අරුණි ශපීරෝ‍ වෙතින්

පාවිච්චියට ගන්නේ කොයි කොටස ද? කොතරම් ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 15, 2011

සිතුවිල්ලක් නිසා මිනිස් මොළයේ නිෂ්පාදන බිහි කරයි!!! මේ නිෂ්පාදන රසායනික ය. සිතුවිල්ලක් සිතූ පුද්ගලයාගේ මොළය බිහි කරන රසායන ඒ මොළය පිහිටා ඇති සිරුර පුරා දුව යමින් සිරුරේ වෙනස්කම් ඇති කරයි. සිරුරේ වෙනස්කම් නිසා සිරුරේ පිහිටා ඇති මොළය ද වෙනස්කම් වලට ලක් වේ.

මොළයේ ඇති රසායන වර්ගීකරණය දිනෙන් දින වැඩි වැඩියෙන් පැහැදිලි වන යුගයක් දැන් උදා වී ඇත. නියුරෝන හා සෛල අතර සිග්නල් හුවමාරු කරන රසායාන neurotransmitters වෙති. මේවා සමන්විත වන්නේ කුඩා අණූක transmitters වලින් සහ පෙප්ටයිඩ්, ප්‍රෝටීන, fatty acids හා ion වලිති. නිෂ්පාදනයේ මූලිකත්වය ගන්නේ hypothalamus ය.

මොළය නිෂ්පාදනය කරන රසායන විවිධ වෙද්දී ඒවායේ ප්‍රතිඵල තීරණය වන්නේ රසායනය කුමක්දැයි කියා නොව එය බාර ගන්නා ස්ථානය (සෛලයේ ඇති receptors) අනුව ය.

සෛල වලට හැමදාම එකම විදියේ රසායන ඕඩර් එකම විදියේ ආවේගාත්මක තත්වයකින් ලැබෙනවා නම් ජානු වලට කරදරය මහත්. වාහනයක් ගියර් වෙනස් නොකර හැමදාම එකම ගියර් එක දාගෙන යනවා වගේ!!! ඔටෝමැටික් ගියර් වැඩ කරන වාහන තියන අයට ගියර් මාරු කරන්න හිතන්න අවශ්‍ය නැහැනෙ. ඒත් මොළයට එහෙම ඔටෝමැටික්ව ගියර් මාරු කරන ක්‍රමයක් නැහැ. මොළය අයිතිකරුවා විසින් හිතා මතා ගියර් මාරු කරන්න ඕන. එකම ගියර් එක පාවිච්චි කළාම ඒක කැඩිලා යනවා වගේ, වැඩියෙන් එකම රසායන වලින් වැඩ ගත්තාමත් සෛල කරන්නේ ඒ රසායන වල තත්වය බාල කිරීම.

වයසට යනවා කියන්නේ ඒකයි. ඇස්, කොණ්ඩය, මාංශ පේශී, ඇටකටු, ජීර්ණ සෛල යනාදිය එකම විදියක ඕඩර් වලින් කාලාන්තරයක් තිස්සේ වැඩ කරලා තත්වය බාල වීම.

පුද්ගලයා හැමදාම එකම ආවේග වලින්, එකම චෛතසික ස්වභාවයක් (attitude) පාවිච්චියට ගන්නවා නම් හැමදාම නිෂ්පාදනය කරන්නේ එකම රසායාන වෙනවා. අළුත් සිතුවිලි උප්පත්තියක් නැති නිසා ඒ පුද්ගලයාගේ මොළයේ ඇති පාවිච්චි නොකරපු ජානු වලින් වැඩ ගන්නට අළුත් සෛල ඇරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජානු වලින් උරුම වෙච්ච විදියට සහ එතෙක් මොළය සම්බන්ධ වූ එකම සිතුවිලි රටාවක් නැවත නැවත ප්‍රචාරය කරමින් ඉන්නවා. පුංචි කාලේ භාෂාවක් ඉගෙන ගත්තට පස්සෙ අළුතින් භාෂාවක් ඉගෙන නොගත් අය කොච්චර ඉන්නවා ද?

ආවේග ඇබ්බැහිය ද එහෙමයි. මෙතෙක් හුරු පුරුදු වූ ආවේගාත්මක චෛතසික ස්වභාවයේ හිර වෙලා ඉන්නවා. ඍනාත්මක වූ චෛතසික ස්වභාවයක් එකම ගියර් එකක හිර වෙලා තියෙද්දී ධනාත්මක වූ චෛතසික ස්වභාවයක් ඇති මොළය අළුත් සිතුවිලි උපද්දවන්න සමත් වෙන නිසා ගියර් මාරු කරන්න පටන් ගන්නවා. එතකොට මෙතෙක් භාවිතාවට නොගත් මොළයෙන් වැඩ ගන්න අළුත් සෛල ඇරීමක් සිද්ධ වෙනවා. සිතුවිලි උපදවන සිරුර අයිති පුද්ගලයා ම තමයි තමන්ගේ නිරෝගීත්වය තීරණය කරන රසායන නිෂ්පාදනයට ඕඩර් දෙන්නෙ!!!

එහෙම බලද්දී, අපිට සෛල මට්ටමෙන් අපේ දියුණුවට බලපෑම් ඇති කරන රසායන වෙනස් කරගන්න ඕනා නම්, අපි වෙනස් කරගන්න ඕනා අපේ චෛතසික ස්වභාවය. එතකොටයි හැමදාම එන එකම සිග්නල් එක වෙනුවට අළුත් සිග්නල් එකක් සෛලයට ලැබෙන්නෙ.

ඉතින් මතකනේ මිනිසාගේ පරිනාමයේ දී සිද්ධ වූවා යැයි කියූ මොළයේ අවධි 3: 1. protoreptilian 2. paleomammalian 3. neomammalian. ඉතින් අපි උරග මොළයෙන් එහාට, දිවියාගේ මොළයෙන් එහාට ගිහින් ඉගෙන ගන්නට හැකි මොළයෙන් වැඩ ගන්නට පටන් ගන්නේ කවදා ද?!!! බලන්න ඒ ඉගෙන ගන්න හැකි මොළය කොතරම් ලොකු ප්‍රමාණයකින් හැදිලා තියෙනවා ද කියලා වැඩි දෙනෙක් ඒක පාවිච්චි නොකළාට!!!!

උරග මොළය විසින් කරන ආශ්වාස ප්‍රාශ්වාස, රුධිර ප්‍රවාහනය යනාදියෙන් පුද්ගලයා ජීවත් කරවීමට පුද්ගලයාගේ වැඩි වෙහෙසක් අවශ්‍ය නැහැ. සටන් වදිනවා ද පැන දුවනවා ද යන දිවියාගේ මොළය පාවිච්චිය තමයි උරුමයෙන් හා හැදියාවෙන් දායාද වූව. එය වැඩි දියුණු කරගන්න හැකියාව ඇත්තේ ද, එතැනින් එහාට යන්න හැකියාව ඇත්තේ ද ඉගෙන ගන්නා මොළය පාවිච්චියට ගැනීමෙන්. එනම් අළුත් සිතුවිලි උපද්දවා (මෙතෙක් නිපදවූ නැති රසායන නිපදවා), චින්තනය වෙනස් කර (සිරුර පුරා යවන රසායාන පණිවිඩ වෙනස් කරමින්) අපේ හැදියාව වෙනස් කර ගැනීම (අළුත් අත්දැකීම් වලට ඉඩ දී අළුත් රසායාන සෛල වලට ඇතුල් කිරීමෙන් වැඩ නොගත් ජානු වලට වැඩ කරන්නට අවස්ථාවක් ලබා දීම) තමයි මිනිස් මොළයේ පරිනාමය.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. මැණික් said, on නොවැම්බර් 15, 2011 at 11:37 පෙ.ව.

    හොඳ electric circuit එකක් වගේනේ අපේ මොලයත්. රසායන නිපදවන්නේ හයිපොතැලමසයෙන් නම් ඊට හානි වුනාම මොකද වෙන්නේ. මානසික ලෙඩ රෝගත් එතකොට රසායනික වෙනස් කම් නිසා ඇති වෙන දෙයක්ද? එහෙනම් ඇයි සමහර මානසික ලෙඩ ලේසියෙන් සනීප කරන්න බැරි. ඔන්න ප්‍රශ්න පත්තරයක්ම තියනවා.
    මැණික්

    • arunishapiro said, on නොවැම්බර් 16, 2011 at 8:56 පෙ.ව.

      මැණික්,

      අද කෘතිම රසායන හදන්නට උත්සාහය හා විවිධ මානසික ලෙඩ රෝග වලටත්, රෝග නොවනා මානසික තත්වයන් වලටත් හඳුනාගත් හා කෘතිම නිෂ්පාදනය කරන ලද රසායන භාවිතය පටන් ගෙන.

      //මානසික ලෙඩ රෝගත් එතකොට රසායනික වෙනස් කම් නිසා ඇති වෙන දෙයක්ද?// ඒ නිසාම පමණක් නෙමෙයි තවත් සාධක බොහොමයක් බලපානවා. රසායනික වෙනස්කම් නිසා මානසික රෝගය වර්ගීකරණයට පහසුවක් ඇතිවීම පමණයි වාසිය. අර ඔයා ලියපු කවි පංතියෙන් පටන් ගන්නයි ඉන්නේ … 🙂 පසුගිය කාලයේ දී ටෙනසි විශ්ව විද්‍යාලයේ බාස්කට්බෝල් පුහුණු උපදේශිකාව, පැට් සමිට් සිය සැමියාගෙන් දික්කසාද වුනා. ඊට කාලයකට පස්සෙ ඇය ඇල්සයිමර්ස් රෝගයෙන් පෙළන බව සොයා ගත්ත. කැලිෆෝර්නියාවේ හිටපු ගමන් පාලනය කරගත නොහැකි තරමට ප්‍රචණ්ඩත්වය වැඩි වෙච්ච අයෙක්ගේ මොළය පරික්ෂා කරද්දී මොළයේ tumor දකින්න ලැබුණ. යමක් ඇති වන්නේ ඇයි කියන එක නිශ්චිතව ම කියන්න තාම විද්‍යාව දියුණු නැහැ, ඒ නිසාම තමයි සමහර (මානසික නොවන ඒවා වුවත්) රෝග ලේසියෙන් සුව කරන්නත් බැරි!!!

  2. chandi said, on නොවැම්බර් 15, 2011 at 8:16 ප.ව.

    බොහොම සතුටුයි යෙහෙළිය හමුවූ එකට නම්. මේ රසායනික වෙනස්වීම් නිතරම අපේ ශරීරය තුල සිදුවන බව දන්නවා. විශේෂයෙන්ම මෙනොපෝස් කාලයේ තරහ, ආතතිය ,වගේ දේවල් වලින් බොහෝ දෙනා පීඩා විඳිනවානේ. සමහර විට සැමියා මේ තත්වය තේරුම් ගත්තේ නැතිනම් විවාහය පවා දෙදරා යන බවත් අසා තියෙනවා. ස්තූතියි! සටහනට. මම බොහොම අවිවේකියි මේ දිනවල. ඒ උනාට ඔබගේ සටහන් පෙළ බොහොම ආසවෙන් කොහොම හරිම කියවන්නෙ මේ ගැන වැඩි යමක් දැනගන්න තියෙන උවමනාවටමයි නංගි.

    • arunishapiro said, on නොවැම්බර් 16, 2011 at 9:02 පෙ.ව.

      chandi,

      ස්තූතියි චාන්දි අක්කා ඒත් වැඩ පාඩු කරගන්න එපා, කඩදාසි වල ලිව්වා වගේ පරණ වෙන්නෙ නැහැනෙ. නිවාඩු පාඩුවේ කියවන්න තියේවි.

      මෙනොපෝස් පිළිබඳ පොත් අතර මා කියවපු වඩාත් සවිස්තර පොත ලියා ඇත්තේ Christiane Northrup විසින්. ඒත් එක ලොකු අඩුපාඩුවක් ඒකෙ තියනවා. සැමියාව එක්ක ගෙන ම ගමන යන්න කියා දීම ඇයගේ පුද්ගලික අත්දැකීම් නිසා ඇය අමතක කරනවා කියලා මට හිතුනා!!!

  3. Beetle said, on නොවැම්බර් 16, 2011 at 6:04 පෙ.ව.

    මෙන්න මෙහෙම සමානකමක් අන්තර්ජාලයේ දාලා තිබුණා… බය හිතෙන සිතිවිල්ලක් එනවා මේක දකිද්දී… අපි ඉන්න විශ්වය කියන්නේ වෙන ජීවියෙකුගේ මොළයේ සයිලයක්ද…. 🙂

    http://sprott.physics.wisc.edu/pickover/pc/neuron-galaxy.jpg

    • arunishapiro said, on නොවැම්බර් 16, 2011 at 9:13 පෙ.ව.

      Beetle,

      ටොම් කෲස් වගේ සයන්ටොලොජි අදහන අයෙකුගෙන් අහන්න ඕනා 🙂

      මම නම් දන්නේ නැති දේවල් ඉදිරියේ ප්‍රශ්නයකින් නවතින්න බය නැහැ.

      එක එක ක්ෂේත්‍ර වල ප්‍රවීන විද්‍යාඥයන් නොදන්නා හරිය ගැන නොදන්නා බව කීම වෙනුවට තියන තොරතුරු සොච්චමෙන් අළුත් සංකල්ප හදන්න ගන්නා උත්සාහයෙන් තියන දැනුමෙන් වැඩ ගැනීම අතපසු කරනවා. Physics වලින් Stephen Hawking සහ Economics වලින් John Maynard Keyenes හොඳ උදාහරණ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: