කර ගැනීමට ය.

          කොමියුනිස්ට්වාදය උත්සාහ කරන්නේ ආර්ථික සැලසුම් ව්‍යුහය ඉතා කුඩා පිරිසකට සීමා කර ගැනීමට ය.

          1958-1981 දක්වා ප්‍රංශය dirigisme නැමති ප්‍රතිපත්තිය යටතේ ප්‍රවාහනය, ඉන්ධන, ටෙලිසංනිවේදනය, පුද්ගලික කර්මාන්ත හා බැංකු රජය යටතට ගත්තේය. 1983 වෙද්දී එහි අයහපත් ප්‍රතිඵල දැක rigueur නැමති ප්‍රතිපත්තිය ය‍ටතේ dirigisme අත්හැර දමා වඩා නිදහස් වූ ආර්ථිකයක් පටන් ගත්හ. මෙය අද දක්වා පැවැත්වේ. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නිසා අද ප්‍රංශය ද මැද පංතිය අහිමි වී යන බව කියති.

          කැනඩාවට තිබෙන්නේ ද ඇමෙරිකාවේ මෙන් ලොව ඉහළ මට්ටමකින් නිදහස් වූ ආර්ථිකයකි. එහෙත් සමාජවාදී වූ ප්‍රතිපත්ති නිසා කැනඩාවේ ද මැද පංතිය අද වඳ වී යති.

          ප්‍රංශය, කැනඩාව හා සමානව සමාජවාදී ප්‍රතිපත්ති අද නීතියෙන් ක්‍රියාත්මක වනුයේ ද ඇමෙරිකාවේ ය.

          ප්‍රංශය හා කැනඩාව සේ ම ඇමෙරිකාවේ මැද පංතියත් භංග වී යන්නේ ද එය නිසා ම ය.

          කෙවින් පෙරේරා, ඔයා නොදන්න නිසා නෙමේ ඉහත විස්තරය ලියන්නේ 🙂 නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි.

      • සුජීව said, on පෙබරවාරි 12, 2011 at 3:18 ප.ව.

        ෆිදෙල් බැටිස්ටට තෑගි දුන්නේ පවුල් වශයෙන් ඔවුන්ගේ සම්බන්ධකම් ඇති නිසා. ඒ කතාව හරි වුනාට එහි ලොකු දේශපාලන සම්බන්ධයක් ඇති මා හිතන්නේ නැහැ.

        1959 කියුබාවේ උනෙත් ඊජිප්තුවේ උන දේමයි. බැටිස්ටා හොස්නි තරම් වත් හොඳ මනුස්සයෙක් කියා මා හිතන්නේ නැහැ. ඇමරිකාව කියුබාවත් එක්ක ක්‍රියා කල ආකාරය හෝ “අමරිකානුන් හිතන්නේ කියුබාව තමන්ට අයිතියි කියලා” කියන අරුණිගේ සරල පැහැදිලි කිරීමට එකඟ වෙන්නත් බැහැ.

        ඒ ටික හැරුණු විට අරුණිගේ සමාජවාදය හා කියුබාව ගැන ඉතිරි කතාවට 100%ක් එකඟයි. මාක්ස්වාදයේ සාධනිය අදහස් සමාජයට යොදා ගන්න රටවල් මා දැක තියෙනවා, කියන්නද? ඇමරිකාව [සෝෂල් සේකියුරිටි සිස්ටම්], ඔස්ට්‍රේලියාව [සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවාහන], නොර්වේ [තෙල් ජනසතුව – ජනතාවට කෙලින්ම අයිති වූ රජයටත් අයිති නැති වූ විදිහට]. චීනය ඔය මාක්ස්වාදය කියන ලෙඩෙන් ගොඩ එන්න හදන හැටිත්, බ්‍රසීලය ඕක හරි ගානට යොදා ගන්න හැටිත් ගැන මා ප්‍රසාදයෙන් ඉන්නේ.

        මාක්ස්වාදයෙන් තනිකර පාලනය වන රටවල් මාක්ස්වාදයටම පටහැනි. එය කෙළවර වන්නේ වැඩවසම් ක්‍රමයක් [වචන අයිතිය ටැබූ සතුයි]. රජ පවුල වෙනුවට පක්ෂය. කියුබාවට උනේ ඕකයි.

        ඊජිප්තුව කියුබාවක්‌ නම් වෙන එකක් නැහැ. ඉරාකයක් ඉරානයක් වීමට නම් ඉඩකඩ ටියෙනවා. ඊජිප්තු සමාජවාදීන් බොහොම සුළුතරයක්. “සමාජවාද-විරෝධීන්” මහා බහුතරයක්.

        ඊජිප්තුව කොහේ යයිද කියලා තවම කියන්න බැහැ. යටින් ඉන්න ලොකුම යක්ෂයා මුස්ලිම් සහෝදරත්වය. හොස්නිගේ වචන වගේම ඔවුන්ගේ වචනත් විශ්වාස කරන්න බැහැ. උඩින ඉන්න තෝන් ලනුව අතට ගත් අනිකා හමුදාව. හොස්නි ගෙදර ගියා ද යැව්වාද කියන එක ගැන හිතුවම තේරෙයි. අරුණි තරම් රොමැන්ටික් විදිහට හමුදාව දිහා බලන්න බැහැ. ඔවුන් විරුද්ධ නොවුනේ උඩින ඕඩර් ආවේ නැති නිසා. ඇයි උඩින් ඕඩර් ආවේ නැත්තේ?

        ඊජිප්තු සටනේ පදනම ජාතිකත්වයයි කියා මට හිතෙන්නේ. ලිබරල්, මුස්ලිම් හා මාක්ස්වාදී මතවාදීන් මෙ එක කොඩිය යටට ආවේ උන්ගේ ඊජිප්තු කම නිසා. අවාසනාවකට ලෝකේ පහසුවෙන්ම විකුණාගත හැකි මතවාදයත් ජාතිකත්වයයි. ඒ නිසා ඊජිප්තුව දැන් සරු පසක් නුග ගහක් වගේ ගහකට [දන්නවනේ වටේට මුල් දාලා රටම වෙලා ගෙන]. ඒකෙන් බේරිලා මිනිසුන්ට ඕනා කරන මතවාදීව අන්ධ භක්තික නොවූ ප්‍රජාතන්ත්‍රවාදී ඊජිප්තුව හැදෙන එක ඉතාම තීරණාත්මක වගේම අසීරු කටයුත්තක්.

        සුභ පතමු නේද?

        • arunishapiro said, on පෙබරවාරි 12, 2011 at 5:06 ප.ව.

          සුජීව,
          ෆිඩෙල් හා බතීස්තා අතර දේශපාලන ගණුදෙනුවක් වූ බව නොව ඔවුන් එක හා සමාන වූ සමාජ පංතියක සිටි බව පෙන්වීම සඳහා එය ඇතුල් ‍කළේ.

          ඇමෙරිකාව කියුබාවේ නිදහස සඳහා සටන් වැදි 1898 ස්පාඤ්ඤ ඇමෙරිකා යුද්ධය ගැනත් ලියන්න වෙනවා වගේ!!! ඇමෙරිකාව, කියුබාව, පුවෙර්තො රිකෝ හා කටිපුනාන් එක පැත්තක සිට ස්පාඤ්ඤය පරදවා දිනූ හැටි කියවූවාම ඇමෙරිකන් අය කියුබාව තමන්ගේ යැයි හිතනා අකාරය වැටහේවි.

          සුභ පතමු අනිවාර්යෙන්ම!

      • සුජීව said, on පෙබරවාරි 12, 2011 at 11:18 ප.ව.

        [[ෆිඩෙල් හා බතීස්තා අතර දේශපාලන ගණුදෙනුවක් වූ බව නොව ඔවුන් එක හා සමාන වූ සමාජ පංතියක සිටි බව පෙන්වීම සඳහා එය ඇතුල් ‍කළේ]]

        එකම පන්තියේ විටරක්‌ නොවේ නෑකමකුත් තිබ්බා නේද? මේකට හැබැයි දේශපාලනය ගෑ වුනේ නැති බවයි මගේ මතය. රෝහණ විජේවීර ඇරෙන්න ලංකාවේ විප්ලවකාරී නායකයිනුත් ඔය වගේ ලොකු පවුල්වල කට්ටිය.

        මාක්ස්වාදයෙන් වැඩවසම් ක්‍රමයට යන්න මේ රදල පවුල්වලින් දුවන මාක්ස්වාදී නායකත්වය හේතුවක්ද?

        [[ඇමෙරිකාව කියුබාවේ නිදහස සඳහා සටන් වැදි 1898 ස්පාඤ්ඤ ඇමෙරිකා යුද්ධය ගැනත් ලියන්න වෙනවා වගේ!!! ඇමෙරිකාව, කියුබාව, පුවෙර්තො රිකෝ හා කටිපුනාන් එක පැත්තක සිට ස්පාඤ්ඤය පරදවා දිනූ හැටි කියවූවාම ඇමෙරිකන් අය කියුබාව තමන්ගේ යැයි හිතනා අකාරය වැටහේවි]]

        ලෝකයම දකින විදිහට මෙය ඇමරිකා ස්පාඥ්ඥ යුද්ධේ ජයෙන් පසු ස්පාඥ්ඥ විජිත ටික මෙරිකාවට හිමි වීමක්. මට තේරෙන විදිහට ඒ රටවලට ඇමරිකාව සලකලා තියෙන්නෙත් ඒ විදිහට ම නේද? මෑතක් වෙනකම් [නිදහසෙන් පසුත්] හයිටිය හා පිලිපීනය ගැන ඇමරිකාව ක්‍රියා කල හැටි උදාහරණයක්.

        ලොකු කොලොම්බියාවෙන් කෑලි කැඩෙන කොට දකුණු ඇමරිකානු රාජ්‍ය අතර යුද්ධ පැටලුනා. ඒත් අද තියෙන පොඩි කොලොම්බියාව හිතන්නේ නැහැ නේද මේ රටවල් තමන්ගේ කියලා. 1800 ගණන් වල මේ අය දශක කිහිපයකට එක කොඩියක් යටත් හිටියා.

  3. කළු පූසා said, on පෙබරවාරි 12, 2011 at 1:09 ප.ව.

    ඒකාධිපති පාලනයෙන් ජනතාව මිදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට යාම හොඳ කරුණකි මන්ද එවිට ජනතාවටම තමන්ගේ පාලකයා තෝරාගැනීම සිදුකල හැකිය එහෙත් එහිම පවතින භයානකත්වය වනුයේ ජනතාවට ඕනෑම බොරුවක් කියා , හොඳ Marketing පාරක් දමා ඕනෑම පුද්ගලයෙකුට රටේ නායකත්වයට පත්වීමට අවස්තාව ලැබේ.

    බහුතරය බුද්ධිමත් ජනතාවක් නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හෝ ඒකාධිපති පාලනයක් පැවතුනා කියා කිසිදු වෙනසක් නොමැත.

    • arunishapiro said, on පෙබරවාරි 12, 2011 at 5:33 ප.ව.

      කළු පූසා,
      ඒකාධිපතියෙකුට කාලය දික් කරගෙන මැරෙනකම් බලයේ ඉන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය නැතුව ගියාම.

      බහුතරය බුද්ධිමත් නැති වූවාට ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය දී ඒකාධිපතියාගේ කාලය සීමිත යි. අඩු ගානේ එක එක ප්‍රජාතන්ත්‍රවාදී මාකටින් පාරවල් දාන්න හැකියාව ඇති අය ඇවිත් එක එක කාලයට, එක එක පැති වලට, එක එක පවුල් වලට, එක එක සමාජ කොට්ඨාශ වලට යනාදී වශයෙන් ‘සේවයක්’ කරගනීවී. නැත්නම් බඩ ලොකු වෙන්නේ එකම එක ඒකාධිපතියාගේ හා එයාට හේත්තු වෙච්ච අයගේ විතරයි නේ. 🙂

  4. SiriBiris said, on පෙබරවාරි 12, 2011 at 5:42 ප.ව.

    //ආර්ථික ක්‍රමයක් කොමියුනිස්ට්වාදී වූ කල එහි සාමූහික දේපල මිසක පුද්ගලික දේපල නැත. කිසිවකුට කිසිවක් අයිති නැත. පංතිභේදයක් නැති කරන්නට හදන කොමියුනිස්ට්වාදය දේශපාලන බලයේ ඉන්නා අයගේ පංතියට දෙන වැදගත්කම අනික් කිසිම පංතියකට දෙන්නේ ද නැත.//

    // ධනවතාගේ නිෂ්පාදන අයිතිය නවතා භාණ්ඩ හා සේවා ජනතා සතු කළත්, සියල්ල කේන්ද්‍රීය වූ සංවිධානයෙන් බෙදා හරින කල් හි පාලකයනට ලැබෙන ‘බලය’ ද අර කලින් හිටි ධනවතාගේ ‘බලය’ හා සමාන වේ. ඉතින්, පංතිභේදය භංග කරන්නට නොහැකි විය.//

    එකඟයි. සමාජවාදී කඳවුරේ බිඳවැටීමේ මුළු කතාවම ඉහත තියනවා. කව්දෝ කිව්ව “ධනවාද ‘ධනය’ හම්බ කරලා ඒ මඟින් ‘බලය’ හම්බකරනවා; සමාජවාදය ‘බලය’ කෙලින්ම හම්බකරනව, ඒ නිසා දෙගොල්ලොම එකයි කියල.

    මගේ මෝඩ කමට අහන ප්‍රශ්ණයක් වෙන්න පුළුවන් : මට තේරෙන්නෙ නැත්තෙ , කොමියුනිස්ට් වාදීන්ට විප්ලවකින්ම බලය අල්ලාගන්නත්, ඇල්ලුවාට පස්සෙ සදාකාලීකවම බලයේ ඉන්නත් ඕනෙ ඇයි කියලයි?

    මම දන්න දෙයක් තමා අද මෙහෙ ක්‍රියාත්වක වන ප්‍රජාතන්ත්‍රවාදය අර යල්පැනපු ධනවාදයට වඩා හුඟක් වෙනස්; බොහෝ සමාජවාදී සංකල්ප ඒකට එකතුවෙලා තියෙනවා. ඒත් මං හිතන්නෙ, කොමියුනිස්ට්වාදය තවම එකතැන පල්වෙනවා. මං නං දන්නෙ එකදෙයයි – චන්දෙ තියනව නං ඒක ප්‍රජාතන්ත්‍රවාදය, නැත්නං ඔය චීනෙ වගේ මොන නම දාගත්තත් ඒක වෙන මොකද්ද “වාදයක්.”

    • arunishapiro said, on පෙබරවාරි 12, 2011 at 6:01 ප.ව.

      SiriBiris,
      ‘බලය’ යනු අල්ලා ගන්නට සු‍විශේෂී හැකියාවන් තියන අයට පමණක් ලැබෙන දෙයක්.

      කැපිටලිස්ට්කාරයා ඕක අල්ලා ගන්නෙ තමන්ගෙ බඩු හා සේවා ගන්න අයව සූරා කාලා.. හිහ් හිහ් හී…

      සමාජවාදියා හා කොමියුනිස්ට්වාදියා ඕක අල්ලා ගන්නෙ ධනවත් අය භංග වේවා, දුප්පතුන්ට ජය වේවා කියල. ලෝකෙ දුප්පතුන් හැමදාම වැඩි නිසා බලය අල්ලා ගන්න ලේසියි.

      දෙගොල්ලම ‘බලය’ ලේසියෙන් අත අරින්නෙ නැහැ, සදාකාලිකව ‘බලයේ’ ඉන්න හදන්නෙ.

      එකම දේ කවුරු මොක කරත් අපිට තෝරා ගැනීමක් දෙනවා නම් අපි ඒ ඇතියි කියන එකයි!!!!!

  5. SiriBiris said, on පෙබරවාරි 12, 2011 at 5:56 ප.ව.

    මේං තව අහල තියෙන කතාවක්. කොමියුනිස්ට්වාදය ගැන දන්න ඇත්තෙක් හරි වැරදි බලන්න.

    මාක්ස් කිව්වෙ, සමාජවාදයට යන්න ඕනෙ වැඩවසම්වාදය, ඊලඟට ධනවාදය හරහා කියලලු. රුසියාව, චීනෙ ධනවාදය ස්කිප් කරලා වැඩවසම්වාදෙ ඉඳන් කෙලින්ම පැන්න නිසාලු ඒක අසාර්තක වුනේ. මේක “conspiracy theory ” එකක් වගේ පෙනුනට අද ප්‍රංශයෙ, කැනඩාවෙ වෙන්නෙ මේ ධනවාදය හරහා සමාජවාදයට යාමද? නැත්නං ඇයි ඔයාල”How about France and Canada? Aren’t they kind of socialist countries? ” කියල කියන්නෙ?

    • arunishapiro said, on පෙබරවාරි 12, 2011 at 6:25 ප.ව.

      SiriBiris,
      මම දකින විදියට රුසියාව හා චීනය වගේ නෙමෙයි ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය වගේම ස්වීඩනය වැනි රටවල් ද දැන් කාලයක් තිස්සේ මාක්ස් කියපු විදියට සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටිනවා. ඉහළ සුජීව දාලා තියන උදාහරණ බලන්න. දැනටමත් මේ රටවල් වල ආර්ථිකයට එහි වැය දරා ගන්නට අපහසුයි. එතැනින් නවතින්නේ නැතුව තවත් සමාජවාදී වෙන්න හදන නිසා බහින කලාවක් පටන් අරගෙන.

      උදාහරණයක්: ලෝකයේ නිවාස වෙළඳාමේ අර්බූදය. ලෝක ආර්ථිකය කඩා වැටෙන්න මූලික හේතුවක් වුනේ මෙයයි. සමාජවාදී ප්‍රතිපත්ති නිසා ධනවාදී රටවල් පැන වූ අඩු ආදායම් මාර්ග ඇති අය වෙනුවෙන් නිවාස ලබා දීමට පැන වූ සහන ප්‍රතිපත්ති නිසා ගෙයක් හිමි නොවූ අය ගෙවල් වලට හිමිකම් කියූවා. නමුත් අනිත් හැම ආණ්ඩු සැලසුමක් වගේම මේකත් කවුරු ද වියදම් ගෙවන්නෙ යන්න සොයා බලා ‍කරපු එකක් නෙමේ.

      අන්තිමට වුනේ මොකක් ද?

      අඩු ආදායම් ඇති අය ගෙවල් ගනිද්දී ඔවුනට තම ගෙවල් විකුණු ඉහළ ආදායම් ඇති අය ඉහළ වටිනාකමක් ඇති ගෙවල් වලට මාරු වුනා. ගෙවල් මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියා. පාරිභෝජික රටාව ස්වභාවික නොවූ නිසා වෙළඳපොල කෘතිම ඉල්ලුම හා සැපයුමකට බැස්ස.
      ආණ්ඩු ඒ අස්සෙ වෙනත් ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක කරනවානේ. භූමි බදු, අඩු ආදායම් අයට බදු සහන, අඩු ආදායම් ඇති අය සඳහා ඉදි කරන නිවාස ඉදි කිරීමේ බදු සහන, පරිසර රක්ෂණ බදු, මෙකී නොකී බදු හා බදු සහන!!

      ඉතින් හදිසියේ ම, ඉහළ ආදායම් අය බදු වැඩි වීම දැකලා පොඩ්ඩක් නතර වුනා. දැන් බදු ගෙවන්නෙ ධනවත් අය, සේරම වාසි ලැබෙන්නෙ බදු නොගෙවන අයට. ඇයි එහෙනම් ධනවත් අය ඒ අයට රැකියාවල් දෙන්න තම මුදල් ආයෝජනය කරන්නෙ කියලා හිතන්න ගත්ත.

      ඔවුන් බදු ඉහළ යෑමේ තරහට බිස්නස් වහන කොට, මුලින් ම රස්සාවල් නැතිවෙන්නෙ අඩු ආදායම් ඇති අයගෙ.

      ඉතින් ඔවුන්ට ගෙවල් නැති වෙනකොට නිවාස වටිනාකමත් පහළ ගියා.

      එක්තරා පෙරළෙන්න හැකි කුළින්නයක් කරා අද අපි ඇවිත් ඉන්නෙ.

      ධනවාදයෙන් ලැබූ වාසි වලින් සමාජවාදී යහපත කරන්න ඉතා සුවිශේෂි වූ තරාදියකින් කිරන්න අවශ්‍යයයි. අපි ධනවාදීන්ට පමණට වඩා නීති දැම්මොත් සමාජවාදී යහපතක් තවත් කරන්න බැහැ.

      ඉහළ ආදායම් ලබන්නෝ තවත් කාලයක් ඉහළ බදු ගෙවමින් අඩු ආදායම් ඇති අයගේ බරත් කර ගහගෙන ඉස්සරහට යනවා ද නැද්ද යන්න තීරණය වෙන අවස්ථාවක් අද මුළු ලෝකයේ ම.

      බ්‍රිතාන්‍ය දැනටමත් ගොඩක් සමාජවාදී සේවා අකුළන ක්‍රියා මාර්ග පටන් ගෙන. ස්වීඩනයත් (මාක්ස් කියන විදියට පිළිපදින ලෝකයේ වඩාත්ම සමාජවාදී රට) 10% කින් සමාජවාදී සේවා අඩු කරලා.

      ආණ්ඩු සල්ලි අච්චු ගහනවා ඇරෙන්න ඉතිරි වියදම් පිරිමසා ගන්නෙ බදු මුදල් වලින්. ඉතින් සමාජවාදී ප්‍රතිපත්ති දියත් කරන්න ධනවත් අය ගෙවන බදු සල්ලි ඕනා. ධනවත් අය නැත්නම් සමාජවාදී ප්‍රතිපත්ති ද නැහැ!!!

  6. che said, on පෙබරවාරි 13, 2011 at 2:26 පෙ.ව.

    1.බෑටිස්ටාගෙ පාලන කාලයේ බහු පක්ශ මෑතිවරන තිබ්බලු….
    ඔක මහලොකු ප්‍රජාතන්ත්‍රවාදයද.ඔය පක්ශ ඔක්කොම චන්දෙ ඉල්ලයි.අන්තිමට ප්‍රතිපල ටික බෑටිස්ටා ජිල්මාට් කරල ජන්දය දිනනව.හරියට __වගේ.ප්‍රජාතන්ත්‍රවාදී වල බුශ් මහත්තය 2000 දුන්න ගේම මතකයි නේද අක්කට????
    2.කියුබාවෙ නායකය,හමුදා නායකය වෙන්නෙ ෆිදල් රජ පෙලපත්කින්වත් වලව්වකින්වත් ආපු නිසා නෙවෙයිනෙ අක්කෙ.අරගලයෙ මුල් ගල සන්නද්ද නායකත්වය ඔහු නිසා.හොදට හ්ම්බ්කරන්න පුලුවන් නීතී ව්‍රතිය පෑත්ත්කට දාල වනගත් වෙලා සටන්කලේ අනාගත ජනාදිපති කම ලෑබෙනව කියල දෑනගෙනමද??? වගේ මරනය හෝ නිදහස බලාපොරොත්තුවෙන් නේද???
    3.කියුබාව කියන්නෙ විප්ලවයට් කලින් USAසල්ලිකාරයන්ගෙ පිස්සු කෙලින්න තිබ්බ විනෝදාගාරයක්.දනපතියන්ගෙ කෑසිනෝ,ක්ලබ් සහ තව තව ජාරා ම්ගුල්නෙ තිබුනෙ.ඉතින කිඋබානු ජනතාවට ආදායම වශයෙන් කරන්න වෙලා තිබුනෙ ඔවට ඵ්න USA,UKදනපතියන්ගෙ මනදොල සපුරන ඵ්ක.ඵ් මොන විදියටද කියල කියන්න ඔන නෑහෑනෙ.ඔන්න ඔක ත්මයි අක්කෙ බෑටිස්ටගෙ ප්‍රජාතන්ත්‍රවාදය.
    ඔන්නඔය ක්‍රමය වෙනස්කරල මිනිසුන්ට මිනිසුන් වහේ ජීවත් වෙන්න ඉඩහදල දීපු මිනිහා ත්මයි ෆිදෙල්.ඔයාල කියන ප්‍රජාතන්ත්‍රවාදී USAවල ගාතන ප්‍රයත්න කීයකින් ගෑලවිලාද් ඔහු ඔය ඉන්නෙ.
    අනේ අක්කෙ UKවල ප්‍රජාතන්ත්‍රවාදය.
    තමුන්ම සූරාකන රටවල මිනිස්සු හාමතේ මෑරෙද්දි තිරිගු පිටි ටොන් ගනග් මුහුදට දාන රටනෙ ඔක.
    විකිපීඩියා වලින්නම් බෑටිස්ටා ගෑන දෑනගන්න බෑහෑ.
    දෑන් වත් තේරුම්ගන්න ඩිස්නිලන්තය පිටිපස්සෙ ඉන්න රකුසන් ගෑන.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2011 at 11:40 පෙ.ව.

      che,
      1. බුෂ් බලයේ හිටියෙ අවුරුදු 8 යි. බතීස්තා බලයේ හිටියේ අවුරුදු 12 යි. අනිකුත් පක්ෂ සියල්ල අහෝසි කළ ෆිඩෙල් ස‍හෝදරයා වසර 49 ක්.

      2. දැන් එහෙනම් ෆිඩෙල් හමුදා නායකයෙක් යැයි මල්ලී පිළිඅරගෙන ද? ඔහුට //හොඳට හම්බ කරන්න// පුළුවන් කමක් තිබ්බෙ නැහැ. ඩොලර් දහ දාහක් වියදම් කරමින් නිව් යෝර්ක් නගරයේ මාස තුනක් හනිමුන් යන්නේ දුක් විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටි විප්ලවකාරයා වුනාට. පුංචි කාලෙත් රූසවෙල්ට් ගෙන් ඩොලර් ඉල්ලලා ලියුම් යැව්වා. කසාදයට ලැබිච්ච දෑවැද්ද හිටන් කාබාසානියා කරලා දැම්ම. රස්සාවක් කරන එක අත්හැරපු නිසා අනිත් අයට එයාගෙ පවුලේ බිල් ගෙවන්නත් වුනා. මේවා සේරම යැංකි කටකතා වෙන්නැති…ඒත් විකිපීඩියාව දැම්මේ ඇයි දන්නෑ!!! බතීස්තා ගැනත් විකිපීඩියාව දාලා තියෙනවා විස්තර. හැබැයි මල්ලියේ හෙළ බාසාවෙන් නම් නෙමේ.

      3. එතකොට අද තායිලන්තයේ තියන තත්වයට විරුද්ධව ඔයාල උද්ඝෝෂණ පෙළපාලි යනවා ද?

      කියුබාව එදා සීනි නිෂ්පාදනයේ දකුණු ඇමෙරිකාවේ ඉහළින් ම හිටිය. 62% ක් සීනි නිෂ්පාදන සතුව තිබුනෙ කියුබානු වැසියන්ට. 1950 දී කියුබාවේ පේසෝව ඇමෙරිකන් ඩොලරය හා වටිනාකමකින් යුතු වූවා. රේඩියෝ හවානා ක්ලබ්, රජයේ ‍ගුවන්විදුලිය, භාෂා දුසිම් ගණනකින් ලෝකයට විකාශනය දුන්නා. 1959 දී කියුබාවේ හැම වැසියන් 5 දෙනෙකුටම පාහේ රේඩි‍යෝවක් හිමිකම් තිබුණ. හැම 28 දෙනෙකුටම බැගින් රූපවාහිනියක් තිබුණ. හැම 38 දෙනෙකුටම බැගින් දුරකතනයක් තිබුණ. හැම 40 දෙනෙකුටම බැගින් වාහනයක් තිබුණ.

      දත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්. ඒ ඒ වසරවල කියුබාව ගැන වාර්තාව කියවන්න. හැබැයි එයාල එක්ක දැන් ඔයාල ඔරොප්පුයි නේද?

      1958 දී කියුබාව මුළු ලෝකයේ ම කර්මාන්තශාලා කම්කරුවන්ට ඉහළ පඩි සපයන 8 වැනි ස්ථානයේ හිටියෙ. ඔවුනට ඉහළින් වැඩි පඩි දෙන අයට හිටියේ පිළිවෙලින් ඇමෙරිකාව, කැනඩාව, ස්වීඩනය, ස්විට්ස්ර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්ක් හා නෝර්වේ පමණයි.

      1958 දී කියුබාව මුළු ලෝකයේ ම කෘෂිකාර්මික ගොවියන් සඳහා ඉහළ පඩි සපයන 7 වැනි ස්ථානයේ හිටියෙ. ඔවුනට ඉහළින් වැඩි පඩි දෙන අයට හිටියෙ පිළිවෙලින් කැනඩාව, ඇමෙරිකාව, නවසීලන්තය, ඔස්ට්රේ්ලියාව, ස්වීඩනය හා නෝර්වේ පමණයි.

      අවුරුදු 49 කට පස්සෙ ආණ්ඩුවට ගත්ත සේරම දේපල කාලා ඉවර වෙලා දැන් සල්ලි නැහැයි කියලා මිලියනකුත් භාගයක ජනතාවට වසර අවසානය වෙනකොට රස්සාවල් අහෝසියි.

      1958 දී 14% ක් පමණයි ඇමෙරිකන් ආයෝජන කියුබාවේ තිබුනෙ. කැසිනෝ තිබුනෙ 10 යි. හ්ම්.. අද ලංකාවේ කැසිනෝ කීයක් තියෙනවා ද මල්ලි? ඔයාල ඒවට විරුද්ධව පෙළපාලි එහෙම ගියා නේද????

      දත්ත ලෝක කම්කරු සංවිධානයෙන්, 1960 ලෝක වාර්තාව.

      4. අපිට දියව්. අපිට දියව්. උඹලාට බැන්නත් අපිට දියව්. අපි වැඩ නොකළත් උඹලා වැඩ කරලා අපිට නොමිලේ දියව්. අපි වර්ජන කරත් අපිට දියව්. අපි අපේ අයව සූරා කෑවත් උඹලා අපේ අයව සූරා කෑම වැරදියි. ඒ නිසා අපිට දියව්. නොමිලේ දියව්. නිෂ්පාදනය නොකර කෑ ගහනා අපිට දියව්. රටෙන් එලවලා වසර 63 යි. වසර 63 කට අපි කරපු දෙයක් නැති නිසා, තාමත් අපිට දියව්.

  7. saman p said, on පෙබරවාරි 13, 2011 at 2:38 පෙ.ව.

    අක්කේ ඈමරිකා,කෑනඩා,ස්වීඩන් රට්වල තියෙන්නෙ සාමාජවාදය නෙවෙයි දනවාදයේ කෑත වහගෙන ඉන්න සුබසාදන වාදී වගේ පේන කෙන්සියානු ඩනවාදය.ඵ්කත් දෑන් ඉවරයි.ඵ් කියන්නෙ දනවාදයේ සුන්දර වසන්ත්ය ඉවරයි.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2011 at 12:13 ප.ව.

      saman p,
      John Maynard Keynes ඉදිරිපත් කළේ ධනවාදයක් නොවේ. ඔහු ඉදිරිපත් කළේ රජයේ මැදිහත් වීමකින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සෑදීමයි. මෙසේ රජය කරන සැලසුම් හා ප්‍රතිපත්ති ජනතාවට කළින් හිතාගන්නවත් බැරි වෙන විදියට සිද්ධ වෙද්දී, විශේෂයෙන් ම තම ආණ්ඩු පාක්ෂිකයන්ට හිතවාදී සහ සමාජ සුබවාදී කටයුතු පමණ අභිබවා යද්දී නිෂ්පාදනයේ යෙදෙන්නෝ නිහඬ වීම කේන්ස් දැක්කේ නැත. ඔහු සිතන්නේ පොදු ජනතාවගේ හිතසුව පිණිස මිනිසුන් ගෙන් වැඩ ගත හැකි යයි කියාය. ජනතාවගේ හිත සුව පිණිස රුසියාවේ ද, චීනයේ ද, කියුබාවේ ද මිනිසුන් ගෙන් වැඩ ගන්නට නොහැකි වුණි. මිනිසා නිෂ්පාදනය කරන්නෙ තමන්ගේ හිතසුව පිණිස ය.

      Milton Friedman ඉදිරිපත් කළේ ධනවාදී ක්‍රමයක්. රජය හැකි තරම් නිදහස් වෙළඳපොලකට ඉඩ දී ඈත් වී සිටීමත්, ප්‍රතිපත්ති හා සැලසුම් ජනතාවට හිතා ගත හැකි විදියට අඩු හා අවම ප්‍රමාණයකින් ඉදිරිපත් කිරීමත් ආර්ථික දියුණුවට වාසිදායක යැයි ඔහු කීවේය. එසේ කටයුතු සිද්ධ වූ හැම රටක ම ආර්ථික දියුණුව වේගයෙන් සිද්ධ විය.

      අද එංගලන්තය ‘Big Society’ වැනි කල්පනයකින් උත්සාහ කරන්නේ ආණ්ඩුවට ගත් දේ ආපහු ජනතාවට බාර දෙන්නට ය.

      ඒ සමාජවාදී වෙන්නට ගිහින් ධනවාදයේ නැතිවුන සුන්දර වසන්තය ආපසු කැඳවන්නට ය.

  8. che said, on පෙබරවාරි 13, 2011 at 2:40 පෙ.ව.

    1.බෑටිස්ටාගෙ පාලන කාලයේ බහු පක්ශ මෑතිවරන තිබ්බලු….
    ඔක මහලොකු ප්‍රජාතන්ත්‍රවාදයද.ඔය පක්ශ ඔක්කොම චන්දෙ ඉල්ලයි.අන්තිමට ප්‍රතිපල ටික බෑටිස්ටා ජිල්මාට් කරල ජන්දය දිනනව.හරියට __වගේ.ප්‍රජාතන්ත්‍රවාදී USAවල බුශ් මහත්තය 2000 දුන්න ගේම මතකයි නේද අක්කට????
    2.කියුබාවෙ නායකය,හමුදා නායකය වෙන්නෙ ෆිදල් රජ පෙලපත්කින්වත් වලව්වකින්වත් ආපු නිසා නෙවෙයිනෙ අක්කෙ.අරගලයෙ මුල් ගල සන්නද්ද නායකත්වය ඔහු නිසා.හොදට හ්ම්බ්කරන්න පුලුවන් නීතී ව්‍රතිය පෑත්ත්කට දාල වනගත් වෙලා සටන්කලේ අනාගත ජනාදිපති කම ලෑබෙනව කියල දෑනගෙනමද???CHE වගේ මරනය හෝ නිදහස බලාපොරොත්තුවෙන් නේද???
    3.කියුබාව කියන්නෙ විප්ලවයට් කලින් USAසල්ලිකාරයන්ගෙ පිස්සු කෙලින්න තිබ්බ විනෝදාගාරයක්.දනපතියන්ගෙ කෑසිනෝ,ක්ලබ් සහ තව තව ජාරා ම්ගුල්නෙ තිබුනෙ.ඉතින කිඋබානු ජනතාවට ආදායම වශයෙන් කරන්න වෙලා තිබුනෙ ඔවට ඵ්න USA,UKදනපතියන්ගෙ මනදොල සපුරන ඵ්ක.ඵ් මොන විදියටද කියල කියන්න ඔන නෑහෑනෙ.ඔන්න ඔක ත්මයි අක්කෙ බෑටිස්ටගෙ ප්‍රජාතන්ත්‍රවාදය.
    ඔන්නඔය ක්‍රමය වෙනස්කරල මිනිසුන්ට මිනිසුන් වහේ ජීවත් වෙන්න ඉඩහදල දීපු මිනිහා ත්මයි ෆිදෙල්.ඔයාල කියන ප්‍රජාතන්ත්‍රවාදී USAවල ගාතන ප්‍රයත්න කීයකින් ගෑලවිලාද් ඔහු ඔය ඉන්නෙ.
    අනේ අක්කෙ USA,UKවල ප්‍රජාතන්ත්‍රවාදය.
    තමුන්ම සූරාකන රටවල මිනිස්සු හාමතේ මෑරෙද්දි තිරිගු පිටි ටොන් ගනග් මුහුදට දාන රටනෙ ඔක.
    විකිපීඩියා වලින්නම් බෑටිස්ටා ගෑන දෑනගන්න බෑහෑ.
    දෑන් වත් තේරුම්ගන්න ඩිස්නිලන්තය පිටිපස්සෙ ඉන්න රකුසන් ගෑන.

  9. saman p said, on පෙබරවාරි 13, 2011 at 2:45 පෙ.ව.

    “‘බලය’ යනු අල්ලා ගන්නට සු‍විශේෂී හැකියාවන් තියන අයට පමණක් ලැබෙන දෙයක්”

    නින්දිතයි.
    මොකද්ද ඔය හෑකියව??
    බොරු කිය්න්නද??
    රව්ට්ටන්නද???
    මෑර බලයද???

    • arunishapiro said, on පෙබරවාරි 13, 2011 at 12:34 ප.ව.

      saman p,
      “මිනිසාට තමන්ගේ සත්‍යය මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් ම ඉෂ්ට කරනු හැකි වන්නේ ඔහුට තමන් ව භාණ්ඩයක් ලෙසින් විකිණීමට බලහත්කාරයෙන් යොමු නොකර නිෂ්පාදනයේ නිරත වන්නට හැකියාව ලැබෙන විට ය.”

      “Man truly achieves his full human condition when he produces without being compelled by the physical necessity of selling himself as a commodity.” — Che Guevara, Man and Socialism in Cuba

      මාර්ක් සුකර්බර්ග් මුහුණු පොත නිෂ්පාදනය කළේ ඔහුට තිබි සුවිශේෂි හැකියාවක් ඉහත වැනි පරිසරයක දී කරත හැකි වූ නිසා.

      ලැරී පේජ් ගූගල් නිෂ්පාදනය කළේ ඔහුට තිබි සුවිශේෂි හැකියාවක් ඉහත වැනි පරිසරයක දී කරත හැකි වූ නිසා.

      ස්ටීව් ජොබ්ස් i නිෂ්පාදනයන් කළේ ඔහුට තිබි සුවිශේෂී හැකියාවක් ඉහත වැනි පරිසරයක දී කරත හැකි වූ නිසා.

      නිෂ්පාදනයක් නොකරපු කෙනෙකුට ‍කොහොම කියන්න ද එහි ඇති ‘බලයේ’ රඟ!!!!

      //බොරු කිය්න්නද??
      රව්ට්ටන්නද???
      මෑර බලයද???//

      ‘බලය’ යනු ඉහත ආකාරයන් පමණක් යැයි සිතනුයේ අර චේ සහෝදරයා කියපු එක නැති රටවල සමාජවාදියෝ හා කොමියුනිස්ට්වාදියෝ හට තියන ‘බලය’ ගැන විතරක් දන්න අය.

      • සුජීව said, on පෙබරවාරි 13, 2011 at 1:19 ප.ව.

        චේ වෙනස් මිනිහෙක්. ගොඩක් අය වගේ විප්ලවකාරී පොත් කියවා පන්ති සටන හිතේ මවා ගෙන පොතේ ධර්මය බිහි කරන්න හදපු මිනිහෙක් නොවේ. තම කලාපයට යහපතක් කරන්න හිතු කෙනෙක්. මුලින්ම වෛද්‍යවරයෙක් හැටියට. එත වෛද්‍යවරයාට කල හැකි දෙයක් නැතිබව දුටු විටයි ඔහු විප්ලවයෙන් ඊට විසඳුම හෙව්වේ. ඔහු විප්ලවකාරයෙක්. මනුෂ්‍යත්වය ගැන ඔහු දරපු අදහස් මාක්ස්වාදය ගැන දරපු අදහස් වලට වඩා තිව්රයි.

        වාදය යාත්‍රාවක්‌ පමණක් ලෙස දුටු අයෙක් ඔහු. අනෙකුත් විප්ලවකාරයින් නම වාදය වෙනුවෙන් ජෝවිත පවා බිලි දුන්නා.

      • che said, on පෙබරවාරි 13, 2011 at 2:45 ප.ව.

        ‘බලය’ යනු අල්ලා ගන්නට සු‍විශේෂී හැකියාවන් තියන අයට පමණක් ලැබෙන
        දෙයක්
        මෙහෙමයි ලියල තියන්නෙ.cheකිව්වදෙයක් ද ඵ්ක ????
        ඵ් කියන්නෙ රට්ක හෑම පාලනයක්ම ඵ්කයි ය.ඵ්වාගේ ඉන්නේ දක්සයෝ ය,හෑමොටම ඵ්තනට ඵ්න්න බෑරිය.ආපු දක්ශයින්ට ඔනදෙයක් කිරීමට හෑකිය කියන වෑඩවසම් මතවාදය නේද මේ???මේ වගේ හිතුවෙ මද‍යතන යුගයේ.ඉතින් ඈයි මේ රට ආපස්සට අරන්යන්න හදන්නේ??මේකද ප්‍රජාතන්ත්‍රවාදය???සුරාකෑම සාදාරනය කරන ව0චාවට බොරුවට හිස නමන හනමිටි අදහස් මේවා.

      • che said, on පෙබරවාරි 13, 2011 at 3:13 ප.ව.

        ‘බලය’ යනු අල්ලා ගන්නට සු‍විශේෂී හැකියාවන් තියන අයට පමණක් ලැබෙන
        දෙයක්
        මෙහෙමයි ලියල තියන්නෙ.cheකිව්වදෙයක් ද ඵ්ක ????
        ඵ් කියන්නෙ රට්ක හෑම පාලනයක්ම ඵ්කයි ය.ඵ්වාගේ ඉන්නේ දක්සයෝ ය,හෑමොටම ඵ්තනට ඵ්න්න බෑරිය.ආපු දක්ශයින්ට ඔනදෙයක් කිරීමට හෑකිය කියන වෑඩවසම් මතවාදය නේද මේ???මේ වගේ හිතුවෙ මද‍යතන යුගයේ.ඉතින් ඈයි මේ රට ආපස්සට අරන්යන්න හදන්නේ??මේකද ප්‍රජාතන්ත්‍රවාදය???සුරාකෑම සාදාරනය කරන ව0චාවට බොරුවට හිස නමන හනමිටි අදහස් මේවා.

  10. සුජීව said, on පෙබරවාරි 13, 2011 at 11:56 පෙ.ව.

    අප්පට හුඩු. “කියුබාවට අත නොතබනු” වගේ.

    කලින් නිව්වා වගේ ඇතැම් කාරනා ගැන අරුණි එක්ක එකඟ වෙන්න බැහැ. මට හිතෙන්නේ 1959 සාධාරණයි. ඒත් සමාජවාදේ දුර්වලතා හා 1959 ට පසු කියුබාව ගැන මටත් තියෙන්නේ අරුණිගේ මතය මයි.

  11. che said, on පෙබරවාරි 13, 2011 at 2:23 ප.ව.

    අරුනි අක්කා නෑවත විකිපීඩියාව ප්ට්ට ගෑසීම නිසා සිනහවෙන් යුතුව තවත් ලියන්නට සිතුනි.
    මුලින්ම,ඔයා ඉදිරිපත් ක්‍රන ස0ඛ‍යාලේඛන ඈමරිකාවේ කියුබාවෙන් පන්නන ලද අය අත ගෑවසෙන ප්‍රසිද්ද අවියක් බව අපි දනිමු.
    ඵ්වා වල විහිලු සහගතබව මේ වගෙයි.
    1.බුශ් ගේ පාලනකාලය අවු8,බෑටිස්ටා12 ෆිදෙල් අවු 49ක් පාලනය කලා ලු.නමුත් අක්කෙ ඔයා සගවන දෙය තමයි USAවල තියෙන්නෙ පාලන ක්‍රම්යක්.මොන ජනාදිපති ආවත් ක්‍රමය සෑලසුම් ඵ්කයි.ලොක්ක විතරයි වෙනස්.ඵ්ක්‍රමය මෙහෙයවන්නෙ CIAප්‍රදාන බහුජාතික සමාගම් මුදල් සපයන ඈමරිකන් රාජ්ය මාෆියාව තමයි.මෙ ක්‍රමයට ඵරෙහිව යන්න ජානාදිපතිට වත් බෑහෑ.ඵහෙම උනොත් මරනය තමා.
    ඵ්ත්කොට අක්කෙ චිලී වල ‘සල්වදොඅර් අයියන්ඩෙ’ මහජන ච්න්දයෙන් බ්ලයට ආපු ජනාදිපති ට USAමොනවද කලේ?????
    ඔයාලගෙ මහලොකු පරජාතන්ත්‍රවාදී USAමිනීමරුවො ඵරටේ චන්දෙන් පත්වුනු ජනපති ඈතුලු දහස්ගානක් මරලාඔයාලගෙ දනපති පාලනය නෑවත පිහිටවපු හෑටි අමතකද????ම්හජන ච්න්දය ගෑන දුප්පත් ජ්නතාවගෙ විස්වාසය නෑතිකලේ දනපතියන්ම ම තමයි.
    ලතින් ඈමරිකාවෙ රට්වල් වල සියදහස්ගනනක් මිනිස්සු සූරාකන හෑටි දන්නෑද්ද???බොරු ස0වර්දනයේ නාමයෙන් නොයිදුල් වානන්තර ව්නසලා තෙල් සම්පත,කනිජ සම්පත සුරාකන තමන් උපන් බිම්වලම මිනිසුන් අනාත කරන වල නින්දිත ප්‍රජාතන්ත්‍රවාද්ය ගෑන දන්නෑද්ද ඔයා????
    අනික ම්හලොකුවට ප්‍රජාත්න්ත්‍රවාදය ගෑන ප0පෝරි ගහන USAතමන්ගෙ පෑවෑත්ම වෙනුවෙන් ඵ්කාදිපතියො කීයක් බිහිකලාද???ෆිනෝචේ ලා,සමෝසා ලා,බොසාකා ලා ව්ගේ සියගනන් මිනීමරු ඵකාදිපතියො බිහිකලේ කවුද???
    බින් ලාඩන් පවා USAවල නිර්මානයක් නේද???USA.ciaලෝක දුශ්ටබාවයේ හා ත්‍රස්තවාදයේ මහගෙදර නේද???
    *අප්‍රිකාවෙ USA(දඩබිමේ)දරුවො සියගනන් බඩගින්නෙ මෑරෙද්දි ටොන් ගනන් තිරිගු පිටි මුහුද්ට දාන්නෙ කියුබාවද????

    2.ෆිදෙල් රූස් කියන්නෙ උපතින් දනපති ස්ම්බවයක් ඈති කෙනෙක් ඈති කෙනෙක් නිසා ලාබාල වියේදි සල්ලිකාර ගති පෙන්නපු බව ඈත්ත.නමුත් අත්දෑකීම් ලබාගෙන වෑඩෙද්දිම සමාජ අසාදාරනය දකපු ඔහු සිය ලුම්පන් ප0තිය පිලිකුල් කරල ඔවුන් විසින් සූරාකනලද ජනතාවගෙ විමුක්තිය පතා ජනතව සමග ඵ්ක්වෙනවා.(ඵ්කට අද උන්,ඉහල සමාජ සම්බන්දතා යොදාගන්නෙන පොඩිඵ්කාට පහරගහන්නනෙ.)

    3.අනෙක් විහිලුව ත්මයි බෑටිස්ටගෙ පාලන කාලයේ තිබ්බා කියන දියුනුව.USAවලටය් UKවලටය් පස්සෙ දියුනුම රට කියුබාවලු.කාටද් කියන්නෙ මේ.ඵ්ක තහවුරු කරන්න ගන්න ස්0ඛයා ලේඛ්න තමයි මරුම විහිලුව.ඔකත් අර අපේ නායකයො කියන ආස්චර්යමත් ඵ්ක පුද්ගල ආදායම කතාව වගේමයි.අපේ සමහර ලොක්කො කියනව ල0කාවෙ ඵ්.පු.ආදායම දෑන් $2000ලු.නමුත් ඔය කියන රටෙ ජනගහනයෙන් 45%ක දිනක ආදායම $2ට වඩා අඩුයි ලු.රටේ ජනගහනයෙන් 20% ආදායමෙන් 80%ක් කනවලු.ඔන්න අක්කෙ තරම.ඔය කියන සම්පත් බෙදීයාමේ විශමතාවය තමයි ගොඩක් රටවල් තියෙන්නෙ.රටට සල්ලි තිබුනට ඵ් මුදල් මහජනතාවට දෙන්නවද සාදාරනව??????කියුබාව කියන්නෙ 1959 ට කලින් USAසතුටු උයන.තනිකර red light areaඵ්කක්.කෑසිනෝ මොන 10ද??ඵ්වා උරුම කලේ තරුනයන්ට පාදඩකම් හා තරුනියන්ට අනාචාරයයි.ඵ් කෑමෑත්තෙන් නම් නොවෙයි කුසගින්න විසිනුයි.මේවා නොඉවසන නිර්බීත තරුනතරුනියන් අතරින් තමයි විප්ල්වවාදීන් බිහි වුනේ.

    අක්කේ අද USAකියන්නේ සියගනන් රතුඉන්දියානුවන් ගේ ලේ තෑවරුනු බිමක්.ලෝකයේ මහද්වීප 3ක(ලතින් ඈමරිකා,ආසියා අප්‍රිකා)රටවල් සියගනනක මිලියනගනනක් අහින්සක මිනිස්සු සුරාකමින් ඔවුන්ගේ මිනී මතින් තමයි ඈමරිකානුවන් ඔය සෑප විදින්නේ.තමන්ගෙ රටවල මිනිසුන් රව්ට්ට්ල ඈමරිකාව පස්සෙ න දේශද්‍රෝහී පාලකයන් අතර ෆිදෙල් යනු මිනිසුන් අතර මිනිසෙකි.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2011 at 3:27 ප.ව.

      che,
      ඉස්සෙල්ලා විකිපීඩියාවේ විස්තර දාලා නැහැයි කියනවා. දැන් විකිපීඩියාවෙන් ම උදාහරණ පෙන්නුවාම ඒක CIA කියනවා.

      එතකොට එක්සත් ජාතීන්ගේ දත්ත හා ලෝක කම්කරු සංවිධානයේ දත්ත සියල්ලමත් CIA දාපුවා ද?? ඇත්ත තොරතුරු තියෙන්නෙ ඔයාලා ගාව ද?

      ඇමෙරිකාව කරපු අපරාධ, වින හා මෝඩකම් නිවැරදි යැයි මා කිසි තැනක කියා නැහැ.

      කොමියුනිස්ට් චීන සමූහාණ්ඩුව වෙතින් වඩාත් ම භාණ්ඩ වැඩි ආනයනයක් කරන්නෙ ඇමෙරිකාව. චීනයේ හූ ජින්ටාව් ඇවිත් ඇමෙරිකානු ජනාධිපතිට ස්තූති කරලා ගියා බව දන්නැතුව ඇති. එදා චීනයේ හාමතයේ සිටි දුප්පත් ජනතාව අද මැද පංතියක් කරා ගෙනියන්නට අත දීලා තියෙන්නෙ මොන රට ද කියලා අහන්න ඕන චීනෙක් ගෙන්.

      මල්ලි හිතන්නෙ ලතින් ඇමෙරිකානු රටවල් සූරා කන්නෙ අද ඇමෙරිකාව කියලා ද? චැවේස් වගේ අය ගැන මොකද හිතන්නෙ? ෆිඩෙල් වගේම රටට ජනතාවට ආදරය කරන කෙනෙක් වෙන්නැති. 2012 මැතිවරණය චැවේස්ට දිනන්න බැරි නම් ඒකත් CIA වැඩක් වෙයි. මල්ලි දන්නවා ද CIA ලොක්කා ඊජිප්තුවේ විප්ලවය පටන් ගන්නවා යැයි දැනගෙන හිටියෙ නැති බව. ඇමෙරිකාවට ඒක පුදුමයක් වෙච්ච බව.

      බ්‍රසීලය ලෝකයේ තුන්වැනි අපනයන ස්ථානයට පත්වෙලා ඉන්නෙ ඇමෙරිකාව බ්‍රසීලය සූරා කන නිසා වෙන්නැති.

      අප්‍රිකාවෙන් වහල් පිරිස් මුලින් ම ගෙනාවේ ප්‍රංශ, ස්පාඤ්ඤ හා බ්‍රිතාන්‍යයන්. ලෝකේ වහල් සේවා ප්‍රවාහනය නීතියෙන් තහනම් කළේ ඇමෙරිකාව ජනවාරි 1, 1808 දී.

      //නමුත් ඔය කියන රටෙ ජනගහනයෙන් 45%ක දිනක ආදායම $2ට වඩා අඩුයි ලු.රටේ ජනගහනයෙන් 20% ආදායමෙන් 80%ක් කනවලු.// මේක ඇත්ත මල්ලියෙ. එයාලට ආදායමක් නැහැ. සමාජවාදී සුබසාධන පිළිවෙත් වලින් ජීවත් වෙන්නෙ. අපි කොච්චර සමාජවාදී සුබ සාධන හා සමෘද්ධි පිළිවෙත් දෙනවා ද කියනවා නම් 80% ක් අද ජීවත් වෙන්නෙ 20% උපයන ආදායමෙන්.

      ෆිඩෙල් කරපු ඝාතන ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් කෙනෙක් හොයාගෙන කියවලා බලන්න. ඔන්න ඉහළ ප්‍රතිචාරයකට දාලා තියෙනවා. විකිපීඩියාවෙන් ම හොයාගත්තු කොටස. මිනිසුන් අතර මිනිසා ඔහු යැයි අගයන ඔබගේ මානව හිතවාදී බව ගැන නම් ඉතා සැකයි.

  12. saman p said, on පෙබරවාරි 13, 2011 at 2:55 ප.ව.

    විකීපීඩියා කියන්නෙ දනවාදී දනවෑද්දන්ගේ ප්‍රදානම ප්‍රචාරක අවියක්.තමුන්ගේ විරුද්දවාදීන්ට ඵරෙහිව සියුම් ප්‍රචාර කරන්න මේක හොදින්ම යොදාගන්න නිසා, මීට විරුද්දව දෑන් විකීපීඩියා වගේ නව අන්තර්ජාල විශ්වකෝශයක් හෑදුව ලගදී.(නම නම් ම්තක නෑ)ල0කාව ගෑනත් ගොඩක් බොරු තියනවා මේකේ.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2011 at 3:32 ප.ව.

      saman p,
      එතකොට එක්සත් ජාතීන්ගේ දත්ත හා ලෝක කම්කරු සංවිධානයේ දත්ත සියල්ලමත් ධනවාදී දනවැද්දන් දාපුවා ද?? ඇත්ත තොරතුරු තියෙන්නෙ ඔයාලා ගාව ද?

      • saman p said, on පෙබරවාරි 14, 2011 at 5:14 පෙ.ව.

        ලෝක වෙලද,කම්කරු ස0විඩාන කියන්න ඵ.ජා ස0විදානයේ උප ආයතන.
        ඵ.ජා ස0විදානය කියන්නෙ මොකද්ද???
        USAරූකඩයක් නේද???(හරියට ල0කාවෙ මෑතිවරන කොමසාරිස් වගේ.)
        ඵ.ජා ස0විඩානයේ වියදම් වලින 25%දරන ඈමරිකාව තමුන්ගෙ ආයුද්යක් නෑත්නම් කෑත වෑඩ වහගන්න තිරයක් විදියට තමයි ඵ්ක පාවිච්චි කරන්නෙ.USAවල ඉරාක ආක්‍රමනය,ඈෆ්ගන් යුද්දය ව්ගේ ඵ්වවලදි UNඵ්කේ බූමිකාව බලන්න.පබයෙක් වගේ නෙ හිටියෙ.
        දනවාදී දේශපාලනය ඔහොමත්මයි, පුලුවන් හෑමදෙයක්ම ආයුදයක් විදියට යොදාගන්නව.ආගම,ජාතිය,කලාව,මාද්ය වගේ හෑම දෙයක්ම තමන්ගෙ පෑවෑත්ම වෙනුවෙන කෙලෙසන්න පසුබට වෙන්නෑහෑ.ඉතින් කොහෙද UNඵ්ක විතරක් ඔකෙන් ගෑලවෙන්නෙ.!!!!!!

  13. appu said, on පෙබරවාරි 13, 2011 at 3:09 ප.ව.

    චිලී-ඔගස්ටෝ ෆිනෝචේ.
    නිකරගුවා-ස්මොසා
    ම්ද්යම අප්‍රිකාව-බොසාකා
    කොගෝව-මොබුටු
    දකුනු වියට්නාමය-ඩින් ඩියම්
    (අම්මෝ…රෑ ඵ්ලිවෙනකන් ලියන්න වෙයි වගේ…මාර සෙට් ඵ්කක් ඉන්නවානෙ.)
    මේ මිනීමරුවො සමාජවාදීද අක්කෙ??????මෙයාලා නේද සමාජ්වාදී පාලන පෙරලල ආපු වල මිනීමරු යාලුවො.
    මෙයාල හොද්යි නේද????
    පොල් පොට් පවා කාරයා CIAනෙ.අන්තිමේදි පොල් පොට් ව ඵ්ලවල දෑම්මෙ වියට්නාම් රතු හමුදාව.
    අක්කෙ දෑන්වත් ඈස් අරින්න හාම්තේ මෑරෙන,දුක් විදින ලෝකයා ගෑන හිතන්න.

  14. appu said, on පෙබරවාරි 13, 2011 at 3:10 ප.ව.

    චිලී-ඔගස්ටෝ ෆිනෝචේ.
    නිකරගුවා-ස්මොසා
    ම්ද්යම අප්‍රිකාව-බොසාකා
    කොගෝව-මොබුටු
    දකුනු වියට්නාමය-ඩින් ඩියම්
    (අම්මෝ…රෑ ඵ්ලිවෙනකන් ලියන්න වෙයි වගේ…මාර සෙට් ඵ්කක් ඉන්නවානෙ.)
    මේ මිනීමරුවො සමාජවාදීද අක්කෙ??????මෙයාලා නේද සමාජ්වාදී පාලන පෙරලල ආපු USAවල මිනීමරු යාලුවො.
    මෙයාල හොද්යි නේද????
    පොල් පොට් පවා කාරයා CIAනෙ.අන්තිමේදි පොල් පොට් ව ඵ්ලවල දෑම්මෙ වියට්නාම් රතු හමුදාව.
    අක්කෙ දෑන්වත් ඈස් අරින්න හාම්තේ මෑරෙන,දුක් විදින ලෝකයා ගෑන හිතන්න.

    • arunishapiro said, on පෙබරවාරි 13, 2011 at 3:40 ප.ව.

      appu,
      දෙවතාවක් ලියුවත් අප්පු එකම දෙයයි කියලා තියෙන්නෙ.

      දැන් මේ සේරම ඇමෙරිකන්කාරයෝ තනියම කරපු හපන්කම් වෙන්නැති නේද?

      ඒ ගැන ලියපු පොත පත හා ශාස්ත්‍රීය ප්‍රකාශන අපක්ෂපාතීව කියවන අයට විතරයි පැති දෙකේම වැරදි දකින්න පුළුවන්.

      ඇමෙරිකාව කරපු වැරදි ගැන මීට කළින් සෑහෙන්න කතා කරලා ඇති. විස්තර මූලාශ්‍රව ඇතිවම ලියලා ඇති. කැමති නම් ගිහින් මුල ඉඳලා කියවගෙන එන්න.

      • appu said, on පෙබරවාරි 14, 2011 at 5:22 පෙ.ව.

        අපොයි නෑහෑ අක්කෙ තනියම නෙවෙයි,දේශප්‍රේමී නමින් පෙනීහීටපු දේශද්‍රේහී දේශීය පාලකයො සහ උන්ගෙ හෙන්චයියො හිටියා.
        පිටරටින් ලෑබෙන කුට්ටි වලට තම රටවල සම්පත් ,ශ්‍රමය හා හෑමදේම හූරන්කන්න ඉඩදීලා අනාගත පරපුරවල් නෑතිබ0ග කරලදාපු බල්ලො මරල හරි සල්ලි හොයපු උන් තමා හිටියෙ.

        • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 9:05 පෙ.ව.

          appu
          අප්පු ‍නොදන්න පැත්ත කියන්නම්. මන්ද, ඇමෙරිකන්කාරයෝ තනියම කරපු එකක් දැයි මා අහපු ප්‍රශ්නයට පිළිතුරු ඔබ නොදන්නා බව ඔබ දුන් පිළිතුරෙන් වැටහෙන නිසා ය.

          එක උදාහරණයක් කියන්නම්. මූලාශ්‍ර ‍ලෝකයේ නිදහස් මාධ්‍ය වල පළ වූ නිසා අන්තර්ජාලයෙන් හොයාගන්න.

          බෙයිජින් ඔලිම්පික්ස් හි කලා අධ්‍යක්ෂක තනතුරින් ස්ටීවන් ස්පීල්බර්ග් ඉවත් වුනේ චීනය සුඩානයේ ලේ වැගිරීම ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා. ඒ ඉල්ලා අස්වීම සමඟ එතෙක් ඇමෙරිකාව සුඩානයෙ සාමය ගැන කරන බල කිරීම පැත්තකට දමා තිබි චීනය සාම හමුදාවන්ට එන්න ඉඩ දෙන්න යැයි සුඩානයට බල කරන්න සෙසු ලෝකයා හා එකතු වුනා.

          දැන් ඇයි මෙතන චීනය නිහඬ ප්‍රතිපත්තියක් ගෙන ගියේ?

          චීනය දේශපාලනය හා වෙළඳාම එකට එක ගාව ගන්නෙ නැහැයි කියන නිසා.

          සුඩානයේ විශාලතම වෙළඳ ගණුදෙනුකාරයා චීනයයි. ඊට අනතුරුව රුසියාව, ඉරානය හා ඉන්දියාව. චීනයට බිලියන ගණනින් තෙල් කොන්ත්‍රාත්තු තිබුනේ සුඩානය සමඟයි. මිලියන ගණනින් අවි ආයුධ කොන්ත්‍රාත්තු තිබුනේ චීනය සමඟයි. සුඩානයේ සතයක ආයෝජනයක් ඇමෙරිකාවට නැහැ. ඇමෙරිකන් තනාපතියෙක් සුඩානයේ හිටියෙ නැහැ.

          බල කිරීම් මැද චීනය විසින් ම ප්‍රතිපත්තිය වෙනස් මඟෙක ගෙන ගිය නිසා, ඇමෙරිකාවේ බලකිරීම මිස මැදිහත් වීමක් නැතිව සුඩානය විසින් මාර්ග පාදා ගත්තේ චීනය, ඉන්දියාව, මැලේසියාව හා ඉරානය සමඟ වෙළඳ ගිවිසුම් ගසා බිලියන 30 ක පමණ ණය ගෙවන්නට ආදායම සොයා ගැනීමයි.

          චීනය, රුසියාව හා ඉරානය තවමත් සුඩානයට අවි ආයුධ විකුණති. ඩාෆූර් වෙත යැවීම තහනම් නිසා වෙනත් පැත්තකින් යවති!

          ඒත් මේ ඔක්කොම ඉතින් CIA කාරයෝ ලෝක නිදහස් මාධ්‍ය ලව්වා කියවාගන්න ඒවා වෙන්නැති!!!!!!

  15. SiriBiris said, on පෙබරවාරි 13, 2011 at 6:54 ප.ව.

    දත්ත, කෙස් පැලෙන තර්ක මට මේවා නං කරන්න බෑ. කිසිම දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවුනත්, “ලදරු වලිප්පුව” තිබ්බ කාලෙ මට සමාජවාදෙ කොච්චර නැගල ගියාද කියනව නං, ඔහොම මරා ගන්න උනත් ලෑස්තිවෙලත් හිටිය. හැබැයි පහු පහු වෙල සමාජවාදයෙ බිඳවැටීම දැක්කාම, මේකෙ කොතැනක හරි වැරද්දක් තියෙනවා කියල නං හිතුන.
    ඒ කියන්නෙ, අනිත් අය වගේ මාත් සමාජවාදෙන් පටන් අරං ධනවාදයට මුක්කු ගැහුවාද? පිස්සුද ලොක්කා, මං තාමත් ” සාගත මල්ල අතිං ගත් තවත් එක් චංදදායක්යෙක් විතරයි”, යන්තං දෙයියනේ කියලා කාල ඇඳල ඉන්නවා. හැබැයි කියුබාවට කෙසේ වෙතත් , “පීඩිත ජනතාව, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලින් බේරගන්න” හරි “ජනතාපරමාධිපත්තිය ආරක්ෂා කරන්න” ඔය මොන බයිල කියල හරි කවුරුහරි චංදෙට, නැත්නං “‍තෝරා ගැනීමෙ නිදහසට” අත තියන්න ආවොත්, නං තාමත් මරා ගන්න ලෑස්තියි. ඒ මොන කෙංගෙඩියක් හින්දාවත් නෙමේ, අපට ඉතිරිවෙල තියෙන්නෙ එච්චරයි හන්දා.

    ධනවාදී හෝ සමාජවාදී හෝ වේවා වේවා අසීමිත, අසීමාන්තික බලය “හොඳ” නායකයන්ව පවා කුරුවල් කරවනවා. මගේ මෝඩ මොලේට තේරෙන විදිහට , අපි අදහගෙන වගේ හිටියත්, සර්ම්පූර්ණ මිනිසුන් නෑ, ඉන්නෙ කලු-සුදු චරිත විතරයි. ඒත් අද අපි මේ තත්වයෙන් හරි ඉහ ගහගෙන ඉන්නෙ, සමාජවාදයෙන් අපිට දායාද කරපු ප්‍රතිපත්ති නිසා කියන එක මං අවිවාදයෙන් පිළිගන්නවා. රුසියාව වගේ සමාජවාදී රටක ජීවත්වෙන්න මගේ කිසිම ආසාවක් නැතී වුනත්, ඒ බිඳවැටීම නිසා ලෝක දේශපාලනයේ සමබරතාවය නැතිවීම ලොකු පාඩුවක්.

    • සුජීව said, on පෙබරවාරි 14, 2011 at 7:23 පෙ.ව.

      මා පාසල් වියේදී හරි යයි සිතාගෙන “මරා ගන්නට ලැහැස්ති ව” සිටි මතවාද කිහිපයක් ඇත. එකක් සමාජවාදය මාක්ස්වාදය රුසියානු ඇම්ම ආදී මතවාදී පවුලයි. සෝවියට් දේශය හා කොමියුනිස්ට්වාදය පොත් කියවීමත් ඒ කාලේ රටේ සිදු වූ විප්ලවයක් වැනි තරුණ කැරැල්ලත් නිසා මා මෙයට තදින් යොමු වන්න ඇති. අනික නම දැඩි ආගමික භක්තියයි. හැබැයි නිර්වාණාවබෝධ කරන අභි ධර්ම වර්ගය, වන්දනා කරන අර්ධ හින්දු බෞද්ධ නොවේ.

      මේවායේ හැල හැප්පීම් පාසල් උද්ඝෝෂණ ආදිය තුලින්, මගේ අත්දැකීම් හා අනෙක් එවුන්ගේ අත්දැකීම් දෙස විවේචනාත්මකව බලු විට ඔය ඕනෑම දෙයක තියෙන අන්ධ භක්තිය මා දුටුවේ. ඊට පස්සේ මා ආගමික හෝ දේශපාලන මතවාදයක එල්බ ගෙන සිට නැහැ. ඕනෑම දෙයක් සලකා බලන්න කැමතියි හැබැයි මං නම කොන්වර්ට් වෙන එකක් නැහැ.

      මා සමාජවාදයේ වැරදි දකින්නේ ධනවාදය් හොඳයි කියා හිතන නිසා හෝ ධනවාදියෙකු නිසා නොවේ. දෙමල ජාතිවාදයේ වැරදි දකින්නේ සිංහල ජාතිවාදියෙකු නිසා නොවේ. ආගමක් නො අදහන්නේ, ආගම් සියල්ල බොරු ය කියා හිතන සෙකුලර් ඇදහිල්ලකින් [මෙය ද එක්තරා ආගමකි] නොවේ. විද්‍යාව හදාරන්නේ එය සර්ව සත්‍යයක් යන මතය තුල නොවේ. පැරණි ලංකාව ගැන ආඩම්බර වන්නේ ලෝකයේ ඔක්කොම ටික හැදුවේ ලාංකිකයින්, කියන අන්ධ භක්තියකින් නොවේ.

      මේ සියලු අන්ධ භක්තින්ගෙන් වියුක්ත ව අපට පැවතීමට ඉඩ ඇත. කරුණු කරුණු වශයෙන් සලකා පාර්ශ්වීය හැඟීම වලින් තොරව හිරණ ගැනීම වැදගත්. මා අයිති මේ ගැට්ටට නිසා මේ ගැට්ට මා විසින් නියෝජනය කල යුතුය කියා නොසිතීම වැදගත්. ගැට්ටකට අයිති නොවී සිටීම වඩාත් ලෙහෙසියි. මේ වගේ තැනක හැමෝම ඉන්නවා නම, යුද්ධ කල කෝලාහල බොහොමයක් නවතියි.

      මා මේ කිව්වේ සියල්ලෙන් වියුක්ත වූ මෙලෝ රහක් නැති ජිවිතයක් නොවේ. මේ ඔක්කොම තියෙද්දී චන්දෙ දාන්න, මැච් බලන්න, රස්සාවක් කරන්න, පවුලක් එක්ක ආදරයෙන් ඉන්න පුළුවන්. අවශ්‍ය ඔබ විසින් ඔබේ අන්ධ භක්තිය දැකීමේ හැකියාව වඩවා ගැනීම පමණයි.

      • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 8:31 පෙ.ව.

        සුජීව,
        මට කැළණියේ දර්ශන අංශයේ දී අදත් එහි මහාචාර්යවරයෙක් ව සිටින මා ප්‍රියතම ගුරුවරයෙක් වූ ජයන්ත සෙනෙවිරත්න විමසුම් රචනාවක් ලියන්න කිව්වා අපි මාක්ස්වාදය හදාරද්දී. ඉහළින් ම ලකුණු ලැබිච්ච ඒ රචනාව මා එවැනි වෑයමක් දමා ලියයි කියා ඔහුත් පුදුම වූවා බව මතකයි.

        යමක් නිසියාකාරව වටහා ගන්නට නම්, එහි ඇති අගයක් දකින්නට නම්, එය තවත් වඩාත් අගය කරන්නට පුළුවන් වන්නේ
        නිසි ඉගෙනීමෙන්
        නිසි අවබෝධයෙන්
        අඩුපාඩු දකින්නට බිය නැති වීමෙන්.

        පැත්තකට හේත්තු වෙච්ච කිසිම කෙනෙකුට එතැනින් එහාට යෑමක් නැහැ.

      • සුජීව said, on පෙබරවාරි 14, 2011 at 9:41 පෙ.ව.

        පැහැදිලිව ම. සම්පුර්ණයෙන් එකඟයි.

        ලංකාවට මේ තරම් කෙල වී ඇත්තේ අන්ධ භක්තිය, ගැටී වාදය, පාර්ශ්වීය හා හැඟුම් මත පදනම වූ තීරණ ආදිය නිසයි.

        ඒත් අරුණි මට හිතෙන විදිහට මානව මනස කියන ඇල්ලිය නොහැකි ඉන්ද්‍රියේ පරිනාමය තුල මේ අන්ධ භක්තිය වැදගත් දෙයක් ලෙස දකිමින් එය වැඩි කරන්න උත්සහ දරා තිබෙනවා. අන්ධ භක්තිය කුඹි ගුලකට සුදුසු වුවත් තවමත් තනිව හිටගත හැකි මානව ජීවියාට අවශ්‍ය ඇයි?

        සියලු අන්ධ භක්තියෙන් තොර කියාගෙන අන්ධ භක්තියෙන් වෙනත් දෙයක් අදහන අය කොච්චර ඉන්නවද? කැපුවත් කොළ කැපුවත් නිල කියන උන්ට පස්ස පැත්තෙන් හිනා වේවි රතු ෂර්ට් අඳින අය [හුදෙක් වර්ණයට දක්වන අහිංසක ආසාව ගැන නොවේ මා කිව්වේ] කොච්චර ඉන්නවද? ජෙනරාල් හිරේ දාපු නිසා හම්බන්තොට වරායට කෙල වෙයන් කියන අය කොච්චර ඉන්නවද?

        “බෝ කොල සිංහ රූ
        කහ තැඹිලි කොල තීරු
        ගලවා විසි කර
        පාදා ගන්න උවමනාය
        සිහල දෙමළ හැමගේ
        රුධිරයේ පැහැය දෙන
        අපේ ජාතික කොඩියේ
        රතු පසුබිම”

        කියලා බූන්දියේ කවියක් ලියූ “අපක්ෂපාති සහෝදරයා” කියන්නේ ඒක ද? [උපුටා ගත්තේ බූන්දියේ මේ කවියෙන්]

        පරිනාමික ව අන්ධ භක්තිය දියුණු වන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැහැ.

        රෝම සමුහාණ්ඩුවේ ජනරජ භාවය වසර 500 කින් ඉවර වෙද්දී අන්ධ භක්තික අධිරාජයන් හා පාප් වරුන්ගේ රෝමය අවුරුදු 1500ක් විතර පවතින්නේ ඇයි?

        සමහර විට කුඩා කොලනිගත සතුන් පරිනාමික ව අපට වඩා උඩින් ඉන්නවා විය හැකියි.

        • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 9:49 පෙ.ව.

          සුජීව,
          //පරිනාමික ව අන්ධ භක්තිය දියුණු වන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැහැ.//

          සරල හේතුවක්: මූලාශ්‍ර සොයා යෑමට හා තර්කය පාවිච්චි කරන්නට ඇති කම්මැලිකම නිසා.

          පරිනාම‍යේ දී බුද්ධිමතා ජය ගනීවි ද?

          සමාවෙන්න සිරිබිරිස් ඔයාට ගහපු හින්ට් එකක් නම් නෙමේ. 🙂 මුළු ලෝකය තුලම දැකිය හැකි අඩුවෙමින් යන පොදු හැදියාවක්.

      • සුජීව said, on පෙබරවාරි 14, 2011 at 10:41 පෙ.ව.

        [[පරිනාම‍යේ දී බුද්ධිමතා ජය ගනීවි ද?]]

        පරිනාමය කියන ක්‍රියාවලියට ග්‍රහණය වන මානයන් තුල බුද්ධිය/මෝඩකම කියා දෙයක් නැහැ නේද?

        මිනිසා බුද්ධිය කියා සිතන ප්‍රපංචය පරිනාමයේ අතුරු පලයක්‌ මනස විසින් පාර්ශ්වීය ව අර්ථ දක්වා ගැනීමක්.

        ජීවයේ අග්‍ර පලය කවුද? මානවයා? වැරදිලා.

        ජීවයේ අග්‍ර පලය [ලෝකේ හොල්ලගෙන හිටි කාලය සලකා] ඩයිනෝසරයන්. වසර මිලියන 300 කට වඩා මේක හොල්ලගෙන ඉන්දලාත් අභාවයට ගියේ ඉතාමත් අසම්භාවී සංසිද්ධියක් කරන කොට ගෙන. වෙනත් ක්‍රමයක් තිබුනේ නැහැ උන ව නවත්තන්න.

        කොහොමද කඩල ඇටේ මොලේ?

        ඇත්තටම පරිනාමයේ වැදගත් ම ඉන්ද්‍රිය මොලය හෝ මනස නොවෙයිනේ. ප්‍රජනන පද්ධතියයි. එකේ පහසුකම් සපයන්නන් ලෙස ඇතිවූ අනිකුත් ඉන්ද්‍රියයන් ගේ ප්‍රගමනය පරිනාමයට වැදගත් වන්නේ, ප්‍රජනන ක්‍රියාවලියට දෙන දායකත්වය මත පමණයි.

        • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 10:50 පෙ.ව.

          සුජීව,
          නොදන්න ඩයින‍සෝරයන් ගැන කතා බැහැ!

          හැබැයි ප්‍රජනන පද්ධතිය නම් නෙමෙයි පරිනාමයේ වැදගත් ම ඉන්ද්‍රියය. මොකද ස්වභාවික දරු උප්පත්ති වලින් එදා කාලේ මැරිච්ච සංඛ්‍යාව ගැන හිතන්න. ඒක අඩු කරගන්න බුද්ධිය උපකාරී වුනාම තමයි ජනගහණය වැඩි වෙන්නෙ. වැඩිවීම පාලනය කරගන්න උප්පත්ති ක්‍රම බිහි වුනාම තමයි ජනගහණය අඩු වෙන්න පටන් ගන්නේ.

          පරිනාමයේ ප්‍රගමනයට බුද්ධිය නොමැති ව ඉඩක් කොහෙද?

          පරිනාමය වර්ගයා බෝ කිරීම පමණක් ද?

          නැත්නම් ජීවියා වඩාත් කාලයක් පවත්වා ගැනීම ද?

      • සුජීව said, on පෙබරවාරි 14, 2011 at 1:25 ප.ව.

        දරුවන් වැඩිපුර හැදීමත් ඒ දරුවන්ට වැඩිපුර අවස්තාව ලැබෙන සේ පරිසරය වෙනස් කිරීමත් යන දෙක ම වැදගත්. ඒක තමයි අද වෙලා තියෙන්නේ.

        මට කියන්න ඕන වුනේ පරිනාමයේ පදනම ඕක නොවේ කියන එක.

        මිනිසා සතුන්, ගහකොළ, අජීවී යයි කියන දේ මේ ඔක්කොම ඒක පද්ධතියක් මිස වෙන වූ එකක් නොවේ. පරිනාමයත් එය තුල පවතින ධර්මතාවයක්. ඒකත් වෙනස් වනවා. පරිනාමයත් පරිසරයේ විචල්‍යයන් මත වෙනස් වෙනවා.

        පරිනාමය වන පරිසරය වෙනස් කිරීමෙනුයි බුද්ධිය පර්නාමය “පරිනාමය” කරන්නේ. එතැනදී එන ලොකු ප්‍රශ්නය, දිගු කාලින ව මේ වෙනස් කිරීම් වල අනිටු පලයක්‌ ඒවිද කියන එකයි.

        පරිනාමයේදී බුද්ධිමතා ජය ගනියි ද කියන්න කලින් හැබෑ බුද්ධිමතා කවුද කියන ප්‍රශ්නයත් අහන්න වෙනවා නේද? පුරාන ශ්‍රී ලාංකිකයා ද, අද ඇමරිකානුවා ද, චීනා ද වගේ පටු තැනක නොවේ. මිනිහා ද, ගවයා ද, ඩොල්පින් ද, හාල් මැස්සා ද කියලත් හිතන්න ඕනේ නේද?

    • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 8:23 පෙ.ව.

      SiriBiris,
      දත්ත හා මූලාශ්‍ර පෙන්විය නොහැකි කල කියන දෑ කටකතා, හිස් වචන හා සම්ප්‍රලාප පමණයි. තාර්කික ඔප්පු කිරීමක් නැති වාක්‍යයන් හුදු ඔප්පු නොකරන ලද ප්‍රස්තුතයක් පමණයි.

      ඔය දෙක නැතිව කරන සංවාදය කාලය නාස්ති කිරීම මිස ප්‍රයෝජන රහිත ය!!!

  16. Clement Peris said, on පෙබරවාරි 13, 2011 at 9:02 ප.ව.

    This is a stunning article and all the comments are highly sophisticated.
    Do not let this article and the comments hide in the web; let it forward to the people of (Sri) Lanka who are not reachable to internet,
    I shall ready to help financially.
    well done you all!!

  17. ඇති යන්තම් යුද්ධයකට නොගිහින් ඔය ප්‍රශ්ණේ ඔත්නින් නතර වුණා.
    කෙස් පැලෙන තර්කවත් ,අග කිලිපොනා යන කතා කියන්න ඕනෙත් නෑ.මට කියන්න ඕනේ මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් නොවේවායි කියලා.

  18. arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 8:35 පෙ.ව.

    ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
    //මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් නොවේවායි කියලා.// හරියටම හරි!!!!

  19. appu said, on පෙබරවාරි 14, 2011 at 2:01 ප.ව.

    ලොව ලොකුම ආයුද ජාවාරම් කරු වනුයේ අමරිකාවය.දනවාදී රටවල් සියල්ල පෙරමුනින්ම සිටී.
    ල0කාවේ යුදසම්යේ මෙරටට අවි ආයුද සෑපයීමට ඵරෙහි වූ ඈමරිකාව,ත්මන්ගේ බඩු M16(රයිෆලම දහස්ගනනක්…)L.T.T.Eයෙන මතුවන විට ඵවා ඈමරිකාවෙන් හොරකම්කර චීනය කොටින්ට දුන්නාදෑයි අසන්නට ඈත.
    1.ස්පිල්බර්ග් චීනය ස0විදානය කල ඔලිම්පික් උලෙලින් ඉවත් උනේ සුඩානයේ ඩාෆූර් ප්‍රාන්තයේ ලේ වෑගිරීම් ගෑන නිහඩවසිටි නිසාලු…හතර හිනා…
    ඵහෙනම් ඉරාකයේ හාඈෆ්ගනිස්තානයේ ඈමරිකාව සිදුකරන මීනීමෑරීම් වලට ඵරෙහිඋනානම් ඔය වගේ ,ස්පිල්බර්ග් USAවලත් නොයිද යන්න ඔනෙ නේද??????
    ඈමරිකාවේ අසූචි කප්පරක් කෑ ස්පිල්බර්ග් ඈතුලු පිරිස චීනයේ අදෝවාතය ගදයෑයි කීම තරම් සරදම්ක් තවත් ඈත්ද?????
    2.සුඩානයේ ඩාෆුර් අර්බුදය ඈතිඋනේ තෙල් හා කනිජ සම්පත් පිරි දකුනු සුඩානය ආගමීක පදනම මත වෙන්කර තවත් සෘජු නව යටත්විජිත්යක් බිහිකර වඩාත් පහසුවෙන් කොල්ලකෑමේ උවමනාව මත් නේද???????දකුනු සුඩාන් මියගිය කෑරලි නායක ජෝන් ගෑරන් නියොජිතයෙක් නේද???
    3.සුඩාන රජ්ය අස්තාවර කරලා ජාත්යන්තර මාද්ය ම්ගින් පච හලලා වෙනම ර්ටක් බිහිකරන්න නේද ට ඔන.ඵක ඔප්පුකරන්න ම්ට අමුතුවෙන් සාදක ඔන නෑ,පසුගිය යුදසමයේ අපේ රට සම්බන්දව හෑසිරුන හෑටි මේ රටේ ඔලුවක් තියන ජනතාව දන්නවා.අපේ රට කොටින්ගෙන බේරගන්න චීනය දුන්න උදවු ගෑන ල0කාවෙ ඔන පොඩිඵකෙක්ගෙන් අහලා බලන්න.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 7:44 ප.ව.

      අප්පු,
      ස්ටොක්හොල්ම් ජාත්‍යතන්තර සාම පර්යේෂණ ආයතනයට (ඒකත් ධනවාදී දනවැද්දන් වෙන්නැති) අනුව 2009 දී ලෝක අවි ආයුධ වෙළඳාමින් පළමු තැන ඇමෙරිකාව මිලියන 6795 සහ දෙවැන තැන රුසියාව මිලියන 4469. රුසියාව එච්චර අවි ආයුධ විකුණුවේ කාටදැයි දන්නෑ?

      1. ස්පීල්බර්ග් චීනයට කැඳවූයේ චීනයයි.

      2. සුඩානය හා චීනය අතර සම්බන්ධතා මුළු ලෝකයම දත්ත ද අප්පු විතරක් නොදන්නේ ය.

      3. චීනය රට ඇතුලත දේශපාලනයකට අතගහන්නෙ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියද්දී මෙන්න අප්පු කියනවා චීනය උදව් කළාලු ලංකාවේ ඇතුලේ ප්‍රශ්න විසඳන්න!!

      නොදන්නා බව ලොවට හඬ ගා කෑ ගහන්නට යන්නෙ නැතුව නිහඬව සිටියොත් අප්පු නොදන්නා තරම කොතරම් දැයි කවුරුත් දැන නොගනු ඇත!!

  20. CHE said, on පෙබරවාරි 14, 2011 at 2:27 ප.ව.

    කෙලින් කිවයුතු දේ කිවයුතුය.
    අද මේ ලෝකයේ ප්‍රශ්න වලට මුල සම්පත් පෙරේතකමින් දනාවාදී කදවුර සෙසු රටවල් කොල්ලකමින් ගෙනයන නින්දිතක්‍රමය නිසා බව කවුරුත් දනී.
    සීමිත් සම්පත් අවශයතාවය අනුව සමසේ බෙදාගන්නවා වෙනුව්ට ස්වකීය පෑලෑන්තියේ සුඛවිහරන වෙනුවෙන් රටවල් සියගනනක් හුරාරාක්මින් දරුවන් හාම්තේ මරන්නේ ඔය ක්‍රමයයි.
    ඊට ඵරෙහිව සමානාත්මතාවය වෙනුවෙන් පෙනීසිටීම සදහා නොබියව ඉදිරියට ආයුතුය.
    දනවාදී ජාතික,ආගමික,මාද්ය ලෙසින් ඵන උපක්‍රම හදුනාගතයුතුය.
    අනාගත පරපුරේ නාමයෙන් දනවෑද්දන් පෑන්නියයුතුමය නෑත්නම් තවත් පරපුරු සියගනනක් මරාගෙන කනු ඈත.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2011 at 6:46 ප.ව.

      CHE,
      කෙළින් කිව්වත් ඇදේට කිව්වත් කියනා දේවල් ඔප්පු කරගන්නට බැරි නම් වැඩක් නෑ මල්ලී… දත්ත හොයාගෙන එන්න වෙලාවක ඔය කියපුවා ඔප්පු කරන්න.

  21. kalpa said, on පෙබරවාරි 14, 2011 at 2:32 ප.ව.

    @අරුනි & සුජීව,
    මොලයද ප්‍රජනන පද්දතියද?????
    කිකිලිද බිත්තරේද?????

  22. CHEs friend said, on පෙබරවාරි 15, 2011 at 8:55 පෙ.ව.

    @අරුනි සොයුරිය,
    ඔබ ඈමරිකාවෙ ජීවත්වෙන නිසාම දනවාදයෙන් ඈස් අන්දකරගෙන කියලා පේනවා.ඵ්ත් අක්කෙ ඔයාලා ඉන්නේ දනවාදයේ සෑප විදින කලාපයේ(දෑන් ටිකටික ඵ්කටත් තට්ටුවේගන යන්නෙ…)
    නමුත් අපි ඉන්නෙ ඔයාලගෙ රටවල දඩබිම් වන USAල විසින් හූරාකන දුක්විදින කලාපයේ.ඵ්නිසා තමයි දනවාදී ක්‍රමයේ රහගුන අපි හොදට දන්නේ.
    අපේ සම්පත්,අපේ ශ්‍රමය ම0කොල්ල කාලා තමයි ඔය රටවල් ඔය සෑප ගන්නෙ.අද බ්ලන්න වෙලද කලාපවල රු6000 පඩියට පෑය10ක්12ක් ජීවිතේ ගෑටගහගන්න නම් කගුරන්නම වෙලා තියනවා ඔයාලගෙ සුපිරි ආයොජකයින්ට.ඵ්වා වලින් ඵ්න මිලියන් ගනන් ලාබ රේට්ටුව දේශපාලුවොයි,අයිතිකාරයොයි බෙදාගත්තම අපිට ලෑබෙන්නේ මොනවද???????
    වගුරන ශ්‍රමයට සරිලන වෑටුප් කෝ??????
    ප්‍රතිලාබ බෙදිලා යන්නවද පොඩි මිනිහාට.
    අද ලෝකෙ හොදම ඈදුම් මහන අපේරටේ සන්නාලි පරපුර අදින්නෙ පේමන්ට් ඵ්කෙන් 150ට ගන්න රෙදිකෑලි..
    ලෝකෙ හොදම තේ හදන අපේ ජනතාව තවම බොන්නේ අතුගාලා ඉවත්ලන කසල තේ.
    ඔයා සාක්ශි ඉල්ලුවනෙ ඔය දෙකක් විතරයි.
    ඔච්චරටම ඔන නම් ටිකක් මහපොලවට බෑහෑල බලන්න.පෑය 10.12 වෑඩකරලාඅන්තිමට හතටසීයක්(ල0කාවේ ජනගහන්යෙන් 45%ක දෙනික ආදයම$2ට අඩුයි.ඵ් කියන්නෙ රු210<_මහ බෑ0කු වාර්තාව.)අරන් ගෙදර ගිහින් පිටි ගුලියක් ගිලලාහූල්ලහූල්ල නිදාගන්න මගේම සහෝදර ජනතාව ගෙන බලන්න.මේව තමයි පනගෑහෙන සජීවී සාක්ශි.
    ලියන්න නම් ගොඩක් දේ තියනවා,මමත් ජිවත්වෙන්න ඵ්පෑයි.දෑන් job eka.කබුරනවා bossලට.කන්න බොන්නත් ඔන.පන්තිසල්ලිත් පොල් වගේ තමයි.මොනවකරන්නද තුන්වන ලෝකයේ ඉපදුන පවට නේද????????

    • arunishapiro said, on පෙබරවාරි 15, 2011 at 10:13 පෙ.ව.

      CHEs friend,
      //දෑන් ටිකටික ඵ්කටත් තට්ටුවේගන යන්නෙ// ‍මොකද යන්න වටහා ගන්නට හැකියාවක් ඔබට ලැබුණා නම් පහදලා දෙන්න වෙන්නෙ නැහැ. ඒත් උත්සාහයක් ගන්නම්.

      බ්‍රිතාන්‍ය අධිරා‍ජ්‍යයේ යටත් විජිතයක් ඇමෙරිකාව. බ්‍රිතාන්‍ය විසින් ඇමෙරිකාව සූරා කෑවා. 1764 දී සීනි පනතක් ගෙනැල්ල බදු ගැහැව්වා. 1765 දී මුද්දර පනත (ලියුම් යවන මුද්දර නොවෙයි, බඩු වලට ගහපු මුද්දර බද්දක්) 1766 දී අස් කරගත්ත විප්ලව නිසා, 1767 ආනයන බඩු සඳහා බදු, 1770 දී තේ හැරෙන්නට අනිත් ආනයන බදු අහෝසි කරගත්ත. ඒ හේතුව තමයි 1773 දී බොස්ටන් තේ පාටියේ අරගලය. ඇමෙරිකන්කාරයා නිදහස් අරගලයක් දිනුවා!

      1776 දී ඇමෙරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගෙන් නිදහස් වෙන්නෙ. 1787 දී ඔවුන් නිදහස් ඇමෙරිකාවක ව්‍යවස්ථාවක් අනුමත කරගන්නෙ. ඉතාම සතුටින් නිදහස් අරගලය දිනා ගෙදර ගිය හමුදාපතිවරයාව බැහැයි කියද්දීමයි ජනාධිපති කරගන්නෙ 1789 දී!!!

      //අපේ සම්පත්, අපේ ශ්‍රමය මංකොල්ලා කෑවා// යන දෝෂාරෝපණය ඔබ ඇමෙරිකන්කාරයා වෙත පමණක් එල්ල කරනවා ද?

      පාණ්ඩ්‍ය, පාල්ලව, චෝල, පෘතුගිසී, ලන්දේසි, මරක්කල, බ්‍රිතාන්‍ය අය අතර ඩිංගක්වත් බෙදලා දාන්නෙ නැද්ද?

      ලංකාව නිදහස ලැබුවාට පස්සෙ ඇමෙරිකන් සුපිරි ආයෝජකයෝ ලංකාවේ කළ ආයෝජන දත්ත හා ලාංකික ආයෝජකයෝ ලංකාවේ කළ ආයෝජන දත්ත පෙන්වන්න. ඇමෙරිකන් ජනාධිපති ගෙවන බදු ‍ප්‍රසිද්ධ ලියවිල්ලක්. ලංකාවේ දිනේශ් ගුණවර්ධන විතරයි එහෙම එකක් පෙන්වලා තියෙන්නෙ. ඇයි කියලා ටිකක් හිතලා බලන්න.

      පිටරට ආයෝජන!?! ඩී. එස්. සේනානායක අපේ ගොවියන්ට ටැක්ට්‍රර් මොනාට ද කියලා ඇහැව්වා කියලා නොදන්නවා ද?

      ඔයාලගේ දේශපාලුවෝ කරන වැඩ හදාගන්න ඔයාලටයි පුළුවන්. අපේ දේශපාලුවෝ අපි හදාගෙන අනිත් රටවලට ඇඟිලි ගහන එක නවත්තගන්නම්. හැබැයි ඒ එක්කම ආධාර එහෙම එන එකත් ඉදිරියේ නැවතෙනවා. යා‍ළුවොන්ටනෙ තෑගි දෙන්නෙ.

      හැමදාම පවතින පාලනයට විරෝධී කියලා කෑ ගැසීමෙන් බැහැ. පාලනය කරන්නේ සමාජයෙන් එන අය. ඒ අයගේ හැදියාව වෙනස් කරගන්න ඕන. තමන් අවංක වුනොත් පමණයි රට පාලනය කරන අයවත් අවංක කරවන්න බලපෑමක් කළ හැකි වෙන්නෙ.

      ලෝකේ හොඳම ඇඳුම් මහන්න හැකියාව ඇති බව ඇත්ත. ඒත් ඒක නිර්මාණයක් නෙවේ. කර්මාන්තශාලාවක කොටස් කෑලි අමුණන කම්කරු රස්සාවක් පමණයි. මුදල වැඩියෙන් යන්නෙ ඇඳුම නිර්මාණය කරන්නාට හා ව්‍යපාරයට ආයෝජනය කරන්නාට. අදහස එයාගෙ හා අවදානම අරයාගෙ. ඒක වටහා ගත්ත දාට අපේ කෞශල්‍යතා ඇති දෑත් වලින් වැඩි නිර්මාණ බිහිවේවි. අනුන් එවන කෑලි අමුණන එක නැවතිලා.

      බුද්ධි බතික් හදන සිල්ක් සාරියක් රුපියල් තිස්දාහකට ගන්න පිටරට අය පෝලිම් ගැහෙනවා!!

      නිෂ්පාදනය රජය විසින් සැලසුම් ගහන ක්‍රමයක් පවත්වා ගන්න සමාජයක් ලංකාව. සැලසුම් ගහන්න රජයට ලැබුනම රජය විසින් සැලසුම් ගහන්නෙ තම ගැත්තන්ට වාසිදායක විදියට. කොයි රජයක් ආවත් ඒකයි වෙන්නෙ. ඒ නිසා සැලසුම් බලය රජයට දීම අවම කරලා නිදහස් වෙළඳපොලක් තියේ නම් පැත්තට කත් අදින අයට විතරක් නෙමේ ටෙන්ඩර්, කෝටා. දක්ෂතා ඇති අයට ගන්න පුළුවන් වේවි.

      අද ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට මහන්න අය නැහැ. බස් වලින් වව්නියා පැත්තෙ සිට දක්කනවා. අඩු වේතනයට වැඩ කරන්න කොහේ හරි පිරිසක් ඉන්නවා නම් ඒ අය සොයා ගෙන යෑම ලෝකයාම කරන දෙයක්. ඇමෙරිකාව මෙක්සිකෝවෙන්‍ හොරෙන් එන අය වෙතින් කෘෂිකාර්මික වැඩ ගන්නෙ ඒකයි. කර්මික රස්සා සඳහා චීනයට යන්නෙ ඒකයි. කොළඹ නුවර අය වව්නියාවට යන්නෙ ඒකයි.

      ලෝකයේ ම ජනතාව අඩු පඩියට වැඩ කරන එක ප්‍රතික්ෂේප කළොත් පමණයි වේතන ද ඉහළ යන්නෙ. එහෙම නැති තාක් කල් හැමෝටම කරන්න හැකි රැකියා වලට ලැබෙන වේතන අඩුයි. විශේෂ හැකියා ඇති අයට වේතන වැඩියි. ඒකයි ඉල්ලුම හා සැපයුම.

      ඒක ස්වභාවිකව කෙරෙන අන්දමට වැටකොටු බැන්දාම, පුද්ගලයා තම සතුට සඳහා නිෂ්පාදනයේ යෙදෙන්නෙක් නිසා, නිෂ්පාදනය අඩු වෙනවා. හැකියා ඇති හිතනවා ඇයි මම මහන්සිවෙන්නෙ කියලා. හැකියා නැති අය බලාගෙන ඉන්නවා කරන්න දෙයක් කවුරු හරි පෙන්වා දෙනතෙක්.

      අද ඇමෙරිකාවේ තත්වය ඒකයි. සමාජ සුබසාධන ප්‍රතිපත්ති විසින් ප්‍රතිලාභ බෙදා දීම වැඩි කරලා, දක්ෂකම් ඇති අය වෙතින් වැඩි බදු අය කරගනිද්දී එක්තරා කුළින්නයකට අද ඇවිත් තියෙන්නෙ. ආයෝජන අවදානම හා ශ්‍රම වෙහෙසට අනුව ලාභයක් සොයන්න බැහැ. එයාල පැත්තකට වෙලා නිහඬව ඉන්නවා. නිෂ්පාදනයක් නැහැ. අයෝජනයක් නැහැ. ඔබාමා ගිහින් ව්‍යාපාරිකයොන්ට කියනවා ආයෝජනය කරන්නලු. නිෂ්පාදකයෙක් ආයෝජනය කරන්නෙ ලාභ සඳහා. හොඳ හිත සඳහා නොවෙයි. හොඳ හිතෙන් බිල් ගෙවන්න බැහැ.

      රුසියාවේ, චීනයේ හා කියුබාවේ වුනේ ඒකයි. රජය හා රජයේ ගැත්තෝ සැප විඳිද්දී මා පමණක් දහදිය පෙරන්නේ ඇයි දැයි සිතන කම්කරුවෝ වැඩ කළේ නීතියට පමණයි. අද යුරෝපය මුහුණ පාන්නේ ද මෙයට. යුරෝපයට ආපු වැඩි ආගමන ශ්‍රමිකයෝ එතෙක් යුරෝපයේ වූ වෘත්තීය කැපවීම දත්තේ නැහැ. ඔවුන්ට තම රටවල ලැබුනේ නැති ඉහළ ප්‍රතිලාභ ලබා වැඩ නොකර ඉන් ජිවත් වෙන්නට ඉගෙන ගත්තා. එය දකින තරුණ යුරෝපීයයන් ද ඇයි අපි පමණක් වැඩ කරන්නෙ කියා ඔවුන් ද ප්‍රතිලාභ පාවිච්චියට ගියා. අන්තිමට ප්‍රතිලාභ ගන්න අය වැඩි. ලාභ සොයන වැඩ කරන්න කෙනෙක් නැහැ.

      නිෂ්පාදන වැය අවම කර ගැනීම ලාභ සොයන විදිය. ලාභ නැතිව නිෂ්පාදනය බැහැ. නිෂ්පාදනය නැතිව බදු ගෙවන්න බැහැ. බදු නොගෙව්වොත් ‍කවුද ප්‍රතිලාභ දෙන්නෙ? හැමෝටම ප්‍රතිලාභ දෙන්න කවුරු හරි ලාභ සොයන්නත් ඕනා.

      ලාභයක් නැති නිෂ්පාදනයක් වැය පිරිමහගන්නවා පමණයි.

  23. සුජීව said, on පෙබරවාරි 15, 2011 at 6:02 ප.ව.

    මේ ධනවාදයේ පතුරු හරින ඇත්තන්ට.

    පලවෙනි ම පේලියේ කිවයුතු ම දෙය මා ධනවාදියෙකු නොවේ. සාර්ථක වන බවට විශ්වාස නම ප්‍රායෝගික නම මා ඕනෑම වාදයක් පිලි ගන්න කැමතියි. පුද්ගලිකව මේ ආර්ථික මතවාද වල සම්මිශ්‍රණයක් තුලින් වඩාත්ම හොඳ දෙයක ලැබේ යයි මා හිතන්නේ.

    මා මින් පෙරත් කියූ පරිදි ධනවාදය කොහෙත්ම සුන්දර නැහැ. මින්සාගේ සැබෑ මිනිස්කමට අනුගත වෙන සියලු ආත්මාර්ථකාමී ගති ගුණ ඒ තුල තියෙනවා. හැබැයි එය ප්‍රය්ගික ක්‍රමවේදයක්. භාණ්ඩ හා සේවා සක්‍රිය කොට මිනිසුන්ට ජීවනෝපායක් සලස්වන ක්‍රමවේදයක්.

    සැමට සමාන ව සලකන ක්‍රමවේදයක් නොවේ. පිරිසිඳු ධනවාදය මහන්සි වීමත් බුද්ධිමත් වීමත් [ඇතැම් විට වාසනාවත්] මත ජයග්‍රහණය තීන්දු වන අසමමිතික ක්‍රමවේදයක්. එක උඩට දුෂිත හා වැඩ වසම් ගති ගුණ එකතු උනාම මේ නිර්නායකයන් වෙනස් වෙනවා. කොච්චර දුරකින් ද කියන එක නිර්ණය වන්නේ ඒ ඒ රටවල බලය හිමි ඇත්තන් අනුවයි.

    සැමට සමාන තත්වයක් දුන්න විට පළමුවෙන් ම හැමෝටම ඉන්න වෙන්නේ දුක විඳගෙන. මොකද මේ පොළොවේ සම්පත් මේ මහා මනුෂ්‍ය ගහනය “සැප” කියන ඉරෙන් ඔබ්බට ගෙනයන්න ප්‍රමාණවත් නැති නිසා. ඒ හින්දා සම සමාජයක් කියන්නේ සියල්ලන් දුප්පත් වු එකක්. දෙවනුව වැඩිපුර මහන්සි වෙන මිනිහත් ඉන්න ඕනේ ඔය වලේම නිසා, මිනිසුන් ගේ මහන්සි වීමේ උනන්දුව ක්ෂය වී යාම. ඒ තුලින් වන භාණ්ඩ හා සේවා අදාළ වීම සමග ආර්ථික පිරිහීම තවත් වැඩි වෙනවා. තෙවනුව මෙය පරිපාලනය කිරීමට පද්ධතියක් ඇවැසි වෙනවා. එක්කෝ මේක එක මතවාදී පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් කරන්න වෙනවා. එතොටයි බිහි වන්නේ මාක්ස්වාදේ වැඩවසම් ලක්ෂණ. මේ පක්ෂය හා කණ්ඩායම අන්‍යයන්ට වඩා ඉස්මති වෙනවා. ඔවුන් අත බලය තියෙන අතර ම ඔවුන් දුක විඳින්න කැමති නැහැ. උනන්දුව, මහන්සිය, ජවය මත පදනම වු ලාභය වෙනුවට පවුල, පක්ෂය, බලය මත ප්‍රමාණය තීන්දු වන වැඩ වසම් කොටාවලින් දුවන සමාජයක් බිහි වන්නේ.

    මා ලියුවේ මෙතෙක් අප දුටු සම සමාජයක් බිහි කරන ප්‍රයත්න වල දුර්වලතාවයන්. එසේම මා ධනවාදය ගත්තේ විසඳුමක් ලෙස නොව ප්‍රායෝගික පැවැත්මක් ලෙසයි. එය පැහැදිලිවම අසාධාරණ ක්‍රමවේදයක්.

    ඉතින් ධනවාදයේ පතුරු හරිනවා වෙනුවට කියන්න පුළුවන් ද ඔබ ඊට දෙන විසඳුම මොකද්ද කියලා. අරුණි පෙන්න දුන්න ලාභය මත පදනම වු ක්‍රමයේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය. මේක වෙනුවට ඔබ දකින විසඳුම මොකද්ද?

    එකම ඉල්ලීමක්. ඔබේ කතාවේ ගොඩ ගහන්න එපා මේ දේවල්: සංඛ්‍යාත්මකව ගත් කල නොකළ හැකි දේවල්, මිනිස් ගතිගුණ වලට පටහැනි ක්‍රියා, පරමාදර්ශී මිනිස් නායකයින්, සමාජයට දරා ගත නොහැකි වු ක්‍රියාකාරකම්.

    සාධාරණ උත්තරයක්‌ දෙයි කියා හිතනවා.

    • සුජීව said, on පෙබරවාරි 16, 2011 at 11:27 ප.ව.

      කියුබාව රැක ගැනීමට කොන්දේසි විරහිත ව ඉදිරිපත් වුනාට මේ වගේ කාරනාවක් පැහැදිලිකරන්න ඒ ටරං ලේසි නෑ වගේ.

      හිටි ගමන මෙතන හිටපු මාක්ස්වාදීන් අන්තරස්දාන වෙලා වගේ.

  24. CHEs friend said, on පෙබරවාරි 16, 2011 at 11:50 ප.ව.

    @අරුනි සොයුරිය,
    අක්කා දෑන් දනවාදී මජර දේශපාලනයේ(ලෝකපාලනය කිව්වත් හරි ස්වබාවය තේරෙන කෙනෙක් කියලා පෙන්නල තියනවා.සතුටුයි.
    ‘බ්‍රිතාන්‍ය අධිරා‍ජ්‍යයේ යටත් විජිතයක් ඇමෙරිකාව. බ්‍රිතාන්‍ය විසින් ඇමෙරිකාව සූරා කෑවා. 1764 දී සීනි පනතක් ගෙනැල්ල බදු ගැහැව්වා. 1765 දී මුද්දර පනත (ලියුම් යවන මුද්දර නොවෙයි, බඩු වලට ගහපු මුද්දර බද්දක්) 1766 දී අස් කරගත්ත විප්ලව නිසා, 1767 ආනයන බඩු සඳහා බදු, 1770 දී තේ හැරෙන්නට අනිත් ආනයන බදු අහෝසි කරගත්ත. ඒ හේතුව තමයි 1773 දී බොස්ටන් තේ පාටියේ අරගලය. ඇමෙරිකන්කාරයා නිදහස් අරගලයක් දිනුවා!

    1776 දී ඇමෙරිකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගෙන් නිදහස් වෙන්නෙ. 1787 දී ඔවුන් නිදහස් ඇමෙරිකාවක ව්‍යවස්ථාවක් අනුමත කරගන්නෙ. ඉතාම සතුටින් නිදහස් අරගලය දිනා ගෙදර ගිය හමුදාපතිවරයාව බැහැයි කියද්දීමයි ජනාධිපති කරගන්නෙ 1789 දී!!!”

    අක්කේ දනවාදී පරපීඩක ක්‍රමය ආරම්බවුනේ ඈමරිකාවෙන් නොවෙයි.ප්‍රාග් ඵතිහාසික යුගයේ සාමූහික සමාජ ක්‍රමය බිදහෙලලා පවුද්ගලික දේපල ක්‍රමය
    ඈතිඋන සෑනින් තමා ප්‍රබලයා විසින් දුබලයා මරාකන පන්ති ක්‍රමය ඈතිඋනේ.ඊටපස්සෙ මිනිස සමාජය පහුකරපු හෑමයුගයකම මේ පරතරය ඵහෙම්මම තිබුනා.
    පවුර රාජ්ය යුගය-පුරවෑසියා/වහලා
    රෝම යුගය-වහල් හිමියා/වහල්
    මද්යතන යුගය-නිදහස් වෑසියා/ප්‍රවේනි දාසයා
    කාර්මික විප්ලවය-නව දනපති/කම්කරු
    වශයෙන් මේ හූරාකන ප0තික්‍රමය තිබුනා.
    ඔන්න ඔය ආකාරයේ දී තමයි මහා බ්‍රිතාන්ය අදිරාජ්යක් ලෙස නෑගීඵ්න්නෙ.තමන් සතු ප්‍රබල නාවික බලය යොදාගෙන නව රටවල් සොයාගෙන ඵවා යටත්කරගෙන ඵරටවල් සතු සියලුම සම්පත් කොල්ලකා නිශ්පාදනයන් සිදුකර ඵම රටවලටම නෑවත ඵවා විකුනමින් ආර්තික බලය තරකරගත්තා.
    ඈමරිකාවේ රතුඉන්දියානු ස0හාරය,පසුව පදි0චිකල වුන පවා හූරාකෑම තමාඋනේ.මීට ඵරෙහිව තමා ජනපද කිහිපයක් ඵක්ව නිදහස් සටන අරබන්නෙ.1776ඈමරිකානු වියවස්තව සම්මතකර ස්වාදීන රාජ්යක් ආරම්බ කලා.
    පලමුවන ලෝකයුද්දයෙන් පසුව ඈමරිකන් ආර්ත්යිකය වර්දනය උනා.ඵ්කට ගොඩක්ම බලපෑවෙ ලෝකයුද්ද්යේදී දෙපාර්ශවයටම අවිආයුද විකුනමින්සිටි ප්‍රතිපත්තිය.දෙවන ලෝකයුද්දයෙන් පසුව මේතත්වය දෑඩිඋනා.සාම්ප්‍රදායික ප්‍රබලයින් වූ බ්‍රිතාන්ය,ජර්මන් බලවත්තු දුබලවුනා නමුත් දෙපාර්ශවයටම අවිආයුද විකුනමින්ද.අවසන් අවස්තාව වනතුරුම යුද්දයට මෑදිහත් නොවෙමින් සිටිනිසා අනෙක් රටවල ආර්තිකය විනාසවෙද්දි ඈමරිකන් ආර්තිකය තමා ඉතුරු උනේ.නවයටත්විජිත්වාදී ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තවත් දරුනු විදියට සිය ආර්තික බලයද ඵ හරහා දේශපාලන බලයද තරකරගත්තා.
    අන්තිමේදී USA තම දනපතින් පියා UKවූ පරදවා අදිරාජ්යවාදී මුල් පුටුවට පත්වුනා.
    ඔන්න ඔකයි අක්කේ අහි0සක ඈමරිකාව හූරාකන්නෙක් බවට පත්වුන ගමන්මග.

    • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 12:30 පෙ.ව.

      CHEs friend,
      මජර දේශපාලනය එසේ නම් සෝවියට් රුසියාව, කොමියුනිස්ට් චීනය හා කියුබාවේ පැවතියේ පරහිතකාමී දේශපාලනයක් ද? රටින් පිටවීමට තැත් කිරීම තහනම් ඇයි? රටින් පැන යාමට තැත් කළ අයට දඬුවම මරණය වුයේ ඇයි? යන්නට අවසර දෙනවා නම් අද කියුබාවේ බලය අල්ලා සිටි අය හැරෙන්නට එකදු පුරවැසියෙක් ඉතිරි වෙයි ද?

  25. CHEs friend said, on පෙබරවාරි 17, 2011 at 12:40 පෙ.ව.

    @අරුනි සොයුරිය,
    ඈමරිකාවේ අහි0සක කම ගෑන තමා කලින ඵක දෑම්මේ.දෑන් ඉතුරුටික.

    1.ඔයාලගේ දේශපාලුවෝ කරන වැඩ හදාගන්න ඔයාලටයි පුළුවන්. අපේ දේශපාලුවෝ අපි හදාගෙන අනිත් රටවලට ඇඟිලි ගහන එක නවත්තගන්නම්.
    විහිලුකරන්න ඵපා අක්කේ අවුරුදු150ක ලෝකයම හූරාකාපු ඈමරිකන් ක්‍රමය හදන්නද යන්නේ????කොහොමද???මොකද්ද වෑඩපිලිවෙල????
    ඈමරිකාව මෙච්ච්‍රකල් අනුගමනය කලේ සන්නද්දබුද්දි දේශපාලනයෙන්නේ.ඵ කියන්නේ මනසින හා අවියෙන බාදා විනාශකිරීම.මාටින් ලූතර් කෙනඩි සොයා ආපු උන්ඩය තමයි ඈමරිකාවේ විකල්ප මතදාරීන්ට දුන්නේ.ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය.
    2.ලෝකේ හොඳම ඇඳුම් මහන්න හැකියාව ඇති බව ඇත්ත. ඒත් ඒක නිර්මාණයක් නෙවේ. කර්මාන්තශාලාවක කොටස් කෑලි අමුණන කම්කරු රස්සාවක් පමණයි. මුදල වැඩියෙන් යන්නෙ ඇඳුම නිර්මාණය කරන්නාට හා ව්‍යපාරයට ආයෝජනය කරන්නාට. අදහස එයාගෙ හා අවදානම අරයාගෙ. ඒක වටහා ගත්ත දාට අපේ කෞශල්‍යතා ඇති දෑත් වලින් වැඩි නිර්මාණ බිහිවේවි. අනුන් එවන කෑලි අමුණන එක නැවතිලා.
    ල0කාවේ ප්‍රබල ආයෝජක උපාලි විජේවද්නට මොකද උනේ???
    ශේශ්ට දොස්තරවරයා සේනක බිබිලේ මහතාට මොකද වුනේ???
    ඔයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දනපතික්‍රමය 3වන ලෝඅකයේ රට්වල් වලට කවදාවත් නෑගෙන්න දෙන්නෑහෑ.
    ඵ ඈයි???ඵතකොට තමුන්ට කුනුකොල්ලෙට අමුද්‍රව්ය,ශ්‍රමය සහ ඉන්පසු වෙලදපල අහිමිවෙන නිසා.ඵ් නිසා උන් කරන්නේ ඵමරටවල දේශීය නිශ්පාදන දුරවල කරන ඵක.අපේ රටේ කෑලනි ටයර් වලට මොකද්ද දනවෑද්දො කලේ????
    කොටින්ම බිබිලේ දොඩම් ගෙඩ්ය පවා ඉතුරුකලේනෑහෑ.රටවල දේශීය නිශ්පාදන,නිශ්පාදකයො හීන්නූලෙන වනසන්නේ තමුන්ගේ නිශ්පාදන විතරක් ඉතුරුකරගන්න කිය
    න ඵක අපි දන්නව.ඊටප්ස්සේ අපේ අමුද්‍රවය හා ශ්‍රමය ම0කොල්ලකාලා ඔයාලට අඩුමිලට නිශ්පාදනද ඔයලගේ කාර්මිය නිශ්පාදනවලට අපේ රටවල්වල වෙලදපොලද ඉතුරුකරගන්න්වා.
    මේවගේ තුච්ච් උපක්‍රම වලින් තුන්වනලෝකයේ රටව්ල දේශීය ආර්තිකය වනසන ද්නවෑද්දො දෑන් අපිට කියනවා රට හදාගන්නලු.නිකන් අතපය බෑදල ලිදට දාලා හාදෑන් ඉතින් ලිද බොර නොකර ගොඩට වරෙන් කිව්ව වගේ තමයි.මේ රටවල බොරු දේශප්‍රේමී ඈමරිකන් ගෑති දේශපාලුවො බිහිකරන්නේ,බලය අරගන්න උපක්‍රම කියාදෙන්නේ CIA නේද???උන්ට නිවාඩුවට නවතෑන් පවා දෙන්නේ කව්ද???ඵ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදී වෑදිබන හොදයි ඵ් වගේම කුරුවල් වෙච්ච් ඔලුවක් තියන, නහයෙන් ඵහා ලෝකය පේන්නෑති අසරන පිස්සන්ට.
    ඵ් ලිව්වෙ 3වන ලෝකයේ රටවල ආර්තිකය න0වන්න ප්‍රජාතන්ත්‍රවාදී දනවෑද්දා දෙන උපකාර ගෑන.තව තියනවා, ටිකක් මේක කියවල හිතල බලන්නකො.ඉතුරු ටිකත් ලියන්නම් ටිකකින්.

    • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 3:26 ප.ව.

      CHEs friend,
      //අවුරුදු150ක ලෝකයම හූරාකාපු ඈමරිකන් ක්රකමය හදන්නද යන්නේ????කොහොමද???මොකද්ද වෑඩපිලිවෙල????//

      ඔබ නොදන්නවාට අද ඇමෙරිකාවේ දියත් වෙන ජනතා විප්ලව මෙසේය.

      පිටරට සිටිනා සෑම ඇමෙරිකන් හමුදා භටයෙක් ම නැවත ඇමෙරිකාවට ගෙන්නා ගැනීම. යෝජනාව රොන් පෝල් ගෙනෙන්නේ 2007 දී ඉරාකයෙන් හමුදාව ඉවත් කරන්න. දැන් ඊට කැමැත්ත දක්වා එකතු වෙන සංඛ්‍යාව දිනෙන් දින ම වැඩිවෙමින් පවතිනවා. ඒ හැරෙන්නට පිටරට පවතින සියළු ඇමෙරිකන් හමුදා කඳවුරු වසා දමා සියල්ලෝම කැඳවිය යුතුය සාකච්ඡාවට ලක්වනවා. http://www.fpif.org/articles/too_many_overseas_bases

      ඊ ළඟට පිටරටට යවන කර්මාන්ත ශ්‍රමය නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීම. යෝජනාව ව්‍යාපාර අයිතිකරුවන් වෙතින්.
      http://www.manufacturing.net/Articles-Bringing-Manufacturing-Back-To-The-USA-041009.aspx

      අද වාහන සඳහා 10% ක් එතනෝල් භාවිතය නීතිගතයි. විදුලි වාහන බහුල වෙමින් පවතිනවා. ඉන්ධන සඳහා අපට ඇමෙරිකාව තුලින් ම ගල් අඟුරු හා තෙල් පාවිච්චියෙන් ඉන්ධන භාවිතය අඩු කරන්න පිළිවෙත් දැනටමත් ක්‍රියාත්මකයි. http://www.msnbc.msn.com/id/40755238/ns/business-oil_and_energy/

      ඇමෙරිකාවේ ජීවත්වන අපි සඳහා ඇමෙරිකාවෙන් ම සියල්ල සොයා ගත්තාම, ඇමෙරිකන් ගැති පිටරට දේශපාළුවන්ට සල්ලි බිලියන ගණනින් තෑගි දෙන්න අවශ්‍ය නැති බව කියන ජනතාව විසින් මෙහෙ ඉන්න එය වැටහෙන්නෙ නැති දේශපාලනඥයන්ව ඉක්මණින් ගෙදර යවලා ඒක තේරේන කෙනෙක් ආවම තියාගන්නවා. යෝජනාව ලිබටේරියන් අදහස් ඇති අය වෙතින්. ඔවුන් පසුගිය මැද මැතිවරණයේ දී පාලනයේ සිටි අය ගෙදර යවා අළුත් පිරිසකට වාරයක් දෙන්න සමත් වූවා.
      http://www.blog2.tshirt-doctor.com/?p=5917

      ඔයාල කරන්නෙ මොකක් ද?

  26. CHEs friend said, on පෙබරවාරි 17, 2011 at 1:02 පෙ.ව.

    “යන්නට අවසර දෙනවා නම් අද කියුබාවේ බලය අල්ලා සිටි අය හැරෙන්නට එකදු පුරවැසියෙක් ඉතිරි වෙයි ද?”
    ඔය කියන කියුබාවෙන පෑනලා ආපු සරනාගතයො ටික කියුබාව ආක්‍රමනය ක්ලා නේද අක්කේ usa armyඵකයි ciaඵකයි ඵකක ඵකතුවෙලා.(bey of pig)
    ඵතකොට අකමෑත්තේන් ඉන්නව කියපු කියුබානු ජනතාව දුන්න පිලිතුර මොකද්ද???
    දකුනු වියට්නාම්යට ගොඩබෑහෑලා උතුර බේරගන්න ආවායි කියපු ඵකට මොකද්ද වියට්නාම් ජනතාව කිව්වේ????.රිදෙන්න දුන්නා නේද????ඈයි ඵ???
    ඔයාලගෙ බෙහෙත් සම්බාදක මෑද මුලදි සියගනන් කියුබානු දරුවො මෑරුනා.නමුත් දෑන් ලෝකේ හොදම සවුක්කය සේවය තියෙන රට.ඩෙන්ගු අතුරුදන් කරපු ඵකම රට.ඔයාලගෙ රටවල බෙහේත් කොම්පෑනි තම්යි මුලින්ම ලෙඩ නිශ්පාදනය කරලා මිනිස්සු මරවලා,ලෙඩකරලා අන්තිමේදී ඵ්කට බෙහේත හදලා විකුනන්නේ.නමුත් අපේ රටේ පසුගිය ඩෙ0ගු වස0ගතයේදී ඉතා අඩු මිලට BTIබෑක්ටීරියාව පවා දුන්නේ කියුබාව තමයි.ඔන්න වෙනස.
    ඵනිසා ප්‍රජාතන්තර්වාදී වෑදිබන කියාගෙන ඵන වල කෙරුවාව අපිට වඩා ඵරටවල් හොදට දන්නවා.අද කියුබාව අවට පස්සේ ගිය හයිටි,කොලොම්බියා,ඩොමිනිකන් වගේ රටවල් ඉන්න තත්වෙයි කියුබාව ඉන්න තත්වෙයි බලන්නකො අක්කේ.ඔයටන්ම තේරේයි.

  27. CHEs friend said, on පෙබරවාරි 17, 2011 at 1:05 පෙ.ව.

    “යන්නට අවසර දෙනවා නම් අද කියුබාවේ බලය අල්ලා සිටි අය හැරෙන්නට එකදු පුරවැසියෙක් ඉතිරි වෙයි ද?”
    ඔය කියන කියුබාවෙන පෑනලා ආපු සරනාගතයො ටික කියුබාව ආක්‍රමනය ක්ලා නේද අක්කේ usa armyඵකයි ciaඵකයි ඵකක ඵකතුවෙලා.(bey of pig)
    ඵතකොට අකමෑත්තේන් ඉන්නව කියපු කියුබානු ජනතාව දුන්න පිලිතුර මොකද්ද???
    දකුනු වියට්නාම්යට ගොඩබෑහෑලා උතුර බේරගන්න ආවායි කියපු US armyඵකට මොකද්ද වියට්නාම් ජනතාව කිව්වේ????.රිදෙන්න දුන්නා නේද????ඈයි ඵ???
    ඔයාලගෙ බෙහෙත් සම්බාදක මෑද මුලදි සියගනන් කියුබානු දරුවො මෑරුනා.නමුත් දෑන් ලෝකේ හොදම සවුක්කය සේවය තියෙන රට.ඩෙන්ගු අතුරුදන් කරපු ඵකම රට.ඔයාලගෙ රටවල බෙහේත් කොම්පෑනි තම්යි මුලින්ම ලෙඩ නිශ්පාදනය කරලා මිනිස්සු මරවලා,ලෙඩකරලා අන්තිමේදී ඵ්කට බෙහේත හදලා විකුනන්නේ.නමුත් අපේ රටේ පසුගිය ඩෙ0ගු වස0ගතයේදී ඉතා අඩු මිලට BTIබෑක්ටීරියාව පවා දුන්නේ කියුබාව තමයි.ඔන්න වෙනස.
    ඵනිසා ප්‍රජාතන්තර්වාදී වෑදිබන කියාගෙන ඵන USAවල කෙරුවාව අපිට වඩා ඵරටවල් හොදට දන්නවා.අද කියුබාව අවට USAපස්සේ ගිය හයිටි,කොලොම්බියා,ඩොමිනිකන් වගේ රටවල් ඉන්න තත්වෙයි කියුබාව ඉන්න තත්වෙයි බලන්නකො අක්කේ.ඔයටන්ම තේරේයි.

    • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 9:44 පෙ.ව.

      CHEs friend,
      ප්‍රාග් ‍ඵෛතිහාසික යුගයේ ආශ්චර්යයෙන් කුල්මත් වී තවමත් සිටින චේ ගේ යාළුවෝ ඔක්කොටම මෑත ඉතිහාසය හා අද තත්වය ගැන දැනුවත් කරන්නම්.

      ‍කියුබාවෙන් පැන එන බෝට්ටු ජනතාව කියුබාවෙන් පිටවෙන්නේ හසුවුවහොත් මරණ දඬුවම ලැබෙන බව දැන දැන ය. ජීවිතය පරදුවට තබා මුහුදු තරණයට නුසුදුසු බෝට්ටු වල නැඟී එන්නේ කියුබාවේ ‘ජනහිතකාමී’ පාලනයෙන් ‍ගැලවෙන්නට ය.

      ‘කොමියුනිස්ට් නොවන’ කියුබාවේන් පැන ගිය පිරිස මිලියනයකට අධික ය. අද කියුබාවේ ජනගහණය මිලියන 11 කි. කල්පනා කර බලන්න. මිලියන 80 ක් වසන ඊජිප්තුවේ 250,000 ක් ජනඝෝෂාව කරපු විප්ලවය එක්ක සංසන්දනය කරලා!!!!!

      1980 දී කියුබාවන් දස දහසක් ආර්ථික දුෂ්කරතා හේතු දක්වා පෙරූ රටේ සරණාගත බව අයැදූහ. එවිට ෆිඩෙල් රටින් පිට වන්නට කැමති අයට අප්‍රෙල් 15 – ඔක්තෝබර් 31 දක්වා කාල සීමාවක් දුන්නේ ය. බෝට්ටු වලට නැඟී රට හැර දා කියුබානුවන් 125,000 ක් මයාමි වෙත ආහ. ෆිඩෙල් හිරගෙවල් හා මානසික රෝහල් විවෘත කර එහි අයව එවා තිබුණි! ඔන්න ‘ජනහිතකාමී’ නායකයෙක්!! දුප්පත් ජනතාව බඩගින්නේ හඬද්දී මානසික රෝගීන්ට හා සිරකරුවන්ට සහනයක් දුන්න.

      පසුගිය වසර 10 දී ඔවුන්ට පැනලා යන්න බෝට්ටුත් නැහැ. එන්නෙ balseros කියන පාරු වල නැඟලා.

      ඉක්මන් වෙන්න එපා මෙහෙම එන්නෙ මජර ධනපතියෝ කියන්න. පුද්ගලික දේපල අයිතියක් (1959 සිට) නැති කියුබාවේ අද මජර ධනපතියෝ කොහෙන් ද?!!

      කියුබාවෙන් බෝට්ටුවෙන් පැනලා ආපු තැබෑරුම් මත්පැන් පෙරන්නෙකුගේ පුතෙක් ට ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නට හැකියාව අද ඇති බව ඔබ දන්නවා ද?

      ඇමෙරිකාවේ උපත ලද පමණින් පුරවැසිබව ලැබෙනවා. ලංකාවේත් නැහැ එහෙම මානව හිතවාදී නීතියක්.

      මාර්කෝ රූබියෝ උපදින්නේ ඇමෙරිකාවේ දී. තාත්තාගෙ රැකියාව තැබෑරුමක. අම්මාගෙ රැකියාව හෝටලයක කාමර සුද්ද කිරීම. ඔවුන් මජර ධනපතියෝ නෙමෙයි. එහෙත් මජර ධනවාදය ඇති රටක උපන් නිසා අද වයස 39 න් ඔහු ඇමෙරිකාවේ සෙනෙට් සභාවට එකතු වන දෙවන තරුණ වයසින් යුතු වූවා බවට පත්වෙලා ඉන්නවා. ඔහුට පෙර පවුලේ කිසිවෙක් දේශපාලනයේ යෙදුනේ නැහැ. ඔහු ධනපති පංතියකින් විවාහයක් කරගත්තේ නැහැ. ඔහු ජීවිතය ජයගන්නේ ඔහුගේ හැකියාවෙන්. එයට ඉඩ දෙන ‘මජර ධනවාදී’ පරිසරයක උපදින්නට ලැබීම නිසා පමණකින්.

      • kalpa said, on පෙබරවාරි 17, 2011 at 10:24 පෙ.ව.

        @ aruni
        ”කියුබාවෙන් බෝට්ටුවෙන් පැනලා ආපු තැබෑරුම් මත්පැන් පෙරන්නෙකුගේ පුතෙක් ට ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නට හැකියාව අද ඇති බව ඔබ දන්නවා ද?”
        ඔව් ඔව් කියුබාව අතහෑරලා ඈමරිකාවට අන්නේ ඵ්වගේ බඩු තමයි.
        කසිප්පුවො කුඩ්ඩො මුන්ට කියාපු රට ඈමකාව.
        ලෝක හොරාට සෙට්වෙන ප්‍රාදේසීය හොරු..
        ඈමරිකාවෙ කොහොමත් ඉන්නේ බහුතරයක් ඵ්0ගලන්තයෙන් පිටුවහල්කරපු අයියලගේ පෑටවුනෙ.

        • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 10:40 පෙ.ව.

          kalpa,
          මුලින් කියනවා ඉන්නේ සේරම ‘ධනවාදී දනවැද්දන්’ හා ‘මජර ‍ධනවාදීන්’ කියලා.

          කම්කරුවෙක්, දුප්පතෙක් ස්වඋත්සාහයෙන් තැනකට නැඟ්ගම ඌගෙ දක්ෂකම ගැන නෙමේ අවධානය යොමු කරන්නෙ. ඌගෙ තාත්තා දිවිගැට ගහගන්න කරපු රැකියාව ගැන.

          නීතියෙන් අනුමත මත්පැන් හලක, නීතියෙන් අනුමත රැකියාවක යෙදී මත්පැන් පෙරන රැකියාවක් කළා පමණින් ‘කසිප්පුවෙක්’ ‘කුඩ්ඩෙක්’ යයි ඔහුව පහත් කරන්නේ ඇයි?

          අනේ අපොයි මෙහෙම අය ද පරහිතකාමය හා සමානාත්මතා ගැන කියන්න හදන්නෙ?

      • sathyawadeya said, on පෙබරවාරි 17, 2011 at 12:17 ප.ව.

        අරුනි,
        ”ඔහු ධනපති පංතියකින් විවාහයක් කරගත්තේ නැහැ. ඔහු ජීවිතය ජයගන්නේ ඔහුගේ හැකියාවෙන්. එයට ඉඩ දෙන ‘මජර ධනවාදී’ පරිසරයක උපදින්නට ලැබීම නිසා පමණකින්.”
        සොයුරිය සුපිරි දනවාද්ය තියන රටවල ඵ්හෙම පොඩි චාන්ස් ඵ්කක් තියෙනවා.
        ඵ් දනවාදී ක්‍රමය ආදර්ශයක් ලෙස පෙන්නන්න.
        නමුත් සුපිරි දනපති රටවල් විසින් හසුරුවන ල0කාව වගේ පසුගාමී දනේශ්වර රටවල ඵ්හෙම ඵ්කකවත් නෑ.
        උදාහරනයක් විදියට අපේ රටේ ප්‍රාදේශීය සබා මෑතිවරනයට සාමාන්ය පාක්ශිකයන්ට අවස්තාවක් ඈත්තෙම නෑ.ඔන්න කුඩ්ඩෙක්,මෑරයෙක් වගේ උනොත් යම් චාන්ස් ඵ්කක් ගන්නපුලුවන්.

        • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 1:45 ප.ව.

          sathyawadeya,
          //සොයුරිය සුපිරි දනවාද්ය තියන රටවල ඵ්හෙම පොඩි චාන්ස් ඵ්කක් තියෙනවා.//

          කොහොම ද හිටපු ගමන් මෙතැනට ‘සුපිරි ධනවාදයක්’ ගෙනෙන්නෙ? එවැන්නක් අද කිසිම රටක පවතිනවා යැයි මෙම කතිකාවේ කොතැනක හෝ සංවාදයට ලක්වුනා ද?

          යමක් පිළිබඳ අදහස් විමසීමක දී සියල්ල අනාගන්නා විට මාතෘකාව පැහැදිලිතාවයෙන් තොර ය.

          නීතියෙන් අනුමත මත්පැන් විකුණා දිවිගැට ගහා ගැනීම ගැනට //කුඩ්ඩෝ// ඇදගත නොහැකි ය. මත්පැන් නීතියෙන් තහනම් නැත. මත්ද්‍රව්‍ය නීතියෙන් තහනම් ය.

          ඇමෙරිකාවේ //මජර ධනපතියන්// ගැන දෝෂාරෝපණය කරද්දී //සුපිරි ධනපති රටවල් විසින් හසුරුවන ලංකාව වැනි රටවල්// කතාවට ඇදගත නොහැකි ය. මෙතැන කතාව ඇමෙරිකාව වැනි //මජර ධනපති// හා කියුබාව වැනි තමන් කොමියුනිස්ට් නැතැයි කියා ගන්නා සමාජවාදී වූ පරහිතකාමී රටවල් ගැන ය.

      • CHEs friend said, on පෙබරවාරි 17, 2011 at 1:37 ප.ව.

        අරුනි අක්කා,
        ”කියුබාවෙන් පැන එන බෝට්ටු ජනතාව කියුබාවෙන් පිටවෙන්නේ හසුවුවහොත් මරණ දඬුවම ලැබෙන බව දැන දැන ය. ජීවිතය පරදුවට තබා මුහුදු තරණයට නුසුදුසු බෝට්ටු වල නැඟී එන්නේ කියුබාවේ ‘ජනහිතකාමී’ පාලනයෙන් ‍ගැලවෙන්නට ය.”

        1.ඔය කියන සිද්දිය මෑත අතීතයේ අපිට CNNඵ්කෙන්වත් අහන්න ලෑබුන්නෑහෑ.නමුත 90 දශකයේ මුල් බාගයේ ඔහම දෙයක් උනා.නමුත් අක්කෙ ඵ්ක පිටිපස්සෙ තියෙන ලේ වෑකි කතාව ඔයා හ0ගනවා.ඵනිසා මම කියන්නම්.

        90මුල් බාගයේ සෝවියට් කදවුර බිදවෑටුනට පස්සේ සමාජවාදී රාජය ජාලය බිදවෑටෙනව.මේ වෙලාවේ කියුබාව තනිවෙනව.ඉතින් අහි0සක ඈමරිකාව කරන්නේ මොකක්ද????
        බෙහෙත් ඈතුලු අත්යාවශ්ය දේවල් වලට දානවා සම්බාදක.රුසියාව නෑති නිසා සෑපයුමකුත් නෑ.මේන්න මේක ප්‍රතිපලයක් විදියට දරුවන්, මව්වරු, රෝගීන් සියගනන් මියයනව.ඊටපස්සේ ඈමරිකාව කරන්නේ මියාමි වල කියුබාව ඉලක්කකර පිහිටුවා තිබූ රූපවාහිනී මද්යස්තාන වලින් තමරටට ඵ්න ලෙස cubanජනතාවට පෑවසීම.නමුත් කියුබාව තම රට මස්වෑද්දාට බිලිදෙන්න සූදානම් නෑහෑ.ඔවුන් ඉතා ඉක්මනට ස්වාදීනව තමුන්ගේ සවුක්ය සේවය ගොඩනගනවා.අද ඔවුන් ඩෙ0ගු තුරන්කරපු ලෝකයේ ඵ්කම රට.නමුත් මේ අවදියේ පීඩනයට ඔරොත්තු නොදුන් පිරිසක් ඈමරිකාවට පලාගියා.ජාත්යන්තර මාද්ය(මේවා කාගෙ බඩුද කියල දන්නවනෙ ) දුන්න ලොකු ප්‍රචාරයක්.
        නමුත් පසුගියදා ඈමරිකාවේ ‘කත්‍රනා’ කුනාටුවෙදි විපතට පත්වුන අයට උදව්කරන්න මුලින්ම ආවෙ කියුබානු දොස්තරලා.ඔන්න ඔකයි අක්කේ උනේ.
        ද්නප්ති ක්‍රමය අනිවාරෙන්ම අබාවයට යනවා.මොකද මිනිසත් බවට ගෑලපෙන්නෑහෑ.නමුත් අපි කරන්න ඔනේ ඵ්ක ඉක්මන්කරන ඵ්ක.නෑත්නම් අපි වගේම තව පරම්පරා ගනනක් හූරාකනවා මුන්ගේ සෑප සදහා.
        මුන් හිතන්නේ 3වන ලෝකයේ රටවල් කියන්නේ මුන්ට මසට හදන ෆාම් කුකුල්ලු කියලයි.

        • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 2:40 ප.ව.

          CHEs friend,
          මම හිතුවේ සී.එන්.එන් වලින් ප්‍රචාරණය වෙන්නෙ CIA එකට අවශ්‍ය විදියට කියලා කිවිව බව කළින්!!! මෙන්න වසර 10 තුල දී කියුබානු සරණාගතයෝ රටින් පැනලා පාරුවලින් ඇමෙරිකාවට එන පින්තූර. හැබැයි ඉතින් ඒවාත් CIA වැඩ වෙන්නැති!!!
          http://www.google.com/images?hl=en&q=balseros&rlz=1R2SKPB_enUS345&bav=on.1,or.&wrapid=tlif129796743717110&um=1&ie=UTF-8&source=univ&ei=TGldTai9KMO78gbq-_GhCw&sa=X&oi=image_result_group&ct=title&resnum=4&ved=0CFAQsAQwAw&biw=1020&bih=457

          මෙන්න නෙදර්ලන්තයෙන් ප්‍රවෘත්තියක් මේ දිනවල කියුබාවේ උපවාසයක් කරන අය ගැන.
          http://www.rnw.nl/english/bulletin/two-dissidents-start-hunger-strike-cuba

          වැඩ කරන ටික දෙනෙකුගේ වෙහෙසින් පාලක පංතියේ බඩ වඩා ගැනීම සහ වැඩ නොකරන පක්ෂ හිතවාදීන්ට කන්න දෙන්න ගොසින් සෝවියට් රුසියාවේ ආර්ථිකය බංකොළොත් වූයේය. කියුබාවට වී ඇත්තේ ද එයම ය. මෙය ඔබ පිළිගත්ත ද නැත්ත ද ඉතිහාසය වෙනස් නොවේ. ඒවා ඒ අකාරයට සිද්ධ වී හමාර ය.

          බුෂ් පටන් ගත්, අද ඔබාමා අතින් සිද්ධ වන එය ඇමෙරිකාවට සිද්ධ වන්නට ඉඩ නොදී බේරාගන්න මහත් පිරිසකගේ වෑයමක් දියත් වේ. ඉන් එක පිරිසක් තේ පාටි සංවිධානය කියා තමන් ව හඳුන්වා ගන්නා අයයි.

          ලංකාවට //BTI බෑක්ටීරියාව පවා දුන්නේ කියුබාව// නොමිලේ දුන්නා යැයි ඔබ කියනවා නොවේ යැයි සිතමි. ඇමෙරිකාව විකුණන මිලට වඩා අඩු මිලකට විකුණූ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. කියුබාවට එසේ කළ හැකිය. පුද්ගලයෝ අයිතිකරුවෝ නොවන කල රජයට මිල තීරණය කළ හැකිය. ඇමෙරිකාවේ පුද්ගලික ව්‍යාපාරයන්ගේ භාණ්ඩ මිල රජය විසින් තීරණය කරන්නට තහනම් ය.

          දැන් මෙහි හරි වැරැද්ද ඔබ හිතනා අකාරයත් මා හිතනා ආකාරයත් වෙනස් වන්නේ මෙහෙමයි.

          රජය මිල තීරණය කරද්දී, තම පාක්ෂිකයනට වාසිවන හා අපාක්ෂිකයනට අවාසි සේ තීරණ ගනිති. රජය මිල තීරණ කරද්දී වැය පිළිබඳ අගැයුමක් නැත. රජය විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයේ නිෂ්පාදන වැය අලෙවි මිලෙන් පියවෙන්නේ නැත්නම් වෙනත් රජයේ ආදායමකින් එය පියවා ගන්නට රජයකට හැකිය. එහෙත් පුද්ගලික ව්‍යාපාරයකට එසේ නොහැකි ය. ඔවුනට නිෂ්පාදනයට වැය වූ මිල හා ලාභයක් යන දෙකම භාණ්ඩයේ මිලෙන් සොයාගැනීමට අවශ්‍යයය.

          රජයක් පාලනය කරද්දී ආර්ථිකයක් කඩා වැටෙන්නේ ඒ නිසා ය.

          ලාභය ගැන නොතකා, රටේ පාක්ෂික‍යන් හා පාක්ෂික පිටරට වැසියන් තුටු කරනු පිණිස ආර්ථික තීරණ ගැනීම නිසා ය.

          තවමත් වැටහුනේ නැත්නම් කළින් ලියූ නිෂ්පාදනය, වැය පියවීම හා ලාභය ගැන නැවත කියවන්න.

  28. mandu said, on පෙබරවාරි 17, 2011 at 1:38 පෙ.ව.

    සමාජවාදය කෝකත් තෙලය නෙමේයි.
    ඵත් මීනීමස්කන දනවාදයට වඩා ගොඩාක් හොද ක්‍රමයක්.
    බලන්න අපි,දවසම වෑඩකරලා මොනවද ලෑබෙන්නේ???
    නය වෙවී නේද දවස ගෑටගහගන්නේ.
    කොච්චර මහන්සිඋනත් කලකීරීමයි හතිවෑටීම්යි තමයි ඉතුරු.
    සාඩාරනයෙන හම්බකරන අපිට මෙහෙම උනාට අසාදාරන කපටි මහ උන්ට කොහොමද????
    නීතිය කාගේද????
    කවදරි අපේ දරුවන්ටත් මේ කල තමා යන්නේ නේද ක්
    ඉයල හිතනකොටත් බයයි.
    සූජීව ඔය ඔයා කියන හොද ඵ්වා ටිකක් හරි දනවාදී මේ ල0කාවේ තියනවාද කියල බලන්නකෝ.

    • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 9:04 පෙ.ව.

      mandu,
      //සමාජවාදය කෝකත් තෙලය නෙමේයි.
      ඵත් මීනීමස්කන දනවාදයට වඩා ගොඩාක් හොද ක්‍රමයක්.//

      ඔබ මේ නිගමනයට පැමිණියේ කෙසේ ද?

      • MANDU said, on පෙබරවාරි 17, 2011 at 12:38 ප.ව.

        aruni
        //සමාජවාදය කෝකත් තෙලය නෙමේයි.
        ඵත් මීනීමස්කන දනවාදයට වඩා ගොඩාක් හොද ක්‍රමයක්.//

        ඔබ මේ නිගමනයට පැමිණියේ කෙසේ ද?

        නෑවත කියමි.

        බලන්න අපි,දවසම වෑඩකරලා මොනවද ලෑබෙන්නේ???
        නය වෙවී නේද දවස ගෑටගහගන්නේ.
        කොච්චර මහන්සිඋනත් කලකීරීමයි හතිවෑටීම්යි තමයි ඉතුරු.
        සාඩාරනයෙන හම්බකරන අපිට මෙහෙම උනාට අසාදාරන කපටි මහ උන්ට කොහොමද????
        නීතිය කාගේද????
        කවදරි අපේ දරුවන්ටත් මේ කල තමා යන්නේ නේද ක්
        ඉයල හිතනකොටත් බයයි.
        සූජීව ඔය ඔයා කියන හොද ඵ්වා ටිකක් හරි දනවාදී මේ ල0කාවේ තියනවාද කියල බලන්නකෝ.

        • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 1:31 ප.ව.

          MANDU, නැවත කිව්වත් කියා ඇත්තේ අ‍ඳෝනාවක් මිස //මිනීමස් කන දනවාදය නැතිව සමාජවාදය වඩා සුදුසු බව පෙන්වන// නිගමනයක් කරා ආ හැටි නොවේ.

          කරුණාකර ඉහතින් පිළිතුරකට දැමූ සමාජවාදය ගැන නැවත කියවන්න.

    • kalpa said, on පෙබරවාරි 17, 2011 at 12:56 ප.ව.

      @aruni
      ”කම්කරුවෙක්, දුප්පතෙක් ස්වඋත්සාහයෙන් තැනකට නැඟ්ගම ඌගෙ දක්ෂකම ගැන නෙමේ අවධානය යොමු කරන්නෙ. ඌගෙ තාත්තා දිවිගැට ගහගන්න කරපු රැකියාව ගැන.”

      මම කියන්නේ සාදාරනව හම්බකරලා ඉහලට ආපු දහදිය සුවද හදුනන මිනිසුන් ගෑන නෙවෙයි.වෑරදි වෑඩ කරලා හම්බකරපු පොරවල් ගෑනයි.
      බලන්න දෙන්නම හම්බකෙරුවයි කියලා පොල් කඩලා දියුනු වුන මාටින් අයියයි කසිප්පු පෙරලා දියුනු වුන සයිමන් අයියයි සමාන කරන්න පුලුවන්ද????ඵ අතින් පොල් කඩපු සොයුරා කොච්චර වටිනවද???

      වෑඩේ කියන්නේ දනපතික්‍රමය කරන්නේ සාදාරනව හම්බකරන මිනිහගෙ කකුලෙන් ඈදලා අසාදාරන ඵකාට අත දෙන ඵ්ක.ඵ ඈයි????
      ඵකට හේතුවක් තියෙනව අක්කේ.ඵ් තමයි තමුන්ගේ දනපති ක්‍රමය ඉදිරීයට අරන්යන්න මේ වගේ රටවලින් අවශ්ය වෙන්නේ ඵවගේ පාදඩ මිනිස්සු.
      උන් තමා ප්‍රජාතන්ත්‍රවාදි(වියාජ )රටවල ඈමතිවරු නායකයො වෙන්නෙ. ජනතාවට ඉතින් අබසරනයි….

      • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 1:15 ප.ව.

        kalpa,
        //මම කියන්නේ සාදාරනව හම්බකරලා ඉහලට ආපු දහදිය සුවද හදුනන මිනිසුන් ගෑන නෙවෙයි.වෑරදි වෑඩ කරලා හම්බකරපු පොරවල් ගෑනයි.//

        මම පෙන්වූයේ //දනවාදී පරපීඩක ක්‍රමය// නිසා සාධාරණව හම්බ කරලා සාර්ථකත්වය ලැබූ අය වැඩියෙන් ඉන්න බව ගැනයි!

        //පොල් කඩලා දියුනු වුන මාටින් අයියයි කසිප්පු පෙරලා දියුනු වුන//

        සාමාන්‍ය පිළිගැනීමක් අරගෙන ආචාර ධර්මයක් එකතු කරන්න බැහැ. නීතියෙන් තහනමක් නැත්නම් ඒ දෙකින් කොයි එක කරලා දියුණු වුනත් වැරැද්ද කොතන දැයි ඔප්පු කරලා පෙන්වන්න. කසිප්පු පෙරීම හා කසිප්පු විකිණීම නීතියෙන් තහනම් නම් නීතිය කඩකිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. නීතියක් කඩකර නැත්නම් එහි ඇති ආචාර ධර්මය කඩ කිරීම කෙසේදැයි කියන්න ඔබට පුළුවනි ද?

        //වෑඩේ කියන්නේ දනපති ක්‍රමය කරන්නේ සාදාරනව හම්බකරන මිනිහගෙ කකුලෙන් ඈදලා අසාදාරන ඵකාට අත දෙන ඵ්ක.ඵ ඈයි????

        උදාහරණයකින් පෙන්වූයේ //දනවාදී පරපීඩක ක්‍රමය// නිසා සාර්ථකත්වය ලැබූ අයෙක් උදාහණයට දක්වා ක්‍රමය නිසා එහෙම වෙන්නෙ නැති බව!

    • සුජීව said, on පෙබරවාරි 17, 2011 at 1:03 ප.ව.

      @mandu;

      [[සමාජවාදය … දනවාදයට වඩා ගොඩාක් හොද ක්‍රමයක්]]

      ඔබේ ඉහත සඳහන් කියමන, ප්‍රායෝගික ව ඔප්පු කල හැකි ද?

      පොතේ තියෙන මුල ධර්මය හැටියට ධනවාදයත් බොහොම හොඳ ක්‍රමයක්. ක්‍රියාත්මක වෙනකොට මුල ධර්මයට මනුෂ්‍ය ස්වභාවය එකතු වෙනවා. එතකොටයි ප්‍රශ්න.

      [[බලන්න අපි,දවසම වෑඩකරලා … කවදරි අපේ දරුවන්ටත් මේ කල තමා යන්නේ]]

      පලමුවෙන් ම කියන්න මේවා සමාජවාදය තුල ඇති නොවන්නේද කියලා. දන්නා හැම සමාජවාදී රටක ම මේ වගේ ප්‍රශ්න තිබුනා. එයට වැඩිපුර තව ප්‍රශ්න එකතු වීමයි වුනේ.

      තර්කය උදෙසා මේ ඔක්කොම් ඔබ දකින විදිහට ධනවාදයේ වැරදි ලෙස පිලි ගනිමුකෝ. ඒත් ධනවාදය තුල මේ වැරදි ඇති නිසා කොහොමද සමාජවාදය හොඳ වෙන්නේ. ඒ ටික ඔබ කියලා නැහැ. සමහර විට සමාජවාදය මීටත් නරක වෙන්න බැරිද?

      [[මීනීමස්කන දනවාදයට]]

      සමාජවාදය ගැන කතා කරන කොට මට සිද්ධ වෙන්නේ එය අනුගමනය කල රටවල් මත පදනම වී කතා කරන්න. සමහරු මේකට විරුද්ධයි. සැබෑ සමාජවාදේ තියෙන්නේ අපි ළඟ විතරයි කියල කියන්නේ. ඒත් මං හිතන්නේ සැබෑ සමාජවාදෙට යන්න ලෝකේ හුඟක් රටවල් සාධාරණ උත්සාහයක් ගත්තා, ඒ නිසා ඒ රටවල් සමාජවාදීන් ලෙස සැලකීම වැරදි නැහැ කියලා.

      ඒ පදනම උඩ සමාජවාදයත් මිනිමස් කෑවා. එය බල පැවැත්වුණු මිනිසුන් ගනනේ ප්‍රතිශතයක් ලෙස සමාජවාදය කෑ එක පුද්ගල මිනිමස් ප්‍රමාණය වැඩියි කියා මට හිතෙන්නේ.

      නීතියත් තේරීමත් කේන්ද්‍රීය ව සුළු පිරිසක් අත තිබ්බා ම වැඩිපුර එක පුද්ගල මිනි මස කෑමක් සිදු වෙනවා. ලෝකය සමාජය කියන පොදු බුද්ධි ප්‍රභවය [emergent intelligence] හමුවේ තනි මිනිහෙක් හෝ කල්ලියක් ඉතා අඩු බුද්ධිමතුන්. එකයි සමාජවාදයේ එක දුර්වල කමක්.

      දෙවැන්න තමයි ක්‍රියාත්මක ක්‍රමවේදයක් නැති වීම. ඔබේ සිත සනසන්න “සමාජවාදය හොඳයි” කිව්වට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙසට එය හොඳ වෙන හැටි ඔබ පෙන්නා දීලා නැහැ. මින් පෙර මගේ සටහනේ අරුණිගේ සටහන ද උපුටා ගෙන මා පෙන්නා දුන්නෙ, ධනවාදය සාධාරණ නැතුවට ඉන් ජනතාවගේ ජිවන පැවැත්ම ඉහල ගොස් සමාජය පොදුවේ යහපත් වන හැටියි. මට පෙනෙන ලෙසට [හා මෙතෙක් අපි ඔක්කොම දැක්ක උදාහරණ අනුව] සමාජවාදය ක්‍රමයෙන් ජිවන තත්වය කාබාසිනියා කරමින් වල පල්ලට යන ක්‍රමයක්. සමාජවාදී කියා ගත් පක්ෂ පාලනය කරන රටවලින් ආර්ථික හා සමාජ ජිවිත යහපත් වු එකම රට චීනයයි. ඔවුන් එය කලේ පාලිත ධනවාදී ක්‍රමයකින් මිස සමාජවාදී සමුහ ගොවිපොළ, රාජ්‍ය කර්මාන්ත වගේ ක්‍රම වලින් නොවේ.

      [[සූජීව ඔය ඔයා කියන හොද ඵ්වා ටිකක් හරි දනවාදී මේ ල0කාවේ තියනවාද කියල බලන්නකෝ.]]

      ඔබ ධනවාදය කියන්නේ මොකද්ද? ඕනෑම වචනයක් සම්මුතියක් නිසා කැමති පරිදි එය අර්ථ දක්වන්න පුළුවන්.

      ඒත් ලෝකය පොදුවේ දකින විදිහට මෙය ලාභය හා ප්‍රාග්ධන ආයෝජනය මත පදනම වු ක්‍රමයක් පමණයි. සමාජවාදී නොවන සියල්ල ධනවාදී නොවේ. [ලෝකය පොදුවේ දකින විදිහට] වැඩවසම් ක්‍රමයන් ධනවාදී නොවේ.

      ලංකාවේ ක්‍රියාත්මක වන්නේ පාර්ශ්වීය ධනවාදයක්. හිතවත් කමට නෑ කමට ආයතන වලට විශේෂ සැලකිලි කරනා තුරු ධනවාදයේ යහ ගුණයන් ඉස්මතු වන්නේ කොහොමද? තරඟය හා තත්වය උසස් කිරීමට වඩා ලොක්කෙක්ගේ චන්දෙට සල්ලි ටිකක් දීම ලේසියි.

      හැබැයි සමාජවාදී නොවන සියල්ල ධනවාදියි කියා සිතන කෙනෙකුට අනුව මේ ඔක්කොම [කොටින් ම මේ මුළු ලෝකෙම] ධනවාදයේ අහිතකර පලවිපාකයක්. ඉතින් මෙතෙක් නුපන් සමාජවාදය වෙනුවෙන් සිහින දකින්නේ කිසිම පදනමක් නැතුව.

      [[සාඩාරනයෙන හම්බකරන අපිට මෙහෙම උනාට අසාදාරන කපටි මහ උන්ට කොහොමද]]

      ඇත්ත තමයි. ඒත් විසඳුම මොකද්ද? ඒ කපටි මහා එවුන අල්ලාගෙන, උන බිහි කල අපේ වැඩ පොළවල් කොල්ල කාල, ඒවා අපේම පරිපාලනයකට යට කිරීම ද? ඕක තමයි ලෝකේ හැම තැනම සමාජ වාදීන් කලේ. ප්‍රතිපලය වුනේ ඒ පරිපාලකයින් ඊටත් අන්ත සුරාකෑමක් අරගෙන ගිය එක. ඒ මදිවට හරි තේරුමක් නැති කම නිසා ඒ ආයතන ව්‍යුහයනුත් වනසා දැමීම.

      හරියට ලංකාවේ තේ ජනසතුව වගේ. සුද්දගේ සපත්තුවෙන් තේ වතු බේරගත්ත එක හොඳයි ඒත් ඔය කල විදිහ හරිද? අන්තිමට තේ වගාව ගැන හාන්කවිසියක් නොදත්ත නව කළමනාකරණය එය වනසා ගත්ත.

      සමාජවාදය පෙන්නන අඩු පාඩු සාධාරණයි. නගන ප්‍රශ්නත් සාධාරණයි. දෙන විසඳුම පමණක් අවුල්. ටිකක් නොවේ හොඳටම.

      දැන් තත්වය හොඳටම අවුල් ය. ඒ නිසා සමාජ වාදී වන්න කිව්වට සමාජවාදය මේ අවුල ලිහන හැටි හෝ එය කිරීමේදී මිට වඩා අවුල් ඇති නොවන හැටි පෙන්නලා නැහැ.

      විප්ලවෙන් පසු they all lived happily ever after කියල හිතා ගන්න වෙනවා. ඒත් වැඩේ පටන් ගන්න එතන ඉඳලා. විප්ලවේ ලේසියි පාලනයයි අමාරු.

      නැවතත් ඉල්ලා හිටින්න තියෙන්නේ මේ සමාජවාදී ක්‍රම වේදයෙන් ඔබ පෙන්නා දෙන අඩුපාඩු නැතිවන හැටි කියා දෙන්න කියන එකයි.

      ස්තුතියි උත්තරයක්‌ දුන්නට.

  29. kalpa said, on පෙබරවාරි 17, 2011 at 12:33 ප.ව.

    කුඩ්ඩන්ට සර් කියන්න වුන රටක අපි ඉන්නෙ.
    කවදාවත් පරහිතකාමී මිනිහෙක් නෑතිබෑරඉකමට කියලා අනුන්ට විස විකුනන්නෑහෑ.
    ඵ්ත් ඵ්යාලව දිවිගෑටගහන්න ඵ් දේවල් කරන තත්වයට පත්වුනා කියලා ඔයා පිලිගත්තඵක වටිනවා.අද ල0කාව වගේ 3වන ලෝකයේ දනේශ්වර රටවල කුඩ්ඩන්ව රකින්නේ කවුද ???දේශපාලුවො??ඵතකොට කවුද දේශපාලුවන්ව රකින්නේ????දනපති මස්වෑද්දා අප්‍රිකාවේ දරුවො කුසගින්නේ මෑරෙනකොට පාන්පිටි මුහුදුබත්කරන ඈමරිකාව නෙවෙයිද????

    • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 1:29 ප.ව.

      kalpa,
      පරහිතකාමීත්වය හා මත්පැන් විකිණීම අතර සම්බන්ධයක් නැත. මත්පැන් නිකම් දෙන්නේ නම් පරහිතකාමී යැයි කියන්නට පුළුවන!!!

      //ඵ්ත් ඵ්යාලව දිවිගෑටගහන්න ඵ් දේවල් කරන තත්වයට පත්වුනා කියලා ඔයා පිලිගත්තඵක වටිනවා.// නැත එවැන්නක් මා පිළිගත්තේ නැත. මා කියූ දෙය, නිදහස කුමක් දැයි නොදන්නා ඔබට නැවත පැහැදිලි කරන්නම්.

      ඔහු විකුණුවේ නීතියෙන් විකුණත හැක්කක්. ඔහු විකුණුවේ නීතියෙන් මිල දී ගන්නට අවසර ඇති අයට. ඔහු කාටවත් ඔළුවට තුවක්කුවක් එල්ල කර මත්පැන් මිල දී ගෙන බොන්න යැයි කිව්වේ නැහැ.

      / අප්‍රිකාවේ දරුවො කුසගින්නේ මෑරෙනකොට පාන්පිටි මුහුදුබත්කරන ඈමරිකාව නෙවෙයිද????//

      ඇහින් දැක්කා වගේ කියන මෙය ඔබ පුන පුනා කියතත් එය ඔප්පු කරන මූලාශ්‍රයක් පෙන්වන්න.

      අපි පාන්පිටි විසි කළේ අප්‍රිකාවේ ඉඩි අමින් නායකයෝ මිනී මස් කද්දී ද?

      • kalpa said, on පෙබරවාරි 17, 2011 at 1:55 ප.ව.

        @aruni,
        ”ඔහු විකුණුවේ නීතියෙන් විකුණත හැක්කක්. ඔහු විකුණුවේ නීතියෙන් මිල දී ගන්නට අවසර ඇති අයට. ඔහු කාටවත් ඔළුවට තුවක්කුවක් එල්ල කර මත්පැන් මිල දී ගෙන බොන්න යැයි කිව්වේ නැහැ.”
        අනේ පවු.මේ වගේ මිනිසාට අහිතකර නිශ්පල බාන්ඩ,අවශ්යතාව්ය කෘතිමව ඈතිකරල හරි, දෙන්නෙ කොහොමද කියලා USAඔයාලගෙ කොල්ලකාරී අලවිකරන්යේදී උගන්නන්වා නේද????මතකනෙ සුද්දා අපේ රටට අරක්කු පුරුදුකරපු හෑටි.මුලින්ම නිකන් තමා දුන්නේ.දෑන් කොහොමද අතේ තියන දේත් විකුනල බොනවා.ඔන්න
        2.”අපි පාන්පිටි විසි කළේ අප්‍රිකාවේ ඉඩි අමින් නායකයෝ මිනී මස් කද්දී ද?”
        මම පිටි කන්න දෙන්න කිව්වෙ ඉඩි අමින්ට නෙවෙයි අක්කේ,අප්‍රිකාවෙ අහි0සක දරුවන්ට.
        අනික ඉඩිඅමින් කියන්නේ කවුද royal armyරෑජිනගෙ ඵ්කේ හිටපු,හෑම නිවාඩුවටම scotlandවලට ඵ්න නියම CIAබඩුවක්.

        • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 2:50 ප.ව.

          kalpa,
          අරක්කු හදන හැටි කියලා දීලා, කසිප්පු පෙරන්න පුරුදු කරපු සුද්දා එන්න කලින් කිතුල් රා එහෙම තියෙන්නත් නැතුව ඇති.

          කෝ මූලාශ්‍රය? හොයාගෙන ඇවිත් ඒ ගැන කතා කරමු.

  30. CHEs friend said, on පෙබරවාරි 17, 2011 at 2:16 ප.ව.

    අරුනි සොයුරිය,
    ”මම පෙන්වූයේ //දනවාදී පරපීඩක ක්‍රමය// නිසා සාධාරණව හම්බ කරලා සාර්ථකත්වය ලැබූ අය වැඩියෙන් ඉන්න බව ගැනයි!”
    ලොකයේ දනපති ක්‍රමය අනුගමනය කරන රටවලින් 85% පසුගාමී දනේශ්වර රටවල්.(විවිද උපක්‍රම වලින් අසරන කරන ලද 3වන ලෝකයේ රටවල්)
    මේ ව්ගේ රටවල් වල සාදාරනත්වය තියේන්නේ නීති පොතේ විතරයි.ක්‍රියාත්මක වෙන්නේ ආන්ඩුකරන දේශීය දනපතියන්ගේ කෑමෑත්ත.රාජය මාෆියාව තමයි පාලනය ගෙනයන්නේ.ජනතාව චන්දෙ දානව විතරයි.දුප්පත් ප0තියේ මිනිහට කකුලෙන් ඈද ඈද පාලක ප0ත්යියේ පාදඩයන්ට තමා හෑම දේකටම නිදහස තියෙන්නෙ.ඈත්ත්ටම දෑන් ල0කාවෙ වියාපාර කරනවනම් පොඩි මිනිහට මාර අමාරුයි.ටෙන්ඩර් ගන්න නම් ජරාව දෙන්න ඔන,කප්පම් දෙන්න ඔනේ,දේශපාලුවන්ට හිතහොඩින් තියාගන්න දොල පිදේනි දෙන්න ඔනේ.
    ඔකටද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අක්කේ???
    න්මුත් කුඩුකාර හොරුන්ට කොහොමද???මේ සාමාන්ය තත්වය.නමුත් අක්කේ මේ තත්වය උග්‍ර වුන පලාත්වල සාමාන්ය මිනිහෙක්ට බුලත්විට කඩයක් දාන්න වත් බෑරි තරමට ප්‍රජාතන්ත්‍රවාදය ලෑබිල තියනව අපිට.

    • arunishapiro said, on පෙබරවාරි 17, 2011 at 2:44 ප.ව.

      CHEs friend,
      ඇමෙරිකාවේ //මජර ධනපතියන්// ගැන දෝෂාරෝපණය කරද්දී //පසුගාමී දනේශ්වර රටවල්// කතාවට ඇදගත නොහැකි ය. මෙතැන කතාව ඇමෙරිකාව වැනි //මජර ධනපති// හා කියුබාව වැනි තමන් කොමියුනිස්ට් නැතැයි කියා ගන්නා සමාජවාදී වූ පරහිතකාමී රටවල් ගැන ය.

      • CHEs friend said, on පෙබරවාරි 18, 2011 at 12:29 ප.ව.

        @අරුනි සොයුරිය,
        ඈයි බෑරි?????
        දනවාදය කියන්නේ ඈමරිකාවෙ තියන ඵකක් විතරක් නෙවෙයිනෙ අක්කෙ.දනවාදය නිසා නියම ප්‍රතිපල ලෑබිල තියෙන්නේ අපේ වගේ රටවලට.දනවාදය නිසා දුක්විදින සියගනනක් 3වන ලෝකයේ රටවල් අමතක කරල,ඵ රටවල් හූරාකන අතලොස්සක් අදිරාජ්ජ්යවාදී රටවල සෑප දිහා විතරක් බලලා දනවාදය හොදයි හොදයි කියියන්න තරම් අදබාල වෙන්න ඔනද අපි?????

        • arunishapiro said, on පෙබරවාරි 18, 2011 at 2:25 ප.ව.

          CHEs friend, බැරි මේ නිසා ය.
          ඔබ මෙසේ කියයි: //ලොකයේ දනපති ක්රදමය අනුගමනය කරන රටවලින් 85% පසුගාමී දනේශ්වර රටවල්.(විවිද උපක්රසම වලින් අසරන කරන ලද 3වන ලෝකයේ රටවල්)//
          ලංකාව ධනවාදී රටක් යැයි සිතාගෙන සිටින ඔබ, මම රා හා තෙලිජ්ජ අතර වෙනස නොදන්නවා සේ, ධනවාදී රටවල් මොනවා දැයි නොදන්නේ ය!!!

  31. kalpa said, on පෙබරවාරි 18, 2011 at 12:19 ප.ව.

    aruni,
    ල0කාවෙ ඉතිහාසය ගෑන දෑනුම තමා ඔය පෙන්නන්නෙ.
    අපේරටේ රා කිව්වට රා ආවෙ මෑත කාලෙ,කලින් තිබ්බේ තෙලිජ්ජ තමයි.
    ඵ් කියන්නේ මල කපපු ගමන් වෑස්සෙන ද්‍රාවනය.
    ඔක ගොඩක්ම ගතතේ මත්ද්‍රවයක් විදියට නෙමෙයි.දවසපුරා වෑඩකරපු සි0හල ගෑමියන්ගෙන් කිහිපදෙනෙක්,ඈගේපතේ රුදාවට ගත්ත පානයක්.ගම්වල හිටපු ගොඩක් සි0හලයො මේකත් පිලිකුල් කලා.
    නමුත් මේකේ මත්වෙන ප්‍රතිශතය ඉතාම අඩුයි.කොටින්ම බඩේ රුදාවට දරුවන්ට ලබාදුන්නේ තේලිජ්ජ.
    නමුත් සි0හල ජාතියේ අසාමාන්ය කායශක්තිය දුර්වල කරන්න සුද්දා ගෙනාපු අරක්කු කියන්නේ වෙනස්ම දෙයක්.ඉතම සෑලසුම්සහගත්ව අරක්කු අපේ රටේ පතුරුවාහෑරලා කරපු විනාශය ගෑන මම අමුතුවෙන් ලියන්න ඔන නෑනේ.
    අරක්කුයි තෙලිජ්ජි සමාන කරනව කියන්නේ බුලත්විටයි ග0ජයි සමාන කරනවා වගේ තමයි.

  32. kalpaT said, on පෙබරවාරි 19, 2011 at 3:51 පෙ.ව.

    දනවාදී කියන්නේ ඈමරිකාව විතරද????
    ඵයාලා අපේ ව්ගේ රටවල් හූරගෙන කාලා නෙ ඔය සෑප විදින්නේ.අපේ ශ්‍රමය අපේ සම්පත් උන්ගේ කපටි මොලය උන්ට සෑප.

    ඔයා දනවාදය වර්නන කරන්නෙ අන්දයො අලියගෙ හෑඩරුව කිව්ව වගේ තමයි.
    ඈමරිකවෙ සෑප පෙන්නලා දනවාදය හොදයි කිව්වම හරිද????
    ඵතකොට වගේ USA,UK අතලොස්සක් අදිරාජ්යවාදීරටවල් හූරාකන අපේ වගේ 3වන ලෝකයේ රටවලට දනවාදයෙන් වෙන විනාසය ට වගකියන්න ඔනේ කවුද??????

    • arunishapiro said, on පෙබරවාරි 19, 2011 at 9:32 පෙ.ව.

      kalpaT,
      ධනවාදී රටවල් සූරා කනවා කියල පුන පුනා කියනා අය, ධනවාදී රටවල් බලහත්කාරයෙන් කඩා වැදී තම රටවල සම්පත් අද ලෝකයේ එසේ සූරා කන්නේ කොහොම දැයි තවමත් පෙන්වා නැත. තමන් තෝරා පත් කරගත් නායකයන්ගේ අඩුපාඩු ගැන කතා කළාට ඔවුන් පහ කර දමා හොඳ නායකයෙක් තෝරා ගන්නට තමනට ඇති අයිතිය ගැන කිසිවක් නොකරති. තම තමන්ම පත් කරගන්නා නායකයන්ට කත් ඇද, පිට කසා, තම තමන්ගේ බඩ වඩාගෙන ජීවත් වෙන ගමන් ධනවාදය සූරා කනවා යැයි කාගේ පිටින් හරි වරද පටවති.

      ඇමෙරිකාව ජපානයට ගිහින් පරමාණු බෝම්බ දමා ආවේය. ඇමෙරිකාව බෝම්බ දමා ජර්මනියේ වීදි සුන්නත් දූලි කළේය.

      ඇමෙරිකාවට ජපානය හා ජර්මනිය යටත්විජිත කරගන්නට එදා හැකියාව තිබුණි. එහෙත් ඇමෙරිකාව අධිරාජ්‍යවාදී යයි කියනා අයට ඒවා යටත්විජිත නොවූයේ මන්දැයි වැටහෙන්නේ නැත.

      ජපානය පසුගිය මාස 12 තුල දී වෙළඳ ගණුදෙනු ඉතිරිය (trade balance) බිලියන +91.9 ක් ජපානයට ලැබී තිබුණි.

      ජර්මනිය පසුගිය මාස 12 තුල දී බිලියන +211.6 ක වෙළඳ ගණුදෙනු ඉතිරියක් උපයා ඇත.

      (දත්ත ජනවාරි 1, 2011 ද ඉකොනොමිස්ට් සඟරාවෙනි)

      සුන්නත් දූලි වී ගිය රටවල් නැඟී ඇත්තේ ඇමෙරිකාවට බැන බැන අපිව සූරා කනවා කියමින් අඳෝනාව පමණින් අනුකරණය කරන්නෝට පඩි වැඩි කරන්න ඉල්ලීමෙන් නොව නිෂ්පාදනයේ නිරත වීමෙනි.

      ඇමෙරිකාව පමණක් නොවේ, ජපානයත් ජර්මනියත් ධනවාදී ක්‍රම ඇති රටවලයි.

  33. CHEs friend said, on පෙබරවාරි 19, 2011 at 6:51 පෙ.ව.

    අරුනි සොයුරිය,
    දනවාදයට ආවඩන ඔයාලගෙ ග්‍රාමය කතා වලට හිනා යනවා.

    ”මම හිතුවේ සී.එන්.එන් වලින් ප්‍රචාරණය වෙන්නෙ CIA එකට අවශ්‍ය විදියට කියලා කිවිව බව කළින්!!! මෙන්න වසර 10 තුල දී කියුබානු සරණාගතයෝ රටින් පැනලා පාරුවලින් ඇමෙරිකාවට එන පින්තූර. හැබැයි ඉතින් ඒවාත් Cඓඇ වැඩ වෙන්නැති!!!”

    හොදයි දනවාදය හා ඵයාලගේ ප්‍රදානම අවියක් වෙන මාද්ය ගෑන අක්ක දන්නෙම නෑ වගේ.
    අක්කේ දනවාදී ක්‍රමය හරියට බූවල්ලේක් වගේ.
    ජාතික ආගමික කුලමල වගේම මාද්යත් යොදාගන්නවා,මොකද හුදෙක් ලාබයම ප්දනම්කරගත් මස්වෑද්දට සදාචාර සීමා නෑනෙ.
    ඉත්යින් මිනිස්සුන්ගෙ ඔලු අවුල්කරන්න,ඈත්ත් නෑත්ත කරන්න වගේම ඈත්ත් යටගහන්න හොදම අවියක් තමයි මාද්ය.බලන්න අද අපේ රට, අර තරු මේ තරු මවමව තරුන පරපුර තාවකාලිකව සිහිනලෝකවල අතරමන්කරන්න මේ අය වෙන මහන්සිය.ඵකෙන් ඵ්යාලගෙ දනපති කොල්ලකාර දේශීය හාම්පුතුන්ට තමා වාසිය.කුඩා දරුවගෙ ඉදන් මහල්ලා දක්වා මාද්ය මායාවට ඈබ්බෑහි කරගෙන රසබාවයක් නෑති,ගවේශනයක් නෑති, තමුන් පෙන්නන දේම බලන අන්තිමට තමුන් කියන දේම අහන මොට්ටපාලා පරපුරක් හෑදීමේ සත්කාරයට තමා රාජ්ය වගේම පවුද්ගලික මාද්යත් අතගහල ඉන්නේ.
    අද බලන්න මාද්ය ජනතාවට තොරතුරු දෙන විදිය වෑරදිකරන නිලදාරින් පට්ටගහනව.
    ඵත් ඵයාලව පත්කරපු රකින හවුල්කාර දේශපාලුවන් ගෑන කෙල පොදක් හෙලන්නෑ.මේකේන් ජනතාවට ඵත්තුගන්වන්නේ මොකද්ද සමස්ත ක්‍රමයේ වෑරෑද්දක් නෑත කියන දේ නේද???මේ උදාහරන් ඵ්කක් පමනයි.මේවගේ සියුම් උපක්‍රම යොදාගේන ජනතාව චින්තනමය වහලුන් කරන්න තමා උන්ගේ මාද්ය කෑපවිලා ඉන්නේ.
    CNN.BBCකියන්නේ ල0කාවේ ITNවගේ අන්තර්ජාතික වශයෙන් දනවෑද්දට කඩේ යන තෑන නෙ.ඔයා ඉතින් සාදක ඉල්ලන නිසාම මම ඵකක් දෙකක් ලියන්නම්.
    ඉරාකේ ඈෆ්ගනිස්තානේ ලක්ශ 5කට වඩා සිවිල් වෑසියන් මෑරුවා ඈමරිකාව.නමුත් මේ මාද්ය ඵවා සම්බන්දව ක්‍රයාකරපු විදියයි අපේ වීරෝදාර රනවිරුවන්ට යුද අපරාද චෝදනා කරන්න මහන්සි වෙන විදියයි බලන්නකො.
    ඔය වගේ දනපති මාද්ය කොහොමත් වෑඩකරන්නේ වමට විරුද්දව තමා.මොකද දුප්පත් රටවල් ම0කොල්ල කාලා ඈමරිකාව හූරාකන දනයෙන් තමයි ඵයාලව නඩත්තු කරන්නේ.සියලු සෑප සම්පත් දේන්නේ ඵකෙන්.ඉතින් CNNඵක USAගෙත් USA CNNගෙත් පිටකසාගෑනීම පුදුමයක් නෙවෙයි.මේක තමා නින්දිත දනපති ක්‍රමය.
    මම දනවෑද්දන්ගේ හා ඵයාලගේ මාද්ය බාවිතයට උදාහරනයක් දෙන්නම්.
    මීට වසරකීපයකට කලින් ඈමරිකාවේ ස0විදනය කියුබානු සම්බවය සහිත ඵ්ජන්තයෙක්ව ඵවනවා කියුබාවට.මේයා ඉන්නේ ආබාදිතයෙක් වගේ වෙස්වලාගෙන.ටිකකාලයක් නිහඩව ඉන්න මේ කාරයා ගහනවා කවි පොතක් කියුබානු පාලනය විවෙචනය කරලා.මේයා බලාපොරොත්තු වෙන්නේ ඵකේන් මෙයාව අතඩ0ගුවට ගෑනීම.නමුත් ඵහෙන නොවුනු තෑන මේයා කරනවා සුලු වෑරදි කීපයක්.දෑන් පොලිසිය අත් අඩ0ගුවට ගන්නවා මේයාව.
    මෙන්න මේ අවස්තාවේ ඈරබෙනවා දනවෑද්දාගේ මාද්ය මේහෙයුම.
    CNN,BBC,FOX,VOA…….මාද්ය ඵජන්තයො දවස්ගනන් පට්ටගහන්නේ මොකක්ද????කියුබානු ක්‍රමය විවේචනය කල අහි0සක ආබාදිත කවියෙක් අත් අඩ0ගුවේ වශයෙන, දිනගනන් දෙනවා මාද්ය මේහේයුම.
    මීටපිලිතුරු වශයෙන් ඵරට් රජය මේ පුද්ගලයාගේ වයිද්ය වාර්තා පවා ඉදිරිපත්කරනවා.නමුත් ඵවා නොසලකා දිගින්දිගටම ජඩමාද්ය බෑස්ටිය දේනව කියුබාවට.
    මේන්න මේ අවස්තවෙ කියුබාව රදවනවා රහස් කෑමරාවක් මෙයාගෙ සිරමෑදිරියෙ.
    මොනවද මේකෙ පටිගත වෙන්නේ, ආබාදිතයි කියපු බුවා මහ රෑ වියායාම කරන දර්ශන.
    මේ සිද්දියේදි හොදට ඈමරිකාවෙ ආන්ඩුව හා මාද්ය ලෝකය මෑද නිරුවත් වෙනවා.(ඵත් ගානක් නෑ 1945 ඉදන්ම ලොකය මෑද නිරුවතින් නටන ඵකාට ඔක මොකද්ද?)
    ඉතින් අක්කේ මම කියන්න උත්සාහකලේ ක්‍රමය ජාලගතයි.ඵකට ඵක බෑදිලා දනවාදය කියන්නේ USAආන්ඩුව විතරක් නෙවෙයි.
    මේක අපි තේරුගන්නකම් ගොඩඵමක් නෑ.හූරාකෑමට ලක්වෙනවම තමයි.
    මේක ඉතා පෑහෑදිලිව කෙටියෙන් හොදටම පෑහෑදිලි කරලා තිබුනා ඔයාගේ ”කොමියුනිස්ට් බලතන්හාදිකයින්” වෙතටයි ලිපියේ දාලා තිබුන FRANKසොයුරාගේ COMMENTඵකකින්.

    • arunishapiro said, on පෙබරවාරි 19, 2011 at 9:48 පෙ.ව.

      CHEs friend,
      ධනවාදය වැරදියි කියනා ඔබලා ඔබ රටේ ඒ වැරදි අනුකරණය කරන අයගේ නිෂ්පාදනයට සහාය නොදෙන්නේ නම් ඔවුන් තව දුරටත් නිෂ්පාදනයේ යෙදෙයි ද?

      අරක්කු වලට ඇබ්බැහි කරගත්තා හා මාධ්‍යයට ඇබ්බැහි කරගත්තා කියා අඳෝනා කියනා ඔබ ඊට මිනිසුන් ඇබ්බැහි වූයේ ඔවුන්ගේ ඔළු වලට තුවක්කු එල්ල කර නොවන බව නොදිකියි.

      මිනිස්සුන්ට කැමති නම් අරක්කු බොන්නත්, කැමති නම් අපුල්‍ය මාධ්‍යය නරඹන්නටත් ඇති අයිතිය නොදකියි. තරු වන්නට කැමැති අයට තරු වන්නට ඇති නිදහස නොදකියි.

      මිනිසුන් මිනිසුන් වූ නිසා යහපත් විදියට ජීවත් වීම නීතියෙන් නොව අවබෝධයෙන් විය යුතු යයි නොදකියි.

      ඒ අවබෝධය නැති නිසාම පිටරටින් ගෙනෙනා වැරදි විතරක් අනුකරණය කරන්නට පෙළඹී හොඳ නොදැක පිටරටට ‍දොස් කියමින් ජීවිතය ගෙවයි.

      kalpaT වෙත දුන් උත්තරයම තමා මෙතැනටත් දාන්නෙ ඉතිරි හරියට.

      ධනවාදී රටවල් සූරා කනවා කියල පුන පුනා කියනා අය, ධනවාදී රටවල් බලහත්කාරයෙන් කඩා වැදී තම රටවල සම්පත් අද ලෝකයේ එසේ සූරා කන්නේ කොහොම දැයි තවමත් පෙන්වා නැත. තමන් තෝරා පත් කරගත් නායකයන්ගේ අඩුපාඩු ගැන කතා කළාට ඔවුන් පහ කර දමා හොඳ නායකයෙක් තෝරා ගන්නට තමනට ඇති අයිතිය ගැන කිසිවක් නොකරති. තම තමන්ම පත් කරගන්නා නායකයන්ට කත් ඇද, පිට කසා, තම තමන්ගේ බඩ වඩාගෙන ජීවත් වෙන ගමන් ධනවාදය සූරා කනවා යැයි කාගේ පිටින් හරි වරද පටවති.

      ඇමෙරිකාව ජපානයට ගිහින් පරමාණු බෝම්බ දමා ආවේය. ඇමෙරිකාව බෝම්බ දමා ජර්මනියේ වීදි සුන්නත් දූලි කළේය.

      ඇමෙරිකාවට ජපානය හා ජර්මනිය යටත්විජිත කරගන්නට එදා හැකියාව තිබුණි. එහෙත් ඇමෙරිකාව අධිරාජ්‍යවාදී යයි කියනා අයට ඒවා යටත්විජිත නොවූයේ මන්දැයි වැටහෙන්නේ නැත.

      ජපානය පසුගිය මාස 12 තුල දී වෙළඳ ගණුදෙනු ඉතිරිය (trade balance) බිලියන +91.9 ක් ජපානයට ලැබී තිබුණි.

      ජර්මනිය පසුගිය මාස 12 තුල දී බිලියන +211.6 ක වෙළඳ ගණුදෙනු ඉතිරියක් උපයා ඇත.

      (දත්ත ජනවාරි 1, 2011 ද ඉකොනොමිස්ට් සඟරාවෙනි)

      සුන්නත් දූලි වී ගිය රටවල් නැඟී ඇත්තේ ඇමෙරිකාවට බැන බැන අපිව සූරා කනවා කියමින් අඳෝනාව පමණින් අනුකරණය කරන්නෝට පඩි වැඩි කරන්න ඉල්ලීමෙන් නොව නිෂ්පාදනයේ නිරත වීමෙනි.

      ඇමෙරිකාව පමණක් නොවේ, ජපානයත් ජර්මනියත් ධනවාදී ක්‍රම ඇති රටවලයි.

  34. CHEs friend said, on පෙබරවාරි 19, 2011 at 7:00 පෙ.ව.

    @sis aruni,
    ”ලංකාව ධනවාදී රටක් යැයි සිතාගෙන සිටින ඔබ, මම රා හා තෙලිජ්ජ අතර වෙනස නොදන්නවා සේ, ධනවාදී රටවල් මොනවා දැයි නොදන්නේ ය!!!”

    ල0කාව පසුගාමී දනේශ්වර රටක් හෑර මොකක් කියලද හිතාගෙන ඉන්නේ?
    ආසියාවේ ආශ්චර්ය කියලද?

    • arunishapiro said, on පෙබරවාරි 19, 2011 at 9:54 පෙ.ව.

      CHEs friend,
      //ල0කාව පසුගාමී දනේශ්වර රටක් //

      තමන්ට කැමති විදියට නම් දා ගත්තට කමක් නැහැ. ඒත් එහෙම කිව්ව පලියට එය සත්‍යයක් වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන්නේ “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්”.

      ඒ කියන්නේ ජනතාව විසින් තෝරා පත් කරගත් අය විසින් පාලක සැලසුම් සියල්ල දියත් කරන ආණ්ඩු ක්‍රමයක්.

      දිගටම කියාගෙන ආවේ සමාජවාදයේ රඟ තමා. දැන්වත් වැටහෙනවා දැයි සැකයි.

      //ආසියාවේ ආශ්චර්ය කියලද?// අර මර්වින් කියන එක්කෙනා ඉන්න නිසා ද ආශ්චර්යයක් කියලා කියන්නෙ!!!

  35. CHEs friend said, on පෙබරවාරි 20, 2011 at 12:34 පෙ.ව.

    @අරුනි සොයුරිය
    ”ධනවාදී ක්‍රමයක ආණ්ඩුවට බලතල අවමයි. ආණ්ඩු බලතල තියෙන රටවල් සමාජවාදී. ආණ්ඩු මැර බලය වැඩියෙන් තියන රටවල් කොමියුනිස්ට්.”
    සම්පූර්න පච්යක්,බලන්න ල0කාව ව්ගේ පසූගාමී දනේශ්වර රටක් දිහා.හෑම දේම ආන්ඩුවෙන් පාලිතයි.
    කොටින්ම අන්ඩු පක්සයේ අයගේ කෑමෑත්ත නෑතුව මේලෝදෙයක් කරගන්න බෑ.
    රස්සාවකට යන්න,දරුවෙක් ඉස්කෝලෙකට දාන්න,උසස්වීමක් ලබන්න හෑමදේටම මුලින්ම ඉල්ලන්නේ ඈමති තුමාගේ මන්ත්‍රිතුමාගේ ලියුම.
    ඵක දෙන්නේත් නිකන්ද????සල්ලි දෙන්න ඔනේ පෝස්ටර් ගහන්න යන්න ඔනේ තරුනියන්ට නම් ලි0ගික අල්ලස් දෙන්න වෙන තරමට කාලකන්නි වෙලා තියෙනව මේ ක්‍රමය.මේවා තමයි අද මහ පොලවේ යතාර්තය.
    නමුත් පාලකයන්ගේ හෙන්චයියන්ට නම් ඵකිසිම දෙයක් අදාල නෑ.
    කොටින්ම මිනියක් මරලා නිදහස් වෙන්න තරම් වාසනාවන්ත වෙලා තියනව ඵයාලා.
    ජනමාද්ය ,පොලිසි ,ජන්ද හෑමදේම පාලකයන්ගේ අල්ලේ නටවන ආයතන.
    කොටින්ම මිනිස්සුව පුලුවන් තරම් කාලයක් රවට්ටලා(ස0වර්දන මායාවල්,ජාති ආගම්,කුල බේද,මාද්ය ) පාලනය කරනවා.
    ඊටපස්සෙ ජනතාව ඈත්ත් වටහාගෙන දෑනුවත් උනාම මර්දනය යොදාගෙන ලෙයින් යකඩින් පාලනය කරනවා.
    අපේ වගේ 3න්වන ලෝකයේ රටවල නම් කන්ඩ විතරක් කට අරින තරමටම මිනිස්සු පාලනය වෙලා තියනවා.
    ඉතින් ඵහෙමකරකර ඔයා කොහොමද ද්නවාදී ආන්ඩු බලයෙන් අවමයි කියන්නේ?????
    ඈත්ත්ටම දනවාදී ආන්ඩු තමා ඵලිපිටම හා යටින් හෑමදෙයක්ම පාලනය කරන්නේ.

  36. සුජීව said, on පෙබරවාරි 20, 2011 at 1:32 ප.ව.

    [[බලන්න ල0කාව ව්ගේ පසූගාමී දනේශ්වර රටක් දිහා.හෑම දේම ආන්ඩුවෙන් පාලිතයි.]]

    ආණ්ඩුවෙන් හැම දේම පාලිත ක්‍රමය මේ රටේ ඇති කලේ සමාජවාදී සභාග රජයන්. ඒවායේ ආර්ථික සැලසුම් බාරව හිටි ඇතැමුන සමාජවාදී පක්ෂ නායකයින්. හරි සැලසුමකින් තොරව සිදු වු මේ “රාජ්‍යකරණය” නිසා එම ආයතන බිඳ වැටිලා.

    පොදුවේ ධනවාදය හා වැඩ වසම් මිශ්‍රිත පාලනයක් ගෙන ගියාට සමාජවාදී ක්‍රමයකින් පැවත ගෙන එන මේ ගති ලක්ෂණ තවමත් ලංකාව තුල ප්‍රබල ව ක්‍රියාත්මකයි.

    ලංකාවේ පරිපාලනයට සමාජවාදයෙන් කිසිම බලපෑමක් වුනේ නැහැ කියා කියන්න ඔබට බැහැ නේද?

    දැන් මේ කිව්වේ ඔක්කොම පුද්ගලීකරණය කරන්න කියා නොවේ.

    [[කොටින්ම අන්ඩු පක්සයේ අයගේ කෑමෑත්ත නෑතුව මේලෝදෙයක් කරගන්න බෑ.
    රස්සාවකට යන්න,දරුවෙක් ඉස්කෝලෙකට දාන්න,උසස්වීමක් ලබන්න හෑමදේටම මුලින්ම ඉල්ලන්නේ ඈමති තුමාගේ මන්ත්‍රිතුමාගේ ලියුම.]]

    ඔබ හුවා දක්වන්නේ ධනවාදී ලක්ෂණ නොවේ. මා දන්නා තරමින් ඔව්වට කියන්නේ වැඩ වසම් කියල.

    ඔබේ දර්ශනය අනුව වැඩ වසම් කියන්නේ ධනවාදයේ උප ප්‍රභේදයක් ද?

  37. සුජීව said, on පෙබරවාරි 20, 2011 at 1:37 ප.ව.

    නැවත මතක් කල යුතු කරුණක් වන්නේ මගේ පහත සඳහන් ප්‍රශ්නයට උත්තර දීමෙන් “සහෝදර ජනතාව” ලිස්සා යන බවයි.

    උත්තර නොදෙන ප්‍රශ්නය: මේ සමාජවාදී ක්‍රම වේදයෙන් ඔබ පෙන්නා දෙන [ධනවාදයේ] අඩුපාඩු නැතිවන හැටි කියා දෙන්න.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න