මුදල් යන්නේ කොහේදැයි සොයා බලන්න
ලෝකයේ බොහෝ සිදුවීම් ගැන සත්‍ය දැනගන්නට නම් මුදල් යන අත සොයා යා යුතුය. උඩඟු ලෙසින් දියුණුව ගැන දොඩනා අය ද, වියරුවෙන් සහනාධාර පොරොන්දු දෙන අය ද, සියල්ල සංවාදයෙන් විසඳත යැයි සිතන අය ද සත්‍යයෙන් ම කරනුයේ කුමක් දැයි දැන ගන්නට නම් ඔවුන් විසින් මුදල් පරිහරණය කරනා අන්දම සොයා බැලීමෙන් පුළුවන. බොහෝ රටවල ඒ දත්ත සොයා ගැනීම අපහසු වීම විමර්ශනය දුෂ්කර කරයි. එහෙත් රටක් දියුණු කර සමාජයේ සුව සෙත ඉහළට දා ගැනීම කැමැත්තෝ වැඩි වැඩියෙන් මහජන මුදල් පරිහරණය ගැන විනිවිදභාවය ඉල්ලා සිටිය යුතුය.
ලන්ඩන් ව්‍යසනයෙන් පස් දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇත. මේ වන විට 1050 පමණ පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි ද ඉන් භාගයක් පමණ කොල්ල කෑම් වලට චෝදනා ලබා ඇතැයි ද දැන ගන්නට ලැබේ. ඔවුන් හිරබාරයේ තබන්නට, නඩු අහන්නට හා සිර දඬුවම් දෙන්නට ද වැය වන්නේ මහජනතවාගේ සුබ සාධනය සඳහා වූ මුදල් ය.
ඒ සියල්ල නිසා අඩු වී යන්නේ කාගේ සහනාධාර දැයි මේ ව්‍යසනය කරපු අය නිකමට වත් සිතුවා ද?
රජයට ලැබෙන බදු මුදල් හිඟකම නිසා ම සුබ සාධන කැපෙන යුගයක දී, සංචාරක සමයේ මැද සිටිය දී, තව වසරකින් ගිම්හාන ඔලිම්පික් තරඟ පවත්වන්නට තිබිය දී මේ ව්‍යසනයෙන් සිද්ධ වන අනාගත මුදල් පාඩු ද සැලකිය යුතුය. වසරකින් යන ගමන් ගැන දැන් තියා සැලසුම් ගැසීම බටහිර රටවල සිරිතකි. ගිම්හාන ඔලිම්පික් සඳහා හෝටල් වෙන් කරගන්නේ මේ කාලයේ දී නිසා එය සංචාරකයාගේ ‘කැමැත්ත’ දිනා ගැනීමට මෙය සාධකයක් වනු ඇත.
මේ දිනවල ඇමෙරිකාවේ සවුත් දකෝටා හි 71 වතාවටත් පවත්වන වාර්ෂික ස්ටජිස් මෝටර් සයිකල් රැළිය අවසන් වන සති අන්තයයි. තව වසර දෙකකින් ඊට සහභාගී වන්නට කැමැති අයට දැන් හෝටල් කාමර වෙන් කර ගැනීමේ කාලයයි!! මිලියන භාගයකට ආසන්න මෝටර් සයිකල් හිමියන් සති දෙකක කාලයක දී එක් රොක් වෙන උත්සවයකි. දාහකට ආසන්න වූ වෙළඳුන් සංඛ්‍යාවකට එහි දී තම බඩු විකුණා ගත හැකිය. ඒ අන්තර්ජාලයෙන් බඩු ගැනීම පහසු හා ජනප්‍රිය ඇමෙරිකාවේ දී ය. රැළියේ දී බඩු විකුණන කෙටි කාලීන වෙළෙන්ඳන් බදු අය කරන අලෙවි සංඛ්‍යාව මිලියන 10.45 කි. සවුත් දකෝටා ප්‍රාන්තයට සති දෙක තුල දී අලෙවි බදු වශයෙන් මිලියන භාගයක් පමණ ඩොලර් වලින් ලැබේ. එය පැවැත්වෙන නගරයට මිලියන කාලක් පමණ බදු ලැබේ. ඊට අමතරව ප්‍රාන්ත සංචාරක බදු, හෝටල් බදු යනාදියෙන් ලැබෙන මුදල් ද වෙයි. ඒ ඇමෙරිකාවේ වාසය කරන අයගෙන් ද ඉතා ස්වල්ප පිරිසක් පමණක් දන්නා වූ උත්සවයක මුදල් තතු ය. ඔලිම්පික් තරඟ තම රටට ගෙන්වා ගැනීමට තරඟ කරන්නේ ඉන් ලැබෙන මුදල් ඊට වඩා ඉතා වැඩි නිසා ය.
වර්ජන කරමින්, පෙළපාලි යමින් නිතරම පඩි වැඩි කරන්නට යැයි ඉල්ලා සිටීම පහසු ය. තම කුසලතාවයන් වැඩි දියුණු කරගෙන ඉහළ වේතන වලට සුදුසුකම් ලබන්නට හැකියාව ඇති ලෝකයක අද අපි ජීවත් වෙමු. එදා වැඩවසම් ලෝකයේ දී මෙන් මී මුත්තා කරපු රස්සාවම අද දිනයේ ද කරන්නට වන යුගයක තවමත් අපි ජීවත් නොවෙමු. එවැනි යුගයක නොතිබි අයිතිවාසිකම් අද ඇත. තම තත්වය ඉහළ දමා ගැනීමට තමන් විසින් වෙහෙසෙන්නට හැකියාව අද චීනයේ හා කියුබාවේ ද විවෘත වෙයි. තම කුසලතාවය එසේම තිබිය දී පඩි වැඩි කරන්න යැයි ඉල්ලා වර්ජන හා පෙළපාලි යෑම ද නැවතිය යුතු කාලයයි.
උවමනාවක් හා වෙහෙසක් ගන්නට කැමැත්තෙකුට කඩ රාක්කයක බඩු අහුරන්නෙකු ලෙසින් රැකියාව පටන් ගෙන ලෝක ධනපතියෙකු වූ සෑම් වෝල්ටන් වැනි අයෙකු විය හැකිය. රිවිර පුවත්පතින් ඉඳහිටක ‘දිනූ මං පෙත’ යටතේ ස්ව වෙහෙස මහන්සියෙන් ව්‍යාපාර ලෝකය ජයගත් ලාංකිකයෙක් ගැන අහන්නට ලැබෙයි. ඉතාලියේ ඇඳුම් මහන්න ගිය චීන කාන්තාව අවසානයේ නතර වන්නේ ඉතාලියට චීනයේ නිෂ්පාදනය කරන විලාසිතා විකුණා ය. හෙට දිනයේ දී කියුබාවේ ද තමන් විසින් වෙහෙසී ඉහළ ආර්ථික ජයක් ලැබූ අයෙකු ගැන අහන්නට බලා ගෙන සිටිමි.
තම දක්ෂතා වර්ධනය කරගන්නවා වෙනුවට ඊට කිසිත් වෙහෙසක් නොගෙන, ජීවන වියදම ඉහළ ගියා ඒ නිසා සහනාධාර හෝ පඩි වැඩි කරන්න යැයි පෙළපාලි යන්නට පොළඹවන යුනියන් සංගම් හා දේශපාලන වාසි හොයන්නෝ වඳ වී යන යුගයක් ඇරඹී ඇති බව දකින්නට හැකියාව ඇත්නම් ඒ රටවල් හා ඒ සමාජ අරගල අඩු කරගෙන දියුණුව කරා පා තබන්නට සමත් වේ. එය වැටහෙන්නට කල් ගත වෙද්දී, බෙදන්නට සහනාධාර එකතු වෙන්නේ කෙසේ දැයි විස්තර නොකරන තාක් කල් මහජනයා ඒ මුදල් එන්නේ කොහෙන්දැයි නොදන්නා නිසා හැමදාම සහනාධාර ඉල්ලමින් මහජන හා පුද්ගලික දේපල (තමන්ගේම වස්තුව) හානි කරමින් සිටිනු ඇත.
සහතික ඇත්ත.. ඒත්.. මේ රටේ ග්‍රීස් යක්කුන්ට බය බුද්ධිමත් ජනතාවක් වෙසෙන රටක්. දැන් ගමකට එන අහිංසක ආගන්තුකයෙක් උනත් කපල කොටල මරණව.. ඒත් ග්‍රීස් යක්කු බිහිවෙන එකට පිලියම් යොදන්නෙ නෑ..
maathalan,
ආදරවන්තයෙකුත් ග්‍රීස් යකෙක් කියලා ගුටි කෑවලු නේද?!! ඔව්, කිසිම ප්‍රසිද්ධ පුවත්පතකින් මාතලන් කියන කාරණය විවරණයකට ලක් වූ බවක් දැක්කෙ නැහැ!!!
ග්‍රීස් යකින්නියො නෑනෙ
Chanaka Aruna Munasinghe,
මාතලන් කියන ග්‍රීස් යක්කු ‘බිහිවෙන හේතුව’ හොයා බලන්න ගියොත් ඇයි ග්‍රීස් යකින්නියො නැත්තෙ කියලත් කතා කරන්න පුළුවන් වෙයි!!!!
සම්පූර්ණයෙන්ම් එකඟයි. අපි තාම ඉන්නේ 1930- 40 ගනන්වල. මෙහෙම පසුගාමී අදහස් තබාගෙන රටක් තබා පවුලකවත් දියුණුවක් වේදැයි මට නම් සැකයි. අර යූනියන් මේ යූනියන් වලට නැති අය ඉතාම හොඳින් තම කටයුතු කර ගනිමින් ඉතා හොඳ ජීවන තත්වයන් ගොඩනඟාගෙන සිටිනු මම දැක ඇත්තෙමි. ඒ නිසා ඔබ වැනි අයගේ මෙවැනි අදහස් අප ත වතවත් සමාජයට සම්ප්‍රේෂණය කලයුතු යැයි මටද සිතේ.
ම්නිසා ව්සින් ම්නිසා හැදෙන්නට වුවමනායි . ඇමරිකාවේ , ජපානයේ මේ ලොකේ ඔනැ තැනක සිට්න්නේ ම්නිසුන්මයි ඉතින් මේ අපේ රටේ ඉන්න ම්නිසුන්ට හැදි සිට්ය හැකිය අපි තවමත් පමා නැත …. අපට තව කල් තිබේ…….
මේ ආධුනික බොලොග් කරුවෙකු ගේ තවත් එක සිතුව්ල්ල ක් ………
කන්දක් නගොත් පල්ලමක් තියෙනවා වගේ,අපි ඔය යන විදියට යමු.
// මහජනයා ඒ මුදල් එන්නේ කොහෙන්දැයි නොදන්නා නිසා…… //
මෙන්න මේක හරිම කරුමයක් ලංකාවට දරුණු ලෙස බලපාල තියෙන…
ලංකාවෙ අපි හිතාගෙන ඉන්නෙ අපිට ලැබෙන සහනාධාර ඔක්කොම සෘජු බදු ගෙවන්නන්ගෙන් ලැබෙන මුදල් කියල… ඒකයි වැඩියෙන්ම සහනාධාර ඉල්ලන්නෙ… ඒත් ලංකාවෙ ආදායමෙන් කොච්චර පොඩ්ඩද සෘජු බදු වලින් ලැබෙන්නෙ… අනිත් සේරම ගෙවන්නෙ අපිමනෙ… සීනි කිලෝ එකෙනුයි පරිප්පු කිලෝ එකෙනුයි සැමන් ටින් එකෙනුයිබදු ගෙවල… ලාම්පුතෙල් කන්සෙෂන් එක ගන්නව…
සපතේරු උන්නැහේ,
වටහා ගන්න උවමනාවක් කවදා හට ගනියි ද?!!!!
http://www.cbsnews.com/stories/2011/08/12/eveningnews/main20091874.shtml
http://www.shakedownsocialism.com
මෙයට හිකස් ගානවා හැර වෙනත් දමන්නට කමෙන්ට් එකක් නැත…
1.ලංකාවේ කලකට ඉහත වරලත් ඉංජිනේරුවරුන් කලේ සැලසුම් සකස් කිරීම සහ අදාල සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉහල මට්ටමේ ක්‍රමවේද සකස් කිරීමයි…නමුත් දැන් උපාධි ලබාගත් ඉංජිනේරු ඇත්තෝ පාරේ වැඩකරන මේසන් බාස්ලාගේ වැඩ අධීක්ෂණයට ..විදුලි කම්බි එලීම් අධීක්ෂණයට ගිණුම් සැකසීමට යොදාගැනේ…..
2.ගණකාධිකරණය සමතුන් හිඟ වූ කලකට පෙර එහි සුදුසුකම් සැපිරූ අය ගණකාධිකාරීවරුම වූහ..එහෙත් දැන් උපාධි සහ ඉහල වෘත්තීය සුදුසුකම් සහිත අයවලුන් බැංකුවල කැෂියර් තනතුරු සඳහා බඳවාගැනීම් වල කිලෝමීටර ගනන් පෝලිම් වල සිටිති…
3.පරිඝනක මෘදුකාංග ශිල්පය හැදෑරු දක්ෂයින් ඉලක්කම් හයේ පඩියට පලමු වැටුපට රැකියාවට ගිය කල අවසන්ව දැන් ඉංදියානු චීන විද්‍යාපති උපාධීධාරී ශිල්පීන් නිසා රුපියල් පනස්දහසේ වැටුපක්වත් සොයාගැනීමට අපහසු වී ඇත..
විශාල ප්‍රමාණයේ සමාගම් සිය පහල සහ මධ්‍යම මට්ටමේ සේවකයින්ගේ ඉල්ලීම් නොසලකා හැර ඔවුන් පෞද්ගලික අරමුණු වලට යොමුකර පොදු අරගල වලින් ඈත්කිරීමට ධනාත්මක චින්තනය සහ ඔබ ඔය කියන..ශිල්පිය කුසලතා වර්ධනය කරගැන්ම ආදී පෞද්ගලික දේ වල් සේවකයින්ට එබ්බවීමට යයි..
එහෙත් විභාග සමත් වූ පලියට වෙලඳපොල ප්‍රසාරණය නොවනානම්..සුදුසුකම් ලත් පලියට රැකියා අවස්තා නොලැබෙනවානම් යුද්ධයට නැති කඩු මුවහත් කරගන්නට තවත් වෙහෙසීම සමාජිය වශයෙනුත් පුද්ගලික වශයෙනුත් කරන්නේ මහා මුල්‍ය සංහාරයකි..
අප ලාංකීය කම්කරු ජනතාව බොහෝවිට වැඩිවැටුප්ලෙස වෙනත් දීමනා ලෙස ඉල්ලන්නේ ඔවුන්ට නිකම් ඉඳන් පඩිගැනීමට ලයිසන් එකක් නොවේ…සමාගම් විසින් සඟවාගෙන සිට ලොක්කන් සහ කොටස්කරුවන් විසින් බෙදාගන්නා ලබන ඔවුන්ගේ ශ්රමයට හිමි මූලික මුදල් කොටසයි…මිලියන බිලියන ගනනින් ලාබ ලැබුවත් කිසිදු ප්‍රසාද දීමනාවක් පහල මට්ටමේ සේවකයින්ට ලබා නොදෙන ලංකාවේ කොම්පැනි අප වෘත්තීය අරගල කරන විට කියන්නේ අපිට ලබාගැනීමට නොහැකි වූ උපාධි සහ අධ්‍යාපන සුදුසුකම්වලට ඇති කුහක කමකට අපි විසින් අරගල කරනවාය කියාය..
මොලය වැදගත් වන්නට පුලුවන ඒත් වෙහෙසන අත් පා සරීරද යම්තම් හෝ වැදගත් කමක් ඇතැයි අප සිතිය යුතුය…
indika27,
ධනාත්මක චින්තනය ගැන කවද හරි දවසක ඉක්මණින් ලියන්න පටන් ගන්න ඕන. මොකද අනිත් හැම දෙයක් ගැනම වගේ ඒ ගැනත් ඇති අවුල් ගොඩයි. ධනාත්මක චින්තනය කියන්නේ ධනවත් වීම ගැන නොවේ.
තමන් යම් උත්සාහයකින් ආදායම උපයා ගැනීම හැරෙන්නට ලොව කිසිම කෙනෙකුට නිකම් හිටියාට සල්ලි ලැබෙන්නෙ නැහැ නේද? එහෙම නම් තම ආදායම වැඩි කරගන්න නම් උත්සාහය ද වර්ධනය කළ යුතුයි.
එය විභාග සමත්කර සහතික එකතු කිරීම යැයි මා කිසිවිටකත් කියන්නේ නැහැ. එය තම ශ්‍රමයේ අගය වැඩි කර ගැනීමක් සේ හඳුන්වන්නෙ. එහෙම නැති වුනාම වෙන්නෙ අර ඉස්සර බර කරත්ත ගිය කාලේ හරක් ලාඩම් ගහපු අයට වෙන දේ.
ශ්‍රමය යන්න ද අවශ්‍යතාවය සපුරන තැනින් ඔබ්බට ගිහාම ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නක්. මොළය වගේම අතපය ශක්තියෙන් ද සපයන ශ්‍රමයේ වැදගත්කම දකින්න නම් ශ්රමයට නිසි අගයක් දෙන එකම ක්‍රමය වැඩ කරන ධනවාදී රටක් දිහා බලන්න ඕන. හැමෝම එකම රස්සාවකට පුහුණු වෙද්දී ඒ ශ්‍රමිකයන්ට ඇති වෙළඳපොල කුඩා වෙනවා. එතකොටයි ගණකාධිකරුවා ලිපිකරුවා වෙද්දී කුණු අදින්නා උපයන්නේ පැයකට ලිපිකරුවා වූ ගණකාධිකරුවාට වැඩි ආදායමක්. මෙහෙ නිතර ඇහෙන කතාවක් තමයි පයිප්ප බාස්ට ගෙවන්න ගිහින් වෛද්‍යවරු ඔළුවේ අත ගහාගෙන පුදුම වෙන හැටි!!! පයිප්ප බාස් කෙනෙක් වෙන්න අවශ්‍ය දක්ෂතාවය නැත්නම් පළපුරුද්ද. මම ගෙදරට පැමිණි කිසිම පයිප්ප බාස් කෙනෙකුගෙ සහතිකයක් දැකලා නැහැ. සහතික බිත්තිවල ගහලා තියෙන්නෙ වෛද්‍යවරුන් විසින් තම කාර්යාල වල!!! MD (Medical practitioner) වෛද්‍යවරයෙක් වෙන්න මෙහෙ දී වසර 4 ක ප්‍රථම උපාධියක් හා තවත් වසර 4 ක වෛද්‍ය උපාධියත් හා වසරක පුහුණුවත් අවශ්‍යයයි. තමන්ගෙ ව්‍යාපාරය හිමි දක්ෂ පයිප්ප බාස් කෙනෙක් උපයන ආදායම වෛද්‍යවරයෙකු උපයන ආදායම හා සමානයි. අද MDලා මෙහෙ හිඟ වෙමින් යනවා, මන්ද ඔවුන් ද විශේෂඥ පුහුණු වලින් තම අගය වැඩි කරගන තම ආදායම වැඩි කරගන්න දරණ වෑයම නිසා.
සත්‍යයෙන් ම ශ්රමයට ලැබෙන අගය වැඩි වන්නේ, වැඩ ගන්නේ මොළයෙන් ද ශරීරයෙන් ද කියා නොව තමන් විසින් තම මොළයට හෝ තමන් විසින් තම අත පයින් කරත හැකි හැකියාවන් වර්ධනය කරගෙන ඇති ආකාරය අනුවයි. නමුත් ඉල්ලුම හා සැපයුම මධ්‍යගත ආණ්ඩුවක් මඟින් ඉතා දැඩි ලෙස තීරණය වන සමාජයක ඊට ඉඩක් නැහැ. අවුල් වැඩියි. ලාංකීය කම්කරුවාගේ තත්වය ආණ්ඩුවෙන් බෙහෙවින් (පෞද්ගලික අංශය තුල ද) තීරණය වන රටාවක හිරවෙලා.
එන්ගලන්තේ වනචාරින්ගේ වැඩ, සුද්දා කියල වෙනසක් නෑ, වනචාරියා වනචාරියාමයි