අරුණි ශපීරෝ‍ වෙතින්

ඉන්දියාවේ කොන්ඩොම් සහ ඒඩ්ස් සඳහා නව බෙහෙත්

Posted in Uncategorized by arunishapiro on ජූලි 15, 2011

ඉන්දියාවේ ජනගහණයෙන් පිරිමි අයට සාපේක්ෂව කාන්තාවන් ඉන්නේ දළ වශයෙන් මිලියන 35 ක් අඩුවෙනි. ආර්ථික විද්‍යාඥ Amartya Sen “සොයාගත නොහැකි කාන්තාවන්” (missing women) ගැන කියයි.

ජාතික සෞඛ්‍ය වාර්තාවක දී ඉන්දියානු පිරිමි 51% ක් බිරිඳට තඩිබෑම යුක්ති සහගත යැයි කියන ලදි. පුදුමය එය නොවේ. පුදුමය නම් 54% ක් කාන්තාවන් ද එය සමඟ එකඟ වීමයි!! තඩිබෑම යුක්ති සහගත වූ අවස්ථා හැටියට සැලකූ උදාහරණ දෙකක් මෙසේය: ආහා‍ර වේල පිළියෙල කරද්දී එය පිළිස්සී යාම, නොකියා ගෙදරින් බැහැරක ගියොත්.

ඉන්දියානු කාන්තාවන් අතර අපේක්ෂා නොකරන ලද ගැබ්බර වීම් සහ HIV/AIDS ඇතුළු ලිංගිකව බෝවෙන රෝග වැළඳීමේ ඉඩකඩ ද වැඩි ය. ඊට එක හේතුවක් නම් ඉන්දීය කොන්ඩොම් 15% ක් නිසි ආකාරයෙන් ක්‍රියා නොකිරීම ය. ඒ ඇයි කියා සොයා බැලූ Indian Council of Medical Research මෙවැනි අපූරු දැනුමක් ලැබුණි.

ලෝක‍ සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව කොන්ඩොම් නිපැදවීමේ දී ඉන්දියාවේ 60% ක පිරිමින්ගේ පුරුෂ අවයවය ඉහත සංවිධානයේ නිර්දේශයට වඩා කුඩා වීමය. ඉන්දියානු පිරිමි දාහකට අධික සංඛ්‍යාවකගේ පුරුෂ අවයවය මැන බලා ඡායාරූප ගත කරන වසර දෙකක අධ්‍යයනයකින් පසුව ඉන්දියානු විද්‍යාඥයෙක් කියා සිටියේ “කොන්ඩොමය ඉන්දියාවට අනුචිත විදියට හදා නැත” කියාය.

ගැහැණු දරුවන්ට දෙන දෑවැදි තහනම් කරන්නට සහ ගැහැණු දරුවන් උපදින්නට පෙර ගබ්සා කිරීම් තහනම් කිරීම නීතියෙන් සිදු වුවත් ඒ නීති පිළිපැදීම රටේ ජනතාව අතින් සිදු නොවීය. ‘අප්නා බෙටි, අප්නා ධාන් (මගේ දියණිය, මගේ වස්තුව) වැනි ව්‍යාපෘතියන් යටතේ ගම්බද කාන්තාවන්ට ගැහැණු බබාලා ගබ්සාවෙන් වැළකීමට මුදල් ගෙවන ලදි. ඒවාට ජාත්‍යන්තර සංවිධාන වලින් ද මුදල් ආධාර ලැබුණි.

එසේම ඉන්දීය රජය කුඩා කොන්ඩොම් නිෂ්පාදනයට ද පොරොන්දු විය.

මෙවැනි වෑයම් සංකීර්ණ වූ අතර ඉතා අධි වැයකින් ද යුතු වූහ. සාර්ථක ප්‍රතිඵල මඳ විය.

එහෙත් ප්‍රතිඵල උදා වූයේ නොසිතූ විදියකින් ම ය. Ultrasound මැෂිමක් මෙන් මෙය ද තාක්ෂණය මත පදනම් වෙයි. ඒත් ගැහැණු ගැන දක්වන සැලකිල්ල අඩු ය. එය බබාලා ගැන සැලකිල්ලක් ද නොදක්වයි. එය ඉන්දීය රජයෙන් දියත් කරන ලද්දක් ද නොවීය. එය කිසිවකුට උදව් කිරීමට බිහි වූවක් ද නොවුණි. එහෙත් නොසිතූ ප්‍රතිඵල ලබා දෙන ලදි.

2001 සිට 2006 දක්වා ඉන්දියාවේ මිලියන 150 කට ප්‍රථම වරට කේබල් මඟින් රූපවාහිනිය නරඹන්නට ඉඩ පෑදී ඇත. කේබල් සහ සැටලයිට් රූපවාහිනිය ව්‍යාප්ත වීම නිසා රජය විසින් මෙහෙය වූ රූපවාහිනි ප්‍රචාරයන් දකින්නට නොහැකි වූ ඈත පිටිසර ගම්මාන වල ඉන්දියානුවන්ට හදිසියේ ම කාලය ගෙවන්නට තවත් විනෝදයක් ලැබුණි!!!

ඇමෙරිකන් ආර්ථික විද්‍යාඥයන් වන Emily Oster සහ Robert Jensen දෙදෙනා ගමෙන් ගමට කේබල් රූපවාහිනිය යද්දී එය ඉන්දීය කාන්තාවන්ට බලපාන හැටි ගැන පර්යේෂණයක් පැවැත්වූහ. වැඩිපුර ගම්බද නිවාස අයත් ඉන්දියානු රාජ්‍ය සමීක්ෂණයක නිවාස 2,700 ක දත්ත ඔවුන් විභාග කරති. වයස 15 ට වැඩි කාන්තාවන්ගෙ ජීවන රටාවන් ගැන විමසද්දී රූපවාහිනියේ ආගමනයත් සමඟ ඒ ගම්බද කාන්තාවන් භාර්යාවන්ට තඩිබෑම් විඳගෙන සිටීම, පුතෙක් ලැබීම වඩා ප්‍රිය කිරීම යනාදියට තිබි හැදියාව වෙනස් කරගෙන ඇත.

අයෙක් තමන්ගේ හැදියාව මෙසේ යැයි කීම හා සත්‍යයෙන් ම පවතින ඔවුන්ගේ හැදියාව අතර වෙනසක් ඇත. ආර්ථික විද්‍යාඥයන් එම හැදියාවන් හඳුන්වන්නේ මෙසේ යැයි කීම (declared preferences) සහ සත්‍යයෙන් පැවතීම දක්වන (revealed preferences) යනුවෙනි. එමනිසා, නිසි පර්යේෂණයක දී තමන්ගේ හැදියාව මෙසේ යැයි අයෙක් කියන තොරතුරු සත්‍යයක් දැයි සෙවීමට ඒ අයගේ ජීවිතයේ ප්‍රතිඵල දිහා බැලිය යුතුය.

ඔස්ටර් සහ ජෙන්සන් දෙදෙනා සොයාගත් විස්තර අනුව කේබල් රූපවාහිනිය නැති අයට වඩා එය ලබාගත් ග්‍රාමීය ඉන්දියානු පවුල් අතර අඩු දරු උප්පත්ති දකින්නට ලැබිණ. ගබ්සා පහළ ගිහින් ය.

ඉන්දියාවේ කේබල් රූපවාහිනිය පෙන්වන ක්‍රිකට් මැච් වැඩි වුනොත් ඉන්දීය කාන්තාවගේ ජීවිතය තවත් සරු වෙනවා නිසැක ය!!!

ඉන්දියාව ගැන විස්තර බොහොමය Steven D. Levitt සහ Stephen J. Dubner ලියූ Super Freakonomics (2009) පොතෙනි. පහත දැක්වෙන්නේ ලෝකයේ විවිධ රටවල පුරුෂ අවයවයේ දිග පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවක ප්‍රතිඵලයකි. ප්‍රංශ සමීක්ෂණය පවත්වා ඇත්තේ ප්‍රංශයේ අය විසින් ම බව ද සැලකිය යුතු යැයි සමීක්ෂණ වාර්තාව සපයන්නෝ කියති.

නොබෝදා ඒඩ්ස් බෝවීම අඩු කරගනු සඳහා නව බෙහෙතක් ද සොයා ගැණින. 1981 දී ලෝක අවධානයට ලක්වෙන ඒඩ්ස් රෝගයෙන් 2011 වෙද්දී මිලියන 25 ක් මියගොස් ය. තවත් මිලියන 34 ක් ඉන් පෙළෙති. ධනවත් ලෝකයේ සමරිසියන් රෝගයට හා නිවාරණයට අවධානයක් ලබා ගැනීමට ක්‍රියාශීලී වී දුන් තල්ලුවෙන්, ලෝක විද්‍යාඥයන්ගේ සහයෝගයෙන් සහ බිල් ගේට්ස් වැන්නවුන්ගේ මුදල් පරිත්‍යාගයෙන් හා ජෝර්ජ් බුෂ් පුතා වැනි රාජ්‍ය නායකයන්ගේ සහායෙන් ද අද ඒඩ්ස් හොඳ කරන්නටත් සහ තවත් අයෙකුට නොහැදෙන බෙහෙත් ද සොයා ගෙන ඇත.

ඒඩ්ස් වලින් ප්‍රථම සුවය ලබාගත් බව සටහන් වන්නේ බර්ලිනයේ ලියුකේමියාව වැළඳී ඒ ‍ඒඩ්ස් රෝගියාට HIV-resistant stem cells ප්‍රතිකාරයෙන් පසුව ය. ඉන් දියත් වන පර්යේෂණ වලින් අද සියැටල් නගරයේ Fred Hutchinson Cancer Research Center එය හීනයක් නොව සුවය ලබා දිය හැකි ප්‍රතිකාර මාර්ගයක් බව පැහැදිලි කරගෙන ඇත. HIV නැති එහෙත් වැළඳෙන්නට හැකි ඉහළ ප්‍රවණතාවයක් ඇති සමරිසි පිරිමින් 2,500 ක සහභාගීත්වයෙන් පාවිච්චි කරන ලද Truvada නැමති බෙහෙත් පෙත්ත නිසා 73% කින් ‍ HIV බෝවීම අඩු කරගත හැකි යැයි සොයාගෙන තිබේ.

ලෝකයේ ගැටළු බොහොමය විසඳන්නට ක්‍රමවේද සොයාගන්නට වෙහෙසෙන අය ලොව සිටිති. බොහෝ විටෙක ලෝකයා ඉදිරියේ ඇති ප්‍රධාන ගැටළුව නම් විසඳුම් නොමැති වීම නොව විසඳුම් බෙදාහැරීමට තමන් විසින්ම තෝරා පත්කර ගත්තවුන් දමා ඇති බාධාවන් ය.

ඉන්දියානු සංචාරයක දී ඉන්දියානු කොන්ඩොම් පරිහරණයේ දී ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන්ට අනුව ද නැත්නම් ඉන්දියානු නිර්දේශයන්ට අනුව ද කොන්ඩොම් නිපැද වී ඇත්තේ දැයි කියා සොයා බලන්නට ද මතක තියා ගන්න!!!

ගැහැණුන්ට වඩා පිරිමි සංඛ්‍යාව ලොව වැඩි වී යාමෙන් එකගෙයි කෑම ලෝකයාම පටන් ගනිවී ද?

පිරිමි සමරිසියන් වැඩිවේවි ද?

අනාගතයේ දී ඉන්දියාවේ පිරිමියෙක් හා ආවාහ වන්නට කැමති කාන්තාවන්ට තෝරා ගැනීම් බොහොමයක් තිබෙයි ද?

40 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on ජූලි 15, 2011 at 11:27 පෙ.ව.

    මාත් ඉක්මනටම ඉස්ලාම් ආගම වැළඳගෙන ඉන්දියාවට යනව…

    වෙනද වගේම ඉතා වටිනා ළිපියක්.. ක්‍රිකට් මැච් අතරෙ කොන්ඩොම් ඇඩ් සිත් ගන්නා ලෙස ඉදිරිපත් කරනව මමත් දැකල තියෙනව ඊට වඩා සාර්‍-ථක කොරෝමයක් මම ඉදිරිපත් කොලා කියවලම බලන්නකෝ

    http://maathalan.blogspot.com/2011/06/new-family-planning-method.html

  2. ano said, on ජූලි 15, 2011 at 11:51 පෙ.ව.

    ඔය මොක කොට වුනත් උන් හදන එක හදනවා ලොවෙත් නැති වෙන්න. බිලියන 1.2 ඉන්නේ ඒ නිසානේ

  3. ගෝල්ඩ් fish said, on ජූලි 15, 2011 at 1:03 ප.ව.

    අප්පච්චියේ අරුණි අක්කේ… සීන් එක හෙන දරුණුයි නේ. මොනා වුනත් අර මිලියන 34ට බෙහෙත් කරලා ගොඩදාගන්න පුළුවන් වුනොත් හොඳයි. ඒත් එතකොට තව මිලියන 68ක් විතර අළුතෙන් ඉඳීවි.

    අර අන්තිම ඔප්ෂන් ටික ගැන නම් වෙනම සලකා බලන්න ඕනේ…

    • arunishapiro said, on ජූලි 15, 2011 at 6:31 ප.ව.

      ගෝල්ඩ් fish,

      යාළු මාළු මල්ලියේ, දැනටමත් ඒඩ්ස් රෝගය අඩුවේගනයි යන්නේ දත්ත දක්වන අන්දමට. දශකයට පෙර දකුණු අප්‍රිකානු රටවල් කිහිපයක ජනාතවගේ බාගයක් ඒඩ්ස් වලින් මරණයට පත්වේවි කියලා අපේක්ෂා වුණා. 2005 වෙනකෙට ඒඩ්ස් වලින් මිලියන 2.1 මරණයටත්, 2009 වෙද්දී මිලියන 1.8 ක් දක්වා මරණ සංඛ්‍යාව අඩු වෙලා. වැඩියෙන්ම රෝගය පවතින රටවල් 33 ගත්තම අළුතින් රෝගය බෝවීම ඒ රටවල් වල ඉහළම ‍වැළඳි තත්වයන් වලින් 25% කින් අඩුවෙලා.

      1996 දී HIV/AIDS සඳහා වැය කර ඇත්තේ ඩොලර් මිලියන 300 කි. 2002 සිට 2008 දක්වා එය හය ගුණයකින් වැඩිවෙලා. 2008 දී ඩොලර් බිලියන 15.6 ක් වැය කර තියනවා.

      ලෝකයේ රටවල් අතරින් වැඩියෙන් ම මුදල් ආධාර ඒ සඳහා දෙන්නෙ ඇමෙරිකාව!! බුෂ් පුතා විසින් President’s Emergency Plan for AIDS Relief මඟින් ඩොලර් බිලියන 15 ක් වසර පහක් පුරා ද, 2008 ජූලි වල ඔහු පොරොන්දුව අළුත් කර 2009 සිට 2013 දක්වා ඩොලර් බිලියන 48 ක් ද වැය කරන්නට නීති අනුමත කළා. අපි අද බජට් පාස් කරගන්න බැරුව වලි!!!

      ඊ ළඟට බ්‍රිතාන්‍යයේ Department for International Development තමයි වැඩියෙන්ම ආධාර දෙන්නෙ. 2005/06 දී ඩොලර් මිලියන 850 ක් සහ ඔවුන් යුරෝ බිලියනයක් Global Fund වෙත දෙනවා 2015 දක්වා ඒ කටයුතු සඳහා.

      ඒ බිල් ගේට්ස් 1994 සිට අද දක්වා ගෝලීය සෞඛ්‍ය සඳහා වියදම් කරපු ඩොලර් බිලියන 14 ට වඩා වූ ගණනට අමතරව.

      අප්‍රිකාවේ අයට කොන්ඩොම් බෙදා දෙන්නම යන මුදල් කොච්චර ද කියලා ගණන් බැලුවොත්!!!!!!!

      1995 දී කොන්ඩොම් මිලියන 600 ක්; 1998 දී කොන්ඩොම් මිලියන 340 ක්; 1999 දී කොන්ඩොම් මිලියන 500 ක් බෙදලා තියනවා. 1999 දී ඒ රටවල් විසින් ද ඔවුන්ගේ මුදලින් කොන්ඩොම් මිලියන 210 ක් මිලට ගෙන තියනවා. sub-Saharan අප්‍රිකාවේ මුළු කොන්ඩොම් ගණනාව මිලියන 724 ක්, ගණන් හදලා බලද්දී වයස අවුරුදු 15-59 ත් අතර ඉන්න පිරිමි එක්කෙනෙකුට කොන්ඩොම් 4.6 ක ප්‍රමාණයක් පමණයිලු. ඒ නිසා වහාම තව කොන්ඩොම් බිලියන දෙකක් විතර ඕන කියලා ලොකු ඉල්ලීමක් කරලා ඒකට තමයි ඔය ඉහත මුදල් දුන්නෙ.

      කොන්ඩොම් හදන කොම්පැණියක් දා ගත්ත නම් හොඳ පෝසතෙක් වෙන්න පුළුවන් වගේ!!!

      අපරාදේ කොන්ඩොම් වෙනුවට හැම පවුලකටම රූපවාහිනියකුත් සමඟ රටට සැටලයිට් වලින් සේවයත් දුන්නා නම් අද ඒඩ්ස් විතරක් නෙමෙයි දූෂණය, කොල්ල කෑම් සහ මරාගැනීම් ද නැවතෙන්න ඉඩ තිබුණා!!!

  4. Buwa said, on ජූලි 15, 2011 at 1:35 ප.ව.

    අනේ මන්ද .. ඉන්දියාවේ ජනගහනය දිහා බැලුවාම නම් පිරිමින්ගේ මොකුත් අඩු පාඩුවක් තියනවාය කියල හිතෙන්නේ නෑ:D . ඉන්දියාව ආර්ථික වශයෙන් කොච්චර වැඩ පෙන්නුවත් සමහර අංශවලින් ඉන්නෙ ගොඩක් පහත තැනක තාම

  5. araa said, on ජූලි 15, 2011 at 1:37 ප.ව.

    good article aruni..

  6. ~ChAnDiKa~~ said, on ජූලි 15, 2011 at 2:13 ප.ව.

    උපත්පාලනයට රූපවාහිනිය 😀 ඒකත් මරු සංකල්පයක්

    • ~ChAnDiKa~~ said, on ජූලි 15, 2011 at 2:15 ප.ව.

      හැබැයි ලංකාවේ රූපවාහිනී වල පෙන්නන අටමංගල්ල හන්දා උපත් අනුපාතිකේ වැඩිවෙනව මහිතේ 😀

      • arunishapiro said, on ජූලි 15, 2011 at 6:35 ප.ව.

        ~ChAnDiKa~~,

        ලංකාව හැමදාම හොටු බාර ගන්න රටනේ.

        ඉන්දියාවේ විතරක් නෙමෙයි බ්‍රසීලයේ ද රූපවාහිනිය උපත් පාලන ක්‍රමයක් වෙලා.

        බ්‍රසීලයේ ආගමික හැදියාව අනුව වූ නූතන පවුල් සංවිධාන ක්‍රම ප්‍රතික්ෂේප කරන හැදියාව වෙනස් වෙමින් යනවා. 1963 දී එක මවකට දරුවන් 6.3 ක් සිටීම 2000 වෙද්දී 2.3 ක් දක්වා අඩුවෙලා. ඒ හරියට මා ඕ ගේ චීනයේ ‘එක දරුවෙක්’ ප්‍රතිපත්තිය හා සිද්ධ වුනු සමාන අඩුවක්. බ්‍රසීලයේ Globo TV signal එක්ක කෙළින්ම සබඳතාවක් තියන බව ඔවුන් දත්ත වලින් පෙන්වනවා.

        බ්‍රසීල ටෙලිනාට්‍ය වලින් පෙන්වන්නේ “කුඩා, නිරෝගී, නගරබද, මධ්‍යම හා ඉහළ පංතියේ පා‍රිභෝගික පවුල” යැයි කියන්නේ ඒ අධ්‍යයනය කරපු අය අතර Alberto Chong නැමැත්තා. 1965 සට 1999 අතර ප්‍රචාරය කරන ලද Globo novelas 115 ක විස්තර අධ්‍යයනයේ දී ඒවායේ ප්‍රධාන කාන්තා චරිත 72% කට දරුවන් නැති බවත්, 21% කට ඇත්තේ එක දරුවෙක් බවත් දකිනු හැකිවිය.

        දැන් බ්‍රසීලයේ ආර්ථිකයත් නැඟලා යනවා.

        රූපවාහිනියට එච්චර හපන් කමක් කරන්න පුළුවන් වුනා නම් අද අන්තර්ජාලයෙන් දැනුම ලබාගත හැකිවීම වැඩිවෙද්දී ලෝකයේ අදහස් හා හැදියාවන් වෙනස් වීම නවතන්න බැහැ. දැන් කොයි ආකාරයට වෙනස් වී යයි ද කියන එක තමා ප්‍රශ්නෙ. අරාබියේ කුමක් වෙයි ද යන්නෙන් පැහැදිලි වෙයි ද?

  7. සපතේරු උන්නැහේ said, on ජූලි 15, 2011 at 6:33 ප.ව.

    දුමී සැරයක් ඕක ගැන මරු කතාවක් කියල තිබුන.. දැන් අලුතෙන් හදන කොන්ඩොම් සයිස් මෙහෙමලු…

    large – Medium – Small – Indian.

  8. Gimhani said, on ජූලි 15, 2011 at 7:20 ප.ව.

    නොදැන සිටි කතාවක් දැනගත්තා. ගොඩාක් ස්තුතියි…

  9. praveena said, on ජූලි 15, 2011 at 8:54 ප.ව.

    ප්‍රශ්නයක් අහන්ට තියනවා. හොඳද දන්නේ නෑ.

    අර සමීක්ෂන වාර්තාවේ ‘ශ්‍රී ලංකාවේ’ නම සඳන් නෑ නේද?

    නෑ මම ඉතින් මේ නිකමට ඇහුවේ???……:D:D:D

    • arunishapiro said, on ජූලි 16, 2011 at 8:34 පෙ.ව.

      praveena,

      නැහැ ප්‍රවීනා, ලංකාවේ දත්ත ඒ සමීක්ෂණයෙ නැහැ. කොන්ඩොම් පාවිච්චිය එතරම් ජනප්‍රිය නැති රටක් කියල අහලා තියෙන්නෙ!!! නැත්නම් පුද්ගලික තොරතුරු කියන්න ලැජ්ජා රටක් නිසා දැයි කවුද දන්නෙ?!!

      ලංකාවේ සුවිශේෂී උපත් පාලන ක්‍රම හඳුනාගන්න මාතලන් ලියපු කතාව කියවන්න වෙයි!!!

  10. buddie-බුඩී said, on ජූලි 15, 2011 at 10:14 ප.ව.

    කෝ මේ සමීක්ෂනේ අපේ රටේ කරලා නෑ නොවෑ 😛
    ඉන්දියාවේ එහෙම වුනත් දැන් ලංකාවේ නම් පිරිමි ප්‍රතිෂතය ඉහල ගිහින් නොවැ, ඉතින් මොකටද බිය වන්නේ 🙂

  11. පූසා said, on ජූලි 16, 2011 at 1:00 පෙ.ව.

    මම හිතන්නේ ලංකාව ඉන්නේ ප්‍රංශෙටත් ඉස්සරහින් වෙන්න ඇති 😀

  12. ඉන්දික උපශන්ත said, on ජූලි 16, 2011 at 5:51 පෙ.ව.

    ඇයි මේ සමීක්ෂනේට චීනෙ අරං නැත්තෙ?

    මොනව උනත් හොඳ ලිපියක් සහ බොහොම ස්තූතියි අපේ ග්‍රීක් සහ ඉන්දියන් දෙපිටකාට්ටුවන්ට ගහන්න මරු ආයුධයක් දුන්නට.

    • arunishapiro said, on ජූලි 16, 2011 at 9:34 පෙ.ව.

      ඉන්දික උපශන්ත,

      සමීක්ෂණයට තොරතුරු හොයාගෙන තියෙන්නේ ඒ ඒ රටවල් වල අය ඉදිරිපත් කරපු තොරතුරු සහ Andromedical කියන පුරුෂ අවයවය විශාල කරන බෙහෙත් ප්‍රතිකාර සපයන කොම්පැණියක් සතු දත්ත අරගෙන. කැමැත්තෙන් සහභාගී වූ රටවල් විතරයි.

      චීනය කොහොමටත් පුද්ගලික තොරතුරු ‍පිටට දෙන්නෙ නැති රටක් නෙ!!

  13. දුකා said, on ජූලි 16, 2011 at 8:07 පෙ.ව.

    ලිපිය ගැන නම් කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා අක්කේ . .

    ඒත් මේ දවස් ටිකේ හිත නිස්කලන්ක නෑ .. .

  14. kumaraya said, on ජූලි 16, 2011 at 11:44 පෙ.ව.

    මමත් මිට කලකට පෙර දුමී ගෙ ලිපිය කියෙව්වා. මං හිතුවෙ දුමිය නිකම් කට කහනවට කියපු විහිලු කතාවක් කියල.
    දැන් බැලුවම කතාව සම්පූර්ණ ඇත්තනේ.

  15. චරිත said, on ජූලි 16, 2011 at 12:52 ප.ව.

    වටිනා ලිපියක්.

  16. ඉඳුනිල් said, on ජූලි 17, 2011 at 2:45 පෙ.ව.

    මහ සැරේට වඩා හීං සැරේ දරුණුයි කියනවනේ… අවුරුදු දහස් ගණනකට කලින් ඉන්දියාවේ හිටපු වත්ස්‍යායන හඳුන්වා දුන් සූත්‍රයේ අන්තර්ගතය ඒක හොඳටම පෙන්වනවා[ලු].

    අපේ කට්ටිය පැවතෙන්නේ ඉන්දියාවෙන් ආ අයගෙන් කියන ව්‍යාජය පිලි ගන්නවානම් අපිත් ඔය ඉන්දියානුවන් වගේම වෙන්න ඕනි… ඒත් දැන් අපේ පුංචි පවුල් රත්තරන් නේ….

    ඇත්තටම මමත් හිතුවේ දුමී අයියගේ කතාව විහිළුවක්‌ කියලා.

    • arunishapiro said, on ජූලි 18, 2011 at 9:34 පෙ.ව.

      ඉඳුනිල්,

      කාම සූත්‍රයේ කතුවරයෙක් (editor) වන වාත්සායන එය ලියූ තැනැත්තා නොවන බවට ඒ ගැන හදාරන අය අතර තියන වාදයක්…

      මම හිතුවේ ලංකාවේ අය රුසියාවෙන් පහළට ආපු ඉන්දියාවේ නැවතිලා පස්සෙ ලංකාවට ආපු අයගෙන් කියලා!!!

      • ඉඳුනිල් said, on ජූලි 18, 2011 at 10:41 පෙ.ව.

        ඔබ කියන ආකාරයටම තමා මමත් අහලා තියෙන්නේ ලංකාවේ මුල් ජානපදිකයන්ගේ ප්‍රභවය. හරියටම කියනවනම් වර්තමාන කීර්ගිස්තානය පෙදෙසින්ලු. බහුතර යුරෝපීයන්ගේත් ප්‍රභවය එයම බවත් ..

        මම ඉහත කතාව කීවේ විජයාවතරණයට ලඝු වෙලා. 🙂

        අපේ මුල් සම්භවය ගැන පිළිගන්න පුළුවන් තොරතුරු විස්තරාත්මකව තියෙන පොත් හෝ වෙනත් මූලාශ්‍ර ඔබට හමු වී තිබේනම් ඒවා ගැන විස්තර ලබා දීම ලොකු උදව්වක්.

        • arunishapiro said, on ජූලි 19, 2011 at 10:40 පෙ.ව.

          ඉඳුනිල්,

          //අපේ මුල් සම්භවය ගැන පිළිගන්න පුළුවන් තොරතුරු විස්තරාත්මකව තියෙන පොත් හෝ වෙනත් මූලාශ්‍ර ඔබට හමු වී තිබේනම් ඒවා ගැන විස්තර ලබා දීම ලොකු උදව්වක්//

          හපොයි ඉඳුනිල්! මහාචාර්ය සෙනරත් පරණවිතානටත් බැනපු අය හිටිය රටක මේ මං ඕවා ලියන්න ගියොත් …

  17. හීනියට said, on ජූලි 18, 2011 at 8:51 පෙ.ව.

    මරු මරු…..කිව්වත් වගේ කොන්ඩම් කම්හලක් දා ගත්තනම් ගොඩ නොවැ…

    • arunishapiro said, on ජූලි 18, 2011 at 9:37 පෙ.ව.

      හීනියට,

      ලංකාවේ අයටම හරියන්න හදන්න පුළුවන් කොච්චර දේවල් තාම පිටරටින් ගෙන්වා ගන්නවා ද? අර කියපු විදියෙ සමීක්ෂණයකුත් පවත්වන්න වෙයි බිස්නස් එක පටන් ගන්න කළින් …. සමීක්ෂණ වාර්තාව අනුව ලංකාවට වාසිදායක වුවොත් තවත් ක්‍රිකට් මැච් පරදින්න වෙයි ද?!!!

  18. lalita kumara ranawana said, on අප්‍රේල් 30, 2012 at 6:51 පෙ.ව.

    aruni mama obe piya dutugemunu mawathe inna kale awa giya kenek adatath satya soyanawa obe diyunuwa wismayaki.ma ta obe siyalu satahan denna lalitaranawana@yahoo.com

    • arunishapiro said, on අප්‍රේල් 30, 2012 at 9:47 පෙ.ව.

      lalita kumara ranawana,

      ආයුබෝවන්!

      අරුණි ශපීරෝ වෙතින් කියන පිටුවේ හෙඩිම ක්ලික් කළාම හැමදාම අළුතින් පළවෙන ලිපි කියවන්න පුළුවන්. ඒ ඇරෙන්නට දකුණු පැත්තේ තියන “පසුගිය සටහන්” වලින් මුල සිට කියවා ගෙන එන්නත් පුළුවන්.

      තාත්තාගේ ගෝලයෙක් මේවා කියවන්නට එනවා යැයි අසන්නට ලැබීම සතුටට කාරණයක්. ඒ නිසාම මේ ලියන දේවල් පහසුවෙන් වටහා ගන්නට හැකිවේ යැයි සිතමි 🙂

      ජය!


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න