රත්තරන් සොයා යමි
දූපතක් සොයා ගත්තෙමි. සොයන්නට උදව් දුන් හැමට තුති. එවන ලද යෝජනා අතරෙන් ඉබිසා වැඩියෙන්ම හිත ගිය දූපතයි. ඒත් මේ දවස්වල ගිහින් වැඩක් නෑනේ හීතල නිසා!!
‘ධනවත් වරාය’ නොහොත් ‘හොඳ වරාය’ නමින් හැඳින්වෙන පුවෙර්තො රිකෝ දූපතට මමත් මගෙ සුද්දාත් යන්නෙමු. මෙය ඇමෙරිකාවේ දූපතක් වුවත් එය ඇමෙරිකන් ප්‍රාන්තයක් නොවේ. එය ස්පාඤ්ඤ ඇමෙරිකානු යුද්ධය අවසන් කරමින් පැරිස් ගිවිසුම මඟින් ඇමෙරිකාවට ලැබී ඇත්තේ 1898 දී ය.
පොන්සෙ ද ලියොන් නැමැත්තා ස්පාඤ්ඤයේ උපන්නෙකි. ක්‍රිස්ටෝෆර් කොලොම්බස් 1493 දී දෙවන වතාවට ‘ඇමෙරිකාව’ බලා එද්දී පොන්සෙ ද ලියොන් ඔහු හා නැව් ගත්තේ ය. අද හයිතිය හා ඩොමිනිකන් ජනරජය පිහිටන එදා හිස්පැනියෝලා නම් වූ දේශයේ ස්පාඤ්ඤ සොල්දාදුවෙක් සේ පොන්සෙ ද ලියොන් සේවය කරන ලදි.
1508 දී පුවෙර්තො රිකෝ දූපතේ සැරිසරා එහි රත්තරන් ඇති බව ඔහු සොයා ගත්තේය. ඔහු එහි ආණ්ඩුකාරයා ලෙසට පත්වීය. හොඳ ආණ්ඩුකාරයෙක් සේ සැලකුණ ද ඔහුව විරුද්ධ පක්ෂය විසින් 1512 දී නෙරපා හරින ලදි.
අරගොන් ඔටුන්න හිමි දෙවැනි ෆර්ඩිනැන්ඩ් රජුගෙන් බහාමාස් හි බිමිනි දුපත ස්පාඤ්ඤ යටත් විජිතයක් කරගන්නට ඔහුට අවසර ලැබුණි. බිමිනි හොයා යන ගමනේ දී ඔහු ෆ්ලොරීඩාවේ ඊසාන දිග වෙරළට ගොඩ බැස්සේ ය.
ස්පාඤ්ඤකාරයොන්ට ඒ දවස්වල ගෝලීය පිහිටීම් පද්ධතියක් (GPS) තිබුන නම් ඉතිහාසය වෙනස් ව කියැවෙයි ද?!!
1513 වසන්තයේ දී පොන්සෙ එය දූපතක් යැයි සිතා ‘ලා ෆ්ලොරිඩා’ යයි නම් කළේය. ඒ පාස්කු සමයේ මල් (Pascua Florida = Flowery Easter) පිපී තිබි කාලයයි. ස්පාඤ්ඤය වෙනුවෙන් උතුරු අමෙරිකාවේ තැනක් අල්ලා ගත් ප්‍රථම ගවේෂකයා පොන්සෙ ද ලියොන් වන්නේ ය.
1514 දී ඔහු ආපහු ස්පාඤ්ඤයට ගියේ රත්තරන් පේසෝ පන්දාහක් රැගෙන ය. ෆර්ඩිනැන්ඩ් රජු ඔහුව ආපසු පුවෙර්තො රිකෝ වෙත හරවා එවීය.
අවවාදයි! රජෙකුට කවදාවත් රත්තරනින් තෑගි ගෙනියන්න එපා!!!
බිමිනි හා ෆ්ලොරිඩා (තවමත් ඔවුන් ඒ දෙකම දූපත් යැයි සිතන නිසා) යටත් විජිත කරන්නට ඔහුට අණ ලැබුණි. පුවෙර්තෝ රිකෝ හි ඔහු සැන් හුවාන් නගරය ඉදි කරන්නට අණ දුන්නේ ය. අද එය එහි අගනුවර වෙයි.
1521 දී පොන්සෙ මිනිසුන් 200 ක් හා යටත් විජිතයක් ආරම්භ කරන්නට අවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ෆ්ලොරිඩා බලා නැව් නැඟ්ගේය. කළුසා ස්වදේශී ඇමෙරිකානුවන් විදින ලද විෂ ඊතලයක් කළලයේ වැදී ඔහුව කියුබාවට ගෙන යන ලදි. 1521 ජුනි මාසයේ දී ඔහු කියුබාවේ හවානා නගරයේ දී මිය ගියේය.
කාසා බ්ලාන්කා (ඔරිජිනල් වයිට් හවුස්!) පොන්සෙ වෙනුවෙන් ඉදි කරන ලද නිවහනයි. එහෙත් ඔහු එහි වාසය නොකළේය. එය ඉදි වූ ඉඩම ඔහුට ප්රදානය කරන ලද්දේ ස්පාඤ්ඤ රාජ්‍යයට ලබා දුන් සේවය පිණිසයි. අද කාසා බ්ලාන්කා පොන්සෙ වෙනුවෙන් වූ කෞතුකාගාරයකි.
නමුත් කාසා බ්ලාන්කා යනවාට වඩා වැඩි පිරිසක් ගොඩ වැදෙන්නේ කාසා බකාර්ඩි වෙතට ය. රම් දේවස්ථානය යැයි හැඳින්වෙන මෙය කියුබාවට ගොඩ වැදුනා හා සමාන යයි සංචාරක පොත් පෙන්වති. 1862 දී දොන් ෆකුන්ඩෝ බකාර්ඩි මාසෝ විසින් සැන්තියාගෝ ද කියුබාවේ ආරම්භ කරන ලද බකාර්ඩි රම් නිෂ්පාදනය අද ඇමෙරිකාවේ රම් වෙළඳපොලෙන් 75% ක් අයිති කරගෙන සිටියි. කියුබාවෙන් පුවෙර්තො රිකෝ වෙත බකාර්ඩි රම් ඉස්කාගාරය (ඩිස්ටිලරිය) ගෙනාවේ 1958 දී ය. 1960 දී කියුබාව ෆිඩෙල් කැස්ත්‍රො යටතට පත් වී කියුබානු වැසියන් සතු සියළු පුද්ගලික දේපල හා ව්‍යාපාර රාජ සන්තක වූ කල බකාර්ඩි රම් ලෝකයට ඉතිරි වූයේ පුවෙර්තෝ රිකෝ තිබි ඉස්කාගාරය නිසාය.
‘දකුණේ මුතු ඇටය’ නම් වූ විරුදාවලිය ලත් පොන්සෙ නගරය පුවෙර්තො රිකෝ දූපතෙහි අගනුවර වන සැන් හුවාන් වෙතින් සැතපුම් 75 (කිලොමීටර් 121) ඇති කුඩා නගරයකි. එය අද කැරිබියානු මුහුදේ ඇති පුවෙර්තො රිකෝ දූපතේ ප්‍රධානතම නැව් වරාය වෙයි.
අපි යන්නේ සංචාරකයෝ වැඩිය නොයන පැතිවලට ය. සියඹලා මුහුදු වෙරළ වැනි කවුරුත් නොදන්නා තැන් සොයා ය. පොන්සෙ ද ලියොන් සෙවූ රත්තරන් සෙවීම කෙසේ වෙතත් රත්තරන් වටින අත්දැකීමක් සොයා ගන්නට හැකිවන්නේ එවිට ය.
චේජනාගෙ පිටුවේ ප්‍රතිචාරයක් දාලා Dee දීපු (දිරච්ච ලණුවක් නම් නෙවේ) ‘මාව අල්ලන්න එපා’ නිදි කරවන්නත් පුළුවන් වෙයි!! Dee ඔත්තුව දුන්නාට ස්තූතියි.
මාරයා මල්ලීට කියුබන් සුරුට්ටුවක් ගන්නත් පුළුවන්!
