අරුණි ශපීරෝ‍ වෙතින්

ඊ ළඟ පංතියට සූදානම් දැයි බලන්න මේ විභාගය ගන්නවා ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 18, 2011

පහත වාක්‍ය අතරින් නිවැරදි යැයි තමන්ට හිතෙන වාක්‍ය තෝරා ගන්න. දෙකෙන් එකක් තෝරා ගන්න වෙනවා. ඒ කියන්නෙ තෝරා ගැනීමක් නොකර මඟ හරින්න බැහැ. ඊ ළඟ පංති වලින් පස්සෙ දවසක අපි ආපහු මේ විභාගයට ඇවිත් බලමු.

1.
() පුද්ගලයන්ගේ ජීවිතයේ දුකින් ඇති බොහොම දේවල් තිබීමේ යම් කොටසකට වගකිව යුත්තේ අවාසනාව යි.
() පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් අතින් සිදු වූ වැරදීම් වල ප්‍රතිඵලයකි.

2.
() යුද්ධයන් තිබීමට හේතු අතරින් ප්‍රධාන වූ එක් හේතුවක් නම් ජනතාව අවශ්‍ය තරමට දේශපාලනය ගැන උනන්දුවක් නොගැනීම යි.
() යුද්ධ හැමදාම තියේවි, ජනතාව ඒවා වළක්වන්න කොච්චර උත්සාහයක් ගත්තත් වැඩක් නැහැ.

3.
() කාලයාගේ ඇවෑමෙන්, මේ ලෝකයේ දී නිසි ගෞරවය සුදුස්සාට එය ලැබෙනවා.
() අභාග්‍යයක් වන්නේ, කොච්චර උත්සාහයක් තමන් ගත්තත් ඒකීය පුද්ගලයෙකුගේ වටිනාකම නොසලකා හැරෙයි.

4.
() ගුරුවරුන් සිසුවන්ට අසාධාරණ ලෙසින් සලකනවා යන අදහස පිස්සු කතාවකි.
() තමන්ගේ ලකුණු කොතරම් තරමකට අහඹු සිදුවීම් නිසා තීරණය වෙනවා දැයි බොහෝ සිසු සිසුවියන් නොදනිති.

5.
() වාසිදායක ඉඩ ප්‍රස්ථාවන් ලැබුනේ නැති අයෙකුට සාර්ථක නායකයෙක් වන්නට නොහැකි ය.
() හැකියාව ඇති පුද්ගලයන් අතරින් නායකයන් නොවූ අය ඔවුන්ට ලැබි අවස්ථාවන් වලින් ප්‍රයෝජන නොගත් අය ය.

6.
() කොච්චර උත්සාහ කරත් සමහර අය ඔබට කැමති නැත.
() අනිත් අයව තමන්ට කැමති කරවා ගන්නට බැරි අය අනුන් හා ආශ්‍රය නොදන්නා අය ය.

7.
() වෙන්න තියන දේ වෙනවාමයි බව මා වැඩියෙන් අත්දැකි දෙයකි.
() දෛවයට බාර දී බලා සිටීමෙන් මට ලැබිච්ච වාසියට වඩා නිශ්චිත වූ ක්‍රියාවක් කරන්නට තීරණයක් ගැනීමෙන් වාසි වැඩි වී ඇත.

8.
() මනාව සූදානම් වූ සිසුවා ඉදිරියේ අසාධාරණ විභාගයක් ඇත්තේ ඉතා කලාතුරකිනි, එහෙම තියෙන්නත් බැරි ය.
() බොහෝ අවස්ථා වල දී විභාගයේ ප්‍රශ්න විෂය මාලාවට අදාල නැති වීම නිසා පාඩම් කිරීම නිශ්ඵල ය.

9.
() සාර්ථකත්වය කරා යෑම මහත් වෙහෙසකින් උත්සාහ ගත යුත්තකි; අයෙකුගේ වාසනාව අවාසනාව එහි යාන්තමට තියෙන්නට පුළුවන්. නැත්නම් කිසිත් කොටසක් නොවේ.
() හොඳ රස්සාවක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ හරි වේලාවට හරි තැන ඉන්න ලැබුනොත් ය.

10.
() සාමාන්‍ය පුද්ගලයෙකුට ආණ්ඩුවක් විසින් ගන්නා තීරණ ගැන බලපෑමක් කළ හැකිය.
() මේ ලෝකයේ පාලනය සිද්ධ වෙන්නේ බලයේ ඉන්නා ටික දෙනෙකු අතිනි. පුංචි මිනිහාට ඒ ගැන කරන්නට කිසිත් නැත.

11.
() මම සැලැස්මක් හැදුවොත් මට ඒක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් යැයි මට විශ්වාසයක් ඇත.
() වැඩි ඉස්සරහක තියන දේවල් වලට සැලසුම් ගැසීම අඥාන ය, මොකද ගොඩක් දේවල් කොහොම ද ඉෂ්ට වෙන්නෙ කියන එක වාසනාව අනුවයි සිද්ධ වෙන්නෙ.

12.
() මගේ කටයුතු ගත්තම, මට අවශ්‍ය දේ ලබා ගැනීම වාසනාව තියනවා ද නැද්ද කියන එකෙන් කිසිම බලපෑමක් නැහැ.
() අපි කරන්නේ කුමක් ද කියා තෝරා ගන්නට ඇති බොහෝ විට කාසියේ වාසිය බලා තෝරා ගැනීමෙන් ද ලැබෙන්නේ එකම ප්‍රතිඵලයයි.

13.
() මට සිද්ධ වෙන්නේ කුමක් දැයි යන්න මගේ උත්සාහය අනුව වෙන්නකි.
() සමහර අවස්ථා වල දී මට දැනෙන්නේ මගේ ජීවිතය යන මාර්ගය හසුරුවා ගන්නට මට කිසිත් හැකියාවක් නැති ලෙසයි.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on නොවැම්බර් 18, 2011 at 7:22 පෙ.ව.

    1. තනි පුද්ගලයෙකු ගැන සිතීම පලක් නැත. සියල්ල සිදුවන්නේ සමාජයේ ගත්කත්වය අනුවය.

    2. අද ලෝකයේ යුද්ධ ඇවිලෙන්නේ ආවුධ තනන්නන් ගේ උවමානව මතය.

    3. එකෙකුගේ ත්‍රස්තවාදියා තවෙකෙකුගේ ජාතික වීරයෙක් වෙද්දී සියල්ල සාපේක්‍ෂ බව මිසක වෙන යමක් කිව නොහැක.

    4. හොඳ සහ නරක දෙපිරිසක් සිටින ලෝකයක ගුරුවරුන් වශයෙන් සාධාරණීකරණය කළ නොහැක.

    5. ලංකාවේ නම් නායකයෝ නැත. ඉන්නේ ලොක්කෝ පමණකි.

    6. එකම සංඛ්‍යාතයේ ක්‍රියාත්මක නොවන අය අතර දැඩි සබඳතා ඇති නොවේ.

    7. මෙය හයිපොතිටිකල් දෙයකි. කැච් 22 අවස්ථාවකි. වෙන්න තිබුණු දේ නොවුණා යැයි සාධනය කරන්නේ කෙළෙසද?

    8. ක්‍රෑමන්ට ක්ලාස් නැත සහ හැන්ඩියන්ට බඩු නැත යන මත දෙකම බොරුය!

    9. සියල්ල තීරණය වන්නේ සම්පත් බෙදීයාමේ මූලික තත්වය මතය.

    10. කීප දෙනෙක් එකතු වූ විට වැඩි බලපෑමක් කළ හැක.

    11. සැලසුමක් යනු ස්ථිරසාර දෙයක් නොවේ. එය ලැබෙන ප්‍රතිපෝඃණ මත නිරතුරු වෙනස් කල යුතුය. එන එන විදියට ගහ උලුවස්සා!

    12. කාසියක් උඩ දැමීමෙන් එක්වර තීරණයක් ගැනීමට නම් අප සිටිය යුත්තේ බයිනරි ලොවකය. නමුත් අප මුහුණ දෙන බොහෝ කරුණු වලට බහුවිධ වූ අවසානයන් ඇත.

    13. මේකට උත්තරේ හාමිනේ ගෙන් අහලා හෙට කියන්නම්.

    14. මේ ප්‍රශ්ණමාලාවේ අරුණී ගේ සිංහල නම් කමකට නැත. සුදු අප්පුහාමිද ලිව්වේ?

  2. තනි අලියා said, on නොවැම්බර් 18, 2011 at 8:48 පෙ.ව.

    දී අැති ප්‍රශ්ණ හා ප්‍රතිචාර බරපතල ලෙස අන්තවාදීය, මටනම් මෙහි පිලිතුරු දිය හැක්කේ ප්‍රශ්ණ 7, 9, 12 ට පමණි!

  3. අමා said, on නොවැම්බර් 18, 2011 at 9:25 පෙ.ව.

    ඉස්සෙලම කියන්නකෝ අක්කේ මේ පේපර් එක මාක් කරන්නේ කව්ද කින්ද මන්ද කියලා. උත්තර දෙන හැටි හිතන්නේ වෙන්නේ ඊට පස්සේ තමා 😛

  4. NotAFool said, on නොවැම්බර් 18, 2011 at 11:30 පෙ.ව.

    1.() පුද්ගලයන්ගේ ජීවිතයේ දුකින් ඇති බොහොම දේවල් තිබීමේ යම් කොටසකට වගකිව යුත්තේ අවාසනාව යි.
    2.() යුද්ධ හැමදාම තියේවි, ජනතාව ඒවා වළක්වන්න කොච්චර උත්සාහයක් ගත්තත් වැඩක් නැහැ.
    3.()() කාලයාගේ ඇවෑමෙන්, මේ ලෝකයේ දී නිසි ගෞරවය සුදුස්සාට එය ලැබෙනවා.
    4.() තමන්ගේ ලකුණු කොතරම් තරමකට අහඹු සිදුවීම් නිසා තීරණය වෙනවා දැයි බොහෝ සිසු සිසුවියන් නොදනිති(palaweni eka thoranna akamathi nisa meka thoranawa)
    5.() හැකියාව ඇති පුද්ගලයන් අතරින් නායකයන් නොවූ අය ඔවුන්ට ලැබි අවස්ථාවන් වලින් ප්‍රයෝජන නොගත් අය ය.
    6.() අනිත් අයව තමන්ට කැමති කරවා ගන්නට බැරි අය අනුන් හා ආශ්‍රය නොදන්නා අය ය.
    7() වෙන්න තියන දේ වෙනවාමයි බව මා වැඩියෙන් අත්දැකි දෙයකි.
    8() මනාව සූදානම් වූ සිසුවා ඉදිරියේ අසාධාරණ විභාගයක් ඇත්තේ ඉතා කලාතුරකිනි, එහෙම තියෙන්නත් බැරි ය.(anika thoranna bahane)
    9() සාර්ථකත්වය කරා යෑම මහත් වෙහෙසකින් උත්සාහ ගත යුත්තකි; අයෙකුගේ වාසනාව අවාසනාව එහි යාන්තමට තියෙන්නට පුළුවන්. නැත්නම් කිසිත් කොටසක් නොවේ.
    10() මේ ලෝකයේ පාලනය සිද්ධ වෙන්නේ බලයේ ඉන්නා ටික දෙනෙකු අතිනි. පුංචි මිනිහාට ඒ ගැන කරන්නට කිසිත් නැත.
    11() මම සැලැස්මක් හැදුවොත් මට ඒක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් යැයි මම විශ්වාසයක් ඇත.
    12() මගේ කටයුතු ගත්තම, මට අවශ්‍ය දේ ලබා ගැනීම වාසනාව තියනවා ද නැද්ද කියන එකෙන් කිසිම බලපෑමක් නැහැ..(anika thoranna bahane)
    13() මට සිද්ධ වෙන්නේ කුමක් දැයි යන්න මගේ උත්සාහය අනුව වෙන්නකි.(anika thoranna bahane)

    parana tharaha amathaka karala teacher kiyannako mata lakunu keeyada kiyala ithin..

  5. අමිල said, on නොවැම්බර් 18, 2011 at 12:26 ප.ව.

    1.(*) පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් අතින් සිදු වූ වැරදීම් වල ප්‍රතිඵලයකි.

    2.(*) යුද්ධයන් තිබීමට හේතු අතරින් ප්‍රධාන වූ එක් හේතුවක් නම් ජනතාව අවශ්‍ය තරමට දේශපාලනය ගැන උනන්දුවක් නොගැනීම යි.

    3.(*) කාලයාගේ ඇවෑමෙන්, මේ ලෝකයේ දී නිසි ගෞරවය සුදුස්සාට එය ලැබෙනවා.
    -වැඩකරන තරමට තමයි.

    4.(*) තමන්ගේ ලකුණු කොතරම් තරමකට අහඹු සිදුවීම් නිසා තීරණය වෙනවා දැයි බොහෝ සිසු සිසුවියන් නොදනිති.
    -එත් ඒ අහඹූ සිදුවීම් වලදී හරි දේ තෝරාගන්න තරම් තමන් දැනුවත්ව සිටිය යුතුය.

    5.(*) හැකියාව ඇති පුද්ගලයන් අතරින් නායකයන් නොවූ අය ඔවුන්ට ලැබි අවස්ථාවන් වලින් ප්‍රයෝජන නොගත් අය ය.

    6.(*) අනිත් අයව තමන්ට කැමති කරවා ගන්නට බැරි අය අනුන් හා ආශ්‍රය නොදන්නා අය ය.
    -මේකට මොකද කරන්නේ ?

    7.(*) දෛවයට බාර දී බලා සිටීමෙන් මට ලැබිච්ච වාසියට වඩා නිශ්චිත වූ ක්‍රියාවක් කරන්නට තීරණයක් ගැනීමෙන් වාසි වැඩි වී ඇත.

    8.(*) මනාව සූදානම් වූ සිසුවා ඉදිරියේ අසාධාරණ විභාගයක් ඇත්තේ ඉතා කලාතුරකිනි, එහෙම තියෙන්නත් බැරි ය.

    9.(*) සාර්ථකත්වය කරා යෑම මහත් වෙහෙසකින් උත්සාහ ගත යුත්තකි; අයෙකුගේ වාසනාව අවාසනාව එහි යාන්තමට තියෙන්නට පුළුවන්. නැත්නම් කිසිත් කොටසක් නොවේ.

    10.(*) සාමාන්‍ය පුද්ගලයෙකුට ආණ්ඩුවක් විසින් ගන්නා තීරණ ගැන බලපෑමක් කළ හැකිය.

    11.(*) මම සැලැස්මක් හැදුවොත් මට ඒක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් යැයි මම විශ්වාසයක් ඇත.

    12.(*) මගේ කටයුතු ගත්තම, මට අවශ්‍ය දේ ලබා ගැනීම වාසනාව තියනවා ද නැද්ද කියන එකෙන් කිසිම බලපෑමක් නැහැ.

    13.(*) සමහර අවස්ථා වල දී මට දැනෙන්නේ මගේ ජීවිතය යන මාර්ගය හසුරුවා ගන්නට මට කිසිත් හැකියාවක් නැති ලෙසයි.

  6. Beetle said, on නොවැම්බර් 18, 2011 at 2:47 ප.ව.

    1. b
    2. a
    3. a
    4. a
    5. b
    6. b
    7. b
    8. a
    9. a
    10.a
    11.a
    12.a

    පිළිතුරු සීමිත නිසා ගොඩක් වෙලාවට තේරුවේ වඩාත් ආසන්න පිළිතුරයි

  7. සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 18, 2011 at 5:54 ප.ව.

    1. 2
    2. 1
    3. 1
    4. 2 – උත්තර පත්තර උඩ දාල වැටෙන පිලිවෙලට ඒ බී සී සාමර්ථ දෙන කතාව අතිශෝක්තියක් වුනත්…. ලොකු තේරුමක් ඇති කතාවකි. 😀
    5. 2
    6. 2
    7. 2
    8. 1 – ඉතා කලාතුරකිනි කියන එකයි එහෙම තියෙන්න බැරිය කියන එකයි එකට දාපු එකනම් වැරදියි ඕං.. මම එකඟ වෙන්නෙ ඉතා කලාතුරකිනි කියන තැනට එනකං විතරයි..
    9. 1
    10.1 – ලංකාවෙනම් නෙමෙයි ඕං ඉන්තේරුවෙන්ම… ලෝකෙ ගැන හිතලයි එකඟ වුනේ… ( සහ අනෙක් පිලතුරට එකඟ නොවන නිසා )
    11. 1
    12. 1
    13. 1

  8. Chanaka Aruna Munasinghe said, on නොවැම්බර් 19, 2011 at 2:10 පෙ.ව.

    1 . පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් අතින් සිදු වූ වැරදීම් වල ප්‍රතිඵලයකි.
    2. යුද්ධ හැමදාම තියේවි, ජනතාව ඒවා වළක්වන්න කොච්චර උත්සාහයක් ගත්තත් වැඩක් නැහැ.
    3. කාලයාගේ ඇවෑමෙන්, මේ ලෝකයේ දී නිසි ගෞරවය සුදුස්සාට එය ලැබෙනවා.
    4. තමන්ගේ ලකුණු කොතරම් තරමකට අහඹු සිදුවීම් නිසා තීරණය වෙනවා දැයි බොහෝ සිසු සිසුවියන් නොදනිති.
    5. වාසිදායක ඉඩ ප්‍රස්ථාවන් ලැබුනේ නැති අයෙකුට සාර්ථක නායකයෙක් වන්නට නොහැකි ය.
    6. අනිත් අයව තමන්ට කැමති කරවා ගන්නට බැරි අය අනුන් හා ආශ්‍රය නොදන්නා අය ය.
    7. දෛවයට බාර දී බලා සිටීමෙන් මට ලැබිච්ච වාසියට වඩා නිශ්චිත වූ ක්‍රියාවක් කරන්නට තීරණයක් ගැනීමෙන් වාසි වැඩි වී ඇත.
    8. මනාව සූදානම් වූ සිසුවා ඉදිරියේ අසාධාරණ විභාගයක් ඇත්තේ ඉතා කලාතුරකිනි, එහෙම තියෙන්නත් බැරි ය.
    9. සාර්ථකත්වය කරා යෑම මහත් වෙහෙසකින් උත්සාහ ගත යුත්තකි; අයෙකුගේ වාසනාව අවාසනාව එහි යාන්තමට තියෙන්නට පුළුවන්. නැත්නම් කිසිත් කොටසක් නොවේ.
    10. මේ ලෝකයේ පාලනය සිද්ධ වෙන්නේ බලයේ ඉන්නා ටික දෙනෙකු අතිනි. පුංචි මිනිහාට ඒ ගැන කරන්නට කිසිත් නැත.
    11. මම සැලැස්මක් හැදුවොත් මට ඒක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් යැයි මම විශ්වාසයක් ඇත.
    12. මගේ කටයුතු ගත්තම, මට අවශ්‍ය දේ ලබා ගැනීම වාසනාව තියනවා ද නැද්ද කියන එකෙන් කිසිම බලපෑමක් නැහැ.
    13. මට සිද්ධ වෙන්නේ කුමක් දැයි යන්න මගේ උත්සාහය අනුව වෙන්නකි.

  9. arunishapiro said, on නොවැම්බර් 19, 2011 at 8:37 පෙ.ව.

    සියල්ලන්ට ම:

    මුලින් ම සටහන් කියවන්න එන සියල්ලන්ට ම ස්තූතියි. මේ සටහන් වල දාන මේ වගේ අභ්‍යාස කරනා අයටත් ස්තූතියි. එහෙම කරලා තමන්ගේ ප්‍රතිඵල දාන අයටත් ස්තූතියි.

    යමක් විවේචනය කිරීමේ දී වැරැද්දක් පෙන්වා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. උදාහරණයක්: “අරුණිගේ සිංහල නම් කමකට නැත. සුදු අප්පුහාමි ද ලිව්වේ?” යැයි ප්‍රතිචාරයක් දැමීම නිශ්ඵල ය. ඉහත දවසක සුජීව පෙන්වා දුන්නා වගේ “පුද්ගලයෝ” වෙනුවට “පුද්ගලයන්” යැයි ලිවීමේ වඩා නිවරදතාවය වැනි “වැරැද්ද කුමක් දැයි” පෙන්වා දිය හැකි නම් මටත්, කියවන්නට එන අනිත් අයටත් ඵලක් ඇත.

    නුහුරු අදහස් කියවා වටහා ගැනීම ද දුෂ්කර ය. එවිට එය භාෂාව හැසිරවීමේ වැරදි ලෙසින් පෙනෙන්නට පුළුවන. මොකද මේ භාෂාවෙන් මේ වගේ අදහස් කියවා නුහුරු නිසා!!!

    ඔව්, ‘තනි අලියා’ කියා ඇති පරිදි මේ අභ්‍යාසයේ ඇත්තේ අන්තවාදී වූ වාක්‍ය තමයි. ඒකම තමයි අරමුණත් වූයේ.

    අමා නංගි අසා ඇති “පේපර් එක මාක් කරන්නේ” අභ්‍යාසය ගත් ඔයා ම තමා නංගි!!! මම නෙමෙයි. දැන් නිල වශයෙන් ඉගැන්වීම අත්හැර දමා ඇති නිසා, ඒ කියන්නේ මේ සටහන් කියවන්න එන අයගෙන් සල්ලි අය කරලා මේවා කියලා දෙන්නෙ නැති නිසා, මම ලකුණු දෙන්නේ මට පමණයි. ඒ එක්කම අමා නංගි මතු කරන ප්‍රශ්නය ඉතා වැදගත්. අද නොයෙකුත් විභාග ගනිද්දී අපි වැඩියෙන් සලකා බලන්නේ ලකුණු දෙන්නා ගැන ද කියන්න!!! අපි උත්තර දෙන්නේ විභාගය පාස් කරන්න ද, (ලකුණු දෙන්නාගේ මතයට එකඟ වුනොත් පාස් වෙන නිසා) නැත්නම් විෂයය වටහා ගන්න ද? සෑහෙන හොඳ ප්‍රශ්නයක් විභාගයක දී තමන් විසින් ම කල්පනා කළ යුතු වූ. ඒ නිසා තමයි අද ඇමෙරිකන් innovators ලා බහුතරය විශ්ව විද්‍යාලය හැර දමා යන්නෙ. ඒවා ඇතුලේ නිදහස් චින්තනයට ඉඩ නැති නිසා.

    ‘NotAFool’ කියා ඇති පරිදි “පළවෙනි එක තෝරන්න අකමැති නිසා මේක තෝරනවා” තමයි සිද්ධ විය යුත්ත. නැත්නම් Beetle කියූ පරිදි “පිළිතුරු සීමිත නිසා ගොඩක් වෙලාවට තේරුවේ වඩාත් ආසන්න පිළිතුරයි” යන තෝරා ගැනීම නිවැරදියි. දෙකෙන් එකක් තෝරා ගැනීම වෙනස් කරලා තමන්ට ඕන විදියට ලියාගන්න එක ගැන නෙමෙයි මේ අභ්‍යාසය. ඒත් ‘NotAFool’ සටහන් කියවද්දී ඒවා අවබෝධ කරගන්නවා දැයි සැකයි. නැත්නම් “පරණ තරහා අමතක කරලා” යැයි ලියන්න කිසිම උවමනාවක් නැහැ. මගේ වටිනා මොළයේ (ඒකේ මට ඇති වටිනාකම කියා නිම කරන්න බැහැ!!!!!) ‘NotAFool’ ගැන තරහක් මගේ මතකයේ තැන්පත් කර ගනියි ද?!! මගේ වටිනා මොළයේ ඉඩක් දෙන්නෙ මට යහපතක් කරන වටිනා දේවල් පමණයි.

    අමිල මල්ලී, ඕන කෙනෙක්ව තමන්ට කැමති කරවා ගන්න පුළුවන්, ඒත් ඒකට තමන්ට compromise කරන්න වෙනවා. එහෙම කැමති නැත්තේ තමන් ම නොවේ ද?

    ඔව් සපතේරු උන්නැහේ මල්ලියේ, උත්තර පත්තර උඩ දාලා වැටෙන පිළිවෙලට ලකුණු දෙන කතාවල ලොකු තේරුම් තියනවා!!! සමහර ලකුණු වලින් කිසිම ඵලයක් නැහැ. ෆෙඩරල් එක්ස්ප්‍රස් නැමති ඇමෙරිකන් ප්‍රවාහන සේවය අරඹපු තැනැත්තා නව ව්‍යාපාරයක සැලැස්ම ලිව්වෙ උපාධියේ කොටසකට. ඒකට ලකුණු දීපු ආචාර්යවරයා ඒක කිසිම විදියකින් ලාභ උපයන්න බැරි ව්‍යාපාරයක් කියා ලකුණු අඩුවෙන් දුන්නෙ. ඒත් සිසුවා එයින් නැවතුනේ නැහැ. අද ඒ ව්‍යාපාර කරන හැටි උගන්වන ආචාර්යවරයාට වඩා, ඔහු කළ නොහැකි යැයි කියූ ඒ ව්‍යාපාරයෙන් ම සෑහෙන්න සල්ලි උපයන කෙනෙක්!!! අනික, 8 වාක්‍ය දෙකෙන් මුල් එකේ ‘ඉතා කලාතුරකින්’ කියන එක දාලා තියෙන්නෙත් ඒ ටික තියන නිසා එකඟ වන අය ඉන්න නිසාමයි.

    මේ අභ්‍යාසය මිනිස් ස්වභාවයක් ගැන වූවක්. වැඩි විස්තර ඊ ළඟ සටහන් වලින් කියන්නම්. Locus of Control නම් පුද්ගලයාගේ චර්යාව ගැන පුද්ගලයාට ඇති පාලනයයි. ඇතුලත කේන්ද්‍රීය වූ පාලනයක් (internal locus of control) සහ පිටත කෙන්ද්‍රීය වූ පාලනයක් (external locus of control) යන දෙකෙන් වැඩියෙන් ඇත්තේ කුමක් දැයි යන්න මත පුද්ගලයාගේ චර්යාව තීරණය වෙනවා.

    ඉතින් පහළ වාක්‍ය වල internal locus of control (ILOC) සහ external locus of control (ELOC) යැයි දමන්නේ ඒ චර්යාවන් දෙක පෙන්වා දෙන්නට. ඊ ළඟ සටහන් වලින් මේ ගැන තව විස්තර ලියන්නම්.

    1.
    (ELOC) පුද්ගලයන්ගේ ජීවිතයේ දුකින් ඇති බොහොම දේවල් තිබීමේ යම් කොටසකට වගකිව යුත්තේ අවාසනාව යි.
    (ILOC) පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් අතින් සිදු වූ වැරදීම් වල ප්‍රතිඵලයකි.

    2.
    (ILOC) යුද්ධයන් තිබීමට හේතු අතරින් ප්‍රධාන වූ එක් හේතුවක් නම් ජනතාව අවශ්‍ය තරමට දේශපාලනය ගැන උනන්දුවක් නොගැනීම යි.
    (ELOC) යුද්ධ හැමදාම තියේවි, ජනතාව ඒවා වළක්වන්න කොච්චර උත්සාහයක් ගත්තත් වැඩක් නැහැ.

    3.
    (ILOC) කාලයාගේ ඇවෑමෙන්, මේ ලෝකයේ දී නිසි ගෞරවය සුදුස්සාට එය ලැබෙනවා.
    (ELOC) අභාග්‍යයක් වන්නේ, කොච්චර උත්සාහයක් තමන් ගත්තත් ඒකීය පුද්ගලයෙකුගේ වටිනාකම නොසලකා හැරෙයි.

    4.
    (ILOC) ගුරුවරුන් සිසුවන්ට අසාධාරණ ලෙසින් සලකනවා යන අදහස පිස්සු කතාවකි.
    (ELOC) තමන්ගේ ලකුණු කොතරම් තරමකට අහඹු සිදුවීම් නිසා තීරණය වෙනවා දැයි බොහෝ සිසු සිසුවියන් නොදනිති.

    5.
    (ELOC) වාසිදායක ඉඩ ප්‍රස්ථාවන් ලැබුනේ නැති අයෙකුට සාර්ථක නායකයෙක් වන්නට නොහැකි ය.
    (ILOC) හැකියාව ඇති පුද්ගලයන් අතරින් නායකයන් නොවූ අය ඔවුන්ට ලැබි අවස්ථාවන් වලින් ප්‍රයෝජන නොගත් අය ය.

    6.
    (ELOC) කොච්චර උත්සාහ කරත් සමහර අය ඔබට කැමති නැත.
    (ILOC) අනිත් අයව තමන්ට කැමති කරවා ගන්නට බැරි අය අනුන් හා ආශ්‍රය නොදන්නා අය ය.

    7.
    (ELOC) වෙන්න තියන දේ වෙනවාමයි බව මා වැඩියෙන් අත්දැකි දෙයකි.
    (ILOC) දෛවයට බාර දී බලා සිටීමෙන් මට ලැබිච්ච වාසියට වඩා නිශ්චිත වූ ක්‍රියාවක් කරන්නට තීරණයක් ගැනීමෙන් වාසි වැඩි වී ඇත.

    8.
    (ILOC) මනාව සූදානම් වූ සිසුවා ඉදිරියේ අසාධාරණ විභාගයක් ඇත්තේ ඉතා කලාතුරකිනි, එහෙම තියෙන්නත් බැරි ය.
    (ELOC) බොහෝ අවස්ථා වල දී විභාගයේ ප්‍රශ්න විෂය මාලාවට අදාල නැති වීම නිසා පාඩම් කිරීම නිශ්ඵල ය.

    9.
    (ILOC) සාර්ථකත්වය කරා යෑම මහත් වෙහෙසකින් උත්සාහ ගත යුත්තකි; අයෙකුගේ වාසනාව අවාසනාව එහි යාන්තමට තියෙන්නට පුළුවන්. නැත්නම් කිසිත් කොටසක් නොවේ.
    (ELOC) හොඳ රස්සාවක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ හරි වේලාවට හරි තැන ඉන්න ලැබුනොත් ය.

    10.
    (ILOC) සාමාන්‍ය පුද්ගලයෙකුට ආණ්ඩුවක් විසින් ගන්නා තීරණ ගැන බලපෑමක් කළ හැකිය.
    (ELOC) මේ ලෝකයේ පාලනය සිද්ධ වෙන්නේ බලයේ ඉන්නා ටික දෙනෙකු අතිනි. පුංචි මිනිහාට ඒ ගැන කරන්නට කිසිත් නැත.

    11.
    (ILOC) මම සැලැස්මක් හැදුවොත් මට ඒක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් යැයි මට විශ්වාසයක් ඇත.
    (ELOC) වැඩි ඉස්සරහක තියන දේවල් වලට සැලසුම් ගැසීම අඥාන ය, මොකද ගොඩක් දේවල් කොහොම ද ඉෂ්ට වෙන්නෙ කියන එක වාසනාව අනුවයි සිද්ධ වෙන්නෙ.

    12.
    (ILOC) මගේ කටයුතු ගත්තම, මට අවශ්‍ය දේ ලබා ගැනීම වාසනාව තියනවා ද නැද්ද කියන එකෙන් කිසිම බලපෑමක් නැහැ.
    (ELOC) අපි කරන්නේ කුමක් ද කියා තෝරා ගන්නට ඇති බොහෝ විට කාසියේ වාසිය බලා තෝරා ගැනීමෙන් ද ලැබෙන්නේ එකම ප්‍රතිඵලයයි.

    13.
    (ILOC) මට සිද්ධ වෙන්නේ කුමක් දැයි යන්න මගේ උත්සාහය අනුව වෙන්නකි.
    (ELOC) සමහර අවස්ථා වල දී මට දැනෙන්නේ මගේ ජීවිතය යන මාර්ගය හසුරුවා ගන්නට මට කිසිත් හැකියාවක් නැති ලෙසයි.

  10. අමා said, on නොවැම්බර් 19, 2011 at 12:03 ප.ව.

    ඔව් අක්කේ 😀 … ලිපියේ අරමුණ තේරුනේ නැතිව නොවේ මම එහෙම ඇහුවේ. ඔයා කියන පරිදිම ‘පේපර්’ එකක් විභාගයක් කියූ විගස ඔළුවට එන්නේ ලකුණු ගැනීමයි. ඇත්තටම වැඩි ‘ලකුණු’ ගත් පමණින් කෙනෙක් විෂය ඉගෙන ගත්ත කියන්න බැහැ. මට තේරිලා තියෙන හැටියට විභාග වල ලකුණු ගැනීම එක්තරා කලාවක්. සමහර විෂයන්ට තමයි මට හිතෙන හැටියට. මොකද ගණිතය විද්‍යාව නම් ඉතින් absolute උත්තර ලියන ඒවනේ (බොහෝ විට! – මම එහෙම හිතන්නේ ඒවාට උත්තර ලියන ස්වභාවය ගැන අමුතුවෙන් ඉගෙන ගන්න උනේ නැති නිසාද? සමාජ අධ්‍යනයය පේපර් එකට ලකුණු ගන්න මම හිතන හැටි වෙනස් කරගන්න උනා. එක එක්කෙනාට මේක වෙනස්ද මම දන්නේ නැහැ)

    ඔන්න මගේ උත්තර

    1.() පුද්ගලයන්ගේ අභාග්‍යයන් වනාහි ඔවුන් අතින් සිදු වූ වැරදීම් වල ප්‍රතිඵලයකි.

    2.() යුද්ධයන් තිබීමට හේතු අතරින් ප්‍රධාන වූ එක් හේතුවක් නම් ජනතාව අවශ්‍ය තරමට දේශපාලනය ගැන උනන්දුවක් නොගැනීම යි.

    3.() කාලයාගේ ඇවෑමෙන්, මේ ලෝකයේ දී නිසි ගෞරවය සුදුස්සාට එය ලැබෙනවා.

    4.() ගුරුවරුන් සිසුවන්ට අසාධාරණ ලෙසින් සලකනවා යන අදහස පිස්සු කතාවකි. (සමස්තයක් වශයෙන් – මට ලැබී ඇති ගුරුවරු නිසා)

    5.() වාසිදායක ඉඩ ප්‍රස්ථාවන් ලැබුනේ නැති අයෙකුට සාර්ථක නායකයෙක් වන්නට නොහැකි ය.

    6.() අනිත් අයව තමන්ට කැමති කරවා ගන්නට බැරි අය අනුන් හා ආශ්‍රය නොදන්නා අය ය.

    7.() දෛවයට බාර දී බලා සිටීමෙන් මට ලැබිච්ච වාසියට වඩා නිශ්චිත වූ ක්‍රියාවක් කරන්නට තීරණයක් ගැනීමෙන් වාසි වැඩි වී ඇත.

    8.() මනාව සූදානම් වූ සිසුවා ඉදිරියේ අසාධාරණ විභාගයක් ඇත්තේ ඉතා කලාතුරකිනි, එහෙම තියෙන්නත් බැරි ය. (බොහෝ විට. විෂය මාලාවේ නැති ප්‍රශ්න තිබු සා පෙ විභාගයකට මම ත් ලියා ඇත)

    9.() සාර්ථකත්වය කරා යෑම මහත් වෙහෙසකින් උත්සාහ ගත යුත්තකි; අයෙකුගේ වාසනාව අවාසනාව එහි යාන්තමට තියෙන්නට පුළුවන්. නැත්නම් කිසිත් කොටසක් නොවේ.

    10.() සාමාන්‍ය පුද්ගලයෙකුට ආණ්ඩුවක් විසින් ගන්නා තීරණ ගැන බලපෑමක් කළ හැකිය. (ලංකාවේ වැනි ‘ආණ්ඩුවක’ නොවේ. ලංකාවේ ‘ආණ්ඩුවක්’ ඇත්දැයි මට ප්‍රශ්නයක් ඇත)

    11. () මම සැලැස්මක් හැදුවොත් මට ඒක සාර්ථකව ඉටු කරගන්න පුළුවන් යැයි මට විශ්වාසයක් ඇත.

    12. () මගේ කටයුතු ගත්තම, මට අවශ්‍ය දේ ලබා ගැනීම වාසනාව තියනවා ද නැද්ද කියන එකෙන් කිසිම බලපෑමක් නැහැ. (බොහෝ විට)

    13. () මට සිද්ධ වෙන්නේ කුමක් දැයි යන්න මගේ උත්සාහය අනුව වෙන්නකි. – (බොහෝ විට)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: