අරුණි ශපීරෝ‍ වෙතින්

සවිඥානික සිත හා අවිඥානික සිත

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 21, 2011

යෝජනාව නැමති සංකල්පය නිසියාකරව අවබෝධයට, ස්වයං යෝජනාව නම් කුමක් දැයි වටහා ගන්නට මිනිස් හිතේ තවත් ලක්ෂණයක් හඳුනා ගත යුතු ය. උඩු සිත හා යටි සිත නම් වන මේ දෙකම පවනින්නේ සිතන්න පුළුවන් මොළයක ය. දෙකම බුද්ධිමත් ය. එකක් සවිඥානික (conscious) අතර අනික අවිඥානික (unconscious) වෙයි. සවිඥානික උඩු සිත ගැන අප දන්නවා යැයි සිතන දේ අවුල් සහිත ය. අවිඥානික වූ යටි සිත ගැන අපේ දැනුම අඩු ය.

නින්දෙන් ඇවිදීම ගැන සමහර විට ඔබ අසා ඇති. නින්දෙන් ඇවිදින්නෙක් (somnambulist) රාත්‍රියේ දී අවදි නොවී එහෙත් ඇඳෙන් බැස, කාමරයෙන් පිටත් වී ගොස් යම් කර්තව්‍යයන් ඉටු කර නැවත කාමරයට පැමිණ ඇඳට නැඟ නිදා ගනියි. ඊ ළඟ දිනයේ දී කළින් දා රාත්‍රියේ නිම කල වැඩ දැක එයා මහත් පුදුමයට පත් වෙයි. අවධාරණයෙන් තොරව වැඩ නිම කරන ලද්දේ එයා විසිනි. අවිඥානික බලයකන්, අවිඥානික සිහියකින් එයා වැඩ කර ඇත.

බේබද්දා ගෙදර ඇවිත් බත්පත රස නැතැයි කියා තම භාර්යාවට පහර දෙයි. අධික මත්පැන් පානයට පුරුදු වූවෙක්, ආහාර නොගත් කළ, බොන්නට මත්පැන් නොලැබුණු විටෙක, ඇතිවන රෝගී තත්වයකි delirium tremens නමින් හැඳින්වෙන්නේ. ඊ ළඟ දිනයේ උදෑසන මුහුණ තඩිස්සි වී ඇති භාර්යාව දැක ඒ තමන් අතින් සිදු වූවක් බව දැන දුක් වෙයි. සමහර විට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නිසා අවිඥානික සිහියෙන් කරන ගුටි බැට හෝ අවි සටනක් වී අවසන් වෙනවාත් සමඟ තමා කල හානිය තමන් කළා යැයි හිතා ගන්නවත් බැරි අය සිටිති. එහි දී ස්වභාවික වූ හැදියාවෙන් වෙනුවට හොඳ සවිඥානික ස්වයං යෝජනා යටි සිතට ඇතුල් කිරීමෙන් නරක අවිඥානික ක්‍රියාව හොඳ අවිඥානික ක්‍රියාවක් බවට හරවා ගත හැකිය.

සවිඥානික සිත දකින දත්ත අවුල් කර දක්වයි. වතුර ඇති වීදුරුවේ බහාලූ හැන්ද වතුර මට්ටමේ දී මඳක් ඉස්සහරට ගිහින් ඇති සේ කියයි. වතුරේ ඇති කොටස පිටත කොටසට වඩා ලොකු යැයි කියයි. එහෙත් හැන්ද එළියට ගෙන අගිස්ස ලොකු නැති බවත්, හැන්ද කෙළින් ඇති බවත් දැකිය හැකිය. සවිඥානික සිතට දුර්වල හා වැරදි සහිත මතකයක් පවතී. අවිඥානික සිතට අපේ දැනුමක් නැතිව කිසිත් කමකට නැති බොහෝ කුඩා සිද්ධීන් පවා නිසැකව ධාරණය කරගත හැකියාවක් ඇත. එමෙන් ම ඒ අවිඥානික සිත කිසිත් සෙවීමක් බැලීමකින් තොරව කියන යමක් පිළිගනියි. අපි හිතුවත් නැතත් හුස්ම ගන්නේ, අපේ නහර පද්ධතිය පුරා ලේ ධාවනය කරන්නේ යනාදී කටයුතු බොහොමයක් ඉටු කරන්නේ ඒ අවිඥානික සිත විසිනි.

විචාරයට හැකි සිතේ දුර්වල හා වැරදි සහිත වූ මතක සටහන් වෙද්දී අවිඥානික සිතේ නිවැරදි මතක දැඩි සේ සටහන් වෙයි. අපි හිතුවත් නැතත් අපේ සිරුර ජීවත් කරයි. ඒත් …. ඒක, යටි සිත කිසිත් සෙවීමක් බැලීමක් නැතිව යමක් පිළිගන්න සිතක්!!!!

අවිඥානික සිත සිරුරේ කටයුතු මෙහෙය වීම පමණක් නෙමෙයි කරන්නෙ. එය අපේ සෑම සියළු ක්‍රියාවන්ම මෙහෙයවන්නක්. අපිට යම් යම් දේවල් ගැන සිහින මවන්න පුළුවන් හැකියාව (imagination) තියෙන්නෙ එහි. ඒ වගේ ම අපේ කැමැත්ත නැතිව වුනත් අපිව යම් වැඩක් කරවන්න පොළඹවන්නා වූ සිත. අපි දන්නෙ නැති නිසා හිතන්නෙ අපේ කැමැත්තෙන් කරනවා කියා!!!

සවිඥානික උඩු සිත හා අවිඥානික යටි සිත අතර සටනක් වුනාම හැම තිස්සේ ම ජයගන්නේ අවිඥානික යටි සිත!!!

ඒ නිසා නිතර ම අවිඥානික වූ යටි සිත හොඳ සිතුවිලි වලින් තියා ගන්නේ නම් අපි කරන කටයුතු වලින් පසුව “අනේ මන්දා ඇයි මම එහෙම කළේ?” කියා යමක් කරාට පස්සෙ දුකට පත්වීම වළක්වා ගත හැකියි. එහෙම අවිඥානික වූ යටි සිත හොඳ සිතුවිලි වලින් පවත්වා ගන්නට අපි උදව්වට ගන්නෙ සවිඥානික වූ උඩු සිත. සෙවීමක් බැලීමක් නැතිව පිළිගන්න යටි සිතට සෙවීමක් බැලීමක් කරත හැකි වූ උඩු සිතෙන්, එයට වැරදි සිදුවීම් වැඩි නිසා, වෙහෙසක් ගනිමින් නිවැරදි වූ ප්‍රස්තුත විචාරයෙන් විමසා බලා ඔප්පු කරන ලද සත්‍යයන් යටි සිතට ඉදිරිපත් කිරීම මඟින්.

පොඩි ළමයින්ගේ උඩු සිත්වල පිටතින් දා ගත්ත අවුල් අඩුයි. ඒ වගේ ම තාර්කික හැකියාව මොට වෙලා නැහැ. ඉතින් පුංචි කාලේ සිට අයෙකුට හුරු වෙන්න හැකියාවක්, වුවමනාවක් තිබුනොත්, ඉතාමත් වාසිදායක වූ අවිඥානික යටි සිතක් ජනිත කරවා ගන්න හැකියාව තියනවා. එතකොට සවිඥානික උඩු සිතට අවිඥානික යටි සිත හා වැඩි ගැටුම් ඇති වන්නෙත් නැහැ. දෙකම එකට සුහදතාවයෙන් වැඩ කරන යන්ත්‍රයක් වෙනවා.

“All human beings can alter their lives by altering their attitudes.” –Andrew Carnegie
“සෑම මිනිසෙකුට ම තම චෛතසික ස්වභාවය වෙනස් කර ගැනීමෙන් තම ජීවිත වෙනස් කරගත හැකිය.” -ඇන්ඩෲ කානගි

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. ගෝල්ඩ් fish said, on ඔක්තෝබර් 21, 2011 at 10:14 පෙ.ව.

    අන්තිම වැකියට තමා වැඩියෙන්ම කැමති…

    • pkmile said, on ඔක්තෝබර් 21, 2011 at 9:50 ප.ව.

      ahuwahama asa hithunata prayogika nathi deyak. minis hithata oya kiyana magic karanna baha.

      • arunishapiro said, on ඔක්තෝබර් 22, 2011 at 7:13 පෙ.ව.

        pkmile,

        මිනිස් හිතේ හාස්කම් වලින් පමණයි මිනිසා ලබා ගත් ජයග්‍රහණ සියල්ල ලබාගත්තේ … මැජික් කරන්න නම් බැහැ තමයි, මොකද මැජික් කියන්නෙ නැති දේවල් ඇති දේවල් සේ මවා පෑම …. මිනිස් සිත සත්‍යයෙන් පවතින්නක්. ඉහත ප්‍රතිචාරය දාන්න හිතුවෙත් ඔයාට තියන මිනිස් හිතෙන්, හැබැයි ඔයාගේ ප්‍රස්තුතය වැරදි -මිනිස් සිත මැජික් කියල සලකන- නිසා වැරදි නිගමනයකට එළඹිලා.

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2011 at 7:09 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      අන්තිම වැකිය කියපු කෙනා, ඇන්ඩෲ කානගි, ගැන කියවලා බැලුවම එයා ඒක නිකම් හිතුනට කියපු දෙයක් නෙමෙයි එය පාවිච්චියට ගත් අයෙක් බවත් පේනවා.

  2. chaminda said, on ඔක්තෝබර් 22, 2011 at 12:27 පෙ.ව.

    mama luthen thama blog kiyawana gathe. godak hoda lipi thiyenewa.

  3. praveena said, on ඔක්තෝබර් 22, 2011 at 2:51 පෙ.ව.

    //අවිඥානික සිත සිරුරේ කටයුතු මෙහෙය වීම පමණක් නෙමෙයි කරන්නෙ. එය අපේ සෑම සියළු ක්‍රියාවන්ම මෙහෙයවන්නක්. අපිට යම් යම් දේවල් ගැන සිහින මවන්න පුළුවන් හැකියාව (imagination) තියෙන්නෙ එහි.//

    එහෙනං අපි ලිවීම සඳහා උපයෝගී කරගන්නේ මේ හිත. ඒ සඳහා සවිඥානික සිතෙන් ලැබෙන දත්ත උපයෝගී කරගැනීමෙන් මේ දේ සිද්දවෙනවද? නැත්නම් අවිඥානික සිත තුල තැන්පත්ව තිබු යමකින් අපි ප්‍රයෝජන ගන්නවද?

    • arunishapiro said, on ඔක්තෝබර් 22, 2011 at 7:24 පෙ.ව.

      praveena,

      අවිඥානික සිතෙන් සිහිගන්වන, අදහස් පහළ වන, හසුරුවන නිසා තමයි, ඊට අවධානයක් දෙන්නට හුරු වී ඉන්නා රචකයාට සවිඥානික සිතෙන් ලියන්න හැකියාව ලැබෙන්නෙ. සමහර විට අළුත් දැයක් නිර්මාණය නොකර කොපි ගහන්නෙ අවිඥානික සිත උපකාරයට නොගන්නා සවිඥානික සිතෙන් රුකඩ සේ හැසිරෙන, imagination නැති අය. ඒ අය අවිඥානික සිතට අවධානයක් යොමු කරන්න නොදන්නකම නිසාත් වෙන්නැති. ඉතින් අපූර්ව නිර්මාණ බිහිවෙන්නෙ අවිඥානික හා සවිඥානික සිත් දෙකම උපකාරයට ගන්නා ඔයා වගේ අයගෙන්!!!

  4. යහපත් ඇනෝ said, on ඔක්තෝබර් 22, 2011 at 2:08 ප.ව.

    චේතනාව නිසා කර්මය ඇතිවේ.

    යහපත් ඇනෝ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: