අරුණි ශපීරෝ‍ වෙතින්

හාවඩ් පිට්ටනිය, හාවඩ් විශ්ව විද්‍යාලය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 1, 2011

ඕන කෙනෙකුට යන්න පුළුවන් තැනක්! උපාධි අපේක්ෂකයෙක් ද කියල හොයන්නෙ නැහැ පිට්ටනියේ ගිහින් වාඩිවෙලා ගිම්හානයේ දී පොඩි පික්නික් එකක් දාන්න. හාවඩ් ටී ෂර්ට් ඇඳ ගත්තු මඟ පෙන්වන සිසු සිසුවියෝ ඊට ඇතුල් වන්නට පෙරුම් පුරන නංගිලා මල්ලිලා රංචු පිටින් කැඳවා‍ ගෙන හාවඩ් ඉතිහාසය කියමින් රඟන හැටි මේ දවස්වල ඇමෙරිකන් විශ්ව විද්‍යාල වල සුලබ දර්ශනයක්. හාවඩ් කියලාත් වැඩි වෙනසක් නැහැ.

හාවඩ් පිට්ටනිය මැදින් ගියාම Widener Library ට යන්න පුළුවන්. ඒකෙ A කාමරයේ තියෙන්නෙ සංස්කෘතික පුස්තකාලය. පාලි හා සංස්කෘතික භාෂා මූලාශ්‍ර පොත්පත් 2,600 ක් විතර එහි තියනවා. එකම දේ හාවඩ් පිට්ටනියට ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් වුනාට සංස්කෘතික පුස්තකාලයට යන්න පුළුවන් සංස්කෘතික අංශයේ ගුරුවරු හා සිසු සිසුවියන්ට පමණයි. නමුත් එහි පොත් බොහොමයක් එය පිහිටන Widener Library හි ද තියනවා. ඊට තාවකාලිකව ගොඩ වදින්නට අවසර පර්යේෂණ වල යෙදෙන අයට ලබාගන්න පුළුවන්. මේ ඊයේ පුස්තකාලය ඉදිරිපිට දී ගත්තු පින්තූරයක්.

හාවඩ් චතුරශ්‍රය කියන්නෙ හාවඩ් විශ්ව විද්‍යාලය අසල වූ සංචාරකයන් පිරි කඩ වීදි පරිසරය. ගඩොල් බිත්ති ගහණ පරණ ගොඩනැඟිලි හැම තැනම. මුහු‍නේ සුදු හුණු තවරා ගෙන, රූකඩයෙක් සේ වෙස්වලා‍ ගත් මහපාරේ රඟන තැනැත්තියක් ළඟ තියන පුංචි සූට්කේසයට සල්ලි දැම්මම රූකඩ නැටුමක් නටලා පෙන්නුවා. සැක්සෆෝන් පිඹින, බෙර වයන, ගිටාර් ගහන අයට අමතරව නොමිලේ පැවැත්වෙන ප්‍රසිද්ධ ගායකයන්ගෙ සංගීත සංදර්ශන ද චතුරශ්‍රයට සති අන්තයේ දී සෙනඟ එකතු කරනවා. ඒ වගේම ඇමෙරිකාවේ හිඟන්නෝ වැඩියෙන් එක තැනක ඉන්නෙ කොහෙද කියලා කවුරු හරි ඇහැව්වොත් … අනිවාර්යෙන් ම හාවඩ් චතුරශ්‍රයේ වෙන්න ඕනා!! ඉගෙන ගන්න ගිහින් මොළේ අවුල් වෙච්ච අය නෙමෙයි සමහර විට උපාධි සහතිකයක් ගන්න සන්තක බූදලේ ම වියදම් කරපු නිසා වෙන්නැති කියලා හිතුනෙ වසරක (පළමු උපාධිය සඳහා යන) වියදම ඩොලර් හැටදාහක් කියල දැක්කම.

31 Responses

Subscribe to comments with RSS.

  1. indika kumara said, on අගෝස්තු 1, 2011 at 9:54 ප.ව.

    හප්පෙ ඩොලර හැටදාහක් අවුරුද්දට කජුඇටද කොස් ඇටද??

  2. praveena said, on අගෝස්තු 1, 2011 at 10:06 ප.ව.

    දැන් ඔය පින්තූරේ ඉන්න ලස්සන එක්කෙනා ඔතනට වෙලා මොනවද කරන්නේ?…:-)

  3. සොසි said, on අගෝස්තු 1, 2011 at 10:43 ප.ව.

    නිදහස් අධ්‍යාපනය කොයි තතරම් වාසනාවක් ද…..
    නැත්තම් මමත් කොහෙ හරි හිඟන්නියක් හරි පිස්සියක් හරි වෙලා…

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 7:45 පෙ.ව.

      සොසි,

      වත් නංගි කියවන්න ඉන්දික කුමාරට දාපු පිළිතුර. ලංකාවේ තියන නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසා කොතරම් පිරිසක් අනාථ වෙලා දැයි දකින්න විශ්ව විද්‍යාලයට යන්න පෙරුම් පිරූ, පවතින ඉහළ අධ්‍යාපනය ක්‍රමය නිසා ම ඉහළ අධ්‍යාපනය අහිමි වූ අය එක්ක කතා කරාමයි වැටහෙන්නෙ. ඒ අය මෙහෙ දී නම් හාවඩ් ගිහින් ලෝකයට වැඩදායක වෙන්න ඉහළින් සමත් වෙන අය වෙන්න තිබුණ. ඒත් නිදහස් අධ්‍යාපනය ලබන්න ලකුණු පොඩ්ඩක් අඩු වෙච්ච නිසා පිටරටකට යා ගන්න වත්කමක් නොතිබිච්ච අය ලංකාවේ බැංකුවක වැනි රැකියාවක හිරවෙලා ඉන්නවා.

      • ලසිත said, on අගෝස්තු 2, 2011 at 11:04 පෙ.ව.

        ඇයි බැංකු රස්සාව නරකද?
        පිටරට ගිහිල්ල අනාථයෝ වගේ ඉන්නවට වඩා ලංකාවේ ඉන්න එක වාසනාවක් නෙමෙයිද?
        බැංකු ගැන ටිකක් කියවලාවත් ඉගෙන ගත්තොත් ඔයාට ඒක වැදගත් වෙයි.
        එහෙම බැලුවොත් Art කරලා මොන ඉටිගෙඩියක්ද සමාජයට කරන්න පුළුවන්.
        ඔයා වගේ මෝඩයෝ පිරිසක් හිතන්නෙම උපාධි නැත්නම් ඒ අයට මේ ලෝකෙට වැඩක් කරන්න බෑ කියලා.හැබැයි මතක තියාගන්න මේලොකෙට වැඩක් කරපු ගොඩක් මිනිස්සු උපාධි කරපු අය නෙමෙයි.උපාධි කරපු ගොඩක් අය ඔයාල වගේ බොරුවට කියවන පඹයෝ විතරයි.දැන් ඔයා කියන්න එපා මම උපාධි නැතුව දුකට මේක කියනවා කියල.මට කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධියක්‌ වගේම වෙනත් ක්ෂේත්‍ර දෙකක උපාධි තියෙනවා.මේවගේ දේවල් කියන්න කලින් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා දෙයක් කිව්වොත් හැමෝටම වැඩක් වෙයි.

        • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 5:02 ප.ව.

          ලසිත,

          ආයුබෝවන් ලසිත!

          බැංකු රස්සාව නරකයි කියා කිසිම විදියකින් මා කියා නැහැ. මා කියුවේ ඉහළ අධ්‍යාපනයක් ලබන්නට ආසාවෙන් සිටි අයෙකුට පිටරට ගොස් අධ්‍යාපනයක් ලබන්න බැරි අවස්ථාවක දී, ලංකාවේ පුද්ගලික ඉහළ අධ්‍යාපන ආයතන වලට ගෙවන්න තරම් වත්කමක් නැති අවස්ථා වල දී, ඊ ළඟට යා හැකි රටේ ඉහළ තනතුරක් හැටියට ඇත්තේ බැංකු රස්සාවක් බවයි. ඒ රැකියාව හොඳ ද නරක ද ගැන නොවේ.

          ලංකාවේ දී වෛද්‍යවරියන් වන්නට පෙරුම් පුරන, ඉංජිනේරුවන් වන්නට පෙරුම් පුරන, මේ පැත්තේ හිටියා නම් අද ඉහළ තලයක ලෝකයට සේවයක් කරන්නට හැකි දරුවන් බොහොමයක් මට හමුවෙලා තියනවා. පාසැල් කාලය අවසන් වන A/L වැනි අවස්ථාවක දී කැපී යන ඔවුන්ට නැති අවස්ථා මේ රටේ බහුලයි. අද මෙහි අයෙකුට මැදිවයසේ දී නැවත පාසැල් ගොස් වෛද්‍යවරියක් විය හැකියි. ලංකාවේ වෛද්‍ය විද්‍යාලයට ලකුණු මදි නිසා වරම් නොලැබී මෙහි පැමිණ ගන්නට හැකි වූවොත් වෛද්‍යවරියක් වන්නට පුළුවන්. ලංකාවේ ඉංජිනේරුවන් වන්නට හා වෛද්‍යවරියන් වන්නට ඉහළ තලයක ලකුණු ගන්නා සුළු පිරිසකට පමණක් සීමා වීමත් එය ඉතා ලාබාළ වයසක දී සදහටම තීරණය වීමත් ගැනයි මගේ ගැටළුව.

          //පිටරට ගිහිල්ල අනාථයෝ වගේ ඉන්නවට වඩා ලංකාවේ ඉන්න එක වාසනාවක් නෙමෙයිද?//

          පිටරට ගොස් අනාථයෝ වගේ ඉන්න කෙනෙක් ගැනත් මම කියා නැහැ. දන්න තරමින් ලංකාවෙන් ආපු සියළු දෙනාම (අධ්‍යාපනය ඇති හා නැති) අද ලංකාවේ හිටියාට වඩා ආර්ථික හා අධ්‍යාපනික අතින් දියුණු තලයක ඇමෙරිකාවේ දී ඉන්නවා දකින්නෙ.

          // එහෙම බැලුවොත් Art කරලා මොන ඉටිගෙඩියක්ද සමාජයට කරන්න පුළුවන්//

          උත්තර නම් බොහොමයක් තියනවා. විෂයයේ වැරැද්ද නොව උගන්වන ක්‍රමයේ වැරැද්ද යැයි ඉන් වැදගත් ම එක පමණක් ලියන්නම්.

          //ඔයා වගේ මෝඩයෝ පිරිසක් හිතන්නෙම උපාධි නැත්නම් ඒ අයට මේ ලෝකෙට වැඩක් කරන්න බෑ//

          ඔබ මේ අඩවියට අළුත් නිසා මම හිතන විදිය දන්නෙ නැතිව අනුමාන කරන බව පේනවා. කළින් දාපු සටහන් කියෙව්වා නම් එහෙම මා සිතන්නේ නැතිබව ඔබට පැහැදිලි වෙයි. මට ආපු එක චෝදනාවක් මම උපාධියට අගයක් දෙන්නෙ නැහැ කියා. එහෙම කට්ටියක් කියද්දී ඔයා මෙහෙම කියන්නෙ කොහොම ද?!!

    • ඉන්දික උපශන්ත said, on අගෝස්තු 2, 2011 at 10:39 පෙ.ව.

      නිදහස් අධ්‍යාපනය අගේ ඇති දෙයක්. ඒත් සීමිත ගානකට විතරක් සෙත සැලසෙනවනං ඒකෙයි ගෙවල ගන්න අධ්‍යාපනයෙයි වෙනසක් තීනවද?

      • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 4:39 ප.ව.

        ඉන්දික උපශන්ත,

        //ඒත් සීමිත ගානකට විතරක් සෙත සැලසෙනවනං ඒකෙයි ගෙවල ගන්න අධ්‍යාපනයෙයි වෙනසක් තීනවද?// මගෙ ප්‍රශ්නයත් ඕකම තමා. අපි නිදහස් අධ්‍යාපනය අගේ කරමින් උදම් අනිද්දී අර ඉහළ අධ්‍යාපනය ලබන්න නොහැකි අයව අමතක කිරීම.

  4. Prabath said, on අගෝස්තු 2, 2011 at 1:21 පෙ.ව.

    That’s why I went to the state university – University of Maryland. 100% finance – ended up with $120 thousand. Two years with Indian Health Service paid of $48,000.00 – Now I am down to ~60,000. Don’t be afraid of the bill. If you want to do it, you can do it. That’s the beauty of US.

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 7:48 පෙ.ව.

      Prabath,

      ඔව් ප්‍රභාත් කැමැත්ත ඇති අයට උත්සාහයෙන් යමක් හඹා ගිහින් ජයගන්න අවස්ථාවට ඉඩ කඩක් තිබීම තවමත් ඇමෙරිකන් සුවිශේෂයක්. පුරවැසියෙක් නම්/වුනාට පස්සෙ අර peace core වගේ ස්වේච්ඡා සේවයකට ගියා නම් ගෙවන ගාන තවත් අඩු කරගන්න තිබුණ!!!

    • ලාංකිකයා said, on අගෝස්තු 2, 2011 at 11:12 පෙ.ව.

      Why are you waiting to kiss their ass hole?They will pay you more than what you earn currently.Why can’t you understand the beauty of Sri Lanka?What the heck happened you guys?

  5. නවම් said, on අගෝස්තු 2, 2011 at 2:00 පෙ.ව.

    හැට දාහක්…. ඒකනෙ උන් අපේ එවුන් වගේ නැතුව ඉගෙනගන්නෙ……

    හැබෑටම අරුණි අක්කට හරි ප්‍රසන්න හැඩක් නෙව තියෙන්නෙ. [මං චොකලට් කන්න නම් ආසා නෑ වැඩිය හොඳේ….. 😀 ]

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 7:49 පෙ.ව.

      නවම්,

      අපොයි නවම් මල්ලි අපි අහුවෙයි ඔය බටර් වලට. 🙂 මගෙ කණ්ණාඩිය හිම කුමරියගෙ නපුරු කුඩම්මාගෙ කණ්ණාඩිය වගෙ කියලා හිතුව ද?!!

  6. ඉඳුනිල් said, on අගෝස්තු 2, 2011 at 5:53 පෙ.ව.

    ඔබේ කලින් ලිපියකට මම දැමූ කමෙන්ටුවක නම සඳහන් කල ටකර් මහත්තයා ඔහුත් සමග කටයුතු කල මගේ මිතුරෙකුට පවසා තිබුනා, හාවඩ් සරසවියට වාර්ෂිකව ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වගේ කිහිප ගුණයක් බව. ඔහුත් එහි ආදී ශිෂ්‍යයෙක්ලු.

    ඔය ඩොලර් 60000 අපේ ගොඩක් අයට එච්චර ගැටලුවක්නමේ නෙවේ. මොකද අනිත් වියදමුත් එක්ක අවුරුදු 35 කින් , 40 කින් හොයා ගන්න පුළුවන්නේ.. 😛

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 7:53 පෙ.ව.

      ඉඳුනිල්,

      ආදී ශිෂ්‍යයන් විසින් තමන් අධ්‍යාපනය ලැබූ විශ්ව විද්‍යාලයන්ට කරන පරිත්‍යාගයන් බොහොමයක්. ඒ වගේ ම ඉහළ ධනවතුන් විශ්ව විද්‍යාල වල ගොඩනැඟිලි හදන්නත් පරිත්‍යාගයන් කිරීම බහුලයි. අද ඉන්න සිසු සිසුවියන්ගේ දෙමාපියන් ද පරිත්‍යාගයන් කරනවා. සමහරු අන්තිම කැමති පත්‍රයෙන් මුළු බූදලයම විශ්ව විද්‍යාලයකට ලියා දානවා. කවුද දුන්නෙ, කීයක් දුන්න ද වගේ දේවල් විනිවිද භාවයෙන් කෙරෙන්නෙ. ඒ වගේම පරිත්‍යාගයක් කරපු නිසා ලාභයක් ලබන්න (ගෞරව උපාධියක් පිරිනැමෙන) වගේ වැඩ නැහැ!! හාවඩ් අරමුදල් භාරකාරත්වය තියෙන්නෙ 1974 දී පටන් ගත්ත Harvard Management Company යට. එහි අද සභාපති සහ CEO වෙන්නෙ Jane L. Mendillo. ඔවුන්ගේ අරමුදල් ආයෝජන ඩොලර් බිලියනයක් පමණ.

      ලංකාවේ සුපිරි පංතියකට ඕවා මොනවා ද, කජු ඇට කොස් ඇට විදියට දැනෙන්නෙ එයාලට තමයි!!!

  7. සපතේරු උන්නැහේ said, on අගෝස්තු 2, 2011 at 6:55 පෙ.ව.

    පොටෝ එකේ අක්ක ඉන්නෙ විස්ස විද්යාලයක් ලඟ කිව්වට මටනම් පිලිගන්න බෑ….
    කෝ එහෙනම් ” අපට දියව් ” කියල පෝස්ටර්…:D

    පින්තූරෙ දැක්ක ගමන්ම ආපු අදහසක් හොඳ වචන ටිකකට දාගන්නෙ කොහොමද කියල ඉන්නකොට නවමගෙ කොමෙන්ට් එක දැක්කෙ..
    //හැබෑටම අරුණි අක්කට හරි ප්‍රසන්න හැඩක් නෙව තියෙන්නෙ.// …

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 8:00 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      මෙහෙ විශ්ව විද්‍යාල වල වර්ජන පෙළපාලි නැවතුනේ 60 ගණන් වල. ” අපට දියව්” කියලා අද කෑ ගහන්නෙ ඔබාමා ආණ්ඩුව!!

      ඇස්ට්‍රා මොනාට ද ඔය ඕන තරම් ලංකාවේ හදන බටර් තියෙන්නෙ!!! 🙂

  8. මකුළු පැංචි said, on අගෝස්තු 2, 2011 at 7:52 පෙ.ව.

    අරුණි අක්කගෙ බ්ලොග් කියවනවා වුණාට දැක්කෙ අදනෙ.. :))
    යාන්තම් වසීලීස්සගෙ රටේ නම් වෛද්‍ය උපාධියට ඩොලර් 5000 යි…. 😀

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 8:19 පෙ.ව.

      මකුළු පැංචි,

      මීට කළින් යකාගෙ කැලැන්ඩරයට සුදුසු පින්තූර ඕන තරම් දාලා තියනවා මකුළු පැංචියේ!

      හාවඩ් වෛද්‍ය උපාධියට වසරක වියදම ඩොලර් 73,000 ක්!!!

      පිටරට වෛද්‍ය උපාධියක් අරගෙන ආවාම ලංකාවේ ලියාපදිංචි කරන එක ආයෙත් නැවතිලා නේද?

      යන වියදම රටේ ආණ්ඩුවෙන් පියවෙන විට දී තමන්ගෙ උපාධියට ගෙවන අයට වාසියි. ඒත් මුළු වියදම් පියවන සල්ලි කොහෙන් හරි එන්න ඕනනෙ. ලංකාවේ නිදහස් අධ්‍යාපනයට ද ගෙවන සල්ලි රටේ ආදායම් උපයන අයගෙන් විතරක් නෙමෙයි පිටරට ණය මුදල් වලින් ද ලැබෙන ඒවා. වසිලිස්සාගෙ රටේ දී ත් එහෙම තමා. මෙහෙ රජයේ ආධාර ලබන විශ්ව විද්‍යාල වල දී ත් එහෙමයි.

      ඇමෙරිකාවේ Pediatrician, General වෛද්‍යවරයෙක්ගෙ වසරක මධ්‍යස්ථ පුද්ගලික ආදායම (Median Salary) ඩොලර් 97,750; Family Physician / Doctor ඩොලර් 164,311; Physician / Doctor, Internal Medicine ඩොලර් 175,000. වැඩියෙන් ගෙවලා ඉගෙන ගෙන වැඩියෙන් උපයන්නත් හැකියි.

      • සසංක said, on අගෝස්තු 2, 2011 at 8:50 පෙ.ව.

        ඔබ සඳහන් කරපු වැටුප් වලින් අමෙරිකානු රජයට ආදායම් බදු ගෙවූ පසු කීයක් ඉතිරි වෙනවාද කියා දැනගැනීමට සතුටුයි. ස්තුතියි.

        • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 4:22 ප.ව.

          සංසක,

          කෙටියෙන් කිව්වොත්, 2010 දත්ත අනුව,
          97,750 වසරක ආදායමක් උපයන තනිකඩයෙක් ගෙවන ආදායම් බදු 21,072 කි.
          164,311 වසරක ආදායමක් උපයන තනිකඩයෙක් ගෙවන ආදායම් බදු 46,007.08 කි.
          175,000 වසරක ආදායමක් උපයන තනිකඩයෙක් ගෙවන ආදායම් බදු 57,750 කි
          .

          ඇමෙරිකන් බදු ක්‍රමය ඉතා සංකීර්ණ වූවක්. උපයන ආදායමට අමතරව දේපල බදු, යමක් මිල දී ගනිද්දී ගෙවන බදු, තෑගි දෙනවිට ගෙවන බදු, මිය ගියාම තම උරුමය පවරා දෙනවිට රජය කපා ගන්න බදු යනාදියෙන් යුතුයි.

          උපයන ආදායම අනුව ගෙවන බදු තීරණය වෙද්දී එය ෆෙඩරල් මට්ටමෙන් ද, ප්‍රාන්ත මට්ටමෙන් හා සමහර අවස්ථාවල දී නගර සභාව මට්ටමෙන් ද කැපී යයි. ආදායම් බදු කපා නොගන්නා ප්‍රාන්ත කිහිපයකි. ඒවායේ ඉන්නා අය ගෙවන්නේ ෆෙඩරල් බදු පමණි. ආදායමක් උපයන ඕනෑම කෙනෙකු (රටේ පුරවැසියෙක් වූවත් නැතත්) වෙතින් Social Security (විශ්‍රාම ගිය පසු රජයෙන් සැපයෙන දීමනාවක්) සහ Medicare (වයසට ගිය පසු සෞඛ්‍ය පහසුකම් සඳහා ලැබෙන සහනාධාර) සඳහා බදු උපයන ආදායම් මට්ටම අනුව කපා ගැනෙයි. එය 2011 දී ආදායමෙන් 13.3% ක් විය. තමන් උපයන මුල් ඩොලර් 106,800 සඳහා Social Security බදු ගෙවූ පසු වසරේ දී ඊට වඩා උපයද්දී තවත් එයින් කපා නොගැනේ.

          ඇමෙරිකාවේ බදු එකතු කරන ක්‍රමය හැදී ඇත්තේ සේවායෝජකයා (employer) වෙතට පැවරුණු කාර්ය භාරයෙනි. මාස පඩිය අතට ලැබෙන විට සේවායෝජකයා ආදායම් බදු, සමාජ විශ්‍රාම වැටුප් බදු හා සෞඛ්‍ය පහසුකම් බදු කපාගෙන රජයට යැවිය යුතුය.

          වසර අවසානයේ දී බදු ගෙවන අය තමන් විසින් නොයෙකුත් බදු සහන අනුව (ඒ ඒ වසර සඳහා රජය තීරණය කරන අන්දම අනුව) ගෙවිය යුතු ගණන දැන ගනියි. බොහෝ අවස්ථාවල දී තමන් පඩිය ලබා ගන්නේ බදු කපා ගෙන නිසා සහන ඉදිරිපත් කළ පසු ඉතිරි වෙනසක් තමනට ආපසු ලැබෙයි.

          බදු සහන නම් වයස කීය ද, විවාහ වී ඇත් ද, දරුවන් කී දෙනෙක් ද, හදාගන්නට දරුවන් ගෙන ද, අන්ධ ද, ශිෂ්‍ය ණය ‍පොලී තියේ ද, ගෙවල් පොලී ණය, සූදු කෙළ කොතරම් අලාභ වී ඇත් ද, ඇලස්කාවේ මසුන් මරන්නට ගිහින් ද, වෛද්‍යවරුන්ට දුෂ්කර පළාත් සේවය කරනවා නම්, හිටි පළාතෙන් වෙනත් පළාතකට පදිංචියට යෑමේ වැය, කොටස් වෙළඳපොල කඩා වැටීම නිසා සිදු වූ ආයෝජන අලාභ, ලෙඩ රෝග සඳහා අතින් ගෙවූ මුදල් (රක්ෂණයක් ඇති/නැති නිසා), දෙමුහුන් වාහනයක් ගත් නිසා, නිවසේ ඉන්ධන පරිසර හිතවාදීව ලබාගන්නා නිසා, රජය අනුමත පරිත්‍යාග කරන ලද මුදල් යනාදී මෙහි දී කියත නොහැකි තරම් ආදායමෙන් අඩු කරගත හැකි (deductions) සහන ගණනාවකින් යුතුයි. තමන් උපයන ආදායම අනුව ඒ සහන මට්ටම් ද තීරණය වෙයි. ඉහළ ආදායම් මට්ටමක දී ඒ සහන බොහොමයක් නැත. ඒ අනුව පුද්ගලයෙක් තමන් ගෙවන ආදායම් බදු කොපමණ දැයි තීරණය වෙයි.

          ඒ අඩු කරගත හැකි සහන කිසිවක් නැත්නම්, තනිකඩයෙක් 2010 වසර තුල දී ඩොලර් 8,375 ක් උපයා ඇත්නම් ඔහු ගෙවන ෆෙඩරල් ආදායම් බදු (අර Social Security සහ Medicare විස්තර පහත දී) ඉන් 10% කි. 8,376 – 34,000 දක්වා උපයන්නෙක් ගෙවන්නේ ඉන් 15% කි. 34,001 – 82,400 දක්වා ඉන් 25% කි. 82,401 – 171,850 දක්වා ඉන් 28% කි. 171,851 -373,650 දක්වා ඉන් 33% කි. ආදායම 373,651 කට වඩා වැඩි නම් ඉන් 35% ක් බදු ගෙවිය යුතුය.

          2009 වසරේ උදාහරණයක් මෙසේය.
          තනිකඩයෙක්, දරුවන් නැති, වයස අවුරුදු 65 ට අඩු, අන්ධ නොවන, කිසිත් සහන නැති:
          මුළු ආදායම 40,000 වූ කල, රජය විසින් දෙන standard deduction 5,700 ක් අඩු වෙයි. පුද්ගලික සහනයක් හැටියට personal exemption 3,650 ක් අඩු වෙයි. එවිට බදු ගෙවන ආදායම 30,650 ක් සේ ගණනය වෙයි.
          ඉතින් උපයන ලද මුල් 8,350 සඳහා අය කරන 10% අනුව 835 ක් ද, ආදායමේ ඉතිරි කොටස වන 30,650 න් අර 8,350 අඩු වූ විට 22,300 කි. ඒ 22,300 සඳහා කැපෙන 15% බදු 3,345 කි. එනම් 835 ට 3,345 එකතු වූ පසු මුළු ෆෙඩරල් බදු 4,180 කි. එනම් ආදායමෙන් 10.45% ක් ආදායම් බදු වෙයි.

          ආදායම් බදු වලට අමතරව කළින් කියූ Federal Insurance Contributions Act tax (FICA) බද්ද ඇත. ඉන් භාගයක් රැකියාව කරන්නා ගෙවන අතර ඉතිරිය රැකියාව දෙන්නා ගෙවයි. ඒ අනුව ඩොලර් 40,000 ක් (adjusted gross income) උපයන්නාගේ Social Security කොටස 6.2% ක් නොහොත් 2,480 කි. Medicare කොටස 1.45% ක් නොහොත් 580 කි. එනම් සම්පූර්ණ FICA බදු 40,000 ක් උපයන්නාගේ ආදායමෙන් 7.65% ක් නොහොත් 3,060 ක් වෙයි.

          ඊ ළඟට හැම ආදායමක් උපයන අයෙකුට ලැබෙන earned income tax credit කියා රජයේ දීමනාවක් ඇත. 2010 වසරේ දී ඩොලර් 48,362 කට වඩා අඩුවෙන් ආදායමක් ඉපැයූ පුරවැසියනට සහ නීතියෙන් රටේ පදිංචිය ලැබි ආදායමක් උපයා බදු ගෙවූ අයට රජයෙන් ආපසු ලැබෙන මුදල් ය. එයත් දරුවන් ඉන්නවා ද, විවාහ වී ඇත් ද යනාදිය අනුව අඩු වැඩියෙන් ලැබේ.

      • ඉන්දික උපශන්ත said, on අගෝස්තු 2, 2011 at 10:46 පෙ.ව.

        ඒ වගේම බදු ගෙවන්නත් වියදම් කරන්නත් වෙනව නේද?
        මෙහෙ වෛද්‍යවරයෙක් මාසෙකට ඩොලර් 80000ක් විතර හොයනව. හැබැයි 0 ටැකස් සහ අවම ජීවන වියදම ( ලංකාවට වඩා බොහොම අඩුයි ). ඒත් ඉතින් අරාබිය වගෙද ඇමරිකාව නේද?

        • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 4:40 ප.ව.

          ඉන්දික උපශන්ත,

          දුෂ්කර පළාත් සේවයට යන අයට බදු සහන තියනවා කිව්වෙ. ඔය පළාතේ සේවයට ඒමත් එක විදියක බදු සහනයක් දිය යුත්තක්!!!!

      • සසංක said, on අගෝස්තු 3, 2011 at 5:05 පෙ.ව.

        ඇරුණි, ඔබේ දීර්ඝ පිළිතුරට ගොඩාආආආආආ…ක් ස්තුතියි.

  9. Nihal Gurusinghe said, on අගෝස්තු 2, 2011 at 4:14 ප.ව.

    මගෙ යාළුවෙකුගෙ දුවෙක් ඉගෙන ගත්ත හාවඩ් එකේ. එයාගෙ පිංතූරයකුත් දාල තිබුන පීපල්ස් මැගසින් එක මුල් පිටුවේ. දැන් නම් ආරංචිය නෑ. අර සිංදු කියන ගොඩේ නම් වෙන්න බෑ.

    • arunishapiro said, on අගෝස්තු 2, 2011 at 4:37 ප.ව.

      Nihal Gurusinghe,

      සිංදු කිව්වෙ, රබන් ගැහැව්වෙ සහ සැක්සෆෝන් පිම්බෙ හිඟා කාපු අය නෙවෙයි. ඒ අය තම කුසලතා පෙන්වන්න පැමිණ සිටි අය. හිඟා කාපු අය කිසිත් නොකර අත පාමින් හිටිය අය.

  10. Ravi said, on අගෝස්තු 2, 2011 at 10:00 ප.ව.

    Erich Segal ගෙ The Class කියවල ඉවර උනේ සති දෙකකට ඉස්සර වෙලා.

    ඒ කතාව දිගහැරෙන්නෙ හාවඩ් විශ්ව විද්‍යාලය පසුබිම් කරගෙන නිසා හාවඩ් විශ්ව විද්‍යාලය මට මේ දවස්වල හරිම හුරු පුරුදු තැනක්.

  11. […] දී දාපු හාවඩ් විශ්ව විද්‍යාලයේ වයිඩ්නර් පුස්… ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: