අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබේ ඉලක්කය කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 29, 2011

ඔබේ ඉලක්කය කුමක් ද? සාර්ථකත්වයක් ලබනවා යැයි කියන්නේ යම් අරමුණක් හෝ ඉලක්කයක් ඉෂ්ට කර ගැනීමයි. එනම් සාර්ථකත්වයක් ලැබීමට ඉලක්කයක් හෝ අරමුණක් තිබිය යුතුය. ඒ අරමුණ හෝ ඉලක්කය කුමක් දැයි යන්න වැදගත් ඒ පුද්ගලයාට ය. සාර්ථකත්වයෙන් ඉෂ්ට වන්නේ පුද්ගලයාට තිබුණා වූ ඉලක්කය හෝ අරමුණයි.

මිනිසා විවිධ වූ ඉලක්ක හා අරමුණු වලින් යුතු වූවෙකි. අරයා හිතන පතන දේ ම මමත් හිතන පතනවා යැයි අයෙක් සිතන්නේ නම් ඒ තම ඉලක්ක මොනවා දැයි විමසිල්ලට භාජනය කර නැත්තෙකි. එයා අනුන් කොපිකැට් කරනවා මිසක තමන්ට කැමැත්තේ, තමන්ට අවශ්‍ය වන්නේ, ලැබුනාම තමන්ට සතුටු විය හැක්කේ මොනවා වලින් දැයි විමසා නැත. කන්න බොන්න සහ විළිවසා ගන්න ආකාර ගැන වුවත් අපට ඇත්තේ අනේක වූ ඉලක්කයන් නේද?

මම පතන ඉලක්කය තවෙකෙකුගේ ද ඉලක්කය කිරීමට ලොව ඇති උත්සාහයන් බොහොමයකි. එහෙත් ඒක සාක්ෂාත් කරගත නොහැකි ඉලක්කයක් බව මිනිස් ස්වභාවය ගැන දන්නේ නම් අවබෝධ වී ඒ වැරදි ප්‍රස්තුතය නිවැරදි කරගත හැකිය. සාර්ථකත්වය ළඟා කරගත හැක්කේ තමන් පතන දේ ලබා ගැනීමෙන් පමණි. අනුන් පතන දේවල් ඒ ඒ අයට ලබා ගැනීමට ඉඩක් දීමෙන් පමණි. මිනිසා සමාජයක ජීවත් වන්නෙක් නිසා සමාජ නීති රීති නොකඩමින් ඒකීය ඉලක්ක කරා යෑමට එකඟ වී සිටිති.

හොඳ (right) නරක (wrong) ගැන දැනීමක් මිනිස් සිතක ඇත. නීති රීති කඩමින් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගන්නට යන්නා අය අහුවුනාම දඬුවම් ලබති. තමන් වාසය කරන සමාජයේ නීති රීති කඩමින් ඉලක්ක සාක්ෂාත් කරගන්නා අය ඒ වැරදි අහුවේ යැයි බියෙන් (නැත්නම් එළිපිට ඒ ඒ වැරදි කරා යයි කියමින් ඉන්නවානෙ) තතු වසන් කරගෙන ඉන්නා අය වෙති. ඔවුන්ගේ ඉලක්ක වන්නේ අහු නොවී වරද කිරීමටත්, කරන වරද වල් වලින් අහු නොවී ඉන්නට සැලසුම් ගැසීමට ත් ය. සොයන්නේ මොනවා ද ඒ දේ ලැබෙන නිසා වැඩි වැඩියෙන් නීති රීති කඩන ක්‍රම හා විධි සොයා ගනිති. අවසානයේ දී ඔවුන් නීති රීති නොකඩා කිසිත් කරකියා ගන්නට නොහැකි තත්වයකට පත්වෙති.

හොඳ නරක ගැන පුද්ගලයා හිතන ආකාරය අනුව මොළයේ රසායන නිකුත් කිරීමක් සිද්ධ වේ. ආදරය, ජයග්‍රහණය හා අනුන් වෙනුවෙන් යමක් කළා යැයි ප්‍රීතියකින් ද ඇඟට සතුටු උණුසුමක් දැනෙද්දී මොළයේ ඒ සඳහා වූ පැත්තක නියුරෝන ක්‍රියාවලියන් බහුලව සිදු වේ. ඒ නිසා බිහිවන රසායන සිරුරට හිතකර වූ ඒවා ය. නිරෝගී මොළයක් වරදක් කළා යැයි දන්නා විට, වැරැද්දක් අහුවේ යැයි බියෙන් ඉන්නා විට, අහිතකර රසායන මොළයේ විසුරුවා හරින නිසා ශරීරය ද රෝගී වෙයි.

හොඳ නරක ගැන නොවැටහෙන මොළ ඇති, හිතන්නට හැකියාව ඇති පිරිසක් ද ලෝකයේ වෙති. ඒ ගැන තවත් දවසක.

සමාජයේ නීති රීති අනුගමනය කරමින් සිය අරමුණු සාක්ෂාත් කරගන්නා අය තුල ඇත්තේ දැඩි චෛතසික ශක්තියකි. ඔවුන් බියෙන් පළා නොයති. තරඟයට නොබියව ඉදිරිපත් වෙති. තමන් වැරදි නොකළා යැයි සිත දන්නා නිසා මොළය නිකුත් කරන්නේ හිතකර රසායන වෙති. ඇඟ පුරා විහිදී යන ඒ හිතකර රසායන නිසා පුද්ගලයා නිරෝගී අයෙක් ද වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය ගැන වැඩි වැඩියෙන් අවබෝධයක් ලබද්දී අප සිතෙන් කරත හැකි විචාරයේ හැකියාව ද අමතක කර දැමිය යුතු නොවේ. තමන් කරන හැම උත්සාහයකට ම සිතේ “ෆුල් සපෝට්” නම් කොතරම් සතුටකින් ගත සිත දෙකම පිරී ඇත්දැයි තමන්ට සොයා ගත හැකියාව ඇත්තකි!!! සිත රවටා යමක් කරද්දී සිත යටින් ක්‍රියාවට අසතුට දැක්වීම නවතා ගත හැකි ද?!!! සිතට එකඟව වැඩ කිරීම හොඳ යැයි කියද්දී, සිත නිවැරදි ප්‍රස්තුත වලින් හිතනවා ද යන්න වැදගත් වන්නේ එහෙයිනි.

නීතිය නොදන්නා විට වැරැද්දක් වැරැද්දක් වුවත් දැන දැන නීති කඩකරන්නාට වඩා නොදන්නා නීතියක් කඩ කළ අයට දඬුවම අඩු ය. මුල් වතාවට වරදක් කළ අයෙකුට වඩා හත් සැරයක් එම වරද කර අයෙකුට ලැබෙන දඬුවම වැඩියි. සිත ක්‍රියා කරන්නේ ද එලෙස ය. ඔබේ ක්‍රියාව හරි දැයි වැරදි දැයි ගැන විමසන්න යැයි සිත නිති කොනහයි. ඊට සවන් නොදී යම් වැරැද්දක් ඇත එහෙත් එය පැත්තකට කර කරන වැරදි වැඩේ දිගටම කරගෙන යන්නේ නම් කාලයාගේ ඇවෑමෙන් සිත දෙන දඬුවම් නිසා ඔබේම සිත හා ගත දෙකම රෝගී වෙති. සිත කොනහද්දී මන්දැයි සොයා බැලිය යුතුයි. නිවැරදි ප්‍රස්තුත සෙවීම සිතන්න හැකි මිනිසාගේ කාර්ය භාරයයි. නිවැරදි ප්‍රස්තුත සොයනවා ද නැද්ද යන තීරණය ද ඇත්තේ තෝරා ගැනීමට හැකියාවක් ඇති සිතක් තියන මිනිසාට පමණි.

“සාර්ථකත්වය නම් ඔබට උවමනා දේ ලබාගැනීමයි. සතුට නම් ලැබිච්ච දේවල් තමන්ට උවමනා වූ දේවල් වීමයි.” -ඩේල් කානගී
Success is getting what you want. Happiness is wanting what you get.” -Dale Carnegie

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. අමිල.. said, on ඔක්තෝබර් 29, 2011 at 10:26 පෙ.ව.

    අරුණි අක්කා,
    අපට හරියම ඔ්න දේවල් ගැන ෙතා්රගන්නෙ කොහොමද?

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2011 at 8:06 පෙ.ව.

      අමිල,

      මුලින් ම, තමන්ට හරියට ම ඕන දේ දන්නෙ තමන් විතරයි. ඒ ගැන සටහනක් ළඟ එනවා.

      ‘හරියට’ හරියන දෙය ගැන කළින් දැනගන්න විදියක් නැහැ. දන්නා තරමින්, උත්සාහයන් තුලින්, වැරදීම් වලින්, තමයි හරියට ම හරියන දේ හොයාගන්න වෙන්නෙ. වැඩේ මේකයි, සමහර අය ජීවිත කාලය පුරා හරියට තමන්ට හරියන දේ මොකක් දැයි නොසොයා, ලැබිච්ච දෙයකින් සෑහීමට පත්වෙලා ඉන්න කොට තවත් අය හරියට හරියන දේ ලැබෙන තෙක් සෙවීමේ උත්සාහය නවත්තන්නෙ නැහැ. දැනුම වැඩි කරගනිමින්, උත්සාහය නවතා නොදමා, වැරදි තෝරාගැනීම් වලට බිය නොවී හරියටම හරියන එක ලැබෙන තෙක් උත්සාහය අත නොහැරීමෙන් එය ලබාගන්න පුළුවන්.

  2. sampath said, on ඔක්තෝබර් 29, 2011 at 10:27 පෙ.ව.

    Superb……………

  3. asela said, on ඔක්තෝබර් 29, 2011 at 11:46 පෙ.ව.

    හ්ම්ම්ම්…. ඔය ඉලක්කය අල්ලගෙන කරන්න යන වෑඩෙ නම් හොද නෑහෑ. මොකද අතෙ තියන අයුදය එච්චරම හොද එකක් නොවන නිසා.
    මට නම් හිතෙන්නෙ ඔබතුමිය ඉතාමත් හොදින් ලාන්කීයන්ගෙ හෑගීම් හා හෑසීරීම් රටාව හදුනාගෙන තියන බවක්.

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2011 at 8:17 පෙ.ව.

      asela,

      ඉලක්කය කුමක්දැයි දැනගෙන ඊට පුහුණු වීමෙන් විතරයි හරියටම ඉලක්කය සාර්ථක කරගන්න පුළුවන් සහ වැරදි වලින් හානි සිද්ධ වීම නතර කරගන්න පුළුවන්. අතේ තියන ආයුධය පිළිබඳ සියළු අවදානම් දැන සිටීමෙන් සහ එය හරියට පාවිච්චි කරන්න පුහුණු වීමෙන් එය ජීවිතය පවා බේරාගන්න පුළුවන් වන වඩාත් හොඳ උපකරණයක් වෙනවා!!!

      මිනිස් හැඟීම් හා හැසිරීම් ගැන සෙවිල්ල මට තවමත් කුතුහලය දනවන විෂයයක් … 🙂

  4. indika said, on ඔක්තෝබර් 29, 2011 at 1:00 ප.ව.

    wadagath lipiyak…….api waradi dayak karanna bahu tarayakage yahapatanam……..

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2011 at 8:18 පෙ.ව.

      indika,

      ආයුබෝවන්!

      ස්තූතියි. ඔව්, අපේ පැතුම් බලහත්කාරයෙන් අන් අයගේ ද පැතුම් බවට පත් කිරීම වැරදි දෙයක්.

  5. Rohite said, on ඔක්තෝබර් 30, 2011 at 11:51 පෙ.ව.

    හොඳ අරමුණු වශයෙන් පංච ශිලය තෝරාගන්න,දානය තෝරාගන්න ,භාවනාව තෝරාගන්න එවිට ඔබගේ ඉලක්කය ඔබම වේ.ඔබ ඔබටම ළඟාකර ගත හැක.

    • arunishapiro said, on ඔක්තෝබර් 31, 2011 at 7:55 පෙ.ව.

      Rohite,

      ඔයා මගෙන් ඇහැව්වෙ නැහැනෙ ඔය දේවල් තෝරාගන්න මම කැමති ද කියලා. එහෙම නොදැන ඔයා කොහොම ද කියන්නේ ඒවා මගේ ඉලක්ක විය යුතු යැයි කියා?

      • Rohite said, on ඔක්තෝබර් 31, 2011 at 11:01 පෙ.ව.

        arunishapiro,

        ඔයා කැමති වුවත් නොවුවත් සතුටින් සිටීමට නම් එම ඉලක්ක තෝරා ගැනීමට සිදුවනු ඇත.ඔබ ඔබව සොයාගත් විට පමණි එය වැටහෙන්නේ .අනෙක් හැම ඉලක්කයක්ම කල්ගතවීමෙන් පසුව හෝ දුකක් බවට පත්වනු ඇත.එනිසා ඔබගේ කැමැත්ත විමසීම හෝ නොවිමසීම මත සතුට රඳා නොපවතිනාවක් මෙන්ම ඒවා ඔබේ ඉලක්ක ලෙස තොර නොගැනීමෙන් ඔබටසැමදා දුක උරුමවනු ඇත

  6. dayal-bathee said, on ඔක්තෝබර් 31, 2011 at 2:32 ප.ව.

    චන්ද්‍රිකා මැතිනිය වරක් කීවා මතකයි, හඳට යන්න උත්සහ කලොත්, අඩුම තරමින් ගහකට හරි නගින්න පුලුවන් වෙයි කියල.

    ‘හඳ මගේ ඉලක්කය- මට උවමනා දේ ලබාගැනීමට මම උත්සහ කලා
    හැබැයි මම යන්න ලැබුනේ ගහක් උඩට පමනයි, – මට එය උවමනායි.’

    ඩේල් කානගීට ඕන දේ නොවෙයි, චන්ද්‍රිකාට ඕනෙ, චන්ද්‍රිකාට ඕන දේ නොවෙයි මට ඕනෙ.

    මං කාලෙකට ඉස්සෙල්ල කවියක් / වගේ එකක් / අදහසක් ලීව , එය අපේ මාතෘකාවට අදාලත්වයක් තියෙනවා කියල හිතෙනව.

    කියවන්න කියවන්න නොදන්න තරම් තේරෙනව
    හිතන්න හිතන්න අපිට නොතේරෙන තරම තේරෙනව
    ඇවිදින්න ඇවිදින්න අපිට නැති තරම තේරෙනව
    අන්තිමට
    කාලෙ ගෙවුනා විතරද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: