අරුණි ශපීරෝ‍ වෙතින්

පුද්ගලයාගේ මූලික හා ප්‍රධාන අයිතිය

Posted in Uncategorized by arunishapiro on මැයි 27, 2011

නිදහස් සමාජයක් ගැන කතා කරද්දී, එනම් ධනවාදය පවතින්නා වූවක්!!, එහි පදනම වූ ඒකීය පුද්ගල අයිතිය පිළිගත යුතුයි. පුද්ගල අයිතිය පිළිනොගෙන ධනවාදය ගැන කතා කිරීමෙන් ඵලක් නැත. පුද්ගල අයිතිය ගැන කියද්දී මිනිසා වනාහී තම උපත්තිය නිසා යම් සුවිශේෂී වූ තැනක් ලබනවා යන්න ධනවාදය ප්‍රතික්ෂේප කරයි. මිනිසා උප්පත්තිය නිසා පමණින් තවත් අයකුට වඩා ඉහළ ලෙසකින් සැලකිලි ලබන්නට සුදුස්සෙක් වනවා යැයි සිතන්නට ඉඩක් දී ධනවාදය ගැන කතා කිරීමෙන් ද ඵලක් නැත.

සෑම මිනිසෙක්ම තමන් විසින් තම පැවැත්ම සඳහා වෙහෙස විය යුතුය යන්න පිළිනොගන්නේ ද එවැන්නා සමාජයේ සියළු පුද්ගලයන්ට සමානාත්මතාවයෙන් සලකන්නට ද පසුබට ය. මන්ද ඒකීය පුද්ගලයා ගන්නා වූ වෙහෙස සහ කැපවීම මත සහ ඒකීය පුද්ගලයාගේ කැමැත්ත මත ධනවාදය රඳා පවතින හෙයිනි.

සද්ගුණයක් ගැන කතාබහ කරන්නට අවශ්‍ය, මිනිසා සමාජයක ජීවත් වන්නෙක් නිසාය. දේශපාලනය ගැන කතා කරන්නට අවශ්‍ය ද වන්නේ මිනිසා සමාජයක ජීවත්වන නිසාම ය.

පුද්ගල අයිතීන් යනු සද්ගුණය ගැන වූ සංකල්පයකි. ඒකීය පුද්ගලයාගේ ක්‍රියාවන්ට මඟ පෙන්වන මූල ධර්මයන් පාවිච්චියට ගෙන අනුන් සමඟ සබඳතා පවත්වන මාර්ගය කුමක්දැයි තාර්කිකව මඟ පෙන්වන්නකි.
පුද්ගලයා තුල ඇති සද්ගුණය හා සමාජය තුල ඇති නීති ගරුකත්වය අතර වූ සබැඳිය වන්නේ පුද්ගල අයිතියයි. ආචාර ධර්ම හා දේශපාලනය අතර සබැඳිය පුද්ගල අයිතියයි. පුද්ගල අයිතිය පිළිගැනීම නිසා සමාජයක් එය පිළිගන්නා අය විසින් කැමැත්තෙන්ම සද්ගුණයේ නීති වලට යටත් කර ගැනීමක් සිද්ධ වෙයි.

සෑම දේශපාලන පද්ධතියක්ම යම් ආචාර ධර්ම රීතියක් මත පදනම් වෙයි. මනුෂ්‍ය ඉතිහාසයේ ඒකීය පුද්ගලයාට ඉහළින් වූ යම් ලෝකය මවන ලද්දෙක්, දෙවියෙක්, රජෙක් හෝ ජනතා සාධාරණත්වය සලකනවා යැයි කියූ පාලකයෙක් විය. ඔටුනු පැළඳි ලෝකය ගැන කියවන විට අද දිනයේ ද ඒකීය පුද්ගලයාට වඩා ඉහළින් ඉන්නා ‘සුවිශේෂී’ වූ අය ගැන තවමත් විශ්වාසය තබා සිටින ආකාරය දැකගත හැකිය.

ඒ සියළු දේශපාලන පද්ධතියන් වලින් සද්ගුණවත් වන්නට සිද්ධ වූයේ පාලනය වන පුද්ගලයාට ය. සමාජයට සද්ගුණවත් වන්නට යැයි කවුරුත් කියන්නේ නැත. සමාජයක් යනු ඒකීය පුද්ගලයන් වෙතින් සෑදුන ලද්දක් නිසා සද්ගුණවත් වන වගකීම පැවරෙන්නේ ඒකීය පුද්ගලයන් වෙතට ය.

සමාජය සමන්විත වනුයේ ඒකීය පුද්ගලයන් වෙතින් නිසා, සමාජය පාලනය කරන්නෝ සිටිනවා යැයි සැලකෙන්නේ සමාජයෙන් එපිට ය. එවිට ඔවුන් වෙතින් සද්ගුණවත් වීමක් බලාපොරොත්තු නොවේ. ඔවුන් ඉහළින් ඉන්නා ‘සුවිශේෂී’ තත්වයක අය නිසා නිතැතින් ම ඔවුන් වෙතින් සද්ගුණය බලාපොරොත්තු වීමක් මඟ හැරේ.

ගෝත්‍රයට හොඳ, සමාජයට හොඳ, රටට හොඳ, ජාතියට හොඳ මොනවා ද යන්න කියා දෙන්නේ ඒ ඔටුනු පැළඳි පාලකයෝ විසිනි.

ප්‍රථම වරට ලොව එය වෙනස් වෙන්නේ ධනවාදයෙනි. සමාජය විසින් තෝරා පත් කරගන්නා (we the people) සමාජය අතරින් ම වූවෙකුට ඇත්තේ ද අනිකුත් අයට ඇති පුද්ගල අයිතියන්ම පමණි. ඊට ඉහළින් අයිතියක් නැත.

සියළු පුද්ගලයන්ට එක හා සමාන තත්වයක් දීම සිද්ධ වන්නේ ධනවාදයෙනි. පාලකයාව සමාජයේ සේවකයෙක් කරන්නේ ලොව ප්‍රථම වතාවට ධනවාදය විසිනි. පාලකයා පාලනය කළ යුත්තේ පාලනය කරන සමාජයේ අනුමැතිය අනුව පමණි. අනුමැතියට විරුද්ධව යන්නා තව දුරටත් පාලකයෙක් නොවන්නේ ය.

එහෙම බලද්දී ලෝකයේ මුල් ම සද්ගුණවත් සමාජය බිහිවෙන්නේ ඇමෙරිකාවෙන් ය!! මන්ද ලොව ඊට ඉහත දී වූ සියළු දේශපාලන පද්ධතියන් අනුන් වෙනුවෙන් බිලිදිය හැකි සමාජ අංගයක් සේ මිනිසා සලකා ඇති නිසාය. ධනවාදයේ දී සමාජය වෙනුවෙන් එහි ඒකීය පුද්ගලයෙක් බිලිදීමක් සිද්ධ නොවේ. ඔවුන් සියල්ලටම සම අයිතීන් ඇති නිසා එක් අයෙක් බිලි දී තවත් අයෙකුගේ අයිතියක් රකිනු නොහැකි ය.

සමාජයේ සද්ගුණය ඒ නිසා සමාජයේ පැවැත්ම සඳහාම පමණි. සාමකාමී, ක්‍රමානුකූල, ස්වේච්ඡාවෙන් එකිනෙකා හා ජීවත්වන සමාජයක් එවිට හටගනී. ඊට කළින් වූ සමාජයන් පිළිගෙන තිබුනේ සාමාජිකයාගේ ජීවිතය සමාජයට අයිති යැයි කියාය. තමනට කැමති ආකාරයට බිලිදිය හැකිය කියාය. පුද්ගලයාට ඇති නිදහස වරප්‍රසාදයක් මිස අයිතියක් නොවේ කියාය. ඒ වරප්‍රසාදය ‘සමාජය විසින්’ ඒකීය පුද්ගලයාට දුන්නක් කියාය. ‘සමාජය විසින් දෙන’ නිසා සමාජයට එය ආපසු ගන්නට ද හැකිය කියාය.

ඇමෙරිකාව මිනිසාගේ ජීවිතයට අයිතිය ඔහුගේ යැයි කියන්නේ එය අයිතියක් සේ සලකා ය.

වරප්‍රසාදයක් ‍නොවේ. එය කිසි‍විටෙක උදුරා ගත හැකි, අහෝසි කළ හැකි අයිතියක් නොවේ. අයිතියක් නම් ඒ අයිතිය ඊට හිමිකම ඇති ඒකීය පුද්ගලයාගේ දේපලක් වෙයි. එය වෙන කෙනෙකුට උදුරා ගත හැකි ‍අහෝසි කළ හැකි අයිතියක් නොවේ.

සමාජයකට කිසිදු අයිතීන් නැත. අයිතියන් ඇත්තේ ඒකීය වූ පුද්ගලයෝට පමණි. ආණ්ඩුවක ඇති එකම කාර්ය භාර්ය නම් මේ ඒකීය පුද්ගල අයිතීන් රැකීම ය.

සමාජයක වාසය කරන පුද්ගලයා එකිනෙකා හා කරන ක්‍රියාකාරකම් වල දී එහි සද්ගුණවත් බව නිර්වචනය කරන්නේ හා ඊට ඉඩක් ලබාදෙන්නේ ඒකීය පුද්ගල අයිතියෙන් ය.

වඩාත්ම වැදගත් වූ මූලික අයිතියකි. එනම්, තම ජීවිතය සඳහා තමාට ඇති අයිතියයි. අනිත් සියළු අයිතීන් මේ අයිතියේ තවත් කොටස් ලෙසින් සැලකිය හැකිය. තම ජීවිතය පවත්වා ගන්නට ස්ව උත්සාහයෙන් කරන ක්‍රියාවන් වලින් සතුට සොයා යන්නට ඇති අයිතිය (Right to life, liberty, and the pursuit of happiness) මිනිසාගේ මූලික හා ප්‍රධාන අයිතියයි.

එය මිනිසාට ඉහළින් ආ අයිතියක් නොවේ. සවිඥානිකත්වය ඇති මිනිසා සමාජීය සබඳතා පැවැත්වීමට එකතුව ගසා ගත් තමන් විසින් මිනිස් සංහතියේ සියල්ලටම දුන් අයිතියකි.

මෙම අයිතියේ දාර්ශනික මෙහෙය 17 වැනි ශ. ව. දී ජෝන් ලොක් ඉදිරිපත් කළ ස්වභාවික සහ නිතිමය පුද්ගල අයිතිය සංකල්පයෙන් පටන් ගත්තකි. ඊට නීත්‍යානුකූලව අයිතිය කියන්නට සම්මුතියකින් 1787 දී තම රට වැසියන්ට බාර දෙන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාව සහ 1789 දී ජේම්ස් මැඩිසන් ඉදිරිපත් කළ අදහස් වලින් සැකසුන අයිතීන් පනතයි.

කාලයෙන් කාලයට අමතක වී යද්දී, සැලසුම් ගහනා අයට ඒ පදනම මතක් කරදීම ‍හිතන්නට මොළයක් ඇති අයගේ මිනිස් වගකීමයි. 1957 දී අයින් රෑන්ඩ් කළේ ඇය විසූ සමාජයට එය නැවත මතක් කරදීම පමණි. රොබට් නෝසික් 1974 දී ද; 2009 දී John Derbyshire ලියන We Are Doomed: Reclaiming Conservative Pessimism ග්‍රන්ථයෙන් ද; අද David Shipler ලියන The Rights of the People (2011) විසින් මතක් කරදෙන්නේ ද අමතක වී ගිය ඒකීය පුද්ගල අයිතියයි.

එක ප්‍රමාණයකින් යුතු කිසිවක් සියල්ලටම (one size fits all) හරියටම හරියන්නේ නැත. සාර්ථකත්වය ලබනු හැක්කේ ඒකීය පුද්ගලයන් තමන්ට සුදුසු ආකාරයෙන් සකස් කරගන්නා ‍දැයම ය. වඩාත්ම ලස්සන තමන්ටම කියා සකස් කරගත් ඇඳුමකි.

මිනිසත් බවින් ලබන ‘හැඳිමිටේ නුවණක්’ (ස්තූතියි කතන්දරකාරයා මතක් කර දුන්නාට!!) ඇතිව උපන් සියළු මොළයන්ට තනිවම සොයා බලා ලොව තතු වටහා ගත හැකියාව ඇතිබව පිළිගත යුතුය. එය කරනවා ද නැද්ද නොවේ. ඊට හැකියාවක් හිතන්නට හැකි හැමට ඇතැයි පිළිගැනීමයි. එසේ නැත්තනම් අපි සියල්ලටම ඔටුනු පැළඳි ‍ලෝකය තුල සදා ජීවත්වන්නට සිද්ධ වනු ඇත.

කඳු ගැටයක තනි පුද්ගලයෙකුගේ කනට කොඳුරා කියූ දේව වාක්‍යයන්ට අනුව සියල්ලෝම ජීවත්විය යුතු යැයි පිළිගන්නට ද සිද්ධ වෙයි. දේව සභාවක් විසින් පත්කරගත් පාප්වහන්සේ හෝ ඉරානයේ සුපිරි නායකයා කියන ආකාරයට ලොව සියල්ලෝම ජීවත්විය යුතු යැයි ද පිළිගන්නට සිද්ධ වේ. කර්නල් ගඩාෆි කියනා විදියට වැඩ කරන්න අකමැති අය ලිබියාවෙන් පළා යා යුතුය. මන්ද ගඩාෆිට සිතුනොත් යම් ලිබියානුවෙකු අයිති ගඩාෆි අකමැති ජන කොටසට කියා ඔහුව මරා දමන්නට ගඩාෆිට ඉහළ අයිතියක් ඇති බැවිනි.

ලෝකයේ ජීවත්වන සැවොම පිළිගන්නා වූ එක ඉහළ අයෙක් නැති නිසා, එවැනි අයකු ඉන්නවා යැයි කියා අඟවමින් ඊට ඉඩ දීම වෙනුවට ඒකීය පුද්ගලයාට තම තීරණ වලට ඉඩ දීමෙන් පාප්වහන්සේ අනුගමනය කරන්නෝට ඊට අයිතිය ද, ඉරානයේ සුපිරි නිලධාරියා අනුගමනය කරන්නෝට ඊට අයිතිය ද, දෙවියන් අදහන්නේ නැති අයට එය අනුගමනයටත්, ගඩාෆි අනුගමනය කරන්නෝට ඊට අයිතිය ද ධනවාදය විසින් ලබා දෙන්නේ ඒකීය පුද්ගල අයිතිය මඟිනි.

එහි දී පාප්වහන්සේ අනුගමනය කරන්නට අකමැති අයව මරා දමන්නට මෙහෙයුමක් ඇත්නම්, ඉරානයේ සුපිරි නිලධාරියා අනුගමනය කරන්නට අකමැති අයව මරා දමන්නට මෙහෙයුමක් ඇත්නම්, දෙවියන් අදහන්නේ නැති අයව මරා දමන්නට මෙහෙයුමක් ඇත්නම්, ගඩාෆි අනුගමනය කරන්න අකමැති අයව මරා දමන්නට මෙහෙයුමක් ඇත්නම් ඒ ඒ ඒකීය පුද්ගලයන්ගේ අයිතිය රැක දීම සඳහා මිනිස් සංහතිය කටයුතු කළ යුතුය. නැතහොත් නැති වී යන්නේ පදනමයි; එනම් තම කැමැත්ත කරන්නට දී තිබුණ ඒකීය පුද්ගල අයිතියයි. නැතිවන්නේ සියල්ලන්ගේම අයිතියයි.

නිතරම අපේ මොළයෙන් විමසා නොබලා, දෙවියන් කියූ දහම යැයි තවකෙක් කියන්නට ඇහුම් කන් දී, විමර්ශනය නොකර අල්ලෙන් පල්ලෙන් කියවා විභාග පාස් කරන්නට සමත්වන ‘කපටි’ (තමන් කියා ගත්තක්) අයගේ දැනුම මගේ ‘හැඳිමිටේ නුවණට’ (අනුන් කියූවක්) වඩා ඉහළ යැයි පිළිගත් සත්‍යයක් සේ තව දුරටත් පිළිගෙන, ඉහළ උපාධි ඇති නිසා, බලය ඇති නිසා, දේව සභාවේ ඉන්නා නිසා යැයි කියා, පුද්ගලයා තමා ලෝකයේ ජීවත්වන ඉතා සුළු කාලය තමන් වෙනුවෙන් තීරණ ගන්නට අනුන්ට අයිතිය දී නිකම් සිටිය යුතු ද?

එසේ සිද්ධ නොවන ලොව එකම සමාජය තවමත් ඇත්තේ ඇමෙරිකාවේ ය. එම නිසාම ඇමෙරිකාවෙන් ‘පැය දස දහසක රීතිය’ අනුව කැපවීමෙන් හා වෙහෙසීමෙන් ස්ව උත්සාහය ගන්නාට, නැව් හබල් ගා රැකියාව පටන් ගෙන රටේ විශාලතම ‍නිවස හදත හැකිය. දුප්පත් පවුලක අවිවාහක මවකට දාව ඉපදී සුළු ජාතිය නියෝජනය කරමින් තම ජාතියේම ධනවත් කාන්තාව විය හැකිය. දුප්පත් වුවත් අවන්හලක් පටන් ගෙන දහ දොළොස් වතාවක් බංකොලොත් වී නමුත් වෑයම අත්හැර නොදමා ලෝකයේ වැඩියෙන් ම ඇති අවන්හල් දාමයට අයිතිය කියන්නට හැකිය. රාක්ක පුරවන අදහසක් නිසා තම ජීවිත කාලය තුල දී ම ඇමෙරිකාවේ වැඩිම ධනවතා වන්නට හැකියාව ඇත. අදහසක් නිසා ‘හැඳිමිටේ නුවණැති’ වැන්දඹුවකට ඇමෙරිකාවේ ධනවත්ම කාන්තාවක් වන්නට හැකිය!!

නමුත්, ඔබ එසේ පුද්ගල අයිතිය වටහා ගත්තොත්, එයම මුළු රටේම ජනතාවගේ යහපත හා සුබ සිද්ධිය වඩවන බව වටහා ගත්තොත්, සමහර විට රටින් පිටට ද රැකියාවන් ලබාදෙන්නට හැකි බව දැනගත්තොත්, සැලසුම් ගසමින් ඔබ පාලනය කරන්නට දත් නියවා චන්ද සමයට පමණක් ඔබ බැහැ දකින්නට එන අය කුමක් කරනු ද?!!!

ඔවුනට කත් අදිමින්, ඔවුන්ගේ පිට කසමින්, ඔවුන්ගේ පාද නැමැඳ එහෙත් ඔවුන්ව කාලයෙන් කාලයට විකුණාගෙන කන්නා වූ ගැත්තන් තම තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නේ කෙසේද?!!!

සැලසුම් ගහනා අය ඔබට පුද්ගල අයිතියක් දෙයි ද?

සැලසුම් ගහනා අයගෙන් යැපෙන්නෝ ඔබට පුද්ගල අයිතියක් දෙයි ද?

41 Responses

Subscribe to comments with RSS.

  1. Ashoka said, on මැයි 27, 2011 at 11:07 පෙ.ව.

    This one is not too bad. Nothing major to disagree on. 🙂

    In addition, I think(hope) the direction of that free will, personal rights, preferences and all should be to lift ourselves up from shallow consumerism which the world can not take anymore. End of consumerism will at least change the facelift of capitalism if not totally changing it to something else.

    What do you think ?

    oh, forgot! I should patiently wait till the promised surprise happens….

  2. Kathandara said, on මැයි 27, 2011 at 10:50 ප.ව.

    /* මිනිසත් බවින් ලබන ‘හැඳිමිටේ නුවණක්’ (ස්තූතියි කතන්දරකාරයා මතක් කර දුන්නාට!!) ඇතිව උපන්
    */
    මං කිව්වේ ලේසි පාසු හැඳි මිටක් ගැන නෙමේ.
    NJ සිට LA දක්වා හෝ Florida සිට Alaska දක්වා වගේ දිගම දිග, පට්ටම පට්ට හැඳි මිටක් ගැනයි.

    • arunishapiro said, on මැයි 28, 2011 at 10:27 පෙ.ව.

      Kathandara,
      අයියෝ මෙච්චර කල් මම හිතාගෙන හිටියේ මට තියෙන්නෙ හඳට ගෑවෙන්න තරම් දිග හැඳි මිටක් තියනවා කියලනේ!! ඩෙලවෙයාර් සිට ලෝකෙ වටේ ගිහින් ආපහු ඩෙලවෙයාර් දක්වා එන්න තරම් දිග වැඩි කරගන්න ක්‍රමයක් වත් හොයන්න ‍ඕන විගහට!! හ්ම්… සමහර විට, මේ සටහන් ඉවර කරලා ඊ ළඟට සමාජවාදය වැඩියෙන් සුදුසු යැයි ලියන්න පටන් ගත්තොත් …. වැඩේ හරියන්න පුළුවන්!!

  3. Kathandara said, on මැයි 27, 2011 at 10:52 ප.ව.

    මිනිසා ගේ එක් පරම අයිතියක් නම් ආයුධ දැරීමේ අයිතියයි, right to bear arms, එහෙම නේද?

    • Chanuka Wattegama said, on මැයි 28, 2011 at 12:06 පෙ.ව.

      ඇයි ඒ ආයුධ වලින් වියට්නාමයට, ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට ගැහීමේ අයිතිය? කොයි තරම් ලොකු අයිතියක්ද? හිරෝශීමා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ දැමීමේ අයිතිය? (දැන් අරුණි ඇවිල්ලා කියයි ඇමෙරිකාව වියට්නාමයට රසායනික බෝම්බ දමා අහිංසක ගැහැණු මිනිස්සු ළමයි බුරුතු පිටින් මරා දැම්මේ වියට්නාම් ජනතාවගේ පුද්ගල අයිතිය සුරකින්න කියලා!)

      “Chanuka, you should never read these [Ayn Rand]. You will go insane if you do”

      මගේ රූමී වසර විස්සකට පමණ පෙර දුන් අවවාදයේ වැදගත්කම මට පෙනෙන්නේ දැන්ය!

  4. Clement Peris said, on මැයි 27, 2011 at 11:37 ප.ව.

    Aruni is digging her own grave! (of her blog,I meant) But we think still she has time to think what she is doing.
    Guys and gals,let us give her RIGHT TO THINK.

    Clement Peris
    Calgary

  5. Chanuka Wattegama said, on මැයි 28, 2011 at 12:44 පෙ.ව.

    /එහෙම බලද්දී ලෝකයේ මුල් ම සද්ගුණවත් සමාජය බිහිවෙන්නේ ඇමෙරිකාවෙන් ය!!/

    ලෝක යුද්ධ ඉතිහාසයේ එතෙක් මෙතෙක් කවරකු හෝ විසින් කරන ලද ම්ලේච්ඡම අපරාධය කරනු ලබන්නේද අරුණි විසින් දේවත්වයෙන් පුදන මේ “සද්ගුණවත්” සමාජයයි! ඒ 1945දී හිරෝෂීමා, නාගසාකි දෙනුවරට පරමාණු බෝම්බ හෙළීමෙන් මිලියන ගණනක් අහිංසක ජනතාව බුරුතු පිටින් ම්ලේච්ඡ ලෙස මරා දමා (අරුණිට අනුව ඔවුන්ගේ පුද්ගල අයිතිය සුරකිනු පිණිස!) තවත් පරම්පරා ගණනක් ආබාධිතයින්, රෝගීන් බවට පත් කිරීමෙනි. අරුණිගේ “සද් ගුණවත්” උපාසක මහත්වරුන් මෙසේ ම්ලේච්ඡ හැසිරීමක් දැක්වූයේ මන්දැයි බලමු.

    1. යුද්ධයේ ඇමෙරිකාව ඇතුළු මිත්‍ර පක්ෂයට බලවත්ම තර්ජනය එල්ල වූයේ හිට්ලර්ගේ ජර්මනියෙනි. එහෙත් ජර්මනියට පරමාණු බෝම්බ දැමීමක් මොනම අවස්ථාවකදීවත් තීරෙණාත්මකව සැලසුම් නොකරන ලදී. ඒ ඇයි? හේතු දෙකක් නිසාය. එකක් ජපානයෙන් Pearl Harbour පළිය ගන්නටය. දෙක ජර්මනියේ සුදු මිනිසුන් සමූල ඝාතනයකට වඩා ජපානයේ ‘කහ මිනිසුන්’ සමූල ඝාතනයකට හිත හදා ගත හැකි නිසාය.

    2. පරමාණු බෝම්බ නොහෙළුවත් 1945 අගෝස්තු මාසය වන විට ලෝක යුද්ධයෙන් මිත්‍ර පක්ෂයට ජය අත්වන ලකුණු හොඳින්ම පෙනෙන්නට තිබිණි. එහෙත් ජපානයට පරමාණු බෝම්බ හෙළන්නටම ඇමෙරිකාවට ඕනෑ විය. හේතු දෙකක් නිසාය. එක – සම්ප්‍රදායක යුද්ධයකදී ජපානය පැරදුනේ නම් ඒ පරදින්නේ ස්ටාලින්ගේ රුසියාවටය. එවිට ජපානයේ බලය හිමිවිය යුතුව තිබුණේ රුසියාවටයි. ඇමෙරිකාවට මෙය වැළක්වීමට අවශ්‍ය විය. දෙවැන්න ඒ වන විටත් ගොඩ නැඟෙමින් තිබුණු ‘ලෝක පොලිස්කාරයා’ මතය තවත් තහවුරු කර ගැනීමටය.

    හුදෙක් පළි ගැනීමේ හා සිය බලය තහවුරු කර ගැනීමේ අරමුණින් කළ මේ ම්ලේච්ඡ ක්‍රියාවෙහි අරුණි කියන “සද් ගුණවත්” කමේ සේයාවක් වත් දකින්නට නොලැබිණි. ඒ ඇයි? සද්ගුණවත් ඇමෙරිකානු මහත්වරුන්ට තම සද්ගුණවත්කම අමතක වීද? නැත. ඔවුන් තුළ අරුණි කියනාකාරයේ “සද්ගුණවත්” කමක් කවදාවත් නොවීය. පුද්ගල අයිතිය ඔවුන්ට වැදගත් වූයේ තමන් (හා සමහරවිට මිතුරන්) වෙනුවෙන් පමණෙකි. අනෙකාගේ පුද්ගල අයිතිය ඇමෙරිකාවට කවරදාකවත් වැදගත් නොවීය. තමන්ගේ පුද්ගල අයිතිය කියන ආත්මාර්ථකාමී සංකල්පය වෙනුවෙන් අනෙකාගේ බොටුව මිරිකන්නට ඇමෙරිකාව කවරදාකවත් මොහොතක් වත් පසුබට වී නැත.

    වෙන කිසිත් නිදර්ශන අවශ්‍ය නැත. තම රට තුළින්ම නැඟුණු විරෝධතා නොවන්නට ඇමෙරිකාව වියට්නාමය ජන ශූන්‍ය භූමියක් කරන්නට තිබුණේය. ඇමෙරිකාවේ පුද්ගල අයිතීන් සුරකිනු පිණිස වියට්නාමයේ බිළිඳුන්ගේ, දරුවන්ගේ, ගැහැණුන් මිනිසුන්ගේ පුද්ගල අයිතීන් වැනසීමට ඇමෙරිකාවට කිසිම “සද් ගුණවත්කමක්” නොවීය.

    තියරියක් ලෙස ධනවාදය වැඩවසම් ක්‍රමයට හා කොමියුනිස්ට්වාදයට වඩා “සද් ගුණවත්” බව මම පිළි ගනිමි. නමුත් රට තුළ කෙසේ වෙතත් ලෝක දේශපාලනයේදී ඇමෙරිකාව පෙන්නා දී ඇත්තේ එබඳු “ධනවාදී සත්ගුණවත්කමක්” නොවේ.

    • arunishapiro said, on මැයි 28, 2011 at 4:41 ප.ව.

      Chanuka Wattegama,

      අහිංසක මිනිස් ජීවිත රාශියක් විනාශ කරන ඒකාධිපති ආක්‍රමණිකයෙන් ඉවත් කරන්න යද්දී අවි නොගත් අහිංසක මිනිස් ජීවිත බිලි දෙන්නට සිදුවන බව එවැනි ජයක් ලබාගත් ලංකාවේ අයට වැටහෙන්නේ නැත්තේ ඇයි?

      දෙවන ලෝක යුද්ධය බිහිවූයේ හිට්ලර්ට බිය වූ යුරෝපීයයන් සිටි නිසාත්, ජපානයට බිය වූ ආසියානුවන් සිටි නිසාත්, ස්ටාලින්ට බිය වූ රුසියානුවන් සිටි නිසාත් ය.

      දෙවන ලෝක යුද්ධයෙන් වූ අහිංසක මිනිස් ඝාතනය නවතා දැමුවේ ඇමෙරිකාවයි. ඒ තමන්ට පහර දුන් අවිගත් ලෝක ආධිපත්‍යය සඳහා ආක්‍රමණයට ගිය අයට යුද නතර කිරීමට දැන් අවස්ථාව යැයි වැටහෙන විදියකට පහර දීමෙනි.

      එසේම ඇමෙරිකාව අහිංසක රටවලට කඩා වැදී, සම්පත් උදුරා කොල්ල කා, මිනිස් ඝාතනයේ යෙදී දෙවන ලෝකය යුද්ධය පටන් ගත් හා දෙවන ලෝක යුද්ධයෙන් පසු මෑතක් වනතුරු විදේශ භූමි යටතට ගත් ඒකාධිපතියනට අයත් නොවේ.

      නාට්සි-සෝවියට් ගිවිසුම් වලින් ස්වාධීන යුරෝපීය රටවල් තුලට පිවිස හිට්ලර් සහ සෝවියට් ආණ්ඩුව ආක්‍රමණයෙන් ඒ රටවල් බෙදා ගත්හ. එයින් ඇමෙරිකාවට තර්ජනයක් වූයේ නැත. For the Soviets for agreeing to not join the possible future war, Germany was giving the Soviets the Baltic States (Estonia, Latvia, and Lithuania). Poland was also to be divided between the two – along the Narew, Vistula, and San rivers.

      දෙවන ලෝක යුද්ධය ඇරඹෙනුයේ හිට්ලර්ගේ හමුදා එක පැත්තකින් ද Slovak හමුදා තවත් පැත්තකින් ද පෝලන්තය අල්ලා ගැනීමට එරටට ඇතුල් වීමෙන් 1939 සැප්තැම්බර් 1 වැනි දා ය. ඒ ඉතිහාසයේ ලියැ වී ඇති සැටියි.

      ඊට විරුද්ධතාවය දක්වා යුද්ධ ප්‍රකාශය නිකුත් කරන්නේ ප්‍රංශය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල් බොහොමයක් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ය.

      චීනය සමඟ 1937 සිට භූමි අයිති සඳහා සටන් වැදි ජපානය ආසියාවේ රටවල් තුලට කඩා වැදී මිනිස් ඝාතන කරයි. එයින් ඇමෙරිකාවට තර්ජනයක් එල්ල වූයේ නැත.

      ජපානය 1941 දෙසැම්බර් 7 වැනිදා ඇමෙරිකාවට බෝම්බ දමයි.

      ජපානයට ඇමෙරිකාව විසින් න්‍යෂ්ටික නොවන බෝම්බ දැමීමෙන් සහ න්‍යෂ්ටික බෝම්බ දැමීමෙන් මිය ගිය සංඛ්‍යාව: දළ වශයෙන් 500,000 කි.

      යුද්ධය පටන් ගත් ජපානයේ ප්‍රචණ්ඩත්වය: පිලිපීන, මැලේ, වියට්නාම්, කාම්බෝජ, ඉන්දුනීසිය, බුරුම යනාදී රටවල ඝාතනය කරන ලද මිනිස් ජීවිත එකතුව දළ වශයෙන් මිලියන 30 කි, ඉන් දළ වශයෙන් මිලියන 23 ක් ethnic චීන්නු ය. ඊට අමතරව ඇමෙරිකන් වරායට බෝම්බ දැමීමෙන් ඝාතනය වූ මිනිස් ජීවිත: හරියටම 2,350 කි.

      List of war apology statements issued by Japan ජපානය සමාව ඉල්ලා සිටි හැටිත්, තමන් ගෙන් සමාව නිසි සේ අයැදිය යුතු යැයි අනිකුත් ආසියානුවන් කියන හැටි කියවන්න.

      යුද්ධය පටන් ගත් ජර්මනිය විසින් රුසියන් සිරකරුවන් දළ වශයෙන් 3,912,000 ක් ද; යුදෙව්වන් දළ වශයෙන් 5,000,000 ක් ද; සමරිසියන් දළ වශයෙන් 220,000 ක් ද; ආබාධිතයන් දළ වශයෙන් 275,000 ක් ද; යුගොස්ලෝවියා‍නුවන් දළ වශයෙන් 500,000 ක් ද; අහිගුණ්ඪිකයන් දළ වශයෙන් 500,000 ක් ද; ප්‍රංශ දළ වශයෙන් 300,000 ක් ද; ග්‍රීක දළ වශයෙන් 300,000 ක් ද; හංගේරියානු දළ වශයෙන් 300,000 ක් ද; චෙකොස්ලෝවැකියානුවන් දළ වශයෙන් 3000 ක් ද ඝාතනය කරති. හිට්ලර් පටන් ගත් යුද්ධයෙන් මිය ගිය මුළු සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 25 ක් වෙද්දී, යුරෝපීය සිවිල් වැසියන් මිලියන 28 ක් ද; යුරෝපීය හමුදා භටයන් මිලියන 14 ක් ද මිය යති.

      යුද්ධය පටන් ගත් රුසියාව විසින් ජර්මන් හමුදා භටයන් දළ වශයෙන් 1,000,000 ක්; තමන් ආක්‍රමණය කළ සහ අල්ලා ගත් රටවල් වල වැසියන් දළ වශයෙන් 1,000,000 ක්; Baltic සුළු ජාතීන් දළ වශයෙන් 200,000 ක්; Black Sea/Caucasus සුළු ජාතීන් දළ වශයෙන් 200,000 ක්; Gulag දළ වශයෙන් 600,000 ක්; සෝවියට් සෙබළුන් දළ වශයෙන් 400,000 ක්; සිරබාරයට ගත් අය දළ වශයෙන් 600,000 ක් ඝාතනය කරන ලදි. එනම් දළ වශයෙන් මිලියන 4 ක මිනිස් ජීවිත ඝාතනය කරන ලදි.

      හිට්ලර්ගේ ජර්මනිය කඩා වැටෙද්දී බර්ලිනයට ඇතුල් වූ රුසියානුවන් එයින් ඉවත්වන්නේ 1990 දී ය.

      ජපානයට බෝම්බ දැමූ ඇමෙරිකන් ගුවන් නියමුවා Paul Tibbets මහළු වයසින් මිය යන්නේ 92 වියැතිව 2007 දී ය. මිනිස් ඝාතන නවතා ලෝක යුද්ධයක් අවසන් කල බව දන්නා තම සවිඥානයෙන් තමාව සුදු පාටින් දකිමිනි.

      • pitakotuwa said, on මැයි 29, 2011 at 9:37 පෙ.ව.

        ඇස් පනා පිට පේන සත්‍යය විකෘති කිරීමක්.

        ඇමරිකාව ජපානයට බෝම්බ දාන කොට ඒ වෙනකොටත් මිත්‍ර ජාතීන්ට ජයග්‍රහණය හිමි වෙලා තිබ්බේ. ජපානය විතරක් තනියම පොඩි පිස්සුවක් කෙලිමින් සිටියා. ඒ වෙලාවේ ජපානය මෙල්ල කරන්න මේ වගේ තිරශ්චීන විනාශයක් කරන්න ඕන නැති බව පොඩි දරුවෙකුට වුනත් වැටහෙනවා.

        ඇමරිකාව කලේ තමන් අළුතින් හොයා ගත්තු මේ පොඩි කොල්ලාගේ ශක්තිය කොහොමද කියලා පරීක්ෂා කරන්න පර්යේෂණාගාරයක් විදියට හිරෝෂිමාවේ, නාගසාකියේ කෙලි දෙලෙන් හිටපු පොඩි එකාගේ අත දරුවාගේ පටන් මහල්ලා දක්වා පරම්පරාගානක් අපායකට ඇදල දාපු එක.

        එහෙව් ඇමරිකාව තමයි දැන් සුදු කොඩි අරන් ආපු කොටින්ගේ මානව හිමිකම් ගැන වාර්තා හදන්න බැන් කී මූන් ව ෆෝම් කරන්නේ.

      • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 9:58 පෙ.ව.

        @pitakotuwa,

        1945 අගෝස්තු වන විට මිත්‍ර හමුදාවන්ට නියත ජයක් තහවුරු වී තිබුණු බව ඔබ කියන කතාව ඇත්ත. පරමාණු බෝම්බ නැතුවත් ජපානය වැටෙන්න ඔන්න මෙන්න හිටියේ. නමුත් එහෙම උණා නම් වැටෙන්නේ ඇමෙරිකාව අතට නෙවෙයි රුසියාව අතට. (අරුණි සාමාන්‍යයෙන් ඇමෙරිකාවට කඩේ යන්න පටන් ගත්තාව කිසිම ලජ්ජාවක් නැතිව පට්ටපල් බොරු කියනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා.)

        නමුත් ඇමෙරිකාව හිරෝෂීමා-නාගසාකි දෙනුවරට පරමාණු බෝම්බ හෙළුවේ “පොඩි එකාගේ” තත්ත්වය මැණ ගන්නම නෙවෙයි. (එහෙනම් හිරෝෂීමාවට බෝම්බ දාල නතර වෙනවානෙ. දවස් තුනකට පස්සෙ නාගසාකි වලට බෝම්බ දාන ඕනැ නැහැ.) ඊට හේතු ගණනාවක් තිබුණා. සමහරක් මෙහෙමයි.

        1. (ඔබ කිව්වා වගේ ) පරමාණු බෝම්බයට test bed එකක් විදියට ජපානය භාවිතය
        2. Pearl Harbour සිද්ධිය සඳහා ම්ලේච්ඡ ලෙස පළි ගැනීමේ උවමනාව
        3. සෝවියට් හමුදා ජපානයට ඇතුළු වීමට පෙර ජපානය නතු කර ගැනීමේ අවශ්‍යතාවය
        4. “මමයි ලොක්කා” කියා ලෝක දේශපාලනයේ බලය තහවුරු කර ගැනීමේ ඕනෑකම (මොකද මේ වන විට ස්ටාලින් එතැනට කිට්ටු වෙමිනුයි හිටියේ.)
        5. ඇමෙරිකන්කාරයාගේ (සාධාරණ?) වෛරය පිරි මහා ගැනීමට හිට්ලර්ගේ බයිට් එක මදි වීම.

        තව හේතු තිබිය හැකියි.

        අරුණි ළඟ ඉතිහාස පොතක් නැතිනම් මගේ මූලාශ්‍රය වුණත් දෙන්න පුළුවන්. A Concise History of the Modern World 1500 to the Present by William Woodruff http://www.williamwoodruff.com/a_concise_history_of_the_modern_world_br_1500_to_the_present__br__29446.htm

      • Ashoka said, on මැයි 29, 2011 at 1:03 ප.ව.

        මේ සටහනේදී අරුණි පෙන්වන ඉහල පාක්ෂික භාවය සහ කරුනු වල සාවද්‍ය භාවය මම මීට පෙර කිසි තැනක දැක නොමැත්තෙමි. දෙවන ලෝක යුද්ධයේදී රුසියාව මිත්‍ර පාක්ෂික රටක් විය, කිසිදා අක්ෂ බලවතුන් සමග සිටි රටක් නොවේ. රුසියාව සහ පෝලන්තය අතර රුසියානු විප්ලවය කාලයේ පටන් තිබූ එදිරිවාදිකම වෙනම දෙයකි. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය පැරදවීමට වැඩිම කාර්යභාරයක් කලේ රුසියාවයි.

        අරුනි කොතරම් අකමැති උවත්, ඇත්ත නම් ජපනා ගෙදරටම ඇවිත් ගහනකම් රුසියාවට යුරෝපය බේරාගැනීමට තනියම සටන් කිරීමට ඉඩ හැර, ඇමෙරිකාව තමන්ගෙ වැඩක් බලාගෙන සිටි බවයි. 1941 දී ඇරඹි යුද්ධය 1945 දී අවසන් විය. රුසියාව ලොව සිදු වූ විශාලම සටන් වන ස්ටාලින්ග්‍රාඩ්, ලෙනින්ග්‍රාඩ් සහ කුර්ස්ක් අඩ කවයේ සටන් ජයගෙන 1944 වන විට ජර්මනියටත් ලඟා වූ පසුවයි අමෙරිකාව යුරෝපයේ සටනට බැස්සේ.

        ගොඩබිම සටන් වලින් 80% ම සිදුවූයේ නැගෙනහිර පෙරමුනේදීයි (ජර්මනිය සහ රුසියාව අතර ). 1944 දී ජර්මනිය පරදින බව පෙනෙන විට පමනක් වත් ඇමරිකාව සටනට ආවේ, නැතිනම් රුසියාව යුරෝපය තනිවම බේරාගනු බලා සිටීමට සිදු වන නිසාය.

        ඇමරිකාව දෙවන ලෝක යුද්ධයෙදී කලේ ඉතා අඩු කැප කිරීමක්. අනවශ්‍ය වෙලාවක පරමාණු බෝම්බය පාවිච්ච්යෙන් ජීවිත ලක්ෂ ගණනක් (අහි0සක සිවිල්) එකවර නැති කිරීම වීර කමක් නොවේ.

      • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 11:05 ප.ව.

        William Woodruff සමාජවාදියෙක් වුණත් නැතත්, අරුණි, ඉතාම පැහැදිළියි නේද හිට්ලර් හා මුසෝලිනි වැටුණායින් පසුව තනි ජපානයට (අනෙකුත් මිත්‍ර රටවල් නොසැලකුවත්) ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, රුසියාව කියන රටවල් තුන සමඟම සටන් කළ නොහැකියි කියලා?

        අනෙක් අතට ඔය තර්කයම අනෙක් පැත්තට පාවිච්චි කරනන්න පුළුවන් නේද ඇමෙරිකන් ඉතිහාසඥයින් බොරු කීවාය කියන්න?

      • නාලක said, on ජූලි 6, 2016 at 3:37 පෙ.ව.

        $$$$”දෙවන ලෝක යුද්ධයෙන් වූ අහිංසක මිනිස් ඝාතනය නවතා දැමුවේ ඇමෙරිකාවයි. ඒ තමන්ට පහර දුන් අවිගත් ලෝක ආධිපත්‍යය සඳහා ආක්‍රමණයට ගිය අයට යුද නතර කිරීමට දැන් අවස්ථාව යැයි වැටහෙන විදියකට පහර දීමෙනි”.$$$$$

        මේ කතාව ලංකාවේ අවසන් කළ යුද්ධය සම්බන්ධයෙන් අනුමත නොවන්නේ ඇයි? මේ කතාවට පරස්පර විරෝධී හැසිරීම් දක්වන කණ්ඩායමේ නායකයා ඇමරිකාව ම නේද?

        • arunishapiro said, on ජූලි 6, 2016 at 7:31 පෙ.ව.

          නාලක,
          //මේ කතාවට පරස්පර විරෝධී හැසිරීම් දක්වන කණ්ඩායමේ නායකයා ඇමරිකාව ම නේද?// ඔව්. ඇමෙරිකාව දක්වන පරස්පර විරෝධී හැසිරීම් ගැන පොත් ගණනාවක් ලියන්න පුළුවන්. උදාහරණයක් හැටියට “සියළු මිනිසුන් එක හා සමාන ලෙසින් නිර්මාණය වී ඇතැයි” ලියූ නිදහස් ප්‍රඥප්තියට පටහැනි ලෙසකින් කළු අයගේ චන්ද අයිතිය පවා අහිමි කරවන නීති හැදුවා.

    • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 9:34 පෙ.ව.

      /අහිංසක මිනිස් ජීවිත රාශියක් විනාශ කරන ඒකාධිපති ආක්‍රමණිකයෙන් ඉවත් කරන්න යද්දී අවි නොගත් අහිංසක මිනිස් ජීවිත බිලි දෙන්නට සිදුවන බව එවැනි ජයක් ලබාගත් ලංකාවේ අයට වැටහෙන්නේ නැත්තේ ඇයි?/

      අරුණි ඔබ අදාළ නැති දේ හා පට්ටපල් බොරු කියන්නේ වෙන කියන්නට දෙයක් නැතිම තැනද?

      1. ජපානයේ හිරෝෂීමා-නාගසාකි දෙනුවරට බෝම්බ දැමීම “ඒකාධිපති ආක්‍රමණිකයෙක් ඉවත් කිරීමක්” නොවේ. මේ “ඒකාධිපති ආක්‍රමණිකයා” මා දන්නා තරමින් නම් මැරුණේ 1945දී නොව 1989දීය. ඒ වන තුරුම ඔහු ජපානයේ අධිරාජ්‍යයා විය. ඔබ ඇමෙරිකාව විසින් ඔහු 1945දී “ඉවත් කර දැමූ” බව තව දුරටත් කියන්නට පෙර ඉතිහාස පොත පෙරළා බලන්න. මින් පසු වත් යමක් ලියන්නට පෙර double check කරන්න. එවිට මෙවන් වැරදීම් වලින් මිදිය හැකිය.

      2. ඔව් අපිත් collateral damages තර්කය අසා ඇත්තෙමු. එහෙත් වෙන කොතැනකදී කෙසේ වෙතත් ජපානයේ හා වියට්නාමයේ ඇමෙරිකාව කළ ම්ලේච්ඡ ක්‍රියා නම් collateral damages තර්කය මඟින් ශිෂ්ට ලෝකය හමුවේ සාධාරණීකරණය නොකළ හැකිය.

      3. ජපානයට පරමාණු බෝම්බ හෙළීම පළිගැනීමේ හා බලය පතුරුවා ලීමේ අරමුණින් කළ ම්ලේච්ඡ ක්‍රියාවකි. හිට්ලර් හෝ ස්ටාලින් කළ මනුෂ්‍ය ඝාතන පුන පුනා කී පළියට ඇමෙරිකාව නිර්දෝෂී වන්නේ නැත. ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් හා හැරී එස්. ටෲමන්ද හිට්ලර්ට හා ස්ටාලින්ට නොදෙවෙනි කෲර මනුෂ්‍ය ඝාතන වලට හවුල් වී තිබේ.

      ඔබ ඇමෙරිකාවට දක්වන අන්ධ භක්තියට අනුව ඇමෙරිකාව කරන ඕනෑම ජඩ වැඩක් ඔබට සාධාරණීකරණය කළ හැකිය. නමුත් ඔබ මෙන් අන්ධව ඇමෙරිකාව සරණ නොගියෝ ස්ටාලින්ගේ, හිට්ලර්ගේ සේම රූස්වෙල්ට්ගේ ටෲමන්ගේ හා ඔබාමාගේද වැරදි දකිති.

      අවසාන වශයෙන්, අරුණි ඔබ මට “ලංකාවේ අයෙක්” කියන්නේ මොකද ඔබ ලංකාවේ නෙවෙයිද? ඉපදිච්ච දවසෙ ඉඳළම ඇමෙරිකාවෙද හිටියෙ?

      • නිදහස් අදහස් said, on ජූනි 2, 2011 at 5:13 පෙ.ව.

        කොහොමටත් අරුණිට බොවී ඇති ඇමරිකන් උණ අනුව කබරගොයා තලගොයා කර ගැනීම අපි බලාපොරොත්තු විය යුත්තකි.

    • pitakotuwa said, on මැයි 29, 2011 at 1:24 ප.ව.

      @ Asoka,

      ඇමරිකාව ගැන බොහොමයක් විදේශ රටවල (ආණ්ඩුවල කෙසේ වෙතත්) බහුතර ජනතාවගේ පවතින්නේ ප්‍රසාදයක් නොවන බව ඇමරිකන් ආණ්ඩුව හොඳින් දන්නා කරුණක්. ඇමරිකාව සම්බන්ධව ලෝකයේ ඇති අයහපත් චිත්‍රය දුරු කිරීම පිණිස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් (කෙලින්ම නොවේ) පඩි ගෙවන විදේශීය සම්භවයක් ඇති විද්‍යාර්ථීන් (academics) රැසක් සේවයේ යොදවා සිටින බව නොරහසක්. කෙසේ වෙතත් අරුණිත් ඔවුන්ගෙන් අයෙක්දැයි පැහැදිලිවම කීමට කිසිම සාක්ෂියක් නෑ. ඇය ලියන්නේ ඇයට ඇත්තටම හිතන දේ වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අරුණිගේ ලියවිලි බොහොමයක් කපුටා සුදුයි කියලා තර්ක ශාස්ත්‍රෙයන් ඔප්පු කරනවා වගේ ලියවිලි තමයි. ඉලක්කම් හා තැන් තැන්වලින් උපුටා දැක්වීම් රාශියක් කරද්දී (facts) සංවාදයකට පැමිණෙන අයත් හොල්මන් වෙලා යනවා.

      • Ashoka said, on මැයි 29, 2011 at 3:10 ප.ව.

        pitakotuwa,

        I prefer to have a slightly different opinion on that and have discussed it with Aruni long ago. Have a look at this thread

        I don’t think Aruni praising America for personal benefits, but yea she is not doing herself justice by choosing to be so one sided when it comes to America.

        Also, there can not be any involvement from US government since Aruni is so ultra right, she is not on friendly terms with Obama. Thinks she supports Tea Party movement (a hardline minority right wing group in US). Aruni, am I correct ? 🙂 somehow it is difficult to imagine an intellectual like her in the same camp with the likes of Sarah Palin (that “drill baby drill” girl), so I hope I’m wrong there.

      • Ashoka said, on මැයි 29, 2011 at 3:31 ප.ව.

        @ Chanuka,
        //”අරුණි ඔබ මට “ලංකාවේ අයෙක්” කියන්නේ මොකද ඔබ ලංකාවේ නෙවෙයිද? ඉපදිච්ච දවසෙ ඉඳළම ඇමෙරිකාවෙද හිටියෙ?”//

        I too have the same thoughts while ago but then realized that we may be reading an American blog by a very patriotic American (nothing wrong there!, she is within her rights) but written in Sinhala! b’cos of sinhala language, we take it as a Sri Lankan blog and sometimes offended by the loyalty placed else where.

        As soon as we take it as an American blog in sinhala, it become fun to read. After all, we do read other American blogs too but how many Americans do we get to see writing in good Sinhala! 🙂

        see the comment links below….

        @ pitakotuwa,

        sorry the link was broken in the earlier comment/ this one

        https://arunishapiro.wordpress.com/2011/05/04/අපි-සටන්-වදින්නේ-කුමට-ද#comment-3713

        and

        https://arunishapiro.wordpress.com/2011/05/04/අපි-සටන්-වදින්නේ-කුමට-ද#comment-3721

      • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 11:00 ප.ව.

        @pitakotuwa,

        ඇමෙරිකාවට සල්ලි දීලා කඩේ යවන්න නම් මීට වඩා හොඳින් කියවා ඇති බුද්ධිමත් මිනිසුන් හා ගැහැණුන් සොයා ගන්න පුළුවනි. 🙂

  6. Chanuka Wattegama said, on මැයි 28, 2011 at 1:06 පෙ.ව.

    සමස්තයක් ලෙස මේ සටහනින් අරුණි පහර දෙන්නේ කාටද බලමු.

    1. පාප් වහන්සේ ගේ අනුගාමිකයින්ට
    2. ඉරානයේ ආගමික අන්තවාදීන්ට හා අනුගාමිකයින්ට
    3. ලිබියාවේ ගඩාෆිගේ අනුගාමිකයින්ට
    4. (කොමියුනිස්ට් ලෝකයේ සුලබ ) මධ්‍යගත සැලසුම් (central planning) විශ්වාස කරන්නට
    5. වැඩවසම් සමාජ ක්‍රමයන් අදහන්නට

    මට පෙනෙන හැටියට මෙහි අරුණිගේ ප්‍රකාශ දැඩි විවේචනයට බඳුන් කරන (මා ද ඇතුළුව) කිසිවකු ඉහත කී කාණ්ඩ පහෙන් එකකටවත් අයත් නොවේ.

    අප ප්‍රශ්න කරන්නේ ධනවාදයේ සාර්ථකත්වය හෝ එහි කාර්යක්ෂ්මතාවය නොව (මේවා අපි පිළිගනිමු. වාද අවශ්‍ය නොවේ.) සාම්ප්‍රදායික භාරතීය භාර්යාවක “පතී පරමේෂ්” කියා තම ස්වාමියාව වන්දනාමාන කරන අයුරින් ධනවාදයට හා ඇමෙරිකාවට කඩේ යන අරුණිගේ අන්ධ භක්තියයි. එසේම ඇමෙරිකාව කොයි තරම් දුරට ඔය කියන න්‍යායාත්මක ධනවාදය අදහන්නේද යන කාරණාවයි.

    ධනවාදය පිළිබඳව නිදහස්ව, අගති විරහිතව සිතා විවේචනයක් කිරීම අයින් රෑන්ඩ් පොත් වලින් පමණක් ධනවාදය අතපත ගා දැන, (අරුණි මිල්ටන් ෆ්‍රීඩ්මාන්, කේන්ස්, ෆෙඩ්‍රික් හයෙක් හෝ ස්ටිග්ලිස් වැනි ධනවාදී ආර්ථික විද්‍යාඥයින් ගේ කෘති කියැවූ බවක් හෝ ඇයට ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති බවක් ලියන දෙයින් නම් නොකියැවේ.), තමන් විසින්ම මොළ සෝදාගෙන කරන අන්ධ වන්දනාවට වඩා නුසුදුසුද?

    • arunishapiro said, on මැයි 28, 2011 at 11:49 පෙ.ව.

      Chanuka Wattegama,

      නැත. හරියට කියවන්න දන්නෙකුට මම පාප්වහන්සේගේ අනුගාමිකයන්ට පහර දී නැති බව පෙනෙනු ඇත. ඔවුනට රිසි සේ තම විශ්වාසය හා භක්තිය අනුව ආගම අදහන්නට පුද්ගල අයිතියෙන් ඉඩ සලසා දී ඇතුවා පමණක් නොව එය නීතියෙන් ආරක්ෂා කර දී ද ඇති බව පෙනෙනු ඇත.

      එහෙත් පාප්වහන්සේගේ පාලනය යටතේ වූ දේවසභාවන් ළමා අපචාර කරද්දී, දේවසභා වලින් පුද්ගල අයිතිය කප්පාදු කරන විට, ළමා අපචාර කරන අයට දඬුවම් පැමිණ වීමටත්, ‘දික්කසාද වීම’ වැන්නට රටක නීතියෙන් ඉඩ නොදෙද්දී, දික්කසාද වන්නට කැමති අයට දික්කසාද වීමට පුරවැසියනට නීතිමය අයිතිය රටක චන්ද නිලවරණයකින් තීරණය කරන අවස්ථාව ලබා දීමත් (අද මාල්ටා) වැනි පුද්ගල අයිතිය අහිමි කරන අයට පහර දීම ය.

      ඉරානයේ ආගමික අන්තවාදීන්ට ද පහර දී නැත. ඔවුන් කැමති විදියකට කොතරම් අන්තවාදී වුවත් ප්‍රශ්නයක් නොවේ. ඉරානයේ ආගමික අන්තවාදීන්ට උවමනා පරිදි අන්තවාදයේ ජීවත්වන්නට පුද්ගල අයිතිය මඟින් ඉඩ සලසා ආරක්ෂාව සැපයේ.

      පහර දෙන්නේ ඉරානයේ වාසය කරමින් අන්තවාදී වන්නට අකමැති අයගේ පුද්ගල අයිතිය කප්පාදු කරන අයටයි. ඉරානයේ අන්තවාදීන් වෙනත් රටවල පුද්ගල අයිතීන් කප්පාදු කරන්නට යන කළ ය.

      ලිබියාවේ ගඩාෆි අනුගමනය කරන්නන්ට පහර දීමක් ද නැත. ඔවුන් ගඩාෆිට බඩගාමින් බිම වැටී වැඳ, ඔහුගේ ආරක්ෂාව සපයමින් සර්පයෝ හිස් විකමින්, ගඩාෆි‍ට රිසි‍ සේ වර්ණවත් පදක්කම් පිරි අමුතු විලාසිතා වස්ත්‍ර හැඳගෙන ඉන්නට කැමැත්ත ඇතිව වාසය කරනවා නම් ඔවුන්ගේ පුද්ගල අයිතිය රැක දී ඔවුනට ආරක්ෂාව ද සැලසේ.

      එහෙත් ලිබියාවේ ගඩාෆි අනුගමනය කරන්නට අකමැති අයට එසේ නොකර සිටින්නට ඇති පුද්ගල අයිතිය රැක දීම සඳහා ඒ කප්පාදුවට පහර දෙනු ලැබේ.

      මධ්‍යගත සැලසුම් කැමති පරිද්දෙන් ගැසුවාට පහර දීමක් නැත. ඉතාලියේ මධ්‍යගත සැලසුම් වලින් රට බංකොළොත් වී ගිය කල ඔවුන් බේරා ගන්නට ඉදිරිපත් වීම සහ එපමණක් නොව අද තවමත් මධ්‍යගත සැලසුම් නවත්වන්නේ නැතැයි කියන ඉතාලියට තවත් IMF මුදල් ද සපයන්නට ද ඉදිරිපත් වෙයි. ඉතාලි ජාතිකයන් පරම්පරා හතරක් පහක් යනතුරු ණය බරෙන් ගොඩ නොඒම ඔවුන්ගේ කැමැත්ත නම් ඊට ඉඩ දෙමු!!

      නමුත් මධ්‍යගත සැලසුම් ගහන්නට අකමැති ජනතාව විසූ එස්ටෝනියාව වැනි රටක් තුලට බලහත්කාරයෙන් ඇතුල් වී මධ්‍යගත සැලසුම් ගසා, රටේ සම්පත් කා බී, සැලසුම් ගහන්නට අකමැති වූ ජනතාව මරා දමා, ජීවිතය පුරා සිරගත කර, අකැමති අදහස් ප්‍රකාශය වාරණය කිරීමට පහර දෙන්නට අවශ්‍යයය. කුමන රටක හෝ මධ්‍යගත සැලසුම් වලට අකමැති අය වෙනුවෙන් පෙනී සිටින්නේ ඔවුන්ගේ පුද්ගල අයිතිය රකිනු සඳහා ය.

      වැඩවසම් සමාජ ක්‍රමය හොඳයි කියාගත් අය තවම ලෝකයේ ඉන්නේ කොයි තරම් සතුටින් ද? බලන්න සිංගප්පූරුව දිහා. කවුද සිංගප්පූරුවට පහර දෙන්නේ? බලන්න බ්‍රිතාන්‍ය දිහා. බ්‍රිතාන්‍යයට පහර දෙන්නෙ කවුද? බලන්න ලීෂන්ස්ටයින් දිහා. කවුද ලීෂන්ස්ටයින් වලට පහර දෙන්නෙ?

      කළු සුදු මිසක අළු පාටක් නැතැයි කීම වැරදි යයි දැකීමට බැරි, කළු සුදු වෙනස පැහැදිලිවම දැකිය නොහැක්කේ ද,

      කතෝලික භක්තිකයාට ආගම අදහන්නට ඇති නිදහස හා ඒ නිදහස ආරක්ෂා කර දීමත් අතර (සුදු) හා

      දේවසභා තීරණ වලින් කතෝලික ආගම අදහන්නට කැමති අයගේම පුද්ගල අයිතීන් කප්පාදුව ළමා අපචාර නිසා සිද්ධ වූ බව (කළු) අතර

      වෙනසක් දැකිය නොහැකි විටයි. නැත්නම් සුදු කළු වෙනස අළුපාටින් දකින විටයි.

      • Chanuka Wattegama said, on මැයි 28, 2011 at 12:38 ප.ව.

        @අරුණි,

        ඔබට මීට වඩා බුද්ධියක් ඇතැයි සිතුවෙමි. දැන් නම් මගේ අදහස වෙනස් කර ගැනීමට සිදුවී තිබේ. මුලින්ම මා කියන දෙය තේරුම් ගන්න උත්සාහ කරන්න. පාප් වහන්සේ ගැන හෝ මධ්‍යගත සැලසුම් ගැන හෝ ලිබියාව ගැන මට ගැටළු නැත. මේවා මට කතා කිරීමට අවශ්‍ය මාතෘකා නොවේ පැහැදිළිව කියා තිබියදීත් ඔබ මේ අදාළ නැති කාරණාම කියවන්නේ ඇයිද?

        ඉතාලියේ හා පෘතුගාලයේ ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන ඔබට ඔය ඔළුව උඩ තියාගෙන වන්දනාමාන කරන ඇමරිකාවේ ආර්ථික ප්‍රශ්න පේන්නේම නැද්ද?

        මේ පිටුවේ ඇති ප්‍රස්ථාරය පොඩ්ඩක් බලන්නකෝ. http://www.economist.com/node/18560757 ඔය ඉතාලියට පොඩියක් ඉහළින් ඉන්න මනුස්සයා ඔබට පේන්නේම නැද්ද?

        ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාව ණය අතින් අවදානම්ම අවස්ථාවට පැමිණ ඇති බව ඔබ දන්නේම නැද්ද? S&P ගන මගේ වැඩි විශ්වාසයක් නැතත් S&P හි මේ අනතුරු ඇඟවීම ගැන ඔබ කියැවූයේම නැද්ද? http://online.wsj.com/article/SB10001424052748704004004576270693061767996.html

        ඇමෙරිකාවේ වර්තමාන ණය තත්ත්වය ගැන හෝ ඔවුන්ගේ ප්‍රමුඛම ණය හිමියා චීනය (26%) වීම ගැන හෝ ඔබට අදහසක් ඇත්තේම නැද්ද?

        • arunishapiro said, on මැයි 28, 2011 at 3:57 ප.ව.

          Chanuka Wattegama,
          පාප්වහන්සේගේ අනුගාමිකයන්ට මම පහර දෙනවා යැයි කිව්වේ ඔබ ය. මම එසේ පහර නොදෙන බවත් සහ උන්වහන්සේගේ අනුගාමිකයන්ට සිය ආගමික මත අදහන්නට හා ඒ මත අදහන ආරක්ෂාව සපයන්නේ පුද්ගල අයිතියෙන් බව පෙන්වා දුන්නෙමි.

          මධ්‍යගත සැලසුම් ගහනා අයට මම පහර දෙනවා යැයි කිව්වේ ඔබ ය. ඉතාලිය ගැන කිව්වේ ඉතාලියේ ජනතාව කැමැත්තෙන් බංකොළොත් වී මධ්‍යගත සැලසුම් වලට කැමති බව පෙන්වීමට ය. එසේම ඔවුනට පහර නොදෙන බවත් පෙන්වීමට ය. ඔවුන් බේරාගන්නට ණය ආධාර දෙන බවත් පෙන්වීමට ය.

          ඇමෙරිකාවේ ආර්ථිකය මධ්‍යගත සැලසුම් කිරීමට වැඩි වැඩියෙන් මෑතක සිට පටන් (බුෂ් සමයේ ඇති වී දැන් ඔබාමා සමයේ පැතිර යාම නිසා) ඇමෙරිකාවේ ආර්ථික නැඟීම නැවතී ඇත. පසුගිය මැද මැතිවරණය ඇමෙරිකන් ජනතාව මධ්‍යගත සැලසුම් වලට අකමැති බව සිය චන්දයෙන් ප්‍රකාශ කර සිටියහ.

          එය වෙනත් සටහනකින් මෙසේ දක්වා ඇත.

          //මධ්‍යගත ආණ්ඩුවක් විසින් කරන සැලසුම් නිසා අනිසි ආයෝජන වැඩියෙන් සිද්ධ වී එයින් වෙළඳපොලේ අනිසි ඉහළ යාමක් ඇති වීමෙන් පසු සිද්ධ වන අවපාතය. කදිම නිදසුන ඇමෙරිකන් නිවාස වෙළඳපොල. මේ ඒ ගැන විමර්ශනය නොකරන ලද ජීවිතය සටහනේ කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට කළින් දාපු පිළිතුරක් නැවත:

          “ඇමෙරිකාවේ ආදායමක් උපයන සෑම අයෙක් ම බදු ගෙවිය යුතුයි. ඒත් සත්‍යයෙන් සිද්ධ වන්නේ අඩු ආදායම් ඇති අය බදු නොගෙවීම සහ වැඩි ආදායම් ඇති අය බදු සියල්ල ගෙවීම.

          යම් මුදල් ප්‍රමාණයකට වඩා අඩුවෙන් උපයන අයට (ඒ ප්‍රමාණය කීයක් දැයි වසරින් වසර ආදායම් බදු ආයතන කියයි) earned income tax credit කියා දීමනාවක් රජයෙන් ද සමහර විට ප්‍රාන්ත වලින් ද ලැබේ. ඒ ආදායම අඩු නිසා ජීවත් වන්නට සමෘද්ධියකි. එය ආණ්ඩුව විසින් තීරණය කරන ලද යම් ප්‍රමාණයකට වඩා උපයන අයට ලැබෙන්නේ නැත.

          අද ඇමෙරිකාවේ ආදායම් උපයන පහළින් ම ඉන්නා වූ‍ 40% ක ජනතාවක් මේ earned income tax credit ක්‍රමය නිසා බදු ගෙවනවා වෙනුවට එයින් ලාභයක් උපයයි. එනම් ඔවුන් සේවය කරද්දී වේතන වලින් කපා ගන්නා මුදල පසුව ආදායම බදු ‍‍පෝරම පුරවා යැවූ කල ආපසු ලැබී තව ඊටත් වඩා ප්‍රමාණයක් ඔවුන් වෙත ලැබේ. ඔවුනට වැඩි පඩි ලැබෙන රැකියා සොයා යෑමට උවමනාව එයින් අඩු වෙයි.

          ආණ්ඩුව විසින් තීරණය කරන්නා වූ සහන දීමනා අනුව විශේෂ වැඩ සටහන් වලින් ඒවායේ නිරත වූ අඩු ආදායම් අයට පමණක් ආපසු මුදල් ලැබේ. මෙම වසරේ බදු සහන අනුව දරුවෙකු හදා ගන්නට ගත් පවුලකට $12,150 ක්, ඇලස්කාවේ whales දඩයමේ ගිය අයෙකුට $10,000 ක්, ඥාති නොවන සිසුවෙක් ගෙදරක නවතා ගත් හැම මාසයක් සඳහා $50 බැඟින් ද, තම දරුවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා නම් $8000 ක් ද, ප්‍රථම වරට නිවසක් උගසට ගත් අයෙකුට $8000 ක්, විකල්ප ඉන්ධන පාවිච්චියෙන් දුවන වාහනයක් ගත් අයෙකුට $4000 ක් ද යනාදී වශයෙනි. මෙයින් පුද්ගලයාට තනි තීරණ ගැනීමට නොව, සිය කැමැත්ත කිරීමට නොව, බදු වාසි නිසා ආණ්ඩුවේ කැමැත්ත කරන්නට පොළඹවයි. ඒ බදු ගෙවන වැඩි ආදායම් අයගේ බදු මුදලින් මේ අයට ලබා දෙන සහන වෙයි.

          ජෝර්ජ් බුෂ් පුතා දෙවන වරට ජනාධිපති වූ කල ඔහු විශාල වාහන මිල දී ගන්නා අයට ඉහළ සඳහන් වැනි tax credit දුන්නේ ය. එවිට මහත් පිරිසක් බදු වලින් වාසි ලබන්නට ඉන්ධන බොන විසාල වාහන මිල දී ගත්හ. එසේ විශේෂ සහන දීම පුද්ගල ඒකීය නිදහස නැති කරන පිළිවෙලකි.

          ඔබාමා බලයට පත් කරගනිද්දී චන්දය දුන් බොහෝ දෙනා සිතුවේ එවැනි බදු සහන සියල්ලම ඔබාමා විසින් ඉවත් කරනු ඇතැයි කියාය. එහෙත් සිද්ධ වී ඇත්තේ බුෂ් දුන් බදු සහන ඉක්මවා යමින් ඔබාමා බදු සහන දීම ය. ධනවතුන්ට දෙන bush tax cuts නැවතුවාට කමක් නැත. එසේම පිරිසකට පමණක් දෙන tax credits සියල්ල ද නතර කරනු යුතුය. නමුත් ඔබාමා ඉදිරිපත් කරන්නේ තවත් tax credits වැඩි කර bush tax cuts නැවතීම ය. නැති අයට මුදල් බෙදා දෙන්නට නම් මුදල් කවුරු හෝ හම්බ කළ යුතුය. පුද්ගලයාට මුදල් හම්බ කිරීමට ඉඩ ප්‍රස්ථා නැති කිරීම නිසා ලෙනින්ට වූයේ බෙදා දෙන්නට ආණ්ඩුවේ මුදල් නැති වීමය. ධනවතාට හම්බ කරන්න ඉඩ දීමත් ඔහුගේ මුදල් බෙදා දීමත් අතර ඇති ඉතා සුවිශේෂී ගණුදෙනුව නිකමුන් හා නිර්මාණශීලීන් අතර ඇති වෙනස අනුව හඳුනා ගන්නට අවශ්‍යයය. නැත්නම් ධනවතුන් හම්බ කරන්නට ඉඩ දී තිබෙන කොමියුනිස්ට් නොවන ක්‍රමයක දී වුව ද හම්බ නොකර ඇති දේපල කා බී, අධික බදු ගෙවා පැත්තකට වෙති. අද ඇමෙරිකාවේ ආර්ථික වර්ධනය අඩු වී ඇත්තේ ඔවුන් ලාභයක් උපයන්නට හැකි වෙනසක් ඇතිවන තුරු පැත්තකට වී එසේ බලා සිටින නිසාය.

          ඉල්ලුම හා සැපයුම මත (ප්‍රමිති හා සීමා ඇතිව) තීරණය විය යුතු වෙළඳපොල ආණ්ඩුව විසින් තීරණය කරන්නට ගොස් අනාගත් ආකාරය නිවාස උදාහරණයෙන් මෙසේ විස්තර කරන්නම්.

          2002 දී ඇමෙරිකාවේ නිවාස අයිතිය තිබුනේ කළු ඇමෙරිකානු ජනගහණයෙන් භාගයකට පමණි. හිස්පැනික් ජනගහණයෙන් භාගයකටත් අඩුවෙනි. සුළු ජාතීන්ට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙල පටන් ගත්තේ ජෝර්ජ් බුෂ්.

          අඩු ආදායම් ඇති අයට නිවාස ලබා ගැනීමට ආධාර දෙනු පිණිස නව පනතක් දියත් විණ. වානිජ්‍ය දත්ත වලින් කියන සත්‍යය අතහැර සමාජ සුබ සාධන වැඩ පිළිවෙලක් සකස් විණ. අඩු ආදායම් ඇති දිස්ත්‍රික්ක වල වාසය කරන අයට පහසුවෙන්, ආදායම හෝ තැන්පතු නොපෙන්වා, ණය දිය යුතු යැයි ආණ්ඩුව විසින් බැංකු වලට කියන ලදි. 1994 දී සෙල්මා එස්. බක්ස්-රොබර්සන් නඩුව සිටි බැංකුවට විරුද්ධ පැන වූ නඩුවකි. අඩු ආදායම් ඇති නිසා තමාට ණය ලබා දුන්නේ නැතැයි චෝදනාව විය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අතර වූවෙක් නම් බරාක් ඔබාමා ය.

          බැංකුවක් ආදරේට හෝ හිතවත්කමට ණය දෙන්නේ නැත. ඔබ දුප්පත් නිසා එයින් ගොඩට ගන්න ණය දෙන්නේ නැත. බැංකුවක් ණය දෙන්නේ ණය හා පොලී පියවා ලාභයක් උපයා ගන්නට ය. එසේ නොකළ හොත් බැංකුව බංකොළොත් වෙයි.

          ඩිපොසිට් නැතිව, පොලිය පමණක් ගෙවන, ණය නොගෙව්වාට දඬුවමක් නොලැබෙන බැංකුවට කිසිත් කළ නොහැකි (no-recourse) නිවාස ණය 1990 දී ආරම්භ විය.

          පොලිය home mortgage credit මඟින් ආදායම් බදු වලින් අඩු කරගත හැකිය.

          ඇමෙරිකාවේ ආදායම් ඇති අය හා ආදායම් නැති අය සියල්ලෝම නිවාස මිල දී ගත්හ. තමන්ට දරා ගන්නට බැරි තරම් මිල අධික නිවාස ද මිල දී ගත්හ. අතින් මුදල් වැය නොවෙන්නේ නම්, පොලී ආදායම් බදු ගෙවන මුදලින් අඩු කරගත හැකි නම්, කවදා හරි දිනයෙක නිවාස ණය ගෙවන්නට බැරි වුනාම යතුර ලියුම් කවරයකට දා බැංකුවට තැපැල් කර දඬුවම් නොවිඳ යා හැකි නම් ඔවුන් එසේ ණය නොගෙන සිටින්නේ මන්ද?

          Pick-a-pay නොහොත් option ARM ක්‍රමය අනුව ණයට නිවාස ගත් අඩු ආදායම් හිමියාට මාස්පතා නිවාස ණය තමන් කැමති මුදලක් ගෙවන්නට ඉඩ ලැබුණි. බොහෝ අවස්ථාවල දී මේ මුදල පොලියටත් අඩුවෙනි. එනම් මුළු ණය කාලයාගේ ඇවෑමෙන් තව තවත් ඉහළ යනවා මිසක කිසිදා අඩු නොවේ.

          සැමට සුබසෙත සලසා දිය හැකි යැයි කල්පනය මත ආණ්ඩුව බැංකු වලට තව තවත් නීති දැමුවේ මෙසේ ණය ලබා දෙන්නට ය. ඔය අතර තුර දී ආණ්ඩුව විසින් වැඩි ආදායම් උපයනවා යැයි කියූ අයට ණය ලැබුනේ තමන්ට ගෙවත හැකි යැයි සාධක පිට සාධක හා තම බඩු මුට්ටු හෝ අනෙක් දේපල ණය ගනු පිණිස බැංකුවට පවරා දීමෙන් පමණි.

          අඩු ආදායම් ඇත්තෝ තමන්ට වගකීම් රහිත වු නිසා දිගට හරහට නිවාස මිල දී ගත්හ. ඒ නිවාස අලෙවිය නිසා නව නිවාස බිහිවිය. නිවාස මිල ඉහළ ගියත් ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා මිසක සත්‍යය මිල ඉහළ යාමක් නොවීය. මිල ඉහළ යාමට අනුව භූමි බදු ද වැඩි විය. දැන් නිවාස ණය ගෙවා ගත නොහැක්කාට භූමි බදු ගෙවිය ද නොහැකිය.

          අවසානයේ වූයේ වගකීමක් නැතුව ණය ලබාගත් පිරිස ණය ගෙවන වගකීම පැහැර දා නිවාස අතහැර යාමයි. අද ඇමෙරිකාවේ නිවසක් අලෙවියට වසර තුන හතරක් ගත වෙන්නට පුළුවන.

          බැංකු ණය දුන්නේ බරාක් ඔබාමා ඉදිරිපත් කළ ‘හැමටම නිවසට අයිතියක්’ යටතේ නිසා ඔහු බලයට පත් වූ විට ඔහුට සහාය දුන් බැංකු ඔවුන් ගෙවිය යුතු ණයෙන් නිදහස් කළේය.

          රජයක් විසින් වෙළඳපොලට අත දාන්න ගිය හැම අවස්ථාවකම සිද්ධ වී ඇත්තේ (එය ජොර්ජ් බුෂ් කලත්, බරාක් ඔබාමා කලත්) සාධාරණයක් සිද්ධ නොවී හැමෝම දුප්පත් වීම ය.

          හැමටම සාධාරණයක් කරන්න නම් හැමෝම උපයන ආදායමෙන් යම් ප්‍රමාණයක් බදු ගෙවිය යුතුය. නමුත් රටේ 45% ක් අද කිසිම ආදායම් බද්දක් නොගෙවන්නේ නම්, ඔවුන් සහනාධාර වලින් පමණක් ජීවත් වන්නේ නම් අපි ඔවුන් හිඟා කන්නට හුරු පුරුදු කර ඇත. එයට ඔවුන්ට හෝ රටට කරන යහපතක් නොවේ.

          2008 දත්ත අනුව රටේ $380,000 ක‍ට වඩා වසරකට උපයන 1% විසින් රටේ මුළු බදු වලින් 38% ගෙවා ඇත. රටේ 25% ක් ඉහළ ආදායම් ඇති අය රටේ මුළු බදු වලින් 86% ක් ගෙවා ඇත. වැඩි ආදායම නිසා වැඩි බදු ගෙවිය යුතු යැයි ඔබ සිතනු ඇත. එහෙත් සාපේක්ෂව අයෙක් බදු කිසිත් නොගෙවද්දී අයෙක් තම ධනයෙන් වැඩි බදු ගෙවිය යුතු ඇයි යන්න සිතා බලන්න.

          වැඩි ආදායම් ඇති පුද්ගලයා සහ පුද්ගලික ආයතන ගෙවිය යුතු අමතර බද්දකි Alternative Minimum Tax (AMT). මෙය මුලින් පටන් ගත්තේ වැඩි ආදායම් ඇති අයගෙන් බදු අය කරගැනීමට වුවද අද එය එතරම් වැඩි ආදායම් නැති අය වෙත ද පැනවෙන අමතර බද්දකි. 2010 දී $47,450 ට වඩා ඉපැයූ අයෙක් තම වැඩිපුර 26-28% ක අවම බද්දක් ගෙවිය යුතුයි.

          පුද්ගලික ආයතන තම සේවකයන්ට වැඩි පඩි හා වැඩි දීමනා දෙනවා යැයි දෝෂාරෝපණය කළාට 2009 දී ආණ්ඩුව විසින් ෆෙඩරල් සිවිල් සේවකයෙක්ට වසරක සාමාන්‍ය වේතනය $123,049 වෙද්දී පුද්ගලික ආයතන සේවකයෙක්ගේ සාමාන්‍ය වසරක වැටුප $61,051කි. මෙහි දී මතක තබාගත යුතු වැදගත් දේ ආණ්ඩුව මුදල් උපයන්නේ නැති බව. ආණ්ඩුව බදු මුදල් එකතු කරගන්නේ (එනම් ආණ්ඩුවේ ආදායම) පුද්ගලික අංශයෙනි. පුද්ගලික අංශය පඩි වැඩි නොකරන්නේ නම් ආණ්ඩුව පඩි වැඩි කිරීම ආර්ථිකයට සුදුසු නැත.

          පුද්ගලික අංශය බෝනස් පුදනවා යැයි මාධ්‍ය වලින් කෑ ගහද්දී පසුගිය වසරේ House සභිකයෝ හැම 10 න් 1 ක්ම අඩුම ගානේ $100,000 ක බෝනස් තම සේවකයන් ට ලබා දී ඇත.

          මෙම විෂමතා නිසා සමාජයේ පුරවැසියා වගකීමෙන් තොර, ආණ්ඩුවේ එන එන ප්‍රතිපත්ති අනුව බදු බරින් ගැලවෙන ක්‍රියා මාර්ග හා නිෂ්පාදනයෙන් ඈත් වී බදු නොගෙවා සිටින්නට හුරු වෙයි. ලෙනින් සහෝදරයා හැමටම සාධාරණය සැලසිය යුතු යැයි කීවාට සැලකුවේ තමන්ට පක්ෂ වූ පිරිසකට පමණයි. ඒ සමඟ පුද්ගලයා රට වෙනුවෙන් වෙහෙස විය යුත්තේ ඇයි කියන්න විමසලා නැහැ. මිනිස් ස්වභාවය නම්, පුද්ගලයා වෙහෙස වෙන්නේ තමන් පිණිසයි. පුද්ගලයාට තම අභිවෘද්ධිය පිණිස ඉඩකඩ දී ආණ්ඩුව පැත්තකට වෙලා හැම දෙනාගෙන්ම එක හා සමාන බදු ප්‍රතිශතයක් අය කරගන්නවා නම් රටක් වේගයෙන් දියුණු වෙනවා.”

          අද ඇමෙරිකාවේ රැකියා නැතිවෙච්ච අය බොහොමයක්. විකුණන්න දාපු ගෙවල් බොහොමයක්. ඇමෙරිකන් කොටස් වෙළඳපොලේ ආයෝජන 2008 මට්ටම් වල. ප්‍රැටල් මිල අධිකයි ඊට ගහන බදු නිසා. එතනෝල් හදන්න දෙන තිරිඟු සහනාධාර නිසා පශු ආහාර වියදමත්, ප්‍රැටල් මිල අධික නිසා ප්‍රවාහන වියදමත් අධික නිසා ආහාර මිල ඉහළ යනවා. ඇමෙරිකාවේ ආහාර මිල ඉහළ යෑම ලංකාව වැනි ස්වයංපෝෂිත නොවූ ඈත රටකට දැනෙන්නට වැඩි කාලයක් යන්නෙ නැහැ. අද සමහර ආහාර නිෂ්පාදනය කරන පුද්ගලික කොම්පැණි සතියකට බිලියන 14 ක් පමණ පාඩු විඳගෙන දුවන්නෙ. ලාභයක් නැතිව මහජන සුවසෙත සඳහා සේවා සැපයීම කරන්නේ ආණ්ඩු පමණයි. මොකද ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්න පුළුවන් නිසා.

          ණය අරගෙන තමන් බංකොළොත් වීමේ අවදානමක් ගනිමින් නිෂ්පාදනයේ යෙදෙන පුද්ගලික කොම්පැණි අයිතිකාරයා උපයන ලාභය ‘වස්තුව හැම තැනම බෙදලා දාන්න’ කියන රජයක් යටතේ ඔයා හිතන්නේ පහත අතරින් කුමක් සිද්ධ වෙයි කියා ද?

          තම කොම්පැණියේ දැනට කරන නිෂ්පාදන වැඩි කරයි

          තම කොම්පැණියේ අළුත් නිෂ්පාදන දියත් කරයි

          අළුතින් සේවකයන් බඳවා ගනියි

          නව නිෂ්පාදන බිහි කරන ‍තවත් කොම්පැණි පටන් ගනියි

          නැත්නම්,

          අතේ තියන සල්ලි ටික වියදම් කරලා, ලාභ උපයන්නට ආයෝජනය කරන්න තැනක් නිසා තමන් බංකොළොත් වෙමින් කොම්පැණිය වසා දැමීම ද?

          සල්ලි අච්චු ගැසීමෙන් හෝ ණය වැඩියෙන් ඉල්ලා ගැනීමෙන් කිසිදාක රටක් ගොඩ එන්නෙ නැහැ. නිෂ්පාදනය කරන්නට සෑම පුද්ගලයාටම එක හා සමාන නිදහසක් තිබීම සමඟින් ආණ්ඩුව ලබා දෙන සමෘද්ධි අඩු කළාම ආර්ථිකය ගොඩ ඇවිත්.//

          Yale Law Professor Stephen L. Carter කියන කතාව මෙතැනින් කියවන්න.

          ඊ ළඟට සැලසුම් ගහනා අයට ඇති දැඩි අකමැත්ත නිසා ඇමෙරිකන් වැඩි ජනතාව කොටස් වෙළඳපොලෙන් ඉවත් වී සිටිති. මෙපමණ හම්බ කරාම ප්‍රමාණවත් යැයි ආණ්ඩුව කියන ප්‍රමාණයට වඩා උපයන හැම ඩොලරයකින් සත පනහක් බදු ගෙවන්නට සිදුවන තරම් රටේ ඉහළ ආදායම් ලබන කොටසට අයිති අපි අද කොටස්‍ වෙළඳපොලේ සතයක ආයෝජනයක් නොකරමු. ‍ඉතින් S & P ට මොනවා වුවත් අපිට කමක් නැත.

          මිලියන බාගයක ගෙයක කුලියට ජීවත්වන අපි ගෙයක් මිලට නොගන්නෙමු. නිවාස ණය සැමට සාධාරණව වගකීමෙන් යුතුව දෙන්නට පටන් ගත් දාක නිවසක් මිල දී ගන්නෙමු. නිවාස වෙළඳපොල ඉහළ නැඟ්ගේ නැතිවාට අපට කමක් නැත.

          අද තියන සල්ලි මත හිඳගෙන අත්බැඳ ඇඟිලි පටලවාගෙන ආණ්ඩුව ලෝකයාට ධනය බෙදා දෙන හැටි නරඹන ධනය ආයෝජනය නොකරන අය බොහෝය.

          කිසිත් ස්තූතියක් නොලැබෙන ලෝක ඒකාධිපතියන් ඉවත් කිරීමෙන් අහක් වී, හම්බ කරන සියල්ලන්ටම එක හා සමාන බදු සහන සහ ප්‍රතිපත්ති ඇති කරන්නට පටන් ගත් කළ ඉතා ඉක්මණින් වර්ජනයේ ඉන්නා ධනවතුන් ආයෝජන නැවත ආරම්භ කරනු ඇත. එවිට ඇමෙරිකාවට ණය පියවන්නට චීන්නු අවශ්‍ය නොවේ.

      • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 9:13 පෙ.ව.

        ඔබ වැරදියි.

        ජාත්‍යන්තර (මූලික ලෙස ඇමෙරිකානු ) ආර්ථික අර්බූදයට මුල අඩු ආදායම් ලාභීන්ට බදු සහන දීම නොව ඊට බොහෝ සංකීර්ණ කාරණා සමූහයකි. ජෝර්ජ් බුෂ්ගේ (කණිෂ්ඨ) බදු සහන යම් බලපෑමක් කළා විය හැකිය. නමුත් ඊට වඩා බොහෝ කාරණා ඊට බලපෑවේය. ඔබ subprime loans, derivatives regulation, investment banking, CDOs ආදී වචනයක් වත් සඳහන් කිරීමෙන් වැළැකී සිටින්නේ ඒ ගැන කිසිවක් නොදන්නා බැවින් විය හැකිය.

        ඉඩක් ලද වෙලාවක Inside Job බලන්න. http://en.wikipedia.org/wiki/Inside_Job_(film)

        එසේම බදු ප්‍රතිපත්තිය (fiscal policy) නිසා නිසා සාර්ව ආර්ථිකයේ වෙනස්කම් කළ හැකිය යන ඔබේ මතය කේන්ස් විසින් මීට සියවසෙකට මඳක් අඩු කාලයකදී ඉදිරිපත් කරනු ලදුව 1980 ගණන් වලදී රොනල්ඩ් රේගන්-මාග්‍රට් තැචර් සමයේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලද්දකි. මිල්ටන් ෆ්‍රීඩ්මාන්ට (හා සමකාලීන monetaristලාට අනුව ) වඩා වැදගත් monetary policy මිස fiscal policy නොවේ. වැඩි විස්තර මෙන්න. http://en.wikipedia.org/wiki/Monetarist

        අයින් රෑන්ඩ් මේ ගැන යමක් නොලිවීම ගැන මම පුදුම නොවෙමි. මන්ද ඇය මිය යන්නේ 1982දීය. මේ නිසා කේන්ස්ගෙන් එපිටට යන ධනවාදයක් ගැන අයින් රෑන්ඩ් හාංකවිසියක් නොදැන සිටියාය.

        අනෙක් අතට මගේ කමෙන්ටුව මේවාට සම්බන්ධයක් නැත. මා කථාකළේ ඇමෙරිකාවේ වර්තමාන දුර්වල ආර්ථික තත්ත්වය ගැන මිස ආර්ථික අර්බූදය ගැන නොවේ.

        • arunishapiro said, on මැයි 29, 2011 at 11:25 පෙ.ව.

          Chanuka Wattegama,

          //අඩු ආදායම් ඇති දිස්ත්‍රික්ක වල වාසය කරන අයට පහසුවෙන්, ආදායම හෝ තැන්පතු නොපෙන්වා, ණය දිය යුතු යැයි ආණ්ඩුව විසින් බැංකු වලට කියන ලදි.//

          //ඩිපොසිට් නැතිව, පොලිය පමණක් ගෙවන, ණය නොගෙව්වාට දඬුවමක් නොලැබෙන බැංකුවට කිසිත් කළ නොහැකි (no-recourse) නිවාස ණය 1990 දී ආරම්භ විය.//

          //Pick-a-pay නොහොත් option ARM ක්‍රමය අනුව ණයට නිවාස ගත් අඩු ආදායම් හිමියාට මාස්පතා නිවාස ණය තමන් කැමති මුදලක් ගෙවන්නට ඉඩ ලැබුණි. බොහෝ අවස්ථාවල දී මේ මුදල පොලියටත් අඩුවෙනි. එනම් මුළු ණය කාලයාගේ ඇවෑමෙන් තව තවත් ඉහළ යනවා මිසක කිසිදා අඩු නොවේ.//

          subprime loans යනු ඉහත සඳහන් ණය නොවන්නේ වෙන කුමක් වන්නේ ද?

          //බැංකුවක් ආදරේට හෝ හිතවත්කමට ණය දෙන්නේ නැත. ඔබ දුප්පත් නිසා එයින් ගොඩට ගන්න ණය දෙන්නේ නැත. බැංකුවක් ණය දෙන්නේ ණය හා පොලී පියවා ලාභයක් උපයා ගන්නට ය. එසේ නොකළ හොත් බැංකුව බංකොළොත් වෙයි.//

          //කවදා හරි දිනයෙක නිවාස ණය ගෙවන්නට බැරි වුනාම යතුර ලියුම් කවරයකට දා බැංකුවට තැපැල් කර දඬුවම් නොවිඳ යා හැකි නම් ඔවුන් එසේ ණය නොගෙන සිටින්නේ මන්ද?//

          //Pick-a-pay නොහොත් option ARM ක්‍රමය අනුව ණයට නිවාස ගත් අඩු ආදායම් හිමියාට මාස්පතා නිවාස ණය තමන් කැමති මුදලක් ගෙවන්නට ඉඩ ලැබුණි.//

          //අඩු ආදායම් ඇත්තෝ තමන්ට වගකීම් රහිත වු නිසා දිගට හරහට නිවාස මිල දී ගත්හ. ඒ නිවාස අලෙවිය නිසා නව නිවාස බිහිවිය. නිවාස මිල ඉහළ ගියත් ඒ ආණ්ඩුවේ‍ ප්‍රතිපත්ති නිසා මිසක සත්‍යය මිල ඉහළ යාමක් නොවීය. මිල ඉහළ යාමට අනුව භූමි බදු ද වැඩි විය. දැන් නිවාස ණය ගෙවා ගත නොහැක්කාට භූමි බදු ගෙවිය ද නොහැකිය.//

          //අවසානයේ වූයේ වගකීමක් නැතුව ණය ලබාගත් පිරිස ණය ගෙවන වගකීම පැහැර දා නිවාස අතහැර යාමයි.//

          //බැංකු ණය දුන්නේ බරාක් ඔබාමා ඉදිරිපත් කළ ‘හැමටම නිවසට අයිතියක්’ යටතේ නිසා ඔහු බලයට පත් වූ විට ඔහුට සහාය දුන් බැංකු ඔවුන් ගෙවිය යුතු ණයෙන් නිදහස් කළේය.//

          අනිත් බැංකු බංකොළොත් විය. එම derivatives regulation සැලසුම් සහ ප්‍රතිපත්ති නිසා අනිත් බැංකු වලින් ගත් නිවාස ණය ගෙවන්නට නොහැකි වූ අයට කිසිත් සහනයක් හෝ ඒ ණය දුන් බැංකුවලට කිසිත් සහන නොලැබුණි.

          Losses on a type of derivative known as a credit-default swap helped topple American International Group, prompting a government bailout that has grown to $180 billion. And when Washington Mutual, the country’s largest thrift, collapsed last fall, regulators struggled to understand how the losses on its derivatives investments would spread across the financial system.

          derivatives regulation යනු ඉහත සඳහන් සැලසුම් සහ ප්‍රතිපත්ති නොවේ නම් වෙන කුමක් වන්නේ ද?

          //අද තියන සල්ලි මත හිඳගෙන අත්බැඳ ඇඟිලි පටලවාගෙන ආණ්ඩුව ලෝකයාට ධනය බෙදා දෙන හැටි නරඹන ධනය ආයෝජනය නොකරන අය බොහෝය//

          යේල් නීති විද්‍යාල කථිකාර්යවරයාට හමු වූ ව්‍යාපාරිකයා කියා සිටියේ කුමක් ද?

          investment banking යනු මෙය නොවන්නේ නම් වෙන කුමක් ද?

          //අද තියන සල්ලි මත හිඳගෙන අත්බැඳ ඇඟිලි පටලවාගෙන ආණ්ඩුව ලෝකයාට ධනය බෙදා දෙන හැටි නරඹන ධනය ආයෝජනය නොකරන අය බොහෝය//

          Collateralized debt obligations (CDOs) වැඩ කරන්නේ නොහොත් ඒවා විකුණන්නට හැක්කේ ඊට ආයෝජනය කරන්නට ආයෝජකයින් මුදල් යොදවන්නට කැමැති නම් පමණි. (CDO can be created as long as global investors are willing to provide the money to purchase the pool of bonds the CDO owns.)

          //හම්බ කරන සියල්ලන්ටම එක හා සමාන බදු සහන සහ ප්‍රතිපත්ති ඇති කරන්නට පටන් ගත් කළ ඉතා ඉක්මණින් වර්ජනයේ ඉන්නා ධනවතුන් ආයෝජන නැවත ආරම්භ කරනු ඇත.//

          Collateralized debt obligations (CDOs) යනු එය නොවන්නේ නම් වෙන කුමක් ද?

          යම් ප්‍රස්තුතයක් රැගෙන ඒ ප්‍රස්තුතය ගැන විමර්ශනය කරන්නට යන ගමනේ දී අයින් රෑන්ඩ්, ‍ජෝන් මේනාඩ් කේන්ස්, රොනල්ඩ් රේගන් හෝ මාග්‍රට් තැචර් යනාදී සියළු නම් අනා ගැනීමෙන් විමසන ප්‍රස්තුතය විමර්ශනයට නොහැකිය. මන්ද ඒ ඒ පුද්ගලයන්ට සුවිශේෂී වූ ඒ විෂය ගැන වූ විවිධ මත තිබුණි. මෙය ඒ පුද්ගලයන් “පුද්ගලයාගේ ප්‍රධාන හා මූලික අයිතිය” ගැන ප්‍රස්තුතය දකින ආකාරය ගැන නොව මා විසින් “”පුද්ගලයාගේ ප්‍රධාන හා මූලික අයිතිය” යන ප්‍රස්තුතය විමර්ශනය ආකාරය ගැන වූ සටහනක් ය.

          //අයින් රෑන්ඩ් මේ ගැන යමක් නොලිවීම ගැන මම පුදුම නොවෙමි.// යයි ඔබ කියයි.

          ඉන් ඔබ අදහස් කරන්නේ ඇය නොලියා ඇත්තේ fiscal policy ගැන කියා ද? ඇයගේ පොත් කියවා නැති ඔබ ඇය ඒ ගැන කතා කළා ද නොකළා දැයි දන්නේ කොහොම ද?

          //මේ නිසා කේන්ස්ගෙන් එපිටට යන ධනවාදයක් ගැන අයින් රෑන්ඩ් හාංකවිසියක් නොදැන සිටියාය.//

          ජෝන් මේනාඩ් කේන්ස් තියරියන් ගැන අයින් රෑන්ඩ් කියූ නොකියූ දේවල් ඇයගේ පොත් කියවා නැති ඔබ දන්නේ කෙසේ ද?

          //අනෙක් අතට මගේ කමෙන්ටුව මේවාට සම්බන්ධයක් නැත. මා කථාකළේ ඇමෙරිකාවේ වර්තමාන දුර්වල ආර්ථික තත්ත්වය ගැන මිස ආර්ථික අර්බූදය ගැන නොවේ.//

          ඇමෙරිකාවේ වර්තමාන දුර්වල ආර්ථික තත්වය නම් ආර්ථිකය ගැන වූ fiscal policy ගැන වූ අර්බූදයකි.

          බුෂ් ආණ්ඩුවටත්, ඔබාමා ආණ්ඩුවටත් සේ ම සෙසු ලෝකයේ බොහෝ දෙනාට මෙය වටහා ගැනීමට නොහැකි වීම දොම්නස් යුගයකට පා තබන මහත් ආර්ථික අර්බූදයක් ම ය.

          ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවගේ මුදල් ලංකාවට එවන IMF විසින් ලංකාවේ monetary policy ගැන පමණක් ගිවිසුම් නොගසා ලංකාවේ fiscal policy ගැන ගිවිසුම් අත්සන් කරගෙන ණය දෙන්නේ ඇයි?

          කැනඩාව, බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, අයර්ලන්තය හා ප්‍රංශය ද austerity measures ගැන කතා කරන්නේ ඇයි?

          හම්බ කරන සියල්ලන්ටම එක හා සමාන බදු සහ ප්‍රතිපත්ති නැති නිසා ය. දිනෙන් දින උපයන්නෝ අඩු වී සහනාධාර වලින් ජීවත්වෙන්නෝ වැඩි වී ඇති නිසා ය. දිනෙන් දින බෙදා දෙන ප්‍රමාණය වැඩි කරන්නට සිදු වී ඇති නිසා ය. එය fiscal policy එකක ප්‍රතිඵලයක් නොවී monetray policy යක ප්‍රතිඵලයක් වන්නේ කෙසේ ද?

          //… හම්බ කරන සියල්ලන්ටම එක හා සමාන බදු සහන සහ ප්‍රතිපත්ති ඇති කරන්නට පටන් ගත් කළ ඉතා ඉක්මණින් වර්ජනයේ ඉන්නා ධනවතුන් ආයෝජන නැවත ආරම්භ කරනු ඇත.//

          ඇමෙරිකාවේ වර්තමාන ආර්ථික දුර්වල තත්වය fiscal policy ගැන ම වූවකි.

          යුරෝපීය යුනියන් සහ IMF විසින් බිලියන €750 ක (ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනක්) බේරා ගැනීමක් යුරෝපයට අනුමත කළහ.

          2013 deadline සඳහා EU stability criteria ව වන්නේ බිලියන €400 ක් කැපීමයි.

          ග්‍රීසිය තම බජට් හිඟය අඩු කරගන්නට ඊ ළඟ වසර තුන දී වේතන හා විශ්‍රාම වැටුප් කපන්නටත්, සමාජ සුබ සාධන කපන්නටත්, VAT අලෙවි බදු වැඩි කරන්නටත් සැලසුමක් තෝරා ගනියි.

          ස්පාඤ්ඤය පසුගිය සතියේ බිලියන €80 ක කැපීම්; ආණ්ඩු රැකියා 13,000 ක් කපන්නට ද, ආණ්ඩුවේ සේවක වේතන 5% කින් අඩු කරන්නට ද, විශ්‍රාම වැටුප් දින නියමයක් නොමැතිව ඉහළ නොදමන්නටත්, අළුතින් උපදින දරුවෙකුට ලැබි €2,500 නවතන්නටත් තීරණය කරන ලදි.

          පෘතුගාලය € බිලියන 2 ක බජ‍ට් හිඟය පියවන්නට අළුතින් රැකියාවන්ට බඳවා ගැනීම් දින නියමයක් නොමැතිව නවතා, ආණ්ඩුවේ වේතන ඉහළ දැමීම දින නියමයක් නොමැතිව නවතා, VAT අලෙවි බදු වැඩි කරන්නට තීරණය කර ඇත.

          මෙම සතිය මුල දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව € බිලියන 7.2 ක කැපීම්; ආණ්ඩුවේ සිවිල් සේවයේ රැකියා වලට බඳවා ගැනීම් නැවතීම ඇතුළු කැපීම් කරන බව ප්‍රකාශ කරන ලදි. ලබන වසර හතර තුල දී බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සැලසුම වන්නේ € බිලියන 100 කට වඩා කැපීම් ඉටු කරන්නට ය. මෙයින් ආණ්ඩුවේ රැකියා 300,000 ක් කපන්නට නියමිත ය. ආණ්ඩුවේ සේවක වේතන ඉහළ දැමීම දින නියමයක් නැතිව නතර කරන්නට නියමිතය.

          ඉතාලි ආණ්ඩුව 2012 වෙද්දී € බිලියන 24 ක් කපන බව කියූහ. මෙයින් ආණ්ඩුවේ සේවක රැකියා අඩුවීම, වේතන අඩුවීම, සහ විශ්‍රාම යන වයස වැඩි කිරීම සහ සෞඛ්‍ය සුබ සාධන කැපීමට නියමිත ය.

          ප්‍රංශය 2013 වෙද්දී තම දළ ජාතික නිෂ්පාදිතයෙන් බජට් හිඟයේ ඇති 8%, 3% ක් දක්වා අඩු කරන්නට උත්සාහයක් ගනියි. විශ්‍රාම වයස් ඉහළ දැමීම, නිවාස සහනාධාර අඩු කිරීම, රැකියා සුබ සාධන හා කෞතුකාගාර අරමුදල් අඩු කිරීම සහ ආණ්ඩුවේ පාලන වියදම් 10% කින් අඩු කිරීමට ද නියමිත ය.

          ජර්මන් ආණ්ඩුව ද ලබන ජූනි 6 සහ 7 වැනිදා austerity measures නොහොත් සුබ සාධන කැපීම ගැන තීරණයක් ගන්නට නියමිත ය. ජර්මනියේ ද හැම දරුවෙකුටම මාසයකට € 180 වැනි දීමනාවක් ලැබේ. ඔවුනට වසරකට වතාවක් නිවාඩු යන්නට දීමනාවක් ද රජයෙන් ලැබේ. එවැනි සුබ සාධනා දීමනා ‍බොහොමයක් දරා ගත නොහැකි නිසා අඩු කරන්නට ඔවුන් කතාබහ කරනු ඇත.

          ඕනෑම රටක ආර්ථික දුර්වල තත්වයක් (සුනාමියක්, භූමි කම්පාවක් වැනි ස්වභාවික හෝ යුද්ධයක් වැනි මිනිසා පටන් ගත් උපද්‍රවයක් නොමැති කල) මධ්‍යගත සැලසුම් ගහනා අය කරන fiscal policy නිසාම සිද්ධ වේ.

          යුරෝපීය යුනියන් හි ආර්ථික අර්බූදය විවිධ රටවල භාවිත වූ මුදල් ක්‍රමය € බවට හැරවීම නොවේ. ජර්මනියේ පුද්ගලයා මෙන් ස්පාඤ්ඤයේ අයකු, ඉතාලියේ අයකු හා පෘතුගාලයේ අයකු මහන්සි වී සේවය නොකරන බව අවබෝධ කර නොගැනීමයි. යුරෝපීය යුනියන් හි සැමට එක හා සමාන සහනාධාර හා සුබ සාධන දෙන්නට fiscal policy ගහද්දී මිනිසා නැමති පුද්ගලයාව අමතක වී යෑමයි. කොමියුනිස්ට් යටතේ වූ නැගෙනහිර ජර්මනිය ධනවාදී බටහිර ජර්මනිය හා එකතු කිරීමෙන් රටේ ආදායමට හානියක් නොවුනේ ජර්මානු ජාතිකයා නම් එක හා සමානව වෙහෙසන අයෙක් වූ නිසා ය.

          ණය ආධාර වලින් ජීවත්වන ඉතාලිය හා සෙසු යුරෝපය (IMF) රටවල අය ඒ ණය ආධාර සඳහා රටේ fiscal policy වෙනස් කරන්නට පොරොන්දු දෙන්නේ ඒ නිසාය.

          ඇමෙරිකාවට දුන් ණය ගැන චීනයට කිසිත් බලපෑමක් කළ නොහැකිය. එසේ බලපෑමක් කළොත් ඇමෙරිකන් ආණ්ඩුවේ ඉන්නා පාලකයෝ දොට්ට විසිවෙන්නේ ක්ෂණිකයෙන්. ණය ඕනෑම විටෙක ගෙවන්නට හැකි රන් සංචිතයක් ද ඇමෙරිකාව සතු නිසා (අද රන් මිල ඉහළ ය) චීනය ඒ ණය ඇමෙරිකාවට දීම ගැන වෙන නීති ගෙනෙන්නට ද නොඑන්නේ ය.

          IMF වලින් ණය දීපු රටවලින් ඒ ණය පොලී එක්ක වහාම ඉල්ලා, ඉන්පසු ඇමෙරිකන් IMF කොටස් විකුණා දැම්මොත් ඇමෙරිකාවට කොපමණ මුදලක් ලැබේද?

          ඒ නිසා ඇමෙරිකාවේ fiscal policy වෙනස් කළ යුතුව ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ම ය.

      • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 11:58 පෙ.ව.

        @අරුණි,

        මුලින්ම ඔබට derivatives ගැන හෝ CDO ගැන හෝ investment banking ගැන හෝ අවබෝධයක් නැත. මේ ගැන මම පුදුම නොවෙමි. Financial Management විධිමත්ව විෂයයක් ලෙස හදාරා නැති කෙනෙකුට මේවා පොත් කියවා ඉගෙනීමට නොහැකිය. ඒ සමඟම මේවා ගැන අයින් රෑන්ඩ්ගේ පොත් වල නැත.

        දෙවනුව ඔබට Moneterism ගැන හෝ 1980 ගණන් වලින් පසු ඇමෙරිකාව විසින් අනුයත ආර්ථික ප්‍රතිපත්තිය ගැන හෝ අවබෝධයක් නැත. මේ ගැනද මම පුදුම නොවෙමි. අයින් රෑන්ඩ්ගේ පොත්වල මේවාද නැත.

        තෙවනුව ඔබට ගෝලීය ආර්ථික අර්බූදයට හේතු වූ කාරණා ගැන අවබෝධයක් නොවේ. මේ ගැනද මම පුදුම නොවෙමි. අයින් රෑන්ඩ්ට වඩා අඟලක් වත් ඉදිරියට යන්නට ඔබට හැකි වී නැත.

        මේ නිසා තව දුරටත් දීර්ඝ පැහැදිළි කිරීම් වලට යෑම මගේ කාලය නාස්ති කර ගැනීමක්ම විනා අන් කිසිවක් නොවේ. එහෙත් මෙහි අරුත මා නිහඬ වන බව නම් නොවේ.

      • Chanuka Wattegama said, on මැයි 29, 2011 at 11:35 ප.ව.

        මෙන්න අරුණි තමන්ගේ නොදැනුවත්කම හොඳින්ම පෙන්නූ තවත් තැනක්.

        /ණය ඕනෑම විටෙක ගෙවන්නට හැකි රන් සංචිතයක් ද ඇමෙරිකාව සතු නිසා (අද රන් මිල ඉහළ ය) චීනය ඒ ණය ඇමෙරිකාවට දීම ගැන වෙන නීති ගෙනෙන්නට ද නොඑන්නේ ය. /

        ඇමෙරිකාවට ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව විශාල රන් සංචිතයක් තිබේ. එසේම රන් මිළද ඉතිහාසයේ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබේ. (අද අවුන්සයකට ඩොලර් 1,553 කි.) නමුත් ඇමෙරිකාව රන් සංචිත එරට සියළු ණය ගෙවන්නට තරම් ප්‍රමාණවත් නොවේ. හේතුව ඇමෙරිකානු ඩොලරය අතිශයින් ප්‍රබල වූ පරිසරයක් තුළ ඇමෙරිකාව තම රන් සංචිත වල වටිනාකමට වඩා බෙහෙවින් වැඩිව ණය ගෙන තිබීමය. (හරියට උපාලි විජේවර්ධන මිය යන විට ඔහුගේ වත්කමට වඩා වැඩිව ණය අරගෙන තිබුණාක් සේම)

        ඕනෑනම් ගණන් හිලව් බලමු.

        ඇමෙරිකාවේ මුළු රන් සංචිත ප්‍රමාණය අවුන්ස මිලියන 147.2 කි. http://en.wikipedia.org/wiki/United_States_Bullion_Depository

        අද මිළ අනුව එහි වටිනාකම ඩොලර් බිලියන 226 කි.

        ඇමෙරිකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4,440කි. http://en.wikipedia.org/wiki/US_debt ඉන් චීනයට ගෙවිය යුතු ණය පමණක් ඩොලර් බිලියන 1,160කි. මේ නිස චීනා එකවර ඉල්ලුවොත් දෙන්නට ඇමෙරිකාවට (අරුණි සිතා සිටිනවා සේ) රන් සංචිත නැත.

        නමුත් චීනාට මොළයක් ඇති නිසා මේ මුදල කවදාවත් එක වර ඉල්ලනේ නැත. (ණය කාරයා බංකොළොත් කිරීම ණය හිමියාගේ අරමුණ නොවන නිසාත් එසේ ඉල්ලීම තුළින් ඩොලරය වැටීම නිසා අවසාන පාඩුව චීනාට නිසාත්ය.) සටකපට චීනා ඇමෙරිකාවට තවත් ණය දී, ණය බර තවත් වැඩිකර තම දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්නවා ඇත. තව වසර දහයක් දෙන්න. මේ චීනා පටන් ගත්තා විතරයි.

  7. Rasika Suriyaarachchi said, on මැයි 29, 2011 at 12:18 පෙ.ව.

    ලූලන් හිඟයි ඇත නියඟය දරුණු වෙලා
    පාළුයි නිවස නැත වළඳක් ඉතිරි වෙලා
    අළුක්කාල් මැද රුපියල් කුමට හෙලා
    කැකුණ නොරිසි සැවුලිඳු සේ ඉඳිමි බලා

  8. aravinda said, on මැයි 29, 2011 at 10:52 පෙ.ව.

    Dear All
    some how some reasons Aruni wants show her preferential to americans to save her nationality.Who are the people reached to rich countries (legal or illegal way) they are doing this things to keep their refugee status or nationality.
    This drama is very common in Europe contries.
    Since long time she is writing very biased articles. All articles are showing they are perfect and they destroyed/detroing other countries for that contrie’s benifits not to their benifits.
    That is her right and she has right to do that.
    What they asked to write she has to do that.Other wise she will not receive any benifit from her masters/concessionaire.That is inside story.
    We are stupid guys.We vandalize our time for unnecessary arguments.

  9. Clement Peris said, on මැයි 30, 2011 at 9:29 ප.ව.

    Aruni,
    Reading books never increase your (or mine) wisdom.
    But if you (or I) read in between the lines you (or I) may see the shadow of the truth;but not the truth…even the truth of reasoning and truth of facts.
    Because no woman’s (or man’s) knowledge here can go beyond her (or his) experience you may right. But remember the fact as what sort of philosophy one choose depends on what sort of person one is a still valid statement.

    If you really want to see the capitalism visit Calgary (world’s 5 th best city! HOOOO!!). This taste of capitalism you never see even in NY,LA,…

    If you read in between the lines what you have written you may see the bottom of the grave of your “TRUTH” (not your grave..Oh…never . I didnt meant it )and what futile effort you are taking.
    Keep on writing, we are watching!

    Clement Peris
    Calgary

  10. Clement Peris said, on මැයි 31, 2011 at 2:12 පෙ.ව.

    Kevin Perera, thank you for the link.
    Aruni, thank you for allowing us to see Kevin’s comment on your blog.
    ……………
    However, please note that this is a fraction of 1/1000…n th of North American democrazy!
    The stark experience is that US and Canada are lack of so called personal freedom.
    ……………
    with Kevin’s comment at least let Aruni resuscitate her lost consciousness.

    Clement Peris
    Calgary

  11. […] 17 වැනි සියවසේ දී ජෝන් ලොක් ඉදිරිපත් කළ ඒක පුද්ගල අයිතිය මූලික කරගත් 1776 දී ඇමෙරිකාව ලොවට දායද […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: