මහ මුහුද නිල් පාට ද?
දිය සායම් පින්තූර අඳින්න පටන්න ගත්තම තමා නිල් පාට කොයි තරම් ගණනාවකින් තියනවා ද කියල දැනගන්න ලැබුනෙ. ඒත් කැරීබියන් මුහුදෙ දවස් කීපයක් ගෙවද්දී සමහර පාටවල් පාට කළවම් කරලාත් ළං වෙන්න අමාරුයි කියලා හිතුණ.
රුවල් නැවට අපි ගොඩවුනේ කැරිබියන් මුහුදේ තියන විශාලතම පුද්ගලික නැව් නැංගුරම් ලන Puerto del Rey ස්ථානයේ දී. මේක සියළු සේවා සපයන තැනක්. ඒ කියන්නෙ තමන්ගෙ නැවට පෙට්‍රල් දාගන්න විතරක් නෙමේ, කන්න බොන්න බඩු ගන්න කඩ, නැවට අවශ්‍ය දෑ ගන්න කඩ, ඇඳුම් හෝදගන්න තැන් එහෙම තියනවා. නැව් නැංගුරම් දාලා ඉන්න පුළුවන් තැන් 1200 ක්.
පිරිසිදු වතුර පුරවාගන්න වගේම නැවේ අපද්‍රව්‍ය කසල පයිප්ප වලට පොම්ප කරන්නත් පහසුකම් එතැන.
වෙන්ටහේරෝ 4 අයිති කැප්ටන් ඩොමින්ගෝ ගාසියා ටයි. එයා සෙන්ට් තෝමස් දූපතේ රෝලෙක්ස් රුවල් නැව් තරඟය දිනපු කෙනෙක්. හැබැයි ඒ ගැන ඇහැව්වම එයා උත්තර දුන්නෙ මෙහෙමයි: “මම හය වතාවක් තරඟ කළා. පළමු තැන, දෙවැනි තැන වගේම කොයි තැනක් වත් ලැබුනෙ නැති අවස්ථා තිබුණ. ජයග්‍රහණය තරඟයයි. දිනුම අතිරේක ලැබීමක්.”
කැප්ටන් ගාසියා මගේ සිතීමේ හුරුවට සමීප කෙනෙක්!!
දැන් වෙන්ටහේරෝ නම් ස්පාඤ්ඤ වචනය සිංහලට දාන්න ගියාම හරි කචල්. මොකද ධනාත්මක වචනයක් සිංහලට දානකොට ඍනාත්මක වෙන නිසා!!!!
ඉංග්‍රීසියෙන් advantage (වාසිය/ලාබය) සහ opportunity (ප්‍රස්ථාව) යන අර්ථ ගැබ්වෙන රුවල් නැව් තරඟයක දී වැඩියෙන් දක්ෂයාට ඇති අවස්ථාව ගැන කියන ස්පාඤ්ඤ වචනයක් තමයි වෙන්ටහේරෝ යන්න.
සිංහල බස පාවිච්චිය ඇති අයට වාසි, ලාබ හා ප්‍රස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම යනාදිය නිකං කැත වැඩ කරනවා වගේනේ!!
පුද්ගලික නැව්, බෝට්ටු අයිති අය තම තමන්ගෙ නැව්, බෝට්ටු වලට දාන නම්වල සැඟවුන අර්ථ බොහොමයි.
කැප්ටන් ගාසියාගේ හතරවැනි රුවල් නැව තමා මේ. වෙන්ටෙහේරෝ 4 රුවල් නැවේ දිග අඩි 52 ක්. බර ටොන් 16 ක්. නිදන කාමර 4 යි. නිදන කාමර වලට යාබද වැසිකිලි 4 යි. කුස්සියකුත් කෑම කාමරයකුත් පහළ තට්ටුවේ මැද. සීතකරණයක් හා පුංචි උදුනක් තියනවා කුස්සියේ.
වැසිකිලියේ සින්ක් එකේ වතුර එන පයිප්පය ඇදලා ගත්තම ඒක තමයි නාන වතුර මල. කොමොඩ් එක වැඩ කරන්න කළින් වායුව පොම්ප කරන්න ඕන ශුන්‍ය බවක් ගොඩනඟන්න. අපද්‍රව්‍ය සේරම ඊට විශේෂ වූ නැවේ පතුලෙ ටැංකියකට යනවා. නැවේ උණු වතුර හා ඇල් වතුර දෙකම තියනවා.
අපි ෆහාර්ඩෝ වලින් පිටත් වුනේ හිරු නැඟ එන හිමිදිරියක. නාවුක හැතැප්ම 20 ක් විතර ඈතින් තියන කුලෙබ්‍රා දූපත තමයි එදා දවසේ අපගේ ගමනාන්තය.
නාවුක සැතපුමක් කියන්නෙ මීටර් 1,852 ක්. ජාත්‍යන්තර එකඟතාවයෙන් මෙහෙම නාවුක සැතපුම ගැන ගිවිසුම් ගහලා තියෙන්නෙ ලෝකයේ මුහුදවල් තරණය කරන අයට සිතියම් හා දුර ගණන් හදන්න ලේසි වෙන්න. නාවුක සැතපුමක දිග ඒකකයක් සමාන වෙන්නෙ ඕනෑම මධ්‍යාහ්න රේඛාවක සිට මිනිත්තුවක අක්ෂාංශ වෘත්තාංශකයට (unit of length corresponding approximately to one minute of arc of latitude along any meridian).
රුවල් නැවේ කඹ (ropes) වචනය පාවිච්චි කරන්නෙ නැහැ. රුවල් නැවක තියෙන්නෙ ලණු (lines) විතරයි!
හැම තිස්සෙම තමන් ඉන්න තැන ගැන දැනුවත් වෙන්න ඕන. අල්ලා ගන්න ඕන තැන කොහේද කියලා නොදැන සිටියොත් ඉතින් මුහුදෙ තමයි වැටෙන්නෙ හිතන්න කළින්.
මුහුදට වැටුනොත් රුවල් නැවේ තියනවා දිවි බේරා ගන්න පාවෙන්න අල්ලාගන්න දෑ පිරි ලොකුම ලොකු පෙට්ටියක්. කැප්ටන් ගාසියාගේ අවවාදය අපි එක්කෙනෙක් මුහුදට වැටුනොත් පෙට්ටියේ තියන සේරම විසි කරන්න, එතකොට එකක් හරි අල්ල ගන්න ලැබේවි කියලා.
ගමන පටන් ගන්න කළින් ඔහොම ඇහුනොත් කී දෙනෙක් නැවෙන් බැහැලා ගොඩබිම ඉඳියි ද?!!!
රුවල් නැවක මෝටරයක් ද තියෙනවා. භාගයක් මෝටරය හා භාගයක් රුවල් පාවිච්චියෙන් හෝ මෝටරය පමණක් හෝ රුවල් පමණක් පාවිච්චියෙන් යා හැකියි. ටොන් 16 ක් සුළඟින් පමණක් මෙහෙයවා නාවුක සැතපුම් 25 ක වේගයෙන් තමන්ට උවමනා පැත්තට ගෙන යාමට මිනිසාට හැකිවීම විස්මිත මිනිසත් බවයි.
ඒත් ඉස්සර කොළොම්බස් ගොයියලා ආපු කාලේ නැව් කොච්චර බර වෙන්නැති ද කියලා හිතන කොට මිනිසත් බවේ අගේ කොහොම ද?!!
මමත් පටන් ගන්නවා ලංකාව ගැන ලියන්න….
අක්ක ඔයාගෙ යාලුවා ලංකාවට ඇවිත් මට කතා කලා….
abeetha,
ලංකාව ගැන ලිවීම කාලයක් පිට ඉඳලා එන අයට ගොඩක් වැදගත් වේවි. එහෙම එන අය හැමෝටම කියන්න පුළුවන් යන්න කළින් සයිට් එක කියවන්න කියලා.
පිස්සු හැදෙනවා කිව්වලු. 🙂 මම ආස හැබැයි කවදාවත් කරලා නැති, කරන්න පුලුවන් වෙයිද කියලත් බොහොම සැක වැඩක් තමා ඕක.
ඔයා බෝට්ටුව කුලියට අරන් ගියාද?
මගේ යාලුවෙක් ඉන්නවා අවුරුද්දකට සැරයක් ග්‍රික් දුපත් වලට යනවා එහෙම.
මට හැමදාම තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමා ඕක කොහොමද පදවන්නේ කියන එක…. විශේශයෙන් ඉගෙන ගන්න කියලා මාස ගානක් පුරුදු වෙන්න ඕනේද?
Grey,
ඔව්, අපි රුවල් නැවත්, කැප්ටන් වත් හයර් කරගෙන තමා ගියේ.
අපේ රුවල් නැව තාම ගරාජ් එකේ රස්නෙ කාලෙ එනකම් බලාගෙන ඉන්නවා. පහුගිය ගිම්හානයේ දී මගෙ සුද්දා ඒක අපි ඉන්න හරියෙ තියන Assawoman බොක්කෙ හැම තැනම අරන් ගිහින් තනියම පුරුදු වුනා.
ඒකත් හරියට බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා වගේ වැඩක්. බයිසිකලය බැලන්ස් කරගන්න දැන ගත්ත ගමන් පදින හැටි සෙට්නෙ. රුවල් නැවේ ලොකුම අභියෝගය රුවලට සුළඟ අල්ලා ගන්න සුළං හමන දිසාව හඳුනාගන්න හැකියාව වර්ධනය කර ගැනීම. අළුතින් පටන් ගනිද්දි අංශක 90 ක් විතර වැරදියට තමා අයෙක් සුළඟ හමන පැත්ත කියන්නෙ.
රුවල් නැවක් පදවන්න ඉගෙන ගන්න හොඳම පොත Colgate’s Basic Sailing by Steve Colgate. ඊට අමතරව sailing schools එහෙමත් තියනවා සති අන්තයක දී පදවන්න කියා දෙන. මුහුදෙ යන නීති රීති, රැල්ලට හසුරුවන හැටි, රුවල් එල්ලන හැටි එහෙම ඔක්කොම ඉගෙන ගන්න යන කාලය නම් උත්සාහය අනුව තමයි.
/ඉස්සර කොළොම්බස් ගොයියලා ආපු කාලේ නැව් කොච්චර බර වෙන්නැති ද කියලා හිතන කොට……/
ඕක කියවද්දි මතක් උනේ තාමත් අපේ පාරවල්වල දුවන ලී බොඩි ගහපු පරණ ලොරි…
මේ දවස් වල බ්ලොග් කියවන්න වෙලාවක් හම්බ උනේ ම නෑ.
ඒත් අහම්බෙන් අද දවසෙම වගේ බ්ලොග් කියෙව්වා. මොකද අසනීප වෙලා ඇඳේ ඉන්න උන නිසා.
ඔයාගේ මේ කතාව දැක්කාම මගේ අසනීප කොහේ ගියාද නෑ. මටත් යන්න හිතුනා barca vela එකක රවුමක්.
(මෙහෙම අසරණ කරන්න එපා අනේ. මට නිවාඩුවකට තව මාසයකටත් වඩා තියෙනවා. )
බුරු බබා, දැන්ම ප්ලෑන් ගහන්න පුළුවනි!!!
Charmi, චැසි හොඳට ඇති තාමත් දුවන්න!!! 🙂
මටත් රුවල් නැවක ටුවර් එකක් යන්න ආස හිතුනා.කොහොම උනත් නොදන්න දේවල් ටිකකුත් දැන ගත්තා.
පළමු තැනත් දිනපු කැප්ටන් ගාසියා ගේ කතාව නම් වටිනවා. තරඟයකට සහභාගි වීමයි වටින්නේ.
ගොඩක් දේ දැනගත්තා. නැව් වල කඹ වලට line කියන එක එහෙම මම දැන සිටියේ නෑ.
@ Charmi
තාම ලොරි බොඩි ලී වලින් හදනවා නේද?
මම දැනගෙන හිටපු ලී බොඩි ගහන ගොඩක් ප්‍රසිද්ධ තැනක් නම් දැන් වැහිලා. අනිත් තැන්වල තත්වේ කොහොමද දන්නෙ නෑ….
නැව්වල වෙන කෙනෙක් යන චාරිකාවක පින්තූර බලන්න ආස උනාට ගමන් යන්න අකමැති හින්ද ම ද මන්ද නැවක යන්න ආස හිතුනෙ නම් නෑ, (මම ගමන් යන්න ආස ගමනාන්තය ගෙදර වෙන ගමන් විතරයි…කම්මැලිකම ද ඇති තරම් ගෙදර ඉන්න නොලැබිච්ච එක ද මොකද්ද මන්ද ඒක…) ඒත් විස්තරවලට මට ආසයි, ඔක්කොටම වඩා නාවික සැතපුම ගැන විස්තරේට…
“ගමන පටන් ගන්න කළින් ඔහොම ඇහුනොත් කී දෙනෙක් නැවෙන් බැහැලා ගොඩබිම ඉඳියි ද?!!!”
මමත් අයිති මේ ගොඩට. පියාඹන්න කොච්චර ආසා උනත් ලොකු ජලාශයක් දැක්කාම මොකක්දෝ නුහුරු ගතියක් හිතට දැනෙනවා. ඒත් ඔයාගේ කතාව ඇහුවාම නම්, යන්න ආසා හිතුනා.
අර සල්ලිකාරයා හම්බ උනාම ප්ලෑන් ගහලා බලන්න දැන්ම ප්ලැන් කරනවා.
සැන්ට මරියා ට මග හොයා යන්නට තිබ්බේ නැත. හුළඟ ඇවැසි වුනේ බටහිරට යන්නට පමණි. නාවේ වැඩ වලට සිරකරුවන් සිටියා. කැරලි ගැහු උන්ට දැඩි දඬුවම් ලැබුනා.
මං කිව්වේ මින්සත් කමේ අහවල් අංශුවක්වත් ඕනනේ වුනේ නැති බව කියන්න
හැබැයි තම මතය සම්මතයෙන් යට වෙන්න නොදී එය ඔප්පු කරන්න උත්සහ ගත කොලොම්බස් කාරයා ගේ ඒ ගතිය නම් උසස් මිනිස් ගතියක්.
ඔබ නැව් ගැන කතා කරනවා නම් ස්කෑන්ඩිනේවියානුවන් අමතක කල නොහැකියි. කොලොම්බස් ට බොහෝ කලින් ඊට වඩා අසීරු සමුදුරු ඔස්සේ උතුරු ඇමරිකාවට ගොඩ බැස්සේ ඔවුන්. ග්‍රීන්ලන්තය හොයා ගැනීමත් ඒ වගේම වැඩක්. ඇත්තටම ඔවුන් මාළුන් වගේ වතුරට දක්වන හැකියාවන් අන කිසි තැනක දැකිය නොහැකියි.
රුවල් නැවක නොගියට නැවක නම් ගියා දිගු ගමනක්. හරිම සුන්දරයි. හවසට ඉර බහින කොට ඩොක් එක උඩ මාර ලස්සනයි. රැට ඇහෙන රැලි වල සද්දේ හා ගැස්සිල්ල බියකරුයි.
හිතේ තියෙන හැඟීම් ඇවිස්සෙන තැනක්. මගේ හිතේ නම් තිබ්බේ දරුණු තනිකමක්. දුර දමා ආ ආදරය ගැන.
මේක ලිව්වේ නැවේ ජනේලයක් ළඟ ඉඳගෙන: නැව් බඳ මත
අම්මෝ ඇති යාන්තං අරුණි අක්ක ආපහු ඇවිල්ල. මට පහුගිය පෝස්ට් ටිකත් මඟ ඇරිල නෙව. තරම රත්තරං හොයනව ඇති කියල මේ පැත්තෙ ආවෙ නෑ. දැං අග ඉඳං මුලට තමයි කියවන්න වෙන්නෙ.
අක්කේ අර මුහුදේ පාට ගැන කිව්ව කතාවනම් සම්පුරණ ඇත්ත. කවදාවත් කොයි තරම් උත්සාහ කලත් මුහුක් නම් ඒ විදියටම අඳින්න වෙන්නේ නෑ…
අනේ මටත් ආසයි අප්පා, රුවල් නැවක යන්න. එකම එක පාරක් ඔරුවක ගියා එච්චරම තමා.
Sea-sickness ආවද?
ඇත්තටම අරුණී Sea-sickness ආවේ නැද්ද..?
මගේ පලවෙනි මුහුදු ගමන නම් ශාන්ත දාන්තව යන්න පුලුවන් උනා…
ඒත් රැයක් පුරා යන්නට සිදුවුනු දෙවනි මුහුදු ගමන නම් මුහුදු ගමන් එපා කලා.. 😦
පැය හතරක් එක දිගටම ඉතා දැඩි සුළඟකට හා බියකරු රළ ගැස්සීමක හසු වෙලා ෆෙරි එක ඇතුලේ එහා මෙහා විසිවෙද්දි මොකද්ද වෙන්න යන්නේ කියලා හිතා ගන්නත් බැරි උනා…. හපෝ ඒ පැය හතර..
එහෙම බලද්දින් රුවල් නැවක ගමන ඊට වඩා අසීරු ඇති කියලයි මට හිතෙන්නේ..
ඉස්සර මම චිත්‍ර අදිද්දී දිය සායම් ගොඩක් මිශ්‍ර කරලා තමා මුහුද ඇන්තේ ඒත් තාමත් මට මුහුදේ පාට කියන්න බෑ.
කොලොම්බස් ගේ ගමන් කොච්චර අමාරු වෙන්න ඇත්ද කියලා මට හිතෙනවා.මොකෝ උණු වතුර ඇටැච් බාත් රූම්වත් සුවපහසු නිදන ඇදවල්වත් ඒ කාලේ තිබ්බේ නැනේ.
ලංකාවේ ඉන්ග්රීසින් එන්න කලින් අපේම කියලා නැව් තිබ්බද ?මමත් ජීවිතේට නැවක ගිහින් නෑ හැබැයි දවසක යනවා.
ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
සිතියමක් නැතුව කොහොම ගියා ද කියල හිතන කොට හරි පුදුමයි. ඒ වගෙ ලොකු නැව් වතුර අඩු තැනක හිරවුනා නම් ඉතින් කඹ දාලා අදින්නයෑ!!!
ගොඩක් උණුසුම් දූපත් රටවල වැසියෝ වැඩිය නැව් ගමන් ගැන වෙහෙසුණ බවක් ඉතිහාසයෙන් කියවන්න නැහැ. තමන්ගෙ රටේ සේරම අවශ්‍ය දේවල් වැවෙනවා, තියෙනවා නම් මොකට ද දූපතෙන් පිටතට යන්නෙ කියලා හිතන්න ඇති.
ඔව් ඒ වුණත් මම හිතන්නේ ලංකාවේ තත්ත්වේ ඊට වඩා ඒ කාලෙදි පොඩ්ඩක් වෙනස් මොකෝ ඉන්දියාවේ ආක්‍රමණ මට දැන් මතක් වෙනවා මාලදිවයිනේ රාජ වංශයක් ආරම්භ වුනෙඈ ලංකාවෙන් හරි ඉන්දියාවෙන් හිය කෙනෙක්ගෙන් ඊට අමතරව ගජබා රජ්ජුරුවන්ගේ කාලෙදී ඉන්දියාව ආක්‍රමණය කරන්න අපේ හමුදාවන්ට හැකි වුණා ඒ ගොල්ලෝ පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඇවිදගෙන ගියා කියලා හිතන්න බැනේ.ඊට අමතරව ලංකාව පෙර අපරදිග සම්බන්ධ කල මුහුදු සේද මාවතේ පිහිටුනු හින්දා නිතර නැව් ආගිය බවයි කියවෙන්නේ ඉතින් මට පුදුමයි ඇයි අපේ රටේ නැව් නොතිබ්බේ කියලා.
ලංකාවේ රජවුරු පිටරට නැව් භාවිතා කලා වෙන්න පුලුවන් එහෙම නැත්නම් අපිට සම්පුර්ණයෙන්ම අමතක වෙච්ච අපේ නාවික ඉතිහාසය ඉදිරියෙදී හොයා ගන්න වෙලා ඇති.බලමු ඉලග සැරේ ක්ෂෙතයේ කවුරු හරි හම්බ වුනාම අහන්න ඕනේ