අරුණි ශපීරෝ‍ වෙතින්

The Goddess Diaries

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 16, 2011

“දිව්‍යාංගනාවන්ගේ දිනපොත්” නමින් නර්තන දර්ශනයක් පැවතියේ පසුගිය දිනයෙක ය. ඒ ලිංගික අපචාරයන්ට සහ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ කාන්තාවන්ගේ සත්‍ය කතා හෙළි කරන්නට ය. සත්‍ය කතාවන් ඇසුරින් ආත්මගත භාෂණයෙන් (monologue), නර්තනයෙන් හා සංගීතයෙන් නරඹන්නාට සමාජයේ නොදකින පැත්තක් ඔවුන් පෙන්වූහ. දර්ශනයෙන් එකතු වූ මුදල් ඔවුන් දුන්නේ Victims of Violence Fund වෙත ය. නර්තනය හදාරන සිසුවියන් හයක් ඊට නර්තනයෙන් දායක වූහ. ඒ අතර වූ ටිකිරි එදින අනුන්ගේ දුක ලොවට කියා දෙන දිව්‍යාංගනාවක් වූවා ය.

ලබන සති අන්තයේ වොෂිංටනයේ දී නැවතත් ලංකාවේ උපන් අසංගා ඩොම්සැක්ගේ නර්තන දස්කම් බලන්නට ද අවස්ථාවක් VelocityDC Dance Festival විසින් ඉදිරිපත් කරයි.

ඔක්තෝබර් 20 සහ ඔක්තෝබර් 21 දිනයන් හි සවස 8 ට ද, ඔක්තෝබර් 23 දා සවස 2 ටත් Sidney Harman Hall හි ලංකාවේ නැටුම් රඟ දක්වන අසංගාට අමතර ව වොෂිංටන් බැලේ, ස්පාඤ්ඤ නැටුම් ශෛලියක් රඟ දක්වන Flamenco Aparicio, ඇමෙරිකාවේ වීදි අතරින් බිහි වූ නර්තන කලාව දක්වන Urban Artistry, Coyaba Dance Theater හි Sylvia Soumeh ඉදිරිපත් කරන බටහිර අප්‍රිකානු නැටුම් ද ඇතුලත් ය. දර්ශනයක ටිකට් පතක් $18 කි. ඇමෙරිකාවේ දී Mega Bus එකකට නැඟ ගත්තොත් ප්‍රධාන නගරයකින් දුර බැහැරක ඇති තවත් ප්‍රධාන නගරයකට ඩොලරයකින් ගමන් කරන්නට (බසය ඇතුලේ නොමිලේ අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි පහසුකම් ද ඇතිව) ද පුලුවන!!

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. W.A. Wijewardena said, on ඔක්තෝබර් 16, 2011 at 11:20 පෙ.ව.

    Congratulations!

  2. බිඟූ said, on ඔක්තෝබර් 16, 2011 at 1:22 ප.ව.

    ටිකට් පතක් $18 ක්
    අම්මෝ… ගනන් වැඩියි….
    :ඩී

  3. දොස්තර මාමා said, on ඔක්තෝබර් 16, 2011 at 3:50 ප.ව.

    හ්ම්ම්ම් නොවැම්බර් තිබ්බනම් මටත් බලන්න යන්න තිබ්බා. 😦

    • arunishapiro said, on ඔක්තෝබර් 17, 2011 at 6:02 ප.ව.

      දොස්තර මාමා,

      නොවැම්බර් 10, 11, 12 වොෂිංටන් පැත්තෙ ඉන්නවා නම් දන්වන්න. Harris Theater වල සිකුරාදා සවස 2 ට, සහ සිකුරාදා ඇතුළු අනිත් දවස්වල සවස 8 ට පැවැත්වෙන නැටුම් බලන්න කැමති නම්, කැමති දිනය සහ වේලාව කියන්න, දොස්තර මල්ලිට complimentary ticket දෙකක් වෙන් කරන්නම්.

  4. praveena said, on ඔක්තෝබර් 16, 2011 at 10:28 ප.ව.

    දුව දිව්‍යාංගනාවක් වගේමයි… 🙂

  5. Ravi said, on ඔක්තෝබර් 18, 2011 at 8:32 පෙ.ව.

    නර්තනය කියන්නෙ මිනිසාගෙ සහජ හැකියාවක් ද? මිනිස් සිරුරේ සමරූපීතාවය සහ ලාලිත්‍යය නිසා නර්තනය කලාවන් අතර ඉහළම ස්ථානයක පවතිනවයි කියලයි මට හිතෙන්නෙ.

    පැරණි ඉන්දියානුවන්ගෙ නටරාජ් සංකල්පය පසුපස තියෙන්නෙ මේ විශ්වීය රිද්මය නේද?….අනික් සෑම කලාවකදිම භාවිතා වෙන්නෙ මිනිස් සිරුරේ එක අවයවයක් නැත්නම් දෙකක්….චිත්‍රයක් ඇඳීමේදී ඇස සහ අත, වයලීනයක් වාදනයේදී සවන සහ අත් ඒත් නර්තනයේදී මුළු සිරුරම ඒ සඳහා යෙදෙන එකයි ඒකෙ අපූර්වය……

    ” Save the last dance” සිහියට ආව….මම කැමති චිත්‍රපටයක්…..

    විශිෂ්ඨ අරමුණක් වෙනුවෙන් නර්තනයේ යෙදෙන ටිකිරිට මගේ සුබපැතුම්!!!

    • arunishapiro said, on ඔක්තෝබර් 19, 2011 at 7:49 පෙ.ව.

      Ravi,

      මිනිසාගේ සහජ හැකියාවක් කියන්නෙ කියවන්න ඉගෙන ගන්න වගේ ඕනෑම මිනිසෙකුට හැකි හැකියාවක් ද? එහෙම නම් නර්තනය සහජ නැහැ. මොකද නටන්න උවමනා වූ, හා පුහුණු වූ පමණින් ද නටන්න හැකියාව නැති අය එමට දැක තියනවා. සමහර මිනිසුන්ට ඇති තවත් මිනිසුන්ට නැති සහජ වූ හැකියාවක් ද? ඔව්. ඇයි ඒ? කවුදැයි දන්නෙ!!!

      නර්තනයේ දී සංගීතය ගැන අවබෝධයක් තිබීමත් අවශ්‍යයි. සමහරුන්ට සංගීතය ගැන වැටහීමක් නැති නිසා නර්තනයට සිරුර පුහුණු කරගන්න පුලුවන් වුනත් රිද්මයට නැටීමේ දී ලස්සන නැහැ. දෙකම ස්වාභවිකව පිහිටා තියන අයට අලුතින් කියා දෙන්න ඕනා නැහැ.

      මගේ ප්‍රියතම නැටුම් චිත්‍රපටිය Billy Elliot(2000) කියන්න පුළුවන්.

      ටිකිරිට සුබපැතුම් යවන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: