ඒක කාර් එකක්, නෑ නෑ ඒ ප්ලේන් එකක්
මේක ඇමෙරිකාවේ පාරේ යන්න නීතියෙන් හැකි, ඒ වගේම අහසින් යන්නත් නීතියෙන් අවසර ඇති වාහනයක්. ලැම්බගීනි එකකට වඩා මිලෙන් අඩුයි!! ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකයි. නිෂ්පාදනය MIT aeronautics ඉංජිනේරුවන් අතින්; ඉන් දෙදෙනෙක් තමයි කොම්පැණිය පටන් ගන්නෙ. Carl Dietrich සහ ඔහුගෙ භාර්යාව වන Anna Mracek Dietrich දෙදෙනා විසින්.
මහපාරේ යද්දී ගැලුමකින් පැයකට සැතපුම් 35 ක් දුවන ඉන්ධන ශක්තිය තියනවා. දෙන්නෙක්ට ගුවනින් යන්න පුළුවන් එහි cruising speed පැයකට සැතපුම් 105 වෙද්දී සැතපුම් 500 ක් දුර යන්න පුළුවනි.
උස අඩි 6 යි අඟල් 6 යි (මීටර් 2) අපේ රුවල් නැව දාලා තියන ගරාජ් එකේම දාලා තියාගන්න පුළුවන්!!
පළල වාහනයක් විදියට යද්දී අඟල් 90 ක් (මීටර් 2.3). පියාපත් විහිදුවාට පස්සේ පළල අඩි 26.5 ක් (මීටර් 8).
දිග අඩි 18 අඟල් 9 ක් (මීටර් 6).
ඉන්ධන පුරවලා පියාඹන්න ලෑස්ති අහස් යානයේ බර රාත්තල් 1,430 ක්.
මේ වාහනය සඳහා ගුවන් නියමුවෙක් වෙන්න අවසර පත්‍රයක් ගන්න පැය 20 ක පුහුණුවක් එයාලම දෙනවා.
වාහනයට air bag තියනවා ගුවන් යානයට පැරෂූට් තියනවා.
හතරේ පන්තියේ ඉගෙන ගත් යාර අඩි අඟල් නැවත සිහිවිය!
ලංකාවට ගැලපෙන්නෙ නෑ අනේ…ලංකාවට හරියන්නෙ හෙලිකොෆ්ටර කාර් හයිබ්‍රිඩ් එක..
ලංකාවෙ ට්‍රැෆික් වලදි ඕක උස්සන්න බෑ….
අමෙරිකාවෙ නම් ට්‍රැෆික් තියෙනවද කියල ජංගම දුරකතනෙන් උනත් බලල දැනගෙ න පස්සෙ ට්‍රැෆික් වැඩිනම් ගුවනින් යන්න පුලුවන්..
ඒත් අපේ අපි සිහිනෙන්වත් හිතන්නෙ නැති වෙලාවට සියඹලාන්ඩුවෙත් ට්‍රැෆික් හිටිනව…
ඉතින් කෝමද ඔව්ව උස්සන්නෙ…
අනේ අක්ක මටත් එකක් ඕනේ….!
මටත් ඕවයින් එකක් අරන් දියෝ
@ indika27 – සිරාවටම ඇත්ත.
ෂඃ මරු!
හැනැයි අපේ ගෙදරට එන බොරළු පාරටනම් ඕක පාත් කරන්න බැරි වෙයි 😀
අරුණි අක්කා “මඟුලක් කතා කරනවා..!” 🙂
Transition එකක් ගන්න එක කෙසේ වෙතත්, ඒ ගැන තියෙන මේ වීඩියෝ එක කැඩෙන්නේ නැතුව බලන්න පුළුවන් දවසක් ආවොත් මේ සිරිලංකාවේ මට නම් ඒකත් ඇති…
අඩේ අප්පා…අරුණි අක්කේ මං අදම ලියනවා අර සුරුට්ටු ගැන ලිව්වා වගේ පෝස්ට් එකක්…ඒකනං මං හිතලා ලිව්ව එකක් නෙවේනේ..මේකං හිතලම ියනවා…අනේ මේ පාර ලියන එකත් අක්කා වගේ පිං ඇති ඇත්තියෙකුට හරි..ඇත්තෙකුට හරි පෙනිලා දානමය සිතක් පහල වේවා..!
පික්සු හැදෙනවා අරුණි අක්කේ . . මාරයි ඈ . . . .
නුගේගොඩ ඉඳන් පිටකොටුවට යන්න පැය එකහමාරක් ගතවෙන අපේ රටට නම් මේ වගේ එව්වා තියෙනවනම් බඩුම තමයි . ..
කීයක් දීල හරි ගත්තට පාඩු නෑ අරුණි, මේකෙ ලොකුම ප්‍රයෝජනේ අවුරුද්ද අන්තිමට පාර දිගට කඩ කාරයො සේල් පටන් ගන්න කාලෙට. හාමිනේ එක්ක යද්දි ඒ හරිය උඩින් යන්ඩ තියනව නම් කීයක් දීල ගත්තත් මේක ලාබයි……..
මරු වාහනේ මෙහෙට නම් ගැලපෙයිද? මන්දා. කොහොම උනත් මේ තාක්ෂණය අපිටත් කවදාහරි ඕනෑ වෙයි.
හික් හික්.. මරු බාන්ඩේ………….. 😀
පංකාදුයි නොවැ….
// ලැම්බගීනි එකකට වඩා මිලෙන් අඩුයි// ඉස්සරහට ලංකාවේදිම බලාගන්න පුලුවන් වෙයි.