බොහිමියන් රැප්සිඩි
කැප්ටන් ගාසියාගේ අනාගත බලාපොරොත්තුව එයාගෙ රුවල් නැවේ නැඟලා ග්‍රැනඩාව දක්වා ගමන් කරන්න. මඟ දී හමුවෙන දූපත්වල නැවතිලා ගමන් විඩා හරිමින් ඊට ඉතිරි ජීවිත කාලයම ගන්න.
අපි කැරිබියන් මුහුදේ දකුණේ වූ ග්‍රැනඩාව පැත්තට නොගිහින් බටහිර පැත්තට ඇදුනා. දැන් වේගයෙන් රුවල් නැව ගියාට මේ පැත්තේ මුහුද නැගෙහිර පැත්තෙ තියන දූපත් ළඟින් යද්දී වගේ රැල්ල පෙරළන්න හදන්නෙ නැහැ. රුවල් නැව පැත්තකට ඇලවෙලා වතුර උඩින් ඇදිලා යන්නෙ කිසි සද්දයක් නැතුව. කැප්ටන් ගාසියා එයාගෙ අයිපොඩ් සංගීතය දාලා මුළු නැවටම ඇහෙන්න. කුවීන්ස්ලා කියන බොහිමියන් රැප්සිඩි ඇහෙද්දී මට මගෙ දුවයි එයාගෙ යෙහෙළියයි දවසක් ගමනක් යද්දී පැය ගාණක් නොනවත්වාම ඒක ගයපු හැටි මතක් වුනා.
මතක ද ඩැනියෙල් ක්‍රෙග් වතුරේ හිටගන්නවා කැසිනෝ රොයාල් චිත්‍රපටියේ ජේම්ස් බොන්ඩ් හැටියට? අන්න එතැන වගේ තමා පුවෙර්තො රිකෝ දූපතේ දකුණු වෙරළ හැතැප්ම ගණනාවක් එක දිගටම. මේ පින්තූරය අපි නැවතිච්ච පොන්සෙ හිල්ටන් කැසිනෝ හෝටලේ අමුත්තන්ට දෙන සඟරාවකින්. මගේ සුද්දත් තරුණ කාලේ ඔය වගේමයි පෙනුම!!!!
අපි පොන්සෙ නගරයට යද්දී වේදිකා එහෙම ගහන හැටි දැක්කා සතියක් පුරා පවත්වන පොන්සෙ කානිවල් එකට. කොරොස්ම කාලය (lent) නොහොත් ක්‍රිස්තියානි අය යමක් අත්හැර දාලා (හාමතේ ඉඳලා පව් කමාකරගන්න) දවස් 40 පටන් ගන්න කළින් අන්තිමට පවත්වන උත්සවය. ඊයේ තමා Fat Tuesday අවසන් වුනේ.
පුවෙර්තො රිකෝ කතෝලික ඇදහිල්ල පොඩ්ඩක් වෙනස්. හැබැයි රෝමානු කතෝලික සංස්ථාව ඒක එහෙමයි කියලා පිළිගන්න කැමති නැතිලු. මෙහෙට බලහත්කාරයෙන් ඇදගෙන ආවනෙ අප්‍රිකාවෙන් කළු අයව. ඉතින් එයාලා ආවට, එයාලව කතෝලික ආගමට හැරෙව්වට, ඒ අය හොරෙන් තම ඇදහීම් කරගෙන යෑම නවත්වලා නැහැ. ඒකට හරියන්න මේ අයගේ ඇදහිලි වලට දූපත්වාසී ස්වදේශී ඇමෙරිකානුවන් ද පිළිපැද්ද චාරිත්‍ර වාරිත්‍ර එකතු වෙනවා.
හරියට ලංකාවේ පන්සල් යන ගමන් කෝවිලටයි, යක් ඇදුරාටයි, නැකැත හදා ගන්නටයි සේරම යනවා වගේ.
Santería නමින් හැඳින්වෙන ඇදහිල්ල අප්‍රිකාවේ යොරූබා වෙතින් ආපු එකක්ලු. කියුබාවේ කතෝලික අයත් මේක විශ්වාස කරනවාලු. Orishas වගේ අප්‍රිකානු දෙයියෝ, හෙනට අධිපති Chango, ගින්න, යකඩ හා යුද්ධයට අධිපති Ogun වගේ අයව සෙන්ට් පීටර් හා සෙන්ට් ජේම්ස් වගේ සාන්තුවරයෝ එක්ක එක පේළියට වන්දනා කරන්න ජනතාව පුරුදු වෙලාලු. දෙයියො වැඩිවෙන කොට ආරක්ෂාව වැඩි නිසා වෙන්නැති.
රෝමානු කතෝලික දහමෙන් ආපු අදහසක ලෝකෙ ඉන්න වැඩි පිරිසක් අදත් එල්ලීගෙන ඉන්නවා. ඒක තමයි Mea Culpa නොහොත් ‘මගේ වරැද්ද’ කියන සංකල්පය. ජීවත් වූ පමණින් වැරදි කරනවා කියන ’වද්‍යතාවය’ (guilt) පිළිගන්න අය හැමෝම උත්සාහ කරන්නෙ වැරදි නොකර ඉන්න.
පොන්සෙ නගරයේ පැවැත්වෙන කානිවල් එකේ දී caretas වෙස් මූණු (කඩදාසි තලපයෙන් හදපු) දාගත්ත අය දකින්න පුළුවන්. බයවෙන්න අං ගොඩාක් එක්ක, උල් දත් දිගට දිස්වෙන, එළියට නෙරපු බෝල ඇස් එක්ක භාගයක් යක්කු භාගයක් සත්තු හැඩරුව වෙස්මුණු වල දකින්න පුළුවන්. කානිවල් එකේ දී මේවා ඇඳගෙන යන අයට කියන්නෙ වෙහීගැන්ටෙස් (vejigantes) කියල. එයාල වවුලෝ වගේ පාවෙන සැහැල්ලු දිගු ඇඳුම් වලින් සැරසිලා එන්නෙ.
මධ්‍යතන ස්පාඤ්ඤයේ මේ අය සිටි බව කියැවෙනවා. 1605 දී Miguel Cervantes ලියපු ඩොන් කිහූටේ (Don Quixtoe) කතාවේ මේ චරිත ඉන්නවා. සම්ප්‍රදායික පාට කළු, රතු හා කහ පාට වුනාට අද පැස්ටල් පාට හැම එකක්ම පාවිච්චියට අරගන. මේ අය හරක් මුතාශ්රය නැත්නම් ‘හුලං බොක්ක’ (vejigas) ලොකු පොල්ලක දාගෙන පාරේ යන එන අයට පොඩි තට්ටුවක් දානවලු. පව් කරන අයට කොරොස්ම කාලයට පල්ලි යන්න මතක් කරන්න. අද හුලං බොක්ක වෙනුවට බැලුම් බෝල හා ප්ලාස්ටික් බෝතල් පාවිච්චි කරනවාලු.
පහුගිය දවසක ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ Brock Bastian ඔප්පු කළා වේදනාවකින් අපිට වද්‍යතාවය (guilt) අඩු කරගන්න පුළුවන් බව. ඉතින් අර කතරගම කොකුවල එල්ලිලා යන අය හා බටහිර ලෝකයේ පිටට තලාගන්න අය එහෙම කරාම එයාලට හිතට සහනයක් එන එක මනෝවිද්‍යාත්මක සත්‍යයක්. මාව මහාචාර්ය බැස්ටියන් ඒ පර්යේෂණයට ගත්ත නැති එක පාඩුවක්. ස්වභාවයෙන් ම ඒ හැදියාව තියෙන්නක් ද නැත්නම් විශ්වාසයෙන් උපන්නක් ද කියන එක ගැන පර්යේෂණයේ සාධකයක් වෙනවා මාව ගත්තා නම්!!!
මම හිතුවේ ඒ පින්තූරේ කැප්ටන් ගාසියාගේ කියලයි. පින්තූරේ සුද්දා තරුන කාලේ වගේ කියන කොට ඔන්නෙ පුංචි පහේ ඊරිසියාවකුත් ආවා. ඒ කියන්නේ මේ ශපීරෝ පරම්පරාවම ඔයවගේ වෙන්ටැති නේද? එහෙනං ඉතින් මට තියෙන්නේ මේ ඔක්කොම පැත්තකට දාලා ඔය පැත්තට ට්‍රිප් එකක් දාන්ටයි.
අරුනි එක, එක පින්තූර දැම්මාම අර ලියලා තියන ඒවට දෙන උත්තරත් අමතක වෙලා යනවනේ.
praveena,
කියානෝ රීව්ස් වගෙ පෙනුම තියන ආරි ශපීරෝ සමරිසි! අළුතින් ඊශ්‍රායලයට පත්කරපු ඩැනියෙල් ශපීරෝගෙ නම් කොණ්ඩෙ තියන ටිකත් වැටේ එහෙ ගියාම, විශේෂයෙන් මේ දවස්වල!! ඉතින් ශපීරෝලා නැතිවුනාට තව ඩැනියෙල්ලා ඉන්නවා. ඩැනියෙල් බැරි වුනොත් සරදියෙල් කෙනෙක් වත් හොයලා දෙන්නම්!!!
මම ලඟදිනෙ මේ පැත්තට ගොඩ උනේ.මේක කියවනකොට ඔක්කොම අතෑරල රුවල් නැවක නැඟල ලෝකෙ වටේ යන්න හිතෙනව අප්පා.
@praveena,
පොඩ්ඩිට හොඳම ෆිල්ම් මිසින් වෙලා වාගෙ. 😉
dinesh, අපිට තියන පුංචි රුවල් නැව ලංකාවට අරන් ඇවිත් හැමෝම වටයක් එක්කන් යන්න හිතෙනවා. අර සෝමාලියාව පැත්තෙන් එන්න බැරිකම තමා තියෙන්නෙ.
@ dinesh,
අපොයි මම ඒ ෆිල්ම් එක බැලුවා දිනේශ්!!!
මම ආසම සිOදුවක් නේ….ෆ්‍රෙඩී ම’කරි හැබෑම දස්සය ඕO….