මමයි මගෙ සුද්දයි රෑ දවල් ගෙවන්නට හිතාගෙන ඉන්නේ රුවල් නැවක. ඒ පැත්තෙ කොණක් බර්මියුඩා ත්‍රිකෝණයටත් අයිතියි. ඉතින් අභූත බලවේගයකට අහුවෙලා අතුරුදහන් නොවුනොත්, පහුගිය දවස්වල ෆිඩෙල් ගැන මතක් කරපු දෑ නිසා කියුබාවටම රුවල් නැව පාවෙලා නොගියොත්, පස්වැනි “කැරීබියන් මුහුදුකොල්ලකරුවෝ” රූගත කරමින් ඉන්න ජොනී ඩෙප් දැකලා මුහුදට පැන්නෙ නැත්නම්, ආවට පස්සෙ පින්තූර ටිකක් දාන්නම්.
සුභ ගමන්
පරෙස්සමින් ගිහින් එන්න…. වැඩිය වතුරට බහින්න එපා.. කෙට්ටු වෙයි….
/*කියුබාවෙන් පුවෙර්තො රිකෝ වෙත බකාර්ඩි රම් ඉස්කාගාරය (ඩිස්ටිලරිය) ගෙනාවේ 1958 දී ය. 1960 දී කියුබාව ෆිඩෙල් කැස්ත්‍රො යටතට පත් වී කියුබානු වැසියන් සතු සියළු පුද්ගලික දේපල හා ව්‍යාපාර රාජ සන්තක වූ කල බකාර්ඩි රම් ලෝකයට ඉතිරි වූයේ පුවෙර්තෝ රිකෝ තිබි ඉස්කාගාරය නිසාය.
*/
හයිපොතිටිකල් දේවල් ගැන කතා කරල තේරුමක් නෑ. හැබැයි අරුණි ගේ මේ කියමන නම් තර්කානුකූල නෑ නේද?
බකාර්ඩි ෆැක්ටරිය ෆිඩෙල් ගේ කියුබාවේ ම තිබුණා නම්, ලෝකේ ගොඩක් තැන්වලට ඒ රම් ජාතිය නැතිවෙන්න තිබුනේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පැණවූ ආර්ථික සම්භාධක නිසයි. ඒත් ඒ කියුබාව හැර ලෝකයේ අනිත් රටවලටයි.
කියුබාවේ ම තවදුරටත් තිබුනා නම් බකාර්ඩි ෆැක්ටරිය වැහෙන්නේ ඇමරිකාවට තම රසායනික යුධ උපක්‍රම මගින් කියුබානු උක් වගාව විනාශ කරන්නට හැකි වුණා නම් පමණයි.
බකාර්ඩි ම නැතුවට එහෙ හොඳ රම් ඇති.
Larga revolución cubana en vivo!
රසිකට නොපෙනිච්ච වැදගත් ම කාරණය තමයි මම දිගටම මේ සටහනේ සහ පසුගිය සටහන් වලදීත් පෙන්වා දෙන්නට උත්සාහයක් ගත්තෙ.
එනම් මිනිසාට නිෂ්පාදනය කරන්න යැයි අණ කරන්න, බලහත්කාරයෙන් නීති දාන්න, නිෂ්පාදනය නොකළාට දඬුවම් දෙන්න පුළුවන් වුනාට “නිෂ්පාදනය කරන්නාට උවමනාවක් නැත්නම් එවැන්නා ලවා නිෂ්පාදනය කරවන්න” අද වෙනතෙක් කවුරුත් සමත් වෙලා නැහැ කියන එක.
මම ‘කියුබාවේ රම්’ ගැන නෙමෙයි ‘බකාර්ඩි රම්’ ලෝකයට ඉතිරි වීම ගැනයි සඳහනක් කළේ.
බකාර්ඩි රම් නිර්මාතෘවරයා දොන් ෆකුන්ඩෝ බකාර්ඩි මාසෝ. සියළු දේපල රාජ සන්තක වූ කල පුද්ගලික දේපල අයිතියක් නැතිවීම නිසා ලාභයක් නොසොයා බකාර්ඩි රම් නිෂ්පාදනය නවත්වන්නේ ඇමෙරිකන් සම්බාධක නිසා හෝ ඇමෙරිකන් රසායනික යුධ අවි නිසා නොව එහි නිර්මාතෘවරයා වන මිස්ට බකාර්ඩි විසින් ම බව ගැන සිතා බලන්න.
අන්න ඒක තේරුම් ගන්න පුළුවන් වෙච්ච දාට, මුළු ලෝකයේ ම වූ කොමියුනිස්ට් ආර්ථිකයන් කඩා වැටීම ගැන පැහැදිලි වේවි.
කියුබාවේ බල ලෝභී සොච්චමකගේ අරගලයට දීර්ඝායු පැතීම ඔබගේ අයිතියයි.
සියළු කියුබානුවන්ගේ නිදහස් අයිතීන් රැක ගැනීම සඳහා අරගලයක් ඇත්නම් මම ඊට දීර්ඝායුෂ පතමි!
ඉරිසියාවෙ බෑ, අරුණි! හොඳ ජෛවවිවිධත්වයක් තියෙන ප්‍රදේශයක් ඔය.. මට පින්තූරයි, විස්තරාත්මක තොරතුරුයි ඕනෙ.. 😉
සුභ ගමන් – ජය වේවා!
සුබ ගමන්… පරෙස්සමින් ගිහින් එන්න… ලස්සන පින්තූර බලන්න මමත් හුඟක් ආසයි…ඒ හින්ද මිහිරි මතක අරන් එන්න…
හත් දෙයියනේ සුරුට්ටුව එහෙම අරගෙන බර්මියුඩා පැත්ත පළාතේ යන්න එපා…
සුරුට්ටුව ගත්තා. දැන් මල්ලිට ලැබෙන්න සලස්වන විදිය විමසනවා.
මං ඒත් බයේ හිටියේ..කියන දේ නාහා ගියාවත්දෝ කියලා අර පැත්තේ…
රත්තරන් නැතුවට කමක් නෑ පරිස්සමින් ගිහින් එන්නෝ…. දෙන්නටම සුභ ගමන් !
5 weni newei 4 weni film eka thamai den hadanne “pirts f the carbn”
4 වැන්න කෑන් කරලා ඉවරයි. 5 සහ 6 පිට පිට හදන්න යනවා.
සුබෙන්ම සුබ ගමන්! පරිස්සමෙන්……දෙන්නටම ජය!
හම් ගිහින් එන්නකො එහෙනම්, සුභ ගමන් ඔබට.
Bon Voyage to you,Aruni & Sudda,
අර කිව්වත් වාගෙ හොඳ ෆොටෝස් ටිකක් වත් අරන් එන්න අපට බලන්න,බර්මියුඩා ත්‍රිකෝණය පැත්තෙ නම් වැරදිලාවත් යන්න එපා හොඳද?
Be safe Puerto Rico has a theft problem. Don’t leave your stuff unattended. Try to stay away from the La Perla neighborhood and avoid any public housing complexes
සුභ ගමන් අරුණී…
මාත් යන්න ආසාවෙන්ම ඉන්න තැනක් තමා බර්මියුඩා ත්‍රිකෝණය….
හ්ම්ම්ම් අතුරුදහන් උනත් කමක් නෑ …. කොයි වගේද දැනෙන්නේ බලන්න…පුලුවන්නම්…..
සුභ ගමන් අරුණිටත් සුද්දටත් !! අත්දැකීම් සභාරයක් අරගෙන අපිට විස්තර ලියන්න වෙනදා වගේම පින්තූරත් එක්කම.
මටත් සුරුට්ටුවක් පුළුවන්නම් අරගෙන එන්න. බොන්නෙ නැති උනත් අරුණිව මතක්වෙන්න තියා ගන්නම් 🙂
පරිස්සමින් ගිහින් එන්න. අරුනිටත්, සුද්දාටත් සියලු දෙවියන්ගේ පිහිටයි. ශපීරෝලාට මුකුත් වෙන්නේ නෑ. බයවෙන්න කිසිම දෙයක් නෑ.
සුබ ගමන්!
[…] This post was mentioned on Twitter by Royly, Kottu. Kottu said: රත්තරන් සොයා යමි http://bit.ly/ep8mLR […]
සුබ ගමන් අරුනි.
සුභ ගමන්……….! 🙂
බලාගෙන බර්මියුඩා ත්රිකොනේ පැත්තේ යනකොට
සුබ පැතූ සියල්ලටම ස්තූතියි. කරදරයක් නැතිව ගිහින් ආවා. 🙂