හවුලේ පවුල් කෑම කසිලිබිසිලියක් ද?
(I) අයෙකුට තනිවම යමක් කිරීම පහසුය. ප්‍රීතියක් ගෙන දෙයි. ඉහළින් ඉටු කිරීම නිසා තනිවම තෘප්තියක් ලබත හැකිය. (E) තවත් අයෙකුට තනිවම යමක් කිරීම අපහසුය. උදව්වක් නොකළාට ළඟින් කවුරු හරි ඉන්නවා නම් වැඩේ වඩා හොඳින් කරත හැකිය. තනිවම යමක් කරනවාට වඩා වැඩ අවුල් කරන අය සමඟ වුව ද එකතු වී වැඩ කිරීමෙන් තනිවම අවුල් නැති වැඩක් නිමා කර ලබන ප්‍රීතියට වඩා ප්‍රීතියක් ලබයි. හවුලක ප්‍රතිඵලයකින් ලබන තෘප්තිය යමක් තනිවම නිම කළාට වඩා වැඩිය.
මිනිස් ස්වභාවය සමාජයක ජීවත් වීමෙන් සතුටක් ලැබීම ය. නමුත් සමාජයෙන් සතුටක් ලබන ආකාරය අතින් මිනිසා ප්‍රධාන වශයෙන් දෙයාකාරයට හැසිරෙති. (E) අනුන් නිසා ජවය ලබන හා (I) අනුන් නිසා ජවය හිඳී යන ස්වභාවයන් ද්විත්වය ඒ ප්‍රධාන බෙදීම වෙයි.
හෙට දිනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා සෙනඟ ගැවසෙන ගුවන් පර්යන්ත තුලින්, මඟීන් පිරි ගුවන්යානයේ හිර වී සිටි දිගු ගමනකින් පසු හෝටලයට වැදි විගස අයෙක් හඹා යන්නේ පිටත කලබල සියල්ල වසා දමත හැකි නිහඬ කාමරයකි. ඒ අනුන් නිසා ජවය හිඳී යන්නා ය (I). ඔහුට නිහඬව කාමරයේ රැඳී සිටීමෙන් හිඳී යන ජවය නැවත වඩවා ගත හැකිය. ඉන්පසු අනුන් හා ගැවසීම ප්‍රතිඵල ගෙන දෙයි.
ඉහත සේ දිගු ගමනකින් පසු හෝටලයට පැමිණි අනුන් නිසා ජවය ලබන අයෙකු (E) හෝටලයට ගොඩ වූ විගස සොයා බලන්නේ තමන් දන්නා හඳුනන තව කොයි කවුරුන් එහි පැමිණ ඇත්දැයි කියා ය. හෝටල් අවන්හලේ දැක පුරුදු අයෙක් ඉන්නවා ද කියාය. එසේත් නැත්නම් අළුතින් කවුරුන් හෝ හැඳිනගෙන කතාබහින් කාලය ගෙවන්නට එවැන්නා උත්සාහයක් ගනියි. අනුන් නිසා ජවය ලබන්නාට කල්ලියක් නොගැවසෙන තැනක දී ජවය හිඳී යයි. ඒ නිසා ඔහු නිතරම පිරිස් ගැවසෙන ස්ථානයන් සොයා ගොස් ජවය වැඩි කරගෙන වැඩි ප්‍රතිඵල ලබා ගනියි.
මෙය ගැහැණු පිරිමි භේදයකින් තොරව දකිත හැකි මිනිස් ස්වභාවයකි. දානේ ගෙයක, දන්සැලක අනුන් හා එකතුව වෙහෙස වන ජවය ලබන කාන්තාවන් හා එවැන්නකට දායක වන්නට වීමෙන් ජවය හිඳී යන කාන්තාවන් අප අතර සිටිති.
මින් අදහස් කරන්නේ තමන් (E) හෝ (I) යන ලක්ෂණයෙන් යුතු යැයි කියා පැත්තකට වී සිටීම හෝ නිතරම අනුන් වට කරගෙන සිටීම නොවේ. තමන් විසින් ජවය ලබන හා ජවය හිඳී යන ආකාරය ගැන මඳක් අවධානයෙන් සිටීම මඟින් තමන්ගේ වැඩි ප්‍රතිඵලදායක බවට එය හසුරුවා ගැනීමයි.
තමන් අනුන් නිසා ජවය හිඳී යන අයෙක් නම් නිතර ඒ ගැන අවධානයෙන් සිට ජවය හිඳී යද්දී හුදකලා වී ජවය නැවත වඩවා ගෙන සමාජයට එකතු වීමෙන් තමන්ටත් අනුන්ටත් ඵලදායක විය හැකි බව අවබෝධයෙන් එය හසුරුවා ගත හැකියි.
තමන් අනුන් නිසා ජවය වඩන කෙනෙක් නම් හුදකලා වන්නට සිද්ධ වුවහොත් එයින් ඇතිවන කසිලිබිසිලි (anxiety) බවින් සිත් පීඩා විඳිමින් නොසිට තත්වය තාවකාලික බව වටහා ගැනීමෙන් එය හසුරුවා ගත හැකියි. ඉක්මණින් නැවත අනුන් හා එකතු වන්නට හැකි බව අමතක නොකිරීමයි.
අනුන් නිසා ජවය වඩන දෙන්නෙක් එකතු වූ කල ඔවුන් නිතරම අනුන් හා ගැවසී ප්‍රීති වෙති.
අනුන් නිසා ජවය හිඳෙන දෙන්නෙක් එකතු වූ කල ඔවුන් නිතරම හුදකලා වී ප්‍රීති වෙති.
නමුත්, හවුලේ පවුල් කද්දී අයෙක් අනුන් නිසා ජවය වඩන්නෙක් වෙද්දී අනිකා අනුන් නිසා ජවය හිඳී යන්නෙක් වන්නට ඉඩ ඇත. ගැටළු පැන නඟින්නේ මෙවැනි දෙදෙනෙක් හවුලේ පවුල් කද්දී අනිකා ද තමන් සේ යැයි සිතීම නිසා ය. දෙදෙනා දෙයාකාරයකින් ජවය වඩන බව නොදැකීමෙන් හෝ පිළි නොගැනීමෙන් ඇතිවන කසිලිබිසිලියෙන් පවුලේ හවුලෙන් කිසිවෙක් ප්‍රීතියක් නොලබති.
ගැලපෙන අයෙක් හොයද්දී අයෙක් හොයන්නේ මොනවා ද? සොයන්නාට සම්බ වෙන්නේ ද හොයන දෑ ය!!
මිනිස් ස්වභාවය සහමුලින් වෙනස් කරත නොහැකි බව පිළිගන්නට කැමති අය, ඒ ඒ මිනිස් ස්වභාවයන්ට අනුව තමන් ගණුදෙනු කරන්නට සූදානම් ද යන්න විමසිය යුතුය. හවුලක් පටන් ගැනීම සඳහා ගණුදෙනු කරන්නේ කෙසේදැයි නොදන්නා අය තමන්ට ලැබිය හැක්කේ වධකාරී භාර්යාවක් හෝ බමුණු පුරුසෝත්තමයෙක් පමණක් යැයි සිතමින් නැතහොත් තෝරා ගැනීමක් ලොව නැතැයි සිතමින් කසිලිබිසිලියෙන් ජීවිතය ගත කරති.
ලංකාවේ හුදකලා වන්නට අකමැති අයට එකතු වී සතුටු වන්නට lonely hearts නම් වූ සංවිධානයක් ඇති බව දැන ගන්නට ලැබුණි. වැඩියෙන් එහි හමුවීම් සඳහා යන්නේ ද පිරිමින් බවත් දැනගන්නට ලැබුණි. එය ලාංකික සමාජීය ආකල්පයන් නිසා ද? නැත්නම් වැඩියෙන් lonely hearts ඇත්තේ ලංකාවේ පිරිමින් ට ද? නැත්නම් වැඩියෙන් අනුන් නිසා ජවය වඩන්නේ ලංකාවේ පිරිමින් ද?!!
මගේ මොලේ කොලොප්පං. මේ E සහ I දෙක තේරෙන්නේ නෑ!
Extrovert? and Introvert?
මම (I) වර්ගයේ වගේ…. ඒත් කොහොම ද මේ අන්තිම හරිය එහෙම වුනේ..මං අහන්නේ. මෙන්න මේක ගැන.
// හුදකලා වන්නට අකමැති අයට// හුදුකලා වන්නට අකැමිති නම් කොහොම ද ලෝන්ලි හාට් වුනේ…..
හැබැයි මං දැකල තියෙන දෙයක් තමයි. හුදකලාවෙ දි ජවය වැඩි වෙන අය , ලියන කියන වැඩ වලට දක්ෂ බව…චිත්‍ර අඳින්න, ලියන්න, කියවන්න එයාල කැමතියි (වගේ)
සොඳුරු සිත,
මම ඒ පැත්තට යද්දී ඔයා මෙහෙ!!
හුදකලා වන්නට අකමැති වූ පමණින් ගැවසෙන්න අය හමුවෙන්නෙ නැහැනෙ. ආරාධනාවක් නැතිව සාදයකට යන්න බැහැ කොච්චර ඕනකමක් තිබුණත්.
මම දැකලා තියනවා හැම තිස්සෙම පිරිසක් වට කරගෙන ඉන්න ලියන කියන වැඩ, චිත්‍ර අඳින්න එහෙම දක්ෂයෝ. ඒ දස්කම් I හෝ E මත වර්ගීකරණය හැම විටම සාධාරණ නැහැ.
මිනිස් ස්වභාවය තමයි නිතරම වර්ගීකරණය කරන්න ගියාම ව්‍යතිරේකයක් දැක්වීම!!!
හවුලේ පවුල් කෑමෙන් කසිලිබිසිලි කෙසේ වෙතත් කැසිලි-බිසිලි සෑදීමට ඉඩ ඇත. මක් නිසාද අප හවුලේ කන අය වෙනත් අය සමහද හවුලේ කනවා විය හැකි නිසාය.
kathandara karaya,
අපි නම් එකඟතා ගිවිසුම් ගහන්නෙ එහෙම නොකරන අය එක්ක. අහුවුනොත් දොට්ට දාන්න අයිතිය දෙපැත්තටම දීලා.
Myers-Briggs Personality types.
වැඩි විස්තර සඳහා මෙහි බලන්න.
ටෙස්ට් එකක් කරගන්න අවශ්‍යනම් මෙහි බලන්න.
කලින් ලින්ක් එකේ වැරැද්දක්.. Myers-Briggs ටෙස්ට් එකක් සඳහා මෙහි බලන්න.
මට නම් ගොඩාක් වෙලා සෙනඟ අස්සෙම හිටියොත් එපා වෙනවා (මම් හිතන්නේ ගොඩක් අයට එහෙමයි) ඒ වගේ එපා වෙලා ඉන්න වෙලාවටනම් තනියම කාමරේකට වෙලා ඉන්න එකෙන් මාර නිදහසක් දැනෙනවා. ඒ වගේම කට්ටියක් එක්ක ඉන්න වෙලාවටත් එයාලත් එක්ක එකට වැඩ කරනවා.
මම නම් තනියමනම් මෙහෙමයි! කට්ටියත් එක්කනම් එහෙමයි! (කෝකත් එකයි)
එතකොට මම Iද Eද?
පූසා,
ඔයාට තනියම කාමරේට වෙලා ටිකක් ඉන්න එකෙන් මාර නිදහසක් දැනෙන කෙනෙක් නම් එයින් ලබන ජවය වැඩීමෙන් තමයි කට්ටිය එක්ක සතුටින් ඉන්න හැකියාව ලබන්නෙ. ඒ කාමරේට වෙලා ටිකක් ඉන්න හැකියාව නැති වුනොත්, හැම තිස්සෙම පිරිසක් මැද ඉන්නට වුනොත් ජවය හිඳී යන්න පුළුවන් කම තියන නිසා ඔයා E නොවී I ගණයටම අයිතියි. ඒකෙන් කියන්නෙ සමාජයෙන් ඈත් වෙන්න කැමති අයෙක් කියන එක යැයි සමහරු වරදවා හිතනවා. එහෙම හිතන එක වැරදියි. සමාජයෙන් ඈත් වී සිටීම සහ ඉඳහිටක විවේකයක් ගැනීම වෙනස්.
රෙස්ලින් බලන්න ඔනෑ නම් මෙහෙට එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com/
අනේ මන්ද මමනම් I + E. ඊට අමතරව alphabet එකෙ නැති මොකක්දෝ අකුරකුත් වගේ වෙලාවකට…
Gimhani,
//මිනිස් ස්වභාවය තමයි නිතරම වර්ගීකරණය කරන්න ගියාම ව්‍යතිරේකයක් දැක්වීම!!!// 🙂
මට නම් මම ගැන හීනෙකින්වත් නොහැගුන හැගීමක් පිළිබද පළ කෙරුනු ලිපියක්. මම හිතන්නෙ මම හුදකලාව විසීමට කැමති කෙනෙක්.
Hishan Melanga,
හරි වැරැද්දක් නැහැ. හුදකලාව විසීමට කැමති වුනාට සමාජ ආශ්‍රයත් යම් තරමකට (අතේ දුරින් = පරිගණකයේ දුරින්!!) ප්‍රිය කරන නිසානෙ මෙවැනි තැනකට පිවිසෙන්නෙ නේද?!!
සෑහෙන ප්‍රශ්න වැලකට අඩිය තියන්න පුළුවන් පැනයක්? ඔව්. සමහර විට ඔබ කියන දෙයත් එක් හේතුවක් විය හැක.
සැහෙන්න වැදගත් පෝස්ට් එකක්. හිතන්නට කරුණු තිබේ.
බාහිර කාරනාවක්. කසිලි බිසිලිය කියන වචනේ anxiety වචනයට ගැලපෙන්නේ නම් නැහැ. මං දන්නවා ඔබ ශබ්දකෝෂයකින් බලන්න ඇති බව. ඇඟට තේරෙන හැටියටයි මං කිව්වේ.
සුජීව,
ශබ්දකෝෂ දෙකක් බැලුවා. අනිත් වචන වලට වඩා ‘කසිලිබිසිලිය’ වඩා සුදුසු යැයි මට සිතුණ. මන්ද anxiety තත්වයක ඇත්තේ නැතිවූ යමක් ගැන රිදුම් දීමක් නොව පවතින තත්වයක් ගැන ඇති නොඉවසුම් දෙන්නා වූ කලබල ගතියකි.
මම නම් ඔය දෙකටම කැමති කෙනෙක්. අවශ්‍ය වෙලාවට තනියමත්, අවශ්‍ය වෙලාවට ඕනෑම පිරිසක් එක්කත් ඉන්න පුලුවනි.
වයස අවුරුදු 38 පැන්නාම පිරිමි ඉබේටම lonely hearts ගොඩට වැටෙනවා කියන්නේ ඇත්තද? ඒ ගොල්ලන් එච්චරටම තනියෙන් ඉඳලා පුරුදු වෙලාලු. ඒ අය lonely hearts සංගම්වලට ඉතින් මොකට යනවද කියලා තේරෙන්නේ නෑ තනියම නොඉඳ???:D
praveena,
දෙකටම කැමති නම් ඒ කියන්නෙ I අයෙක්. තනිවම ඉන්න E අයෙකු කොහොමටත් කැමති නෑ. කරන්න බෑ හිත කසිලිබිසිලියි!!
සමහර විට තනියම ඉන්න පුළුවන් කියලා හිතුවට ඉන්න බැරි නිසා වෙන්නැති ඔය සංගම් වල උත්සවයන්ට යන්නෙ.
සමහර අය එක්ව සිටීම ප්‍රිය කරති. සමහර අය තනිව සිටීම ප්‍රිය කරති. මම නම් මේ දෙකම ප්‍රිය කරනවා. වෙලාවකට තනියම මගේ නිර්මාණ වල යෙදෙනවා. කට්ටිය සමග විනෝද වෙන වෙලාවට එහෙමත් සතුටු වෙනවා. තව කල් යනකොට ජීවිතේ තනිකමත් විදින්න වෙයි, නේද? කියලා හිතෙන වෙලාවලුත් අනන්තයි. මේ හැම දෙයක් අතරේම සොඳුරුව ජීවිතේ දිහාබලන්න පුරුදු උනොත් නංගියේ හරි නේද?
මේ කසිලිබිසිලි කාරයන් නම් ඒ තරම් අල්ලන්නේ නැහැ. ඒ අය අවස්ථාවාදියො කියල හිතෙන්නේ. lonely hearts සංවිධානය ගැන වැඩි විස්තර සොයා බලා ඒ තැන්වලින් කෙනෙකුට මනසට සහනයක් දෙනවනම් ඒහැටි වරදක් නෑ කියල මට හිතෙන්නේ.
chandi,
ආයුබෝවන් චන්දි!
කළින් අයට කියපු විදියටම තමයි, දෙකම ප්‍රිය කරනවා කියන්නෙ I අයෙක් බවයි. මන්ද, තනිවම ඉන්න බෑ E අයෙකුට කිසිම විටෙක සිත කසිලිබිසිලියක් තොරව.
ඔව්, ජීවිතය දිහා සොඳුරුව බලන්න හැකි නම් අක්කේ ඒ තරම් වටිනා දැයක් අපිට වෙන ලැබෙන්නෙ නැහැ.
මෙතැන දී ‘කසිලිබිසිලි’ කියන්නේ හිතේ පවතින තත්වයක්. කෙනෙකුගේ වරදක් නොවේ. එය ස්වභාවික වූ මිනිස් ස්වභාවයක්. හරි වැරැද්දක් නැති තත්වයක්. ඒ මිනිස් ස්වභාවය ඇති අයට තනියම ඉන්න බැහැ. ළඟපාතක කවුරු හරි ඉන්නම ඕන. පොඩි ළමයෙක් හරි ලොකු අයෙක් හරි එහෙම වුනාම ‘අවස්ථාවාදියෙක්’ යැයි අපි සිතීම වැරදියි. මන්ද එය ඒ පුද්ගලයාගේ ස්වභාවික තත්වය.
දන්න තරමින්, lonely hearts සංවිධානය ඉලක්ක කරන්නෙ තම කැමැත්තෙන් පුද්ගලයන් අඳුන ගන්න කැමති අයට රැස්විය හැකි සාදයක් සඳහා අවස්ථාවක් ලබා දීම. ඊට යන අය තම තමන් විසින් ඇසුරු කරන අය අවස්ථාවාදියෝ ද නැද්ද යන්න ගැන වගබලා ගන්න ඕන වෙන සමාජ කටයුතු වල දී හඳුනාගන්න හැකිවෙන අය වගේම තමයි ඒක නම්.
මටත් හිතෙන්නේ මම (I) වගේ. වටිනා ලිපියක්.
මැණික්
manik,
ස්තූතියි මැණික්.
ඔය තත්වය සත්ව ලෝකයේ ගොඩක් දකින්න පුලුවන්.උදාහරණයක් විදියට සිංහයා (පිරිමි) I වර්ගයේ වුනාටගැහැනු සතා ඊ වර්ගයට අයිති වෙන්නෙ.හැබැයි සත්තු ගත්තත් මිනිස්සු ගත්තත් ඔය තත්වයේ මේ විදියේ වෙනසක් තියනවා. ඒ තමයි සමාජ ආශ්‍රය හා පවුල් කෑම කියන කාරණා දෙක සම්බන්ධව දෙවිදියකට ප්‍රථිචාර දැක්වීම. විවාහක පිරිමි ගොඩක් කැමති තමන්ගෙ පාඩුවේ නිදහසේ ඉන්න. සහකාරියගේ සමහර දේවල් කරදරයක් විදියට දකිනවා. නමුත් යාලුවො අතරෙ ගැවසීම කියන කාරනයේදී ඔවුන් ඊ වර්ගයේ. කාන්තාවන් ගත්තොත් ඔය කාරණා දෙක සම්බන්ධයෙන්ම ඊ වර්ගයේ අය. (මමත් ඔය කාරණා දෙකට දෙවිදියට ප්‍රතිචාර දක්වන කෙනෙක්)
රාජ්,
ආයුබෝවන් රාජ්!
දෙපැත්තටම අයිති වෙන්න බැහැ. ඇයි කියලා අනිත් අයට දාපු උත්තර වලින් පැහැදිලි වෙයි නේද?
//විවාහක පිරිමි ගොඩක් කැමති තමන්ගෙ පාඩුවේ නිදහසේ ඉන්න.// හැම පිරිමියාම එහෙම නැහැ. සමහර විට හැම තිස්සෙම කන් කෙඳිරි ගාන භාර්යාව ඉන්න තැනින් අයින් වෙලා පාඩුවේ ඉන්න තැනක් හොයනවා වෙන්නැති!! නමුත් කිසිවෙකුත් නැතිව හැම විටකම තනිවම ඉන්න අකමැති පිරිමි අය ඉන්නවා. මේක පිරිමි ගෑණු අතර දකින විවිධත්වයක් නොවේ. දෙගොල්ලන් ම අතරින් දැකිය හැකි වූවක්.
සිංහයන්ට හැම පිරිමියෙක් ම සමාන කරන්නත් බෑ නේද?!! මගෙ සුදු අප්පුහාමි නම්, ධේනුව කෑම හොයාගෙන එනතෙක් බලා නොසිට, බොහොම වෙහෙස යොදවලා කන්න බොන්න හොයාගෙන එන්නෙක්!!
අරුණි අක්කගේ ලිපිය අද මම තවත් වරක් කියෙව්වාම මට හිතුනා මම ඉන්නෙ E එකේ වගේ . එත් මම හුදකලාවත් ප්‍රියකරන කෙනෙක්. දවසේ මොනයම් වෙලාවක හෝ මට හුදකලා විය යුතුමයි.
Gimhani,
E අයට කිසි අවස්ථාවක හුදකලා වන්නට දුෂ්කරයි. //දවසේ මොනයම් වෙලාවක හෝ මට හුදකලා විය යුතුමයි.// නම් I ම වෙනවා.
මෙහි දී I හෝ E දිහා බැලිය යුත්තේ එකක් හරි අනික වැරදි විදියට නෙමේ. එය ස්වභාවික මිනිස් ස්වභාවයන් දෙකක් පමණි.
ඉතා පුංචි කාලයක් හෝ හුදකලා වී ජවය වඩන නිසා සමාජය ප්‍රිය නොකරන සමාජය ප්‍රතික්ෂේප කරන අයෙක් වන්නේ නැහැ. වේදිකාවේ කතා පවත්වන්න දක්ෂ, ප්‍රේක්ෂකයන්ගේ අවධානය රඳවා ගත හැකියාව ඇති, යහළු යෙහෙළියන් අතර ගොඩක් ජනප්‍රිය අය ඉන්නවා සාදයක දී බැබළෙන නමුත් දවසේ කිසියම් අවස්ථාවක දී හුදකලා වන්නට ඉතා අවශ්‍ය අය. එවැන්නා I ම වන්නේ ය.
කිසිම විටෙක හුදකලා වන්නට අවශ්‍ය නැති අය ඉන්නවා. තනියම ඉන්නෙ නැතිව හැම දේටම, හැම තිස්සෙම කාව හරි හොයාගන්න අය. හිස් නිවසක තනිවම නිදා ගන්නත් අකමැති අය. ඒ අයට හුදකලා වුවොත් ඉතා කසිලිබිසිලි සිතක් ඇතිවෙන්නෙ. නොදන්න අය හරි හොයා ගෙන ගිහින් කතාබහට කැමති, දුරකතනයකින් හෝ තව කවුරුන් හා කතා කර කර ඉන්නට කැමතියි තනිවම ඉන්නවාට වඩා. එවැන්නා E ම වන්නේ ය.
මට නම් තාම හිතා ගන්න බැහැ මම ඉන්නෙ මොන ගොඩේද කියලා, මම කට්ටිය එක්කත් ඉන්න කැමතියි, ඒ වගේම කම්පියුටර් එක්ත් එක්ක ඉන්නත් කැමතියි ………………
ප්‍රශ්නයක් : හොඳට දෙන්නට දෙන්නා තේරුම් අරගෙන නම් ඔය ගොඩවල් දෙකේ ඉන්න දෙන්නෙකුට එකට අවුලක් නැතුව පවුල් කන්න පුලුවන්නේද?
කල්හාර,
ආයුබෝවන් කල්හාර!
දෙපැත්තෙම ඉන්න බැහැනෙ!! ඔයා පරිගණකයේ ඉන්ඳැද්දී සමාජ සබඳතා අඩවි වල වැඩියෙන් ඉන්නවා ද?
ඔව්, අනිකා කෙසේ දැයි තේරුම් ගනිද්දී එයාගෙ උවමනා කරදර නොව ස්වභාවික තත්වයක් බව දකින්න පුළුවන් නිසා අවුලක් නැති වෙන්නෙ ඒක පිළිගන්නවා නම් පමණයි. අපි ගොඩක් වෙලාවට ස්වභාවික තත්වය මෙයැයි දුටුවත් පිළිගන්න අකැමති වුනොත් ඉතින් ඵල රහිතයි!!!