අරුණි ශපීරෝ‍ වෙතින්

කැලිෆෝර්නියාවේ සැමන් මාළු

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 30, 2011

සොයන්නේ කුමක් ද? ලැබෙන්නේ සොයන දැයයි!!!!

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. සොසී said, on ඔක්තෝබර් 30, 2011 at 9:12 පෙ.ව.

    සැමන් මාළු ගැන ලොකු විස්තරයක් කියවන්න ආවේ… එස්කිමෝවරු න්ට හෘද රෝග කිසිදිනෙක සෑදිලා නැතිලු. මේ ගැන පරීක්ෂන කරපු පිරිසක් හොයන තියනවලු , එස්කිමෝවරු නිතරම ආහාරයට ගන්නා සැමන් මාළු නිසා ඒවායේ තියෙන ඔමෙගා 3 අම්ලය ශරීරයට ලැබිමෙන් හෘද රෝග සෑදිම වලකනව කියලයි හොයාන තියෙන්නෙ…

    හෙහ් …….. සොයන්නාට සම්බවෙන්නේ සොයන දෙයම ද?

    • arunishapiro said, on ඔක්තෝබර් 31, 2011 at 7:45 පෙ.ව.

      සොසී,

      සොයන දේ මෙතැන දී හම්බ වුනේ නැත්නම් වෙන තැනක් සොයා ගියා ද? ඒ කියන්නෙ ඔයා සැමන් මාළු ගැන ලොකු විස්තරයක් කියවන්න ආවට ඒක තිබ්බෙ නැති නිසා විස්තරයක් හොයාගෙන ගියා ද?

      සොයන්නාට සොයන දේ හම්බ වෙන්න නම් සොයා යන ගමෙන් අතරමඟ දී හම්බවෙන දේවල් වලින් සෑහීමකට පත් නොවී සොයාගත යුතු වූ දේ සොයා යා යුතුයි.

      එස්කිමෝ අයට ඉතා ඈත කාලයක දී (70 ගණන් වල දී) හෘදයාබාධ අඩුවෙන් තිබ්බේ ඔවුන් ජීවත්වන්නට වෙහෙසක් දැරූ නිසා. එහි ව්‍යායාම හා මාළු කෑම එක කොටසක් පමණයි. ඒත් ආණ්ඩුව විසින් ඔවුන්ගේ ජීවිත “නඟාලන්න” ගත් වෑයම් වලින් ඔවුන්ට එහෙම ජීවත්වෙන්න එපා මේ විදියට ජීවත්වෙන්න කියා රජයේ සුබ සාධන දෙන්න පටන් ගැනීමත් සමඟ ඔවුන් කම්මැලි වී මත්පැන්, සිගරට් බීම පටන් ගෙන ජීවත් වෙන්න මෙතෙක් කරපු ඇඟ වෙහෙසීම අඩු කලා. එයින් සිද්ධ වූයේ මාළු කෑවත් හෘදයාබාධයන් ඇතිවීමයි.

  2. ඉන්දික උපශාන්ත said, on ඔක්තෝබර් 30, 2011 at 10:11 පෙ.ව.

    දුං ගහපු සැමන් එක්ක චීස් කාල ප්‍රෙෂර් නැග්ග දවසෙ ඉඳන් අපේ හාමිනේ ඔය ජාතිය ගෙදරට ගේන එක තහනං කොරලනෙව.
    නෝර්වේ සැමන් තමයි මෙහෙ නම් තීන්නෙ!

  3. ගෝල්ඩ් fish said, on ඔක්තෝබර් 30, 2011 at 10:37 පෙ.ව.

    අම්මෝ උගේ සයිස් එක….! මං දැකලා තියෙනවා ප්ලැනට් අර්ත් වැඩසටහනක සැමන් මාළු ගඟක් දිගේ උඩුගං පීනනවා. අන්තිමේ දිය ඇල්ලක් දිගේත් ටික ටික උඩට ගිහිං උඩටම පයිනවා…!!!!

    • arunishapiro said, on ඔක්තෝබර් 31, 2011 at 7:50 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      ඔව්, තමන් ඉපදිච්ච තැනට ආපහු යන්නනෙ ඒ හදන්නෙ. වලස්සු ඉන්නවා ඒ උඩුගං යන මාළු අල්ලන. ප්ලැනට් අර්ත් වැඩ සටහන් වලින් වලස් පැටව් පෙරලි පෙරලි ගිහින් මාළු අල්ලන හැටිත් හරි ලස්සනයි බලන්න.

  4. යහපත් ඇනෝ said, on ඔක්තෝබර් 30, 2011 at 1:42 ප.ව.

    බල්ලොත් නොකන සැමන් !!!!!!!!!!!!!

  5. Sayuri said, on ඔක්තෝබර් 30, 2011 at 2:28 ප.ව.

    අපිත් ලංකාවෙන් ආ දා පටන්ම සැමන් සහ ටූනා තමයි කන්නේ…නරකම නැහැ…සැමන් වලින් හදපු ඇඹුල් තියල් වලට මමනම් හරි කැමතියි…

  6. praveena said, on ඔක්තෝබර් 30, 2011 at 9:09 ප.ව.

    සොසී වාගේ, මමත් ආවේ සැමන් ගැන දිග විස්තරයක් කියවන්ට. පොඩ්ඩි කන්නේම සැමන් මාලු සහ පරිප්පු. ඒක තමයි මේ ලෝකේ හදන්ට ලේසිම මාලුවා. ගම්මිරිස්, ලුනු, කහ දැම්මා , තෙල් (බටර්) ලිපේ තිබ්බා දෙපැත්ත දැම්මා. ගත්තා. බලන්ට අමතක උනේ නැත්නම් ඇර, වරදින්නේම නෑ.

    @සයුරි,

    ටූනාවලින් ඇඹුල් තියල් හදන බව දන්නවා. සැමන්වලින්, මාලු ඇඹුල් තියල් හදන්ට පුලුවන්ද? සයුරිගේ නම දැක්කාම ඉතින් ඒකේ මාලුවෙඔ කොච්චර ඇතිද කිය්ලා හිතෙනවා… 🙂

  7. @සොසී:
    සැමන් විතරක් නෙමේ . . . ඕනෑම ජාතියක මාලුන්ගෙ ඔමෙග 3 ,6 මේද අම්ල තියනව. තවත් වැදගත් දෙයක් කියන්නද . . .??? කෙලවල්ලගෙ (ටූනා) බඩපත (බෙලි ෆ්ලැප්) කෑමට ගත්තොත් කොලස්ටරෝල් “අඩු” වෙනව කියල මතයකුත් තියනව . . .

    @ගෝල්ඩ් ‍ෆිශ්:
    ඔය ගඟේ උපන් තැනටම ඇවිල්ල බිත්තර දාන එකට කියන්නෙ anadromous fish migration pattern කියල . . ඕකෙම අනිත් පැත්ත, ඒ කියන්නෙ ගඟේ ඉඳල මුහුදට ඇවිත් බිත්තර දාල පැටවු ගඟ දිගේ ඉහලට යන එකට කියන්නෙ catadromous fish migration pattern කියල. ආඳ කියන්නෙ එයිං එකෙක්.
    ඔය migration patterns දෙක තියන මාලු ඉන්න රටවල උං ගමන් කරන (විශේශයෙන් catadromous) ගංගා හරහ වේලි බඳිනව නං . . ඒ වේලි වල පැත්තකින් හදනව වතුර ගලන පඩි පෙලක් වගේ එකක් . . ඒ මාලුන්ට යන්න පුලුවං වෙන්න

  8. Observer said, on ඔක්තෝබර් 31, 2011 at 6:24 පෙ.ව.

    අපි ලංකාවේදී සැමන් කියන ටින් වල එන මාලුවය්, මෙහෙදි දකින සැමන් කියන ලොකු මාලුවගෙය් වෙනසක් තියෙනව නේද? මෙහෙ වැඩියත්ම තියෙන්නෙ ටැස්මේනියන් සැමන් කියන වර්ගය.

    • arunishapiro said, on ඔක්තෝබර් 31, 2011 at 8:03 පෙ.ව.

      Observer,

      ටින්වල දාන සැමන් මාළු පුංචියි නේද?!!! මේ විසාල එව්වො වැඩියෙන් දුම් ගහලා තමයි මේසෙට එන්නෙ, ඉන්දික උපශාන්ත කියපු විදියට චීස් එක්ක කන්න!!!

  9. කෑන් කරල ලංකාවට ආවෙ පොඩි සයිස් කැනේඩියන් සැමන් මට මතක විදියට. හැබැයි පස්සෙ කාලෙක කැනේඩියන් රෙඩ් සැමන් කර්මාන්තය වැ‍ටුනා. (It is one of the “collapsed fisheries” of the world, and now is a “Case Study”)
    ඔබා අයියෙ ඔය සීන් එකෙන් පස්සෙ ලංකාවට ආව කෑන් වල තිබුනෙ “මැකරල්”(මට මතක විදියට මුලදි බ්‍රසීල් නිශ්පාදනයක්)

  10. wow.that is a big fish ! 🙂 and nice comments thank you.Learned something new


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: