සිංහල මුලාව The Sinhala Delusion
ඇමෙරිකන් මුලාව ගැන ලියූ මම 2011 දොම්නස ළඟා කරන වසරක් දැයි විමසුවෙමි. ග්‍රීසියේ බංකොළොත් බව මන්දැයි හඳුනා ගන්නට නොහැකියාව නිසා රටවල් ගණනාවක දැනටමත් ග්‍රීසියේ වැනි උද්ඝෝෂණ දකින්නට හැකිය. නැති මුදල් සඳහා තමන්ට අයිතියක් ඇතැයි කියා රට උකස් කර හෝ නැති මුදල් බෙදා දෙන්නට යැයි ජනතාව පෙළපාලි යනු ඇත. මුදල් හම්බ කිරීමෙන් පමණක් මුදල් බෙදා ගත හැකි බව ලොව ඔප්පු කර ඇති එකම ක්‍රමය යැයි පිළිගත් පිරිස ඉන්නා රටට ලෝකයා ද්වේෂ කරනු ඇත. නමුත් එය පිළිගනු නොමැත.
ලෝක විනාශ අනාවැකියක් ගැන ‘නිදහස් සිතුවිලි’ ලියපු සටහන කියවද්දී මට හිතුනේ ලෝක විනාශය ස්වභාවිකව ඇති වෙන්නට පෙර මිනිසා විසින් ඇති කරගනු ඇතැයි ද කියාය. ඒ පරිසරයට හානි කිරීමෙන් නොව එකිනෙකා මරා ගැනීමෙනි. හ්ම්… එතකොට ලෝක විනාශය නෙමෙයි මිනිස් විනාශය කියන්න වෙනවා!!!
අයෙක් එයත් පරිණාමයේ ස්වභාවික වූ හැදියාවක් යයි කියනු ඇත. එනම්, ජනගහණය කාලයෙන් කාලයට අඩු කරගත හැකි නිසා යුද්ධ හා කෝලාහල යනාදිය ‘ස්වභාවික’ යැයි කියනු ඇත.
සිංහල මුලාව පටන් ගන්නේ එතැනින් ය. ජීවිතයක් බිලි දී රජය විසින් ස්ථාපිත කරන්නට ගිය නීතියක් නවතා ගත හැකි වූ බව ‘ජයග්‍රහණයක්’ සේ දැකීම සිංහල මුලාවයි. ජයග්‍රහණයක් අත් කරගත හැකි වනුයේ බිල්ලක් දීමෙන් යැයි සිතීම ගෝත්‍රික චින්තනයයි. එසේ සිතන තාක් විකල්ප දකින්නට එවැන්නාට නොහැකිය.
දියුණුවේ පදනම පුද්ගල අයිතිය යැයි කියද්දී එය නොදැක්කා සේ සිටීම සිංහල මුලාවයි. අනගි දර්ශනයක බාරකාරත්වය ලැබි ලංකාව එය තමනට අවශ්‍ය ආකාරයට නිර්වචනය කර ගත්හ. පුද්ගල අයිතීන් මොනවා දැයි යන්නත් තමන් කැමති ආකාරයට නිර්වචනය කර ගැනීම සිංහල මුලාවයි.
ප්රජාතන්ත්රවාදය රටක දියුණුව සලසා ලන බව නොදැකීම සිංහල මුලාවයි. ප්රජාතන්ත්රවාදය තමන්ට කැමති ආකාරයට නිර්වචනය කර ගන්නේ එහි පදනම වන පුද්ගල අයිතිය බැහැරකට දමා වීම ද සිංහල මුලාවයි. එක කාලයක දී රිචඩ් සොයිසාගේ මළකඳ මුහුදෙන් ගොඩට ගනී. තවත් කාලයක දී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාගත නොහැකි ය. එහෙත් මාධ්‍යවේදීන් කිසිවෙක් පුද්ගල අයිතිය ගැන නොකියති. එය සිංහල මුලාවයි.
නිදහස් වෙළඳපොල ගැන තමන් කැමති ආකාරයට නිර්වචනය කර ගනිද්දී එක කාලයක පොල් අක්කර 50 ක් පමණක් පුද්ගලයෙකුට අයිති කරගත හැකි යැයි නීතියක් ගෙන එයි. ඉතිරි සියල්ල රජයට පවරා ගනියි. ඒ මොන විද්‍යාත්මක සාධකයක් උඩ ද? ඇයි පොල් අක්කර 52 ක් බැරි? 50 පහසු වූ රවුම් අංකයක් නිසා ද? හැබැයි පොල් අක්කර 50 ට වඩා තියන අයෙකුට පවුලේ සූසාන භූමියට යැයි කියා තවත් අක්කර තුන හතරකට අයිතිය කිය හැකිය. පොල් අක්කර 50 කට පොහොර දාන්න රුපියල් ලක්ෂයක් පමණ ගිය සමයක් තිබිණ. දැන් පොහොර වල ආසනික් නිසා ඊටත් වඩා ගණන් ගිහින් ඇති!!! ඉතින් පොල් අක්කර 50 ක් ඇත්තාට ඊට පොහොර දාන්න සල්ලිත් තිබිය යුතුය.
නව නීතියක් ගෙනෙන්නට යන්නේ පොල් අක්කර 5 කට වඩා විකුණා දමත නොහැකියි කියන්නට ය. ඒ මහා පරිමාණයෙන් පොල් වගාව ඵලදායක බව කාටදෝ වැටහී ගිහින් ඇති නිසාය!!! ඇයි පොල් අක්කර 50 ක් අයිති නම් ඉන් 25 ක් විකුණන්න බැරි? අක්කර 25 කින් ලබා ගත හැකි ඵලදාව අක්කර 5 කට වඩා අඩු/වැඩි යැයි තීරණය වූයේ මොන විද්‍යාත්මක සාධක පමණක් උඩ ද? මොන කළමනාකාර දත්ත පමණක් උඩ ද? පාඩු ලබද්දී කැමති කොටසක් විකුණත නොහැකියාව නිදහස් වෙළඳපොල ද?!!!
නිදහස් වෙළඳපොල නොදන්නා දන්ත වෛද්‍යවරයෙක් නීති ගෙනෙන්නේ මාළු මිල පාලනයට ය. මිල පාලනයෙන් කාර්තෙල් (cartel) හැදීම නිදහස් වෙළඳපොලට පටහැනි බවත් ප්‍රතිඵලය වාසිදායක නැති බවත් ඔහුට කියා දෙන්නට කෙනෙක් නැද්ද? මිල පාලනය නිසා නිතරම භාණ්ඩයේ තත්වය බාල වන බවත් (හොඳ මාළුවා අල්ලා ගන්නාට වැඩි මිලක් නොලැබෙන නිසා), තරඟයක් නැති කළ (වැඩියෙන් හොඳ මාළු අල්ලා වැඩි ලාභ උපයත නොහැකි නිසා) නිෂ්පාදනයෙන් ඉවත් වී මාළු හිඟයක් අනාගතයේ ඇති විය හැකි බවත්, මාළු රට පටවන්නට තරම් කවදා වත් මාළු වෙළඳපොල දියුණුවක් ඇති නොවේ යැයි ද කවුරුත් ඉතිහාසය දිහා බලා මතක් කර නොගති. නිදහස් වෙළඳපොල තමන්ට උවමනා ආකාරයට නිර්වචනය කර ගැනීම සිංහල මුලාවයි.
මිනිසා වනාහී උපන්දා සිට තරඟයක යෙදෙන, බහ තෝරන්න හා කියවන්න ලියන්න මෙන් පිහිනන්න ද තමන් විසින් උත්සාහයක් යොදවන්නේ නැතිව කරත නොහැකි බව පිළි නොගැනීම සිංහල මුලාවයි. ඒවා ජීවත්වන සමාජය විසින් පොදු උත්සාහයකින් දෙන දේවල් යැයි මිථ්‍යාවක පැටලී ඉන්නා අය අනුන් දෙන තුරු, වාසනාවට පහළ වනතුරු නිකම් බලාගෙන සිටිති. හඳහනේ ‘රාජ යෝගයක්’ ඇතැයි ප්රචාරයෙන් අනුන් මුලා කර බලය අල්ලන්නට උත්සාහ ගැනීම සමාජයේ දකින්නට හැකියේ, එක් අයෙකුට ඇති අනිත් අයට නැති සුවිශේෂී වූ ‘ලබා උපන් හැටි’ යැයි සිංහල මුලාවක් වූ විශ්වාසයක් තියන නිසා ය.
පිස්සු ද මන්දා අරුණිට …. ඔය ඔක්කොම බොරු කතා. පෘතුගීසිකාරයන්, ඕලන්දකාරයන්, එංගලන්තෙ සුද්දෝ ඇවිත් අපිට අරක්කු බොන්න දීලා ගෝත්‍රික අදහස් වලින් ජීවත්වෙච්ච අපිව අන්දබූත කළේ නැත්නම් අපි අද ලෝකයටම ලොක්කෝ!!!
“Today we may see a crisis in leadership. There is a dearth of good leaders. Our educational system, may be churning out stereo types to fit into a mould. We may not be placing much emphasis on making each individual to be that unique person that’s meant to be. The need of the hour is to make each a creative and questioning individual. To discover and bring out in every person, that latent uniqueness that lies buried within each of us.” අනේ ඇත්තටම සිංහල කියවන්නා අතර ඕක කවුද පිළිගන්නෙ???!!!
මොන පිස්සු ද මේ අරුණිට. මේ ආණ්ඩුව හරියට බෙදන්නෙ නැති නිසා මේ ආණ්ඩුව පෙරළලා අපි ඊ ළඟ පාර පත් කර ගනිමු සේරම හරියට කරන්න පුළුවන් අපේ ම (සිංහල මුලාවෙන් ම ඉන්න) ආණ්ඩුවක්!!! සිංහල මුලාවෙන් මිදෙන්නේ නැතිව තව තවත් නව නීති ගෙනෙමු. තව තවත් නව සැලසුම් ගහමු. වැඩ කරන්න පුළුවන් අයට රට දාලා යන්න හිතෙන තරම් අළුත් නීති ගෙනැල්ලා අළුත් සැලසුම් ගහලා ඒ අය රට දාලා වැඩ කරන්න පුළුවන් රටවල් වලට පනින කොට අනේ අපොයි මෙහෙම මොළ සූරා කෑමක් කියල ඒ රටවල් වලට බනිමු.
ඔන්න පාර … ඔය පාරෙන් යන්න කිව්වාම ඒක නොදකින්න ඇස් පියාගෙන, ඕවා විදේශ කුමන්ත්‍රණ, හැමෝටම ඔය ඊනියා (එසේත් නොවන මෙසේත් නොවන) නිදහස දුන්නොත් හරි යයි කියලා හරියටම හරියන සාර්ථක ප්‍රතිඵල ලත් පුද්ගල අයිතිය, ප්රජාතන්ත්රවාදය හා නිදහස් වෙළඳපොල (එකම විදියකින් පමණක් නිර්වචන වන) සිංහල මුලාවට හරියන විදියට නිර්වචන කරගෙන විසඳුම් හොයමින් සිටීම වනාහි සිංහල මුලාව මිස වෙන කුමක් ද?!!
මේවට කමෙන්ට් ලිවීම කොටි වලිගයක් අල්ලාගත්තක් මෙන්ය. එත් මම නම් දන්නේ මෙච්චරය “Today we may see a crisis in leadership. There is a dearth of good leaders. Our educational system, may be churning out stereo types to fit into a mould. We may not be placing much emphasis on making each individual to be that unique person that’s meant to be. The need of the hour is to make each a creative and questioning individual. To discover and bring out in every person, that latent uniqueness that lies buried within each of us.” මේ කතාව මම නම් විස්වාස කරමි. මෙහි එන නායකයා මා නම්, කොතැන සිටියත් මා කරන්නේ මට පුළුවන් හැටියට මටත් අනුන්ටත් යහපතක් වන හොද කටයුතු වල යෙදීමය. තමන් වරදින් මිදී සිටී නම් එවිට ඉබේටම අවට පිරිසද එම වරදින් මිදෙනු ඇත. එය ඉවසීමට අපහසු කෙනා ඔබ හැරදා යනු ඇත. එවිට ඉබේටම වාගේ ඔබ ඔය ඉහලින් දමා ඇති මුලාවන් සැමකින්ම ගොඩ එනු ඇත. අද සිංහලයෙක් හෝ දෙමළෙක් කියා කෙනෙක් නැත. එසේ සිතා සිටිනා කෙනා වැටී සිටිනුයේ මහම මහ මුලාවකය. ඒ මුලාව පැහැදිලි කරන්නට මගෙන් නම් නොඅසනු මැන.
