හවුලෙන් බිඳී යන ග්‍රීක ශෝකාන්තය
යුරෝපා හවුලේ එකමුතුව සඳහා වන Charlemagne තෑග්ග 2011 දී පිරිනැමුනේ ප්‍රංශ ජාතික Jean-Claude Trichet වෙතට ය. ඔහු 2003 සිට European Central Bank හි සභාපතිවරයා වෙයි. ඔබාමාට දුන් නොබෙල් සාම තෑග්ග තිබුණු යුද අවසන් නොකර අනුන් පටන් ගත් අළුත් යුද්ධයකට එකතු වූ නිසා ආපහු ගන්නට ක්‍රම වේදයක් නැත්තා සේ, යුරෝපා හවුලේ එකමුතුවට Jean-Claude ට දුන් තෑග්ගත් ආපහු ගන්නට ක්‍රම වේදයක් නැත!!! ඒත් කරත හැකි එකම දැය දෙදෙනාවම තනතුරින් පහ කිරීම පමණි. ව්‍යාපාරිකයන් දෙදෙනෙක් දුන් පොරොන්දු කැඩුවා නම් නම් ඔවුන් සිරගත වනු ඇත!! එහෙත් මොවුන් කිසිත් දඬුවම් නොවිඳ තනතුරු වලට පමණක් යළි පත් නොවන්නට ඉඩක් තිබෙනුයේ සැලසුම් ගහනා අයට අපිම දී ඇති බලතලයන් නිසා ය.
යුරෝපා ග්‍රීක හවුලේ ශෝකාන්තයට ප්‍රධාන හේතු දෙකකි. ග්‍රීක ආණ්ඩුවේ වියදම් සහ එහි ශ්‍රමික නිදහස නොමැතියාව.
ග්‍රීසියේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 13% කට වඩා වැඩි fiscal deficit ආණ්ඩුවට තියෙද්දී මහජන ණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 115% කට වඩා වැඩි ය.
ග්‍රීක ආණ්ඩුවේ වියදම දළ ජාතික නිෂ්පාදිතයෙන් 46.8% වී ඇත. හැම දෙයක්ම ආණ්ඩුවේ සැලසුම් වලින් කිරීමෙන් සැමටම සුබදායක ලෙස සියල්ල තීරණය වේ යැයි බලා සිටි ජනතාවට එය එසේ නොහැකි බව අද දිනයේ ද අවබෝධයක් නැත. ඔවුන් දකිනුයේ තම ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නොව ජර්මනිය හා ප්‍රංශය තම ණය ආපහු ලබා ගන්නට හැකියාව මත දෙන බේරා ගැනීමේ මුදල් දෙන කොන්දේසි වල වැරදි ය.
ණය දෙන්නෙ ණය ගන්නාට වියදම් කරන්නට පමණක් නොවෙයි. දුන් ණයත් හා ඊට එකතු වූ පොලියත් ආපසු ලබන අභිප්‍රායෙනි. තවත් විදියකින් කියනවා නම් ඉන් ලාභ උපයනු පිණිස ය. ණය ලබන්නා තම තත්වය දියුණු කරගෙන ණය පියවනු ඇතැයි බලාපොරොත්තුවෙන් කරන ගණුදෙනුවකි.
ණයක් ගනිද්දී කොන්දේසි රාශියක් ණය හා කැටුව එයි. කොන්දේසි වනාහි ණය දෙන්නා ගේ ය. දෙන්නට ණය ඇත්තා දුන් ණය හා පොලී ආපහු ලබාගත හැකි කොන්දේසි ඉදිරිපත් කරයි. ණය ගන්නා කොන්දේසි අනුව ණය හා පොලී ගෙවත හැකිදැයි විමසිය යුතුය. එසේ නැතිව ණය ගන්නාට ණය ලබන්නට උකස් කළ සියල්ල අහිමි වෙයි.
ඒ පුද්ගලයන් ණය ගනිද්දී ය. රටක් ණය ගනිද්දී ණය ගණුදෙනුව කරන්නේ සැලසුම් ගහන්නෝ විසිනි. ඔවුන් උකස් කරන්නේ රට මිසක තම පුද්ගලික වස්තුව නොවේ. ඔවුන් ණය ගන්නා අරමුණ පාලන බලයේ සිටීම මිස රටේ දියුණුව ද නොවේ. පාලනය බලයේ සිටින්නට නම් ජනතාවට කැමති පරිදි ඔවුන් පඩි වැඩි කරන්නැයි ඝෝෂා කරද්දී ඒ වැඩි පඩි ඉල්ලන අය වෙතින් නිෂ්පාදනයක් වූවත් නැතත් පඩි වැඩි කළ යුතුය. රස්සාවල් නැතැයි කියා ජන ඝෝෂා කරද්දී ආණ්ඩුවේ රස්සාවල් මවා දිය යුතුය. නැත්නම් ජනතාව සතුටු කළ නොහැකිය. ඉතින් සැලසුම් ගහන්නෝ වෙත රට උකස් කරන්නට බලය දී එයාකාරයෙන් හදා වඩාගෙන ඇත්තේ රටේ ම ජීවත්වන ජනතාවයි.
ඔටුනු පැළඳි ලෝකය හිතාගෙන සිටින්නේ පුද්ගලයා හෝ රටක් ණය බරින් තියා ගත්තාම ඔවුන් යටත් කරගත හැකි හැකියාවක් ඇතැයි කියාය. එය මිථ්‍යාවකි. කොමියුනිස්ට් රටවල් සියල්ල සූරා කා වසර තිස් හතළිස් ගණනකට පසු හප විසි කළ සෝවියට් ක්‍රමය සැලසුම් කළ පිරිස එය වඩාත් ම හොඳින් වටහා ගත් අයයි.
හැම විටම ණයක් දිය යුත්තේ ණය ගෙවන්නට හැකියාව ඇති දක්ෂයන්ට ය. දුන් ණය සමඟ එකතු වූ පොලිය ආපහු ගන්නට ලැබෙන්නේත් එවැනි අයට ණය දීමෙන් ම පමණකි.
කල්පනා කර බලන්න. හැම දෙයක්ම ළඟට ගෙනැත් දීමට සිදුවන, හැම දෙයක්ම තමන් කියන තෙක් බලා සිටිනා සහකාරයෙක්/සහකාරියකට වඩා තමන් විසින් තම කටයුතු කරගත හැකි, හවුලේ දියුණුවට අදහස් ඉදිරිපත් කරත හැකි සහකාරයෙක්/සහකාරියක් වඩා සුදුසු නැද්ද?
හවුලක දී සමාන අගයන් නැති වූ විට හවුල බිඳී යයි. සහකාරයා හෝ සහකාරිය යටත් කරගන්න ගියාම පෙරළෙන්නට හැකි කුලින්නය කරා අවුත් තවත් දුරට දරා ගත නොහැකි විට අයෙක් හවුලෙන් ඉවත් වෙන්නේ ඒ නිසයි. හවුලෙන් ඉවත් වන්නට උවමනා වුවත් ඉවත් නොවී ඉන්නා අයෙක් දුකින් තැවෙමින් ජීවිතය ගෙවන්නේ ද ඒ නිසයි. හවුලක් නම් අයෙක් උසස් හෝ පහත් නොව දෙදෙනාම සම තත්වයක වූවකි.
යුරෝපා හවුල ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය එකතු කර ගනිද්දී ඔවුන්ට සෙසු යුරෝපීයයන් හා සමාන වූ අදහස් ඇත්දැයි විමසා බැලුවේ නැත. හවුලක ඇති ලොකු වෙළඳපොලක් පමණක් දැකි ඇස් වලින් සැලසුම් ගැසුවෝ ක්‍රියාත්මක වූහ.
ඉතාලිය හා ග්‍රීසිය යුරෝපා හවුලට එකතු වෙද්දී තම රටේ ආදායම් වියදම් ගැන දෝෂ සහිත වාර්තා දුන්හ. බොරු වලින් හවුලට එකතු වූ පසු බොරුව රැක ගන්නට තවත් බොරු කියන්නට සිදුවිණ. අවසානයේ දී බොරු හෙළි වෙද්දී හවුල බිඳ වැටෙන බව සැලසුම් ගහන්නෝ දැන සිටියත් එයින් ඔවුනට කම් නැත. මන්ද ඔවුන් පහ වන්නේ බලයෙන් පමණි. රටට ජනතාවට කුමක් වුනත් තමන් බලයේ සිටි කාලයේ තමනට කරගත් හරිය ඔවුනට ඇති ය.
ග්‍රීක වෙළඳපොලේ තරඟයක් නැතිකම නිසා අද ව්‍යාපාරික විශ්වාසය බිඳී ගොසිනි. බලසම්පන්න වෘත්තීය සමිති පුද්ගලික ව්‍යාපාරයන්ට අකුල් හෙලනවා මිස ධෛර්යය නොදේ. බුරුලක් නොදෙන ශ්‍රමික වෙළඳපොල නිෂ්පාදනය හා රැකියා වර්ධනයට අහිතකර ය. අල්ලස් හා දූෂණ පිරි ඇති රටකි.
1952 දී පටන් NATO සාමාජිකයෙක් වන ග්‍රීසිය 1974 දී සිට නොකැඩී පවතින ප්රජාතන්ත්රවාදී රටක් වෙයි. ග්‍රීසිය යුරෝපීය හවුලට එකතු වන්නේ 1981 දී ය. යුරෝ මුදල් භාවිතය පටන් ගන්නේ 2002 දී ය. එහි ආර්ථිකය රඳන්නේ සංචාරක සේවය සහ අනිකුත් සේවා සැපයීමෙනි. ග්‍රීසියේ කෘෂිකර්මය, සංචාරක, ගොඩනැඟිලි හා නැව් බඩු ප්‍රවාහන කර්මාන්ත බොහොමයක් ඇතැන්ස් නගරය හා නගරාසන්නව සිද්ධ වේ.
කිසිත් අවධානයකින් තොරව ග්‍රීක ආණ්ඩුව මහත් වියදම් කළහ. එසේම යුරෝපීය මධ්‍යම බැංකුවට ඔවුන් යැවූ වාර්තා ද දෝෂ සහිත වුණි.
හවුලට එකතු නොවී තනි රටක් සේ සිටියා නම් ග්‍රීසියට තම ඩ්රාහ්ක්මාව අව අගයකට ලක් කරන්නට තිබුණි. නමුත් යුරෝව භාවිතා කරන නිසා ඊට ඉඩකඩක් ඔවුනට අද නොමැත. ණය ආපහු නොගෙවා බංකොළොත් වී යුරෝපා හවුලෙන් අහක් වූ පසු ඩ්රාහ්ක්මාව නැවත පරිහරණයට ගැනීමෙන් පමණක් ග්‍රීක ශෝකාන්තය ග්‍රීක සුඛාන්තයක් කරගත හැකිය. මන්ද, ජනතා චින්තනය වෙනස් කිරීම සල්ලි අච්චු ගහනවාට වඩා දුෂ්කර නිසයි!!
යුරෝපා හවුල කියන අව සුබ සාධන ප්‍රතිපත්ති වලින් කිසි දිනයෙක නැවත ණය ගෙවන්නට තරම් හැකියාවක් ලබන්නට නම් ග්‍රීක චින්තනය සුබ සාධනයෙන් ජීවත් නොවන ජනතාවක් ඉන්නා, පුද්ගලික ව්‍යාපාරික හිතවාදී වූ, දූෂණ වලින් තොර වූ රටක් විය යුතුය. එය ග්‍රීක ජනතාවට තම මූලික විශ්වාසයන් වෙනස් කරන්නට සිද්ධ වීමකි.
බංකොළොත් භාවයෙන් බේරා ගන්නට නම් ණය දෙන බැංකු වලට තම ණය ආපහු ලබා ගන්නට ක්‍රමයක් තිබිය යුතුය. ණය පියවත හැක්කේ රාජ්‍ය සුබ සාධන වියදම් අඩු කිරීමෙන් හා පුද්ගලික ව්‍යාපාර මඟින් නිෂ්පාදනය වැඩි කිරීමෙනි.
බෙදා දෙන්නට නැති දෙයක් බෙදා දෙන්නේ කෙසේ දැයි බෙදා දීම කප්පාදු කරනු එපා යැයි ග්‍රීසියේ ජනඝෝෂා කරන අය නොදකිති. අද ලංකාවේ ද තමන් විසින් ලෝක වෙළඳපොලක කරන තරඟයක් ගැන කියමින් එහෙත් ලෝක වෙළඳපොලක මෙන් තරඟයෙන් නිෂ්පාදනයේ නොයුතුව පඩි වැඩි කරන්න යැයි ඉල්ලන ඝෝෂාවක් වෙයි. ජනතාව සතුටු කිරීමෙන් පමණක් බලයේ සිටිය හැකි නිසා ඒ කොට්ඨාශයේ ද පඩි වැඩි වනු ඇත. එහෙත් ඔවුන් ඉතිහාසයේ කිසිදා කළා යැයි ඔප්පු කර නැති නිසා, ඉදිරි අනාගතයේ දී වත් සෙසු ලෝක වෙළඳපොල හා හරිහරියට තරඟයේ යෙදෙයි ද?!!! ඒ උකස් කරන්නේ රට බව දකින්නට නොහැකි වීම රටේ අභාග්‍යයකි.
ග්‍රීසියේ ජනතාව විසින් ම තෝරා පත් කරගන්නා ලද විවිධ සැලසුම් ගහන්නෝ විසින් ග්‍රීසියේ පාලන බලය අල්ලා ගෙන සිටීම සඳහා සුබ සාධන බෙදා දුන්හ. අවසානයේ පාඩු විඳින්නේ ග්‍රීසියේ ගෙවන්නට බැරි ණය නොගත්, වෙහෙස මහන්සියෙන් ආදායමක් උපයන ලද සුළු පිරිස ය. වරදක් නොකළ ඔවුන්ගේ වත්කම අද අඩු වී ඇත.
ග්‍රීසියේ වැඩි ආදායම් උපයන අයගෙන් කපා ගන්නා බදු ඔවුන් උපයන ආදායමෙන් 40% කි. ව්‍යාපාරික ආදායමෙන් කපා ගන්නා බදු 24% කි. රටෙන් 80% ක පිරිසක් එම බදු නොගෙවා සුබ සාධන වලින් ජීවත් වෙද්දී මෙම පිරිස තම ආදායමෙන් 40% ක් සහ 24% ක් රජයට කැමති සේ බෙදා හරින්නට ඉඩ දීමට අකමැති වීම පුදුමයක් ද? කෙමෙන් කෙමෙන් ආදායම් උපයනවා වෙනුවට නිකම් සිටීම ඔවුන්ගේ ද හැදියාව කර ඇත්තේ සැලසුම් ගැසුවෝම නොවන්නේ ද? දැන් ග්‍රීසියේ දළ ජාතික නිෂ්පාදිතයේ 35.1% ක් පමණක් බදු වලින් ලබන ආදායම වී ඇත.
//හවුල් ව්‍යාපාරයකට වගේම හවුල් පවුල් කෑමේ එකමුතුවට පිවිසීමේ දී ත් තම තමන්ගේ වගකීම් සහ තම තමන් හවුලට ගේන්නේ මොනවා ද යන්න අවංකව හඳුනාගෙන තිබීම ඉතා වැදගත් බව අමතක කරන අය බොහොමයි.//
හවුලට එකතු වූ නිසා තම වගකීම ඉබේ ඉටුවේ යැයි සිතීම පමණින් ගත් ණය වියදම් කර ග්‍රීක වැසියන් බලා සිටියහ. තම වගකීම නම් සෙසු යුරෝපීයයන් මෙන් සුබ සාධන දෙන්නේ නම් ඒ හා සමාන ඉපයීමක් තමන් විසින් කළ යුතු බව ග්‍රීක ජනතාව අමතක කළහ.
අයි වෙයිවෙයි නිදහස් කළ චීන රජයට මගෙ ප්‍රණාමය!! දුෂ්කර වුවත් ආපස්සට නොයා අපි හිමිහිට යමු හරි මඟට!!
අපි දීන ජාතියක්ද? සමහර විටක ඉංග්‍රීසීන් අප රට ආක්‍රමණය කර එයින් නිදහස් වුවාටද පසුව කළු සුද්දන් මත තවමත් කැරකෙන දීන ජාතියක්. එය මමද ඇතුලත්වන වර්තමාන වගකීමක් නැති තරුණ පරපුරෙන් හොදින් පිළිඹිබු වෙයි. අධ්‍යාපනය බංකොලොත් වී ඇත.
මේ සෑම දෙයක්ම යළිත් ආපස්සට හැරවීමට දේශාණුරාගය ඇති කළ යුතුය. ජනතාවගේ හදවත් තුළ ආදරය, කරුණාව, දයාව, අණුකම්පාව ඇති කළ යුතුය. නමුත් ඛේදයකි. එවන් මානසික ශෝදනයක් ඇති කිරීමට හැකි පිරිසද අද (වර්තමාන ආගමික නායකයින්) දේශපාලන මඩ ගොහරුවේ වැටී සදා අනාතවී ඇත. සුදුස්සා සුදුසු තැනට පත්වන්නේ නැත්නම් අද දින අප කළ යුත්තේ තමන් විසින් හෝ වගකීම භාර ගෙන ඉදිරියට යාමය. හවුලක සාමාජිකයන් තමන් තමන්ගේ සිතට එකගව තමන්ට හැගෙන පරිදි හරිදේ කරන්නේ නම් ඕනෑම හවුලක් පවත්වාගෙන යාම පහසුය. කිමද තමන් කරනා කාර්යයෙහි යම් කිසි වරදක් හවුල් කාරයෙක් දුටුවා නම් එය සාධාරණි කරනය කර ගැනීමට හෝ නිවැරදි කරගැනීමට පහසු වන බැවිනි. හවුල සෑම විටම විනිවිද විය යුතුය. නමුත් බලාසිටින්නවුන්ට එය නොවැටහෙන්නට පුළුවන. සමහර විටෙක පසුව හෝ තමන්ගේ සේවය නිසා හවුලට(රටට) යමක් ඉතිරි වනු ඇත.
හිෂාන් දේශානුරාගය අවශ්‍ය බව ඇත්ත. ඒත් එක විතරක් තිබිල මදි. දේශානුරාගය තදින් තියෙන රටක් ලංකාව.
අවශ්‍ය වන්නේ මිට වඩා බුද්ධිමත් ව හා දුරට හිතන, මිට වඩා ලෝකය මත පදනම වූ [ස්වයංපෝෂිත රට වගේ ගොන් කතා නොකියන] කරන කියන දේවල් වාගාලාප නොවී ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම් බවට පත් කරන රටක්.
රටකට දියුණු වීමට අවශ්‍ය බොහෝ දේ අපට නැහැ. සුවිසල් ගොවි බිම්, සත්ව නිෂ්පාදන වලට කැමැත්ත [මේක මමත් වැඩිපුර අකමැති දෙයක්], කාර්මික හා තාක්ෂණික දැනුම [අපේ තෘතියික අධ්‍යාපනයේ තරම පේනවනේ], නිර්මානාත්මක හැකියාව, ඛනිජ හා ඉන්ධන, ඉතාමත් වැදගත් දෙයක් වන ප්රාග්ධනය හා ව්‍යවසායකත්වය මේ වගේ කිසිවක් අපට නැහැ. මතවාද හැටියටත් අල්පෙච්චතාවය, ඉදිරියට යාමට වඩා සිමා දැමීම, තමන්ට නැතත් කමක් නැහැ අනුන්ට නැති වෙනවා නම් කියන කුහක කම, පුද්ගල වන්දනා, මතවාද මුලධර්ම ගැන අන්ධ භක්තිය [මාක්ස් වාදය දේශප්‍රේමය වගේ], පොඩි දේටත් වෘත්තීය සටන් කිරීම, නිල-කොළ බේදය හා ඒ මත රටට හේන ගැහුවත් අපි අපේ පක්ෂය දිනා ගත යුතුයි කියන චින්තනය, ධනය ලාභය සම්පත් වගේ දේවල් නොහොබිනා කමක් ලෙස සැලකීම, පොඩි වාසීයට ගොනාට ඇන්දවීම හා ඉන තුටු වීම, ඊර්ශ්‍යාව වගේ අට අනුවක් රෝග වලින් අපේ රට පිරිලා. නුගතුන්ටත් වඩා උගතුන්.
අපේ වාසි තමයි, සාපේක්ෂව විශාල වූ උගත් [හැසිරවිය හැකි]ජනගහනය, ඉතාමත් ම වැදගත් කේන්ද්‍රීය පිහිටීම, [සාපේක්ෂව උසස්] ඉංග්‍රීසි හුරුව, වගේ දේ. අපට දියුණු වෙන්න තියෙන හොඳම ක්‍රමවේදය ජාත්‍යන්තරය හා අනුගත වීම. අපට නිපදවීම නොව අනුන්ට නිපදවීම, සේවා සැපයීම, වඩා ඉහල අගයෙන් යුත් [වැලියු ඇඩඩ්] නිෂ්පාදන. ඔන්න ඔය වගේ ඒවා. අමු අමුවේ කොපි නොකලට සිංගප්පුරුව මැලේසියාව, තායිවානය, දකුණු කොරියාව අපට ආදර්ශයට ගත හැකි.
http://www.ft.lk/2011/06/22/professionals-key-to-development-pb/
Hishan Melanga,
නැහැ දරුවෝ, සිංහල බහුතරය මුලාවෙන් ඉන්න ජාතියක්. දීන කියන්නෙ දුප්පත්, පරාධීන කියන්නෙ අනුන් වෙතින් යැපෙන; එහෙම අයත් ඉන්නවා. ඒත් මහන්සියෙන් වැඩ කරලා දුප්පත්කම ජයගන්න හා ස්වාධීන වෙන්න දඟලන අය ඉන්නවා බොහොමයක්. ඒ අයට මුලාවෙන් ගොඩ එන්න තතු කියා දෙන්න අය තමයි අඩු. මොකද මුලාවෙන් ගොඩ ආපු බොහෝ දෙනා රටෙන් කොහොම හරි ඉවත් වෙලා.
ආදරය, දයාව, කරුණාව, අනුකම්පාව යනාදිය දක්වන රටේ ඉතිරි වෙලා ඉන්න සොච්චම අගය කරන්න වහාම පටන් ගන්න.
මේ කමෙන්ටුව සිත සසල කළා. ඒ මමද ලබන වසරේ විදේස් ගත වීමට සිතා සිටින නිසා. ඒත් ඔබ ඇයි එලෙස කියන්නෙ. සිංහල බහුතරය වැටී තිබෙන්නෙ කෙබදු මුලාවකද? සිංහල බහුතරයද පමනක්ද නැත්නම් සමස්ත ලංකාවාසීන්ද(දෙමළ ඇතුලුව)? මුලා කරන්නෝ දේශපාලකයෝද? නැත්නම් අප රටේ අර්ත ක්රමයද? අප මුලාවක වැටී ඇත්නම් එයින් ගොඩ ඒමට දැනමුත්තන්ගෙන් උපදෙස් අවැසියි. ඒ ගැන ලිපි පෙළක් ඔබ කලින් ලියුවාද?
ග්‍රීසියේ දල දේශීය නිමැවුමෙන් 46.8% රාජ්‍ය වියදම?Source please?
de silva,
Government spending is high. In the most recent year, total government expenditures, including consumption and transfer payments, increased to 46.8 percent of GDP.
The Greek government consumes more than half of the country’s GDP. It is difficult for any government to collect enough taxes to support spending at that level.
In 2009, government expenditures in Greece totaled 50.4 percent of GDP.
සුජීවට එකඟයි. හැබැයි සිංගප්පුරුව විශාල ගොවි බිම් ..කර්මාන්ත නැති රටක්. එක දියුණු වුනේ සේවා සපයන ලේබලය යටතේ. නිසි සැලසුම. ඒක ලංකාව වගේ කරන්න හිතපු ක්වාන් යු මහත්තය පස්සේ කිව්වා ලංකාව අසාර්ථක ආදර්ශයක් කියල . අනික නීති තදකම . ප්‍රසිද්ධ තැනක මව් කිරි ටිකක් දෙන්නත් බැහැ. අපි ඔව්ව කලොත් කොහොමද . වැඩක් කලහම අනිකා කකුලෙන් අදින එක අපිට දියුණු වෙන්න බැරි අනික් හේතුවක්. ගොඩක් රටවල අධිවේගී පාර වල ටෝල් ගේට්ටු තියෙනවා. මෙහෙ ත් එහෙමයි. පාරට ගිය වියදම හොයා ගන්නේ එහෙමයි. බයික් වලින් හැර අනික් වාහන වලින් මුදලක් ය කරනවා. අපි කලොත් කොහොමද. තව දුරටත් කෘෂිකර්මය මත යැපෙන්න බැහැ. සංචාරක කර්මාන්තය බලන්න . ලංකාවේ ඇඩ් එකක් යනවද පිටරට නාලිකාවක . අපිටත් වඩා අන්ත කම්බෝජියාවත් ඇඩ් දානවා . තව එකක් පිටරටකට ගියා වුනත් හොඳ නොවෙන උද්ධච්චකම . ඉගෙන ගත් පාසල …උපාධි ගණන ..ලංකාවේදී තිබ්බ කාර් එකේ වර්ගය ඕව හොයල බලනවා ඔත්තුකාරයෝ දාල හරි.
අටානුවක් රෝග එක රැයකින් සුව නොවන නමුත් මේවා සුව කල හැක්කේ අවශ්‍ය පසුබිම සාදා මේ වෙනසට බල කිරීමෙනි. ප්රජාතන්ත්රවාදය, මානව නිදහස, ලිබරල් අයිතිය අල්ල ගෙන හිටියොත් මෙව්වා කරන්න අමාරුයි. යටත් විජිත වලෙන් ගොඩ ගිය හැම රටකම තදබල නීති තියෙන්නේ එකයි.
බින්දී හා එකඟයි. එකමයි මාත් කියන්නේ. මඩ සෝදා ගත කල ගොවියා රජකමටත් සුදුසුයි කියා වහ බොනකං ගොවියා කඩේ යව යව ඉන්නේ නැතුව අලුතින් දෙයක් කරන්න ට්‍රයි කරන්න ලංකාවේ අයට කාලේ ඇවිත්. ඔය කිව්ව කියමනත් බොරු නේ. රොබට් නොක්ස් ඔය කතාවෙන් අදහස් කලේ ඔය අදහස නොවේ [කැමති නම පැහැදිලි කරන්නම්].
ලංකාවට ගොඩ යන්න වන්නේ තව තවත් ජාත්‍යන්තරය දිහාට ගොහින් මිස එයින් පලා ගොස් නොවේ.
අනේ බින්දී ලංකාවේ සංචාරකේ [අභියල කේන්ති ගන්ට නාකයි] මේකේ උන හිතන්නේ හැමදාම ඔය පරණ චෛත්‍ය ටිකයි තේ වතුයි කන්දුයි පෙන්නලා ගොඩ යන්නනේ. ලොකු මට්ටමින් හිතන්නේ එහෙමයි. [අභියලා වගේ එකෝ පොරවල් ගැන නොවේ කියන්නේ]. ඉතින් ඔය පුරා විද්‍යාව ගැන කැමති බොහොම සුලුතරයයි [අර වෙන සීන් වලට කැමති නාකි සුද්දොයි] තමයි මෙහෙ එන්නේ. ගොඩක් අය ෂොපින් යන්න රට යනවා. මෙච්චර රෙදි මහන රටේ ඒක මාකට් කරන්නේ වත් නැහැනේ.
කොටින්ම මේ ලඟදි හැදුව ඇඩ් එකකුත් රටට අපහාසයක් කියලා අයින් කලේ.
[[තව එකක් පිටරටකට ගියා වුනත් හොඳ නොවෙන උද්ධච්චකම]]
සහතික ඇත්ත. මාත් හිටිය නේ එක්ස්පැට් සෙට් එක්ක. එහෙ ඉන්න අයට මෙහෙටත් වඩා ලෙඩ ද මන්දා. ඔන්න දවසක් දා….
එරට ඉන්න අන්කල් කෙනෙක්: පුතා අරවින්ද [ද සිල්වා]ට පොර්ශේ කාර් එකක් තියෙන කතාව ඇත්තද?
මම: ඔව් අන්කල් මාත් අහලා තියෙනවා.
පොර: මිනිහ කොහොමද ඒක ගත්තේ. මිනිහ ඉන්නේ ලංකාවෙනෙ.
මම: [අන්දස්කොර වී] ඒ මොකද අන්කල් එහෙම කිව්වේ
පොර: නැහැ පුතා අපි මේ මයිග්රේට් කරලා, අවුරුද ගණනක් මේ දියුණු රටක ඉඳලආ මෙහෙ විදිහට හැඩ ගැහිලා අපටත් නැහැනේ මේ වගේ වාහනයක් තවම. ලංකාවේ ඉන්න මිනිහෙක් ට අපටත් වඩා දෙයක් ලැබෙන්නේ කොහොමද?
[බුවා හිතන්නේ මුළු ලංකාවම පොරගේ මට්ටමට පහලින් තිබිය යුතුයි කියල. ඔන්න මට පහල වෙනවා දුම්මල වරම]
මම: ඉතින් හරි නේ අන්කල්. අන්කල් කොහොමද අරවින්ද ට සංසන්දනය කරන්නේ. අරවින්ද ඉන්නේ ෂේන් වොන් ල ගේ ක්ලාස් එකේ. අන්කල් ඉන්නේ මේ අපේ තාත්තලා අම්මලා අයිති වෙන සාමාන්‍ය රජයේ සේවක ක්ලාස් එකේ නේ. ඒ ගොල්ලට පොර්ශේ කාර් නැහැ. එ නිසා ගණන් ගන්න එපා.
ඔන්න ශ්‍රී ලාංකීය අභිමානේ තරම.
ඔබ හරි සුජීව. කාලයක් පිට රටින් ලාබෙට අල එන්න ගත්තම අපේ අල ගොය්යෝ වස බිව්වා නේ. ඉතින් රජය කලේ පිටරට අල වලට ලොකු ආනයන බද්දක් ගහල මිල වැඩි කලා. මේක තමය් ලංකාවේ ජනප්‍රිය මතය. මොන දෙයක් කරලා හරි දේශීය ගොවියා රැක ගන්න ඕන කියන එක. නමුත් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? ලෝක වෙළඳ පොලේ මිල ගැන සංවේදී නැති , තරඟකාරී නොවන අධික මිලකට අල වවන සුළු පිරිසක් වෙනුවෙන් සමස්ත ලංකාවේම ජනයා වැඩි මිලට අල ගන්නවා. නමුත් වෙන්න ඕන මේක නොවෙය් . අල උදාහරණයම ගත්තොත් අලුත් විදියකට හිතන්න මෙහෙම. අල වවන නුවර එළියේ අක්කරයක ඉඩමක් තුල රෝස මල් වවනවා කියල හිතන්න. මේ රෝස මල් අපිට ලෝක වෙලඳ පොලේ තරගකාරී මිලකට වවන්න පුළුවන්. ඉතින් මේ මල් අපනයනය කරාම අපේ රටට විදේශ විනිමය ලැබෙනවා මේ මුදල් වලින් ලංකාවටම අවශ්‍ය අල ඉන්දියාවෙන් අඩු මිලට ගෙන්නන්න පුළුවන්. මීට අමතරව රෝස මල් ව්‍යාපාරය නිසා තවත් ගානක් රටට ලාබයක් හැටියටත් ඉතිරි වෙන්න. මේ සරල සත්‍ය තේරුම් නොගෙන අපේ මැට්ටන් කරන්නේ බදු වැඩි කරන එකය්. එතකොට වෙන්න ලංකාවේ අලුතින් රෝස මල් ව්‍යාපාරික මිලියන් පතියා කවදාවත් බිහි වෙන්නේ නැහැ,.මෝඩ අල ගොවියා හැමදාම වැඩි මිල අල වවනවා. ලංකාවේ මිනිස්සු හැමදාම හරියට කන්න නැතිව ලෙව කනවා ඊට පස්සේ සුද්දට බනිනවා.
