මාළු, මාළු, මාළු, දැන් ගෙනාපු මාළු
සුදු අප්පුහාමි කන්න හොයලා දෙන්න බොහොම වෙහෙසක් ගන්නවා කියල කිව්වනෙ. මෙන්න උදේ පාන්දර අත්ලාන්තික් මුහුදට ගිහින් බිලී පිත්තකින් අල්ලන් ආපු මාළු. එකෙක් රාත්තල් 40 ක් (කිලෝ 18 ක්) විතර බර ඇති.
වටා පිටාවේ අසල්වැසියන් එක්ක බෙදාගෙන කන මේ මාළු වලට මිල පාලනයකුත් නැහැ!
අඩුවට හොද මාළු ටිකක් කන්න ලැබෙනවනම් නියමයි. මෙහේ නම් තියෙන්නේ අයිස් ගහපු මාලු. කන්න බෑ කට කහනවා.
සුදු අප්පුහාමි ගේ ගීතය
================
මාළු, මාළු, මාළු, දැන් ගෙනාපු මාළු
කළු නෝනට මාළු ගෙනාවා!
Kathandara,
ලංකාවේ අයට කතන්දරකාරයා සුදු වුනාට සුදු හම ඇති අයට ඔයාත් කළුයි!!! (හමේ පාට ගැන විතරයි ඔන්න කියන්නෙ!!)
I think I found Aruni’s pressure point…!!!
Kathandara,
මං දැනන් හිටියේ නැහැනෙ කතන්දර මගේ pressure points හොයනවා කියලා ..
සුදු අප්පුහාමි මොකෙන්ද අප්පේ මෙච්චර ලොකු මාළු ඇල්ලුවේ?
ඒ කිව්වේ මේ සෙල්ලමට මාළු අල්ලන අය අල්ලන්නේ බෙලී පිත්තෙන්නේ . .
ඒකෙන් ඔය තරම් ලොකු මාලු අල්ලන්නේ කොහොමෑයි??
දුකා,
බිලි පිත්ත සිහින් වුනාට තංගුස් ලනුව හරි ශක්තිමත්!!
ඔය මූදෙ ගැරඩි දියනයි වාගෙ කුජීත සත්තු නැද්ද දන්නෙ නෑ නේත….
මේ අපි පුංචි කාලෙ වෙලේ මාලු අල්ලන්න සෙට් උනොත් හරි ඔය මොකෙක් හරි නොකන මාලුවෙක් හරි ගැරඩි වගේ එකෙක් හරි තමා සෙට් වෙන්නෙ…
ඇල්ලුවත් ඉතින් කනවයැ…දවසක් දියනයි පතෙක් අහුවෙල දිව්ව බිලී පිත්තත් දමල…
ඔහේ කුල කේස් නැති එක හොඳා…අපේ සීයල ආචිචිල ඉන්න කාලෙනම් දැල් බේරන්නවත් මූද පැත්තට යන්න දෙන්නෙ නෑ…කුල කේස් නිසා…
අනික කෝමද ඔය තරන් ලොකු එකෙක්ව අල්ලල බෝට්ටුවට දමාගන්නෙ..
indika27,
දිය නයි ගැඹුරු මුහුදේ දී වැඩිය අහුවෙන්නෙ නැහැ බිලි පිති වලට. මේ මාළු අල්ලද්දී බෝට්ටුව සැතපුම් 70 ක් පමණ (කිලෝමීටර් 12.65) ගොඩබිමින් ඈත ඉන්නෙ. මාළු අල්ලද්දි ආඳා (eel) ඇම ගිලින අවස්ථා තියනවා. එතකොට උන්ව ඇමෙන් ගලවලා ආපහු වතුරට විසි කරනවා. ඒ අය ඝන ඇත්වැසුම් මාළු බාන පෙට්ටියේ අරන් යනවා ඒකට.
ඔව් කුල කේස් නම් නැහැ. මොන පවුලට ඉපදුන නිසා ද නොව කැමැත්ත නිසා කැමති වෘත්තියක් කරන්න අවස්ථාව තියන නිසා තමයි. මොන රස්සාවක් කරත් රස්සාවක් නොකර ඉන්න එකාට වඩා ඌ වැදගත්. අපේ ගෙදර කුණු අදින්න එන අයව අපේ අසල්වැසියෝ සේරම වගේ මාත් අමතන්නෙ ‘සර්’ කියලානෙ.
මේ තරම් ලොකු මාළුවෙක් ඇම කෑවට පස්සෙ බෝට්ටුවට දා ගන්න පැය භාගයක් විතර ගියාලු. දැවැත්ත දැලක් බැඳපු දිග අල්ලුවක් තියන hand net ද උදව්වට ගන්නවා මාළුවා ටිකක් සංසුන් වුනාට පස්සෙ වතුරෙන් එළියට ගන්න.
මුන්ගේ නම මොකක්ද?
හැබෑට මාලුවා මොකාද?
Tuna ????
Tuna වර්ගයක් තමයි.. skipjack tuna කියලලු සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ…
මම මාලු කාරයෙක් නෙවෙයි.. 😀
මගෙත් එක්ක වැඩ කරන කැනේඩියන් පොරක් තමයි මාලුවා දැකලා ඒ ටික කිව්වේ..
Yellow fin Tuna කෙලවල්ලා එහෙමත් නැත්තං කෙන්දා . . . . කියන්නෙ මූට. කිලෝ 18ක් විතර කියන්නෙ මුං පැටවු. බිලියට අහු උනාට ලේසියෙං බෝට්ටුවට ගන්න බෑ . . . . හෙම්බත් කරන්න ඕනෙ. (අරුනි අක්කා . . . කෙලවල්ල කියන්නෙ ඉතාම ශක්තිමත් මාලු ජාතියක් ඒ නිසා තමයි උංට ගොඩක් වේගෙන් පීනන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ලංකාවෙ මූදෙ ටැග් කරන කෙලවල්ලෙක් විනාඩි 40ක් ඇතුලත ඕස්ට්‍රේලියාවෙ මූදෙන් ඩිටෙක්ට් කරන්න පුලුවන්). අත්ලාන්තික් සාගරයෙ ඉහලට වෙන්න බහුලවම ඉන්නෙ Blue fin tuna. උංගෙ තෙල් වැඩියි . . . රසත් වැඩියි
එක පිංතූරෙක ඉන්න කහ – කොල පාටට හුරු එකා තමයි Mahi mahi කියන්නෙ. සිංහලෙන් “වන්නා”. ෆ්‍රෙශ් වන්නට වඩා නියමයි වන්නා කරෝල. වන්නගෙ හැඩේ වෙනස් උනාට වන්නත් අයිතිවෙන්නෙ කෙලවල්ල අයිති Scombroidae පවුලටම තමයි.
සමීර: Skipjack tuna කියන්නෙ බලයට. ඌ කිලෝ 18ක් විතර ලොකු උනොත් මරුවට තියෙයි.
praveena,
ඔව් yellowfin tuna තමයි දැවැන්ත ටික. පාට වෙනස් කහ පාට මාළුවා mahi mahi.
මාළු නසී, උඩින් වැටෙන ඇම කන හින්දා…
D.G.M බස්සා,
මාළු නසී තමනට වඩා දැවැන්ත මාළු නිසාත් …
Atlantic bonito කියන්නේ මුන්ට නේද? සිංහල නම නම් ගොඩක් අය දන්නවා.. බලයා !
සමීර,
yellowfin tuna තමයි දැවැන්ත ටික. පාට වෙනස් කහ පාට මාළුවා mahi mahi. සුදු අප්පුහාමි Atlantic bonito අල්ල ගත්ත Florida පැත්තෙ දී. බලයා කියන මාළු වර්ගයට තමයි අයිති (mahi mahi නැතිව) අනිත් සියල්ලම!!
අරුනි:
Mahi mahiගෙයි Tunaගෙයි නෑදෑකම කලිං කොමෙන්ට් එකක ඇති. ඔය පවුලෙ පොඩිම සාමාජිකය තමයි “හුරුල්ලා”. ඊට අමතරව ඇටවල්ලා, අලගොඩුව එහෙමත් ඔය පවුලෙ ඉන්නව. ඔය පවුලට සීමාවුන ලක්ෂනයක් තමයි “ස්කොම්බ්‍රොයිඩ් ෆිශ් පොයිසනින්” එහෙමත් නැත්තං හිස්ටැමීන් විෂවීම. සිංහලෙන්ම කියනව නං . . . කට කැසීම.
අනේ.. මෙහේ ඉන්න කළු අප්පූහාමිලාටත් ඔහොම මාළු අහුවෙනෙවනම්…
Gimhani,
අද දිනයටත් සරිලන පුරාතන කුසලතාවයක්!!!
ගිම්හානි, මෙහෙ ඉන්න අප්පුහාමිලට ඔය මාලු අම්බානකම අහු වෙනව. ඒකෙ ප්‍රතිඵලයක් තමයි ලංකාවෙ තියන එකම Commercial fisheryඑක Tuna fisheryඑක වීම.
මමත් ඒ කාලෙ මාලු අල්ලන්න ගිහින් තියෙනව ජොලියට, හැබැයි වැව් වල……කිසිම දවසක කාවයියෙක් වත් අහු උනේ නම් නෑ, දන්නවයි අරුණි හේතුව…….පිං වැඩි අයට මාලු අහුවෙන්නෙ නෑ, අන්න ඒකයි……ඒ විදිහට බැලුවම නම් සුදු අප්පුහාමියා අන්තිම පව් කාරයෙක්…..හෙහ්, හෙහ්,
එක අතකට ඒක ඉතිං කියන්ඩත් දෙයක්ය නේද අරුණි නෝනො?
Tell me something I don’t know,
Ravi,
ඒක ඉතිං කියන්ඩත් දෙයක්ය 🙂
කළු අප්පුහාමිලටත් ඔහොම අහුවෙනව නං! කොහෙද , අපේ අප්පුහාමිල වටේටම ඇම දානවනෙ. ඒකත් චාරයක් ඇතුව කරන්න ඕනෙ වැඩක්, එතකොට පටස් ගාලා අහුවෙනවා. මෙව්වා කියන්න ගිහිල්ලා මයෙ, අඬු කඩාගන්නයි වෙන්නෙ, ඕං කිව්වා, මේං දිව්වා.
දැන් ඉතින් අරුණිට බැරිය හොඳ ඇඹුල් තියලක් හදල දෙන්න . සුදු අප්පුහාමි දියඹට ගිහින් එනකම් ඔයා කවි කියා කියා හිටියද ..
”තොටියෝ….කීම මා හිමියන් යලි නාවේ.”
ඔය ටික කියනකොටම මෙන්න තඩි බලයෝ ටිකක් කරගහගෙන එයා ගේ දොරකඩ ලු.
ආස නැද්ද වියට්නාමේ පැත්තේ එන්න . මෙහෙත් ඕනෑම වැවක ඇලක දොලක ..ගඟක මාළු අල්ලනවා.
Bindi,
බින්දිට තරම් කවි කියන්න බෑ මට … ඔයාල ලියන කවි කියවලා රස විඳිනවා අඩුව මකා ගන්න.
සුදු අප්පුහාමි නම් කිහිප වතාවක් වියට්නාම් පැමිණ තියනවා. මාත් දවසක එන්න ඕනා.
බින්දි ඔතෙන්ට . . . .
“හිමි ඔබ සයුර මැද රුදු සටනකිය රැයේ . . . ”
කවිය සෙට් වෙන්නෙ නැද්ද ???
ඉන්න රටේ හැටියට කරන කියන දේවල්වලත් වටිනාකම් වෙනස් වෙන හැටි නේද?
සුදු අප්පුහාමිටත් හිතෙන දේවල්???
මැණික්
අනේ මගේ මිත්තරයෝ ටික….
ඔය මොන මාළුද අක්කේ… බලයොද කුම්බලාවොද?
ගෝල්ඩ් fish,
බලයා සහ මාහි මාහි. පව් මිත්‍රයන් ටික!!! ලොකු මාළු අස්සෙ යන පුංචි මාළුන්ටත් වෙන්නෙ ඔහොම අබැද්දි ම තමා!!! බලාගෙනයි යාළු මාළුවා.
මගෙ, එකම මල්ලියා ඔය පලාතෙ ඉන්නෙ. එයත් මේ වැඩෙට සුදුඅප්පුහාමි වගේම දක්ෂයි. මගේ නම් ඒ ගැන කැමැත්තක් නෑ. කර්මඵල විශ්වාස කරන නිසා. ඒත් ඉතින් මල්ලියට ඒව කරන්න එපා කියල බල කරන්නත් බැහැ, එයා හැදුන වැඩුන පරිසරය මම හැදුන වැඩුන පරිසරයට වඩා වෙනස් නිසා. ම්..හොද අස්වැන්නක් නේද?
ෂා… ශුශි වලට නම් කියාපු ටූනාලා… මටත් හිතයි ඔය පැත්තේ ඇවිත් සුදු අප්පුහාමිට මාළු අල්ලන්න එකතු වෙන්න…
ඉස්සර මම අකැමැතිම ඒත් මේ
වෙද්දි ආසම හොබි එකක් තමයි ඔය. ඒත් ඉතින් මේ වෙද්දි නොකරනම දේත් ඕක වෙන්න ඕන.
අපිට කොහෙද පූසො මාළු, අපි යනවැයි ඉතින් මූදු….! අර කට කහනවටත් කියනවනේ මාළු අහුවෙන්නෙ පවු කාරයන්ට කියලා. ඒත් අප්පා මෙහෙම මාළු අල්ලන්නත් පිං කරලා තියෙන්න ඕනෙ….! මගේ කටට දැනෙනවා අර තඩි කෙලවල්ලව කුට්ටි වලට කැපිලා හොඳට ගොරක, පහේ වගේම මිරිස් සැරට හොද්දක් හැදිලා රෝස් පාන් එක්ක කැවෙනවා…..!
කාලෙකට කලින් අපේ තාත්තා ඕමාන් නේවි එකේ වැඩ කරන කාලේ එහෙ ගිය වෙලාවක මමත් සෙට් උනා මාළු අල්ලන්න කියලා නේවි එකේ ජැටියෙ. මේ පේන්න මාළු රොතු රොතු පිටින් ගියාට පැය ගාණක් ඇම දාගෙන හිටියට එකම මාළුවෙක් වත් අහු උනේ නෑ… ඒකට මාත් එක්ක ගිය යාළුවා ඇම දැම්ම විතරයි තඩි කුම්බලාවෙක් ඇමිණිල ආවා ඇම කාල නෙමෙයි, ඇම උගේ ඇහේ අනිලා පැටලිලා තමයි ආවේ….. ඔන්න ලක් එක….!
මම නම් දෙයියනේ කියලා, ඉපදෙන්නත් කලින් ඉදන්ම , අලුත් මාළු කාලා තියේ. ඒක පිනක් ද පවක් ද මන්ද.
දැනටත් අලුත් මාළු කන්න ලැබෙනවා.මම නස් කැමති ලොකු ටූනන්ට වඩා පුංචි හාල්මැස්සන් , සාලයන් (කළවැන්නන් ) කන්න.
ලොකු මාළු රස ඇඹුල් තියල් කරල..
මූදු කුකුළා , ගොඩ කුකුළට පරාදයි…
හැබැයි ඉතින් , මේ මහ මුහුදට දාන වස , විස නිසා , මුහුදු මාළුන් වුනත් බැර ලෝහත් අරන් අපේ ආමාශ ගත වෙනවා කියල හිතන කොට, කොස් දෙල් කාලා ඉන්න එක දාහෙන් සම්පතක් කියලා හිතෙනා අක්කා…..
සුදු අප්පු නම් මාළු අල්ලන්න ඇත්තෙ විනෝදෙට ….
ඔයා කන මාලු සම්බන්දයෙන් බැර ලෝහ වලට බයවෙන්න එපා. බැර ලෝහ සාමාන්්‍යයෙන් එකතු වෙන්න දීර්ඝ ජීවිත කාලයක් තියන මාංශ භක්ශක මාලුන්ට. හරියටම කීවොත් Sword fish, Sail fish, Marlin වගේ මාලු
වේල් තුනටම මාලුද මේ දවස් ටිකේ…හික්
සුදු ගොයියා මිරිස් කනවැයි…
මමත් දැන් කාලෙක ඉඳල අවංකව වැඩ කොරන ගොඩ දෙනෙකුට අමතන්නේ සෑර් කියල. බොහෝ විට මගේ රෑකියා පරිසරය සුදු හමුදාව නිසා වෙන්න ඇති…..
aruni, so where is capitalism ,now?
clement
calgary, AB
හික් හික් . . . මෙන්න අරුනි අක්ක මට කොමෙන්ට් දාන්න පුලුවං පෝස්ට් එකක් දාල . . . . හැමදාම කියෙවුවට අරුනි අක්කගෙ පෝස්ට් වලට කොමෙන්ට් දාන්න මගෙ කුඩා මොලේට අදහස් පහල වෙන්නෙ නෑ නොවැ . . . ඒකට අද . . . . බල්ටි ගහන්න පුලුවං
ඕනයා,
සුදු අප්පුහාමි සරමයි බිලි පිත්තයි පැක් කරගෙන ලංකාවට එන්නයි හදන්නෙ ඕනයා මල්ලි එක්ක මාළු බාන්න යන්න. මාළු ගැන ඔච්චර දන්න කෙනෙක් හම්බ වුනා කිව්වම සුදු අප්පුහාමිට හරි සතුටුයි. 🙂
හිකිස් . . . ටැංකිවු ටැංකිවු . . . . ඕක ඉතිං මගෙ රස්සාව නොවැ . . .