Hishan Melanga,
//කොතැන සිටියත් මා කරන්නේ මට පුළුවන් හැටියට මටත් අනුන්ටත් යහපතක් වන හොද කටයුතු වල යෙදීමය.//
කිසිදාක ඔය සිතුවිල්ල වෙනස් නොකරන්න. එය ඔබට හැමදාම ජය අත්පත් කරදෙනු ඇත. එසේ නැතැයි කියන්නන්ව විශ්වාස නොකරන්න.
ඔබගේ විදේශ ගමන සාර්ථක වනු නිසැකය. එය අති සාර්ථක වේවා යැයි ලංකාවටත් ඉන් කිසියම් පිහිටක් ලැබේවා යැයි මගේ ආශීර්වාදය හා පැතුමයි!!
බිල්ල ගැන කියනවා නම් බිලි දුන්නා නොවේ ගත්තා නේද?
මං ඇමති නං, බලතල තිබේ නං, අර කලාපයේ රැස්වීමේදී නිල්පාට ටී-ෂර්ට් කාරිය කළ කතාවෙන් පසු පනත අස්කර ගන්නවා.
අරුණි මේ කියා ඇත්තේ එක සිංහල මුලාවක් පමණි. සිංහල මුලාවල් අනන්තය අප්රමණය. හරි දෙය වැරදි දෙය කුමක්ද යන්න තීරණය කිරීම අපහසු වීමට හැකි වුවත් අත් හදා බලා සාර්ථක වූ දෙයක් සහ අසාර්ථක වූ දෙයක් අතර වෙනස වටහා ගත නොහැකි වීම යනු මුලාවක්ද? මැටි මුග්ධ කමක්ද? එක පාරක් නොව දහ පාරක් පමණ කර අසාර්ථක වූ දේ අලුතින්ම සොයා ගත් මාර අලුත් දෙයක් ලෙස ගෙන හදිසියේ නින්දෙන් අවදි වුවා සේ නැවත අලුතින් හඳුන්වා දෙනහැටි නොපෙන්නට ඇස් ගෙඩි වලට හෙන වැදිලද සිහලුන්ගේ?
//සිංහල මුලාව පටන් ගන්නේ එතැනින් ය. ජීවිතයක් බිලි දී රජය විසින් ස්ථාපිත කරන්නට ගිය නීතියක් නවතා ගත හැකි වූ බව ‘ජයග්‍රහණයක්’ සේ දැකීම සිංහල මුලාවයි. ජයග්‍රහණයක් අත් කරගත හැකි වනුයේ බිල්ලක් දීමෙන් යැයි සිතීම ගෝත්‍රික චින්තනයයි//
1776 නිදහස් සටන කාලෙ ජීවිත ගානක් බිලි දීල ගත්ත නිදහස ජයග්රහනයක් විදිහට සමරන එක මිසී එතකොට අමරිකන් මුලාවද?
pullasthi,
71 කැරැල්ලෙන් ප්‍රේමවතී මනම්පේරී සහෝදරිය බිල්ලට දුන්න. කෝ කාන්තා ප්රචණ්ඩත්වයන් අද නැවතිලා ද?
1976 දී පේරාදෙණිය සරසවියේ වීරසූරිය සහෝදරයා බිල්ලට දුන්න. කෝ නිදහස් අධ්‍යාපන රැක ගත්තා ද?
1989 අන්තිමේ දී රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නවතින විදියට මහජන දේපල, පුද්ගලික දේපල, ජීවිත බිල්ලට දුන්න. අන්තිමට ඒක lost revolution පමණක් මිස ජයගත් දැයක් තිබුණා ද?
****
1776 න් ඇමෙරිකාව දිනන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අයින් වෙන නිදහස් සටන. එදා සිට අද දක්වා ලොව කිසිම රටකට කිසිදාක යටත් නැති ලෙසින් ඉන්න ඇමෙරිකාවේ පුරවැසියන්ට ඉඩකඩ ලැබිලා නැද්ද?
1964 දී ශිෂ්‍ය අරගල ඇමෙරිකාවේ ඇතිවෙන්නෙ බර්ක්ලේ විශ්ව විද්‍යාලයෙන්. ඩේවිඩ් ශපීරෝ නැමති ශිෂ්‍යයා කකුල් දෙක විශ්ව විද්‍යාල සභාපතිගේ මේසේ උඩ දාගෙන සුරුට්ටුවක් බොන පින්තූරේ වැටෙන්නෙ ටයිම්ස් සඟරාවේ මුල් පිටුවෙ. අද ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල කීයක සිසු හෝ ගුරු මණ්ඩල වර්ජන ව්‍යාපාර නිසා අධ්‍යාපන කඩා කප්පල් වෙනවා ද?
1970 ගණන් වල කළු ඇමෙරිකානු අයිතීන් වෙනුවෙන් සටන් වදින්න සුදු ඇමෙරිකානුවන් ද එකතු වෙනවා. අද කළු ඇමෙරිකානුවෙක් රටේ ජනාධිපති නොවේ ද?
2010 දී තේ පාටි ව්‍යාපාරය රට පුරා ජනරැළි පවත්වමින් පවතින රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ යැයි හඬ නැඟුවා. කිසිවෙකුගේ ජීවිත බිලි දුන්නෙ නැහැ. ජනතාව ඒ සඳහා වෙනස් නියෝජිතයන් තෝරා පත් කරගත්ත. අද ඔබාමා රජයට තනි කැමැත්තෙන් බජට් පාස් කරන්න ඉඩක් නොදෙන්නෙ එකම ජීවිතයක් වත් බිලි දීලා නොවෙයි නේද?
ඔව්, 1776 න් ඔටුනු පැළඳි චින්තනයෙන් ගැලවෙච්ච, ප්රජානත්ත්රවාදයෙන් ම පමණක් මිස, අහිංසක ජීවිත බිලි නොදී රටත්, ජනතාවත් ආර්ථිකයක් බේරා ගත හැකි එකම ක්‍රමය රැක ගැනීමට වසරක් වසරක් පාතා අති උත්කර්ෂවත් ලෙසින් සැමරීම කළ යුත්තක් ම වෙයි. එය හඳුනා ගන්නට බැරිවීම අභාග්‍යයකි.
බිලි ගත්තා මිස බිල්ලට දුන්නා නොවේ.
බිල්ලට දෙන්නේ බහිරවයාගෙන් නිදන් ගන්ණ යනවා වගේ සීන් වලදී.
මේ හැම තැනකම සිදුවී ඇත්තේ රාජ්‍ය යන්ත්‍රය විසින් සාමාන්‍ය වැසියෙක් ව බිල්ලට ගැනීමයි.
ඇමරිකාව ඇෆ්ගනිස්ථානේ ට ගහන්න යන කොට හොඳටම දන්නවා දාස් ගණනක් බොඩි බෑග්ස් ඕනෑ වෙන බව. අන්න බිල්ලට දෙන්න යෑම.
වඩමටච්චියේ දී, පුඩුමාදලන්, මාවිලාආරු ඔය හැම තැනකමත් එහෙමයි.
Kathandara,
//බිල්ලට දෙන්නේ බහිරවයාගෙන් නිදන් ගන්ණ යනවා වගේ සීන් වලදී.//
හරියටම හරි. ලාංකික අරගලයන් බිල්ලට දෙන්නෙ අරගලය දිනාගන බලය නැමති නිදන් අල්ල ගන්න තැත දරන අයව නොව කුසගින්න නිසා බඩ පුරවගන්න ක්‍රමයක් හොයන අහිංසක අයවයි.
ඉතින් සරලයිනෙ.1776 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වෙන්න ජීවිත බිලි දුන්න.බ්‍රිතාන්‍ය අකුල ගත්ත.අද විශ්‍රාම වැටුප් පනත පරද්දන්න කෙනෙක් ජීවිතය පරිත්‍යාග කලා.ඒ පනතත් අකුල ගත්තා. එතකොට අමෙරිකාවෙ සටන මරු වෙන්නත් මේ සටන මුලාවක් වෙන්නත් හේතුව මොකක්ද?
පලි – කලු අයගෙ අරගල කාලෙ මේසෙ උඩට වෙලා සුරුට්ටු උරනවට වඩා ගොඩක් නරක දේවල් දකුනෙ (පුද්ගල අයිතිය රකින ) ආන්ඩුයි සුදු ඝාතන කල්ලියි අතින් වෙලා තියෙනව කියලයි මම අහල තියෙන්නෙ.ඔබාමා අද ජනාධිපති පුටුවෙ ඉන්නෙත් මාටින් ලූතර් කිං මෙඩ්ගාර් එවර්ස් මයිකල් එක්ස් වගේ බුවාස්ලා ජිවිත බිලි දුන්න හින්ද තමයි නේද මිස්?
pullasthi
බිල්ලක් දුන්නම දිනාගත්ත දෙයක් නැහැ. කාලෙන් කාලයට තවත් බිලි පුජා කරනවා මිසක.
සටනක් දිනාගත්තම ලැබිච්ච නිදහසක් (1776 දී නිදහස් රටක්); 1964 දී නිදහස් ප්‍රකාශයට අයිතිය -free speech movement (කලු අරගල නිසා මේසයක් උඩට වෙලා සුරුට්ටුවක් බිව්ව නෙමේ) සහ 70 ගණන්වල කළු අයටත් සම අධ්‍යාපන අවස්ථා රකින්න සුදු අයත් ඔවුන් හා එකතු වුනු නිසා (ඉතිහාසය කියවන්න නොදත්තාට කරන්න දෙයක් නැහැ මිස්ට පුලස්ති) නිසා තමයි අද ඔබාමා වැනි කළු ඇමෙරිකන් නීතිඥයෙකුට ජනාධිපති වෙන්න හැකි වූයේ. අයෙක් දෙන්නෙක් සටන නිසා මිය ගිය නිසා නෙවෙයි. සටන දියත් වුනෙ සුළු පිරිසක් අතින් නොව මුළු ජනගහණයක ස්ව කැමැත්ත තුලින් වූ මූලික විශ්වාස වෙනස් වීම නිසා.
අපිට ඉතින් ඉතිහාසය කියල උගැන්නුවේ ගිරි කියන නිගන්ඨයා ගල් ගුහාවක හිටපු එකයි ඒව සමතලා කරල පන්සල් හදපු එක ගැනයිනෙ මිස්.ඒ නිසා අරහෙන් මෙහෙන් ඉගෙන ගත්ත ඒවයෙන් තමයි ඇමරිකාවෙ ඉතිහාසය ගැන කතාකොරන්නෙ.විත් ඕල් ඩියු රෙස්පෙක්ට් මිසී – මට නං හිතෙන්නෙ ගාමන්ට්වල කොල්ලෝ කෙල්ලො තමුන්ට බලපාන පුරස්නයක් ගැන – තමුන්ගේ වැටුප රැකගන්න – හැගීමෙන් ෆයිට් කලා.බලය තියෙන උන් අනුකම්පාවක් නැතිව වෙඩි තියල උන්ගෙන් එකෙක් මැරුව.හැබැයි අන්තිමට ලොක්කොන්ට අරුන් ඉස්සරහ දන ගහන්න උනා.ඒකයි ඇමරිකාවේ හරි ප්‍රංශයේ හරි වෙන කොහෙ හරි දුක් විදපු මිනිස්සු බලවතුන්ට විරුද්ධව සටන් කරල සුරක්ෂිත කරගත්ත අයිතිවාසිකම් සටනකුයි අතර වෙනසක් පේන්නේ නැහැ.
පලි – මිස් මගේ බ්ලොග් එක විසිට් කරල තියෙනවද?දවසක ඒ පැත්තෙ ඇවිත් ගිහින් අදහසක් කියනවද?
pulasthi,
පහුගිය දා ජවිපෙ රැස්වීමේ දී සිංහල පත්තර වල ආණ්ඩුව කියන හැටියි ඉංග්‍රීසි පත්තරවල ආණ්ඩුව වෙන දෙයක් කියන හැටියි ගැන දීපු විස්තරය තමයි ලංකාවේ සිංහල කියවන්නාටත් සිද්ධ වෙලා තියෙන්නෙ.
සිංහලෙන් ලියවෙද්දී අපි කියවන්නෙ සිංහල චින්තනයට හරියන්න ලියපුවා. ඉංග්‍රීසියෙන් කියවද්දී ලෝක හැම තැනකින්ම ඉංග්‍රීසි ලියන අය ලියපු කියවද්දී සිංහල චින්තනයට පමණක් ලියවිලා නැති දේවල් කියවන්න හැකියාව ලැබෙනවා.
ආණ්ඩුව සිංහල කියවන අයට වෙන දෙයකුයි, ඉංග්‍රීසි කියවන අයට වෙන දේකුයි දෙනවා කියද්දී සිංහල කියවන අයව මුලා කරලා තියන හැටි දකින්න පුළුවන් හිතන්න ඇහැකි කෙනකුට විතරයි. ඒක ආණ්ඩුව ද නැත්නම් සිංහල කියවන්නාට සිංහලෙන් ලියන කියන අය දෙන දේවල් ද?!!!
අද ඉන්දියාව, රුසියාව සහ චීනය ඇතුළු නැගෙනහිර යුරෝපයේ ඉස්සර කොමියුනිස්ට් රටවල් ද, චිලේහි පසුගිය දා බලයට පත් වූ සමාජවාදී පාලකයා ද, කියුබාවේ රාවුල් ද යන සියල්ලෝම දකින දෙයක් ලංකාව තාම දකින්න අකමැතියි. එනම් හම්බ නොකර බෙදන්න දෙයක් නැති බව.
ඉන්දියාව ඇමෙරිකාවත් එක්ක වැඩි ගණුදෙනු. චීනය හා රුසියාව ඇමෙරිකාව එක්ක වැඩි ගණුදෙනු. ලෝකයේ ලොකුම සහ ධනවත්ම වෙළඳපොලෙන් අයින් නොවෙන්න ඔවුනට සාමාන්‍ය දැනුම තියනවා. ඉන්දියාව, රුසියාව හා චීනය අධිරාජ්‍යවාදී විදියට ඇමෙරිකාව නොදකිනවා යැයි දැනගත හැකියාව ඇත්තේ ඉංග්‍රීසියෙන් කියවද්දී. එයාලත් තම රටේ අයට තම භාෂා වලින් කියද්දී කියන්නෙ රට්ටුන්ගෙ චින්තනයට අනුව සිත් සනසන දේවල්. වොෂිංටන් ඇවිත් ඉංග්‍රීසියෙන් කියන්නෙ ඉස්සරහට යන්න පුළුවන් ගණුදෙනු හා වෙළඳ සම්මුති ගැන.
පීඩිත අය තමන්ව පීඩනය කරන අයට විරුද්ධව සටනකින් ජයගන්නෙ පීඩනය එන්නේ කොහෙන්දැයි හරියටම හොයාගත්තම. එහෙම සටනක් ජයගත්තාම (පීඩනය ඇති වූ හේතුව ඉවත් කරගන්න ඉඩක් ලැබුනාම) තත්වය වටහා ගැනීමකින් සදාකාලිකව වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා.
ගාමන්ට් වල වැඩ කරන අහිංසකයෝ ජයගත්තු දෙයක් නැහැ. ඔවුන්ට ලැබිලා තියෙන්නෙ අකමැති නීතියක් පැනවීම තාවකාලික නැවතීම පමණයි. ඉතින් ආයෙත් ඔය අරගලයම, ඔය විදියටමත්, තවත් මුහුණුවරකින් ද එළියට එනවා.
මම අද ඉන්නෙ ඉන්දියානා ප්‍රාන්තයේ. ඉඩක් ලැබුණම ඔබගේ අඩවියට ඉක්මණින් ගොඩ වෙන්නම්.
ටික දවසක් කැලේ හිටියා. කැලේට තියා හෝටලේට වත් තවම නෙට් නැහැ.
කොල්ල බිලි දුන්න [ගත්ත] දවස් වල දහසක් බ්ලොග් වල විප්ලවයේ මල් කැකුළු පීදුනා. හැමදාමත් වෙනවා වගේ ඔක්කොම කලේ මැරිච්ච එකාගේ දුක වේදනාව ඌ හීනෙකින් වත් නොහිතුව පරිත්‍යාගයකින් හෝදලා දාන එක. එහෙම හිතුවම හිත් වලට සනීපයි. ඔය විප්ලවවාදේ කොහොමත් සමාජ අසාධාරණයට විරුද්ධ ව ගහන අබින් පාරක් නේ.
සත්‍ය ලෝකය ඔයිට වඩා කුරිරුයි වේදනා කාරියි. අන්තනෝමතික දේශපාලකයින්, පිස්සු බල්ලන් වැනි පොලිසිය, ලේ වලින් දේශපාලන වන්දි ඉල්ලන කලහකාරී විප්ලවකරුවන් මෙන්න මේ ගොල්ලන් තමයි මේ කතා වල කේන්ද්‍රීය සාධක. රොෂේන් ලා කියන්න මේ ගල් රෝල් මැද්දේ තෙරපිලා මියදෙන්නන්. ඔය ගල් රෝල් ලොකුවට පෙරලුනු විවිධ වාර වල උතුරේත් දකුණේත් ඔය වගේ අහිංසකයින් මියගියා අනන්තවත්. එව්වත් වැටුනේ විප්ලවකාරයින්ගේ මහා විරු සැමරුම් වලට තමයි.
කොල්ල මල නිසා පනත හකුලා ගත්ත කියල මට හරියටම තේරෙන්නේ නැහැ. පනත හකුලා ගන්න එද්ක සිද්ධ උනේ ප්‍රකාශ බර ගණනකින් [මේ ආණ්ඩුවේ හැටි නේ] කොල්ල මැරෙන්න කලින් දවසෙම කලාපය පනතින් මුදා හැරියා [නිල්පාට අක්කගේ එල කිරි කතාවෙන් පස්සේ]. ඊට පස්සේ දවසේ පනත ම හකුලා ගත්තේ කොල්ල මලාට පස්සෙද කලින් ද කියන එක මටත් හොයා ගන්න බැහැ. එදා ඉඳං දෙතුන් දවසක් එක එකා පනත හකුලා ගත්ත වෙන වෙන ම [ලේ තැවරුණු අත් සෝදා ගන්න හැටි].
කොල්ල මල ආසන්නම හේතුව රබර් උණ්ඩ ජලය හා කඳුළු ගෑස් නොගහා කෙලින්ම වෙඩි තිබ්බ එක. පොලිසිය ඒක සාධාරණ කරන්නේ මේ කට්ටිය පොලිසියට ප්‍රහාර එල්ල කල බව කියා [පොලිස් ලොක්කෙකුට හොඳටම තුවාලයි] එහෙත් පොලිසියකට මේක සාධාරණ හේතුවක් නොවේ.
කොල්ල මැරෙන්න අණ දුන්නේ උඩින් ම කියලා කට්ටියක් කියන්නේ. තව කට්ටියකට අනුව පොලිසියේ ලොක්කට ගල් ගැහුව නිසා අත්තනෝමතික ව වෙඩි තිබ්බලු. මට තේරෙන්නේ මේ දෙකේම මිශ්‍රණයක්. ලොක්ක කියන්න ඇති ගහපිය කියලා. පොලිසිය කිව්වා වගේ දහ ගුණයකින් දෙන්න ඇති වැඩේ.
කොයි දේ කොයි හැටි වෙතත් කොල්ලගේ පවුලේ සහය අපිටයි කියන මල මිනි වෙන්දේසියට රජය හා විප්ලවකාරයින් එකසේ ඔට්ටු ඇල්ලුවා. ඒක රජය දිනුම්. කොල්ලගේ පවුලේ උන් කියන හැටියට මේක ජෙප්පන්ගේ වැඩක්. මේක පිලි ගන්න කියලා කියන්නත් බැහැ. මං කිව්වා වගේ මිනියත් වෙන්දේසි වීමයි උනේ.
මේ ටික මං ලිව්වා ම අපේ විප්ලවකාරී බ්ලොග් කරුවන් ගේ ආතල් කැඩීම නිසා ආණ්ඩුවේ රෙදි හෝදන චෝදනාවක් මට වැදුනා. මං අහවල් එකකට ඔව්ව හොදන්නද? හැබැයි අපි විප්ලවෙට කඩේ යන්නෙත් නැහැ. මේ මරණය අපරාදේ ජිවිතයක් බවයි මට තේරෙන්නේ. ලැබූ මගුලක් නම් නැහැ. නොමැරී බේර ගන්න තිබුණු දේවල්.
ආණ්ඩුවේ මොකා මොක හකුලා ගත්තත් මේ වෙලාවේ මේ රටේ රෙද්ද අස්සේ මුදල් ඇමති තුමා වන ජයසුන්දර “මහත්තයා” ඔය විශ්‍රාම වැටුප හකුලලා නැති බවයි මට තේරෙන්නේ. මේ පොඩි විරාමයක් විප්ලව ගීතයකින් ඔබේ සිත සනසා ගන්න. රොෂේන් චානක ගැන නැවත නැවත කියවන්න. ඔහුට විප්ලවේ ආචාරය පුදන්න. ලබන අවුරුද්දේ ඔක්කොම අමතක උනාම ආයිත් පලවෙනි කොටුවට එන්න.
මේ ගැන කිව්වම ජෙප්පන් මෙහෙයවන අන්තර් සමාගම් සංගමේ කිව්වේ, “ආයිත් ආවොත් අපි ආයිත් පාරට බස්සනවා කියලා”. මං හිතන්නේ ඒ අහිංසක සංගමේ තවම දන්නේ නැතුව ඇති මේ අපේ බ්ලොග් මහත්තුරු කියන විදිහට එදාටත් “බිලි ගන්න” මේ ආණ්ඩුවට බැරි නැති බව. ඒ ගොල්ලෝ බිලි දෙනවා එහෙම නෙවෙයි ඔන්න. ඒ ගොල්ලෝ අහිංසක කමට බහිනවා පාරට. ගහනවා පුංචි ගල් කැටයක්. හෙමිහිට හෙමිහිට කූඹියෙකුටවත් නොරිදෙන්න කඩනවා පොලිස් මුරපොල. ඔන්න එතකොට ඇවිත් ගන්නවා බිලි.
අපි නොදන්න ලංකාව
අපි නොදන්න විශ්‍රාමේ
අපි නොදන්නා විප්ලවේ
පව් අසරණ කොල්ලෙක්.
මමත් හිතනවා අපේ ගෝත්‍රික භාවය තවම තියනවා. බලන්න අපේ රටේ ඉන්න වැඩි දෙනෙක්ට ලියන්න කියවන්න පුළුවන්. ඒත් අපි උගත්කම අතින් ඉන්නේ කොතනද? අවුරුදු 10, 11 ඉගෙනගෙන සා/පෙ සමත් වුනොත් උ/පෙට නොයනවා නම් අපේ දැනුම මොකක්ද? ලියන්න කියවන්න හැර අපි වෙන මොනව්ද ඉගෙනගෙන තියන්නේ? මෙතනින් එහාට ගියත් අපි ලබන දැනුම මොකක්ද? සාමාන්‍ය උපාධියකින් රටට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඒ වියදමට අපිට ලැබෙන ලාභෙ කීයද? බලනකොට අපි පටන් ගත්ත තැනම නේද?
ඒත් අපිට මේවා වෙනස් කරන්න ගියොත් බිලි කීයක් දෙන්නෙ වෙයිද?
ඒක කාගෙ ජයග්රහනයක් වෙයිද?
(අද දුකාගේ බ්ලොග් එකෙන් ඔබ සුමනදාස සමරසිංහ ශූරීන්ගේ දියණියක් බව දැන ගත්තා මට එය ඉතාමත් සතුටට කාරණයක්. කාලයක් මම එතුමාගේ පොත් පිස්සුවෙන් වගේ කියෙව්වා. දැනගත්තට සතුටුයි සොයුරිය. )
වෙද ගෙදර මහ වෙදනා,
අපොයි අපොයි වෙද ගෙදර මහ වෙදානෝ ඔය ‘පිස්සුවෙන් වගේ කියෙව්වා’ කිව්වම සිංහල හරියට කියවන්න උත්සාහ ගන්නෙ නැති සිංහල කියවන අය වැරදියට තේරුම් ගන්නවා. ඉස්සර දවසක අයින් රෑන්ඩ් කියෙව්වොත් ‘පිස්සු’ හැදෙයි කියලා මෙතැන වැරදි වැටහීම් වලින් මහ අවුලක් ගියා!!!
යමක් පසුපස හඹා යා හැකි උද්වේගයක් නැත්නම්, හද කකියන විමසිල්ලෙන් තතු සොයන්නට උවමනාවක් නැත්නම් ඒ අය වැඩිය දන්නෙ ‘බකං නිලාගෙන’ ඉන්න.
හැබැයි සිංහලෙන් කියවන හැමෝම එහෙම නැහැයි කියලා හරියටම වැටහෙන්නෙ ඔබගේ අඩවිය පැත්තෙ ගියාම දාලා තියන ප්‍රශ්න හා පළ කරන ප්‍රසාදය කියෙව්වම. මිනිස් ස්වභාවය කුතුහලය සමනය කරගන්නයි. ඒ සඳහා ඔබ කරන වැදගත් සේවය ඉතා අගයමි.
ඔබ මෙන් දේශපාලනික,ආර්ථික හා වෙනත් කරුණු පිලිබඳ ක්‍රමවත් දැනුමක් මට නැත. මම සාමාන්‍ය දැනුමක් සහිත එහෙත් මානුෂිකව මට දැනෙන දෙයින් හා මා ලැබූ අත්දැකීම් අනුව සිතැන අයෙක් වශයෙන් , අදහස් දක්වමි. ඔය කියන අකාරයේ “ප්රජාතන්ත්ර වාදයක්” බටහිර තිබේද? ඔවුන්ගේ ගෝත්‍රවාදයක් නොමැති ශිෂ්ට සම්පන්න කොට්ටාශයක්ද? මගේ අදහස නම් අප මෙන්ම ඔවුන්ද සමාන බවයි. එහෙත් තමන් “ශිෂ්ට, ප්රජාතන්තවාදී ” බවත්, එම ප්රජාතන්ත්රවාදී,ශිෂ්ටත්වය අන් රටවලද ඒ අයුරින් තිබිය යුතුබව ඔවුන් සිතයි,එය ඇතිකිරීමට ඕනෑම ආකාරයේ පියවරක් ගනියි. අප වැනි රටවල අන් යට බලපෑමක් කිරීමට තරම් බලයක් නොමැති නිසා හෝ එසේ නොකරන බැවින් මට අනුව නම් අප බටහිරට වඩා සාපේක්ෂව යහපත්ය. සිය මතයට එරෙහි වන (විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්තියේදී) සියලුම ජාතින් කුමන හෝ ක්‍රමයකින් පරාජය කිරීම බටහිර ප්රතිපත්තියයි. එවිට මාධ්‍යය සදාචාරය,මිනිස් ගාතන, මානව හිමිකම්, මිලේචත්වය ගැන වචනයක් වත් නැත. විවුර්ත වෙලදපොලද එසේමය, ඔවුන්ගේ විවුර්තබාවය සීමා සහිත වන අතර අප සියලු දෙය විවුර්තකල යුතුය. එනිසා ඔවුන්ට ඇති අයිතිය අපටද තිබිය යුතුය. අනවශ්‍ය “සුචරිතවාදී සුදනන්” ලෙස පෙනිසිටිමන් අපට බලපෑම් කිරීමට අයිතියක් තිබේද? ඔවුන් මෙන්ම අපටද අපගේ ජීවිතය අපේ අයුරින් ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. අප මෙන්ම ඔවුන්ද ජාතින් වශයෙන් තිබෙන වෙනස්කම් වලට ගරු කරන අතරේ තිබෙන යහපත් දෙය ගැලපෙන ලෙස ගන්නා අතරේ නොගැලපෙන දේවල අතහරිය යුතුය. වැදගත්ම දෙය මනුශ්ශයන් වශයෙන් අප කවුරුත් සමාන බව පිළිගැනීමය.
ඔබාමා ජනපතිවීම එතරම් පුදුමයක් නැත.ඔහුද කලින් සිටියවුන් මෙන්ම ඒ හා සමනවා වත්මන් ඇමෙරිකානු ප්රතිපත්ත්යේ පිහිටා සිටින නිසාය. එදා කළු ජාතිකයන්ට සිදු වුයේ අද අප වැනි රටවලට සිදුවන දෙය බව මගේ අදහසයි. එදා බලෙන් කළු මිනිසුන්ගේ රටට ඇතුළු වූ සුද්දා සිය බලය භාවිතා කොට තමන්ට වඩා පහත්කොට කලුමිනිසුන්ට සැලකිය. බලෙන් ඔවුන්ගේ ක්‍රමය කල්ලන් මත පැටවිය.එයට එරෙහි වුවන් මරා දැමිණි. පසු කාලීනව ඇතිවූ ආර්ථික,සාමාජික අවශ්‍යතා නිසා හා අරගල නිසා ඔවුන්ට වෙනස් වීමට සිදු විය. එනිසා වර්තමානයේ කල්ලන් හා සුද්දන් ලෙස ඇමරිකාව තුලදී සැලකිය යුතු ප්‍රතිපතිමය වෙනසක් ඔවුන් අතර නොමැත. අපද බටහිර අනු ගමනය කරන, සියලුම අතින් ඔවුන්ගේ රුකඩ බවට පත්වූ දිනෙක ලාංකිකයන් ලෙස අපට තිබෙන කෙනෙහිලිකම්ද නැති වියනු ඇත.
ලපරට තුලද අතීතයේදී කාන්තාවන්ට තිබුණු බල පාම් ආදී දේ මෙවෙන විට වෙනස් වී ඇත. ඒ නිසා අඩු වැඩි වශයෙන් අප හා ඔවුන්ද මිනිසුන් ලෙස යම් ප්‍රමාණයකට එකම මගක ගමන් කරමින් සිටි. වෙනස ඔවුන් පමණක් උසස් වීමත් බලවත් වීමත් හා ඒ හේතුවෙන් අප ඔවුන්ට අවනත වීමක් අපෙන් බලාපොරොත්තු වීමය.
මම හිතන්නේ මුල් තැන ලැබිය යුත්තේ මනුෂ්‍යත්වයටය , අප රටක් වශයෙන් සිදු කරන වැරදි මානුෂික මුහුනුවරක සිට නිවැරදි කල ගත යුතුය. බොරුවට පෙර පවතී දේවල් වල මත පිහිටා සිටීම අවශ්‍ය නැත. මානුෂික නොවන දේ වහා අප අතරින් ඉවත් කර ගත යුතුය. අපේ රටවල තිබෙන “සිංහල මුලාව” වැඩි පුරාම තිබෙනුයේ බටහිර අපිට වඩා උසස් බව සිතීමය, අද වන විට එය යම් පමණකට අඩු වී තිබේ. ඒ නිසා මිනිසුන් වශයෙන් අප මෙන්ම ඔවුන්ද සමාන බව සිතට ගත යුතුය.
මා සිතනුයේ මනුස්සකම සියලු දෙයට වඩා උසස් බවත්, ඒ මුලික කරගෙන ක්‍රියා කල යුතු බවත්ය. ඒ සඳහා කරන උත්සාහය 50% වත් කල නොහැකි මුත් මුකුත් නොකර සිටිනවාට වඩා එය හොදය. මමද සාමාන්‍ය මිනිසකු ලෙස එයින් පිට පන වැඩ කරන මුත් කෙසේ හෝ නැවත ඒ මතම සිටීමට ලොකු උත්සාහයක් ගනිමි. අප සමාජයේ “උත්සාහයට ” ඇත්තේ සුළු වටිනාකමක් වුවත් ( අවසන් ප්‍රතිපලය පමණක් සලකන නිසා) , එය තමන්ගේ සිතට යම් ප්‍රමාණයක සැනසුමක් ගෙන දෙන බවට මම විශ්වාස කරමි.
මෙය ඉතා දිගට ලිය උන නිසා නවතමි.මෙවන් මාතෘකාවක් ලියා අදහස් දැක වීම කෙලෙසේකවත් කල නොහැකි බව වැටෙහෙන හෙයින් නවතමි. එය අප දෙදෙනාගේම කාලය කා දැමීමක් වනු ඇත. මෙම බ්ලොගයට කට්ටිය එන්නේ ඔබගේ වැදගත් ලිපි කියවීමට මිස මාගේ කොමෙන්ට්ස් කියවීමට නොවේ.
ඔබතුමියගේ ලිපි කියා වීමට ලැබුනේ අහම්බෙනි. එයින් ගත යුතු දේවල් බොහොමයක් ඇත, තවම කියෙව්වේ සුළු ප්රමාණයකි. ඔබ තුමිය මුදල්/ලාභය මුලික වූ වෙළද ප්‍රතිපතියක් දිසාවට ඉතා සුළු නැබුරුවක් ඇතිබව මට සිතේ. .එය සහමුළුන්ම වැරදි විය හැකිය,මන්ද මා ල්ලිපි කීපයක අදහස් ගැන සිතා පවසන හෙයින්). එයද එතරම්ම නිවැරදි නොවන බව සිතෙන්නේ වටිනා කරුණු සහිත ලිපි බ්ලොගයක ලිවීමෙන් එවැනි කිසි දෙයක් නොලැබෙන නිසාය. ඔබගේ ලිපි වලා ඉතා වටිනා කරුණු බොහෝ ඇත. මෙවන් උත්සාහයකට අප සියලු දෙනාගේ ස්ථිතිය ඔබට හිමි විය යුතුය.
මට මේක කියෙව්වහම කරකවල අතෑරිය වගේ. හැම දෙනෙක්ම මොහෙම හිතනවනම් කියල හිතුන. අරුණිට නම් පිස්සු කියල ඔයා ලිව්වට මොකද මේ දේම නේද අපේ රට උනේ. මේව ගැන විසඳුම් කවදා හම්බවෙයිද? මන්දා. ලොක්කන්ගේ මොලගෙඩි සුද්ද කරන්නම ඕනෙ. සිංහල මුලාව! මෙහෙම වෙයිද? මම දන්න විදිහට කීප දෙනෙක් ඇරෙන්න, පිට රටකට ගිහාම සිංහල වචනයක් වත් කියන්න මතක නැතිවෙලා යන අයනෙ වැඩි පුර ඉන්නෙ. ඉතින් රට ගැන කුමන කතාද?
අරුණි ඔයාට වගේ දේශපාලනය , සමාජය ගැන ලොකු දැනීමක් මට නම් නෑ. මම සරලව හිතල තමයි මේ ලීවේ. මම ඔයාගෙ ලිපි කියවලා නම් ලොකු දැනුමක් ලබා ගන්නවා. ස්තූතියි!