අරුණි ශපීරෝ‍ වෙතින්

ඔටුනු පැළඳි ‍ලෝකය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 28, 2011

විලියම්-කේට් මංගල්‍ය සමරනු වස් මෙසේ ලියමි!!!!

අධිරාජ්‍යවාදී හා රාජාණ්ඩු විරෝධී යැයි කියා ගන්නා වැඩි පිරිසක් ලෝකයේ ඉන්නවා ද? නැත්නම් එහෙම යැයි කියනා අය වැඩියෙන් ලොව සිටිනවා යයි අපි සිතනවා ද?

මෙන්න අද ලෝකයේ පවතින රාජාණ්ඩු සහ පරම ආණ්ඩු ගැන විස්තර ටිකක්.

රාජාණ්ඩුව (monarchy) නම් සියළු බලතල තනි පාලකයෙක් (monarch=single ruler) යටතේ පවතින රටක් ආණ්ඩු කරන ක්‍රමයකි. රජකම බොහෝවිට හිමි වන්නේ පරම්පරා උරුමයෙනි. උරුමයෙන් නොව සටන් බිමක දී රජකම අල්ලා ගත් පාලකයෝ ලෝක ඉතිහාසයේ සිටියහ. ඔවුන් හැඳින්වෙන්නේ ජනප්‍රිය රාජාණ්ඩු (popular monarchy) වශයෙනි. ‘රෝමවරුන්ගේ රජු’ එවැන්නක නිදසුනකි.

රජෙක් ඉන්නා රාජධානි වර්ග පරම රාජාණ්ඩු (absolute monarchy), ව්‍යවස්ථාදායක රාජාණ්ඩු (constitutional monarchy), ෆෙඩරල් රාජාණ්ඩු (federal monarchy) යනාදියයි.

අද ලෝකයේ රාජාණ්ඩු ඇති රටවල් 44 කි. එයින් 16 ක ඔටුන්න හිමි වන්නේ දෙවන එලිසබෙත් මහ රැජිනට ය. එහෙත් කිසිවෙක් එංගලන්තය අධිරාජ්‍යවාදී යැයි අද නොකියති!!!!

පරම රාජාණ්ඩුව (absolute monarchy) නම් ඔටුන්න හිමි අයගේ බලය වෙනත් කිසිම ව්‍යවස්ථා නීතියකින් සීමිත නොවී තිබීමය. පරම රාජාණ්ඩු තවමත් පවතින දේශයන් මෙසේය. බෲනෙයි (Hassanal Bolkiah -සුල්තාන්), ඕමාන් (Qaboos bin Said Al Said -සුල්තාන්), කටාර් (Hamad bin Khalifa AlThani -එමිර්), සවුදි අරාබිය (Abdullah bin Abdul Aziz -රජු), ස්වාසිලන්තය (Mswati III-රජු) සහ වතිකානුව (Pope Benedict XVI – මහරජු – Sovereign).

වතිකානුව මෙන් ම ඉරානය (Ali Khamenei -සුපිරි නායකයා -Supreme Leader) ද අයිති වන්නේ දේවාධිරාජ්‍යයන් (Theocracies) ට ය. ඒවායේ දී රටේ පාලනය රටේ ආගම අනුවත්, ආගමික සභාව මඟින් රටේ ප්‍රධානියා තීරණය කිරීමත් සිද්ධ වේ.

ඉරානයේ සුපිරි නායකයාට ඉරාන භූමියේ (2010 සංඛ්‍යා ලේඛන අනුව ජනගහණය 74,700,000) සඳහා ආගමික නීති පැනවීමට බලය තියෙද්දී වතිකානුවේ මහරජුට මුළු ලෝකයේ ම කතෝලික ආගමික බැතිමතුන් සඳහා (විකිපීඩියාවට අනුව ලෝක කතෝලික බැතිමත් ජනගහණය 6,442,583,922) ආගමික නීති පැනවීමට බලය ඇත් ද?

ව්‍යවස්ථාදායක රාජාණ්ඩු වල චාරිත්‍රානුකූල බලතල ඇති ඔටුන්න හිමි අය ඔහුගේ හෝ ඇයගේ බලය පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ කැමැත්ත ඇතිව ය. ආණ්ඩු බලයට පත්වන්නේ ජනතාව තෝරා පත් කර ගත් පිරිසකි.

එවැනි ව්‍යස්ථාදායක රාජාණ්ඩුවක වසර 59 ක් රජකමේ ඉන්නා දෙවන එලිසබෙත් මහ රැජින යටතේ ඇති රාජධානි 16: එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිව් ගිනි, ජැමෙයිකාව, ඇන්ටීගා හා බාර්බුඩා, බහාමාස්, බාර්බඩෝස්, බෙලීස්, ග්‍රැනඩා, සෙන්ට් කිට්ස් සහ නේවිස්, සෙන්ට් ලුසියා, සෙන්ට් වින්සන්ට් හා ග්‍රැනඩින්ස්, සොලොමන් දූපත් හා ටූවාලු.

ඊ ළඟට ඉතිරිය මෙසේය: ඇන්ඩෝරා (Joan Enric Vives Sicília සමඟ Nicolas Sarkozy -සම කුමරුන්), බෙල්ජියම (දෙවැනි ඇල්බට් -රජු), කාම්බෝජය (Norodom Sihamoni -අධිරාජ්‍යයා), ඩෙන්මාර්ක් (Margrethe II -රැජින), ජපානය (අකිහිතෝ -අගරජ), ලෙසෝතෝ (Letsie III -රජු), ලක්ස්ම්බර්ග් (හෙන්රි -ග්‍රෑන්ඩ් ඩ්‍යුක්), මැලේසියාව (Mizan Zainal Abidin නොහොත් සම්පූර්ණ නාමය Al-Wathiqu Billah Tuanku Sultan Mizan Zainal Abidin Ibni Al-Marhum Sultan Mahmud Al-Muktafi Billah Shah -රජු නොහොත් Yang di-Pertuan Agong නමින් හැඳින්වෙන තනතුර), නෙදර්ලන්තය (Beatrix Wilhelmina Armgard -මහරැජින), නොර්වේ (පස්වැනි හරාල්ඩ්), ස්පාඤ්ඤය (Juan Carlos I -රජු), ස්වීඩනය (Carl XVI Gustaf -මහරජ) සහ තායිලන්තය (වසර 64 ක් රජකමේ ඉන්නා Bhumibol Adulyadej නොහොත් Rama IX).

ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් තිබිය දී, අගමැතිවරයෙක් සිටිය දී, ඔටුන්න හිමි අයට දේශපාලන බලය කැමති පරිදි පාවිච්චි කළ හැකි රාජාණ්ඩු මෙසේය. බහ්රේන් (Hamad ibn Isa Al Khalifa -රජු), භූටාන් (Jigme Khesar Namgyel Wangchuck -රජු), ජෝර්දාන් (දෙවැනි අබ්දුල්ලා -රජු), කුවෙයිට් (Sabah Al-Ahmad Al-Jaber Al-Sabah -එමිර්), ලීෂන්ස්ටයින් (Hans-Adam II නොහොත් Johannes (Hans) Adam Ferdinand Alois Josef Maria Marko d’Aviano Pius von und zu Liechtenstein -කුමරු), මොනාකෝ (දෙවැනි ඇල්බට් නොහොත් Albert Alexandre Louis Pierre Grimaldi -කුමරා), මොරොක්කෝ (Mohammed VI -රජු), ටොන්ගා (George Tupou V -රජු), එක්සත් අරාබි එමයිරේට්ස් (Khalifa bin Zayed Al Nahyan -ජනාධිපති).

ඔය ලැයිස්තු වල නම් තියන අය ඉස්සරහා දී ඔවුන් සිටගෙන සිටිනවා නම් අවසර නැතිව තමන්ට වාඩි වෙලා ඉන්න බැහැ. ඒ ඒ අයගෙ සම්ප්‍රදාය අනුව ආචාර සමාචාර කරන්න ඔවුන් හමුවන්න කලින් පුහුණුවකුත් ලැබෙනවා. බිල් ගේට්ස් ඉදිරියේ දී නම් ඉන්න පුටුවෙන් නැඟිටින්නෙ නැතිව එයාව තුට්ටුවකට ගණන් නොගෙන ඉන්න පුළුවන්!!! ඔබාමා ඉස්සරහා දී ත් කැමති කෙනෙක් එහෙම කළාට නීතියෙන් දඬුවමක් නැහැ.

මහජන චන්ද විමසීමකින් තොරව, ආණ්ඩුව හා පාලන පක්ෂය විවේචනය කරනු නොහැකි, එක දේශපාලන පක්ෂයකට පමණක් බලය ඇති පරම ආණ්ඩු රටවල් මෙසේය. කියුබාව (කොමියුනිස්ට් පක්ෂය -රාවුල් කැස්ත්‍රො -ජනාධිපති), උතුරු කොරියාව (කම්කරු පක්ෂය -කිම් යොන්ග්-ඉල් -සුපිරි නායකයා), ඉරිත්‍රියාව (Isaias Afewerki -ජනාධිපති), ලාඕස්, ලිබියාව (මුමාර් ගඩාෆි -අරගලයේ මඟපෙන්වන්නා හා නායකයා), චීන සමූහාණ්ඩුව (Hu Jintao -චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සහ ජනාධිපති), සිරියාව (Bashar al-Assad -ජනාධිපති), ටර්ක්මෙනිස්තාන් (Gurbanguly Berdimuhamedow -ජනාධිපති), වියට්නාමය (Nguyễn Phú Trọng -මහ ලේකම්, චීන කොමියුනිස්ට් පක්ෂය).

හොස්නි මුබාරක් එළවා දැමූ මිලිටරි ජුන්ටා පාලන ක්‍රමය ඇති ඊජිපත්තුවේ Mohamed Hussein Tantawi -මිලිටරි හමුදා‍වන්හි සුපිරි කවුන්සිලයේ සභාපති වෙයි. මිලිටරි ජුන්ටාවක් සමඟින් පාර්ලිමේන්තු ජනරජයක් ඇති ෆීජි හි Epeli Nailatikau ජනාධිපතිවරයා ය. එහෙත් තවමත් දෙවැනි එළි‍සබෙත් රැජින ද එහි Paramount Chief නාමයෙන් පිදුම් ලබන්නී ය.

උපත්තිය නිසා විශේෂ සැලකිලි නොලැබී හැමටම පොදුවේ “ඔබ දැන් රටේ පුරවැසියෙක්, ඔබට චන්දය ප්‍රකාශ කරන්න සහ ආණ්ඩුව විවේචන කරන්න නිදහස තියනවා” කියන රටවල් ලෝකයේ කොච්චර හිඟ ද?

මේ තරම් පිරිසක් ඔටුනු පළඳින ලෝකයේ දී, බලහත්කාරයෙන් පුරවැසියන් පාලනය කරන ලෝකයේ දී, යටත් විජිතයක් නැති, වසර හතරකින් පසු ගෙදර යවත හැකි ජනාධිපතිවරයෙක් ඉන්නා ‘ඇමෙරිකන් අධිරාජ්‍යවාදයක්’ ගැන කතා කරන්නේ මන්ද?!!!!!

ඔය සියළු බල ලෝභී පාලකයෝ ඉන්නවා මදිවාට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයකුත් පත් කරගෙන ඇත්තෙමු. ඔවුන්ට අයත් භූමියක් නැත. පුරවැසිකම කියන ජනකොට්ඨාශයක් නැත. ඒත් භූමි අයිතිය ඇති අයට නීති දැමිය හැකිය. ජනකොට්ඨාශ වලට බලපෑම් කළ හැකිය. චීනයට හා රුසියාවට නොකරන බලපෑම් දුප්පත් ශ්‍රී ලංකාවට කළ හැකිය!!!

21 Responses

Subscribe to comments with RSS.

  1. සුජීව said, on අප්‍රේල් 28, 2011 at 5:30 ප.ව.

    රජෙකුට හිස නමන්නට ඇති අකමැත්තට භෞතික විද්‍යා නොබෙල් තෑග්ග ගන්න නොගිය රිචඩ් ෆේන්මන් සිහිපත් වේ.

    රාජාණ්ඩු වල ඇති විකාරයන් අපට තේරුම නොගියත්, ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් රටවල යටින් දුවන සාධාරණත්වය රාජාණ්ඩු වල එළි පිට ක්‍රියාකාරිත්වයට නොදෙවෙනි වේ.

    තමන් ඉදිරියේ හිඳගෙන හිටින ගැත්තාට දඬුවම් කිරීම බිල ගේට්ස් නොකලත්, තම ව්‍යාපාරික මාවතේ හිඳගෙන සිටින තාක්ෂණයෙන් තමන්ට වඩා උසස් පුංචි කොම්පැනි වලට යන එන මං නැති කිරීම ඔහු විසින් කරනු ලැබේ.

    මෙය අපට පෙන්වා දෙන්නේ ලිබරල් රාමුව තවත් එක රැවටිල්ලක් බවත්, අප පිළිගන්නා සාධාරණත්වය තවත් මොළ සේදීමක් බවත් ය.

    • arunishapiro said, on අප්‍රේල් 28, 2011 at 6:10 ප.ව.

      සුජීව,
      //ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් රටවල යටින් දුවන සාධාරණත්වය//

      ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අවශ්‍ය තමන් විසින් යැයි අමතක කරන, කුසීත වූ හා පැතිවාදයෙන් වැඩ ගන්නට හුරු වී ඉන්නා පුරවැසියා නිසා සිද්ධ වෙන්නක් මිස ප්‍රජාතන්ත්‍රවාදයේ වැරැද්දක් නෙමෙයි.

      //තමන්ට වඩා උසස් පුංචි කොම්පැනි වලට යන එන මං නැති කිරීම//

      මම කිව්වෙ මනුෂ්‍යත්වය ගැන. එනම් නිදහස් පුද්ගලයෙක් හා රාජාණ්ඩුවක ඉන්නා නිදහස් නොවන යටත් වැසියෙක් ගැන.

      නිදහස් වෙළඳපොලක කෙරෙන තරඟයක පුංචි කොම්පැණි ලොකු කොම්පැණි කියලා භේදයක් නැහැනෙ!

      දුක හිතෙන්නෙ හැබැයි නිදහස් වෙළඳපොලක් තිබිය යුතු ධනවාදී රටක බිල් ගේට්ස්ට ‘යන එන මං නැති කරපු ‍පුංචි කොම්පැණි’ වලට සෑහෙන්න වන්දි ගෙවන්න වෙච්ච එක.

      අද දවසේ ඖෂධ නිෂ්පාදන කරන කොම්පැණි වලට සොයාගත් හා නිපැද වූ ඖෂධ අයිතිය තියා ගන්න බලය වසර පහක් විතරයි.

      ඒ ප්‍රතිපත්ති නිදහස් වෙළඳපොලට බාධාවක්!!

      ලිබරල් රාමුව නම් රැවටිල්ලක් වෙන්නැති. ඒ නාමයෙන් කරන රැවටීම් ගැන කළින් ද සටහනක් දැම්මානෙ. ලිබරල් (Liberal) සහ ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) එකක් නොව දෙකකි.

      • සුජීව said, on අප්‍රේල් 29, 2011 at 4:33 ප.ව.

        සියල්ල චාටර් ලෝකේ ඔය රටවල් ටික සර්ව සාධාරණ වනු ඇතැයි මට නොසිතේ. ඔය රටවල එළිපිට ඇති සාධාරණත්වය කෙනෙක් මනින්නේ ඔවුන් විසින් ම ගොඩ නැගු සාදාරනත්වයේ මිනුම් දඬු වලින්. වෙනත් රාමුවක් තුල ඔබ සුළුකොට තකන දේ බලවත් වීමත්, ලොකුවට සලකන දේවල් අරුත්සුන් වීමත් ඔබ බලාපොරොත්තු විය යුතුයි නේද?

        මටනම් පසුගාමී ලොකු කොමපැනි තාක්ෂණයෙන් පෙරට ආ පුංචි කොම්පැනි වට්ටන්නට කල දේවල්, තෙල් වෙළෙන්දන් පිරිසිදු ශක්ති ප්‍රභව වට්ටන්නට කල දේවල් ලිබරල් මාකට් නේ කියා සාධාරණය කල නොහැකියි. මට ඔවුන් පෙනෙන්නේ කීම යොන් ඉල් කස්ත්‍රෝ ගඩාෆි වගේම තමයි. බලය වෙනුවට ධනය යොදවන කිසියම් ක්ෂේත්‍රයක ඒකාධිපතියන්.

        එමෙන්ම ඉන්ටෙලිජන්ට් ඩිසයින් කල්පිතයේ විද්‍යාත්මක බව පාර්ලිමේන්තු චන්දයක් හරහා විසඳන පට්ට ලිබරල් ක්‍රමය විහිළුවක්. මෙහිදී සංඛ්‍යාත්මක එකඟතාවය නොවේ බුද්ධිමය එකඟතාවය තමයි වැදගත්.

        ගැහැණියට දරු බරින් වන කරදරය නවතන්නට [ලිබරල්] උපදින්නට ඉන්න දරුවෙක් මැරීම නීති ගත කිරීම සාධාරණද? එසේ නොකිරීම සාධාරණද? උපදින තුරු ලිබරල් අයිතිය අහිමිද? අම්මට හා තාත්තට වෙන්වන්නට ඇති ලිබරල් අයිතීයෙන් සිත් තැලුම් කන දරුවන්ට වෙනත් දරුවන් මෙන් තම දෙමව්පියන්ට එක වර තුරුළු වන්නට “ලිබරල්” අයිතියක් ඇද්ද? [මගේ දුවගේ ලොකුම විනෝදාංශයක්] වෙන්වීමේ ලිබරල් අයිතිය තහනම් කරමුද? සමලිංගික මිනිසුන්ට අන්‍යයන්ට මෙන් දරුවන් හදන්නට අයිතියක් නැද්ද? එසේ හැදෙන දරුවන්ට පැහැදිලිවම අහිමි වන මව් හෝ පිය සෙනෙහස ඔවුන්ගේ ලිබරල් අයිතියක් නොවේද?

        මේ ලෝකයේ සම්පත් සියල්ල අප සියලු දෙනාට ලිබරල් ව ජිවත් වන්නට ප්‍රමානවත් නැති බවත්, ඔබ අත් විඳින [බව සිතා සිටින] ලිබරල් අයිතිය වෙනුවෙන් වෙනත් රටක අය ජිවිත වන්දියෙන් වහල් කම කරන බවත් ඔබ පිළිගන්නවාද? කෙලින් හෝ වක්‍රව වන මේ වහල්කමින් උන්ට ලිබරල් නිදහස දුන්නොත් ඔබේ ලිබරල් නිදහස අහිමි වන බව ඔබට නොපෙනේද?

        කියුබානුන්ගේ චිනුන්ගේ නිදහස් අයිතිය අගයන ඔබට, අපේ අහරට කැප කරන සතුන්ට ඇති ජීවත්වීමේ අයිතිය ගැන හිතෙන්නේ මොකද්ද? මස් කන මාත් එසේ යයි හැඟෙන ඔබත් මේ ගැන අහවල් දෙයක් කරන්නද? වෙජිටේරියන් වීමෙන් වැඩේ හරි යයිද? එක ඊට වඩා ලොකු රැවටිල්ලක් නොවේද?

        ලිබරල් අයිතීන් මිනිසුන්ට පමණක් සිමා කරමුද? එය ගෝත්‍රවාදී ප්‍රාථමික මතයක් නොවේද? සියලු සතුන්ගේ ලිබරල් අයිතිය අගැයු පෙරදිග චින්තනය ගැන ඔබ මොකද්ද හිතන්නේ? එය ඔය කියන තරම් ප්‍රායෝගිකද, අවංකද? නැත්නම් ලේබල් වලට කරන රැවටිල්ලක් නොවේද?

        මේ ඔක්කොටම උත්තර නැහැ නොවේ. ඔබ මනින මිනුම් දන්ඩේන් ඔබ උත්තර දෙයි. මා වෙනත් මිනුම් දණ්ඩකින්. අරුණි පස්සේ එලවන අපේ සමාජවාදී මිතුරන් තවත් එකකින්. කතෝලිකයින් එකකින්, බෞද්ධයින් තවෙකකින්.

        සියල්ලේම පොදු සංගුණකය නම්, අපි හැමෝම අපි ප්‍රියකරන ලිබරල් අයිතියක් වෙනුවෙන් වෙනත් එවැනි අයිතියක් යටපත් කරන බවයි.

        දුප්පත්කම නැති කරන්න ලෝකයේ ඔක්කොම සමාන කරන්නට තතනන සමාජවාදීන් ඒ තුලින් ඉතිරි ලෝකයත් දුප්පත් කිරීම කරන්නා සේ සියල්ල ලිබරල් කරන්නට බැරි බවයි මට සිතෙන්නේ. මිනිසුන් එකිනෙකා හා බැඳෙන තරම වැඩි නිසා එකෙකුගේ ලිබරල් අයිතිය අනිකාගේ වෙනත් ලිබරල් අයිතියකට කැපී යයි.

        ලින්කන්ගේ හැරමිට්ට හුදු අතාත්වික රැවටිල්ලක් පමණි. ලින්කන්ට කියන්නට ලෙහෙසියි කරලා පෙන්නන්න කාටද පුළුවන්.

      • සුජීව said, on අප්‍රේල් 29, 2011 at 5:05 ප.ව.

        කාලයක් අතර දමා තිබු දාර්ශනික ලියමන් මාත් පටන් ගත්තා. තල්ලුව දුන්නු අරුනිට මල් මිටක් [නොවේ එහෙම පිටින්ම මල් ගෝනියක්]

        ලිබරල් මිත්‍යාව හා ලින්කන්ගේ අතාත්වික හැරමිට්ට

        [මේක ඇඩ් එකක් වීම නොවැලැක්විය හැකි බව කරුණාවෙන් සලකන්න]

        • arunishapiro said, on අප්‍රේල් 29, 2011 at 8:56 ප.ව.

          සුජීව,
          ගියා අඩවියට මේ ප්‍රතිචාරය දාන්න. ඒත් ඉඩක් දුන්නෙ නැහැ. පොඩ්ඩක් සොයා බලන්න.
          ******
          කුණු බිත්තරයක් දුන්නත් මල් ගෝනියක් දුන්නත් දෙකේම අගයක් තියනවා!!!

          අදහස් ප්‍රකාශයට ඉඩ කඩ වැසී යන කාලයක අළුත් තැනක් විවෘත වීම සතුටට කාරණයක්.

          සුබ පැතුම් සහ ජයවේවා!

          මම එන්නෙ බලන්න නෙමෙයි; ‘කියවන මොළයට’ ව්‍යායාමයක් දෙන්න. එහෙම නැති තැන්වල වැඩිය කාලේ ගෙවන්නෙ නැහැ. මොකද ‘කියවන මොළය’ මගේ පුද්ගලික දේපලනෙ!!!

          ‘අටුවාව’ කියන්නෙ commentary නැත්නම් ‘අර්ථ කතා’. එහි දී කරන්නෙ යම් දර්ශනයක් ගැන පහදා දීමක් කරන එක. අහපු දේවල් ‘උඩින් පල්ලෙන්’ කියවපු දේවල් මතවාදයක් ලෙසින් අකුරට දානවා නම් පහදා දෙන දර්ශනය කුමක් දැයි පෙන්වා දෙන්න ඕන. ඒවා හුදු කටකතා ඕපාදූප වුනත් කමක් නැහැ. ඒ තැන් වල දී ඒක එහෙමයි කියලා කියන්න ඕනා.

          දැන් සුජීව කරලා තියෙන්නෙ මූලාශ්‍ර නොපෙන්වා, ලින්කන් නම පාවිච්චියට ගෙන, විවිධ අය විසින්, විවිධ කාලයන්හි දී ඉදිරිපත් කරන ලද ‘විවිධ ලිබරල් මතාවදී’ අදහස් ගොන්නක් ගෙනහැර පා, ඒ ගැන තම මත දැක්වීමක්.

          ඔහොම ලියුවා ම තමයි කවුරුත් ‘කියවන්නෙ’ නැත්තෙ!!!

          කැමති නම් මෙහෙම පටන් ගනිමු. ඔයා කියලා තියන එක මතයක් අර ගනිමු සංවාදයට.

          ඉස්සර වෙලාම තමන් ‘ලිබරල්’ කියා හඳුන්වන්නේ කුමක් දැයි නිර්වචනය කරන්න.

          ඊ ළඟට,
          “මේ ලෝකයේ සම්පත් සියල්ල අපි සියළු දෙනාටම ලිබරල්ව ජීවත් වීමට ප්‍රමාණවත් නැති බව” පෙන්වා දෙන්න. හැබැයි පෙන්වා දිය යුත්තේ දත්ත සහ මූලාශ සහිතව. නැත්නම් ඒක ඔයාගෙ හිතේ ඇතිවෙච්ච, අනුන් ගෙන් ඉල්ලා ගත්ත ‘කතාවක්’ විතරයි.

          ඒ සටහන දැම්මට පස්සේ අපි සටහන විවාද කරමු.

      • සුජීව said, on මැයි 1, 2011 at 3:21 ප.ව.

        අරුණි;

        නිතර ජාලයට එන්නට කාලය ඉඩ නොදේ. වැඩි විස්තර පසුවට තබා මුලික දේ පමණක්.

        මා කොමෙන්ටු මොඩරේට් කර නැහැ [දන්නා තරමට]. බ්ලොගර් එකවුන්ට් එකකින් නැතුව ලියන්න බරුද නම් දන්නේ නැහැ. ඔබට අත් දකින්න වෙච්ච දෙය කියන්න ඒකෙන බලා ගන්න පුළුවන් ප්‍රශ්නේ.

        ඔබ පෙන්වා දුන් කරුණු ගැන නැවත අපි කතා කරමු. වරින් වර මිනිසුන් ලිබරල් වාදය ලෙස අර්ථ දැක්වූ/දක්වන මත සමුහයක නොගැලපීම පමණයි මට පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ. තනිකරම ලිබරල් විය යුතුයි කියන අයගේ අඩුපාඩුවක් පෙන්න දීම මිස ලිබරල්වාදය සහමුලින් එපා කියන එක නොවේ මගේ අදහස. මා හිතන්නේ ඔය කොයි අදහසත් සුදුසු ලෙස භාවිතා කිරීමයි වැදගත්.

        විස්තර පස්සේ ලියමු.

  2. isuru said, on අප්‍රේල් 28, 2011 at 7:34 ප.ව.

    “ඔය සියළු බල ලෝභී පාලකයෝ ඉන්නවා මදිවාට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයකුත් පත් කරගෙන ඇත්තෙමු. ඔවුන්ට අයත් භූමියක් නැත. පුරවැසිකම කියන ජනකොට්ඨාශයක් නැත. ඒත් භූමි අයිතිය ඇති අයට නීති දැමිය හැකිය. ජනකොට්ඨාශ වලට බලපෑම් කළ හැකිය. චීනයට හා රුසියාවට නොකරන බලපෑම් දුප්පත් ශ්‍රී ලංකාවට කළ හැකිය!!! ”

    තව ටිකක් ලෝකය ගැන සොයා බැලුවානම් මේවා ගැන තේරෙන්න ගනියි.

  3. aravinda said, on අප්‍රේල් 29, 2011 at 11:05 පෙ.ව.

    ඔබ වාඩාත් රගපාන්න කෑමති කොලමාගේ චරිතයද ඔත්තුකාරයාගේ චරිචයද?
    එහෙම නෑතිනම් නොදන්න කෙහෙල්මලවල් ලියන්න ගිහින් මොලේ කුරුවල් කරගෙනද?
    තමුන් තමුන්ගේ විශය පතයේ ප්‍රමානිකයෙක්.ඒක බල්ලට දාල විසා දික්කරගන්න අඩන බොරු ආනාතයෙක් වගේ වෑඩ කරනවා.
    ඔය සෙල්ලම කෑනඩාවේ/යුරෝපයේ බොහොම ප්‍රසිද්දය්.
    තමුන්ට නිකරුනේ වෑයකරන්න කාලය තියනවනම් තමුන්ගේ දෑනුම අනුන්ට ප්‍රොයජනවත් වෙන විදිහට පාවිච්ච් කරන්න බලන්න,
    මේක ඔබගේ පසුගිය සමහර පොස්ට් වලට සාරාන්ශ පිලිතුරක්.
    I know my above mentioned comments are insulting you.
    You do not have VISA issue or finacial issues to beg from others.You are professional.
    This is my personal comments on you.Not to publish.
    If you like to publish,before that, as your wish you can edit it.I do not have any objection,
    tks

    • arunishapiro said, on අප්‍රේල් 29, 2011 at 9:11 ප.ව.

      aravinda,
      මම මොන //විශය පතයේ ප්‍රමානිකයෙක්// දැයි කියා ද ඔබ කියන්නේ?

      අනුන්ගේ කටු ලෙවකන්න අවශ්‍යතාවයක් නැති, පැතිවාදී නො‍වන අයෙකුට නොවේ ද, නැතිවෙන දෙයක් ගැන බියක් නැතිව ලියන්න පුළුවන්?

  4. Ashoka said, on අප්‍රේල් 29, 2011 at 11:54 පෙ.ව.

    I have red your posts here and there before but today only I came to this site and looked closely.

    Seems like you put lot of effort and gather facts diligently, for each of your articles (and you write them frequently as well!). There are lot of things to learn from each article since lot of facts have been searched up and put into those. Admire the effort!

    There are few things I disagree as well (such as questioning the ‘ඇමෙරිකන් අධිරාජ්‍යවාදය්’, the way US trying to control poor countries and bully rest of the world is too obvious isn’t it? Cuba and some of other countries listed may not be having multy party politics but they at least do not interfere in other countries affairs :-))

    However, when one writes so frequently in so many varied topics with much hardly collected facts, surprise would be if a reader didn’t find an item or two to disagree with!

    nice post.

    • arunishapiro said, on අප්‍රේල් 29, 2011 at 9:07 ප.ව.

      Ashoka,
      ඕපාදූපයන් හා කට කතාවන් ඔප්පු කරන ලද සත්‍යයන් සේ පතුරුවා හරින ලෝකයක, තතු සොයා ගන්නට හැකියාව තිබිය දී එසේ නොකිරීම මනුෂ්‍යත්වයට නිගාවකි!!!

      මා සටහන් කරන යමකට, ස්වල්පයකට හෝ කිසිවකට එකඟ නොවුනාට කම් නැත. මගේ අදහස් කියන්නට මට ඇති නිදහස මම ඔබටත් දෙන්නෙමි.

      කියවන්න ආවාට බොහොම ස්තූතියි. ඔබ කරගෙන යන සංවාද කියවන්න ද එන්නෙමි.

  5. සුජීව said, on අප්‍රේල් 29, 2011 at 4:02 ප.ව.

    අරුණි ශපිරෝ චානුක වත්තේගම දුටුවාද?

    http://sihisatahan.wordpress.com/

    • kevin perera said, on අප්‍රේල් 29, 2011 at 7:24 ප.ව.

      http://sihisatahan.wordpress.com/2011/04/28/blogpost25-2/#comments
      අරුණි ශපීරෝ‍ is new Ayn Rand?

      • arunishapiro said, on අප්‍රේල් 29, 2011 at 9:17 ප.ව.

        kevin perera,
        බලාපොරොත්තු වන්න ළඟදීම: “අයින් රෑන්ඩ් නැමති ඩබල් ඒජන්ට් රතු හමුදාව කැඳවා ඇති අයුරු” -අරුණි ශපීරෝ වෙතින්…..

        මේ සටහන දාන්න පොඩ්ඩක් පරක්කු කරන්න ඕනා. ඇය ලියූ පොත් “උඩින් පල්ලෙන් බලන සිරිත ඇති සිංහලෙන් කියවන්නෝ” ඔය විකිපිඩීයාවෙන් එහෙන් මෙහෙන් කෑලි අල්ලා ගන්නවා වෙනුවට අඩුගානෙ ගිහින් චිත්‍රපටිය වත් දකිනා තෙක්!!!!!! නැත්නම් මම දාන සටහන බැලුවට ‘කියවන මොළයෙන් අමුණ ගන්න’ බැරි වෙයි!!!!

    • arunishapiro said, on අප්‍රේල් 29, 2011 at 9:18 ප.ව.

      සුජීව,
      ඔව්.

  6. appu said, on අප්‍රේල් 30, 2011 at 3:14 පෙ.ව.

    රාජන්ඩු තමා 3වන ලොකයේ කොයි රටෙත් තියෙන්නේ.

    ඈමරිකවෙත් ඵ්කම සමාජයක් නෙ පාලනය ගෙනියන්නෙ.
    ච්න්දෙ ඉල්ලන්නෙ වෙනස් මූනු. ඵ්කම සිස්ට්ස්ම්ඵ්ක ,ඔවට අපිනම් කියන්නෙ කොලේ වහල ගහනවා කියලයි.
    චීනෙ විවුර්තකරපියව් කියලා කයියගහන ඈමරිකන් කාරයො ඵයාලගෙ උඩින් කපුටෙකුටවත් යන්න දෙනවද?අපි නොදන්න ඔපන්.

  7. appu said, on අප්‍රේල් 30, 2011 at 3:15 පෙ.ව.

    රාජන්ඩු තමා 3වන ලොකයේ කොයි රටෙත් තියෙන්නේ.

    ඈමරිකවෙත් ඵ්කම සමාජයක් නෙ පාලනය ගෙනියන්නෙ.
    ච්න්දෙ ඉල්ලන්නෙ වෙනස් මූනු. ඵ්කම සිස්ට්ස්ම්ඵ්ක ,ඔවට අපිනම් කියන්නෙ කොලේ වහල ගහනවා කියලයි.
    චීනෙ විවුර්තකරපියව් කියලා කයියගහන ඈමරිකන් කාරයො ඵයාලගෙ Area 51උඩින් කපුටෙකුටවත් යන්න දෙනවද?අපි නොදන්න ඔපන්

  8. උකුස්සා said, on අප්‍රේල් 30, 2011 at 6:55 පෙ.ව.

    @සූජීව

    මට නම් සූජීව හිතන විදියට හිතෙන්නෙ ගල් බෝතල් 3/4 විතර ගහපු වෙලාවට.

    ඔය දේශපාලනය විග්‍රහකරන්නෙ පද්මකුමාරගේ මුල් පිටුවෙ වගේ.
    මාර ප්‍රාතමිකයි යාලු.
    CNN කතන්දර ඵ්හෙම්ම කොපි පේස්ට්.

    බටහිර මාද්ය අවුරුදු 50 තිස්සෙ ගහන බයිලාව ගහන්න නම් කෙනෙකුට තර්කබුද්දියක් අව්ශ්යද?

  9. anjana said, on ජනවාරි 19, 2012 at 1:46 පෙ.ව.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අද කෙරෙන්නෙ මෙච්චරයි. එ නිසා තමයි මෑත කාලයේ ලෝක ප්‍රශ්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිශ්චිත දෙයක් වෙලා.

    • arunishapiro said, on ජනවාරි 19, 2012 at 9:04 පෙ.ව.

      anjana,

      එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරුණු සාර්ථක වෙච්ච වැඩේ මොකක් ද?!!! ඒක පටන් ගනිද්දී ම ලෝකයේ කිසිම පුරවැසියෙක්ව නියෝජනය නොවෙන, elite කල්ලියක් විසින් අනිත් අයට නීති කැඩුවාට දඬුවම් දිය නොහැකි නීති ගෙනෙන්නට හදා ගත්ත විසල් ආණ්ඩුවක්!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: