යුරෝපයේ අඳුරු යුගය
ග්‍රාන්ඩ් ෆ්‍රී ඉස්තාන්බුල් දිනාගත් සෙබැස්ටියන් වෙටල් ට ජයවේවා!
ඉස්තාන්බුල් වලට ගිය තාත්තා මට පින්තූර තැපැල් පතක් එවන්නේ 1975 ගණන් වල දී ය. ඉස්තාන්බුල් වලින් මට සුදු අප්පුහාමි පින්තූර තැපැල් පත් එවන්නේ 1985 ගණන් වල දී ය!!! ඉදිරි දිනයෙක ඉස්තාන්බුල් ගිහින් ග්‍රාන්ඩ් ෆ්‍රී ද බලාගෙන ආ යුතුය.
අන්කාරා අග නගරය වන තුර්කියේ වැඩිම ජනගහණයක් ඉන්නේ ඉස්තාන්බුල් වල ය.
තුර්කි මෙහෙයුම් වලින් ප්‍රථුල වන ඔටොමාන් අධිරාජ්‍යයේ බලවත්ම සමය 1683 ගණන් වල දී ය. (ටයිප් කරද්දී වූ වැරැද්ද පෙන්වා දුන් Ashok ට ස්තූතිය!!) ඊට ඇතැන්ස්, බුඩාපෙස්ට්, බෙල්ග්‍රෙඩ්, ට්‍රිපොලි, කොන්ස්තන්තිනෝපල්, කයිරෝ, බැග්ඩාඩ් (මෙහි තාත්තා සහ අම්මා ජීවත්වනුයේ 1960 ගණන් වල දී ය), ජෙරුසෙලම, මෙකා, මැදීනා, ඩැමස්කස් යනාදී නගරයන් අයිති වෙයි.
රෝම අධිරාජ්‍ය කඩා වැටීමත් සමඟ යුරෝපයේ මධ්‍යතන යුගය උදා විය.
ක්‍රි. ව. 1500 දී ලෝක ශිෂ්ඨාචාරයන් අතරින් දෙකක් ඉහළින් වැජඹුනහ. එකක් ඉස්ලාමීය ආරාබියේ ශිෂ්ඨාචාරය සහ අනික චීන ශිෂ්ඨාචාරයයි. මින්ග් රාජවංශ පෙළපත යුගයේ දී චීන තාරකා ශාස්ත්‍රඥයෝ සූර්යග්‍රහණ ගැන සහ ග්‍රහලෝක ගැන බොහෝ තොරතුරු දත්හ. මුද්‍රණය, වෙඩි බෙහෙත් (gunpowder) සහ දිශාදර්ශකය (compass) ඒ අතර ලොව සුවිශේෂී වූ සොයා ගැනීම් ය.
5 වැනි ශත වර්ෂයේ දී චීන්නු විශාල නැව් සමූහයක් ඉන්දියාව හා අප්‍රිකාව ගවේෂණය සඳහා පිටත් කර යැවූහ. චීන අධිරාජ්‍ය, විවිධ වූ පිරිස් වලින් එකතු වූ ජන සමූහයකින් හා ඔවුන් පාලනය කරන රාජාණ්ඩුවකින් යුතු විය. චීන ශිෂ්ඨාචාරයේ සද්ගුණය හා විද්වත් එකතුව වූයේ කොන්ෆියුසියස් දර්ශනය වටා ය. ඥාත්යානුග්රහය (nepotism) සහ රාජානුග්‍රහය වෙනුවට එදා චීනයේ වූයේ කුසලතාවයට තැන දීමෙන් ආණ්ඩුවේ තනතුරු තීරණය වන ක්රමයකි. චීන සමාජයේ පෝසිලේන් කර්මාන්තය, සිල්ක් එම්යිබේරාඩර් වැනි අනිත් ශිෂ්ඨාචාරවල එදා නොදැකි සුඛෝපභෝගී අනගිත්වයක් දකින්නට ලැබුණි.
1500 වසරේ ඉස්ලාමීය ශිෂ්ඨාචාරයේ අනගිත්වය ද ඉහළ තලයක විය. යුරෝපය, ආසියාව හා අප්‍රිකාව පුරා පැතිර තිබූ මුස්ලිම් අධිරාජ්‍යය එකම ඇදහීමකින්, එනම් ඉස්ලාම්, යුතු විය. එකම භාෂාවකින්, එනම් අරාබි, යුතු විය. ඉන්දියාව හා ඈත නැගෙනහිර රටවල් සමඟ වූ වෙළඳාමෙන් ඔවුනට වූයේ සශ්‍රීක ආර්ථිකයකි. ඔවුන් සතු හැම පළාතකම පැතිර ගියේ සමානකම් වලින් යුතු නීති පද්ධතියකි. ගෘහ නිර්මාණ ශිල්පයේ අතිභවනීය වූ ගොඩනැඟිලි ඔව්හු ඉදි කළහ. බැග්ඩෑඩය, ඩැමස්කස්, කයිරෝ, ඉස්තාන්බුල්, සෙවිල් හා ග්රැනඩා වැනි දර්ශනීය නගරයන් මුස්ලිම්වරුන් අතින් නිර්මාණය වී ඒවා වෙළඳාමින් හා සභ්‍යත්වයෙන් බැබළෙන නගරයන් වූහ.
සංස්කෘතිය, පොතපත හා උගත්කම ගැන වූ ශාස්ත්‍රීය පරිශ්‍රමයකින් වැජඹුණි. එදා යුරෝපයේ නොතිබි, විවිධ වූ, සාරවත් වූ, සංකීර්ණ වූ පොතපත බිහිවූයේ ඉස්ලාමීය ප්‍රාඥයන් සේ සැලකෙන Ibn Sinha (Avicenna) Ibn Rushd (Averroes), Ibn Khaldun, al-Ghazali, al-Farabi සහ al-Kindi යනාදීන් අතිනි. යුරෝපයේ අඳුරු යුගයේ දී නැතිවූවා යැයි කියන ඇරිස්ටෝටල් ගේ කෘතියන් ඉස්ලාමීය ලෝකය ආරක්ෂා කරගෙන තිබුණි.
1500 වසරේ දී ඉන්දියාවේ හින්දු දහම සහ බුද්ධාගම පැතිර තිබිණ. හින්දු සභ්‍යත්වයේ ගණිතමය ඥානය ඉහළ තලයක විය. චීන බෞද්ධ Faxian ඉන්දියන් සාගරය තරණය කර ඉන්දියාවට හා ලංකාවට පැමිණ බෞද්ධ ලියැවිලි ගවේෂණය කරන්නේ 5 වැනි ශ. ව. දී ය. අරාබි වෙළෙන්ඳන් හින්දුන් ගෙන් බිංදුව සහ negative numbers ගැන ඉගෙන ගනිති. ජෝර්ජියානු කැලැන්ඩරයේ අද දක්වාම බිංදුව වසරක් නැත. ක්‍රි. පූ. 1 පසු පටන් ගන්නේ ක්‍රි. ව. 1 ය. සූර්ය සිද්ධාන්ත මත පදනම් වන හින්දු හා බෞද්ධ කැලැන්ඩරයන්හි බිංදුව වසරක් ඇත. රෝමන් අංක ක්රමයේ නොමැති වූ (හින්දු) බිංදුව නිසා ගණිතයේ equations හා calculus මතින් මහත් විප්ලවයක් පසු කාලයේ දී යුරෝපයට ලබා දෙන්නේ අරාබින් ගෙන ගිය නිසා ‘අරාබි අංක ක්‍රමය’ සේ හැඳින්වෙන හින්දු බිංදුවයි.
අප්‍රිකාවේ ඝානා, මාලි වැනි පෙදෙස් වල විසාල වූ ද, සැලසුම් වූ ද සමාජයන් ජීවත් වූ අතර ඔවුන් රත්තරන් වලින් ඉතා ධනවත් වූහ.
ඇමෙරිකාවේ ඉන්කාවරුන් හා ඇස්ටෙක්වරුන් ජීවත් වූහ. මනුෂ්‍ය බිලි පූජා හා ප්රචණ්ඩත්වය සමාජයේ පැතිර තිබුණ ද ඔවුන් ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් පෙන්වූහ. සමාජ සංවිධානය හා නගර සැලසුම් කුසලතා දැක්වූහ. මායාවරුන්ට කැලැන්ඩර තිබිණ. ඉන්කාවරුන්ට සංකීර්ණ පාට දමන ලද ලණු ගැට වලින් තැනූ දශම සටහන් තබන (Quipus) ක්‍රමයක් විය.
මධ්‍යයතන යුගයේ දී බටහිර සභ්‍යත්වයේ -ක්‍රිස්තියානි දහම වටා වූ (Christendom) – නූගත්කම බහුල ය. දුප්පත්කම හැම අතකම ය. ගෝත්‍රික සටන් පැවතිණ. රජවරුන් පල්ලිය සමඟ සටන් වැදුනහ.
මධ්‍යයතන යුගයේ අග භාගයේ දී (Middle Ages) බටහිර ගැන ඉස්ලාමීය පඬිවරු සටහන් තබන්නේ යුරෝපය සෙසු ලෝකයෙන් පැත්තකට වී සිටින, නිසරු හා ප්‍රාග්තන ජනතාවකින් යුතු යැයි කියාය. ඇතැන්ස් පිබිදීමෙන් මතු වූ ග්‍රීක ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැන්නන්ගේ දාර්ශනික උත්සාහයට 1500 දී අළුත් පණක් ලැබෙන්නේ ඉස්ලාමීය පඬිවරුන් අතිනි.
රෝම අධිරාජ්‍යය කඩා වැටුනේ ඔවුන් කොල්ල කා ගත් දැය මිස නිෂ්පාදනය කළ දැයක් නැති හෙයින් යැයි එක මතයකි.
වසර දහසකට වඩා කාලයක්, ක්‍රි. ව. 500 සිට ක්‍රි. ව. 1500 දක්වා කාලය අතර යුරෝපීයයන් එකිනෙකා හා ගෝත්‍රික සටන් කළා මිසක, රජවරු බලය සඳහා පල්ලි හා සටන් වැදුණා මිසක නිෂ්පාදනයේ හෝ වෙළඳාමේ යෙදුනේ ද නැත.
ඔටෝමාන් අධිරාජ්‍යය ද අනතුරුව කඩා වැටුණි. ශතක දෙකකට ආසන්න කාලයක් ගෙන කඩා වැටීමට මූලික හේතු දෙකකි. පළමුවැන්න ආගමික භේද නිසා ඇති වූ භූමි අරගල ය. අනික වූයේ 1488 දී Cape of Good Hope සොයාගත් පෘතුගීසීන් යුරෝපීය හා ආසියානු වෙළඳ මාර්ග ආධිපත්‍යය උදුරා ගන්නට සටන් වැදීම ය.
තුර්කිය නැවත නැඟිටින්නේ පාර්ලිමේන්තු ක්‍රමයකින් 1922 දී එතෙක් තිබි සුල්තන් රාජ්‍යය ඉවත් කිරීමෙන් පසුව ය. ප්රජාතන්ත්රවාදය අගය කරන තුර්කිය අද ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයේ ඉහළ මට්ටම් රටවල් අතර 15 වැනි ස්ථානය ගන්නා රට වෙයි. 2008 දී තුර්කියට ගිය සංචාරකයෝ මිලියන 31 කි. එයින් ලැබූ ආදායම බිලියන 22 කි. මුස්ලිම් බැතිමතුන් 98% හෝ 97% අතර සංඛ්‍යාවක් සිටිය ද තුර්කියට ඇත්තේ ආගරික (secular) ආණ්ඩු ව්‍යවස්ථාවකි.
ඔටෝමාන් අධිරාජ්‍යය නැති වී ගියත් ප්රජාතන්ත්රවාදයෙන් නැඟී සිටි තුර්කිය සේ, අද අරාබි වසන්තයේ පිබිදෙන ප්රජාතන්ත්රවාදයෙන් සුල්තාන්වරුන්, අගරජවරුන්, යුවරජවරුන් හා ආගමික නායකයන් රට පාලනයෙන් ඉවත් කර ජනතා අයිතීන් වලට තැනක් දී නිෂ්පාදනයට, වෙළඳාමට හා සෙසු ලෝකය හා සහයෝගයෙන් වැඩ කරන්නට මැද පෙරදිග රටවල් නැවත නැඟී සිටියි ද?
දැනුම් දීමයි:
“ඇමෙරිකන් බැල්ලී” වෙත එවන ප්‍රතිචාර මෙම අඩවියේ පළ නොකෙරේ. ඇය මා හැර ගොසින් ය. නිසැකවම බලු දිව්‍යලෝකයට යන්නට ඇත!!! එහෙත් එය ඇත්තේ කොහේදැයි කියා නොදන්නා හෙයින් ප්‍රතිචාර යවා ඇයගෙන් පිළිතුරු ඉල්ලා ගත නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙමි!!!!!
Aruni, 1863 in “ඔටොමාන් අධිරාජ්‍යයේ බලවත්ම සමය 1863 ගණන් වල දී ය” is a typo. should be 1683
Ashoka,
ගොඩක් ස්තූතියි. කියවනවා එහෙනම්!!!
ස්තූතිය ප්‍රකාශ කරන්න පොඩි තෑග්ගකුත් දෙන්නම්. ඔයා අගය කරපු ‘සිහි සටහන’ ඉන්දීය අයට කියවන්න පුළුවන් වෙන්න ඉංග්‍රීසියෙන් දාන්න කියලා කියද්දී, පහත ප්‍රවෘත්තිය අමතක නොකරන්නත් කියලා අවවාද කරන්න. “මොකද සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක් භාරතයේ තැනී තිබෙනු මා දුටු නිසාය” ලියන චානුකට හොරෙන් භාරතයේ සාමය වෙනස් කරලා ඉන්දියානුවන්ට නොකියා ඇමෙරිකන් ටයිම්ස් පත්තරේ මෙහෙම දාලා තිබුණ.
“A screaming mob of thousands of Hindu militants stormed a 16th century mosque here [in Ayodhya, northern India] today and demolished it with sledgehammers and their bare hands, plunging India into a political and religious crisis.” -New York Times, December 7, 1992
how can a message intended for someone else qualify as a present ? 🙂
Ashoka,
වෙනත් අයෙකුට දෙන පණිවුඩයක් නෙමෙයි. ඒ අදහස ඔබ වෙතම පමණක් ඉදිරිපත් කළ එකකි.
ඒ ‘සිහි සටහනේ’ තිබුණු “මොකද සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක් භාරතයේ තැනී තිබෙනු මා දුටු නිසාය” කියැවූයෙමි.
අනතුරුව සිහියට ආවේ පහත ප්රවෘත්තියයි.
“A screaming mob of thousands of Hindu militants stormed a 16th century mosque here [in Ayodhya, northern India] today and demolished it with sledgehammers and their bare hands, plunging India into a political and religious crisis.” -New York Times, December 7, 1992
‘සිහි සටහන’ට දැමූ ප්‍රතිචාර කියවාගෙන යද්දී ඔබ දැමූ පහත ප්‍රතිචාරය දුටුවෙමි.
“Chanuka, have you translated this to English ?
I think it will be lot better if we can publish an article like this in some Indian media. Indian general public and some unbiased people in Southern India should know our side of the story as well.
This is the time we should take these type of arguments/views towards international audiences, specially Indians who are capable of understanding us more than other nations due to parallels our fight had with theirs.
At least send a translation to some of your Indian friends.”
ඉංග්‍රීසියෙන් ලියද්දී අපි ලියන්නේ ලාංකිකයනට හා ඉන්දියානුවන්ට පමණක් නොව ඉංග්‍රීසි කියවත හැකි මහත් පිරිසක් වෙනුවෙනි. එවිට, ඔවුන් නිව් යෝර්ක් ටයිම්ස් කියවා ඇත්නම්, එවිට ‘භාරතයේ ඇති සියළු ජන කොටස් සමගියෙන් හා ආඩම්බරයෙන් හිස ඔසවන දේශයක්’ වන්නේ කෙසේදැයි තක්බීරි වනු ඇත.
ඊ ළඟට ඉන්දියානුවන් අයෝධ්‍යාවේ සිද්ධිය දන්නවා නම් ඔවුන් ද ඉහත කතාවෙන් තක්බීරි වනවාට සැක නැත.
ඉතින් ඉංග්‍රීසියෙන් ලියන්නට යැයි කෙනෙකුට ආරාධනා කරද්දී සටහන කියැවූ ඔබගේ වගකීම ගැන ඔබට දැනුම් දීමක් කරනු පිණිස ඔබට වෙනුවෙන් ම ලියූ පණිවුඩයකි. 🙂
තෑග්ගට ස්තූතියි. ඇත්ත, ඉ0ගිරීසියෙන් ලියනකොට වඩාත් ප්‍රවේසම් විය යුතුයි. මමත් හිත හිත හිටියෙ සමහර මාතෘකා කිහිපයක් වත් සි0හලෙන් ලියන්න පටන් ගන්න.
ඉන්දියාව ගැන කතාවෙදි නම් හැබැයි ඉතින් විවිධ ජන කොටස් ගොඩක් වෙසෙන ලොකු (නමුත් තවම දියුනුවන ) රටක ඔහොම දෙයක් ඉඳ හිට වෙන එක පුදුමයක් නෙමෙයි නේද? එක් සිද්ධියකින් මුළු රටේම සමගිය, දියුනුව ප්‍රතික්ෂේප වෙන්නෙත් නැහැ නේද ?
දියුනු ඇමෙරිකාවෙත් එහෙම සිද්ධි නැත්තෙම නැහැනෙ. කළු මිනිසුන්ට කරන අසාධාරනකම් වගේ දේවල්. මෙහි බලන්න. 1992 ම අරුනි කිවූ New York Times ම මෙන්න මෙහෙමත් කියනවා.
අනිත් එක, බහුතර සාමාන්‍ය ඇමරිකානුවන් අරුනි තරම්
අවට ලෝකයට ගැන දන්න, හිතන, හෝ හොයන අයත් නෙමෙයි නේද ? සීක් ජාතිකයෙක්ගෙයි මුස්ලිම් ජාතිකයෙක්ගෙයි වෙනස CNN එක වත් නොදන්න තරම්.
ඒ අය වැඩියෙන්ම තක්බීර් වෙන්නෙ මට හිතෙන හැටියට නම් පැට්‍රොල් මිල ඉහල ගියොත් වගේ කාරණාවලට.
ජාතිවාදය ගැන කතා කරනවානම්, මෙවැනි දෑ ත් එහි සිදු වේ.
ඉතින් නැවතත් කියන්න බලන්න අරුනි ඇමෙරිකානුවන් ඉන්දියානුවන්ට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ වන අන්දම ? 🙂
Ashoka,
කියවන්න: තවත් ඇමෙරිකානුවෙක් මිය යයි
තුර්කි අධිරාජ්‍ය පූර්ණ වශයෙන්ම බිද වැටෙන්නේ පළමු ලෝක යුද්දය අවසානයත් සමග නේද?
දිනේශ් දීපාල්,
ඔටොමාන් අධිරාජ්‍යය (Ottoman Empire) තුර්කි අධිරාජ්‍යය (Turkish Empire) සහ තුර්කිය (Turkey) යන්නෙන් හැඳින්වෙන්නේ එකම භූමි ප්‍රදේශය ගැන වුව ද නූතන තුර්කි ජනරජය (Republic of Turkey) ගැන පමණක් කතාවේ දී ඉහත යෙදුම් භාවිතා නොකෙරෙයි.
ඔටොමාන් අධිරාජ්‍යයේ අග නගරය වූයේ කොන්ස්තන්තිනෝපල් ය. පුරා ශතක හයක් බටහිර හා නැගෙනහිර ගණුදෙනු මධ්‍යස්ථානය සේ පැවතියකි. 1520 සිට 1566 දක්වා Kanuni Sultan Süleyman අතින් පාලනය වුණි. සුලෙයිමන් ඔටොමාන් අධිරාජ්‍යයයේ වඩාත් ම සැලසුම් සහගත නීති පද්ධතිය සැකසූ අය ලෙස හැඳින්වෙයි.
ඔටොමාන් අධිරාජ්‍යයේ ආරම්භක වර්ධනය 1299 සිට 1453 දක්වා යැයි සැලකේ. 1453 සිට 1683 දක්වා ශ්‍රේෂ්ඨත්වයෙන් සිටි සමයයි. 1699 සිට 1839 දක්වා ඉන් අනතුරුව කෙමෙන් රුසියාව දක්වා උතුරු පෙදෙසක විදේශ භූමි ආක්‍රමණ හා යුද කටයුතු වලට යොමු වීමත්, සෙසු යුරෝපීයන් හා මුහුදු වෙළඳ මාර්ගයන් අයිතිය වෙනුවෙන් සටන් වදින්නටත් සිදු වෙයි. එහි දී නඟින කලාව සමඟ බහින කලාව ද මුසු වී පැවතිණ. 1683 සිට 1827 දක්වා ඒ නිසා අධිරාජ්‍යයේ සිදුවන්නේ බලය අඩු වී යෑමකි. 1792 සිට 1922 දක්වා කාලය ඔටොමාන් අධිරාජ්‍යයේ පැතිර යාම නැවතී අයිති භූමිය ආරක්ෂාවට සටන් පැවති යුගයයි. අනිත් භූමි අල්ලා ගැනීමට නොයා අයිති පෙදෙස් ආරක්ෂාව සඳහා ප්‍රංශය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය හා රුසියාව සමඟ ගිවිසුම් ගහයි. 1853 දී ක්රිමියන් යුද්ධයේ දී රුසියාවට එරෙහිව ඔටොමාන් අධිරාජ්‍ය ගිවිසුම් ගහන්නේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, සාර්ඩිනියා රාජාණ්ඩුව සමඟයි. ඔටොමාන් අධිරාජ්‍යයේ කඩා හැලීම 1792 දී පටන් ගත්තාය යන්න ඉතිහාසඥ මතයයි.
පළමු ලෝක යුද්ධය (1914 සිට 1918) පටන් ගැනෙනා විට ඔටොමාන් බලය ඒ වන විට වඩාත් ම හීන වී ගිය සමයකි. තුර්කි ජාතික නිදහස් ව්‍යාපාරයෙන් නූතන තුර්කි ජනරජයේ පටන් ගැනීම පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ය.
ඔටොමාන් අධිරාජ්‍යයේ කඩා හැලීම ගැනත් තියරි බොහොමයක්.
1. යුද ආක්‍රමණ හා ප්‍රාග්ධන ආයෝජන ගැන අයපහත් තෝරා ගැනීම් කළ පාලනය කරපු අයගේ වූ දුර්වලතා.
2. භූගෝලීය පිහිටීමත් හා වෙළඳ මාර්ග ගැන වූ අභියෝග
3. ජනගහණය
4. යුරෝපීය බලයේ විකාශය
5. ආගමික බලය නිදහස් චින්තනයට ඉඩ නොදීම
6. ‘ඇමෙරිකා’ (ඇමෙරිකාව විතරක් නොවේ) හා වෙළඳ තරඟ
7. ඔටෝමාන් අධිරාජ්‍ය මධ්‍යගත ආණ්ඩුවක් වීම; මධ්‍යගත වීම නිසා දුර්වල වීම
8. සුල්තාන්වරුන් මහජන මතයට සවන් නොදීම
9. 17 වැනි 18 වැනි ශ. ව. වල සිටි සුල්තාන්වරුන් 15 හා 16 ශ. ව. වල සිටි අය තරම් බුද්ධිමතුන් නොවීම
10. සුල්තාන්වරුන් අතර වූ බල අරගල
ඉතින් අද අපට දැකිය හැක්කේ මේ සියල්ලේ ම එකතුවකින් කාලාන්තරයක් තිස්සේ බහින කලාවකින් යුතු වූ අධිරාජ්‍යයක කඩා වැටීමයි.
ඔව්, අවසානයේ දී කියන්න තියෙන්නෙ පළමු ලෝක යුද්ධයෙන් පසු තමා ඔටොමාන් අධිරාජ්‍යය නිසැකවම පූර්ණ වශයෙන් බිඳ හැලෙන්නෙ කියා. නමුත් ඊට හේතුව තනිකරම පළමු ලෝක යුද්ධය පමණක් ද කියන එක විමසීම අමතක නොකළ යුත්තක්.
හරි. යුරෝපයේ සිට පෙරදිග දක්වා ගොඩබිම් මාර්ගය බොස්පරස් සමුද්‍ර සන්ධිය හා ඉස්තාන්බුල් හරහා වැටී තිබුණත් ඩයස් ගෙන් පසු මුහුදු මාර්ගය විවෘත වීමෙන් එහි අගය අඩුවුණා.
මිලාසොවික් කියලා තිබුණා නේද බොස්නියාවේ කතුන් දූෂණය කළේ අවුරුදු 400 කට පෙර තුර්කිවරුන් කළ දෙයට එකට එක කියලා.
හර්ෂ,
//මිලාසොවික් කියලා තිබුණා නේද බොස්නියාවේ කතුන් දූෂණය කළේ අවුරුදු 400 කට පෙර තුර්කිවරුන් කළ දෙයට එකට එක කියලා.//
‘ඇහැට ඇහැක්’ නිසාම වෙන්නැති Slobodan Milošević බොස්නියැක් මුස්ලිම් පිරිමින්වත් මැරුවේ. Srebrenica massacre
අරුණි;
තවත් ඉතාමත් වැදගත් සටහනක්. හැකි ඉක්මනින් ඔබේ සංවාදයට එකතු වෙන්නම්. මේ කොමෙන්ටුව මිනිස් කතා බහ ගැන නොවේ.
[[“ඇමෙරිකන් බැල්ලී”]]
මෙහෙමත් ලියන අය ඉන්නවද? සමහර විට ඇය පසුපස එන සහකරුවන් වෙන්න ඇති. අරුණිගේ බැල්ලි නාකි වෙලා මැරිලා ගිහිනුත් මාර ඉල්ලුමක් නේ තියෙන්නේ.
මේ තරම් ඉහල මට්ටමක කාරනා සංවාදයකට ලක් වන තැනකත් පහරන අය ඉන්නවද? ෂික්.
යුරෝපය අඳුරේ ගිලී තිබියදී චීනයේ ඇතිවූ දියුණු ශිෂ්ඨාචාරය පිළිබඳව මා කොහේ හෝ කියවූ දෙයක් මේ. වැඩි විස්තර සොයාගැනීමට කල උත්සාහය අසාර්ථක උනා.
මිං රාජවංශ සමයේදී ( ක්‍රි.ව. 1368 – ක්‍රි.ව. 1644 ) චීනුන්ගේ ඉතා ප්‍රබල නැව් හමුදාවක් ආසියාව සහ ඉන්පසු යුරෝපය යටත් කරගැනීමේ අරමුණින් යාත්‍රා කරද්දී මලක්කා සමුද්‍ර සන්ධිය අසලදී දරුණු කුණාටුවකට හසුව සම්පූර්ණයෙන් විනාශ වූ අතර එම ස්වභාවික උපද්‍රවය නොවන්නට එකළ යුරෝපයේ ආර්ථික සමාජයීය තත්වය සහ යුද ශක්තිය සැලකීමේදී යුරෝපය චීනුන්ට යටත් වීමේ වැඩි සම්භාවිතාවක් තිබුනා.
මේ ස්වාභාවික ආපදාව නොවන්නට ලොවපුරා පැතිරගිය බටහිර ශිෂ්ඨාචාරය වෙනුවට පෙරදිග ශිෂ්ඨාචාරයකට ලොව නතු වීමේ පැහැදිලි ඉඩකඩක්, අවස්ථාවක් ඒ අවස්ථාවේ තිබුනු බවත් ඒ ලිපියේ සඳහන් උනා.චීනුන්ට ඒ ගිලිහි ගිය අවස්ථාව නැවත කිසිදාක නොලැබුණු අතර බටහිර යුරෝපීය ශිෂ්ඨාචාරය ඉන්පසු බාධා රහිතව ලොව පැතිරගිය බවද වැඩි දුරටත් එහි කරුණු දක්වා තිබූ බව මට මතකයි.
මේ සිද්ධියම Butter fly Effect එකට උදාරණයක් ලෙස ද ඉදිරිපත් කෙරෙනවා.
එකම කුණාටුවක් වන් සුලු සිද්ධියක් මඟින් ලෝක ඉතිහාසයටම කල (ඇත්තටම නම් කලායයි උපකල්පනය කල හැකි වියයුතුයි ) බලපෑම ඉතාමත් විශාලයි.
ලිපිය අවසානයේ අරුණිගේ දැනුම් දීම සම්බන්ධයෙනි-
ඇත්තටම මට නම් පුදුම සතුටක් ඇතිඋනේ මේ සටහන දැක්කම. අපේ මිනිස්සු මොන තරම් නපුරුද, පහත්ද, දුෂ්ඨද, ඒ වගේම අන්තවාදීද කියල කිව්වට, ඒ ඔක්කොම නිශ්ප්‍රභා වෙනව මේ වගෙ එක ක්‍රියාවකින්.
ලෝකෙන් බාගෙකට එහා ජීවත් වෙලා, මීට මාස හතරකට ඉස්සර අභාවප්රාප්තවූ, තමන් කිසිදාක දෑහින් නුදුටු, සාමාන්‍ය බැල්ලියෙක් වෙනුවෙන් තවමත් අපෙ කට්ටිය හිතනව, ඒ ගැන විමසනව, කියල හිතනකොටත් මට ලොකු අභිමානයක් ඇති වුනා අපෙ සහෝදරයො ගැන.
අරුණි ඇත්තටම සතුටු වෙන්න ඕන මේ වගෙ සංවේදී, තිරිසන් සතුන් ගැන පවා සිතන පාඨක පිරිසක් ලැබීම ගැන.
Ravi,
ඔව් අද චීනය කෙන්යාවත් සමඟ එකතු වෙලා ඒ මුහුදුබත් වූ නෞකාවන් සොයන වැඩසටහනක් පටන් ගන්න ලැහැස්ති වෙනවා. හැබැයි, මුහුදු ගවේෂණය නැවතියේ නැව් මුහුදු බත් වූ නිසා නොවෙයි යන්නයි මා දන්නා තරමින් ඉතිහාසඥ මතය.
මින්ග් රාජවංශය බලයට පත්වීමත් සමඟ ඔවුන් ලෝක ගවේෂණයට පෙළඹෙන්නෙ. When China Ruled the Seas, Louise Levathes (1994) සහ The Star Raft: China’s Encounter with Africa, Philip Snow (1988)
චීන්නු මුහුදු ගවේෂණයේ යෙදෙන්නෙ අනිත් අයගෙන් ඉගෙන ගන්නවාට වඩා තම ශ්‍රේෂ්ඨත්වය විහදා දක්වන්න සහ තම සභ්‍යත්වයට හා තම emperor ට අනිත් රටවල වැසියන්ගේ ආචාරය ලබා ගන්න. ඒවා ලැබුණාම විදේශ ගවේෂණ වියදම් වලින් ඉවත් වෙනවා. පෙළපතේ විස්තර අනුව ඔවුන්ට සෙසු ලෝකයෙන් ලබාගත හැකි දෙයක් නැතැයි කියා ගවේෂණ ‘කැමැත්ත’ (interest) නැතිව යාම බවයි වැඩි මතය.
ඒ කාලේ නැව් ගවේෂණ පුද්ගලික වියදම් වලින් සිදු වූ දේ නොවේ. Zheng He මින්ග් රාජවංශ පෙළපතේ සේවකයෙක් වූ අද්මිරාල්වරයෙක්. එයා තමයි චීන කොලොම්බස්. හැබැයි හරි නම් කියන්න ඕන “වෙන්න කොලොම්බස් චීනා” කියලයි! මොකද එයා කොලොම්බස්ට අර්ධ ශතකයට කළින් ඒ නැව් ගමන් කරන්න සමත් වූවෙක්. අගරජදරුවන්ගෙ උවමනා කැමැත්ත අනුව තමයි මුදල් යොදවන්නෙ; අප්‍රිකාවෙන් ජිරාෆ් සතෙක් ගේන, ලංකාවෙන් බුද්ධාගම ගේන නාවුක ගවේෂණ ද නැත්නම් Great Wall බඳිනවා ද යන්න.
චීන රාජවංශ පෙළපත් රජදරුවන් තමන්ව හඳුන්වා ගත්තේ දෙවියන් එවූ තානාපතිවරුන් හැටියට. ඉන්දියාවේ රජවරු තමන් ‘චක්‍රවර්තී රාජා’ (universal sovereigns) කියා ගත්තා වගේ. තමන් ඉන්නෙ ලෝකෙ මධ්‍යස්ථයේ බවත්, තම බලය ලොව ඉහළ බලය බවත් සිතුවා. Middle Kingdom යනාදි නම් කර ගැනීමත් සිතියම් අඳිද්දී චීනය මැද තියා සටහන් කිරීමත් යනාදිය. චීන චින්තනය දිහා බලද්දී Zheng He අයථාවයක් (anomaly) මිස සාමාන්‍යය නොවේ. ඉතින් අවසානයේ දී වූයේ Great Wall බැඳගත් චීන්නු ඒක ඇතුලට වෙච්ච එකයි. The Great Wall was built to keep the Chinese in and everyone else out. මෙහෙම කියන්නේ The Discoverers (1983) ලියන Daniel Boorstin.
මට ‘සමනල සිද්ධිදායකය’ (Butterfly Effect) එතරම් දිරවන්නෙ නැහැ. බොහෝවිට ඒ අපි දකින කළඹන වෙනසක් ඇති කරන සිද්ධියට එළඹෙන සුළු සිද්ධීන් මහත් රාශියක් අපි නොසලකා හැරීම මුළු පින්තූරය නොදැකීම යැයි මට හිතෙන්නෙ.
ඔව් රවි, සතුටුයි නේන්නම් අපේ සිංහල පාඨකයාගේ සංවේදීත්වය ගැන හිතුවම. ඒ නිසාම තමයි ඒ ගැන නොකියා සිටීම හොඳ නැතැයි සිතුනේ!!!!!!
අරුණි,
Zheng He චීන අද්මිරාල් වරයා ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබට ස්තූතියි.
චීන ශිෂ්ඨාචාරය ලොව පුරා පැතිරීමට තිබුණු සම්භාවිතාව පිළිබඳ මතය, බොහෝවිට තමන්ගේ අතීත අභිමානය ගැන උදම් වීමට කරුණු සොයන චීන්නුන්ගේ සංකල්පයක් විය හැකියි. චීනය දැන් ලෝක බලවතෙක් වීමට කැස කවද්දී මෙවන් අතීත ශ්‍රී විභූතියකුත් එයට එකතු කර ගත හොත් වඩාත් අගනේ යයි ඔවුන් සිතනවා විය හැකියි.
අතීත කාමය කා අතරත් නොඅඩුව තිබෙනවා නොවැ. රාවණ රජුගේ අහස් යානය, ගුවන් තොටුපොල ගැන බලා හිටියා වගෙ විස්තර කියන්නේ අපි බහුතරයක් ඔය බුද්ධිමතුන්ගෙ ගණයට වර්ග කරන උදවිය.
Butterfly Effect එක ගැන මගෙත් පැහැදීමක් නම් නැහැ. මම එය සලකන්නෙ Fascinating Theory එකක් හැටියට විතරයි.
තුර්කිය යනු මුල්ස්ලිම් රටක් උවද අරාබි රටක් නොවේ ( ඉරානය මෙනි ). රාජධානි බිඳ වැටුනු අරාබි රාජ්‍යන්ට වඩා රාජධානි ඉතිරිවූ අරාබි රටවල් දියුනු වී ඇත. උදා..ඕමානය, බහරේනය සහ ඊජිප්තුව,ලිබියාව.
ග්‍රීකයන්ගේ පිරුළක කියැවෙන්නේ නෝවාගේ නැව නැවත පැමිනියහොත් අවසානයට නැග්ගවීමට තුර්කි ජාතිකයා තැබිය යුතු බවයි. මා දන්න තරමට තුර්කිය කෙතරම් බලවත් ධනවත් රටක් උනද යුරෝපීය සංගමයට නොගෙන ඇත්තේද මේ ඓතිහාසික අකමැත්ත සහ සයිප්‍රසයේ තම සහෝදරයන්ට කල අකටයුත්ත නිසා වන ග්‍රීසියේ බලපෑම බවයි.
Indika Upashantha
ග්‍රීසිය බංකොළොත් නිසාත්, තුර්කියේ ආර්ථිකය හොඳින් පැවතෙන නිසාත්, 2013 දී යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලැබේදැයි බලමු. ඇහෙන විදියට බෙල්ජියමෙන් තමයි වැඩියෙන් කැපිලි. වෙළඳ ගිවිසුම් ගැන ප්‍රශ්න නිසා.
//තුර්කිය යනු මුල්ස්ලිම් රටක් උවද අරාබි රටක් නොවේ (ඉරානය මෙනි)//
සත්‍යයකි. තුර්කිය අරාබි රටක් යැයි මම ද කීවේ නැත. මුස්ලිම් ආගම අදහන වැඩි පිරිසක් ඉන්නා අගාරික ආණ්ඩුවක් (secular government) ඇති රටක් යැයි කිව්වෙමි.
ඔටොමාන් අධිරාජ්‍යයේ මුස්ලිම් ආගම සහ අරාබි භාෂාව පැතිර තිබුණා යයි ද කීවෙමි.
නමුත් තුර්කියේ භාෂාව තුර්කි යැයි ලියා නැති වූවාට එය අරාබි යැයි ලියුවේ ද නැත!!
//රාජධානි බිඳ වැටුනු අරාබි රාජ්‍යන්ට වඩා රාජධානි ඉතිරිවූ අරාබි රටවල් දියුනු වී ඇත. උදා..ඕමානය, බහරේනය සහ ඊජිප්තුව,ලිබියාව.//
ඔටොමාන් අධිරාජ්‍ය බිඳ වැටි තුර්කිය අද දියුණු නැතැයි ඔබ කියනවා දැයි පැහැදිලි නැත. එසේම ඔටොමාන් අධිරාජ්‍යයට ට්‍රිපොලි පිහිටි ලිබියාවත්, කයිරෝ පිහිටි ඊජිප්තුවත් එදා අයිති වුණි. සටහනේ අරමුණ ඔටොමාන් සමය අධිරාජ්‍යවාදී වූවාට නිදහස් චින්තනය, නිෂ්පාදනය හා වෙළඳාම තිබි යුගයක් වූ බව පෙන්වීමටත් ඉන්පසුව ඒවාට ඉඩ නොලැබී යෑම නිසා ඔවුන්ගේ අධිරාජ්‍යය කෙමෙන් කඩා වැටුන බව පෙන්වීමටත් නැවත තුර්කිය නැඟිටියෙ ඒවා ස්ථාපිතයෙන් බව පෙන්වීමටත් ය.
තුර්කිය යුරෝපා සංගමයට එකතු කර ගැනීම පමාවීමට ප්‍රධාන හේතුව එය ලඟක් වනතුරු සම්පුර්ණයෙන් ප්රජාතන්ත්රවාදී රටක් නොවීමයි. එය එජීප්තුව මෙන් military බලපෑම වැඩි රටක් විය.
just a thoght,
Free Movement of Goods, Freedom of Movement For Workers, Right of Establishment For Companies & Freedom To Provide Services, Free Movement of Capital, Public Procurement, Company Law, Intellectual Property Law, Competition Policy, Financial Services, Information Society & Media, Agriculture & Rural Development, Food Safety, Veterinary & Phytosanitary Policy, Fisheries, Transport Policy, Energy, Taxation, Economic & Monetary Policy, Statistics, Social Policy & Employment, Enterprise & Industrial Policy, Trans-European Networks, Regional Policy & Coordination of Structural Instruments, යනාදී සියල්ල පසුය Judiciary & Fundamental Rights ගැන කතා බහට එකතු වෙන්නෙ.
Turkey has maintained forces in international missions under the United Nations and NATO since 1950. ඒ නිසා තුර්කිය මිලිටරි වීම අතින් යුරෝපීයයන්ට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නෙ.
ඕනෑම රාජධානියක අවසානය ආගමික අන්තවාදය වෙන්න පුළුවන්. “ජාත්‍යන්තර වාදීන්ට” ලෝකයම එක ජනරජයක් කරගන්නට තිබ්බ චාන්ස් එක නැති කලේ රෝමය ක්‍රිස්තියානි කල කොන්ස්ටන්ටයින් වෙන්න බැරි ද? රෝමය කියන්නේ මට හිතෙන විදිහට ලෝකේ තිබ්බ ප්‍රබලම අධිරාජ්‍යය.
සලකන කරුණු:
– ප්‍රදේශයේ ප්‍රමාණය
– ජනගහනය
– පවත්වා ගත් කාලය
– පොදු [හැමතැනම පැතිර ගිය] විද්‍ය, තාක්ෂණ, කළා දියුණුව.
– සමාජගත කල පද්ධති.
ශුද්ධ වූ රෝමය නිසා මැටි වෙච්ච යුරෝපයට මුලින්ම අත තියන්නේ ජිබ්‍රෝල්ටාව හරහා ආ මුස්ලිම් ආක්රමනිකයින්. මුල් ම පහර වදින්නේ ස්පාඥ්ඥයට [මේක ලියන්න බැහැනේ හරියට] හා පෘතුගාලයට. [මතකයෙන් කිව්වොත්] 700CE [708 ද කොහෙද] වගේ. මේක යුරෝපයේ පුනරුදය ඇති වන්නටත්, ආගමික අන්තවාදයෙන් ස්ටේරලයිස් කරපු ජාතිකත්වය යලි පුබුදනනටත් බලපෑ කරුණක්.
කොහොම හරි කුරුස යුද්ධ කාලේ අරාබිය කියන්නේ බුද්ධිය හා නිදහස් චින්තනය, යුරෝපය මෝඩ ආගමික අන්තවාදය. හැමදාම වෙනවා වගේ දිනන්නේ අන්තවාදය [අරුණි මා සමග එකඟ වෙයිද මේ ගැන: ග්‍රීසියේ ඉඳං එන කතාවක්. අද ඇමරිකාවටත් පොදු]. කුරුස යුද්ධේ දිනන සෙන්පතියන් [ක්රුසේඩර්] කියන්නේ ජෙරුසෙලම හා අවට පළාත් මංකොල්ල කන්න පාප් තුමා අවසර දුන් පාට් ටයිම් හොරු රැලක්. පහුකාලීනව යුරෝපය රැස් කරන ධනය මේ ආකාරයෙන් උපයන්න පටන් ගත් ධනයක්. රටකින් රටකට ගිහින් ඒ රට හූරා කන කොලොනියල් ක්‍රමය බිහිවන්න මේ මානසිකත්වය බලපෑවා වෙන්න පුළුවන්.
[ඔක්කොටම ලින්ක් දාන්න අමාරුයි. ක්රුසේඩර් ගැන මෙතනින් ටිකක් කියවන්න පුළුවන් ]
අරුනිට අත හැරුණු තවත වැදගත් කෙනෙක් ගෙන්ගිස් කාන්. මුස්ලිම් ආගමික, මොන්ගෝලියන් සම්භවය ඇති චිනුන්ගෙන් හැදුනු හමුදාවක් මෙහෙය වූ කෙනෙක්. මොහු තමයි මා දකින විදිහට චීනය මෙහෙයවා මහා අධිරාජ්‍යයක් හදන්නට උත්සහ කල එකම කෙනා.
වර්ගපලයෙන් ලොව විශාලතම රාජ්‍යය හැදුවේ ඔහු. ඔටෝමන්ලා චිත්‍ර ඇන්දේ ඔහු හෙළි පෙහෙළි කල බිමේ. ගෙන්ගීස් කාන් තමයි මුලින්ම නැගෙනහිර යුරෝපය අල්ල ගත්තේ. ඔහුගේ මරණින් පස්සේ ඔහුගේ පුතුන් අතර රාජ්‍යය බෙදෙනවා. මේක ඔටෝමන්ලා දක්වා පැමිණි ආකාරය මා තවම දන්නේ නැහැ [වෙලාවක් ආවොත් කියවන්න ඕනේ]
චීනුන් ලෝකය දැක්ක හැටි වෙනස්. අසල්වැසි රාජ්‍ය අල්ලගන්න ඇලෙක්සැන්ඩර් සීසර් අශෝක වගේ අයට තිබ්බ “ඇම්මට” වඩා චීනුන් බැලුවේ තම රාජ්‍යය අසල්වැසියන්ගෙන් රැක ගන්න හැටි. චීන්නුන්ට ඕනේ නම් වටේම අල්ලන්න තිබ්බ. එත ඔවුන් කිසිම අසල්වැසි රාජ්‍යයක් අල්ලගන්න උත්සහ කරලා නැහැ. කොරියාව, ජපානය, සියම, කෙමර් රාජ්‍යය ඔක්කොම හිටියේ ඔවුන් වටේ. මෙතන මා හිතන්නේ අපට නොපෙනෙන දර්ශනයක බලපෑමක් තියෙනවා කියලයි.
මේක ඉතාමත්ම වැදගත් සටහනක් අරුණි. බොහොම ස්තුතියි ඔබ කරන වැඩ කොටසට.
සුජීව,
සටහන නූතන තුර්කියේ වූ ඔටොමාන් අධිරාජ්‍යයේ බලවත් සමය ගැන සහ චීන අධිරාජ්‍යයේ මින්ග් රාජවංශයේ බලවත් සමය ගැන. බලවත් සමයේ ලෝක බලවතුන් දෙකක් තුල වූ නිදහස් චින්තනය හා ප්රජාතන්ත්රවාදය ගැන. විදේශයන් වෙතින් ඔවුන් යමක් තම දියුණුවට ගත් බව කියන්නට ය.ඔටොමාන් යුගයෙන් පසු, මින්ග් යුගයෙන් පසුකාලීන රාජාධිපති, ආක්‍රමණශීලී හා යුද ගැන නොවේ.
//චීනුන් බැලුවේ තම රාජ්‍යයය අසල්වැසියන්ගෙන් රැක ගන්න හැටි. චීන්නුන්ට ඕනේ නම් වටේම අල්ලන්න තිබ්බ. එත ඔවුන් කිසිම අසල්වැසි රාජ්‍යයයක් අල්ලගන්න උත්සහ කරලා නැහැ. කොරියාව, ජපානය, සියම, කෙමර් රාජ්‍ය ඔක්කොම හිටියේ ඔවුන් වටේ.//
මොනවා ද සුජීව හැබෑටම මේ ලියන්නෙ?????
කොයි කාලය ගැන ද කියමු පටන් ගන්නෙ? ගෙන්ගිස් කාන් සහ එයාගෙ මුණුපුරා කූබිලායි කාන් තැන පටන් ද?
ඉහත සටහනේ දී සහ උඩ දී රවි වෙත දැමූ ප්‍රතිචාරයේ දී චීන්නු මහා පවුරක් බැඳ ඇතුලට වූවා යන්නෙන් මා අදහස් කළේ පසු කාලයක දී ඔවුන් පිටරටින් වැදගත් දැයක් කිසිත් තම රටට එකතු කර නොගත් බව කියන්නට ය. ඔටොමාන් අධිරාජ්‍ය ඇරිස්ටෝටල් හා ප්ලේටෝ අධ්‍යයන කළා පමණක් නොව ඒ කෘති ආරක්ෂා කර ඒවායෙන් අළුත් දර්ශනයන් හා නීති පද්ධති සැලසුම් කළා. චීන්නු කිසිවක් පිටතින් තමන්ට ආදේශ කරගත්තෙ නැහැ.
එහෙම නැතිව රටවල් ආක්‍රමණ කරන්න යුද වදින්න ගියෙ නැහැයි කියන එක නෙමෙයි.
කියවන්න Joanna Waley-Cohen (Professor of History; Chair, Department of History; Yale University) ලියන ලිපිය Expansion and Colonization in Early Modern Chinese History (2004) මේක 1400 – 1900 කාලය තුල චීන යුද්ධ හා ආක්‍රමණ සේරම කියවන්න පුළුවන්.
මින්ග් රාජවංශයෙන් පසුව එන Qing empire තනිකරම මිලිටරි වූවක්.
1681 සිට 1760 දක්වා කාලයේ දී Qing empire රුසියාව දක්වා ආක්‍රමණ කරගෙන යනවා. Eastern Turkestan (Xinjiang), මොන්ගෝලියාව සහ ටිබෙට් අල්ල ගන්නව. බුරුම යුද්ධ (1766-70), අන්නාම් (වියට්නාමය 1788-89), තායිවානය (1787-88) නේපාලයේ Gurkhas හා සටන් (1790-92). ඒ පළමු හා දෙවැනි ලෝක යුද්ධ වලට පෙර.
අනික, මේ ඉස්සෙල්ලා දාපු සටහනේ මෑත කාලය ගැන මම ලියපුවා ඔක්කොම අමතක වෙලා වගේ. ඔයා පිළිගත්තෙ නැතුවාට, සිංහල කියවන සමහර අය පිළිගත්තෙ නැතිවාට, ඒවා ලෝක ඉතිහාස සටහන්. චීන්නු ආඩම්බරයෙන් ලියා ඇති තමන්ගෙ චීන ඉතිහාසයයි. අවට රටවල් චීනයෙන් බැට කෑ රටවල්. බැරිවෙලා වත් චීන්නු ගැන ඔහොම අන්දබූත අදහස් චීනුන්ට සහ ඒ අවට රටවල් වල අයට කියන්න ගිහින් ගුටි කන්න එපා.
ගෙන්ගිස් කාන් “චීනෙක්” හැටියට සලකන්නේ නැහැ. ඔහු බිජිං අල්ලාගත් මොන්ගොලියන් කාරයෙක්. ඔබ මගේ පිළිතුරේ මුල හරියේ දකින්න ඇති මා ඔහු ගැන සඳහනක් කරනවා.
චීනය වෙන කිසිම රටක් ආක්‍රමණය නොකළ බව නොවේ කිව්වේ. ඒත් මහා සෙනගක් අරගෙන රටින් රට අල්ලමින් ගොස් මහා අධිරාජ්‍ය හදන වැඩේ නොකළ බව. ඇලෙක්සැන්ඩර් රජ වෙන්නේ
මැසිඩෝනියාවේ, ගමන ඉවර වෙන්නේ ඉන්දියාවෙන්. සීසර් වරුන් තම අධිරාජ්‍යය එංගලන්තේ ඉඳං පර්සියානු සීමාව දක්වා ව්‍යාප්ත කරනවා. චීනය මෙහෙම “ව්‍යාපත් වාදයකට ලොකු කාලයක් හෝ ශ්‍රමයක් මිඩංගු නොකරන බවයි කිව්වේ. ඔබ ගෙන්ගිස් කාන් චීනෙක් හැටියට සලකන එකට කරන්න දෙයක් නැහැ. නමුත් බිජිං වලට ඔහු ආක්‍රමණිකයෙක්.
සුජීව,
කාන් පරම්පරාවෙන් එන ගෙන්ගිස් කාන් 1215 දී බෙයිජින් අල්ලා ගත්තා පමණක් නොවේ. මොන්ගෝලියාව විසින් චීන දේශ සීමා අල්ලා ගැනීම නිසා ඔහු චීනයේ පාලකයෙක් වූවා ද මොන්ගෝලියා අධිරාජ්‍යයෙක් පමණක් ද යන්න විවාද කරන්න පුළුවන්. Genghis Khan නොහොත් ගෙන්ගිස් කාන් -Khan (ruler) -Khagan (emperor) මොන්ගෝලියන් අධිරාජ්‍යයයේ Mongol Empire නූතන මොන්ගෝලියාවෙහි පීතෘවරයා සේ සැලකෙනවා පමණක් නෙවෙයි. නූතන Kazakhastan, Uzbekistan, Turkemenistan, Tajikistan, උතුරු ඉරානය, ඇෆගනිස්තාන කාබුල්, පාකිස්තානයේ කාශ්මීර සහ චීනයේ උතුරු පෙදෙස් සියල්ල දක්වා අධිරාජ්‍යය පැතිර තිබි හැටි මෙතැනින් බලන්න. එතකොට පෙනේවි එදා චීනයේ පමණක් නොවෙයි eurasia ව තුලම වැඩි පෙදෙසක් අයිති වූයේ ඔහුට.ඔහුට පෙර කාන් ලා පාලකයෝ වූහ. ඔහුට පසු කාන් පරම්පරාව පාලනයේ යෙදුණහ. ඒ පරම්පරාව වසර 65 ක අරගල වලින් පසු ඔහුගේ මුණුපුරු කූබිලායි කාන් මුළු චීනයම අල්ලා ගෙන බෙයිජින් ද පාලනය කළේය. විවිධ රාජවංශ වලට බෙදී තිබුණ චීනය නැවත එක රටක් බවට පත් කළ (Yuan Dynasty ක්‍රි. ව. 1271 සිට 1368) පුද්ගලයා සේ කූබිලායි කාන් සැලකේ. ඉතින් කාන් ප්‍රතිමා චීනයෙ අද දකින්න තිබුණත් කාන් පරම්පරාව චීන ද නැත්නම් මොන්ගෝලියන් ද කියල හැමදාම විවාද කරමු.
කාන්ලාට අමතරව, ඉතිහාසය කියන “1681 සිට 1760 දක්වා කාලයේ දී Qing empire රුසියාව දක්වා ආක්‍රමණ කරගෙන යනවා. Eastern Turkestan (Xinjiang), මොන්ගෝලියාව සහ ටිබෙට් අල්ල ගන්නව. බුරුම යුද්ධ (1766-70), අන්නාම් (වියට්නාමය 1788-89), තායිවානය (1787-88) නේපාලයේ Gurkhas හා සටන් (1790-92).” සිද්ධ වූයේ //මහා සෙනගක් අරගෙන රටින් රට අල්ලමින් ගොස් මහා අධිරාජ්‍ය හදන වැඩේ නොකළ බව// නිසා ද?
//ඒත් මහා සෙනගක් අරගෙන රටින් රට අල්ලමින් ගොස් මහා අධිරාජ්‍ය හදන වැඩේ නොකළ බව.// එහෙම නම් මේවායේ දී ඔවුන් කුමක් කළා ද???
//ව්‍යාපත් වාදයකට ලොකු කාලයක් හෝ ශ්‍රමයක් මිඩංගු නොකරන බවයි කිව්වේ// Qing empire විසින් පමණක් 1681 සිට 1760 දක්වා වසර 79 ක්!!!!
ක්‍රි. ව. 938 දී චීනයෙන් නිදහස ලබා නිදහස් රාජ්‍යයක් වූ වියට්නාමය ගැන කතා කරමු.
චීනය වියට්නාමය අල්ලා ගන්නට සටන් වදින්නේ පළමු ඉන්දු චීන යුද්ධය 1946 සිට 1954 දක්වා වසර 8. ජය වියට්නාමයට. ප්‍රංශය වියට්නාමයෙන් ඉවත් වීම.
වියට්නාම් යුද්ධයේ දී කොමියුනිස්ට් චීනය සටන් වදින්නේ 1955 සිට 1975 දක්වා වසර 19 ක් දින 180 ක්. ප්රථිඵලය වියට්නාමය දෙකඩ වීම; උතුරු වියට්නාමයට ජය, ඇමෙරිකන් හමුදා වියට්නාමයෙන් ඉවත් වීම, දකුණු වියට්නාමය, කාම්බෝජය හා ලාඕසය චීන කොමියුනිස්ට් පාලනයට නතුවීම.
වියට්නාම් යුද්ධය අවසන් වී 1979 පෙබරවාරි 17 වැනිදා මහජන චීන සමූහාණ්ඩු හමුදාවෙන් 200,000 ක් වියට්නාමයට ඇතුල් වුනා, Type 59, Type 62, and Type 63 ටැංකි 200 ක් සමඟ. හේතුව හැටියට වියට්නාමයේ ඉන්න ethnic චීන අයට සැලකිලි මදි බව.