අරුණි ශපීරෝ‍ වෙතින්

F. A. Hayek ලියූ The Road to Serfdom (1944) කාටූන් වලින්

Posted in Uncategorized by arunishapiro on ජූනි 3, 2011

F. A. Hayek ලියූ The Road to Serfdom නොහොත් ‘දාසභාවයට යන පාර’ (1944) කාටූන් වලින් මුලින් ම ප්‍රකාශනය කරන්නේ Look සඟරාවයි. එයින් නැවත ප්‍රකාශනය කරන ලද පොත් පිංචකින් ‘සිතුවිලි අරඹන’ ලිපි මාලාවක කොටසක් (අංක 118) ලෙසින් එළි දක්වන්නේ ඩිට්‍රොයිට් හි පිහිටා ඇති ජෙනරල් මෝටර්ස් කොම්පැණියයි.


“යුද්ධයක් නිසා ‘ජාතික සැලසුම්’ දියත් කරන්නට සිද්ධ වෙයි. ඔබේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ඊට යොදා ගැනීම සඳහා ඔබ බොහෝ නිදහස් අයිතීන් ඉතා කැමැත්තෙන් අත් හරියි. මේ මෙහෙයුම් සිද්ධ කරන්නට වූයේ ඔබේ රටට අනතුරුදායක වූ හතුරා නිසා බව ඔබ දනියි.”

ත්‍රස්තවාදය මර්දනය කිරීමටත් ජාතික ආරක්ෂාව සැලසීම සඳහා අවශ්‍ය යැයි ජෝර්ජ් බුෂ් ඇමෙරිකන් දේශප්‍රේමි පනත (2001) සම්මත කළේය. ඉන් දුරකතන සංවාද වලට සවන් දීමට, විද්‍යුත් තැපැල් කියවන්නට, වෛද්‍ය සටහන්, බැංකු තොරතුරු යනාදියෙන් ආණ්ඩුවට පහසුවෙන් පුද්ගලික තොරතුරු ලබාගත හැකිවිය. බුෂ් සමයේ පුද්ගලික බැංකු ගිණුමකින් ඩොලර් 5000 ක් මාරු වෙද්දී රජයට දැන් වූ අතර ඔබාමා කාලය වෙද්දී එය ඩොලර් 500 කදී ආණ්ඩුවට දන්වන්නක් වී ඇත.


“වැඩි දෙනෙක් ‘සැලසුම්’ තවත් තියා ගන්නට කැමැතිය …
‘සාම නිෂ්පාදන මණ්ඩලයක්’ ගැන කතා ඇහෙන්නට පටන් ගන්නේ යුද්ධය අවසන් වන්නට පෙර ය. යුද සමයේ දී ‘සැලසුම් ගැසූ’ තව දුරටත් බලයේ ඉන්නට කැමැත්ත ඇති අය, ඒ අදහසට දිරිය දෙති.”

අද ඇමෙරිකාව රටට හොරෙන් ඇතුල් වන/ ඇතුල් වී ඉන්නා අය ගැන ‘සැලසුම්’ ගහති. රටේ සෞඛ්‍ය පහසුකම්, රටේ විශ්‍රාම සුබ සාධන දීමනා යනාදිය ගැන ‘සැලසුම්’ බොහොමයකි. හැම පැත්තක් ම ‘සැලසුම්’ ඉදිරිපත් කරන්නේ තරඟයට ය. සැලසුම් සඳහා වියදම් කොහෙන්දැයි නොපෙනෙන ලෙස ඇස් පියා ගනිති.


“‘සැලසුම් ගහන්නෝ’ උතෝපියාවන් පොරොන්දු වෙති …
ගොවියන් සඳහා ගහන සැලසුම් ගම්බද ජනතාව සතුටින් පිළිගනිති. කාර්මික ශ්‍රමිකයන් සඳහා සැලසුම් නගරබද අය පිළිගනිති. සැලැසුම් ගහනා අළුත් අය බොහොමයක් තෝරා පත් කර ගැනෙයි.”

ඔබාමා ආණ්ඩුව ජනතාව අතින් තේරී පත් වූයේ සැලසුම් ගහන්නට ය!!! මෙය පාරවල් හදන ප්ලෑන් සහ ‍පරිගණක හා තාක්ෂණ සැලසුම් ලෙසින් දැක්විය හැකියි!!! ඔබාමා ආණ්ඩුව stimulus මුදල් වලින් පාරවල් බොහොමයක් හදන බවට පොරොන්දු වූයේය. තාක්ෂණය චීනය හා සටන් වදින්නට හැකි වන සේ දියුණු කරන බව කීවේය. පාරවල් හැදුනේ වොෂිංටනය අවටයි. මධ්‍යගත සැලසුම් ගහන චීනයේ තාක්ෂණය කොපි කැට් කලාවක් මිස පුද්ගල අයිතියට ඉඩ තියන ඇමෙරිකාවට අභියෝග එල්ල කරන නව සොයා ගැනීම් තවමත් එහි නොකෙරෙන බව රටේ ජනතාවත් ඔබාමාත් නොසලකා හැරියකි.


“ඒත් ඔවුනට එක උතෝපියාවක් ගැන එකඟවනු නොහැකිය
සාමය සමඟ, නව ආණ්ඩුවක් හමුවෙති. එහෙත් ‘යුද්ධය දිනන්න තිබි’ එකමුතුව තව දුරටත් නොමැත. ‘සැලසුම් සම්පාදකයෝ’ එකිනෙකා සමඟ ගුටි කෙළගන්නට පවා ආසන්න ය. හැම අයෙකුට ම තමන්ට ප්‍රිය වූ වැඩ සටහනකි. එය අත්හැරීමට කැමති නැත.”

ඔබාමා සෞඛ්‍ය පහසුකම් සැලසුම දිනුවේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ වැඩි වැඩි චන්දයෙනි. සැලසුමට යන වියදම් ගැන සලකා නැත. දැන් එය ප්‍රාන්ත පුරා නඩු තීන්දු වලින් නිශ්ප්‍රභා වන තත්වයකට පැමිණෙයි. මන්ද ප්‍රාන්ත වලට රජයට මෙන් මුදල් අච්චු ගහන්නට බැරිය. පහුගිය දිනයක ඇමෙරිකන් ආණ්ඩුව වසා දැමෙන්නට ගියේ ද බජට් වියදම් ගැන තීරණයකට එළඹෙන්නට ‘සැලසුම්’ ගහන අයට එකඟ වන්නට නොහැකි වූ නිසා ය.


“පුරවැසියනට එකිනෙකා හා එකඟ වනු නොහැකිය …
මාස ගණනකට පසු අවසානයේ දී ‘සැලසුම් ගහන්නෝ’ තාවකාලික සැලසුමකට එකඟ වූ කල, ඊට එරෙහි වන්නේ පුරවැසියෝ ය. ගොවියා කැමැත්තට කාර්මිකයා කැමැත්ත නැත්තේ ය.”

සෞඛ්‍ය පනතට ‍එරෙහිව පෙළපාලි පැවැත්වේ. වෘත්තීය සමිති සාමාජිකයන්ගේ ඉල්ලීම් කළ හැකි අයිතීන් බලය අඩු නොකරන්න යැයි පෙළපාලි පැවැත්වේ.


“‘සැලසුම් ගහනා අය’ බලහත්කාරයෙන් එකඟතාවය ස්ථාපිතයට අකමැති ය..
බොහෝ ‘ජාතික සැලසුම් ගහන්නෝ’ හොඳ ගැන කතා කරන විඥානවාදීන් ය. බලහත්කාරකමින් සැලසුම් ස්ථාපිත කරනවාට ද අකමැති ය. නමුත් ඔවුන් එකතු කරන සැලසුම් සඳහා කුමන හාස්කමකින් හෝ මහජන එකඟතාවයක් ඔවුන් බලපොරොත්තු වෙති.”

චීනයේ සංවර්ධනය මධ්‍යගත සැලසුම් වලින් යැයි හිතනා අය එහි ආර්ථික ජවය ආණ්ඩුවේ ග්‍රහණයෙන් පිටත සිදුවෙන බව නොදකින්නට ඇස් පියාගෙන සිටිති.

සැලසුම් ගහන්නෝ රට වෙනුවෙන් කියා පුද්ගලයන් වෙනුවෙන් තීරණ ගනිති.

චීනයේ පර්යේෂණ හා නිෂ්පාදනය සඳහා මුදල් වැය කරන මෙහෙයුම් පර්යේෂණ වලට වඩා නිෂ්පාදනයේ යෙදෙන ඒවාය. (China’s “research and development” projects involve far more development than research.) පිටතින් එන තාක්ෂණය කොපි කර හැමදාම ඉදිරියට යා නොහැකිය. තමන් තාක්ෂණික දියුණුවක් නිර්මාණය නොකරන්නේ ද හැමදාම අනුන් සොයන තාක්ෂණයට යට වී ඉන්නට සිදුවේ. මධ්‍යගත සැලසුම් ගහනා අය දියුණු කළ යුත්ත කුමක් දැයි තමන් දන්නවා යැයි සිතීම තාක්ෂණ දියුණුව අඩාල කරයි.


“සැලසුම හැමට ම ‘විකුණන්නට’ ඔවුන් යුහුසුළු වෙති …
සමානාත්මතාවය ගැන ආකල්ප හැමටම කියා දෙන්නට යන නිෂ්ඵල උත්සාහයේ දී ‘සැලසුම්කරුවෝ’ දැවැන්ත ප්‍රොපගැන්ඩා මෙහෙයුමක් ස්ථාපිත කරයි
-මෙය ඊ ළඟට එන්නා වූ ඒකාධිපතියාට අතකොළුවකි.”

විස්කොන්සන් ප්‍රාන්තයේ මහත් රැළියට තුඩු දුන් වෘත්තීය සමිති බලතල අඩු කිරීමේ පනතට පසුව නඩු තීන්දුවක් දීම සඳහා විනිශ්චයකාරවරයෙක් තෝරා පත් කර ගැනීම මහා ප්‍රසිද්ධියක් ලැබූ ප්‍රවෘත්තියක් විය. අන්තිමේ දී පැත්ත පැරදි නිසා දිනුවේ කවුද කියාවත් ප්‍රසිද්ධ මාධ්‍යයෙන් දැන ගන්නට නොහැකි විය.


“රැවටෙන්නෝ එකඟතාවයට පැමිණෙති …මේ අතර තුර දී නැඟී එන ජාතික අන්දබූත බව විරෝධතා රැළි වලට තුඩු දෙයි. අඩුවෙන් ම දැනුම තිබෙන්නා වූ අය උද්දාමයෙන් හා උද්වේගකාරී වාග් කෞශල්‍යය විශ්වායෙන්, නව පක්ෂයක් හදා ගනිති.”

තේ පාටියත් තවත් දේශපාලන පක්ෂයක් වෙයි ද?!!


“‘සැලසුම් ගහන්නෝ’ ගැන ඇති විශ්වාසය පළුදු වෙයි …
‘සැලසුම් ගහන්නෝ’ සංශෝධනයන් කරන්නට ගන්නා උත්සාහය වැඩි වැ‍ඩියෙන් සිද්ධ වෙද්දී සාමාන්‍ය ව්‍යාපාරයන්ට සිදුවන බාධා වැඩි වෙයි. හැමෝම දුක් විඳිති. ජනතාව දැන් දන්නේ -හරියට- ‘සැලසුම් ගහනා අයට’ වැඩ කරගත නොහැකි බවයි!”

පාරිභෝගික විශ්වාස දර්ශකය (consumer confidence index) පහළ යයි.


“‘ශක්තිමත් මිනිසා’ වෙත බලය පැවරේ …
කර කියා ගත නොහැකි නිසාවෙන්, ‘සැලසුම් ගහන්නෝ’ නව පක්ෂ නායකයාට සැලසුමක් හදන්නටත්, එයට අවනතය බලහත්කාරයෙන් ලබා ගැනීමටත් අවසර දෙති. පසුව, ඔහුව නෙරපා හැරිය හැකි යැයි ඔවුන් සිතති -එය කරත හැකි යැයි ඔවුන් සිතති.”


“පක්ෂය රටේ බලය අල්ලා ගනියි …
මේ වන විට අන්දබූතය කොතරම් පැතිර ගිහින් ඇත්දැයි කියතොත් නව නායකයාට අවනත වීම අනිකුත් සියළු දෑ අභිබවා ලබාගත යුත්තක් වෙයි. පක්ෂයට ඔබ වුව ද එකතු වන්නේ ජාතික එකමුතුවට සහාය දෙනු පිණිස ය.”

ඔසාමා මැරූ ඔබාමට ජාතික හා අන්තර්ජාතික ප්‍රණාමය!!


“ඍනාත්මක අරමුණක් පක්ෂය එකමුතු කරයි …
සෑම ඒකාධිපතිවාදයක ම මුල් පියවර වන්නේ පොදු යහපතක් පෙරදැරි කරගෙන බිල්ලට දෙන අඩු ‍පිරිසකට එරෙහි ව වැඩි ජන මනාපය ඇවිලීමය. ජර්මනියේ, ඒ ඍන අරමුණ වූයේ සෙමැටික් විරෝධතාවයයි.”

ධනවතුන්ට බදු වැඩි කරමු. දැනටමත් මුළු බදු වලින් 50% ගෙවන අය ධනවතුන් 5% ක පිරිස බව අමතක කරමු. විසල් තෙල් වලට බදු වැඩි කරමු. පුද්ගලික තෙල් කොම්පැණි අයිතිය ලොව තෙල් වලින් 5% කට අඩුවෙන් බවත් රාජ්‍යයන්ට තෙල් අයිතිය ඉතිරි 95% ට වැඩි බවත් අමතක කරමු.


“කිසිවෙක් නායකයාගේ සැලසුමට විරුද්ධ නොවෙති …
ඒක සියදිවිනසා ගැනීමකි; නව රහස් පොලීසිය අනුකම්පා රහිත ය. ‘සැලසුම් ගහන රටක’ අවනතය ස්ථාපිත කරත හැකියාව හැම විටම අංක 1 සද්ගුණය වෙයි. දැන් සියළු නිදහස් අයිතීන් ඉවත් වී ගොසිනි.”

දුරකතන කතාබහ අසා සිටියි. විද්‍යුත් මාධ්‍යන් විමර්ශනය කරයි. බලහත්කාරයෙන් සෞඛ්‍ය පහසුකම් මිල දී ගන්නට නීති ස්ථාපනය කරන්නට යයි.


“ඔබේ වෘත්තිය ‘සැලසුම්’ කෙරෙයි …
දැන් තව දුරටත් බලතල නොමැති ‘සැලසුම්කරුවෝ’ කියූ රැකියා තෝරා ගැනීම් බොරු පොරොන්දු බව පෙනී යයි. ‘සැලසුම්කරුවන්’ කිසිදා පොරොන්දු ඉටු කර නැත, ඔවුනට ඉටු කරලීමට ද නොහැකි ය.”

විද්‍යා සහ ගණිත විෂයයන් හදාරන අයට ශිෂ්‍යත්ව දස දහසක් ප්‍රදානය කරන සැලසුම.


“ඔබ සිතන විදිය ද ‘සැලසුම් කෙරෙයි’ …
ඒකාධිපති පාලනයක, සැලසුම්කරුවන් විසින් නොසිතා හැදූ වාතාවරණයක් මතු වී, විවිධ අදහස් දරන්නට ඉඩක් නොමැත. පෝස්ටර්, රේඩියෝ, පත්තර -සියල්ල ඔබට කියන්නේ එකම බොරු වෙති!”

කැනඩාවේ මැතිවරණයෙන් දක්ෂිණාංශක පක්ෂය නොබෝදා ජයගෙන ය. ඉන්දියාවත් දිගු කලකට පසු වාමාංශික පක්ෂය පරදවයි. ඔබාමා ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ඒ ගැන වැඩි ප්‍රචාරයක් නොකළේය.

IMF සැලසුම් ගහන්නෝ ද චීනය ධනවත් ද නැද්ද නොදැක ඉන්නට ඇස් පියාගෙන සැලසුම් ගහති.


“ඔබේ වැටුප් ‘සැලසුම්’ කෙරෙයි …
වැටුප් ක්‍රමය බෙදීම හිතුවක්කාර ලෙසින් හා දරදඬු විලසකින් සිදුවිය යුතුය. කේන්ද්‍රීය මූලස්ථානයේ සිට සිද්ධ වන ‘ රාජ්‍ය සැලසුම්’ නොගැළපෙයි, අසාධාරණය, අකාර්යක්ෂම ය.”

චීනයට ඇමෙරිකන් ණය විකුණන ඔබාමා ඇමෙරිකන් ධනවතුන්ට ආණ්ඩු නෝට්ටු මිල දී ගෙන ආයෝජන සඳහා .2% පොලී ලැබෙන කාලයක චීනා හොයන 4% පොලී ලාභ සෙවීම අවහිර කර ඇති බව සාමාන්‍ය ජනතාව නොදනිති.

නිව් යෝර්ක් නගරයේ ලින්කන් සෙන්ටර් හි වැඩ කරන වෘත්තීය සමිති වේදිකා උදව්කාරයාගේ වසරක පඩිය හා සුබ සාධන ඩොලර් 290,000 කට ආසන්න ය. වෘත්තීය සමිති සාමාජිකයෙක් නොවන අයෙකුට එහි සේවය තහනම් ය. කානගී හෝල් වැඩ කරන වැඩි පඩි ලබන වේදිකා අත් උදව්කාරයා වසරකට 422,599 ක් සහ සුබ සාධන වශයෙන් 107,455 ක් ද ලබා ඇත.


“ඔබේ බාහිර ක්‍රියාකාරකම් ද ‘සැලසුම්’ කෙරෙයි …
සියළු රෙජිමේන්තු රටවල ක්‍රීඩා හා සතුට සඳහා කරන කටයුතු ද සූක්ෂමව ‘සැලසුම්’ වී තිබීම අහඹු සිදුවීමක් නොවේ. පටන් ගත්තාට පසු, ‘සැලසුම්’ ගහන්නෝට නැවතිය නොහැකි ය.”

චිකාගෝ නගරයේ පාසැල් ළමුන්ට ගෙදරින් ආහාර ගෙන යෑම තහනම් ය. තරබාරු වීම නැවතීමට සැලසුම් ගහන්නෙ ජනතාව තෝරා පත් කර නොගත් මිෂෙල් ඔබාමා ය.


“ඔබේ විනය ද ‘සැලසුම්’ කෙරෙයි …
ඔබව රැකියාවෙන් පහකර හැරියොත්, එය වෙඩි තබා මරා දමන හමුදාවකින් වනු ඇත. වෙනදා වූ ‘වැරැද්දක්’ අද රජයට එරෙහි ‘අපරාධයකි.’ දාසභාවයට යන පාර මෙසේ අවසන් වෙයි!”

ඇමෙරිකන් ජනතාවට ඇති පුද්ගල අයිතීන් කප්පාදු කළ නොහැකි නිසා ජනතාවගේ ‘විනයට’ ඇඟිලි ගහන්න ඉඩක් නීතියෙන් කිසිවකුටත් නොලැබෙනු ඇත.

අද පැතිවාදී මාධ්‍ය පැත්තකට දමා ජනතාව තමන් විසින් සත්‍යය සොයන වෑයමක නිරත වෙති. NPR වැනි ප්‍රසිද්ධ මාධ්‍යයන් වැය පියවා ගන්නට බැරිව කෙඳිරි ගාති. රජයෙන් සහනාධාර ඉල්ලති!!

අද ණය ඉහළ දාන්නට නම් වැය කපන්නට ද අවශ්‍ය යැයි කියන බුද්ධිමත් ජනතා හඬ ඇමෙරිකන් රජයට ඇසී ඇත. එය ධනපතියන්ගේ බදු මුදලින් පමණක් පියැවීමට සැලසුම් ගැසීමෙන් ධනපතියෝ වර්ජනය නවතන්නේ නැති බවත් ඇසේවි ද?!!

පාරම්පරික දේශපාලන මත දරමින් ජනතාව ගැන නොතකා, රට ගැන නොතකා, පුද්ගල අයිතිය නොතකා, සැලසුම් ගැසූ ඇමෙරිකන් දේශපාලකයෝ පසුගිය මැද මැතිවරණයෙන් විසි වී ගියහ.

පුද්ගල අයිතිය නීතියෙන් රකින නිසාම, ජනතාව අමතක කරන, රට ගැන නොතකන, පුද්ගල අයිතිය පැත්තකට දාන පාලකයන් ඇමෙරිකාවට ඉවත් කර ගැනීමට පහසුය. ජනතාවට තම අදහස් වලට පාලකයන්ගේ අවධානය සඳහා භීෂණ සමයක් පටන් නොගෙන සංවාදයට එළඹ පාලකයන් වැරදි පැත්තේ නොයා නැවත හරි ම‍ඟේ යන්නට ගෙන්වා ගන්නට හැකියාව ඇත.

“ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි හොඳම තර්කය නම් චන්දය ඇති සාමාන්‍ය අයෙකු සමඟ මිනිත්තු පහක් සංවාදයේ යෙදීමයි.” -වින්සන්ට් චර්චිල්
“The best argument against democracy is a five-minute conversation with the average voter.” – Winston Churchill

තවමත් ඔටුනු පැළඳි ‍ලෝකයක වූ රටක් නිසා, බ්‍රිතාන්‍යයෙකු අතින් එසේ කියැවීම පුදුමයක් නොවේ!! එහෙත් අද ලෝකයේ ජීවත්වන ආණ්ඩු ව්‍යවස්ථාවක් ඇති ඇමෙරිකාව වැනි රටක ඉතා සුළු කාලයක දී මුළු රටවැසියන් දැනුවත් කිරීමේ හැකියාව ඇත.

මිනිසා නම් මොළයක් ඇති, හිතන්නට හැකි, තර්කය හඳුනන, හරි වැරදි නිසි සේ ඉදිරිපත් කරනවා නම් වටහා ගන්නට හැකියාව ඇත්තෙකි. එයට හැකියාව ජීවත්වන නිසාම ලැබියකි. පරම්පරා ජානු වලින්, ලබා උපන් හැටියෙන් සහ දුප්පත් පොහොසත් භේදයකින් ලැබී නැත්තකි.

මිනිසා පිවිස ඉන්නේ තම සමෘද්ධිය මෙන් ම තම පැවැත්ම ද තමන්ගේ තෝරා ගැනීම මත රඳා පවතින අවදානම් යුගයකය.

දොම්නස් ජීවිත රටාවක් තෝරා ගන්නවා ද නැත්නම් සතුට සොයා යන ජීවිත රටාවක් තෝරා ගන්නවා ද යන දෙකින් එකක් තමනට තෝරා ගත හැකි යුගයක ය.

බලතණ්හාධිකයන්ට හා ගැතිවාදී වූවන්ට හා අනුන් කියන බණ නැවත කියන අයට වඩා පුද්ගල අයිතිය රකින, මිනිස් හිතවාදී වූ, සතුට අත්පත් කරගත හැකි, යම් දර්ශනයක් පැහැදිලි කරන්නා කියන්නේ සත්‍යයක් ද නැත් ද කියා තමන් විසින් තම තමන්ගේ ‘හැඳිමිටේ නුවණ’ වලින් අවබෝධ කරගන්නට හැකි යුගයක ය.

Advertisements

34 Responses

Subscribe to comments with RSS.

  1. Grey said, on ජූනි 3, 2011 at 10:29 පෙ.ව.

    මගේ අම්මේ..:D
    ඔච්චර අප්සෙට් යන්න දෙයක් කලින් පොස්ට් වල කොමෙන්ට් කරපු අය කියලා නැනේ.
    අක්කට ඔච්චරම අමාරුනම් ඉතින් අපි මුකුත් නොකියා ඉන්නම්.

  2. Kathandara said, on ජූනි 3, 2011 at 10:30 පෙ.ව.

    All this will happen in 1984!

  3. kevin perera said, on ජූනි 3, 2011 at 8:38 ප.ව.

    //මිනිසා පිවිස ඉන්නේ තම සමෘද්ධිය මෙන් ම තම පැවැත්ම ද තමන්ගේ තෝරා ගැනීම මත රඳා පවතින අවදානම් යුගයකය.//
    //දොම්නස් ජීවිත රටාවක් තෝරා ගන්නවා ද නැත්නම් සතුට සොයා යන ජීවිත රටාවක් තෝරා ගන්නවා ද යන දෙකින් එකක් තමනට තෝරා ගත හැකි යුගයක ය.//

    සුජීව බිත්තර ඔම්ලට් ලිපියේ කොමෙන්ටුවක ඉතා නිවරිදිව කියා ඇති පරිදි අපට ඇත්තේ තෝරා ගැනීමේ නොහැකියාව පිලිබඳ ගැටලුවක් නොව තෝරා ගැනීම .ට එතරම් තේරීම් නොමැති වීමයි.

    //ලංකාවේ නැත්තේ ජනමතයක් නොවේ ජනමතයට තේරීමකි. මා තවමත් හිතන විදිහට මේ රටේ අවුරුදු ගණනකින් පහල වූ හොඳම පාලනයයි. මුන් ව ගෙදර යැව්වොත් එන්න ඉන්න සෙට් එකේ තරම කියා වැඩක් නැත- සුජීව//

    විසාල මොලෙකුයි හැඳි මිටි දහයක් දිග නුවණක් තිබුනත් ඇති පලේ මොකක්ද තෝරා ගන්න තෙරීම් දුලබ නම්?
    කොකා කෝලා සහ පෙප්සි විතරක් තියන තැනක ඇඟ පුරාම මොලේ තියන කෙනෙකුට උනත් ගන්න පුලුවන් මෙ දෙකෙන් එකක් විතරයි නේද?
    මේ සඳහා හොඳම ඇමරිකන් උදාහරණය නම්
    Basic political choice in the United States – Democrat or Republican
    thats what you called “freedom of choice” in america
    our “society of choices” precludes any true choice.

    • arunishapiro said, on ජූනි 4, 2011 at 10:22 පෙ.ව.

      de silva,
      මේ දාලා තියෙන්නෙ ඉන්දියාවේ හදපු එකක් ද? ලංකාවේ ඉන්න ඇමෙරිකන් විරෝධී ද්‍රවිඩ අය අතින් නිර්මාණය වූවක් ද?

      ලංකාවේ ඉන්න කොටි ත්‍රස්තවාදීන්ට නීති මඟින් මුදල් එකතු කිරීම තහනම් කරපු නිසා ඇමෙරිකන් විරෝධී වූ ද්‍රවිඩ අය අතින් නිර්මාණය වූවක් නම් ඉතින් මම කියන්න අවශ්‍ය නැහැ ලංකාවේ ඇතුලත කොටි ත්‍රස්තවාදය නිසා ඇමෙරිකන් බෝම්බ නොවැටී, මරාගෙන මැරෙන අය අතින් සිංහල, දෙමළ (හා ඉන්දීය රජීව් ගාන්ධිත්) සියල්ලට වෙච්ච විපත්. ඒවා සිංහලෙන් කියවන හැමෝම දන්නවා.

      ළාබාල දරුවන් ත්‍රස්තවාදයට පුහුණු කෙරුවෙත් ඇමෙරිකාව ද?

      දැන් ඇමෙරිකාවේ සහය නැතිව ඉන්දියාවේ තිබිච්ච සමෘද්ධිය ගැන බලමු. අද දිනයේ රටේ තුනෙන් දෙකක් ජනතාව ජීවත්වන ගම්බද පැතිවල නිවාස භාගයකටවත් විදුලි බලය නැත්තේ එංගලන්තෙ සුද්දෝ නිසා ද? ඇමෙරිකන් සුද්දො නිසා ද? ‍නිවාස හතරෙන් එකකට පමණක් කක්කුස්සි තියෙන්නෙ එංගලන්තෙ සුද්දෝ නිසා ද? ඇමෙරිකන් සුද්දො නිසා ද?

      චෙන්නායි වල වින්නඹු රැකියාවන් කරන කාන්තාවන් $2.50 කට අළුත උපදින ගෑණු දරුවන්ට හුස්ම ගන්න නොදී මිරිකලා මරලා දාන හැටිත් ඇමෙරිකන් ඒකාධිපති බලය පැතිරවීමක් ද? ඉන්දියාවේ ජනගහණයෙන් අද ගැහැණු පිරිමි සාමානුපාතිකයෙන් ගැහැණු අය මිලියන 35 ක් අඩු වී ඇත්තේ ද ඇමෙරිකන් ඒකාධිපති බලය පැතිරවීම නිසා ද?

      ජාතික සෞඛ්‍ය විමර්ශනයක දී ඉන්දීය පිරිමි 51% ක් ගෑණුන්ට තඩි බෑම යුක්ති සහගත ලෙස සලකන්නේත්, ඊට ඉන්දීය ගැහැණු 54% ක් එකඟ වන්නේත් ඇමෙරිකන් ඒකාධිපති බලය පැතිරවීම නිසා ද?

      තමන්ගේ බොරු දකින ඇස් විශ්වාස නොකර ඇත්තටම ඇස් ඇරලා ලෝකය දිහා බලන්න.

      • සුජීව said, on ජූනි 4, 2011 at 11:07 පෙ.ව.

        ඉන්දියාව හා ශ්‍රී ලාංකික දෙමල පාර්ශ්වය ගැන කි බොහෝ දේ සත්‍ය විය හැක. එහෙත් මේ වීඩියෝවේ එසේ නොවේ යයි කියා නැත.

        හැබැයි වීඩියෝව විසින් ඇමරිකාකානු ලෝක ප්‍රතිපත්තිය ගැන විවේචන රාශියක් එල්ල කරයි. ඉන්දියානු දුර්වලතා කුමක් වුවද ඇමරිකානු දුර්වලතා දකින්න එය බාධාවක් නොවේ. අරුණි ඒ ගැන කතා නොකරන්නේ ඒ වීඩියෝවේ සඳහන් කරුනු සත්‍ය නිසාද?

        අරුණි පණිවුඩය පසෙක තබා පණිවුඩකරුවා මරන්නේ ඇයි?

        ඉන්දියානු වීඩියෝව ඉන්දියාවේ ප්‍රචලිත සිංහල සින්දුවක් වන සුරංගනී ගීතයට අනුව ඉන්දියානු “වමේ පොරක්” නිර්මාණය කල බව ලෝකල් “වමේ පොරක්” වන W3L හි එඩිතරයා වරක් ලියා තිබුණි. අරුනිට මේ ටික ලිව්වේ වීඩියෝව හදපු එකාගේ ගෙදරට සීල් රංචුවක් එවන්නටයි. W3L හි එඩිතරයා කුදල ගෙන ගොස් ගුන්තනමෝවේ දමා උගේ පුද්ගල අයිතියට හිරිහැර කිරීමෙන් මොහු සිටින තැන සොයා ගත හැක. මෙතුලින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ජනයාගේ පුද්ගල අයිතීන් සුරැකෙනු ඇත [සමා වන්න. මා මෙතෙක් ලීවේ ඔබ අපට ඉගැන්නු පුද්ගල අයිතීන් සුරැකීමේ පාඩමෙන් උගත් කරුණු පෙළකි. අභ්‍යාසයක් ලෙස සලකන්න]

        ඩි සිල්වා මේ වීඩියෝව දමන විට මා බාගෙට ලියු කොමෙන්ටුවක එම වීඩියෝව ම අමුණා තිබුණි. කෙවින් ගේ කතාවත් එක්ක මෙන්න මේ කෑල්ල යන නිසා මට එය මතක් වන්නට ඇත.

        America [is] so free – I am dying to see
        Disney land and statue of liberty
        Choice between Coca Cola ‘n Pepsi
        Home-made prison with color TV

        ————-

        අරුණි බලන් ගියාම ඔහෙත් මෙහෙ වගේ නේ. ඔයාලාට බලෙන් සෞඛ්‍යය දෙන්න හදන කොට අපට බලෙන් විශ්රාම වැටුප දෙන්න හදනවා.

        තේ පාටිය ගැන හාන්කවිසියක් නොදන්නා මට ඒ ගැන කතා කල නොහැක. ජෙනරික් කතාවකින් මා මෙය අවසාන කරනවා. ලෝකයේ කිසිම තැනක පරමාදර්ශී දේව නිර්මාණ බිහි නොවේ. සිදු වන්නේ පවතින තත්වයට සුළු ඇමෙන්ඩ්මන්ට් එකක් පමණි. අතිශයින් පරමාදර්ශී කතා කරුවන් කිසිම් ක්‍රියාකාරී දෙයක් නොකරන පිරිසකි.

        • arunishapiro said, on ජූනි 4, 2011 at 12:12 ප.ව.

          සුජීව,
          //ඇමරිකාකානු ලෝක ප්‍රතිපත්තිය ගැන විවේචන රාශිය// සඳහා වෙබ් අඩවිය පටන් ගත් දා පටන් සිට උත්තර ඇති වෙන්න ලියා ඇති බව කියවන්නා නොදැකීම අභාග්‍යයකි. ඒවා අවබෝධ කර ගැනීමට උත්සාහයක් නොගෙන එම ප්‍රශ්න නැවත නැවතත් ඇසීමේ චේතනාව කුමක් ද?

          එය නැවත නැවත ලියැවීමෙන් කිසිත් ඵලක් නැත. තව කියන්නට බොහෝ දේ තිබෙද්දී එකම දේ නැවත නැවත කීම කාලය නාස්ති කිරීමකි.

          නමුත් නැවත නැවතත් එකම ප්‍රශ්න අහන අයගේ චේතනාව කුමක් දැයි විචාරය කළ යුතුය.

          ඇමෙරිකාවේ විවේචන දකින අය තම රටවල ඇමෙරිකන් මැදිහත්වීම් වලින් නොවන දෑ නොදකින්නේ මන්දැයි විචාරය කළ යුතුය.

          ඇමෙරිකාවේ හොටු බාරගන්න අය (ඩිස්නි, පෙප්සි හා රියැලිටි ටීවී) ඇමෙරිකාව දෙන ජීවය රකින එන්නත (පුද්ගල අයිතිය) දිහා නොබලන්නේ මන්දැයි විචාරය කළ යුතුය.

          ඇමෙරිකාවට හැමටම සෞඛ්‍යය බලෙන් ස්ථාපිතයට ඉඩක් තිබේවි ද නැද්ද යන්න මිනිස් ජීවිත ඝාතනය නොකර අනාගත මැතිවරණය කියනු ඇත. තීරණය පැහැදිලිවම වැඩි ජනතාවගේ කැමැත්ත වනු ද ඇත. එය වැඩි ජනතාවගේ කැමැත්ත ඇතිව සිද්ධ වූවොත් පුද්ගලිකව අකමැති වුවද මමත් ඊට පක්ෂපාතී වී වැඩි බදු බර දරමි. මන්ද එය රටක දියුණුව වඩවන ප්‍රජාතන්ත්‍රවාදය නිසයි.

      • kevin perera said, on ජූනි 4, 2011 at 11:21 පෙ.ව.

        අරුණි හැමවිටම ඔයා කවුරු හරි ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම හඳ දිහා නොබලා ඇයි පෙන්නන කෙනාගෙ ඇඟිල්ල දිහා බලල ඇඟිල්ලෙ ඇද හොයන්නෙ?

      • සුජීව said, on ජූනි 4, 2011 at 12:37 ප.ව.

        [[//ඇමරිකාකානු ලෝක ප්‍රතිපත්තිය ගැන විවේචන රාශිය// සඳහා වෙබ් අඩවිය පටන් ගත් දා පටන් සිට උත්තර ඇති වෙන්න ලියා ඇති බව කියවන්නා නොදැකීම අභාග්‍යයකි. ඒවා අවබෝධ කර ගැනීමට උත්සාහයක් නොගෙන එම ප්‍රශ්න නැවත නැවතත් ඇසීමේ චේතනාව කුමක් ද?]]

        මේ උත්තරේ හැම විටම ඇත්තේ “නෑ නෑ එහෙම නෑ, අපි ගහන්නේ උතුම් අරමුණින්”, “අපි හැමදාම ඉන්නේ හරි මිනිහගේ පැත්තේ [හරි මිනිහා = පිනොශේ, ඩින් ඩියම් :)]”, “ඔයාලා මෙව්වා කියනවා, එයාල මෙන්න මෙච්චර නරක කට්ටිය” වගේ ඔබේ “පුද්ගලික” උත්තර වේ. ඒවා ලෝකය පිලිබඳ බොහෝ දෙනෙකුගේ අවබෝධය සමග අනුගත නොවේ [සමහර විට ඔබ හරි වී අනික් සියල්ලන් වැරදීමට ඉඩ ඇත]. ඒවාට ප්‍රති උත්තර දුන් විට ඔබ කියන්නේ “ඔය කාලේ මාධ්‍ය කිව්ව බොරු”, “ෆේබියන් ලා ගොතපු කතා” වගේ උත්තරයි. ඔබට වාසි දෙයක් ඔප්පු කිරීමට ඕනා නම් එවැනි ම වෙනත් මාධ්‍යයක් පෙන්නා දෙයි [මිනිසුන් ලියන විකිපිඩියාව: ලංකාවේ ඉතිහාසය එහි ලියා ඇති හැටි බලන්න].

        එක්කෝ අප ඔබ අදහා මෙතෙක් ලෝකයේ සිදු වූ අප දැන ගෙන ඇති කරුණු බොරු යයි වල දැමිය යුතුය. නැතිනම් කට පියා ගෙන සිටිය යුතුය.

        මේ මාක්ස් වාදයේ ම ධනවාදී නිවුන් සම්බන්ධයි. මාක්ස්වාදියෙක් තම මතය හා එය ක්‍රියාත්මක කරන රටවල් අගයමින් සුද්ද කරමින් ලියන්නේ යම්සේ ද ඔබ ධනවාදය වෙනුවෙන් එය ම කරයි.

        හැබැයි මා එකක් පිලි ගනිමි. ඔබ ඔබේ “ගැති වාදී” චින්තනයෙන් ඕන එකක් ප්‍රීති වෙසක් කියා ගෙන දිගටම ලියන්නේ නම, ඔබේ ලියමනට අප බාධා කිරීම මේ බ්ලොගයේ ඉදිරි ගමනට හරස් කැපුමකි. සිංහල බ්ලොග්ස්පියරයේ ලොකුම බොරු කාරයා ඔබ නොවේ. මාක්ස්වාදීන් ගේ ලඟින් වත් යන්නට ඔබට බැරිය.

    • de silva said, on ජූනි 4, 2011 at 5:28 ප.ව.

      @ අරුණි

      මම නම් දන්නෙ නැහැ මේක හැදුවෙ ඉන්දියාවෙ දෙමල අයද ලංකාවේ දෙමල අයද කියල.මේක හැදුවෙ දෙමල කෙනෙක් කියන එකවත් මගේ ඔලුවෙ තිබුණෙ නැහැ පෝස්ට් කරද්දි.මේකෙ තිබුණ උපහාසය නිසයි පෝස්ට් කලේ.ඒකෙ තියෙන ගොඩක් ඒව මග හරින්න බැරි ඇත්ත නේද?ඒ ගැන කතාකරන එක පැත්තකින් තියල ඉන්දියාවෙ වැසිකිලි කැසිකිලි ගැන කතා කරන එකේ තර්කය මට තේරුම් ගන්න අමාරුයි.

      @ සුජීව

      සිංහල බ්ලොග්ස්පියරයේ අරුණිටත් වඩා බොරු කියන “මාක්ස්වාදියා” කවුද?මම දැනගන්න ආසයි.

      • සුජීව said, on ජූනි 4, 2011 at 6:54 ප.ව.

        මාක්ස්වාදී බ්ලොග් වලට ගොඩ වැදී බලන්න. ජාත්‍යන්තර විප්ලවය ගැන, මාක්ස්වාදයෙන් අප සුඛිත මුදිත වන හැටි ගැන, ස්ටාලින් ලා කැලේ පැන්නට ට්‍රොස්කි හරහා ලෝකයම ගොඩ යන හැටි ගැන අතොරක් නැති කතා අහන්නට දකින්නට පුළුවන්. කරුණු ගැලපීම හා ඉදිරිපත් කිරීම අරුනිටත් වඩා එහා. ටික කාලයක් ඔව්වට උත්තර ලියලා මං දැන් නිකම් ඉන්නේ ආතල් කඩන්ට ඇති අකමැත්තට.

      • de silva said, on ජූනි 5, 2011 at 5:25 ප.ව.

        //දැන් ඔබ කියූ ඒවායින් දෙකක මා ඉඳහිට හෝ ගොඩ වදිනවා. වරින් වර බලන්න සමාජවාදී හෙට දවස ගැන ඔවුන් කියන කතා. ජාත්‍යන්තර විප්ලවය ගැන, මාක්ස්වාදයෙන් අප සුඛිත මුදිත වන හැටි ගැන, ස්ටාලින් ලා කැලේ පැන්නට ට්‍රොස්කි හරහා ලෝකයම ගොඩ යන හැටි ගැන අතොරක් නැති කතා අහන්නට දකින්නට පුළුවන්//

        පුදුමයි.ඔබ ඉහත අඩවි අරුණිගේ මේ කරුණු දැක්වීමට වඩා අන්ත බව කීම ඇත්තටම විස්මය උපදවනවා.එක්කො ඔබ ඒව හරියට කියවලා නැහැ.නැතිනම් ඔබට වාමාංශිකයින් ගැන අන්ධ පූර්ව නිගමනයක් තියෙනව.උදාහරණයක් විදිහට ඩබ්ලිවු 3 ලංකා වගේ කෙනෙක් සමාජවාදයේ හෙට දවසෙ රමණීයත්වය ගැන හරි ට්‍රොට්ස්කි හරහා ලෝකයම ගොඩ යන එක ගැන හරි රොමෑන්ටික් කතා කියනව මම දැකලාම නැහැ.ඔහුගේ රචනා ඊට වඩා බොහොම බුද්ධිමත්.අරුණි අමෙරිකාව බදාගෙන දගලනවා වගේ දෙයක් ඒ කිසි කෙනෙක්ගෙ දැකල නැනහැ.මට හිතෙන්නෙ මෙතන තියෙන්නෙ පුර්ව නිගමනයක් මත අන්ධ විදිහට පදනම් උන එකක්.

    • de silva said, on ජූනි 5, 2011 at 8:16 පෙ.ව.

      //මාක්ස්වාදී බ්ලොග් වලට ගොඩ වැදී බලන්න. ජාත්‍යන්තර විප්ලවය ගැන, මාක්ස්වාදයෙන් අප සුඛිත මුදිත වන හැටි ගැන, ස්ටාලින් ලා කැලේ පැන්නට ට්‍රොස්කි හරහා ලෝකයම ගොඩ යන හැටි ගැන අතොරක් නැති කතා අහන්නට දකින්නට පුළුවන්//

      සුජීව

      මම ඉල්ලන්නෙ නිශ්චිත උදාහරණයක්.ඔය විදිහට කතා කරන සිංහල බ්ලොග් අවකාශයේ තියෙන මාක්ස්වාදී බ්ලොග් මොනවද?කරුණාකර එවැන්නක් පෙන්වන්න.මා දන්න තරමින් (මාක්ස්වාදිද මන්ද) වාමාංශිකයි කියල තියෙන බ්ලොග් කිහිපයක් සිංහල බ්ලොග්ස්පියරයේ තියෙනව.(ඩබ්ලිවු 3 ලංකා බුමුතුරුණු රාමචන්ද්‍ර )
      ඒවා නම් මගේ මතකයේ හැටියට ඔබ සදහන් කරන වර්ගයේ “බොරු කියන එවා” නෙමෙයි.මට මිස් වුන එකක් තියෙනවද දන්නෙ නැහැ නෙ.

      • සුජීව said, on ජූනි 5, 2011 at 10:18 පෙ.ව.

        මගේ අකමැත්ත තිබ්බේ නම් කියන්න.

        දැන් ඔබ කියූ ඒවායින් දෙකක මා ඉඳහිට හෝ ගොඩ වදිනවා. වරින් වර බලන්න සමාජවාදී හෙට දවස ගැන ඔවුන් කියන කතා. ජාත්‍යන්තර විප්ලවය ගැන, මාක්ස්වාදයෙන් අප සුඛිත මුදිත වන හැටි ගැන, ස්ටාලින් ලා කැලේ පැන්නට ට්‍රොස්කි හරහා ලෝකයම ගොඩ යන හැටි ගැන අතොරක් නැති කතා අහන්නට දකින්නට පුළුවන්.

        හරස් ප්‍රශ්න අහලා වැඩක් නැති තරම්. මෙතන වගේමයි.

      • de silva said, on ජූනි 5, 2011 at 5:38 ප.ව.

        /දැන් ඔබ කියූ ඒවායින් දෙකක මා ඉඳහිට හෝ ගොඩ වදිනවා. වරින් වර බලන්න සමාජවාදී හෙට දවස ගැන ඔවුන් කියන කතා. ජාත්‍යන්තර විප්ලවය ගැන, මාක්ස්වාදයෙන් අප සුඛිත මුදිත වන හැටි ගැන, ස්ටාලින් ලා කැලේ පැන්නට ට්‍රොස්කි හරහා ලෝකයම ගොඩ යන හැටි ගැන අතොරක් නැති කතා අහන්නට දකින්නට පුළුවන්//

        පුදුමයි.ඔබ ඉහත අඩවි අරුණිගේ මේ කරුණු දැක්වීමට වඩා අන්ත බව කීම ඇත්තටම විස්මය උපදවනවා.එක්කො ඔබ ඒව හරියට කියවලා නැහැ.නැතිනම් ඔබට වාමාංශිකයින් ගැන අන්ධ පූර්ව නිගමනයක් තියෙනව.උදාහරණයක් විදිහට ඩබ්ලිවු 3 ලංකා වගේ කෙනෙක් සමාජවාදයේ හෙට දවසෙ රමණීයත්වය ගැන හරි ට්‍රොට්ස්කි හරහා ලෝකයම ගොඩ යන එක ගැන හරි රොමෑන්ටික් කතා කියනව මම දැකලාම නැහැ.ඔහුගේ රචනා ඊට වඩා බොහොම බුද්ධිමත්.අරුණි අමෙරිකාව බදාගෙන දගලනවා වගේ දෙයක් ඒ කිසි කෙනෙක්ගෙ දැකල නැනහැ.මට හිතෙන්නෙ මෙතන තියෙන්නෙ පුර්ව නිගමනයක් මත අන්ධ විදිහට පදනම් උන එකක්.

      • සුජීව said, on ජූනි 6, 2011 at 2:18 පෙ.ව.

        මේ වගේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම නොකියන බව ඇත්ත. මිට වඩා සියුම් ප්‍රවේශයකින් වරින් වර ඔය අදහස මතු කරනවා. ඔබ බලන්නේ පෝස්ට් විතරද? ප්‍රතිචාර අවකාශය තුල කතාබහ දැක නැද්ද? වෙන එකක් තියා මා සමග සංවාදයේ යෙදුන අවස්ථා දැක නැද්ද? සමාජවාදය අද තියෙන ප්‍රශ්න වලට විසඳුමක් නොවේ කියන පදනම උඩ තර්ක කල කෙනෙක් මම.

        අදහස ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ඒක නොවේ ගැටලුව. අදහසේ අන්තර්ගතය මොකද්ද කියන ඒක. මෙතන අරුණි ධනවාදය අගයන්න භාවිතා කරන්නේ සමාජවාදයේ දුර්ගුණ. ඔබ ඉහත සඳහන් කල අය සමාජවාදය අගයන්න යොදා ගන්නේ ධනවාදයේ දුර්ගුණ. අපි දෙගොල්ලන්ගෙන් ම අහන්නේ එකක් නරක නිසා අනික ඉබේම හොඳ වෙනවාද? අනිකේ භාවිතාවේත් ඒ වගේම අඩු පාඩු නැද්ද කියලා. ඒ ප්‍රශ්නෙට තැන් දෙකෙන් ම ලැබෙන්නේ එකම විදිහේ අතාර්කික උත්තර.

        මෙන්න මේක ගන්න. ධනවාදයේ ගාමක බලවේගය ලාභය නෙ. මේකේ හොඳ වගේම නරකත් තියෙනවා. ඉතින් මං හැමදාම අහන දෙයක් සමාජවාදේ ගාමක බලවේගය මොකද්ද? මොන හේතුවක් නිසාද සමාජවාදී ක්‍රමයක මිනිසුන්ට නව නිෂ්පාදන කරන්න මහන්සි වෙලා වැඩ කරන්න හිතෙන්නේ කියන ප්‍රශ්නය. අහපු කිසි කෙනෙක් පොයින්ට් එකට උත්තර දීලා නැහැ. හතර වටේ ගහනවා මිසක්. බැරි ම උනොත් අපේ නොදැනුවත් කම ගැන අපට බනියි.

      • de silva said, on ජූනි 6, 2011 at 6:29 පෙ.ව.

        මාතෘකාවට අදාල නැති නිසා මේ ගැන දක්වන අවසාන ප්‍රතිචාරයයි මේ. ධනවාදය වගේම සමාජවාදය කියන්නෙත් යම් කිසි දෘෂ්ටිවාදයක්.අරුණිට ධනවාදය හොද ක්‍රමය කියන්නත් තව කෙනෙක්ට සමාජවාදය හොද ක්‍රමය කියල යෝජනා කරන්නත් අයිතියක් තියෙනව. ඒත් ප්‍රශ්නය ඒ ස්ථාවරයන් වෙනුවෙන් පෙනි සිටින ආකාරය. සමහරු මේ මතවාද ආගමික ස්වරූපයෙන් ගන්නවා.අරුණිගේ තියෙන්නෙ ඒ වගේ භක්තියක්.සමාජවාදය කියන එකත් ආගමික ස්වරුපයෙන් ගත්ත අය ඉන්නවා මම දැකලා තියෙනව.හැබැයි එහෙම අන්තවාදී තැනකින් සමාජවාදය අල්ලගත්ත සිංහල බ්ලොග් නම් මම දැකලා නැහැ.තියෙන ඒවා සමාජවාදය ගැන තමන්ගේ ස්ථාවරය ඉස්සරහට දැම්මත් අරුණි වගේ අන්ධ විදිහට (ඉරාකයට කෙලින්නෙ උන්ගේ පුද්ගල අයිතිය රකින්න වගේ ) පිස්සු අර්ථකතන කරනවා මම දැකලා නැහැ.ඔබේ මුල් කමෙන්ටුව කියවන කෙනෙක්ට එක පාරට හිතෙන්නෙ මාක්ස්වාදී බ්ලොග්කාරයෝ මීටත් වඩා බොරුකාරයෝ කීවම එයාල ගැන මහ අපභ්‍රංස චිත්‍රයක් මැවෙන්නෙ.මම දන්න තරමින් ජාතිවාදය ආගම්වාදය වගේ පසුගාමී අදහස්වලට විරුද්ධව අඛණ්ඩ දේශපාලන ස්ථාවරයක් දිගටම ඒ වාමාංශික බ්ලොග් වලින් ඉදිරපිත් උනා.වෙනකක් තියා ටැබු වගේ මාක්ස්ට අම්බානක විරුද්ධ කෙනෙකුත් හොදම දේශපාලන සයිට් එක කියල නම් කලේ ඩබ්ලිවු 3 අඩවිය. ඔබේ විවේචනය පදනම් විරහිතයි කියන්නයි අවශ්‍ය උනේ.

  4. කළු පූසා said, on ජූනි 4, 2011 at 12:36 ප.ව.

    මේක ටිකක් මාතෘකාවෙන් පිට දෙයක් ඒත් දැනගන්නම ඕනේ නිසයි අහන්නේ

    ලස්සන කෙල්ලෝ ඇයි කළු මහත බඩ තියන කොල්ලෝම තෝරාගන්නේ ? 😦

  5. Clement Peris said, on ජූනි 4, 2011 at 12:44 ප.ව.

    Obama’s goal: 10,000 new science, tech, engineering and math teachers

    This clearly indicates that Obama has understood,at least, where should the US must keep its head. But this move doesnot absolve him from his recent international political and war criminals.Aruni, I think what ever the past was;the future of the philosophy belongs to the Scientists who master the natural sciences.(This idea was first brought by Chanuka Wattegama one of his comments)

    ………………

    The recent post of you based on another utopia ,which is popularly know to most of us as capitalism and the vector here is GM.That it and what a novelty you see through it?

    Clement peris

  6. කළු පූසා said, on ජූනි 4, 2011 at 12:45 ප.ව.

    කියවල බලන කොට මේකේ තියන ගොඩක් දේවල් ලංකාවටත් ගැලපෙනවා

  7. Clement Peris said, on ජූනි 4, 2011 at 12:50 ප.ව.

    එය වැඩි ජනතාවගේ කැමැත්ත ඇතිව සිද්ධ වූවොත් පුද්ගලිකව අකමැති වුවද මමත් ඊට පක්ෂපාතී වී වැඩි බදු බර දරමි. මන්ද එය රටක දියුණුව වඩවන ප්‍රජාතන්ත්‍රවාදය නිසයි.

    Do you really think that the majority is always correct?
    If you feel it aint dont you fight against it?
    Doesnt your consciousness troublr you at that very moment?
    ………….
    When Jesus Christ was condemn to death Pontios Pilate asked the gathering ..”whom do you want to get freed?..Barabbas or Jesus of Nazareth?..”

    The majority yelled…”Barabbas…Barabbas..”

    Long live majority!!Huh.

    Clement Peris

  8. Clement Peris said, on ජූනි 4, 2011 at 12:57 ප.ව.

    Do you really think that the majority is always correct?
    What iare the criterion you select?
    If you feel it aint dont you fight against it?
    Doesnt your consciousness troublr you at that very moment?
    ………….
    When Jesus Christ was condemn to death Pontios Pilate asked the gathering ..”whom do you want to get freed?..Barabbas or Jesus of Nazareth?..”

    The majority yelled…”Barabbas…Barabbas..”

    Long live majority!!Huh.

    Clement Peris

    • arunishapiro said, on ජූනි 5, 2011 at 7:23 පෙ.ව.

      Clement Peris,
      oh we have found common grounds here, amazing! No, I do not believe majority is always correct.

      I will agree with US rule if there is to be one on obama care because it would be law. But only a country where it’s people have equal rights can understand why we would obey such a law.

  9. aja said, on ජූනි 4, 2011 at 1:13 ප.ව.

    Road to Serfdom was written by Hayek during the latter stages of World War II to stop Britain from going the way of Nazi Germany. The Americans use it to stop the state going berserk and to remind themselves that a country with a voting system can easily turn fascist.

    Road to Serfdom tells how socialists in Germany tried to plan the country, there was disagreement and eventually it brought misery and inflation. People then cried out for a ‘strong government’ which resulted in Hitler.

    The same thing happened in Sri Lanka. In the 1970s socialism failed there was 20 percent unemployment, hal polu and so on and eventually JR came. People thought a strong government was needed. But the UNP stoned judges (like in Germany) attacked unarmed minorities (SLFP, Tamils) like the jews in Germany generally undermined rule of law.

    The process is continuing now. Hayek particularly warned Britain that just because the war was won by printing money and the military industrial complex peacetime development cannot be done like that. Britain nationalized and did various socialist things and eventually became a shadow of its former self partly because of deficit spending etc promoted by Keynes. It took until Margaret Thatcher to reverse it bring inflation down and fix the British economy to an unprecedented growth phase. Both Thatcher and Sir Alan Walters were Hayekian. Military Keynesinism is not sustainable.

  10. Ashoka said, on ජූනි 5, 2011 at 2:19 පෙ.ව.

    kevin perera,
    //අරුණි හැමවිටම ඔයා කවුරු හරි ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නුවම හඳ දිහා නොබලා ඇයි පෙන්නන කෙනාගෙ ඇඟිල්ල දිහා බලල ඇඟිල්ලෙ ඇද හොයන්නෙ?//

    sujeewa,
    //ඔබ ඔබේ “ගැති වාදී” චින්තනයෙන් ඕන එකක් ප්‍රීති වෙසක් කියා ගෙන දිගටම ලියන්නේ නම, ඔබේ ලියමනට අප බාධා කිරීම මේ බ්ලොගයේ ඉදිරි ගමනට හරස් කැපුමකි.//

    de silva,
    //ඒ ගැන කතාකරන එක පැත්තකින් තියල ඉන්දියාවෙ වැසිකිලි කැසිකිලි ගැන කතා කරන එකේ තර්කය මට තේරුම් ගන්න අමාරුයි.//

    ඔබ සියලු දෙනා නිවැරදියි. මෙය ඇමෙරිකානුවකු (මේකට ස්ත්‍රී ලි0ග තනි වචනයක් තිබ්බානම් හොඳයි නේද?) විසින් සි0හල කියවන්නන් අතර ඇමෙරිකාව ඉස්මතු කරනු සඳහා (හරියටම කිව්වොත්, දක්ශිනා0ශික ඇමෙරිකාව, ඔබාමාගේ ඇමෙරිකාව නෙමෙයි ) කරන සි0හලෙන් ලියන ඇමෙරිකානු බ්ලොගයකි.

    සි0හල කියවන පාඨකයන් අතර ඇමෙරිකාව ගැන හොඳ චිත්‍රයක් ඇති කිරීම ඇය තමන්ගේ ප්‍රමුඛතම පෞද්ගලික ඉලක්කය ලෙස තෝරාගෙන ඇති හැඩයි. ධනවාදය, පෞද්ගලික අයිතිය, නිදහස ආදී දෑ ප්‍රධාන අරමුණට ඒමට යොදන ප්‍රවේශයන් පමණයි. මේ නිසා අරුණි සමඟ ඇමෙරිකාව ගැන වාද කිරීම සම්පූර්නයෙන්ම නිශ්ඵලයි, කාලය නාස්ති කිරීමක්ම විතරයි.

    අරුණි මෙය ආකාර කිහිපයකට කරයි.

    1) කෙලින්ම ඇමෙරිකාවේ ගුණ ගායනා කිරීම (මේ ක්‍රමය එතරම් සාර්ථක වී නැත. ට ලැබී ඇති අඩු ප්‍රතිචාර ගණන සාක්ෂියකි )
    2) ඇමෙරිකාවේ තරඟ කරුවන්ට ගැහීම. ( වැනි, රුසියාව, චීනය, ඉන්දියාව ඇයගේ මේ අකාරයේ නොමද ස0ග්‍රහ වලට නිතර ලක් වේ. – මේ සියළු රටවල් අපගෙ ප්‍රශ්ණයේදී අපට විවිධාකාරයෙන් උදවු කල රටවලුයි, එමෙන්ම මේ සියල්ල වර්තමානයේ ධනවාදී රටවල්-)
    3) ධනවාදය, නිදහස, පුද්ගල අයිතිය වැනි මාතෘකා වලට පැමිණ ඇමෙරිකාව ඉස්මතු (promote) කිරීම. ( මැක්කාගේ තියරිය )

    මෙය අපගේ පෞද්ගලික ඉලක්ක අතර නැත්නම් අපට තෝරාගැනීම් දෙකක් තිබේ. කාලය ඉතුරුකරගෙන පැත්තකට වීම එකකි. සැපයුම, ඉල්ලුම මත රඳා පවතින නිසා ඉල්ලුමක් නැතිබව පෙන්වා සැපයුම පාලනය කිරීම අනෙක් ක්‍රමයයි. උදාහරණයක් ලෙස ඉහත අ0ක 1. මෙයින් සැපයුම පාලනය කිරීමට බැරි නම් එහි තේරුම අරුණි ඔයතරම් කියන ධනවාදී ක්‍රම ප්‍රයෝගිකව මෙවැනි සුළු කරුණකදීවත් ප්‍රයෝජනවත් ලෙස යොදාගත නොහැකි බවයි. 🙂

    මෙයින්වත් අරුණිව ඉහත කී රෝගී තත්වයෙන් මුදවාගැනීමට සමහරවිට අපට හැකි වනු ඇතිද ?

  11. Ashoka said, on ජූනි 5, 2011 at 2:26 පෙ.ව.

    ඉහත ප්‍රතිචාරයේ නිවැරදිකිරීම් :
    1) කෙලින්ම ඇමෙරිකාවේ ගුණ ගායනා කිරීම (මේ ක්‍රමය එතරම් සාර්ථක වී නැත. “ඇමෙරිකන් අයිතීන් පනතේ පළමුවැන්න” ට ලැබී ඇති අඩු ප්‍රතිචාර ගණන සාක්ෂියකි )
    2) ඇමෙරිකාවේ තරඟ කරුවන්ට ගැහීම. ( “චෙච්නියාවේ රුසියන් යුද්ධ අවසන් ද?” වැනි. රුසියාව, චීනය, ඉන්දියාව ඇයගේ මේ අකාරයේ නොමද ස0ග්‍රහ වලට නිතර ලක් වේ. – මේ සියළු රටවල් අපගෙ ප්‍රශ්ණයේදී අපට විවිධාකාරයෙන් උදවු කල රටවලුයි, එමෙන්ම මේ සියල්ල වර්තමානයේ ධනවාදී රටවල්-)

  12. RAS said, on ජූනි 6, 2011 at 7:02 පෙ.ව.

    හෑබෑයි අරුනි අපේ රටේ සමාජවදය නෑ.
    ඵ්ත් අවුරුදු 65ක් තිස්සෙ ආන්ඩු දෙකම කලේ ඔය ඔයා පෙන්නපුන් සිද්දියම නේද?????????

  13. […] කෙසේදැයි අපිට මැනවින් පහදා දුන්නේ “දාස භාවයට යන පාර” ලියූ එෆ්. ඒ. හයෙක් විසිනි. අයින් […]

  14. mppgunasinghe said, on මැයි 15, 2016 at 9:23 ප.ව.

    මේ මට මග හැරී ගිය අගනා පෝස්ටුවක් මෙතනට මග පෑදුනේ අද කියනවන්න ලැබුණ පෝස්ටුවෙන්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: