අරුණි ශපීරෝ‍ වෙතින්

බෙයර්බෙල් බොහ්ලෙ -බර්ලින් තාප්පය ගැල වූ කාන්තාව

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 8, 2011

2010 සැප්තැම්බර් 11 වැනිදා 65 වියැති ‍බෙයර්බෙල් බොහ්ලෙ මිය ගියා ය. ඇය ගැන 2010 සැප්තැම්බර් 23 වැනිදා ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ පළ වූ සටහන සහයෙන් මෙය ලියන්නෙමි.

‘ෂ්ටාසි’ නමින් හැඳින්වෙන්නේ නැගෙනහිර ජර්මනියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයයි.* එතරම් ශක්තිමත් සිරුරකින් නොවුන ද ඇය ෂ්ටාසි නිලධාරීන් ට බිය වූයේ නැත. 1945 දී යුද්ධයෙන් සුන්බුන් වූ බර්ලිනයේ උපදින බෙයර්බෙල් බොහ්ලෙ ජර්මනිය නැගෙනහිර හා බටහිර යන දෙකට කැඩී ගිය කාලයේ කුඩා දරුවෙක් වූවා ය.

වයස 30 ගණන් වල දී ඇය චිත්‍ර කලා ශිල්පිණියක් ලෙස ප්‍රසිද්ධිය ලබන්නී ය. ඇය ගැන කෝප වන්නේ ආණ්ඩුවේ නිලධාරීන් නොවේ. ඔවුන් හා උරණ වන්නේ ඇයයි. ඇයගේ අරමුණ වන්නේ කිසිම විටෙක බලය අල්ලා ගැනීමට‍ හෝ තම පුද්ගලික ඇජෙන්ඩාවක් සාක්ෂාත් කර ගැනීමට නොවේ. තම රට බේරා ගැනීම ඇයගේ අරමුණ වුණි. ඒ සඳහා පුරවැසියන් පොළඹවා ‘අපි’‍ වෙනුවට ‘මම’ යන්න පුරවැසියන් හුරු කරගන්නට ඇය වෙහෙස දැරුවා ය.

කාන්තාවන් අනිවාර්යෙන් ම සටන් බිමට යා යුතු නොවේ යැයි කියා 1982 දී ඇය ‘සාමය සඳහා කාන්තාවන්’ නමින් සංවිධානයක් පටන් ගනියි. ඇය එකතු වන්නේ ඉතා කුඩා පිරිසකට ය. ඇයව රාජ්‍ය කලාකරුවන්ගේ වෘත්තීය සමිතියෙන් නෙරපා හැරෙයි. සති හයකට සිරගත කෙරෙයි. ඇයගේ කලා කෘති ප්‍රදර්ශනය කිරීම තහනම් වෙයි. ඇයගේ එකම දරුවා වූ පුතාට විශ්ව විද්‍යාලය තහනම් වෙයි. එහෙත් ඇය නොනත්වා ම අකමැත්ත ප්‍රකාශය කරගෙන යන්නී ය.

1988 දී ඇයව රටින් පිටුවහල් කර බ්‍රිතාන්‍යයට යවයි. ඇයව පිටුවහල් කළ නැගෙනහිර ජර්මන් නිලධාරීන් පුදුමයට පත් කරමින් මාස හයකින් ඇය නැවත බර්ලිනයට පැමිණෙයි. ඇයගේ අභිප්‍රාය වූයේ සටන් වැදීම ඔවුන් ලවා අත් හරින්නට මිස තමන් සටන් වැදීම නවතන්නට නොවේ. ඇයට උවමනා වූයේ තමා ආදරය කරන රටෙන් පළා යෑම නොව එය බේරා ගැනීම ය.

නූතන ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගලා මෙයර්කල් තමා කුඩා කාලයේ දී නිදහස ගැන ඇහුණු බෙයර්බෙල් බොහ්ලෙ ගේ නිදහස් අදහස් ඉතා අගයකින් යුතු වූවා යැයි කියා ඇත.

බර්ලින් තාප්පය පෙනෙන තෙක් මානයට ගොස් ‘මිස්ට ගොරබචොව් මේ තාප්පය ගලවා දමන්න” යැයි කියා ප්‍රසිද්ධිය ලැබුවේ රොනල්ඩ් රේගන් ය. එහෙත් තාප්පය ගලවන්නට මහත් කාර්ය භාරයක් ඉටු කළේ තාප්පයේ ඇතුලත කොටු වී සිටි තම ජනතාවගේ නිදහස අගය කරමින්, New Forum දියත් කළ බෙයර්බෙල් බොහ්ලෙ ය.

ඇය කිසිම විටෙක ධනවාදියෙක් නොවූවා ය. එහෙත් තමන් ඇදහූ සමාජවාදයේ ඇති දුර්වලතා දැක ඒවා පළවා හැරීම වෙනුවෙන් නොබිය ව සටන් වැදි, වාසි තකා තම උත්කෘෂ්ටයන් පාවා නොදුන්, වීර කාන්තාවකි. සිගරැට් බොන්නට ඇබ්බැහි වී සිටි ඇය මිය යන්නේ පෙනහළු පිළිකා වලිනි.

*ෂ්ටාසි (Stasi) යැයි නිවැරදි ජර්මන් උච්චාරණයෙන් සටහන සංශෝධනය කරන ලද්දේ 2014 අප්‍රේල් 26 වැනිදා. 🙂

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on සැප්තැම්බර් 8, 2011 at 9:56 පෙ.ව.

    ඊස්ට් ජර්මන්, රෂියන් සැර සිගරැට්වල ෆිල්ටර්වත් නැතිලු!

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2011 at 10:22 පෙ.ව.

      kathandarakaraya,

      ලෝකයේ කම්කරු ජනතාවෙනි, ෆිල්ටර් නැති සිගරැට් බොන අයිතිය රකින්න එක් වෙයව්!!!

    • සපතේරු උන්නැහේ said, on සැප්තැම්බර් 8, 2011 at 5:07 ප.ව.

      ඊස්ට් ජර්මන් ගැන කිසිවක්ම නොදනිමි… මා දන්නා රුසියානුවන් ( හා රුසියානියන් ) නම් ෆිල්ටර් නැති සිගරට් බොන්නට රුසියෝ ය.. “Belomorkanal “වැනි ඔවුන් එදිනෙදා බොන වර්ග ජෝන් ප්ලේයර් උන්නැහෙගෙ ” Navy Cut ” ( නැවිකට් 😀 ) වලටත් වඩා සැරය..

      • arunishapiro said, on සැප්තැම්බර් 8, 2011 at 9:16 ප.ව.

        සපතේරු උන්නැහේ,

        ආයේ බොනවා නම් මොකට ද ගති දැනෙන්න ම බොන්න ඕනා කියල හිතනවා ඇති!!! දැන් ඉතින් ඊස්ට් ජර්මනියකුත් නෑනෙ!!!

  2. Renuka Dinupa said, on සැප්තැම්බර් 8, 2011 at 5:14 ප.ව.

    සමාජවාදීන්ගේ ෆිල්ටර් නෑති සිගරට් වලට……… ධනවාදියො ෆිල්ටර් සවිකරා……….. ජනතාව දිගටම සිගරට් බිව්වා…….. හරි ශෝක්?

    • arunishapiro said, on සැප්තැම්බර් 8, 2011 at 9:17 ප.ව.

      Renuka Dinupa,

      ඇයි අර අනිත් අය කියලා තියෙනවා කියෙව්වෙ නැද්ද? ඔයා කියන්නෙ සමාජවාදීන්ට ෆිල්ටර් නැති සිගරට් බොන්න දීම කමක් නැහැ, ෆිල්ටර් දාගෙන බොන්න කැමති ධනවාදී අයට බොන්න තහනම් කරන්න කියල ද?

  3. Bindi said, on සැප්තැම්බර් 9, 2011 at 1:14 පෙ.ව.

    ෆිල්ටර් තිබ්බත් නැතත් දුම් පානය නම් කමකට නැත . ඒක නෙමේ අරුණි අක්කා මේ බර්ලින් කතාවෙන් මටත් ලියන්න හිටි දෙයක් මතක් වුනා .

    • arunishapiro said, on සැප්තැම්බර් 9, 2011 at 6:35 පෙ.ව.

      Bindi,

      දුම්පානය අහිතකර යැයි අද ලෝකයේ අහලා නැති අය පුංචි ම පුංචි ළමයි පමණයි. අවුරුදු ගණනාවක් පුරා සිගරැට් බොන අය මම හඳුනනවා. ඔවුන් සිගරැට් වලින් වන හානිය නොදන්නවා නොවේ. ඉන් අයෙක් ඒ ගැන කණගාටු වුනේ පෙනහළු අක්‍රිය වී කරකියා ගත නොහැකි තත්වයට ආපු දවසේ. එළිපිට පෙනෙන දේවල් කොතරම් ගණනාවක් විමසිල්ලකින් තොරව කරමින් තමන්ට පාඩු වේ යැයි පිළිනොගෙන ඉන්නට මිනිසා හුරු වී ඇත් ද? ඒ වගේ අය බේරා ගන්න ෆිල්ටර් දැම්මා කියා, සිගරැට් වල පිළිකා පින්තූර දැම්මා කියා බැරි බව ඉතිහාසයයි ඔප්පු කරන්නෙ.

      ඉතින්, එහෙම කියද්දී සිගරැට් බොන්න ඇබ්බැහිය වගේ ආදරය ගැනත් තියන මිනිස් ස්වභාවය හමේ පාට අනුව වෙනස් වෙන්නෙ නැහැනෙ. ඔයාට බර්ලින් සටහන දැක්කම ලියන්න හිටි දෙයක් මතක් වුනා වගේ මටත් ඔයාගෙ නම දැක්කම මේ පහළ විඩියෝවට ‘සිඳී බිඳී ආදරේ’ කියන එකට ‘සින්දි බින්දි ආදරේ’ දාලා තියෙනවා දැක්ක එක මතක් වුනා!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: