අරුණි ශපීරෝ‍ වෙතින්

ලැබුනු දේවලින් සතුටක් දැනෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 31, 2011

මිනිස් මොළයේ ප්‍රාථමික ස්වභාවය සොයන්නෙ විචාරය නෙමෙයි. එළිමහන හා ඇඟ වෙහෙසීම සොයන ප්‍රාථමික මිනිස් මොළය ඒවා ලැබුනාම සතුටින් උද්දාම වෙනවා. කම්මැලිකමට ගේ ඇතුලට වෙලා හිටියම මොළයත් කම්මැලියි. මගේ මොළය සතුටු කරන්න මම මොළය එක්කන් ගියා එළිමහනට!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. Nalaka Prasad said, on ඔක්තෝබර් 31, 2011 at 9:46 පෙ.ව.

    මනස සිතියම් කරණය ගැන අරුණි අක්කි මොනවද හිතන්නෙ? මට නම් හිතෙන්නෙ ඒකත් එක්තරා ආකාරයක තමා විසින් තමාවම රවටාගැනීමක් විදියටයි. මොකද මනසක ස්තාවරත්වය බොහෝවිට හරිම අස්තාවර නිසා. අපි කොතරම් ‍අපේක්ෂිත හා පිළිගන්නා සිතියම් ඇන්දත් මොහොතින් මොහොත අපිටත් හොරා සිතුවිලි වෙනස්වන බැවිනි.

    • sandunbalage said, on නොවැම්බර් 1, 2011 at 4:50 පෙ.ව.

      වෙනස් වීම දුකක් කියන්නේ ඒකයි

    • arunishapiro said, on නොවැම්බර් 1, 2011 at 8:30 පෙ.ව.

      Nalaka Prasad,

      මම ලොජික් උගන්වද්දී මේ ක්‍රමය පාවිච්චි කළා ලංකාවේ උසස් පෙළ පංතියේ ළමයින්ට යම් සිද්ධාන්තයක් පැහැදිලි කරලා දෙන්නත් ඔවුන්ට ඒක ධාරණය කරගන්න පහසු වෙන්නත්. මුල දී කළු ලෑල්ල පුරා ලියන දේවල් දැක්කම ළමයි කොහොමටවත් හිතුවේ නැහැ පංතිය අවසානයේ දී ඒ ඔක්කොම මතකයේ තියේවි කියලා. ඒත් වැඩි කලක් නොගිහින් එයාලට පෙනුනා නුහුරු වචන, නුපුරුදු අමුණා ගැනීම් රාශියක් ඉක්මණින් ධාරණයට එය පහසු ක්‍රමයක් බව. සාර්ථක ප්‍රතිඵල ලැබුණ. පංතියේ හැමෝම ලොජික් පාස් වුනා කියල තමයි මට ආරංචි වුනේ.

      //මොකද මනසක ස්තාවරත්වය බොහෝවිට හරිම අස්තාවර නිසා. // මෙයින් නාලක ප්‍රසාද් මල්ලි අදහස් කරන්නෙ කුමක් දැයි කියා පැහැදිලි නැහැ. මනසේ නොයෙක් සිතුවිලි තිබුණත් ඉන් පැහැදිලිවම යම් යම් දේවල් අපි ස්ථාවර බවකින් අල්ලා ගෙන ඉන්නෙ.

      මොනවාට ද මනසේ සිතියම් හදා ගන්නෙ? යමක් සංවිධානය කරගන්න. යමක් ධාරණය පහසුවට. යමක් පැහැදිලි කරගන්නට. හිතුමතයට එන අදහස් නෙවෙයිනෙ. කල්පනා කරලා බලලා යම් අරමුණක් සඳහා වූ සටහනක් හදා ගන්නෙ. එතකොට //මොහොතින් මොහොත අපිටත් හොරා සිතුවිලි වෙනස්වන// විදියක් නැහැ. ඒත් අනුන්ගේ ප්ලෑන් අවබෝධයකින් තොරව හදාගත්තම නම් ඒ ගැන වැටහීමක් හා පිළිගැනීමක් නැති නිසා එහෙම වෙනස් වෙන්න පුළුවන්.

  2. ඇත්ත . . මේ දවස්වල මූන දීල ඉන්න ආතතියෙ හැටියට මොලේ පොඩ්ඩක් එලියට එක්කංගියානං හොඳයි කියල හිතෙනව . . . ඒත් මොලෙත් එක්කම ආමාශයත් එනවනෙ . . . තාම පඩි ලැබුනෙ නෑ. . . බලමු ඊට පස්සෙ . . . .

  3. Kandyan said, on ඔක්තෝබර් 31, 2011 at 2:42 ප.ව.

    ලස්සන photos ටික. එලිමහන තරම් සිතට සැනසුමක් දෙන තවත් තැනක් තියේද?

    • arunishapiro said, on නොවැම්බර් 1, 2011 at 8:38 පෙ.ව.

      Kandyan,

      ස්තූතියි. එළිමහන වගේම පුස්තකාලයක්, නත්‍යාගාරයක්, පර්යේෂණාගාරයක්, කුතුහලය දනවන අදහස් ඇහෙන දේශනයක්, බිල්ඩිමක් ඇතුලෙ හදපු ක්‍රීඩාංගනයක් …. මට සැනසුම ගෙනෙන තැන් බොහෝයි!!!

  4. අමිල.. said, on ඔක්තෝබර් 31, 2011 at 8:38 ප.ව.

    එ්කත් සාපේක්ෂ නැද්ද? එලියටම වෙලා ඉන්න අයගෙත් ෙමාෙල් ගැන ගැටලු අෑතිවෙනවා නේද?

    • arunishapiro said, on නොවැම්බර් 1, 2011 at 8:43 පෙ.ව.

      අමිල..,

      සතුට සඳහා මම කරන කියන දේවල් වලින් ලැබෙන්නෙ මගේ සතුට. අනිත් අය තමන්ට ලැබුනු දේවලින් තමන්ට සතුටක් දැනෙනවා දැයි සොයන්න ඕනා. ඒත් හැමෝම ලබන්නෙ ‘සතුට’ නේද?

      //එලියටම වෙලා ඉන්න අයගෙත් ෙමාෙල් ගැන ගැටලු අෑතිවෙනවා නේද?// කවුද එහෙම කියලා තියෙන්නෙ? අනික අමිල මල්ලි, කවුද කිව්වෙ එළියටම වෙලා ඉන්නත් කියලා?

  5. Observer said, on නොවැම්බර් 1, 2011 at 4:57 පෙ.ව.

    මමත් ඊයේ එලියට ගිහින් ලස්සන මල් ටිකක පිංතූර ගත්ත

    • arunishapiro said, on නොවැම්බර් 1, 2011 at 8:53 පෙ.ව.

      Observer,

      මොළයේ එළිමහන් අවශ්‍යතාවය ගැන වැඩියෙන් ම පර්යේෂණ වෙන්නෙ දැන් වැඩි පිරිසක් වැඩි කාලයක් ජීවත්වෙන නිසා. ඒවායෙන් පෙනී යන්නෙ එළිමහනේ සුවය විඳින්නට ලැබෙන මොළයට වඩා වාසි ඇති බවයි.

  6. asela said, on නොවැම්බර් 1, 2011 at 5:10 පෙ.ව.

    ලස්සන ලෝකෙට පා ඔසවාලා..
    හණමිටි හැරමිටි පැත්තක දාලා…
    මිදි උයනේ ඉමු චුට්ටක් වේලා…
    හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා..

    මේක ගෑලපෙනවද කියල නම් දෑනුනේ නෑහෑ. නමුත් ගෑලපේවී නේද?

  7. නවම් said, on නොවැම්බර් 1, 2011 at 6:21 පෙ.ව.

    එලියට යන්න නම් පුළුවන්. ඒත් අප්පා මේ මොළේ දාපු තැන නිච්චියක් නෑ නෙව.

  8. henryblogwalker said, on නොවැම්බර් 1, 2011 at 6:33 පෙ.ව.

    මාත් මේ කම්පියුටර් මගුල ශට් ඩවුන් කරල මේ දැන් යනවා එලියට.
    henryblogwalker the dude

    • arunishapiro said, on නොවැම්බර් 1, 2011 at 8:50 පෙ.ව.

      henryblogwalker,

      බ්ලොග් ඇවිදලා විතරක් මදිනෙ … කකුල් වලටත් ඇවිදින්න අවස්ථාවක් දෙන්න හෙන්රි නම් ලැහැස්තියි.

  9. chandi said, on නොවැම්බර් 1, 2011 at 9:41 පෙ.ව.

    මොලේටත් විවේකයක් අවශ්‍යයි. නිදහස් සුන්දර තැනකට ඉඳල හිටල ගිහාම සිත නිවෙනවා. එහෙම ගිහින් හිත නිවාගන්න මාත් හරිම කැමතියි. සින්දුවක් අහල හොද චිත්‍රපටියක් බලලා මනසට විවේකයක් දෙන්න ඕනෙ. මානසික ආතතියට හොඳම පිලියම් අපි ලඟම තියෙනවානෙ. ගොඩක් අය මේව යොදාගන්නෙ නෑ. මුදල් පස්සෙම හබා යනවා මිස. ජීවිතේ අවසානෙ පසුතැවේවි අනේ මම කිසිම දෙයක රසයක් වින්දෙ නෑනේ කියල. ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. ඉන්න කල් සතුටින් ඉන්න අපි පුරුදු වෙන්න ඕනෙ. ලැබෙන දෙයින් සැනසෙන්නත් අපි දැනගන්න ඕනෙ. සම්මහර තැන්වලට යන්න එතරම් වියදම් කරන්න ඕනෙනෑ. අපි අවටම ලස්සන තැන් තියෙනවා, අපි ඒ දෙස බලන විදිහ හදා ගත්තාම හරි. කරණීය මෙත්ත සූත්‍රයෙ ලදදෙයින් සතුටු වෙන හැටි අපූරුවට විස්තර වෙනවානෙ.

    • arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 8:12 පෙ.ව.

      chandi,

      ඔව් චාන්දි අක්කා වැඩිදෙනා කරන්නෙ ‘සිහි නුවණින් කටයුතු කරන්න”; “කිසිවකු හට වංචා නොකරන්න”; කියන කරණීය මෙත්ත සූත්‍රය මතුරපු සුදු නූලක් අතේ බැඳගෙන එයින් ආරක්ෂාව පතන එක.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: