අරුණි ශපීරෝ‍ වෙතින්

ස්තූතියි ස්ටීව් මට සිංහලෙන් ලිවීම පහසු කළාට!

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 6, 2011

ඇපල් ජගතා ස්ටීව් ජොබ්ස් ඔක්තෝබර් 5 වැනි දා මිය ගියේ ය. ඔහු යුගයේ අද්විතීය පුද්ගලයෙකි. තරුණ මව ස්ටීව් නැමති දරුවාව හදා ගන්නට බාර දෙනවිට කිසි විටෙකත් කොලු පැටියා අනාගතයේ ලෝකය ජයගන්නෙක් වන බව සිනන්නට නැත. පාසැල් කාලයේ දී ඔහු ලොව කළඹන්නට සමත් වේ යැයි ද එහි කිසිවෙක් අනාවැකි කියන්නට ද සමත් නොවුණි! ඔහු පළමු වාරයෙන් පසු Reed College උපාධි පාඨාමාලාව අතහැර තමන් කැමති දේවල් ඉගෙන ගන්නට කාලය වැය කළේ ය. යහළුවන්ගේ කාමර වල බිම නිදා ගත්තේ ය. හරේ ක්‍රිෂ්ණා පංසලෙන් නොමිලේ ආහාර ගන්නට සතිපතා යන ඔහු පාවිච්චි කළ කෝක් බෝතල් එකතු කර විකුණා ඉතිරි ආහාර වලට මුදල් හොයා ගත්තේ ය. ඉන්දියාවට යන ස්ටීව් සෙන් බෞද්ධයෙක් වූයේ ය.

ඔහු සාමාන්‍ය පුද්ගලයන් මෙන් වැරදි කළේ ය. තම මිතුරා ගෙන් මුදල් වංචා කළේ ය. පළමු දරුවා තමන්ගේ නෙවෙයි යැයි කීවේ ය.

එහෙත් ඔහු ගැන අනිත් අය කියූ අනාවැකි බොරු බව ඔප්පු කරන්නට ඔහු සමත් වුණි. තමන්ගේ වැරදි හදා ගන්නට ඔහු සමත් වුණි. කිසිවෙක් කරන්නට බැරි යැයි සිතූ දේවල් නොසිතූ ලෙසින් ජයගන්නට ඔහුගේ ඒකීය පුද්ගල වූ වෑයමෙන් පුලුවන් විය. ශ්‍රමය විකුණා ලොව ජයගන්නට උත්සාහයෙන් පුලුවන් යැයි ඔප්පු කර පෙන්වීය.

ඉහළ තාක්ෂණය පාරිභෝගික භාණ්ඩයක් ලෙසින් ඉදිරිපත් කරන්නට බැරි යැයි අනාවැකි කියූ සැවොම බොරුකාරයන් කරමින් ඔහු ඉහළ තාක්ෂණය ලොව අංක එකේ ඉල්ලුම ඇති පාරිභෝගික භාණ්ඩ බවට කිහිප වතාවක් හැරවීය.

ස්ටීව්ට මෙන් නළියන උවමනාවක් ඇති අයෙක් ඒ නළියන උවමනාව ඇති අංශය ගැන කැපවීමෙන්, වෙහෙසෙන් හා උත්සාහයෙන් කටයුතු කරන්නේ නම් අනාගතයේ තවත් ස්ටීව් ලා බිහිවෙනු ඇත. ඒකීය වෑයම් වලට ඉඩ ලැබෙන පරිසරයක් ඇත්තේ කුමන රටක ද, ඒ රටවල් වල වැඩියෙන් ස්ටීව් ලා බිහිවනු ඇත.

ස්තූතියි ස්ටීව් ඔබ අප හැර දා යන්නට කළින් මගේ ඇපල් පරිගණකයෙන් සිංහලෙන් ලිවීම ඉතා පහසුකර දුන්නාට!

ස්ටීව් ජොබ්ස් ගැන මා කළින් ලියූ ලිපියක්:
සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහි කරයි ද?

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ඔක්තෝබර් 6, 2011 at 9:14 පෙ.ව.

    අනේ උන්දැ මලාද..
    ලංකාවෙ හිටියනම් යන්න ඕනි මලගෙයක්..අපරාදෙ…
    කොයිකාට උනත් ස්ටීව් ජොබ්ස් වටින චරිතයක්..ස්ටීව් ජොබ්ස් කැම්පස් යන්නෙ සල්ලිවලට..ඒත් පලවෙනි සෙමස්තරයෙන් පස්සෙ ජොබාට හිතෙනව මේක මහ විකාරයක් කියල..පස්සෙ එයා අකුරු නිර්මාණය සම්බන්ධ පාඨමාලාවකට සම්බන්ධ වෙනව….ඒ අදාල නැති පාඨමාලාව කරපු ජොබ්ස්ට පස්සෙ කාලෙක ග්‍රැෆික් සම්බන්ධ දේවල් කරන්න ගොඩක් උදව් උණාලු ඒ දැනුම…
    මේ දවස්වල මට ට්‍රේනින් එකක් වැටිල පැය 10ක් ම දවසට ෂිහ් නැත්තං මොනකොම්පීතර දකින්නෙවත් නැති තැනක..
    නැත්තං ජොබා ගැන පෝස්ට් එකක් දාන්න තිබුන..අපරාදෙ…
    හැමදේකම කොණක් හොයන් දුවන වර්ථමාන සිසුන්ට ජොබ්ස් ආදර්ශයක්…
    ඒ කිව්වෙ ටාගට් ලස් ඉගනීම කරපු ජොබ්ස් ටාගට් පස්සෙ හතිදාගෙන දුවන අපිට හොඳ ආදර්ශයක්…

  2. Dishan Kg said, on ඔක්තෝබර් 6, 2011 at 9:26 පෙ.ව.

    real apple company owner dan dannee aruin miss cancer nee hi’s a great person

  3. ගෝල්ඩ් fish said, on ඔක්තෝබර් 6, 2011 at 9:52 පෙ.ව.

    නියමයි අක්කේ… කාලෙකින් මං කැමති විදියේ ලිපියක්…. අර අක්ක කියන නළියන වුවමනාවට සිංහලෙන් කියන්නේ ඇම්ම කියලා. ඇම්ම තියෙන ස්කෝලේ දරුවන්ව පදම් කරලා ගත්තොත් තව ස්ටීව්ලා බිහිකරන එක මහ අමාරුවක් නෙවේ….!

  4. මැණික් said, on ඔක්තෝබර් 6, 2011 at 10:07 පෙ.ව.

    කැමැති දේ ඉගෙන අකැමැතිදේ අත්හරින්නට මෙන්ම හොඳ ‍රැකියාවක් වෙනුවෙන් කරන ඉගෙනීම අත්හැර තමන් ප්‍රිය කරන දේ කරන්නට අපේ අයටත් ඉඩක් ලැබේ නම් මෙවන් අය අපෙනුත් බිහි වේවී. ඒත් අපේ රටේ අධ්‍යාපනය හොඳ ‍රැකියාවක් ඉලක්ක කර ගත්තක් පමණයි කියලයි මට හිතෙන්නේ.
    මැණික්

  5. ඉඳුනිල් said, on ඔක්තෝබර් 6, 2011 at 10:08 පෙ.ව.

    ඔහු බෞද්ධයෙක් බව අදයි දැන ගත්තේ.

  6. maathalan said, on ඔක්තෝබර් 6, 2011 at 11:09 පෙ.ව.

    නියම ළිපිය. මම වැල් වටාරමක් ලිව්වා. ඒක දාන්නත් ලැජ්ජයි. මේ තරම් කෙටියට ලස්සනට ලීවාට පින්. මම පින්තූරයකින් පමණක් උපහාර කළා.

  7. buwa said, on ඔක්තෝබර් 6, 2011 at 11:32 පෙ.ව.

    ලෝකෙට යමක් කරපු මනුස්සයෙක් නැතිවුනා , ඔහු බෞද්ධයෙකු නිසා නිවන් සුව පතමු

  8. chandi said, on ඔක්තෝබර් 6, 2011 at 1:23 ප.ව.

    ස්තූතියි , අරුණි. අපේ අදහස් ලෝකෙත් එක්ක බෙදාගන්න ඉඩ කඩ සලසපු එකම පිනක් නෙ. එතුමා බෞද්ධ නිසා නිවන් සුව පතනවා. දිරිය මිනිසෙකුගේ සමුගැනීම සදා මතකයේ රැදේවි.

  9. Beetle said, on ඔක්තෝබර් 6, 2011 at 5:57 ප.ව.

    මේ මට ස්ටීව් දුන් දේ..! වසර ගණනක ඉඳන් මගේ යූ ටියුබ් ෆේවරිට්ස් වල තියෙන මේ වීඩියෝව මට කට පාඩම් 🙂

  10. දේවාගේ අඩවිය said, on ඔක්තෝබර් 6, 2011 at 8:54 ප.ව.

    ලෝකය වගේම අපිට ගොඩාක් වටින චරිතයක් ඉකමනින්ම අපෙන් ඇත් වෙලා යන්න ගිහින්,, ඇත්තටම ඔහු බෞද්ධ කියලා දැන ගත්තේ නම් දැන්… පතමු නිවන් සුව

  11. aldskfjals said, on ඔක්තෝබර් 8, 2011 at 5:49 පෙ.ව.

    ithin apata advice denne oyatama puluwanne steve wage sarthaka wenna.. ane oyage danaathmaka chinthane.. “minis hithe haaskamda” oya kiyawanne.. baila… hahahah….

    • arunishapiro said, on ඔක්තෝබර් 8, 2011 at 8:58 පෙ.ව.

      aldskfjals,

      ඔයා දන්නෙ කොහොම ද මම ස්ටීව්ටත් වඩා සාර්ථක ද නැද්ද කියලා!!!

      ඇඩ්වයිස් ගන්න එන්නෙ ඇයි? එපා නම් මේ පැත්තෙ එන්නෙ නැතිව ඉන්න.

  12. anithkona said, on ඔක්තෝබර් 8, 2011 at 12:34 ප.ව.

    ලෝකේ වෙනස් වෙනකම් බලන් නො ඉඳ,.. ඒක වෙනස් කරන්න දායක වූ අයෙක් ! ආදර්ශයට ගත හැකි බොහෝ දේ හමුවනවා මෙවැනි දෑවැන්ත චරිත වලින්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: