කෝපි මණ්ඩි, පින්‍යා කොලාඩා සහ රම්
කෑම ගැන කිව්වට පස්සෙ බීම ගැන නොකියා බෑනේ.
වෙරළ බඩ හෝටල් වල කුරුම්බා ගෙඩිය පිටින් සීතල කරලා දෙන coco frio හැරුණාම තැඹිලි, රන් තැඹිලි වගේ ජාති දැක්කෙ නැහැ. සංචාරක පොත්වල පාර අයින්වල තියනවා කියපු කඩ බොහොමය වැහිලා ගිහින්. පළතුරු හා පළතුරු යුෂ ගන්න කිසිම තැනක තිබුනේ නැහැ. නගරයේ අවන්හල් ඇසුරුම් කරන ලද සෝඩා හා පළතුරු බීම බෝතල් විකුණුවේ. ඒක ගැන නම් හරිම දුකයි. එච්චර පහසුවට අනේක පළතුරු වැවෙන දේශගුණයක් ඇති රටේ.
එක පැත්තකින් දෙයියෝ හැම දෙයක්ම බලා ගනියි කියල හිතන්න පුරුදු, අනිත් පැත්තෙන් ආණ්ඩුව හැම දෙයක්ම බලා ගනියි කියලා හිතන්න පුරුදු ජනතාවක්. ජීවිතය ගෙවා ගන්න තරම් අතට සල්ලි ලැබෙන කොට කුසීත වී අළුත් වැඩකට අත නොදා ඉන්න මිනිසා හුරුවන බව පෙන්වන කදිම නිදසුනක් මේ දූපත.
දූපතේ කෝපි නිෂ්පාදනයේ ඉතිහාසය වසර 100 කට වඩා පැරණියි. Maricao කියන කෝපි වර්ගය Hacienda Juanita විසින් නිෂ්පාදනය කරලා වතිකානුව පවා බීපු කෝපි වර්ගයක්. අද ඒ කෝපි වතුයාය හෝටලයක්, කෝපිත් තවම හදනවා. සමහර කෝපි වගාවන් කෙරෙන්නෙ පරිසර ආරක්ෂාව සඳහා කැපවුන සමාජ ව්‍යාපෘති මඟින්. සැන් හුවාන් ගුවන් තොටුපළේ තියන ස්ටාර්බක්ස් ඇමෙරිකන් දාම කෝපි කඩේ දී පුවෙර්තෝ රීකෝ කෝපි කියලාම ඉල්ලන්න පුළුවන්. කැප්ටන් ගාසියා රුවල් නැවේ දී හැමදාම උදේට උණු උණුවේ වත් කරා මණ්ඩි අඟලක් විතර ඉතිරි වෙන කෝපි කෝප්පයක්. එක කෝප්පයක් බිව්වම දවසම අවදියෙන් ඉන්න පුළුවන්!
Piña Colada (පෙරන ලද අන්නාසි අරුත දනවන) මිශ්‍රිත මත්පැන බිහිවුනේ පුවෙර්තො රීකෝ දූපතෙන්. 1954 දී සැන් හුවාන් නගරයේ තියන කැරීබ් හිල්ටන් හෝටලයේ දී Beachcomber Bar හි Ramón Monchito Marrero Pérez විසින් යැයි එක මතයක්. තරුණ මත්පැන් පෙරන්නා අන්නාසි යුෂ මිරිකලා පොල්කිරි කලවම් කරලා පානය හරියට හදා ගන්න මාස තුනක් වෙහෙස ගත්තාලු.
එයා මෙහෙමයි හදලා තියෙන්නෙ: රම් අවුන්ස දෙකයි, පොල් කිරි අවුන්සයයි, උකුකිරි අවුන්සයයි, අන්නාසි මිරිකා ගත් යුෂ අවුන්ස හයයි, කුඩු කරගත් අයිස්කැට කෝප්ප භාගයයි සේරම කළතන මැෂිමකට දාලා මිනිත්තු 15 ක් කළතාගෙන අවුන්ස 12 ක වීදුරුවකට දාලා අන්නාසි කෑල්ලක් හා මැරශිනෝ චෙරි ගෙඩියක් එක්ක පිළිගැන්වීම.
එතැන දී පින්‍යා කොලාඩාවක් රස බලපු Joan Crawford නිළිය ඒකෙ රහ තවත් නිළියක් වන බෙටි ඩේවිස්ට අතුල් පහරක් දුන්නට වඩා හොඳයි කියමන “better than slapping Bette Davis in the face” ලෝකෙ පුරා පැතිරිලා ගිය කියමනක්. එදා සිට අද වෙනකොට ලෝකය වටා මිලියන 100 කට වඩා පින්‍යා කොලාඩා පානය විකිණිලා තියෙනවාලු. 2004 දී කැරිබ් හිල්ටන් හෝටලය පානයේ 50 වැනි සැමරුමක් පැවැත්වූවා.
අනික තමා 1963 දී Baranchina Bar හි වැඩ කරපු Ramón Portas Mingot විසින් සොයාගන්නා ලදැයි මතය. වයසක මත්පැන් පෙරන්නා අන්නාසි යුෂ හා පොල්කිරි මිදෙන්නට හැරලා පානයට එකතු කරන්නෙ අයිස් කැට නැතිව. ඉතින් මේ පින්‍යා කොලාඩාව ඉහත තරම් පෙන පිරිච්ච එකක් නෙමෙයි කියන්නෙ.
දූපතේ ජාතික පානය රම් (Ron). හැම පාටකින් ම ගන්න පුළුවන්. ඒ වගේම රම් මිශ්‍රිත පාන: මෝහිටෝ, රම් මේරි, රම් කොලින්ස්, රම් සවර්, රම් ස්කෲඩ්රයිවර් වගේ නම් ජාති ගොඩයි. ස්පාඤ්ඤය සැන්ග්‍රියා හදන්න රතු වයින් දාන විට මෙහෙ සැන්ග්‍රියා රම් දාලා හදන්නෙ. 18 වැනි ශ. ව. දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් වූ ඇමෙරිකාවට Kill-Devil සහ Whiskey-Belly Vengence නම් වූ සැර මත්පැන් එවන්නෙ මේ දූපතෙන්. අද දූපතේ රම් වර්ග 24 ක් නිපදවනවා.
බකාර්ඩි රම් ඔවුන් සලකන්නෙ කියුබන් වැඩක් හැටියට. කියුබාවට නැවත යන්න හැකිවෙච්ච දාට බකාර්ඩි පවුල සේරම ධනය හා රම් පෙරන බඩු ටිකත් අරගෙන පිටවෙයි කියලා දූපත්වැසියෝ අනුමාන කරනවා. හැමදාම මිලියන හයක් පමණ පිරිසක් බකාර්ඩි නිෂ්පාදනය කරන කියුබා ලීබ්‍රෙ මිශ්‍රිත මත්පැන් පානය ලෝකය පුරා බොනවා යැයි බකාර්ඩි නිෂ්පාදකයෝ කියනවා. තවත් අය කියුබා ලීබ්‍රෙ මත්පැන නිෂ්පාදනය කරනවා.
බකාර්ඩි රම් ලෝකෙට සපයන්නෙ මේ දූපත වුනාට දූපත්වාසීන් ප්‍රියතම රම් නිෂ්පාදනය කරන්නෙ Don Q. ඒක හදන්නෙ පොන්සෙ නගරයේ Destilería Serrallés හි. ස්පාඤ්ඤයේ කැටලුනියා කියන පැත්තෙන් ආපු Juan Serrallés Colón 1861 දී උක්වගාවට බහිනවා. එදා උක්වත්තට දාපු නම Hacienda Mercedita. එතැනම අදත් ඩිස්ටිලරිය තියෙන්නෙ. ඔහු රම් පෙරන්න පටන් ගන්නෙ 1865 දී. ඒත් 1932 දී තමයි Don Q වෙළඳ නාමයෙන් අලෙවිය පටන් ගැනෙන්නෙ. නම දා ගන්නෙ ස්පාඤ්ඤ නවකතාවේ වීරයා වන ඩොන් කිහුටේ නිසා!! රොන්රිකෝ හා කැප්ටන් මෝර්ගන් වෙළඳ නාම රම් හදන්නේ ද එතැනමයි.
වෙරළබඩ හෝටලයක පැවති මඟුල් උත්සවයක දී රම් පුරවපු වීදුරු බන්දේසි වල තියාගෙන, වතුර වීදුරු තියාගන යන ගානට, අමුත්තන්ට එපා වෙන්න රම් බෙදනවා අපි බලාගෙන හිටිය.
පොන්සෙ ද ලියොන් තමයි රම් දූපතට හඳුන්වලා දීලා තියෙන්නෙ. ඒත් රම් හදන්න උක් ගෙනාවේ ක්‍රිස්ටෝෆර් කොළොම්බස් නෙ. ඉතින් එංගලන්තයේ දී මහ රැජිනට සවුදිය පතලා බොන චාරිත්‍රය වගේ පුවෙර්තො රීකෝවේ දී රම් බොන අය අදත් වීදුරුව උස්සලා කොළොම්බස්ට සවුදිය පතන්න අමතක කරන්නෙ නැහැ.
පරංගි පුරුදු කළා කියල ලංකාවේ අය අරක්කු බි බී ඉන්නවාට වඩා ඒ අධිරාජ්‍යවාදී ඉතිහාසය එක්ක ගෑවිච්ච අරක්කු හා ලාංකික පළතුරක් මිශ්‍රිත පානයක් ලෝකයට හඳුන්වලා, පර සුද්දොන්ටම බොන්න දීලා, උන්ගෙන්ම ආපහු මුදල් ඩැහැ ගැනීම වඩා හොඳ නොවේ දැයි සිතුණ!?!!
රම් ( ) මුහුදු කොල්ලකාරයන්ගේ පානයක් නේද ? මම කියෙව්ව හුගක් පොත්වල රම් තමා මුහුදු ගමන් යන්නන් පාවිච්චී කලා කියන්නේ මේකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවාද ?
දේශීය අරක්කු දුන්නොත් සුද්දෝ ලංකාවට ආයිත් එන්න ඉතුරු වෙයිද දන්නේ නැ.මම මේ කිව්වේ ගමේ බඩු ගැන.
අපේ රටේ ගල් , පොල් තියෙනවානේ දැන් යුද්දේත් නැති එකේ තල් අරක්කු හදන්න පුලුවන් වෙයි හැබැයි ඕවා අක්කා කියනවා වගේ පලතුරු එක්ක මිශ්‍ර කරන එක කොතරම් ප්‍රායෝගිකද දන්නේ නැ.
කෝමත් සංචාරක කර්මාන්තය දියුනු වෙනකොට ලංකාවේ ඕවා වැඩි වැඩියෙන් විකිනෙයි.
ක්ෂිතිජ විජේමාන්න | විත්ති ,
රම් හා ගෙතිච්ච ඉතිහාසයත් පුරාවෘත්ත හා ප්රබන්ධයන් මහත් රාශියක්.
විකිපීඩියාවේ Samuel Morewood 1824 දී කියන්නෙ විස්කි, බ්‍රැන්ඩි හෝ අරක්කු නමින් හඳුන්වන්න මොලැසස් වලින් පෙරපු එකට දාන්න බැරි නිසා ඒකට රම් නම වැටුණා කියල. ඒකෙ තියන අතිවිශේෂී වූ අනගිත්වය කියා පාන්නට. පසුව එයාම කියනවා saccharum යන සීනි වලට කියන ලතින් වචනයේ අග කොටසින් හදාගත්ත වෙන්නැති කියල.
කැරිබියන් අය විධිමත් හා සුපතල ලෙසින් රම් පෙරන්නට ගත්තට ඉන්දියාව හා චීනය උක් වලින් මුලින්ම මත්පැන් පෙරන්නෙ කියලත් විකිපීඩියාව කියනව. මැලේ අය brum නමින් හදපු පානයක් උක් වලින් පෙරපු රම් වර්ගයක්ලු.
අධිරාජ්‍ය විරෝධී අරගල වල දී රම් ඉදිරියට ආවේ අරගලයට හා විප්ලවයට බීපු පානයක් හැටියටත්. විස්කි, බ්‍රැන්ඩි, අරක්කු අධිරාජ්‍යවාදීන් පෙරද්දී රම් හැදුවේ වහල් ජනතාව හා කැරිබියන් දුපත් යටත් වැසියන් අතින් නිසාත් වෙන්නැති.
විස්කි, බ්‍රැන්ඩි, අරක්කු රහ බලලා තියන මම කැරිබියන් මුහුදේ එකම එක රම් ෂොට් එකක් (ට්රිනඩැඩ් සහ ටොබේගෝ වල හදපු ෆර්නෑන්ඩේස් වෙළඳ නාමය) රහ බැලුවේ තතු දැන ගන්නටමයි. විස්කි වල තියන කැපිලා යන බව, බ්‍රැන්ඩි වල තියන මට සිලුටු බව හා දැනෙන දැවිල්ල හා අරක්කුවල දැඩි ඝන බව හා ගඳ නැති කිරීමට නොහැකියාව එක්ක ගත්තම රම් වල තියෙන්නෙ වඩාත් සෞම්‍ය වූ බ්රැන්ඩියකටත් වඩා දැවිල්ලෙන් අඩු වූ ප්‍රසන්න බවක්. ඒත් ඒක මගේ ‘අධිරාජ්‍ය විරෝධී’ දැක්ම තුලින් ජනනය වූ ඒකීය අත්දැකීමක් වෙන්නත් පුළුවන්!!!
බොහොම ස්තුතියි විස්තරවලට.විශේෂයෙන් රම් ගැන විස්තරේට
මම හිතන්නේ රම් මුහුදු කොල්ලකරුවන්ගේ පානයක් උනේ හේතු කිහිපයක් නිසා. එකක් තමයි රම් නිෂ්පාදනය වෙන්නේ වැඩිපුරම කැරිබියන් දුපත් ආශ්‍රිතව. නිතර මුහුදු කොල්ලකරුවන් ගැවසුණු නාවික ගමන් මාර්ග වැටි තිබුනෙත් මේ දුපත් ආශ්‍රිතව. ඒක ඒක හේතුවක් වෙන්ඩ පුළුවන්. තවත් එකක් තමයි ඒ දවස් වල එංගලන්ත ආණ්ඩුවෙන් යොදවල හිටපු කුලී නාවික සොල්දාදුවො (Privateers) මේ රම් වෙළඳාමට සම්බන්ද වෙච්ච අය. මේ සොල්දාදුවොම තමයි සමහර වෙලාවට මුහුදු කොල්ලකරුවො බවට පත් උනේ. අනික ඉතින් ගොඩක් කතා පොත් වල (Treasure Island වගේ) රම් සහ මුහුදු කොල්ලකරුවන් අතර සම්බන්දයක් දක්වල තියෙනව. එකත් අද දක්වා විස්වාසයක් හැටියට ආව කියල හිතන්ඩ පුළුවන්. ඒ විතරක්ය, ඔය උර හිසේ වහල ඉන්න කතා කරන ගිරවා, ලී කකුල, අංකුශයක් බැඳි අත, අයි පැච් ඒක වගේ මුහුදු කොල්ලකරුවන්ට සම්බන්ද අනන්‍ය ලක්ෂනත් ඔය සාහිත්‍ය කාරයෝ හදපුව වෙන්ඩ පුළුවන්.
ඔව් මුහුදු කොල්ලකාරයෝ මම හිතන්නේ හුගක් ඒවා පස්සේ සාහිත්‍යකාරයෝ රචනා කරද්දි අතින් දාපු ඒව වෙන්න පුලුවන්.මොකෝ දැන් ඉන්න මුහුදු කොල්ල කාරයෝ එන්නේ ඒ කේ 47 එක අරන් මෝටර් බෝට්ටුවලනේ
“එක පැත්තකින් දෙයියෝ හැම දෙයක්ම බලා ගනියි කියල හිතන්න පුරුදු, අනිත් පැත්තෙන් ආණ්ඩුව හැම දෙයක්ම බලා ගනියි කියලා හිතන්න පුරුදු ජනතාවක්.”
ෙම ටික කියවනකොට මට හිතුනෙ ඔයාල දෑන් ඉන්නෙ ලන්කාෙවද කියල.
ඉතුරු ටික කියවනකොට තමා ෙතරුෙන ෙවන රටක කියල,
Asela,
බලාගෙන යද්දී අද ඇමෙරිකාවෙත් වැඩියෙන් ඉන්නෙ ඔය දෙපැත්තට අයිති අය. 🙂 සංක්රමණිකයෝ තමන්ගෙ මතවාද උස්සාගෙන ඇවිත් අතහරින්න අකමැති නිසා ද මන්දා!!!!
තල් අරක්කු යාපනේ තියෙනව එලකිරි තමා
මම තල් රා නම් බීලා තියෙනවා තල් අරක්කු බීලා නැ මම කැමති නෑ යාපනේ යන්න දැන්න ගිය දවසක අරන් බලන්න ඕනේ.මොන වගේද රහ
දවස් ගානකින් අක්කේ .. ඔක්කොම ටික කියෙව්වා මරුම තමා..
Cancun ගිය වෙලාවේ Piña Colada බීවා. හරිම රහයි. ඒක නම් ගෙදර ඇවිත් ට්‍රයි කරලත් බැලුවා. හොඳට ආවා. අරක්කු වගේ දේවල් නම් මිනිස්සු බොන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ සුවඳ දැනෙනකොට.
තල් රා, පොල් රා. yuck!!!
ප්‍රවිනා ඇත්ත ඔය ගද එක්ක අරක්කු කොහොම බොනවද කියලා හිතා ගන්න අමාරුයි නේද.මම හිතන්නේ පොල් රා, තල් රා ස්භාවික පාන ඒවා.අනික මත් වෙන්නේ නෑ(මම කියන්නේ මම ගැන ) .මී රා බීලා තියෙනවාද ? එහෙමනම් ඔය අදහස ටිකක් විතර වෙනස් වෙයි.
රා කටේ තියලවත් නෑ. ‘මී රා’ ඇහුවෙත් අදයි. මොනායින්ද හදන්නේ? ඔය කියන්නේ විහිලුවටද? ඇත්තටද?
kevin perera,
මේ සිංදුව one hit wonder එකක් වුනේ සිංදුවේ අර්ථය නිසා ද නැත්නම් පින්‍යා කොලාඩාවේ ප්‍රසිද්ධිය නිසා ද කියලා තාම තේරුම් ගන්නට බැරිව ඉන්නවා!!!
මී රා කියන්නේ නොපැසුණු රා වලට.ඒ කියන්නේ තෙලිජ්ජ.ඒකේ ඇල්කොහොල් ප්‍රතිශතය හුගක් අඩුයි සීනි ප්‍රතිශතය වැඩියි.ඔය සීනී මත ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතික්‍රියා කරලා තමා ඇල්කොහොල් නිපදවෙන්නේ.හැබැයි තෙලිජ්ජ වැඩි කාලයක් තියා ගන්න බෑ ගහෙන් බාපු ගමන්ම වගේ බොන්න ඕනේ.
දන්නවාද රා වලින් අරක්කු වගේම විනාකිරිත් හදනවා.ඔය ඔක්කොමට වග කියන්න ඕනේ ක්ෂුද්‍ර ජීවින් තමා
ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
හාල් විනාකිරි, ඇපල් සයිඩර් විනාකරි, රතු වයින් විනාකිරි වගේම රම් විනාකිරිත් තියනවා. හැබැයි රම් ඇන්ඩ් විනිගර් කියන්නෙ එංගලන්තයේ හදපු මියුසික් ඇල්බම් එකක්!
බොකු බඩවැල් වාසස්ථානය කරගත්ත ක්ෂුද්‍ර ජීවින් එළියෙන් එන කට්ටිය එක්ක සිවිල් යුද්ධ දාන කොට තමයි රඟ. හරියට අපේ රට අපිට පමණයි කියලා ආපු පැත්තෙන්ම ආපහු යවන්න හදන උත්සාහයක් වගේ!!!!!!!
ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
ගහෙන් බාපු ගමන් පැනිරහ තෙලිජ්ජ වීදුරුවක් බීලා මුළු දවසක්ම නින්ද ගිය පුංචි සන්දියෙ අතීත මතකයක් මටත් තියෙනවා.
මටනම් කවදාවත් රාවලට තෙලිජ්ජ වලට මත් වෙලා නෑ.මට ගෙදරින් බොන්න බලපත්‍ර හම්බවුනේ විස්ස පැන්නට පස්සේ ඒක හින්දා පොඩි කාලේ බීලා නෑ, නැත්නම් ඉතින් මේ ක්ෂිතිජ හොයන්නවත් හම්බ වෙන්නේ නෑ.
කට්ටිය බිව්වාට පස්සේ ගුඩුස් දාන්නේ ඔය යුද්ධෙදී පාවිච්චි කරන බෝම්බ හින්දා වෙන්න ඇති
දැං ඉතිං මේක කියවල අපේ ගොයියල ගෙදර පිටිපස්සෙ ඇලේ බඩු පෙරන්න ගනීද දන්නෙ නෑ. එහෙම උනොත් ඉතිං දෙක තුනක් අනිනකොට රෙසිපි එක දුන්නෙ අරුණි අක්ක කියල කියනව ෂුවර්.
මට ඔය මෙලෝදානයක් බොන්න බෑ. ඒව හෙන ගඳයිනෙ.
බියර් බිව්වමත් වමනේ යනවලූනේ නේද?
ගෝල්ඩ් fish,
යාළු මාළුවාට මේ ලිපිය: “සාද සමයේ මත්පැන් බොන හැටි” කියවන්න බැරිවෙලා හැඩයි බියර් බිව්වම වමනෙ යනවා ද ඇහුවෙ. ගොජස් දාන එකට හේතු ගොඩයි ඒකීය වූ පුද්ගලයා අනුව! පැහැදිලි කිරීම් ඉහත සටහන හා ඊට එකතු වෙච්ච ප්‍රතිචාර කියෙව්වම ඇති වෙන්න තියනවා. බියර් වර්ගය, පුද්ගලයා තුල වූ අසාත්මිකතා, බියර් වලට කළින් ශරීරයට දාපු ‘කෑම බීම’ අනුව වූ සංකීර්ණ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.
නවම්
පෙරන අය මම කිව්වත් නැතත් පෙරන උත්සාහයන් නවත්තන්නෙ නැහැ. අනිත් පැත්තට සොයා බලා කරන උත්සාහයකින් ලොව සුපතල වන්නට හැකි පානයක් එළියට ආවොත් කාට ද සතුටු?!
ඒකනෙ නවම් මල්ලී කියන්නෙ. ඒකීය වූ පුද්ගලයා අනුවයි සියල්ල තීරණය විය යුත්තේ කියලා. පිරිසකට මනාප නැති නිසා තහනම් කරන්න අයිතියක් කාටවත් නැහැ. මනාප නැති අයව බලහත්කාරයෙන් ඇදගෙන බොන්න යැයි කියන්නත් කාටවත් අයිතියක් නැහැ.
//ඒකීය වූ පුද්ගලයා අනුවයි සියල්ල තීරණය විය යුත්තේ කියලා. පිරිසකට මනාප නැති නිසා තහනම් කරන්න අයිතියක් කාටවත් නැහැ. මනාප නැති අයව බලහත්කාරයෙන් ඇදගෙන බොන්න යැයි කියන්නත් කාටවත් අයිතියක් නැහැ//
අනේ මේක අපේ රට කරන ඇත්තන්ට තේරුමක් නැනේ.අරුණි අක්කේ බැරිද අපේ රටේ ජානධිපති වෙන්න
ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
මම රැඩිකල්වාදියෙක් හැටියට ඒකීය අයිතිය අගයද්දී සංවිධානාත්මක සංවිධානය ප්‍රතික්ෂේප කරද්දි කොහොම ද ජනාධිපති වෙන්නෙ?!!!!
හපෝ.. තල් අරක්කු නං හොඳයි තරහ කාරයෙකුට දෙන්න, අරක්කු බොන එක එපා වෙන්න දෙන්නත් හොඳයි…..
අන්න නියම ලිපියක්..(දන්නවනේ ඉතිං අපේ රසිකත්වයේ තරම)
මාත් මේ කල්පනා කරන්නේ..බෝතලේ ඉවර කරන්නම දඟලන්නේ නැතිව නිවී හැනහිල්ලේ පලතුරු හරි වෙන මොනවා හරි එක්ක අපේම දිවට හරයන තාලේ දෙයක් ගැන ඇයි අපිට හඳුන්වා දෙන්නේ නැත්තේ කියලා..
අනුන්ට කිය කිය ඉන්න වෙලේ මටම ට්‍රයි එකක් දෙන්නත් හිතෙනවා..බලමුකෝ ඉස්සරහට..
අර පොල් කිරී සීන් එකත් කරලා බලන්න ඕන ගල් එක්කවත්…
මීරා ගැනනම් කුමන කතාද…බොන්නංකෝ බැරල් එකක් හරි.
මාරයාගේ හෝරාව…,
//අපේම දිවට හරයන තාලේ දෙයක්// හොයා ගත්තොත් අපිත් එක්ක විස්තරේ බෙදා ගන්නවා නේද? ලෝකෙටම බෙදමු අපි රහ බලලා!!!!
මාරයා Production කියලා බ්‍රැන්ඩ් නේම් එකෙන් දෙමු.ජොනිගේ නාම පත්‍ර වගේ
ක්ෂිතිජ විජේමාන්න | විත්ති, අර Kill-Devil හා සමානව යන නමක්. සිංහලෙන්ම ‘මාරයා’ කියල විතරක් දාමු Production කෑල්ල අවශ්‍ය නැහැ!!!!!! භාතිය හා සංතුෂ්ටට කියලා සිංදුවකුත් හදමු!!!
අක්කේ
හැබැයි ඉතින් සින්දුව හැදුවා වගේ නෙමේ නේ ලංකාවේ කියන්න වෙන්නේ නෑ අපි ඉන්දියාවේවත් ප්‍රොමෝෂන් පටන් ගමු.
ඔන්න මාරයෝ මාර්කටින් ටීම් එක නම් ඉන්නවා නිශ්පාදනය පටන් ගත්තාම දැනුම් දෙන්න.
අනේ අපිට මොන කෝපිද????
රම් ගෑන හිතන්නවත් ඵ්පා..
හා හා දෑන් ඔක්කොම ඵෙරොප්පෙ විස්තර අහලා
ඈල්වතුර ටිකක් බීල නිදාගන්න ලෑස්තිවෙයල්ලා.(හීනෙන් වත් කන්න බොන්න ලෑබේවා )
ල0කාවෙ ඉපදුන දුක තමයි..ඉහි..ඉහි…ඈ.ඈ……..
හාමත්,
එරොප්පෙ කියන්නෙ යුරෝපයට නේද? මම ගියෙ කැරිබියන් දේශවලට.
අනික ඔය තල්, පොල්, මී රා එහෙම රස බලපු අය ගොඩක් ඉන්නවා කියල පේන්නෙ.
කැමැති කෙනෙක්ට කැමති දෙයක රහ බලන්න අයිතිය අහිමි කරන එක පව් නැද්ද?!!!
සල්ලි තියෙනවනම් හෑමදාම නත්තල් ලු
සල්ලි තියේනම් මෙහෙත් ආතල් ඵෙරොප්පෙට වෑඩිය.
අපි වගේ උන්ට හමදාම ඉතින් ප්‍රීති පුරේ(වත්තල හෑදල )තමා.
ඊරිසියාවට නෙමේයි ඔ0 හිතේ දුකට…..
හාමත්, අනේ එහෙම කියද්දී නම් හදවත හෝස් ගාලා දැවිලා යනවා (රම් සැරට නම් නෙමේ).
අනේ තෑන්ක්ස්….
මොනව කරන්නද පූරුවෙ කල පවට
හා හා කට්ටිය එහෙනම් production එක පටන් ගන්න යන්නෙ. හැබැයි quality එක නම් හොඳටම තියෙන්න ඕනෑ……….. ගමේ ඒව වගේ නම් හරියන්නැ……..
consultant අක්ක නිසා අවුලක් වෙන එකක් නෑ………
අක්ක මොකද හිතන්නෙ, අපට පුලුවන් ස්ප්රිට් එක හදාගන්න වැල/වරකා, කෙසෙල්, පැපොල්, තැඹිලි වගේ දේවල් පාවිච්චි කරන්න……..( කට්ටිය හිතයි ෆෘට් සැලඩ් එකක් හදන්න යනව කියලා)
නෑ ඉතින් පලතුරුත් පාවිච්චි කරනව කිව්වනෙ.
සනත්, ඉන්දියාවේ Tripura නගරයේ වරකා මත්පැන් හදනවාලු. හැබැයි පිලිපීන අය මත්පැන් බොද්දී වරකා කන්නෙ නැහැල්ලු විෂ වෙනවා කියල. ඕවා හොයලා බලලා කරන්න ඕන වැඩ. හැම දෙයක්ම අනාගෙන ෆෘට් සැලඩ් ගානට කවලම් කරන්න ඉක්මන් වෙන්නෙ නැතුව!!!!
වෙලාවට ලංකාවේ නැත්තේ නැත්නම් මතට තිත කියලා කොස් ගස්වලට වැඩේ දෙයි.
මම හිතන්නේ වරකාවලත් සීනි ප්‍රතිෂතය වැඩිය තියෙන හින්දායි ඇල්කොහොල් නිපදවන්න පුලුවන් වෙන්නේ කියලා
[…] කොම්පැණියේ දේපල ආපහු ඔවුනට ලැබේවි ද? බකාර්ඩි රම් නැවතත් කියුබාවේම නිෂ්පාද…? ඒවා ආපහු නොදුන්න හොත් ඇමෙරිකන් වෙළඳ […]