පුද්ගල අයිතිය අගයන ජීවිත සහකාරයෙක් සොයමි
පින්තූරයට දාන පත්තර දැන්වීම එව්වෙ හිතවතෙක්. ඒක ගැන කියද්දී හිතවතියක් ඇය වෙනුවෙන් දැන්වීමක් දාන්න පුළුවන් දැයි ඇහුවා.
පහත මංගල දැන්වීම මුදල් අය නොකර පළ කරන්නකි.
එය සත්‍යයෙන් ම සහකාරයෙක් සොයන කාන්තාවක් විසින් එවන ලද්දකි. විහිළුවක් නොවන බව කරුණාවෙන් සලකන්න.
මේ තැනැත්තිය බ්ලොග් ලියන අය අතර ඉන්නා අයෙක් හෝ ආරූඪ නාමයකින් වත් කමෙන්ට් දාන්නේ නැති අයෙකි.
දැන්වීම මෙසේය:
“වයස 42 වියැති, වරක් දික්කසාද වී ඇති (සැමියා වෙනත් කාන්තාවක් සමඟ ගිය නිසා), තරුණ වියේ එක දියණියක් සිටින, සිංහල, ගොවි, බෞද්ධාගමික මම ජාති, කුල හෝ ආගම් භේදයකින් තොරව පිරිමියෙක් සොයමි. දික්කසාද වූ අය හා දරුවන් සිටින අය ද ප්‍රතික්ෂේප නොකෙරේ. සොයන්නේ 42-47 ත් අතර වයසැති පිරිමියෙකි.
පිටරටවල වාසය කර/සංචාරය කර ඇතත් දැන් මා පදිංචිය ලංකාවේ ය.
ව්‍යාපාරයන් දෙකක සම්පූර්ණ අයිතිය මට ඇත. සොයන්නේ මුදල් ඇති/නැති බව නොවේ.
මා ලද අධ්‍යාපනය උසස් පෙළ දක්වා පමණි. සොයන්නේ උපාධි ඇති/නැති බව නොවේ.
පියකරු වෙමි. රූමතියක් නොවේ.
පැහැපත් වෙමි. හම රන්වන් පාට නොවේ.
සොයන්නේ අරුණි අක්කා කියන පුද්ගල අයිතිය හඳුනන අයෙකි.
අවංක, විනෝදයට කැමති, මස් මාංශ අනුභවයට කැමති, එළවළු අනුභවයට ද කැමති, මත්ද්‍රව්‍යයට අකමැති, සිගරට් බොන්න අකමැති, ඉඳ හිටක මත්පැනක් කට ගෑවාට කම් නැති, නමුත් මටත් මත්පැන් කාට ගාන්න යැයි බල නොකරන, සංගීතය හා චිත්‍රපටි බැලීම ප්‍රිය කරන, දෙමාපියන්ට වැඩිහිටියන්ට හා දරුවන්ට සලකන, ලංකාව තුල ට්‍රිප් යන්නට හා පිටරටවල සංචාරයට යන්න කැමති, ලෝකය ගැන දැනගන්නට කුතුහලයක් ඇති, පරිසර හිතවාදී වූවෙකි.
අරුණි අක්කා කියා ඇති සේ මට මෙසේ පොරොන්දු විය හැකිය: ඔබට දෙවියන් දුන් තෑග්ගක් ලෙසින් ඔබ මට සලකනවා නම් මම ඔබට දෙවියන්ට මෙන් සලකන්නෙමි.
සියළු විමසීම්: seekingcapitalistman@gmail.com
මේකට comment දාන්න තේරෙන්නෙ නැහැ.
අරුණි අක්කේ ඔයා ලියන ලිපි ගොඩාක් කියෙව්වත් කමෙන්ට් දාලා නම් නැ මම එත් පලවෙනි කමෙන්ට් එක විදිහට මේක දාන්න ලැබුන එකත් හොදයි.. ඔය හොයන කෙනෙක්ව එයාට ඉක්මනටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
සීරියස් දැ?
ඇන්ටි ට [කොලුවන් අතර සම්මත ඇන්ටි භාවයේ පදනම 35 පැනීම මිස සාපේක්ෂ වයස නොවේ] ට්‍රයි එකක් දෙන්න නම අවුරුදු දහයක් විතර හිඟයි. වෙන අඩු පාඩුත් ඇති.,
අයට හමුවන “පුද්ගල අයිතිය හඳුනන” කෙනාගේ පුද්ගල අයිතිය වැළලී යන්නට ඉඩ ඇති බව හිතුනේ [[මත්ද්‍රව්‍යයට අකමැති, සිගරට් බොන්න අකමැති, පරිසර හිතවාදී]] වගේ කතන්දර නිසා. මොකද තවම තියෙන සම්මතයේ හැටියට [සීමිත ව] මලක් ගැසීම, බටක් ගැසීම, හා පරිසරය කාබාසිනියා කිරීම [මා පුද්ගලිකව අකමැති දේවල් වන නමුත්] පුද්ගල අයිතීන් වේ. ඉතින් පුද්ගල අයිතිය ගරු කරන ඇය, වරින් වර වෙනස් වන්නට ඉඩ තියෙන අනිකාගේ ඉහත සඳහන් පුද්ගල අයිතීන් වලට වැට බඳීන්නේද?
අරුණි අර උඩ ඉන්න ඇඩ් එකේ බුවා ගැන මට ඇත්තේ පට්ට දුකකි. ලෝකයේ වැඩියෙන් ම රැවටෙන්නේ මෙවැනි ගොන් තඩියන් ය. සින්ඩරෙල්ලා වැනි සහමුලින් ම අතාත්වික චරිත වලට ලව් කිරීමත් මිට වඩා අගෙයි. මොකද ඔහු යම දිනයක බඳින්නේ තමන් එවැනි යයි බොරුවට රවටන චරිතයකි. බැන්දාට අපසු මේ වගේ පුස් චරිත බිරිඳ ඉදිරියේ නගුට වනන හැටි බොහෝ විට මා දැක තිබේ.
කොළඹ ඉස්කෝලෙක ඉගෙන පිටරටක [පෙරදිග පිහිටි බටහිර රටක] කලක් හුන් කල වයස පැන්න මිතුරෙක් නිතර ලංකාවට ආවා කසාදයක් කර ගන්න. තිස් ගණන වල මැදත් පැන්න නිසා මාත් ඉතින් මිතුරු කැක්කුමට ට්‍රයි කොලා මගුලක් සෙට් කරන්න. ඉතින් මං ඇහුවා ක්‍රයිටිරියා එක. පොර කිව්වා ඉස්සර මං ස්ට්‍රික්ට් හැබැයි දැන්නම් මාර ලිනියන්ට් කියලා. මං කිව්වා මොනවාද හැලුවේ කියලා. බැලින්නම් මෙන්න හලපුවා. “ජොබ් කලාට කමක් නැහැ”, “කලිසම් ඇන්දට කමක් නැහැ” අනේ දෙයියනේ හද්ද පිටිසර කෙල්ලනුත් කලිසන් අඳින මේ ලංකාවේ පොර කලිසම පාස් කොලේ රතු එළියත් පත්තු උනාම. මං නම ඔහොම කෙල්ලන් දන්නේ නැහැ. මං කට වහ ගත්ත.
ඌත් බැන්දේ සාමාන්‍ය කෙල්ලක්. දැන්නම් අතීත සිංහ පාට් අමතකත් ඇති.
සිහ් . . . . අරුනි අක්කා . . . . ඇඩ් එක නං හරි . . . . ඇඩ් එක දාපු කාලෙ නං වැරදී
අනේ මේ මොකද්ද අක්කේ මේ හරුපේ?
පුද්ගල අයිතිය හඳුනන අය අඩුයි
අරුණි.. මේ දැන්වීම මමත් දැක්ක. මම මුලින් හිතුවෙ විහිළුවක් කියල. විහිළුවකට කවුද දාස් ගානක් වියදම් කරන්නෙ ?
නීති ප්‍රශ්නයක් නිසා අප ගෙන ගොස් දෙන දැන්වීම් කපන්නේ කොටන්නේ නැතිවම එහෙම්ම පිටින්ම පළ කරනවා.
මුද්‍රණ දේෂයක් නිසා මංගල යෝජනා පිටුවේ , “රජක කුල” කියන එක තිබුණේ “රජ කකුල” කියල.. ඒ වගේම තවත් ” එකක බොදු කරාවේ, උගත්” කියන එක වැටිල තිනේ ” කරාටේ උගත්” කියල. ඒ වගේ වැඩත් වෙනව.
ඔබේ දැන්වීමට කැමති අයෙක් වේ නම් මම නොපමාව දන්වන්නම්.
පට්ට ආතල් කතාව… 😀
හික්ස්..
දැන්වීම දමපු කෙනා ට ගැලපෙන කෙනෙක් හොයා ගන්න ඇමසන් වනාන්තරය පීරන්න වේවිද මන්දා..
දැන්වීමේ දක්වලා තියෙන්නෙ දැන්වීම දැමූ කෙනාට අවැසි තරම් නිදහසක් දෙන, තමන්විසින්ම තමාව සමාජයෙන් ඈත් කරගත් කුස්සිඅම්මා කෙනෙකු වගේ කෙනෙකු අවැසි බව වෙන්ටැ. වර්තමාන සමාජයේ ජීවත් වුවත් මනසින් තවමත් 1940 ගනන්වල ජීවත් වෙන පිරිමි අපි අතර තවමත් ඉන්නවා.. ඒ අය ඉතින් තමන්ගේ කියා මවාගත් ලෝකයක අසාර්ථක ජීවිත ගත කරන අතරම තවත් අයගේ ජීවිත අසාර්ථක කරන්න උත්සාහ ගන්නවා…
අර කියාපු තරුන වයසේ දුවට මං ගැලපෙයිද දන්නැ
මරු දැන්වීමක් නෙ නංගියේ මේ. මේ වගේ පුද්ගල අයිතීන් ගැන සලකන කෙනෙක් කවදා හොයා ගන්න පුලුවන් වේවිද?කියලා දන්නේ නම් නැහැ. අද ගොඩක් දෙනෙක් මේවා ගැන කතා කරන්නේ පුවත් පත් වල විතරමයි. ක්‍රියාවට ආවහම දහසක් තහංචි. මෙහෙම කට්ටිය මට මේ වගේ කෙනෙක් ඕනෑ, මම සොයන්නේ මේ වගේ ගතිගුණ ඇති අයෙක් කියල නොයෙකුත් දේ ඉල්ලනවා තමන් ලග දහසක් වැරදි තියාගෙන අනෙක් කෙනාගෙන් උපරිම හොද බලාපොරොත්තු වෙනවා. අපි කවුරුත් වැරදි කරනවා. කරන්නට තියෙන්නේ අපි අනෙකා අනුව හැඩ ගැසීමයි. ඔහුට සරිලන ලෙස හැඩ ගැසුනොත් විවාහ ජීවිතය තරම් සුන්දර නවාතැනක් කොහේ වත් නෑ.
ඇනේ ඇත්තමයි අරුණි අක්කේ අර පත්තරේ තිබුනු ඇඩ් එක දාපු ජාතියේ මනුස්සයොත් ඉන්නවනේ.
ඒ මනුස්සයා ඇත්තෙන්ම මානසික රෝගියෙක්.
කසාදයක් කර ගන්නවට වඩා මිනිහා මානසික රෝහලකින් ප්‍රතිකාර ලබ ගත්තානම් හොඳයි.
නැතිනම් බැරි වෙලාවත් ඔය කිව්ව ජාතියේ මානසික රෝග ලක්ෂන තියෙන ගෑනු කෙනෙක් සෙට් වෙලා බැන්ඳොත් කොහොමට හිටීද?
මානසික රෝගීන් එකෙක් හරි පිරිසක් එකතු වුනාම සිද්ද වෙන විනාස අපි දවස ගානෙ පත්තර වලින් හිටන් දකිනවනේ . .
අර කාන්තාව සොයන ජාතියේ මිනිස්සු හොයන්න නම් කිසිම අවුලක් වෙන එකක් නෑ . .
තමන් හැදුනු පරිසරයේ කොටු කරල තිබ්බ රාමුව බිඳගෙන 21වෙනි සියවසේ විදිහට ජීවත් වෙන්න කැමති මම දන්න මිනිස්සු ගොඩක් ඉන්නවා.
ඇගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා.
@දුකා;
පිස්සුද බං. ඕකා බැඳ ගත්තට පස්සේ ගෑනි ගැනත් ඔහොම ඉමජිනේෂන් එකක් දාගෙන ඔන්න ඔහේ ඉඳියි. ඔය විදිහට ජාතිය ආගම වගේ දේවල පාරිශුද්ධත්වය ගැන තමන් රවටගෙන ඉන්න මිනිසුන් ඉන්නවා.
අර පත්තරේ දැන්වීම දාපු බමුණට කාල යන්ත්‍රයක් හොයාගෙන පුරාණ ඉන්දියාවට යන්න වෙයි. උන්ද නම් ජීවිතේට බඳින්නේ නැහැ . සමහර විට බැඳලා පුස් පැට්ටෙක් වගේ කීකරුව ඉඳියි.අපේ නෑනා නම් මදුරුවෝ මරන්නේ නැහැ . හැබැයි හොස්ටල් එකේ හිටිය දොස්තර විභාගේ ගන්න . ඉතින් එකත් හරි නොයයි. අරුණිගේ දැන්වීම ගැන කියන්න තියෙන්නේ ඔය කපුකම් බෙල්ල ගහල යන වැඩ .
ඔබ පුරාන ඉන්දියාව ගැන හිතන හැටි වැරදියි. ඔය අර විශාඛාව විසින් ගොනාට අන්දවන ලද මතයක් නේ. ගස් නැගලා දිවුල් කාපු පට්ට කෙල්ලෝ ඉඳලා තියෙන්නේ.
මං දැනුයි දැක්කේ මේ දේශීය මහත්තයා කරන්නේ ඇයි ටී කියලා. ඉතින් උන්නැහේට පුළුවන් නේ පර සුද්දගේ විජාතික බයිනරි ලෝගික් කොම්පියුටරේ බල්ලට දාලා වෙනස් ම දේශීය කොම්පියුටර් වලින් වැඩ කරන්න.
කන්න ඕන උනාම නම බටහිර කබරගොයත් දේශීය තලගොයෙක් වෙන පාටයි.
පරදේශකාර විවාහ චාරිත්‍ර කියල මෙයා අදහස් කොරන්නේ මොකද්ද?අද අපි සාම්ප්‍රදායික කියල ගන්න වෙඩිමක ඔය කියන දේවල් අයින් කරොත් ඉතුරු වෙන්නෙ මොනවද කියලා හිතා ගන්නත් ටිකක් අමාරුයි.පෝරුවත් පොෂ් වෙලානෙ. අනේ මංද ඇයි ටී කොරන මහත්තයට මොලේ මොකක් හරි වැඩිවෙලාද කොහෙද? අනික අර නැන්දා,හොයන කෙනා මොනව ගැන බලාගෙන එයිද මන්දා?
මාර දැන්වීමක්නේ. මම ඒක ඉස්සල්ලාම දැක්කෙත් නෑ. ඔය පුද්ගලයානම් හොයාගන්ටම වටිනවා.
මම මේ කල්පනා කලේ පොඩ්ඩිගේ ගැන ඇඩ් එකක් දැම්මොත් කොහොම හිටීද? ඉවීමට නොහැකි, කෑම රොස් කරන, නැටීමට කැමති, තමාගේ නිදහස අගය කරන, …මැවිලා පේනවා කට්ටිය දුවගන එන හැටි.
මරු මරු…ඔයා දැන් කපුකමුත් කොරනවයැ…..අනේ වාසනාවන්….
ඇතුවත් බැරි නැතුවත් බැරි මාර මගුලක්නෙ බොලේ මේක….! මමත් ඔය මගුල් ගැන කතාවක් ලිව්වා ඔය බංගල දැන්වීම් තීරුව පොඩ්ඩක් අධ්‍යණය කරලා.
බලාගෙන ගියාම, ඒකත් හරියට අර ප්ලේන් එහෙක යන්න තියෙන ආසාව වගේ තමයි. පොලොවේ ඉන්න කන් හිතෙනවා “අනේ ප්ලේන් එහෙක යන්න තිබුනනම් කොච්චර හොඳදා” කියලා. ඊට පස්සෙ ප්ලේන් එක අහසට නැග්ග වෙලාවෙ ඉඳන් හිතන්වා “අනේ මේක බානෙ කොයි වෙලාවෙද ” කියලා.
අනේ ඉතිං ඔය දෙන්නටම ජීවිතේ ඉතුරු කාලෙත් ඔය උන්න වගේමනෙව ඉන්න වෙන්නෙ. එහෙම හිතෙනකොටත් දුකයි !
මටයි මුං බමුණ කිව්වෙ. මෙන්න නියම බමුණෝ! බමුණො නෙමෙයි බකමූණො…
දැං සුජීව අරුණි අක්කගෙ යාළුවට ඇන්ටි කිව්වනං ඒ යාළුවට අක්ක වෙන අරුණිට ආච්චි කියනවද (අවුරුද්දෙ දෙකේ වෙනසට ලඟ නෑයෙක් නෙමෙයිනං අක්ක නංගි කියන්නෑනෙ! )
හපොයි නැහැ. මං කොල්ලන්ගේ සම්මතයෙන් ඇන්ටි ඩිෆයින් කලේ. 35 පැන්නම ඇන්ටි නේ. සමහරවිට ඒක වැරදි ඇති. දැන් අපිට කොල්ලන්ගේ සම්මත භාවිතා කරන්න බැහැනේ.
සුජීව,
ගෑණු 35 පැන්නම ඇන්ටිනං ඒ මිම්මෙදී පිරිමි අංකල්ලා වෙන්නේ කීය පැන්නාමද? මේ පොඩි පොටක් පාදා ගැනීමේ උත්සාහයක් පමණි.
ඔච්චර හිතන්න එපා බං. ඔව්ව කොල්ලෝ කාපු බීපු වෙලාවලට පාරතොටේ කියන කතා නේ.
ඔන්න එහෙනම් අරුණි අක්කගේ ඇඩ් එකේ ඉන්න අක්කට මගෙන් සුබ පැතුම්.
mama ada thami aluthem awe. mana akkage lipi godak kiyewwa. niyamai.
සියල්ලන්ටම,
ස්තූතියි ප්‍රතිචාර සියල්ලටම.
අරුණි මොකද දිගු නිහැඬියාවක?