මම ජනාධිපති නම් කෙවින් පෙරේරාව ආර්ථික කටයුතු ඇමති කරනව. අල වගාව නතර කරල නුවරඑලියේ රෝසමල් වවන්න!නියම අදහස!හැබැයි ප්‍රශ්නෙ අල ගොවිතැන කරන කියක් ඉන්නවද?රෝසමල් වලට විදේශ වෙලදපොලේ තියනව කියන ඔය ඉල්ලුම කොපමනද?ඒක ස්ථාවරද?හැරත් “මෝඩ” අල ගොවියො සේරටම කෝටිපති රෝසමල් ව්‍යපාරිකයො වෙන්න පුලුවන්ද?ඉන් කීයක් එහෙම වෙයිද?අනේ මන්ද මම ආර්ථික ඇමති නං නොදන්න රෝසමල් මගුලකට නොගොස් පොටෙන්ෂල් එක තියෙන එක නවීකරනය කරන්නයි වෑයම් කරන්නෙ.බදු සහන හරි මොනව හරි මගුලක් දීල පොටේටෝ චිප්ස් හදන්න ආයෝජකො පොලඹවගත්තනම් මොකද?ඉන්දියාවත් කීවේ මයික්‍රො චිප්ස් යෙස් පොටේටෝ චිප්ස් නෝ කියලනෙ.තමන්ගේ රටේ පොටන්ෂල් එක තියෙන ඒව අත්හැරල රෝසමල් වව වව හිටිය නං ඉන්දියාව අද හදයි මරුටි!
@ඇමති එස්බී
මා දුන්නේ උදාහරනයකි. රෝස වෙනුවට ඔබට ඔනෑම දෙයක් ආදේශ කර ගන්න. ඔබ හඳ පෙනුවාම ඇඟිල්ල දිහා බලා කතා කරයි මෙහි මා නගන මූලික අදහස නම් අපි ලෝක පොලට තරඟයක් දිය හැකි මිලකට භාණ්ඩ නිපදවිය යුතුය මෙවා ද අලද රෝසද micro chips ද යන්න රජය තීරනය නොකල යුතුය යන්නයි .ලංකාවේ ගැටලුව නම් රජය ඔයා කියන potential තීරනය කර අල වගාවට Special Interest දීමයි. ඔබගේ කොමෙන්ටුවම ලාන්කික පටු අදහස් වල ප්‍රතිබිම්භයක් වැනිය. අල වෙනුවට රෝස වවන්න මා යෝජනා කරනවායැයි ඔබට සිතෙන්නේ මෙබැවිනි. මා මුදල් ඇමති නම් නිදහස් වෙළඳ පොලේ නිදහස්ව මිනිසුන්ට තරඟකාරී ලෙස නිෂ්පාධනය කරන්න ඉඩ සලසා දෙනවා මිස රටේ potential මමම තීරනය කර මේ අයට බදු ගහමු මේ අයට බදු සහන දෙමු කියා අනුන් වෙනුවෙන් සැලසුම් ගසන දෙවියෙකු නොවන්නෙමි.වෙලඳ පොල ජය ගත යුත්තේ කවුද යන්න තීරණය කල යුත්තේ රජය නොවේ.
kevin perera,
//මා මුදල් ඇමති නම් නිදහස් වෙළඳ පොලේ නිදහස්ව මිනිසුන්ට තරඟකාරී ලෙස නිෂ්පාධනය කරන්න ඉඩ සලසා දෙනවා මිස රටේ potential මමම තීරනය කර මේ අයට බදු ගහමු මේ අයට බදු සහන දෙමු කියා අනුන් වෙනුවෙන් සැලසුම් ගසන දෙවියෙකු නොවන්නෙමි.වෙලඳ පොල ජය ගත යුත්තේ කවුද යන්න තීරණය කල යුත්තේ රජය නොවේ.//
අර අතීතයේ දවසක ලිබටේරියන් විභාගය ගත්තට පස්සෙ කෙවින් පෙරේරාත් දැන් ලිබටේරියන් වෙලා ද?!!
මහත් සතුටක් ඇත්තටම සිංහලෙන් කියවන්නෙක් එසේ සිතනවා නම්. ලංකාවට ජය ඒකාන්තයි!
//ඔබගේ කොමෙන්ටුවම ලාන්කික පටු අදහස් වල ප්‍රතිබිම්භයක් වැනිය//
නමේ හැටියට නෙ අදහස් මැතිතුමා
//මා දුන්නේ උදාහරනයකි. රෝස වෙනුවට ඔබට ඔනෑම දෙයක් ආදේශ කර ගන්න. ඔබ හඳ පෙනුවාම ඇඟිල්ල දිහා බලා කතා කරයි //
අල කියන නිශ්චිත උදාහරනයට මැතිතුමා දුන්න නිශ්චිත නිදසුන රෝස.මට හිනා ගියේ ඒ නිසා.අපිට ඉන්න ඉන්ටර්නෙට් ආර්ථික විශේෂඥයන්ගේ අදහස් කොච්චර ප්‍රායෝගිකද කියල හිතිලා.
//මා මුදල් ඇමති නම් නිදහස් වෙළඳ පොලේ නිදහස්ව මිනිසුන්ට තරඟකාරී ලෙස නිෂ්පාධනය කරන්න ඉඩ සලසා දෙනවා මිස රටේ potential මමම තීරනය කර මේ අයට බදු ගහමු මේ අයට බදු සහන දෙමු කියා අනුන් වෙනුවෙන් සැලසුම් ගසන දෙවියෙකු නොවන්නෙමි//
මැතිතුමා කියන ඔය නිරපේක්ෂ නිදහස් වෙලදපොල ලෝකයේ කොහෙවත් නැහැ.අමෙරිකාවෙවත් නැහැ.මැලේසියාව ඉන්දියාව චීනය වගේ මෑතකාලයේ නැගී ආව ආර්ථික වල කොහොමවත් නැහැ.රජය අඩු වැඩි වශයෙන් ආර්ථිකයේ ප්‍රමුඛතාවය ලැබිය යුතු ක්ෂේත්රය මොකක්ද කියන එක ගැන නියාමනයක් කරනව.ඕකයි සරල ඇත්ත.ආරක්ෂනවාදී උපක්‍රම ඔය කවුරු කවුරුත් අඩු වැඩියෙන් භාවිතා කරනව.යාවත්කාලීන වෙන නිෂ්පාදන ප්‍රවාහයක් නැතිනම් ආර්ථිකයක් ඇතුලෙ රැකියා උත්පාදනය හරි දුගීකම අඩුකිරීම හරි වගේ ඉලක්ක වලට යන්න අමාරුයි.දේශීය නිෂ්පාදනය නංවනවා කියන එකේ තේරුම ඒකයි.ඉන්දියාවෙ මිනිස්සු සැප ජපන් කාර්වල යන්නෙ නැතිව අර ගද ගහන චාටර් මරුති වල කාලයක් ගිය හින්ද තමයි මරුති අද -ජපන් කාර් තරමට නොවුනත් – යම් තැනකට ඇවිත් තියෙන්නෙ.ඒකෙන් ජාතික ආදායමට, සේවා නියුක්තියට කොයි තරම් විශාල පදනමක් සැපයිලා තියෙනවද?ලදරු කර්මාන්තයකට යම් තැනකට එනකම් ආරක්ෂනයක් අවශ්‍ය වෙනව.හැබැයි ඒ ආරක්ෂනය කාර්යක්ෂම යොදාගන්න රජය දැනගන්න ඕනෙ.බදු සහන වගේ දේවල් හරහා නියාමනය කරන්නෙ නැතිව මිනිස්සුන්ට ඕනෙ මගුලක් කරගන්න කියල මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්රියාවේ යෙදවුවොත් අපේ බුවාස්ලා තියෙන සල්ලි ටිකෙන් හන්දියක් හනිදියක් ගානේ බාර් දාන එකට වැඩි දෙයක් කරන එකක් නැහැ ෂුවර්. ඒ තරම් ප්රබුද්ධ ධනපති පංතියක් අපිට ඉන්නෙ
බාර් දාන
ඇමති එස්බි,
//නමේ හැටියට නෙ අදහස් මැතිතුමා// ඇත්ත ඇත්ත!! එකඟයි නේන්නම් ඒ කතාවට. 🙂
නිරපේක්ෂ (unexpected) නිදහස් වෙළඳපොල ඇමෙරිකාවේ නැහැයි කියන්නෙ කොහොම ද? මගේ අඩවිය මුල සිට අද දක්වා බලාගෙන ආවොත් ලෝකයට නිරපේක්ෂ දේවල් නිතර පාහේ ඉදිරිපත් කරන නිදහස් වෙළඳපොල මනාව හුවා දක්වන එනම් අතේ සතේ නැත්තෙකුට ධන කුවේරයක් වන්නට හැකියාව ඇති රටක් අද දිනයේ ද ඇමෙරිකාවේ ඇති බව දකින්න පුළුවන්. මම කිව්වාට විශ්වාස කරන්න එපා. ඒ විස්තර ගැන අමුණා ඇති සබැඳියන්ට යන්න පුළුවන්. ඒ නම් ගූගල් කරලා තව තොරතරු හොයා ගන්න පුළුවන්.
ඊ ළඟට, ලංකාවේ ඉහළ ධනවතුන් ඉන්නවා මම කුඩා කාලයේ දී රබර් සෙරෙප්පු දාගෙන (වෙන පාවහන් ගැන අවබෝධයක් හෝ ඒවා ගන්න වත්කම නොතිබි අය) අපේ ගෙදර ඇවිත් ගිය අය. අද කුඩා මන්දිර වල ජීවත් වෙන අය. ඔවුන් ධනවත් වූයේ තම ඥානය හා මගෙ තාත්තා විසින් දුන් නිසි මඟ පෙන්වීම යටතේ ගිය ගමනකින්. උරුමයකින් තිබි මුදල් වලින් නෙමේ. දේශපාලනයෙන් නෙමේ. සිංහල පමණක් දත් අය. නමුත් එහෙම අයට යන්න, දේශපාලනයට නොගෑවී යා හැකි මඟ එක්තරා දුරක දී නවතිනවා. ඊ ළඟ සුපිරි ධනවතුන් කොටසට අයිති වෙන්න නම් ඔවුන් ද දේශපාලනයට මුක්කු ගැසිය යුතුයි. ලංකාවේ නැනෝ ටාටා නැත්තෙ ඒ නිසයි.
ඔයා කියන්නෙ ලංකාවට ඉන්න ‘ප්රබුද්ධ ධනපති’ අය බාර් දාන අය කියල. ප්රබුද්ධ ද කියලා සැකයි?!! කමක් නෑ, සුපිරි ධනවත් අයට ද බාර් දාන්න වෙන හේතුව ලංකාවේ වැටකොඩොළු වලින් පිරී ඇති වෙළඳපොල තමයි. ඔවුන්ට යා හැකි දුර සීමිතයි. ඔවුන්ට යන්න තියෙන්නෙ එන එන රජයන් විසින් කාලයෙන් කාලයට තීරණය කරන මාර්ග වල පමණයි.
අළුතින් එන ආණ්ඩුවක් තරහා වුනාම තමන්ගෙ ධන සම්පත් සියල්ල අරගෙන පිටරටකට ගිය ලංකාවේ ධනවතුන් කොච්චරක් ඉන්නවා ද? ඉන්න ආණ්ඩුව එක්ක යාළු වුනාම තමන්ගෙ ධනය ලංකාවේ ආයෝජනය නොකර පිටරටවල ආයෝජනය කරන (ඒවායේ නිදහස් වෙළඳපොල තියන නිසා) සුපිරි ධනවතුන් කොච්චරක් ඉන්නවා ද? මම දන්න ලාංකික අයෙක් නිව් යොර්ක් නගරයේ තට්ටු මහල් සංකීර්ණයක ඇමෙරිකන් ඩොලර් මිලියන තුනක් ආයෝජනය කළේ ලංකාවේ ඉඳන් ම හම්බ කරපු සල්ලි.
//යාවත්කාලීන වෙන නිෂ්පාදන ප්‍රවාහයක් නැතිනම් ආර්ථිකයක් ඇතුලෙ රැකියා උත්පාදනය හරි දුගීකම අඩුකිරීම හරි වගේ ඉලක්ක වලට යන්න අමාරුයි.// නිෂ්පාදනය කරන්නේ කුමක් ද යන්න නිෂ්පාදනය කරන්නාට තීරණය කරන්න පුළුවන් පරිසරයක දී සිදුවන දේ මෙහෙම පෙන්වන්නම්.
අපි උදාහරණයකට ඇමති තුමයි (!!) කෙවින් පෙරේරායි ගත්තු නුවර එළියම ගම්මු. අයෙක් අල වවයි. අයෙක් රෝස මල් වවයි. අයෙක් සංචාරකයන්ට පරිසර හිතවාදී නවාතැනක් හදයි. අයෙක් ගොල්ෆ් පිටියක් තනයි. අයෙක් ග්‍රාන්ඩ් ෆ්‍රී මෝටර් රේස් දුවන්න පිටියක් හදයි (ඒ මම ඇවිදින් 100% බදු ගෙවලා). එතකොට ග්‍රාන්ඩ් ෆ්‍රී බලන්න එන අය නවාතැනේ නැවතිලා, ගොල්ෆ් සෙල්ලම් කරලා, අල කාලා, රෝසමල් අරගනියි. කිසිම ආණ්ඩුවකට හැම දෙයකටම සහනාධාර දෙන්න බැහැ. එක ව්‍යාපාරයකට සහනාධාර දෙනවා කියන්නෙ තවත් ව්‍යාපාර රැසකට සහනාධාර කපනවා කියන එක. සහනාධාර වලින් සමහර පිරිසකට පමණක් ලැබෙන සුවිශේෂී වූ වාසිය නිසා නිදහස් වෙළඳපොලක හැම දෙනාටම තරඟ කරන්න අමාරුයි. සහනාධාර නොලැබෙන සියල්ල බංකොළොත් වන නිසා. අල වගාවට හෝ රෝස මල් වගාවට රෝගයක් පැතිර ගියොත් මුළු නුවර එළියම හාමතේ. ඒකීය පුද්ගලයන් විසින් තම තමන් කැමති දේ තෝරාගෙන කරන්න නිදහස් වූ වාතාවරණයක් (කොටසකට පමණක් සහනාධාර නැති) තිබුණාම විවිධ නිෂ්පාදන රාශියක් බිහිවෙනවා. එතකොට ඵල හැමෝටම වැඩියෙන් ලැබෙනවා. අපි නොහිතන දේවල්, රජයකට හිතන්න බැරි අළුත් නිෂ්පාදන නුවර එළියේ ඉන්න ජනතාව විසින් ලෝකයට එවැනි දවසක ඉදිරිපත් කරාවි.
@ඇමති එස්බී
බාර් දාන ප්රබුද්ධ ධනපති පංතිය වෙනුවට ඔබ යෝජනා කරන්නේ ගස් බඳින මෙර්වින් සිල්වා දු. සිල්වා වැනි අය අපි වෙනුවෙන් සැල්සුම් ගසා අපිව නියාමනය කරයි කියාද? මෙයත් හරියට කුකුලාද බිත්තරයද ගැටලුව වැනිය . ඔබ කියන විකාර ධනපති පන්තිය යනු විකාර සැලසුම් ගැසූ රජයන් විසින් දමන ලද බිජුවක් නොවේද?
මම ඒ සේරම අමතක කරල පුංචිම පුංචි උදාහරනයක් දෙන්නද නියාමනයේ වැදගත්කම පෙන්නන්න?දැන් මම දාන්න යන අර පෞද්ගලික විස්ස විද්‍යාල සෙට් එක ගමුකො.ඒකෙදි මොකක් හරි මිකැනිස්ම් එකකින් විශ්ව විද්‍යාලයක් අරඹන්න සුදුසුකම් තියෙන්නෙ කාටද,නැත්තෙ කාටද වගේ දේවල් ගැන ප්‍රමිති හදල ඒවට වෙලදපොල බලවේග යොමුකරේ නැත්තං අද ඔය රට වටේම තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් වගේ තත්වයක් ඇති වෙනව නේද?ටිකට් දෙන එක අනිවාර්යයි කියල රජයෙන් ප්‍රමිති නීති දාල මොකක් හරි පාලනයක් කරන්න හැදුවෙ නැත්තං බස් මුදලාලිලාට උපරිම නිදහස දුන්නනං කරන බම්බුවක් කරගන්න කියල ප්‍රවාහනය තියෙයි අපේ කර උඩ නේද?(මෙච්චර ප්‍රමිති නීති දාලත් ඒකෙ වැඩි වෙනසක් නැති එකේ 🙂 )
කෙවින් පෙරේරා ඉන්දියාව මැලේසියාව ගැන එක කාරනයකටවත් උත්තරයක් දීල නැහැ නෙ. දුම්න්ද සිල්වා ගැන කියපු එක හොදයි.අර ඉන්නෙ නියම ධනපතියො.නියම සල්ලිකාරයා.දැන් ඔය මිනිහට ඕනෙ දේකට ඉඩ දීල නිකම් හිටියම ඒ සලල් ආයෝජනය වෙන්නෙ කුඩු සහ බඩු වෙනුවෙන් තමයි.සැලසුම් නියාමනය කරන්න දුමින්ද සිල්වම ඕනෙ නැහැනෙ කෙවින්.ආර්ථික කලමනාකරණය ගැන නෙහාදට දන්න මිනිස්සු ඉන්නවනෙ ඕනෙ තරම්. අර හර්ෂ ද සිල්වා උන්නැහේ වගේ.මේ මම උනත් සාමාන්‍යයෙන් ඔවා හොදට දන්නව දැක්කනෙ ජෙප්පොන්ව සැලසුම් ගහල කළමනාකරනය කරපු හැටි 😉
@ඇමති එස්බී
මා විරුද්ධ වන්නේ සැලසුම් ගසන්නන් තෝරා ගත් ක්ෂේත්‍ර වලට සහ පුද්ගලයන්ට විශේෂ සැලකිල්ල දැක්වීම සහ ආරක්ෂණවාදයටයි. මිල පාලනය කිරීමටයි, නා නා විද බදු ගැසීම් වලටයි.රජය ව්‍යාපාර කිරීමයි. ප්‍රමිති සහ නියාමනය යනු මේවා නොවේ. වෙනත් දෙයකි. විශ්ව විද්‍යාලයක් අරඹන්න සුදුසුකම් තියෙන්නෙ කාටද,නැත්තෙ කාටද වගේ දේවල් ගැන ප්‍රමිති හැදීම එස් බී ඇමති තුමනි ඔබලාගේ කාර්යයකි ඒ ගැන විවාදයක් නොමැත ඔබලා පාර්ලිමේන්තුවට පත් කර ඇරියේ නීති සම්පාදනය කරන්නට මිස වෙන කෙන්ගෙඩියක් කරන්නද? ප්‍රමිති සහ නියාමනය නිදහස් ඇමරිකාවේ අකුරටම ක්‍රියාත්මක වේ. ලන්කාවේ මෙන් ඕනම එකෙක්ට ඕනෑම පිස්සුවක් කෙලීමට එහි නොහැකිය. ඉන්දියාව මැලේසියාව ට වඩා සිය දහස් වරක් සාර්ථක වූ අමෙරිකාවේ සිටින මට ඉන්දියාව මැලේසියාව දිහා බලන්න කියා මට කීම විහිලුවකි. ලන්කාවේ ඔබලා වැටී සිටින වලේ ගැඹුර සහ එරී ඇති මඩ ගොහොරුවේ තරම හැම උදෑසනකම අවදි වී නිව්යෝක් නගරයේ හමන හැම පවනකම රැඳි නිදහස් සුවය මට මතක් කර දෙයි.
//ඉන්දියාව මැලේසියාව ට වඩා සිය දහස් වරක් සාර්ථක වූ අමෙරිකාවේ සිටින මට ඉන්දියාව මැලේසියාව දිහා බලන්න කියා මට කීම විහිලුවකි. ලන්කාවේ ඔබලා වැටී සිටින වලේ ගැඹුර සහ එරී ඇති මඩ ගොහොරුවේ තරම හැම උදෑසනකම අවදි වී නිව්යෝක් නගරයේ හමන හැම පවනකම රැඳි නිදහස් සුවය මට මතක් කර දෙයි//
You are breaking my heart kevin 🙂
ඒ සිසිල් නිදහස් සුවය විදගන්න ගමන් අමෙරිකාවෙයි ආරක්ෂණවාදයෙයි සම්බන්ධෙ ගැන මේ ලිපිත් කියවලා බලන්නකො.
http://www.fff.org/freedom/1094d.asp
http://www.physorg.com/news203494768.html
මම නං දන්න ආර්ථික විද්‍යාවට අනුව කාර්යක්ෂම විදිහට ආරක්ෂණවාදය භාවිතා කරන එක ඕනෙම දියුණු වෙච්ච රටක් එක්තරා කාලයකදී අඩු වැඩි වශයෙන් භාවිතා කරන ප්‍රවේශයක්.ඒකට එක්සත් ජනපදයත් ඇතුලත්.ඉන්දියාවයි මැලේසියාවයි ගැන කීවේ අපි කතාකරන්නෙ “ලංකාවේ” දියුනුව ගැන නිසා.තුන්වෙනි ලෝකයේ ඉදල දියුණුව බලා යන රටවල් ගැන නිසා. ආ තව එකක් ඔය නිදහස් සුලග විදින ගමන් ඒ නිදහස් සුලගෙ ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ වියට්නාමෙ ජපානෙ අහිංසකයොන්ව මරල දාපු ඒවයේ ලේත් ගෑවිලා තියෙනව කියල මතක් කරගෙනම විදින්න.
පලි – ඩුවල් සිටිසන්ෂිප් නං තියෙන්නෙ ගෝඨාට වගේ ඔබතුමාටත් දෙන්න තිබුන අමාත්‍යංශ ලේකම්කමක් ආරක්ෂණවාදය නැතිව රෝසමල් වවල රට දියුණු කරන්න 😀
ඇමති එස්බි
හදවත බිඳීම කෙසේ වෙතත් ඇමරිකාව කියූ විට ලාංකිකයා පරල වෙය්. විමල් වීරවංසට මෙන් අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් දැය් සිතේ . මේ ලෙඩ හොඳ කරන්නට අරුණි ශපිරෝ ට වත් නොහැක. නැවතත් ඇමති තුමෝ ඒ විහිලුවම නේද ? ඇමරිකාවේ ආරක්ෂණ ගැන කීම. ඇමරිකාව ඉන්නේ නිදහස් ම වෙළඳ රටවල් ලය්ස්තුවේ නව වෙනි තැන හොං කොන් එක සිංගප්පූරුව දෙක ඔයාගේ ලංකාව එකසිය හත ඔයා ල වගේ අය කියන තර්ක මටනම් තේරෙන්නේ නැහැ . මම කියන්නේ ලංකාව ඇමරිකාව සිංගප්පුරුව හොං කොන් පැත්තට ගමන් කල යුතුය් කියල ඔයා කියන්නේ සිම්බාබ්වේ පැත්තට දක්කමු කියල. මෙන්න ලිස්ට් එක
http://www.heritage.org/index/ranking
ඇස් ඇරලා බලන්න අපි යා යුත්තේ එකසිය හතේ ඉඳන් අඩුවෙන පැත්තටද වැඩිවෙන පැත්තටද ?
Bindi,
නීති කොච්චර ගෙනාවත් වැඩක් නැහැ නීති රකින්නෙ නැතුව. අද තියෙන නීති ක්‍රියාත්මක වනවා නම් කොච්චර වෙනසක් ඇති වෙයි ද කියන්න තියන නීති ක්‍රියාත්මක නොවන විදිය දිහා බලල කියන්න බැරි ඇයි? තියන නීතියක් ක්‍රියාත්මක කරන්න ජනාධිපති අමතන්න වෙන යුගයක් වුනාම නීති ක්‍රියාත්මක කරන්නට පත් වී සිටින අය ගැන කුමක් හිතෙනවා ද?
වඩා අවශ්‍ය හැමටම එක විදියට ක්‍රියාත්මක වන්නා වූ නීති. ලොක්කටයි එයාගෙ අයටයි එක විදියකටයි සොක්කටයි එයාගෙ අයටයි එක විදියකටයි නොවෙන.
//වැඩක් කලහම අනිකා කකුලෙන් අදින එක අපිට දියුණු වෙන්න බැරි අනික් හේතුවක්// අනික් හේතුවක් නෙමෙයි බින්දි, ප්‍රධාන හේතුව. ඇයි එහෙම හැදියාව? තමන් විසින් ස්ව උත්සාහයෙන් මහන්සියක් ගත්තාම ප්‍රතිඵලයක් ලැබිය නොහැකි යැයි දකින නිසා. ස්වාධීන වෑයමකට තැනක් ලැබෙන්නෙ නැතිබව වට පිටාවෙන් නිතර දකින නිසා. එවැනි පරිසරයක හැදෙන පුද්ගල ස්වභාවය අනිකාගේ කකුලෙන් ඇදලා දෑම. තමනට බැරි නම් ඌටත් ඉඩක් දෙන්නෙ නැහැයි කීම. නමුත් ඉහළින් එන අණ වලින් බැබළෙන අයට කිසිවක් කරන්න බයයි. මොකද ස්ව උත්සාහයෙන් නැඟිටින්න හදන අය වගේ නෙමෙයි. නිතරම දකින්නෙ ඉහළ අණකින් එන දෙයක් ඉටු නොකළොත් පාඩු සිද්ධ වෙන හැටි. ඉතින්, ස්ව උත්සාහයන් පාගා ගෙන ඉන්නෙ සමාජයේ ඉන්න අය විසින් ම යි.
කවුරු කොහෙන් හෝ ස්ව උත්සාහයක් ගන්නා අය අගය කරන්නට පටන් ගන්න තෙක් කොච්චර නීති ගෙනාවත් තත්වය වෙනස් වෙන්නෙ නැහැ. නමුත් එහෙම අය අගයන්න නම් අපි ස්ව උත්සාහය හැම දෙනාටම හැකි වෑයමක් මිස කට්ටියකට විතරක් ‘පෙර පින්’ නිසා ලැබිච්ච ‘වාසනාවක්’ කියල හිතන එකෙන් ද අයින් වෙන්න ඕනා. තනිකරම ‘වෑයම’ යන්නට අගයක් දෙන්න පටන් ගන්න ඕන. මූලික චින්තනයක් වෙනස් කරන්න වෙනවා!!!
පාරේ යන්න මුදලක් ලබා ගැනීම (tolls) ඉතා දුර්වල වූ පාරක වියදම හොයා ගැනීමේ ක්‍රමයක්. නිව් යොර්ක් පැත්තෙ ගියොත් කොච්චර නිෂ්පාදනය කළ හැකි කාලයක් අපතේ යනවා ද, කොච්චර පරිසර දූෂණයක් ඔය toll එකෙන් හොයා ගන්න මුදලට වඩා වෙනවා ද කියල දකින්න පුළුවන්. පාරක් හැදුවාට පස්සේ ආර්ථිකය ඉබේම දියුණුව නිසා ලැබෙන විවිධ වූ බදු වලින් හැදූ වියදම හොයා ගැනීම ඊට වඩා වැඩි ලාභයක්.
වැඩ කරන්න අකමැති කට්ටිය වැඩ කරන්න පොළඹන්නෙ කෝමද කියලයි හිතාගන්න අමාරු……
indika27,
සරල උත්තරයක්: වැඩ කරන අය අගය කිරීමෙන් සහ වැඩ කරනවා යැයි පෙන්වමින් වැඩ නොකරන අය ගණනකට නොගෙන සිටීමෙන්!!!
හිකිස්
දැන් මේ ඔපීසියෙ මට සහ වැඩ කරපු කීප දෙනෙක් අද අනාත නාත අසරන සරන සරනංකර වෙලාම ගිහිං කවුරුත් බාර ගන්න නැති කුනුම කුනු කේස් එකක් දෙකක් ඇරෙන්න වැඩක් ඇත්තෙම නෑ අපි සෙට් එකට..
.
හේතුව වැඩ නොකර පඩි ගන්න බහුතරය අතර නිවැරදිව වැඩ කිරීමට යෑම…
indika27,
ඉන්දියාවේ අල්ලස් හා දූෂණ වලින් මිදෙන්න පටන් අරගන තියනවා වෙබ් අඩවියක් I paid a bribe නමින්. අල්ලස් ගත්ත අයගේ නම් දාන්න පුළුවන්. චීනයේත් පටන් ගෙන තියනවා “I bribe” වෙබ් අඩවි. රුසියාවේ Indem Foundation කියන්නෙ There’s always a solution! වැඩියෙන්ම ඒ ගැන දන්නෙ එයාල. අද රුසියන් ව්‍යාපාර කළමනාකාර පාසැල් වැඩියෙන් අවධානය යොදවන්නෙ අල්ලස් හා දූෂණ නිසා ආර්ථික හානිය ගැන කියා දෙන්න. ඉන්දියාව, රුසියාව හා චීනය වෙනස් වෙද්දී ලංකාව තාමත් ඉන්දියාව, රුසියාව හා චීනය මේ වගේ යැයි තමන් අල්ලා ගත් මුලාවක ඉන්නවා.
ලංකාවේ වැඩ හරියට නොකර පඩි ගන්න අයගේ නම් දාන්නත් වෙබ් අඩවියක් පටන් ගන්න පුළුවන්!!!
කුදලාගෙන තමයි යන්නෙ අඩවිය අයිති අයව, අර මාධ්‍ය නිදහස කියන එක ඔය පැත්තෙ නැති නිසා. බලය අල්ල ගන්න පමණක් මාධ්‍ය නිදහස ගැන කතා කරන්නෙත්, බලය ලැබෙන හැමෝටම ඒක අමතක වෙලා යන්නෙත්, අමුතු ම ජානු තියන අය නිසා ද? නැත්නම් තද නීති, වැඩි සැලසුම් හා නිසි බලය පමණකින් වැඩක් කෙරෙනවා යන්න හැමදාම හිතාගෙන ඉන්න පිරිස රටේ වැඩි නිසා ද?
පිට කවුරු අගයක් නුදුන්නත්, හෘද සාක්ෂිය දන්නවා පඩි අරගන වැඩ කරනවා ද නැද්ද කියලා. සමහර විට රටේ ලෙඩ්ඩු වැඩි වෙන්නෙ ඔය ආසනික් දාපු/නැති ( තාම හරියට දන්නවා ද?) ආහාර කන නිසා නෙමෙයි වෙන්නැති, වැඩ නොකර ගන්න සල්ලි වලින් කන ආහාර හරියට ජීර්ණය වෙන්නෙ නැති නිසා වෙන්නැති!!
නංගියේ , මෙහෙම හැමදාම දියුණුව පතන අය හිටියොත් ලෝකෙ මොනතරම් සුන්දර වෙයිද? අපේ රටේ තියෙන මානසිකත්වය මුලින්ම හැදෙන්නට ඕනෙ. තම රට ආදරය කරන තමන්ගෙ රටේ අනෙක් ජීවත්වන ජාතීන්ට ගරුකරන සමානව සලකන , රටේ නීතියට ගරු කරන, රටේ බදු මුදල් වංචාවක් නැතිව ගෙවන පුරවැසියන් ඉන්නවා නම් රටක දියුණුව හැමදාම තියේවි. අපේ රටේ විතර අඬන ජාතියක්! ලෝකෙ කොහෙවත් මම දැකල නැහැ. අපේ වගේ හැම දේම නිකම් දෙන ආණ්ඩුත් කොහෙවත් නෑ. ඇඬිල්ලට බයේ දෙනවා.
දායාව කරුණාව අගයන සමාජයක් බිහිවේවා!
වඩාත්ම සිත් ගත්තේ ………..කල්පනා කර බලන්න. හැම දෙයක්ම ළඟට ගෙනැත් දීමට සිදුවන, හැම දෙයක්ම තමන් කියන තෙක් බලා සිටිනා සහකාරයෙක්/සහකාරියකට වඩා තමන් විසින් තම කටයුතු කරගත හැකි, හවුලේ දියුණුවට අදහස් ඉදිරිපත් කරත හැකි සහකාරයෙක්/සහකාරියක් වඩා සුදුසු නැද්ද?
chandi,
අපිටත් නිදහස් අදහස් කියා පාන්න අද අන්තර්ජාලය තියන නිසා නිදහස් මතවලට කැමති අයට තැනක් ලැබිලා!! ඔව්, ලෝකෙ මොනතරම් සුන්දර වෙයි ද කියලා අනාගතය කියයි.