අරුණි ශපීරෝ‍ වෙතින්

ගැහැණු මොළය හා පිරිමි මොළය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 16, 2011

සාමාන්‍ය මිනිස් මොළයක නියුරෝන බිලියන 23 ක පමණ සංඛ්‍යාවක් ඇත. පිරිමි මොළයක නියුරෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගැහැණු මොළයකට වඩා බිලියන දෙකකින් වැඩි ය. ගැහැණු මොළයක පිරිමි මොළයකට වඩා නියුරෝන අතර සබඳතා ඇති කරන neuropil ප්‍රමාණය වැඩි ය. මැදිවයස වෙද්දී ගැහැණු මොළයක් පිරිමි මොළයක් හා ප්‍රමාණයෙන් සමාන වෙයි. පිරිමි මොළය ගැටවර වියෙන් පසු ගැහැණු මොළයට වඩා වේගයෙන් හැකිළී යන්නකි.

දකුණු අතින් වැඩ කරනා අයගේ වම් මොළය භාෂාව, තර්කය, ගණිතය සහ තොරතුරු, වචන, ක්‍රියාවන් වලින් ඒවායේ තේරුම වටහා ගත හැකියාව ඇති පැත්ත ය. ඒ අයගේ ම දකුණු මොළය ජ්‍යාමිතිය, කතාබහෙන් නැති හඳුනා ගැනීම් වලට, මුහුණු හඳුනා ගැනීමට, ඇහෙනා ශබ්ද වල සුවිශේෂීත්වයන් හඳුනා ගැනීමට හැකියාව ඇති පැත්ත ය.

ගැහැණු මොළයක භාෂාව උපයෝගී කරගන්නේ වම් මොළයේ ඉදිරිපසයි. පිරිමි මොළයක භාෂාවට උපකාර කර ගන්නේ වම් මොළයේ ඉදිරිපස හා පිටුපස දෙපැත්තම ය.

ගැහැණු මොළය වඩාත් අර පිරිමැස්මෙන් මොළය පාවිච්චියට ගනියි. පිරිමි මොළයේ අරපිරිමැස්ම අඩු ය. එය efficient නැත. එය වඩා wear and tear වලට ලක්වන්නකි.

ගැහැණු මොළයක දෘශ්‍ය (visual) හෝ අවකාශය (spatial) දැකීමට මොළයේ දෙපැත්තම යොදා ගනියි. පිරිමි මොළයක දෘශ්‍ය හෝ අවකාශය දැකීමට යොදා ගන්නේ වම් මොළය පමණි.

ගැහැණු මොළයක ආවේග විසින් මොළයේ දෙපැත්තම අවදි කරවනු ලබයි. පිරිමි මොළයක ආවේග විසින් අවදි කරවනු ලබන්නේ දකුණු මොළය පමණකි.

වම් මොළය වඩාත්ම උපකාරී වන්නේ සුළු දේවල් විපරම් කර බලන්නට ය. දකුණු මොළය ලොකු පින්තූරය දකින්නට උදව් වෙයි.

වම් මොළය ශරීරයේ දකුණු පැත්තේ ක්‍රියාකාරීත්වයන් ද දකුණු මොළය සිරුරේ වම් පැත්තේ ක්‍රියාකාරීත්වය ද පාලනය කරයි.

ගැහැණු මොළයේ වම් cerebral cortex පැත්ත වැඩියෙන් ඝන ය. පිරිමි මොළයේ දකුණු cerebral cortex වැඩියෙන් ඝන ය.

ගැහැණු මොළයේ බර ප්‍රමාණය අනුව සලකද්දී එහි ඇති corpus callosum වඩා ඝන ය. පිරිමි මොළයේ බර ප්‍රමාණය හා සසඳද්දී එහි ඇති corpus callosum තුනී ය.

ගැහැණු මොළයේ ඉදිරිපස හයිපොතැලමසයේ ඇති suprachiasmic nucleus බෝලයක හැඩය ගනියි. පිරිමි මොළයේ ඉදිරිපස හයිපොතැලමසයේ ඇති suprachiasmic nucleus සුරුට්ටුවක හැඩය ගනියි.

ගැහැණු මොළයක ඇති nuclei පිරිමි මොළයක ඇතිවාට වඩා අට ගුණයකින් විශාල ය.

ගැහැණු මොළයක limbic (ආවේගාත්මක) හටගැන්ම භාෂාවට මූලික වූ පෙදෙස් හා බැඳී පවතී. පිරිමි මොළයක ආවේගාත්මක හට ගැනීම් බැඳී ඇත්තේ ශාරීරික ක්‍රියා (අත පය) මූලික වූ පෙදෙස් සමඟ ය.

ගැහැණු මොළයක එස්ට්‍රෝජන් මට්ටම් ඉහළ පහළ යයි. පිරිමි මොළයක එස්ට්‍රෝජන් මට්ටම් වැඩි වෙනසකට ලක් නොවේ.

ගැහැණු මොළයක ටෙස්ටොස්ටොරොන් මට්ටම් වැඩි වෙනසකට ලක් නොවේ. පිරිමි මොළයක ටෙස්ටොස්ටොරොන් මට්ටම් පරිසරයේ වෙනස්කම් අනුව (හිමිදිරි පාන්දර, සිසිර ඍතුවේ, උත්තාර්ථගෝලයේ) වේගයෙන් වෙනස් වේ.

ගැහැණු හා පිරිමි උපදින්නේ එකිනෙකාට වෙනස් ලෙසකින් සකස් වූ මොළයකට හිමිකම් කියමිනි. පිරිමි මොළය සකස් වී ඇත්තේ අරමුණක් ඉලක්ක කරගත්තා වූ ක්‍රියාවක් (instrumental function) කරන්නට ය. ගැහැණු මොළය හැදී ඇත්තේ “කතාවට” නැත්නම් ඇති දැඩි කර රැක බලාගන්නට (nurture) ඉලක්ක කරගත් ක්‍රියාවක් (interpersonal function) කරන්නට ය. මේ ගැන වැඩි විස්තර සඳහා රටවල් 39 කින් දත්ත විමසා D. F. Halpern ලියූ Sex Differences in Cognitive Abilities (2000) කියවත හැකිය.

පිරිමි මොළයක ප්‍රචණ්ඩත්වය (aggression), තරඟය (competition), ආත්මාධිරෝපණය (self-assertion), ආත්ම විශ්වාසය (self-confidence), ආත්මාවලම්බනය (self-reliance) සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණ පහකි. ගැහැණු මොළයක හෝ පිරිමි මොළයක මේ ලක්ෂණ ටෙස්ටොස්ටොරොන් මට්ටම් මෙන් ම ගණිතය හා අවකාශය දැනීමේ හැකියාවන් සමඟ බැඳී ඇත. එනම් ගණිතයෙන් දස්කම් පාන ගැහැණු මොළවල ඉදිරි ලක්ෂණ පහ ද දකින්නට හැකිය.

ගැහැණු මොළයකට දක්ෂ ලෙස භාෂාව, සංවේද වලින් ලැබෙන දැනුම හඳුනා ගැනීමට (sensory awareness), මතකය, සමාජය ගැන දැනුවත්කම සහ වෙනත් අය හා සබඳතා වැටහීමක් ඇත. ආවේග හැකියාව මොළයේ දෙපැත්තේ ම පිහිටා ඇති නිසා මොළයේ දෙපැත්තම භාවිතා කර ඒ අතර කතාබහට හැකියාව ගැහැණු මොළයක වැඩි ය. තමන්ගේ හැඟීම් හා අනුන්ගේ හැඟීම් ගැන සංවේදීත්වය වැඩි නිසා එය භාෂාවෙන් හුවමාරු කරගන්නට ගැහැණු මොළය දක්ෂ ය. පිරිමි මොළයක පද හසුරුවන හැකියාව (vocabulary) ඇත්තේ වම් මොළයේ පමණක් නිසා, පද වර්ධනයට වඩාත් දක්ෂ වෙති. පිරිමි අළුත් පදයන් හදන්නට (jargon) හා තාක්ෂණික වූ වචන (technical terminology) ඉදිරිපත් කරන්නට දක්ෂ වෙති.

ගැහැණු මොළයක් ඇත්නම් ඊට දායාද වූ ශක්තීන් වැඩි කරගන්නට උත්සාහ ගැනීම මිස “අනේ ඇයි මම පිරිමියෙක් වෙලා උපන්නෙ නැත්තේ ඇයි?” කියා විමසීමෙන් ඵලක් නැත!!!

දායාද වූ තමන්ගේ මොළයෙන් වැඩ ගන්නට නම් චෛතසික ස්වභාවය හා එහි ඇති හැකියාව යන දෙක අවුල් කරගැනීමත් නුසුදුසු ය.

Advertisements

35 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 16, 2011 at 9:33 පෙ.ව.

    ඉංජිනේරු පීඨයේ කෙල්ලෝ හිඟ ඇයි දැයි මෙයින් පැහැදිලි වෙනවා ද?

    • arunishapiro said, on නොවැම්බර් 16, 2011 at 9:41 පෙ.ව.

      kathandarakaraya,

      ඔව්, ඉංජිනේරු පීඨයේ කාන්තාවන් අඩුවීම පැහැදිලි වන එක කාරණයක්.

      ඒත්, එක කාලයක දී ස්වභාවික තත්වයට පටහැණි ලෙස ගැහැණු මොළ වලට කිසිත් බැහැ කියා ඔවුන් හිර කර තැබුවා. අද කාලයේ දී මේ පැත්තේ, ගැහැණු මොළ පිරිමි මොළ හා සමානයි ඔවුනට ස්ථානයක් ලැබුනේ නැතැයි කියා බලහත්කාරයෙන් පිරිමින්ට වඩා ගැහැණුන්ට ඉංජිනේරු පීඨ වල ස්ථාන ලබා දෙනවා.

      හැකියාව ඇති අයට තැනත් හැකියාව නැති අයට තැන නොදීමත් කුසලතාවය පෙන්වීම මඟින් පමණක් සිද්ධ වන්නේ කවදා ද?

      ඒකීය පුද්ගල හැකියාව හා උත්සාහය මිස බලහත්කාරයෙන් ස්ථාපිත කරත හැකි සාධාරණත්වයක් ලොව නැතැයි පිළිගන්නට සමත් වූ දාට නොවේ ද?

      • dawkinssdodo said, on නොවැම්බර් 16, 2011 at 9:58 පෙ.ව.

        හැකියාව නැති අයගෙත් අවශ්‍යතා බොහෝ විට හැකියාව ඇති අයට සමානයි නේද? මුලික අවශ්‍යතා වන හිසට වහලක්, ආහාර, රැකියාවක් සහ දරුවන්ට අද්‍යාපනයක් වගේ දෑ කාගෙත් අවශ්‍යතා නේද? 🙂

      • අමා said, on නොවැම්බර් 16, 2011 at 9:45 ප.ව.

        ‘දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු’
        මම මහන්සි වෙලා හම්බ කරන දේ නිකම් ඉඳන් ඉන්න කෙනාට දීම අසාධාරණය.
        මේක ගැහැණු පිරිමි නෙවෙයි අනිත් ‘අනුපාත’ වලටත් අදාලයි.

        ඉංජිනේරු පීටය ට ගැහැණු ළමයි අඩු වෙන්න තව හේතුවක් ගැහැණු ළමයි ඒ විෂයට අකමැති වීම.

        අපුරු ලිපියක් අක්කේ !

        • arunishapiro said, on නොවැම්බර් 17, 2011 at 9:47 පෙ.ව.

          අමා,

          //ඉංජිනේරු පීටය ට ගැහැණු ළමයි අඩු වෙන්න තව හේතුවක් ගැහැණු ළමයි ඒ විෂයට අකමැති වීම// ඒකත් එක්ක ම පහළ තියන මම මැණික් නංගිට ලිව්ව එකත් කියවන්නකො.

  2. දුකා said, on නොවැම්බර් 16, 2011 at 9:38 පෙ.ව.

    අනේ අක්කේ මම මේ ලිපිය කියෙව්වට පස්සේ හිතුවේ මෙච්චර වටින විදිහේ දක්ෂ කම් ගෑනු මොළ වලට දුන්නත් අපේ සමාජයේ බොහෝ ගැහැනුන් ඒවා හරි හැටි පාවිච්චි නොකරන්නේ ඇයි කියලා . . .

    (ඔන්න ඉතිං පුරුෂාධිපත්‍ය අරක මේක කියලා මාව කන්න හදන්න එපා හොඳේ)

  3. Taboo said, on නොවැම්බර් 16, 2011 at 10:22 පෙ.ව.

    ආයුබෝවන් අරුණි,
    සමරිසියන් (ගැහැණු හෝ පිරිමි) පොදු වශයෙන් ගතහොත් මෙලෙස ඔවුන්ගේ මොළයේ වෙන්කර හඳුනාගත හැකි වෙනස්කම් තිබේද? නැතිනම් ඔවුන් අයත් වන්නේත් මේ දෙපාර්ශවයටම ද?

    -taboo

    • arunishapiro said, on නොවැම්බර් 16, 2011 at 10:27 පෙ.ව.

      Taboo,

      ආයුබෝවන් Taboo! ආධානග්‍රාහීව පැත්තක් නොගන්නා ප්‍රස්තුතයකින් විධිමත් පර්යේෂණ කවදා පටන් ගන්නේ දැයි බලාගෙන සිටින්නෙමි. ඒ ගැන මගේ සොයා ගැනීම් බොහොමයක් …. ඒත් ඒ ගැන කතා කරන්නට සමාජය සූදානම් දැයි ගැටළුවක්!!!

      • Taboo said, on නොවැම්බර් 16, 2011 at 10:36 පෙ.ව.

        ඒකියන්නේ පක්ෂග්‍රාහිව හෝ පරීක්ෂණ පැවති බවද? එසේවීම නිසා ඒවායේ ප්‍රතිපල ප්‍රතිෂේප වී ඇත්ද?
        ඔබගේ සොයා ගැනීම් ගැන දැන ගන්නටත් කැමති යි. මෙවන් කතාබහකින් යම්තරමක හෝ සමාජ සුදානමක් කළ හැකි බව මා විශ්වාස කරයි.

        • arunishapiro said, on නොවැම්බර් 16, 2011 at 10:45 පෙ.ව.

          Taboo,

          ඔව් දෙවියන් වහන්සේ ඉන්නවා නැතැයි කියා පෙන්වන්නට දත කන විද්‍යාඥයන් වගේ ම, සමරිසි බව ජානුගත ද, චර්යාවෙන් ද, සමාජ ආකල්ප වලින් ද යනාදියෙන් පෙන්වන්නට කළින් ම තීරණය කර පර්යේෂණ පවත්වන අය වැඩියි. ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන්නේ අනිත් පැත්ත පෙන්වන දත්ත වලින්. දෙපැත්තේ ම අඩුපාඩු හා වටිනා දත්ත දිහා බලන්න උත්සාහය අඩුයි.

          ඒ මදිවාට තත්වය තවත් අවුල් කරන්නේ අද ඇමෙරිකාවේ සමහර අය වාසි සඳහා තමන් සමරිසි යැයි කියා ගැනීම. උදාහරණයක්: කැම්පස් කෙල්ලෝ බහුල වශයෙන් කැම්පස් කාලය තුල සමරිසි වෙන්නේ ඔවුන්ට ලිංගික ආශ්වාදයක් ලබාගෙන එහෙත් දරුවන් ඇතිවීමේ අවස්ථා අඩු කරගන්නට, කොල්ලෝ එක්ක පෙම් සබඳතා වලින් මානසික පීඩනය වැඩි වීම!!! යනාදි හේතු නිසා බව. ඔවුන් කැම්පස් අවසන් වී ගියා ම සමරිසි බව ද අත්හරිනවා. එය ජානුගත වූවක් හෝ මොළයේ වෙනස්කම් නිසා වූවක් නම් පසුව වෙනස් වෙන්නේ කොහොම ද? ඉතින් ඒ අය තුලින් සොයා ගන්නා මොළ වෙනස්කම් නැත්නම් එය සමරිසි තත්වය පිළිබඳ වෙනස්කම් ඇතැයි පිළිබිඹු කරනවා ද?

          සමරිසි මොළ ගැන තව දැනගන්නට කැමති අය ඉන්නවා නම් ප්‍රතිචාර දාන්න. ඒ ගැන සටහනක් ලියන්නම්. මෙය ප්‍රතිචාර වැඩි කරගන්නට උත්සාහයක් නොව ඒ ගැන දැනගන්නට කුතුහලයක් ලංකා සමාජයේ ඇත්දැයි මා නොදන්නා නිසා ලියන්නකි.

    • kathandarakaraya said, on නොවැම්බර් 16, 2011 at 5:05 ප.ව.

      මේ පරීක්‍ෂණ සහ නිගමනය මා දන්නා පරිදි කේම්බ්‍රිජයේ පුහුණුව ලැබූ භෞතික විද්‍යාඥයෙකු ගෙන්.
      http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html

  4. රූ said, on නොවැම්බර් 16, 2011 at 1:02 ප.ව.

    //ගැහැණු මොළයක් ඇත්නම් ඊට දායාද වූ ශක්තීන් වැඩි කරගන්නට උත්සාහ ගැනීම මිස//
    අදත් ලිපියේ සිතන්නට යමක්…

    අපේ මොළයේ ශක්තීන් හඳුනා ගැනීම ඒවාට අනුව ක්‍රියාකිරීම යන මේ සියල්ල සිතට දැනෙන සතුට මත රඳා පවතිනවා..
    සිතේ සතුට අපේ බලාපොරොත්තු මත රැදෙනවා..පිරිමි අයගේ ගැහැනු මොළයට කෙනෙහිලිකම් වැඩිපුර දැනෙන්නේ මේ බලාපොරොත්තු නිසා..අපේ බලාපොරොත්තු (Expectations) කළමණාකරනය කරගත හැකිනම් අපේ මොළය මීට වඩා කාර්යක්ශමව භාවිතා කල හැකි වේවි.

    • arunishapiro said, on නොවැම්බර් 17, 2011 at 9:42 පෙ.ව.

      රූ,

      ඔව්, මොළය මීට වඩා කාර්යක්ෂම භාවිතයට ගන්න නම් කරන්න හැකි දේවල් එමටයි. කිසිත් නොකර ඉන්නවාට වඩා යමක් කිරීමයි වැදගත්.

  5. මැණික් said, on නොවැම්බර් 16, 2011 at 2:39 ප.ව.

    “එනම් ගණිතයෙන් දස්කම් පාන ගැහැණු මොළවල ඉදිරි ලක්ෂණ පහ ද දකින්නට හැකිය.”
    ඒකත් එහෙමද? මමත් ගනන් කාරියක්නේ.
    දැන්නම් ඉන්ජිනේරු පීඨ වල ඉස්සරට වඩා ගැහැණු ලමයි ඉන්නවා විතරක් නෙවෙයි අවසාන විභාගෙදි දෙන gold medal වැඩි හරියකටත් වග කියනවා. භෞතික විද්‍යා අංශයෙත් එහෙමයි. ගණිතය විශේෂ වේදී උපාධියෙත් මුල් පෙලේ ඉන්න ගැහැණු ළමයින්ගෙන් අඩුවක් නැහැ.
    මැණික්

    • kathandarakaraya said, on නොවැම්බර් 16, 2011 at 5:06 ප.ව.

      මේ කාලෙනෙ ඉන්න තිබුණෙ, I dont know why?

    • arunishapiro said, on නොවැම්බර් 17, 2011 at 9:45 පෙ.ව.

      මැණික්,

      මෙහෙමත් එකක් තියනවා මැණික් නංගි. අද වැඩිපුර පිරිමි ගණිතය විශේෂවේදී උපාධියක් සඳහා වෙහෙසෙනවා ද නැත්නම් වැඩියෙන් උපයන්න පුළුවන් පරිගණක හා සම්බන්ධ ක්ෂේත්‍ර වලට වැඩියෙන් වෙහෙසනවා ද යන්නත් කල්පනා කර බැලිය යුතුයි. තවත් විදියකින් කිව්වොත් ගැහැණු අයට එදා පිරිමි ආධිපත්‍යට ලක් වූ අංශ අද ඇරෙන්නෙ පිරිමින්ට ඊට වඩා වාසිදායක අංශ විවෘත නිසා ද?

      • අමා said, on නොවැම්බර් 18, 2011 at 1:08 පෙ.ව.

        සමහර විට වෙන්න පුළුවන් අරුණි අක්කේ.
        හැබැයි, පරිගණක ක්ෂේත්‍රයේ සහ සමස්තයක් වශයෙන් ඉංජිනේරු ක්ෂේත්‍ර වල ද දැන් ගැහුණු ළමයි වැඩි වේගෙන එනවා නේද – ඒ කිව්වේ ඉස්සරට වඩා? අනිත් එක ගැහැණු පිරිමි දෙගොල්ලොම වැඩ කරන තැන වලදී, පිරිමි එක්කම කරට කර වැඩ කරන්න පුළුවන් ඉන්ජිනේරුවරියෝ මට හම්බෙලා තියෙනව. ආ තවත් එකක්… ඇත්තටම ඉතින් පරිගණක ක්ෂේත්‍රයට වඩා උපයන්ට පුළුවනි කළමනාකරණය වගේ ක්ෂේත්‍ර වල…
        ඉංජිනේරු ක්ෂේත්‍ර කාන්තාවන්ට නුසුදුයි කියලත් කියවනවානේ. ඒ කිව්වේ රැයක් දවාලක් නැතිව පවුලේ වැඩ නොතකා මහන්සි වෙන්ට වන නිසා. මටත් ඉස්කෝලේ ගණිතය කරනවා කිවම මිස්ලා කියල තියෙනවා ‘අනේ අමා ඉතින් ඔයා ඔය අව්වේ කර වේවි පාලම් පාරවල් හද හද ඉන්දෙද්දී මහත්තය කැමති වේවිද’ කියල.
        ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ගේ මොලේ වෙනස් වෙන්න එයාල ගේ පොඩි කාලේ අත්දැකීමුත් බලපානවද?
        චුටි ගැනු ළමයෙක්ට දෙන්නෙම බෝනික්කෝ. චුටි පිරිමි ළමයෙක්ට දෙන්නෙම කාර්. නැත්තම් ලෙගෝ.
        අහන්නත් දෙයක්ද දෙන්න වෙනස් වෙන එක?!

        මැණික්,
        හී අපිත් ගණන් කාරියෝ තමයි 😀 දාන්නකෝ පහක් !

        • arunishapiro said, on නොවැම්බර් 18, 2011 at 6:55 පෙ.ව.

          අමා,

          ඉහළ අධ්‍යාපනය ගැන ලියැවිච්ච මම කියවපු හොඳම පොත මේකයි, ILLIBERAL EDUCATION: The Politics of Race and Sex on Campus (1991) by Dinesh D’Souza මේ පොතේ Chapter 2 More Equal than others අද ඇමෙරිකාවේ ඒ පොත් විස්තර කරන තත්වය තවමත් වෙනසක් නැතිව ඒ විදියට ම සිද්ධ වෙන්නක්.

          දත්ත විමසා බලද්දී ඔව් ගැහැණු මොළ කැම්පස් අධ්‍යාපනයට වැඩි වේ ගන එන බව පේනවා. ඒ ඇයි කියන එක තනිකරම ඔවුන්ගේ හැකියාව නිසා පමණක් යැයි පෙන්වන්න බැහැ කියන එකයි මා කියන්නේ. මෙන්න ඇමෙරිකාවේ දත්ත. සමහර විෂයයන් හදාරන්න කැම්පස් යනවාට වඩා කෙළින් ම ක්ෂේත්‍රයේ රැකියා වලින් උපයන්න පටන් ගන්න පිරිමි අය වැඩියි.

          පරිගණකය ගැන කැම්පස් නොගිහින් ඉගෙන ගත්ත අය තමයි ඇමෙරිකාවේ වැඩියෙන් ම උපයන්න සමත් වුනේ, බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, මාර්ක් සුකර්බර්ග්!!!

          කළමනාකරණයේ ඉහළ පුටු හොබවන්නේ තවමත් ඉන්දිරා නූයි සහ මෙග් විට්මන් වැනි ගැහැණු මොළ අතලොස්සක්. නොහැකියාව නිසා නෙමෙයි, ඊට ජීවිතය කැප කරන්න ගැහැණිය තුල තියන nurture උවමනාව නිසා ඉඩක් නොලැබීම. පිරිමි මොළ හා තරඟයේ යෙදෙන්න ගැහැණු මොළ වලට බැහැයි හෝ සුදුසු නැතැයි හෝ කියනවා නෙමෙයි. එහෙම හැකියාව තියන අය ඉන්නවා. ඒ අය සමහර පිරිමින්ටත් වඩා දක්ෂයෝ, මාරි කියුරි වගේ!!! ඒ අය අල්පයක් වීම සමාජ හැදියාව විතරක් ම නෙමෙයි යන්න ඔප්පු කරන්නේ මොළයේ තතු වලින්. මොළය හැදිලා තියනේනෙ දෙවිදියකට වීම නිසා.

          //ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ගේ මොලේ වෙනස් වෙන්න එයාල ගේ පොඩි කාලේ අත්දැකීමුත් බලපානවද? චුටි ගැනු ළමයෙක්ට දෙන්නෙම බෝනික්කෝ. චුටි පිරිමි ළමයෙක්ට දෙන්නෙම කාර්. නැත්තම් ලෙගෝ. අහන්නත් දෙයක්ද දෙන්න වෙනස් වෙන එක?!// දරුවන්ට දෙන සෙල්ලම් බඩු වෙනස් කළාට ඒ කියන්නේ පොඩි කාලේ අත්දැකීම් වෙනස් කළාට ගැහැණු මොළයක ඇති nurture නොහොත් interpersonal function උවමනාවත්, පිරිමි මොළයක ඇති doer නොහොත් instrumental function උවමනාවත් වෙනස් කරන්න බැහැ. ගැහැණු මොළයත් පිරිමි මොළයත් hard-wired differently.

          වෙනස් කරන්න පුළුවන් දේවල් තියනවා, ඒ වගේ ම වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන්න බැහැයි කියාත් පිළිගන්නත් ඕනා.

  6. chandi said, on නොවැම්බර් 16, 2011 at 11:41 ප.ව.

    සමරිසි මොළ ගැන දැනගන්න බලා ගෙන ඉන්නවා. සති අන්තයේ මම ඈතක යනවා. ආවහම ලියන්නම්. ඉංජිනේරු අංශයේ දක්ෂ කාන්තාවන් අද බොහොමයක් ඉන්නවා. පිරිමි එයාලව ඉස්මතු කරන්න කැමති නෑ. හැම වෙලාවෙම පහතට හෙළන්නමයි බලන්නෙ. මේ ගැන මම පුද්ගලිකව දන්නවා. මගෙ අක්කා කෙනෙක් ඉතාම දක්ෂ ඉංජිනේරු වරියක්. ඇය බොහෝ කාලයක් පීඩා වින්ඳා මේ පුරුෂාධිපත්‍ය නිසාවෙන්. ඇයට මේ සියල්ල කලේ ඇය ඔවුන් අභිබවා යාවි කියන බයටයි කියල කියන්න පුලුවනි. ඇයගේ මනස ශක්තිමත් වූවානම් ඇය පහුබහින එකක් නෑ අරුණි. ඒ දේ උනේ නෑ එයා මනසින් දුර්වල උන නිසා. පිරිමි මොළය හා ගැහැණු මොළය හරිම වෙනස් විදිහට ක්‍රියා කරන බව දැන් දන්නවා නංගි. ස්තූතියි සටහනට.

  7. mahesh said, on නොවැම්බර් 17, 2011 at 12:44 ප.ව.

    hemadama mail eka open karanne arunigen mail ekak ati kiyala dan oyage mail kiyawanna addict wela me me dawas wala liyana artical godak hondai digatama liyanna suba pathum .

    • arunishapiro said, on නොවැම්බර් 18, 2011 at 6:56 පෙ.ව.

      mahesh,

      සුබ පැතුම් වලට ස්තූතියි. කියවන්න එනවාටත් ස්තූතියි.

      කිසිම දෙයකට ඇබ්බැහියක් හොඳ නෑ මහේෂ්. ඒ නිසා දවසක් දෙකක් ඊ මේලය අරින්නෙ නැතිව නොකියවා ඉන්න හිත හසුරුවා ගන්නත් බලන්න !!!

  8. manul lakpura said, on අගෝස්තු 2, 2015 at 7:42 පෙ.ව.

    අරුණි,
    සොබා දහමේ ඒකරූපීතාව මත තමයි ඔයා ඔය මොළය ගැන​
    ඉදිරිපත් කරපු හැම සාධකයක්ම පවතින්නෙ. සොබා දහමේ
    ඒකරූපීතාව වෙනස්වෙන්න පටන් ගත්තොත් ඔය ලක්‍ෂණත්
    වෙනස් වෙනවා.ඔය ලක්‍ෂණ ස්ථිර ඒවා නෙමෙයි.

    • arunishapiro said, on අගෝස්තු 2, 2015 at 9:54 පෙ.ව.

      manul lakpura,

      “ඒකරෑපීතාව” හි අර්ථය කුමක් ද? සොබා දහමේ ඒකරෑපීතාව කුමක් ද? එය “වෙනස් වෙන්න පටන් ගත්තොත්” කියන්නේ තාම වෙනස් වෙලා නැහැයි කියන එකද? ඉතින් වෙනස් වෙයි ද? ඒක වෙන්නේ කොහොම ද?

      තවම සිද්ධ වී නැති යමක් සිද්ධ වුවහොත්, “ඔය ලක්ෂණත් වෙනස් වෙනවා” යැයි කීමෙන් අනතුරැව //ඔය ලක්ෂණ ස්ථිර ඒවා නෙමෙයි// යන නිගමනයට එළඹෙන්න ලැබෙන්නේ කුමන තර්කයෙන් ද?

      උත්තර අවශ්‍ය නැහැ. තමන් තනියම හිතා බලන්න.

      • manul lakpura said, on අගෝස්තු 4, 2015 at 12:48 පෙ.ව.

        අරුණි,
        ඔයා කලින් මගෙන් ප්‍රශ්නයක් ඇහැව්ව “ඒකරූපීතාව​” කියන්නෙ මොකක්ද කියල​.මෙන්න ඒකට පිළිතුර​. “ලොව වරක්
        සිදු වූ දෙය සෑහෙන සමාන අවස්ථාවන් හි නැවත නැවතත් සිදුවීම​” තමයි සොබාදහමේ ඒකරූපීතාව කියන්නෙ.උදාහරණයක් ලෙස කාක්කන් සියල්ල කළු පාට වීම​,සියළු ග්‍රහ වස්තූන් ඉලිප්සාකාරව ගමන් කිරීම වගේ දේවල් ගන්න පුළුවන්. සියළු කාක්කන් කළු පාට වුනත් සුදු කපුටන්
        සිටිය නොහැකිද​? ඔයා මිනිස් මොළය ගැන පළ කරපු ලිපියත්
        ඒ වගේ තමයි.මං කියන්නෙ නෑ ඔය ලිපියෙ අඩංගු වෙලා තියෙන කරුණු අසත්‍ය ඒව කියල​.මං කියන්න හදන්නෙ ඔය​
        ලිපියෙ අඩංගු සෑම ලක්‍ෂණයක් ම සොබාදහමේ ඒකාකාරී බවෙහි වෙනස්වීමක් ඇති වුනොත් වෙනස් වෙන්න පුළුවන් කියල.ඔයා නොදන්නව උනත් ඔයා ඔය ලිපිය නිර්මාණය​ කරන්න යොදාගෙන තියෙන්නෙ “උද්ගාමී පරීක්‍ෂණ ක්‍රමය​”.
        නමුත් උද්ගාමී ක්‍රමයකින් වරක් සත්‍ය නම් සෑමදා සත්‍යයි කියල​ නිගමනය කරන්න බැහැ.ඒවගේම එලෙස විග්‍රහ කිරීම
        විද්‍යාත්මක ඥානයේ නිවැරදි ලක්‍ෂණයක් නෙමේ.විද්‍යාව කියන්නෙත් ස්ථිර නොවන දෙයක්.විද්‍යාව පදනම් වෙන්නෙත්
        අසත්‍යකිරීම් රාශියක් මත​.විද්‍යාව තුළ තියෙන ඕනෑම දෙයක් අද සත්‍ය වුනත් හෙට අසත්‍ය වෙන්න පුළුවන්. අසත්‍ය කිරීම් මත තමයි නව දැනුම බිහි වෙන්නෙ.

  9. manul lakpura said, on අගෝස්තු 4, 2015 at 4:18 පෙ.ව.

    ඔයා “ගැහැනු මොළය හා පිරිමි මොළය​” කියන මාතෘකාව යටතේ
    2011 නොවැම්බර් 16 වෙනිදා පළ කරපු ලිපිය තුළ අන්තර්ගත​
    වෙලා තියෙන්නෙ මොළය පිළිබඳ දැනට (වර්තමාන වශයෙන්)
    අනාවරණය කරගත් තොරතුරු විතරයි.නමුත් මං කලින් කිව්ව​
    වගේ විද්‍යාව කියන්නෙ කාලානුරූපීව වෙනස් වෙන සුළු දෙයක්.
    වර්තමානයේදී සත්‍යයක් කියල පිළිගන්න දේ අනාගතයේදී.
    අසත්‍ය වෙන්න පුළුවන්. ඒකයි විද්‍යාවේ ස්වභාවය​.අනාගතය​
    සෑම විටකම අතීතය තුළින් ම තීරණය වෙන්නෙ නෑ.ඔයා මිනිස්
    මොළය ගැන කියපු කරුණු ටිකත් එහෙම තමයි.ඔය කරුණුත්
    කාලානුරූපීව වෙනස් වෙනවා.ඔයා කිව්ව විදියට මං නෙමෙයි
    මේ ගැන තනියම හිතල බලන්න ඕනෙ ඔයා.මේ සම්බන්ධ​
    ගැටළු තියෙනව නම් මේ number එකට call කරන්න​.
    071-4301480

    • arunishapiro said, on අගෝස්තු 9, 2015 at 8:15 පෙ.ව.

      උඩ දැම්මම බිම වැටෙන සත්‍යය “කාලානුරෑපීව” වෙනස් වුනාම ඒ ගැන කතා කරමු!!!

      ඇමෙරිකන් ජනාධිපතිවරණයේ මුල් වටයේ තරඟ කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ දුන්නා කාගේ දෝ ප්‍රතිවාදියෙක්ගෙ දුරකතන අංකයක්. එයාට ඇමතුම් එන්න පටන් ගනිද්දි එයා දුරකතනය විසන්ධි කරල දැම්ම. ට්‍රම්ප්ගේ වැඩේ දැකපු ප්‍රසිද්ධිය හොයන මාධ්‍යවේදීන් කණ්ඩායමක් ප්‍රසිද්ධ කළා ට්‍රම්ප්ගේ දුරකතන අංකයත්. ට්‍රම්ප් බිස්නස්කාරයෙක් යැයි ඒ අයට අමතක වුනා. ට්‍රම්ප් කළේ වහාම දුරකතන ඇමතුම් වලට ඇහෙන්න ප්‍රචාරණ දැන්වීමක් ඇතුල් කිරීමයි.

      ඉතින් දැන් වරද්ද ගන්න එපා මම ඩොනල්ඩ් ට්‍රම්ප් අගය කරන කෙනෙක් කියල!!!!

      මේක ලිව්වේ මෙයා දාපු නම්බර් එක දැන්වීමක් වෙන්නත් පුළුවන් නිසයි!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: