අරුණි ශපීරෝ‍ වෙතින්

සිහින විමන්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 5, 2011

“සිහින විමන්” නමින් වූ මේ සීඩී තැටියේ ගී ගයන්නේ මා සමඟ උසස් පෙළ පංතියේ පටන් අද දක්වා සබැඳිව ඉන්නා දයාබර යෙහෙළියක් වන ජයමිණි නිලිකා විසිනි. මේ ඔයාලට පහුගිය සයිබර් සැණකෙළිය දා ලැබිච්ච රස කේක් හදලා දුන්න යෙහෙළිය ම බවත් නොකියා බැහැනේ!!!

ඇයගේ කුළුදුල් සීඩී තැටිය අලෙවි වන්නේ රු. 400/- කට. දැනට ගන්නට පුළුවන් මැජස්ටික් සිටි හි ප්‍රියා ෆැෂන්ස් වලින්. කැමති කෙනක්ට පුළුවන් ඇයගේ දුරකතනය 077 317 1777 ට කතා කරලා මිල දී ගන්නත්. ඉතින් මම උසස් පෙළ පංතියේ හිටපු කාලේ කරපු කියපු රස කයි කතන්දර අහන්න එයාගෙත් ඔයාලගේත් කාලේ නාස්ති කරන්න එපා හොඳේ!!!

මෙය මුදල් ගෙවා පළ කරන ලද දැන්වීමක් නොවේ. මේකේ සිංදුවේ නම යටින් මගේ නම වැටෙන්නෙ මගෙ YouTube ගිනුමෙන් සිංදු ටික අන්තර්ජාලයට එකතු කරපු නිසයි.

සිහින විමන්

මල වටකර බඹරුන් රඟ දෙන්නා, සිත වටකර හැඟුමන් පොර කන්නා

යෞවනේ වසන්තයේ ළං වෙමූ … නෑ සිතේ දුක් වේදනා … මේ සොඳුරු වූ නිමේෂයේ

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 5, 2011 at 8:48 පෙ.ව.

    Lyrics?
    Melody?
    Music?

    • arunishapiro said, on නොවැම්බර් 6, 2011 at 9:05 පෙ.ව.

      kathandarakaraya,

      සිහින විමන් -පද රචනය: තිළිණි අතුකෝරල; තාලය හා සංගීතය: හේමලාල් ගීතදේව

      මල වටකර -පද රචනය, තාලය හා සංගීතය: හේමලාල් ගීතදේව

      යෞවනේ වසන්තයේ පද රචනය, තාලය හා සංගීතය: හේමලාල් ගීතදේව

  2. ~මන්දාකිණි~ said, on නොවැම්බර් 5, 2011 at 9:33 පෙ.ව.

    සයිබර් සැණකෙලිය කියනකොටයි මතක් උනේ..
    ඔයා එවලා තිබුන පොත් සෙට් එක මටත් ලැබුනා..ඒවට බොහෝම ස්තූතියි..!! තියන වැඩත් එක්ක තාම කියවලා ඉවර කරන්න නම් බැරි උනා..
    ඒවා ඉල්ල ගන්න කියපු මරණෙටත්..කොළඹ ඉදලා බරට බරේ අරන් ඇවිත් දීපු සෝරෝටත් ස්තූතියි..!!

  3. අඩේ . . සෝරොවයි මමයි මෙයාලයෙ ගෙදර හොයාගන්න දුන්න ගේමක්. ඩ්‍රයිවිං ලයිසමකුත් නැතුව ත්‍රී වීල් එකක් එලෝගන දෙහිවලටම ගියාට පාඩු උනේ නෑ අප්ප කේක් ටිකට . . . අපි දෙන්න ගේට්‍ටුවෙන් එලියට ආව ගමන්ම සාම්පල් බැලුව. නියමයි . . . .
    සිංදු ටිකත් කේක් වගේම රසට ඇති . . . .

  4. dayal - bathee said, on නොවැම්බර් 6, 2011 at 5:05 ප.ව.

    සිත උලුප්පන කට හඬක්, කලාත්මක වැඩක්!

  5. Chandi said, on නොවැම්බර් 6, 2011 at 8:53 ප.ව.

    අරුණි , බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීමට. ලස්සන සින්දු ටික.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: