අරුණි ශපීරෝ‍ වෙතින්

ඇන්ඩෲ ඊස්ට් පුතාට ජයවේවා!

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 19, 2011

මේ රසවත් හපන්කම් ෆුට්බෝල් ක්‍රීඩාවේ දී හසුරවන්න ඉතා දුෂ්කර ප්‍රයෝගයන්. වැරදුනොත් නොකර හිටියට වඩා ගොඩක් පාඩු විඳින්නයි වෙන්නෙ. වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයේ ෆුට්බෝල් කණ්ඩායමේ අංක 34 ජර්සිය ඇඳන් සෙල්ලම් කරන්නේ ඥාති පුතෙක්. මම ටෙනසි ෆුට්බෝල් රසිකාවියක්, මම ඉගෙන ගත් මා ඉගැන්වූ කැම්පස් අතරින් එකක් නිසා. අද හවස තියන ටෙනසිට එරෙහිව වැන්ඩබිල්ට් ෆුට්බෝල් තරඟයෙන් මෙයාලා දිනත බව මේ හැකියාවල් දැක්කම පිළිගන්න වෙනවා. මම වඩා කැමතියි මගේ කණ්ඩායම දිනනවා නම්. අද පුතාගේ කණ්ඩායම දිනුවොත් ඒකත් සතුටක්!!!

Advertisements

31 Responses

Subscribe to comments with RSS.

  1. දුකා said, on නොවැම්බර් 19, 2011 at 9:34 පෙ.ව.

    අරුණි අක්කගේ ඥාති පුතාලගේ කන්ඩායමට ජය වේවා . . . !!

    • arunishapiro said, on නොවැම්බර් 19, 2011 at 3:29 ප.ව.

      දුකා,

      ස්තූතියි දුකා මල්ලි.

      • දුකා said, on නොවැම්බර් 21, 2011 at 7:53 පෙ.ව.

        තමන් සහයෝගේ දෙන පිල පැරදෙන්න කියලා සුභ පැතුවාම ස්තූතියි කියලා ඇහුවමයි . . හික්ස්

        • arunishapiro said, on නොවැම්බර් 21, 2011 at 11:25 පෙ.ව.

          දුකා,

          සුදුස්සා ජය ගන්නවාට කැමති මම හැමදාම සුදුස්සාටයි ජය පතන්නෙ. ඉතින් මගේ පිල පැරදුනොත් ඒ කියන්නෙ සුදුස්සෝ සිටියෙ අනිත් පිලේ. එයින් මගේ පිල අවතක්සේරු කිරීමක් කරනවා නෙමෙයි. සුදුස්සා ජය ගනීවි නිසා විරුද්ධ පිලට සුබ පතන්නාගේ පැතුම් වලට ස්තූතියි කියන්නෙ දුකා මල්ලි මගේ පිලට වගේ ම ඔවුන්ටත් සුබ පැතුම් ලැබිය යුතු යැයි පිළිගැනීම. මෙහෙ තියුණු තරඟ වලින් පස්සෙ ගහ ගැනිලි අඩු ඔය විදියට වැඩිපුර දෙනා හිතන නිසා වෙන්නත් ඇති. 😀

      • දුකා said, on නොවැම්බර් 22, 2011 at 3:45 පෙ.ව.

        ඔන්න තව හොඳ දෙයක් අක්කගෙන් මම ඉගෙන ගත්තා හොඳේ . . .

  2. kathandarakaraya said, on නොවැම්බර් 19, 2011 at 10:02 පෙ.ව.

    ඇමරිකන් ෆුට්බෝල් මහ විහිළුවක් වගෙයි මට නම් පේන්නේ.

    • arunishapiro said, on නොවැම්බර් 19, 2011 at 3:39 ප.ව.

      kathandarakaraya,

      මෙරට තරම් ම පැරණි ඉතිහාසයක් ඇති ඇමෙරිකන් ෆුට්බෝල් අපිට නම් විහිළුවක් නෙමෙයි.

      ආණ්ඩුවේ අත ගැහිල්ලකින් තොර නිසා දැනට බංකොළොත් නැති, බිලියන 9 ක ආදායම උපයන, ඒ කියන්නේ රටේ සෑහෙන ජනතාවකගේ හිතසුව සලසන කර්මාන්තයක්. 2009 දී ලංකාව සියළු ම අපනයන වලින් උපයලා තියෙන බිලියන 7 එක්ක සංසන්දනය කරලාත් බලන්න පුළුවන්.

      ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල 289 ක ෆුට්බෝල් කණ්ඩායම් තරඟයේ වදිනවා. එක කණ්ඩායමක ක්‍රීඩකයන් 125 ක් පමණ ඉන්නවා. ස්ටැන්ෆර්ඩ්, නොට්‍ර ඩේම් සහ වැන්ඩබිල්ට් වැනි විශ්ව විද්‍යාලයන් අධ්‍යයන කටයුතු අතින් ද ඉහළ ස්ථානයක වැජඹෙන කැම්පස්. එවැන්නකින් ප්‍රථම උපාධියක් ලබා ගැනීමට අවම වශයෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකක් විතර ඕනා. ෆුට්බෝල් ශිෂ්‍යත්ව නිසා මේ ක්‍රීඩකයන්ට කාටවත් ණය නොවී උපාධි ලබා ගැනීමට අවස්ථාවක් ද පෑදෙනවා. ඊට අමතරව නොමිලේ ලැබෙන අනගි ෆුට්බෝල් පුහුණුව, නොමිලේ ලැබෙන ප්‍රසිද්ධිය, පුහුණු කඳවුරු හා පුහුණු මධ්‍යස්ථාන වලට ඉඩ ලැබීම, ගත්තාම අගය තවත් වැඩියි.

      කැම්පස් අවසන් වී වෘත්තීය වශයෙන් යන ෆුට්බෝල් ක්‍රීඩකයෙකු අවම වශයෙන් වසරකට ඩොලර් 80,000 කින් රැකියාව පටන් ගන්නෙ. වෘත්තීය කණ්ඩායමකට බඳවා ගනිද්දී අත්සන් කරන්න බෝනස් වශයෙන් තම කැම්පස් කාලේ දක්ෂතාවයන් මත මිලියන ගණනක් එකවර ලබා ගැනීමත් සාමාන්‍යයක්. වෘත්තියේ ප්‍රවීනයෙක් වෙද්දී වෙළඳ දැන්වීම් වලින් ලබන ආදායම නැතිව මිලියනයක් වසරකට ආදායම ලැබීම සාමාන්‍යයක්. National Football League Players Association (NFLPA) නම් වූ කම්කරු වෘත්තීය සමිතියක් ද ඔවුන්ට තියෙනවා! සමිතියෙන් කරපු ඉල්ලීමක් මත පසුගිය ගිම්හානයේ දී ඔවුන් අවම වැටුපක්, කණ්ඩයාමකට තම ක්‍රීඩකයන් සඳහා වැඩියෙන් ම ගෙවන්න හැකි වැටුප්, යනාදිය ඉල්ලා ලබාගන්න ඔවුන් සමත් වූවා.

      ඇමෙරිකන් ෆුට්බෝල් කර්මාන්තය ආණ්ඩුවේ අනුග්‍රහයක් නැතිව දක්ෂකම් දක්වන්නාගේ කුසලතාවය හා උත්සාහය අනුව උපයන්න හැකි තරඟ පිටියක්. ඔවුන් වෘත්තීය වශයෙන් සිය දස්කම් පෙන්වා වෙහෙසී රැකියාවෙන් මිලියන ගණනින් උපයා ආදායම් බදු ගෙවද්දී සහනය ලැබෙන්නේ රටේ ජනතාවට විතරක් නෙමෙයි. නැත්නම් ඇමෙරිකාවට කොහොම ද පුළුවන් හැමදා බංකොළොත්වන හැම රටවල් වලට IMF ණය පොරොන්දු වෙන්න? ඔස්ට්‍රේලියාව චීන්නුන්ගෙන් ආරක්ෂා කරන්න හමුදාව එවන්න පොරොන්දු වෙන්න!!!!

      ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක ක්‍රීඩකයෙක් වන්න, ෆුට්බෝල් විතරක් නෙමෙයි වෙන ඕනෑම ක්‍රීඩාවකින් වුවත්, ඇමෙරිකන් පුරවැසියෙක් වෙන්න ඕනත් නැහැ. දක්ෂතාවයක් තියෙන ඕනෑම රටක අයෙකුට විශ්ව විද්‍යාලයක ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබා ගන්න හැකියාව තියනවා. ඒ අය සමඟ ඇමෙරිකන් පුරවැසියන් තරඟ කර තමයි ශිෂ්‍යත්වයන් දිනා ගන්නේ. ඇලබාමා විශ්ව විද්‍යාලයේ ෆුට්බෝල් කණ්ඩායමට සෙල්ලම් කරන Jesse Williams එන්නෙ Brisbane, Australia වලින්.

      ඇමෙරිකාව කියන්නෙ කුසලතාවය පෙන්වන දක්ෂයන්ට තැන ඇති රටක්. ඒක විහිළුවක් වගේ පෙන්නෙ ආණ්ඩුවේ කමිටු හා මණ්ඩල වලින් තමන් සියල්ල දන්නවා යැයි සිතන සැලසුම් ගහනා අය ක්‍රීඩාවටත් සුදුස්සෝ තෝරන හැදියාව හුරු අයට.

      • kathandarakaraya said, on නොවැම්බර් 22, 2011 at 8:32 පෙ.ව.

        මං කිව්වේ ගේම් එක ගැනයි. ඒ හා වටා තියෙන ආර්ථික ප්‍රෝඩාව ගැන නෙමේ.

        සීසර්, පේපර්, රොක් චැම්පියන්ෂිප් පවා තියෙන්නේ සල්ලි සංසරණය සඳහා.

        • arunishapiro said, on නොවැම්බර් 22, 2011 at 8:38 පෙ.ව.

          kathandarakaraya,

          අයෙක් තම කුසලතාවය පෙන්වා මිලියන ගණනින් මුදල් උපයා ගැනීමත්, තවත් අය කැමැත්තෙන් ඒ කුසලතාවය නරඹන්නට තමන්ගේ ම වූ මුදල් වියදම් කිරීමත් දැක්කාම, හැම දෙයක්ම ආණ්ඩුවේ අනුග්‍රහයෙන් වන සැලසුම් ක්‍රමයකින් සාධාරණත්වයක් සලසනවා කියා එහෙත් එසේ නොවන ඊනියා ප්‍රතිපත්තියක් කැමති අයට දිරවන්නෙ නැහැ නේද?

    • NotAFool said, on නොවැම්බර් 20, 2011 at 6:11 ප.ව.

      ඇඟපත තලාගන්න ගොන් ක්‍රීඩා මේවා. මේවා තියෙන්නේ මොලයක් නැති ඇඟපත තියෙන හරක්ට. නියම ක්‍රීඩාව තමයි චෙස්. මන් වගේ පොරවල්වලට හැර එසේ මෙසේ පුතකුට කරන්න බැහැ.

  3. kassa said, on නොවැම්බර් 19, 2011 at 11:35 පෙ.ව.

    american footballers wears pads more than girls do

    • arunishapiro said, on නොවැම්බර් 19, 2011 at 3:53 ප.ව.

      kassa,

      ඇමෙරිකන් ෆුට්බෝල් ක්‍රීඩකයන් අඳින්නේ ගැහැණු ළමයි අඳින ඒවා නෙමෙයි. ඔවුන් කලවා, උකුල, දණහිස ආරක්ෂා කරන වැසුම් ආවරණ ද, උරහිස් ආරක්ෂා කරන වැසුම් ද පාවිච්චි කරන්නෙ. ඊට අමතරව ඔවුන්ගේ යට කලිසම් girdle අන්දමට නිමැ වී ඇත්තේ ද මාංශ පේශී වලට ආරක්ෂාව ලබා දෙන්න.

      අනික මිලියන ගණනින් ආදායම් උපයන්න හැකියාව තියෙද්දී පුළුවන් තරම් තම අවයව ආරක්ෂා කරගන්න ඕනා නේද?

  4. Beetle said, on නොවැම්බර් 19, 2011 at 5:44 ප.ව.

    මගේ ඉස්සර කාමර සගයා NFL පිස්සෙක්… මම EPL සහ La Liga පිස්සෙක්… අපි දෙන්නා අතර ඇතිවුනු වලි වලට ගොඩක් හේතුව ෆුට්බෝල්…

    ඔන්න දවසක එළියට යන්න කතාකරද්දී ඌ කියනවා “අද බෑ ඩූඩ්… ෆුට්බෝල් මැච් එකක් තියෙනවා…” එතකොට මම කියන්නේ “ඕකට ෆුට්බෝල් කියන්න එපා… ඇත්ත ෆුට්බෝල් බලන මට අපහාසයක්… ඇමෙරිකන් ෆුට්බෝල් මැච් එකක් තියෙනවා කියපන්…”

    අනිත් දවසේ ඌ මට කතාකරද්දී මම කියන්නේ ” අද බෑ ඩූඩ්…ෆුට්බෝල් මැච් එකක් තියෙන්වා…” එතකොට උගේ පිළිතුරත් අර විදියමයි… “ඕකට ෆුට් බෝල් කියන්න එපා… සොකර් කියපන්… නැත්තම් ඇත්ත ෆුට්බෝල් බලන මට අපහාසයක්..”.

    “අනේ පළයන්… මොකද්ද ඔය සෙල්ලම… කිසිම ලස්සනක් තියෙනවද… ගෝරිල්ලෝ ටිකක් කෙහෙල් ගෙඩියකට පොරකනවා වගේ… මට නම් පට්ට බෝරින්…”

    “බෝරින්…? යකෝ උඹ බලන මලජරාවනේ බෝරින්… විනාඩි 90 ක් කට ඇරන් බලන් හිටියට පස්සේ ස්කෝර් එක 0-0… යකෝ ගේම් එක ඉවරවෙත්දිත් ස්කෝර් එක 0-0 නම් ඒක ගේම් එකක්ද…?”

    බ්ලා… බ්ලා… 🙂

    • arunishapiro said, on නොවැම්බර් 19, 2011 at 6:13 ප.ව.

      Beetle,

      මම “ඇමෙරිකන් ෆුට්බෝල්” හා “ෆුට්බෝල්” දෙකම බලන්න කැමතියි.

      ඔන්න මට අඬ ගැහැව්වොත් ක්‍රිකට් බලන්න යමු කියලා … එතකොට තමයි මම “බෝරින්” කියන්නෙ!!!

    • Ano said, on නොවැම්බර් 20, 2011 at 11:55 ප.ව.

      ““ඕකට ෆුට් බෝල් කියන්න එපා… සොකර් කියපන්… නැත්තම් ඇත්ත ෆුට්බෝල් බලන මට අපහාසයක්..”.”

      The truth is exact opposite. The real “foot-ball” is the gamer that almost elusively played using feet not the one that just kick the ball in 1-2% time of the game.

  5. indika27 said, on නොවැම්බර් 20, 2011 at 12:54 පෙ.ව.

    හා දැන්නම් ඉතින් පුතා දිනල හෝ පැරදිලා ඉවර ඇති..කොහොම උණත් මට බැරි උනත් මට අර මෝඩ ක්‍රිකට් වලට වඩා මේක හොඳයි…ඔන්න ඉස්සර අපි ක්‍රිකට් ගහනව..හතරෙ සීමාවෙ ඉන්න අපිට නින්දත් යනව වෙලාවකට…එකපාර බෝලයක් ආවම නින්දෙන් ඇහැරිලා බෝලෙ අල්ලන්න බලනකොට ඒක බිම වැටිල…
    ඒත් මං ෆුබ්බෝල් ගහන්න ගියෑම අඩුතරමෙ දවසකට ඇඟිල්ලක් උලුක්කු වෙන එක හරි වෙනව…ඇයි ඉතින් කොයි වෙලේ බෝලෙ එයිද කියලදුව දුව ඉන්න එපැයි…
    කොහොම උනත් අපේ රට ඉදිරියට යන්න ක්‍රිකට් වලට වඩා ඇක්ටිව් මේ වගේ ක්‍රීඩා පැතිරීමවැදගත් කියල මම හිතන්නෙ…
    ෆුට්බෝල් වල හිතන්න තියෙන ස්පීඩ් එකයි ප්‍රතික්‍රියා කරන්න තියෙන වෙලාවයි ක්‍රිකට් වලට වඩා බෝම වැඩියි…
    අනික් ඒ වගේ ක්‍රීඩා (රගර් රග්බි,ඇමරිකන් ෆුබ්බෝල්) ත් එහෙමයි…
    කෂණිකව හිතන්න ඇක්ටිව් වෙන්න ප්‍රැක්ටිස් එකක් එනව ඒ වගේ සෙල්ලං වලින්…
    නාමල් මහත්තයට ක්‍රීඩා සම්බන්ධයෙන් බලය සහ උන්නදුව තිබුනට ඒක යොදවන්නෙ කෝමද නිවැරදිව කියල එයාට අදහසක් නෑ..
    ලෝකෙ ඉස්තරම්ම කඩුව තිබුනත් ෆයිට් කරන්න දන්නෙ නැත්තං සොරි තමයි..නාමල් මහත්තයටත් වෙලා තියෙන්නෙ ඒක…

    • arunishapiro said, on නොවැම්බර් 20, 2011 at 9:23 පෙ.ව.

      indika27,

      පුතාගේ කණ්ඩායම නෙමෙයිනෙ දිනුවේ. මගේ කණ්ඩායම දිනුවා!!! ඔවර්ටයිම් ගිය පැය දෙකකට වඩා කාලයක් පුරා ස්ටේඩියම් එකේ නරඹන්නෝ හිටගෙන බලපු තියුණු තරඟයක්.

      ක්‍රිකට් මෝඩයි කියලා ඔන්න මම නම් කිව්වෙ නැහැ හොඳේ! අර නින්ද යන එක නම් බේස්බෝල් බලද්දීත් හැදෙනවා.

      //ෆුට්බෝල් වල හිතන්න තියෙන ස්පීඩ් එකයි ප්‍රතික්‍රියා කරන්න තියෙන වෙලාවයි ක්‍රිකට් වලට වඩා බෝම වැඩියි…// මේක ඊ ළඟ සටහනකින් ලියන්න ඉන්න කාරණයක්. සෑහෙන්න වැදගත් නිරීක්ෂණයක්, ස්තූතියි.

  6. ලොකු පුතා said, on නොවැම්බර් 20, 2011 at 4:36 ප.ව.

    මමනම් ඔය ෆුට්බෝල් වර්ග දෙකටම කැමති නැහැ.
    ගොඩක් කැමති වොලිබෝල් සහ කැරම් 🙂 රගර් වලට තරමක් කැමතියි.

    උපුටා ගන්නා ලදී:
    ———————————————————————————————————————————-
    ආණ්ඩුවේ අත ගැහිල්ලකින් තොර නිසා දැනට බංකොළොත් නැති, බිලියන 9 ක ආදායම උපයන, ඒ කියන්නේ රටේ සෑහෙන ජනතාවකගේ හිතසුව සලසන කර්මාන්තයක්.

    ඒ කියන්නෙ ආණ්ඩුව අතගැහුවානම් මේකත් බංකොලොත් වෙනවා කියන එකද
    (කොහොම වුනත් නිදහස් ආයතනයක් විදිහට එයාල කරන වැඩේ ගොඩක් වටිනවා)

    උපුටා ගන්නා ලදී:
    ———————————————————————————————————————————-
    ඇමෙරිකාවට කොහොම ද පුළුවන් හැමදා බංකොළොත්වන හැම රටවල් වලට IMF ණය පොරොන්දු වෙන්න? ඔස්ට්‍රේලියාව චීන්නුන්ගෙන් ආරක්ෂා කරන්න හමුදාව එවන්න පොරොන්දු වෙන්න!!!!

    ඇමරිකාව චීනෙන් ඩොලර් ට්‍රිලියනයකට(බිලියන 1000) වඩා වැඩි ණය(1.4Trl) ප්‍රමාණයක් අරගෙන තියෙනවා කියන පුවතක් මම මේ ලඟදි දැක්කා. සම්පුර්ණ ණය ප්‍රමාණය අද වෙද්දී ට්‍රිලියන 15 කටත් වඩා වැඩියි. (පහත වෙබ් අඩවිය අනුව)

    http://en.wikipedia.org/wiki/United_States_public_debt

    දැනට ලෝකේ වත්කම් වැඩිම රට චීනේ($2,454,300 million), දෙක ජපානේ, තුන රුසියාව, හතර සව්දිය, පහ තායිවානය, හය ඉන්දියාව, හත දකුණු කොරියාව………..
    ඇමරිකාව සහ යුරෝපේ අනිකුත් රටවල් පරදා ආසියාතික රටවල් ඉදිරියට ඒමක් සිද්ධ වෙනවා නේද. ඇමරිකාව ඉන්නේ 17 වෙනි ස්ථානයේ ($124,176 million)
    ඇමරිකාව ගොඩක් දේවල් කියන්නේ, කරන්නේ තිබුණ තත්ත්වය රැක ගන්නයි කියල මට හිතෙනවා මේ දේවල් දැක්කහම.

    • arunishapiro said, on නොවැම්බර් 21, 2011 at 11:09 පෙ.ව.

      ලොකු පුතා,

      ඔව්, ඇමෙරිකන් ආණ්ඩුව විතරක් නෙමෙයි ලෝකයේ කිසිම ආණ්ඩුවකින් අත ගහපු දෙයකින් ස්වාධීනව ලාභ උපයා ඇති බවක් ලෝක ඉතිහාසයෙන් හොයා ගන්න අපහසුයි. ඒ කියන්නේ ලෝකයේ ස්වාධීනව ලාභ උපයා ගත් උත්සාහයක් ඇත්නම් එවැන්නක් ඇත්තේ පුද්ගලික වූ උත්සාහයක පමණයි.

      ඔබාමා ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ ඉහළ ගියා වූ, ඔය කියන ට්‍රලියන 15 ආසන්න ඇමෙරිකන් ආණ්ඩුවේ මහජන ණයෙන් වැඩිපුර කොටස එනම් 60% ලැබෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවගෙන්. එයින් 40% ක් පමණයි දැනට චීනයට ණය. ඒ මහජන ණයෙන් වැඩිපුර වියදම් වෙන්නේ ඔබාමා ආණ්ඩුවේ පිළිවෙත් නිසා සම්මත කරගත් සමාජ සුබ සාධන සඳහා. රට පවත්වා ගෙන යන්න නෙමෙයි. ඒ කියන්නේ සමාජ සුබ සාධන අඩු කිරීමෙන් මහජන ණය අඩු කරගන්න පුළුවන්. ලංකාව වගේ රටක රට පවත්වා ගෙන යන්නෙ මහජන ණයෙන් වැඩිපුර, මිනිස්සු උපයන ආදායමෙන් නෙවෙයි.

      ඇමෙරිකාව පරදා ආසියානු රටවල් ඉදිරියට එනවා යැයි දකිනා අය බලන්නෙ නැති දෙයක් තමයි ඇමෙරිකාව විසින් ආසියාතික රටවල් වලින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒ බඩු ඇමෙරිකාව මිල දී ගත්තේ නැත්නම් කාට ද විකුණන්නේ? සොයා බලන්න ලංකාවෙන් වැඩියෙන් ම බඩු මිල දී ගන්නේ කුමන රට ද කියා?

      ඒ හැම භාණ්ඩයක් හා සේවාවක් ම ඇමෙරිකාවේ නිපදවා ගත හැකි ඒවා බවත් ඒ අය දකින්න කැමති නැහැ. ඒවා නිපදවන්නේ නැත්තේ ඇමෙරිකාවේ රෙගුලාසි නිසා මිසක වෙන රටක නිපදවන භාණ්ඩ හා සේවාවල ඇති වැඩි දියුණුවක් නිසා නෙවෙයි.

      රටට හානිකර රෙගුලාසි වෙනස් කරගන්න, දැන් ඉන්නා පාලකයන් වෙනස් කරන්න හැකියාව ඇමෙරිකන් පුරවැසියා සතුයි. අනිත් රටවල් වලට ඒ හැකියාව කොතරම් තියනවා ද?!!!!

      • ලොකු පුතා said, on නොවැම්බර් 21, 2011 at 5:06 ප.ව.

        මම ලංකාව එක්ක සංසන්දනයක් කරන්න කිසි සෙත් බලාපොරොත්තු වුනේ නැහැ අක්කේ. එයාලට අපේ වගේ පුංචි රටවල් එක්ක ඔය හැම දේම කරන්න පුළුවන් බව ඇත්ත. අපිට සාපේක්ෂව ඇමරිකාවේ හැකියාවන් ගැන නෙමෙයි මම කතා කලේ, චීනේ වගේ රටක් එක්කයි මම සංසන්දනය කරන්න හැදුවේ.
        දැනට ලෝකයේ වත්කම් වැඩිම රටවල් අතුරින් ආසියාවේ රටවල් ඉදිරියෙන් ඉන්න එක නැහැ කියන්න බැහැ.
        ඇමරිකාවට චීනෙත් එක්ක වෙළඳ අංශයෙන් හැප්පෙන්න හැකියාවක් ඇති බව මම විශ්වාස කරන්නේ නැහැ. යුධ අංශය තවම පැහැදිලි නැහැ.
        සමහර විට ඇමරිකාව ඔස්ට්‍රේලියාවට හමුදා සහය දෙන්න හැදුවේ බළල්ලු ලවා කොස්ඇට බාවනවා වගේ වැඩක් කරලා බලන්නද දන්නේ නැහැ. එතකොට එයාලට චීනේ යුධ ශක්තිය මැනගන්න හොඳ අවස්තාවක් එනවනේ.

        ඇමරිකාවට ඕනෙම භාණ්ඩයක නිපදවීමට ඇති හැකියාව ගැනත් කිසිම තර්කයක් නැහැ, ඒත් එයාලගේ නිෂ්පාදන වියදම වැඩි නිසා තමයි එයාල ආසියාවෙන් බඩු ගන්නේ, ආසියාවට ගිහින් කර්මාන්ත ශාලා අරින්නේ. Apple iphone, Macbook හොඳම උදාහරණ (ඔක්කොම වගේ made in china), Hp නිෂ්පාදන, මේ වගේ කොච්චර දේවල් තියෙනවද.
        දැන් ඇමරිකාවේ වියදම් අධික වෙලා අදායම් අඩු වෙලා නිසා නෙමෙයිද නාසා ආයතනයට දෙන ප්‍රතිපාදන කප්පාදු කරලා තියෙන්නේ. අභාවකාශ මධ්‍යස්ථානයේ සැපයුම් කටයුතු රුසියාවට, චීනයට පවරලා තියෙන්නේ.

        එයාලගේ හැකියාවන් ගැන කිසිම තර්කයක් නැහැ, ඒවා බොහෝදුරට ඇත්ත. ඒත් ඒ හැකියාවන් අස්සේ හැංගිලා තියෙන මහා විශාල නොහැකියාවනුත් අපි දකින්න ඕනේ නේද

        • arunishapiro said, on නොවැම්බර් 21, 2011 at 6:48 ප.ව.

          ලොකු පුතා,

          ලංකාව චීනයට වඩා ආර්ථිකයෙන් බලවත් ස්ථානයක සිටි රටක්. 1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ Deng Xiaoping සමන්විත දූත පිරිසට ගමනට ගුවන් ටිකට් පත් ගන්න පවා චීන බැංකුවේ මුදල් තිබුනේ නැහැ. 1978 දී චීනයේ වූයේ එකම එක බැංකුවක්, චීන මුදල් අමාත්‍යාංශය යටතේ වූ ඒ බැංකුවේ සේවකයන් 80 ක් විතරයි හිටියෙ. ලංකාවට වගේ ණය දෙන්න ඉදිරිපත් වූ රටක් ඒ කාලයේ තිබුනේ නැති නිසයි චීනයට කොමියුනිස්ට් ක්‍රමයෙන් බැහැර වෙලා විවෘත ආර්ථිකයකට බහින්න සිද්ධ වූයේ.

          ඊට පස්සේ චීන ආර්ථිකයේ වැඩියෙන් ම ආයෝජනය කළේ කවුරුන් දැයි සොයා බලන්න. අද චීන ආර්ථිකයේ වැඩියෙන් ම ආයෝජනය කරන සිංගප්පූරුව (ඩොලර් බිලියන 5.7), ජපානය (ඩොලර් බිලියන 4.2) පසුව ඉන්නෙ ඇමෙරිකාව (ඩොලර් බිලියන 4.1) න්. චීනය කියද්දී හොංකොං, තායිවානය, එකට දාලා කතා කරනවා ද කියන එකත් කල්පනා කරන්න ඕනා. මොකද එතකොට චීනයට ඇති වාසි වගේම එයින් වන අවාසි ද බොහොමයක් නිසා.

          //දැනට ලෝකයේ වත්කම් වැඩිම රටවල් අතුරින් ආසියාවේ රටවල් ඉදිරියෙන් ඉන්න එක නැහැ කියන්න බැහැ.// මේක දත්ත වලින් පෙන්වන්න. මේ මා දැකි දත්ත.
          ඇමෙරිකාවේ දළ ජාතික නිෂ්පාදිතය (GDP) ටිලියන 15.227 (nominal and PPP)
          චීනයේ (හොංකොං, තායිවාන් නැතිව) දළ ජාතික නිෂ්පාදිතය ට්‍රිලියන 5.93 (nominal) 10.2 (PPP)
          GDP per capita: USA $46,844 (nominal and PPP)
          GDP per capita: China $4,382 (nominal) $7,544 (PPP) ඉහත දත්ත විකිපීඩියාවේ චීන ආර්ථිකය හා ඇමෙරිකා ආර්ථික පිටු වලිනි.
          high net worth individuals (HNWIs) නොහොත් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් හෝ ඊට වැඩියෙන් ආයෝජනය කළ හැකි වත්කම ඇති පුද්ගලයන් ගෝලීය ආයෝජනයේ දී 39% ක් සිද්ධ කරන්නේ ඇමෙරිකාවේ ය. මුළු ආසියා පැසිෆික් තුල ම ආයෝජනය වන්නේ ගෝලීය වත්කමෙන් 13% කි.
          ලෝක ජනගහණයේ high net worth individuals (HNWIs) 53% ක් ජීවත්වනුයේ ඇමෙරිකාව, ජර්මනිය හා ජපානයේ ය.
          ලෝකයේ වැඩිම high net worth individuals (HNWIs) පිරිස වාසය කරන රට ඇමෙරිකාවයි
          .

          //ඇමරිකාවට චීනෙත් එක්ක වෙළඳ අංශයෙන් හැප්පෙන්න හැකියාවක් ඇති බව මම විශ්වාස කරන්නේ නැහැ// මේකත් දත්ත වලින් පෙන්වන්න පුළුවන් ද? මේ මා දැකි දත්ත.
          චීනයේ McDonald අවන්හල් 1,300 ක් තියනවා. 2013 වෙද්දී 2000 දක්වා වැඩි කරන්න වෑයමක්.
          KFC අවන්හල් 3,500 කට ආසන්න සංඛ්‍යාවක් චීනයේ තියනවා. ඔවුන්ගේ අරමුණ අවන්හල් 20,000 ක් අරින්න. ඇමෙරිකාවේ ඇති චීන වැසියෙකුට අයිති කඩදාමය කුමක් දැයි කියන්න පුළුවන් ද?
          2009 දී චීනයේ ඇමෙරිකානු පුද්ගලික කොම්පැණි විසින් කරන ලද ආයෝජන වල වටිනාකම ඩොලර් බිලියන 49 ක්. එයින් ලාභ උපයන්නේ චීන අය කොතරම් ද? ඇමෙරිකන් අය කොතරම් ද? KFC සහ Pizza Hut අවන්හල් බිලියන 1.2 ක චීන වෙළඳාම වාර්තා කරනවා. එයින් ලාභ උපයන්නේ චීන අය කොතරම් ද? ඇමෙරිකන් අය කොතරම් ද?
          මේක ගැනත් හිතා බලන්න: චීනයේ Ipad ගන්න පෝලිම් ගැසී ගිහින් ගහ ගත්තු අය ගැන අහන්න ලැබුණා. ඇමෙරිකාවේ දී කුමන චීන බඩුව ගන්න ද ජනතාව පෝලිම් ගැසී ගියේ?

          //සමහර විට ඇමරිකාව ඔස්ට්‍රේලියාවට හමුදා සහය දෙන්න හැදුවේ බළල්ලු ලවා කොස්ඇට බාවනවා වගේ වැඩක් කරලා බලන්නද දන්නේ නැහැ. එතකොට එයාලට චීනේ යුධ ශක්තිය මැනගන්න හොඳ අවස්තාවක් එනවනේ.// මෙතැන දී ඔස්ට්‍රේලියාවයි කොස් ඇට බාන්න හදන්නෙ ඇමෙරිකාව ළං කර නොගත්තොත් චීනය එක්ක ගණුදෙනු වල දී ඔස්ට්‍ර්ලියාවට අවාසි නිසා.

          ඇමෙරිකාවේ නිෂ්පාදන වියදම වැඩි ඇයි? රට ඇතුලත අවශ්‍ය අමුද්‍රව්‍ය නැතිකම නිසා නෙමෙයි. තාක්ෂණය නැතිකම නිසාත් නොවේ. රටේ සේවක ජනකායක් නැති නිසාත් නොවේ. රෙගුලාසි වැඩිවීමෙන් ඒ හැම එකකම වියදම ඉහළ ගිහින් තියෙන්නෙ. ඒකයි ඒවා නිෂ්පාදනයට වෙන රටවල් වලට ගිහින් තියෙන්නෙ. ඒ රටවල් වල මෙහෙ තියන රෙගුලාසි නැහැ. ඒ නිසා නිෂ්පාදන වියදම අඩුයි. මෙහෙ දාපු රෙගුලාසි අඩුවෙද්දී වියදම අඩුවෙන් ඒ සියල්ල අඩු වියදමින් කරගන්න හැකියාව ලැබෙනවා. රෙගුලාසි වැඩි වීම නිසා වියදම් ඉහළ ගිහින්, ඒ නිසා රැකියා හිඟයක් ද ඇතැයි දැකීමෙන් අද ඇමෙරිකන් ජනතාව රෙගුලාසි අඩු කිරීම ගැන කතාබහට පිවිසිලා ඉන්නවා.

          මහා විශාල නොහැකියාව රට පාලනය කරන ඇත්තන් ගෙදර යවා ගන්න තියන අපහසුවයි!!! ඒත් ස්පාඤ්ඤය “නෝ මාස්” (no more) කියන්න වසර 7 ක් ගනිද්දී අපි ඉන්න ජනාධිපතිට පාස් කරගන්න දුන්නෙ එක බජට් එකක් පමණයි. ඒකෙන් රට ණය කරපු නිසා දැන් බජට් පාස් කරන්න ශක්තියක් නැති බව, ඒ කියන්නෙ තව රට ණය කරවන්න ශක්තිය කප්පාදු කරලා බව ප්‍රවෘත්ති වලින් කියවන්නට ලැබෙනවා ඇතිනෙ.

          මම චීනය ගැන සටහන් බොහොමයක් ලියා තියනවා නොයෙක් කාල වල දී. මේ ඉන් කිහිපයක්. කැමති නම් කියවන්න.
          රතු ධනවාදය
          මැන්ඩරින් චීන අභිලාෂයන්
          ලූ වෙන්චායි, hukou සැලැස්ම සහ ඔබාමාගේ පංති යුද්ධය
          චීන ජනගහණය හා විදෙස් යක්කු
          රතු මකරා සිරගත වූවාම පමණක් තඩියන් වැජඹේ
          මහා පර්වතයක් හා සංවාදය

  7. ඕනයා (දුලිප් සිකුරාජපති) said, on නොවැම්බර් 20, 2011 at 6:33 ප.ව.

    අරුණි අක්කගෙ පුත්‍රයා සෙල්ලං කරපු තර‍ඟෙ ඉවරවෙලා ඇති මේ කොමෙන්ට් එක වැදෙද්දි . . . . ඒ නිසා ඒ තර‍ඟෙ වෙනුවෙං සුභ පතන්නෙ නෑ . . . ඒත් එයාට එයාගෙ ක්‍රීඩාවෙං ඉදිරියට ජයග්‍රහන ලබාගන්න ලැබේවා කියල පතනව . . . .

    ප.ලි.
    මම දන්න සහ නිරතවෙන ක්‍රීඩා වලිං 90%ක් විතරම කොල 52ක් ඇතුලෙ තමයි තියෙන්නෙ . . ඒ නිසා මට ඔය ඇමරිකන් ෆුට් බෝල් ක්‍රීඩාව තේරෙන්නෙම නෑ . .. .

  8. dayal - bathee said, on නොවැම්බර් 21, 2011 at 1:25 පෙ.ව.

    අරුණිගේ ඥාතිපුත්‍රයාගේ කණ්ඩායම දිනේවා

  9. අමා said, on නොවැම්බර් 21, 2011 at 3:38 පෙ.ව.

    මාත් අර ඕනයා කිව්වා වගේ කොළ 52 ක්‍රීඩා තමා වැඩිපුර කරන්නේ. ෆුට්බෝල්, ඇමෙරිකන් ෆුට්බෝල් සහ ෆුටී (ඔසී ෆුට්බෝල්) ගැන මගේ යාලුවෙක් පැයක් විතර කියා දෙන්න හැදුවත් අන්තිමට එයාම අත ඇරලා දැම්ම 😀
    හැබැයි ක්‍රිකට් නම්, ලංකාව ආවොත් MCG ගිහින්ම බලන්න තරම්ම ආසයි!

    • arunishapiro said, on නොවැම්බර් 21, 2011 at 11:15 පෙ.ව.

      අමා,

      අමා නංගි ඔසී ෆුට්බෝල් කියන්නෙ Russell Crowe ගේ South Sydney Rabbitohs ටීම් සෙල්ලම් කරන එකට ද? මම දැකලා තියනවා පුංචි ජංගි ඇඳන් සෙල්ලම් කරන තරඟයක්. ඒවා බලන්නත් මම හරි ආසයි!!!!

      • අමා said, on නොවැම්බර් 22, 2011 at 9:46 පෙ.ව.

        අක්කේ South Sydney Rabbitoh – ඒක මන් හිතන්නේ රග්බි ද කොහෙද. ෆුටී කියන්නේ Australian Rules Football කියන එක. අනේ මන්ද ඕව එකින් එකට වෙනස් වෙන හැටි technical වැඩියි මට. මන් ඉතින් ඔය ඇහැට කනට පේන හාදයෙක් හිටියොත් බලනවා මිසක් ඕව ඒ හැටි දන්නේ නැහැ 😀 😀

        • arunishapiro said, on නොවැම්බර් 22, 2011 at 10:47 පෙ.ව.

          අමා,

          ඔව්නෙ, ඒක රග්බි. Australian Rules Football නෙමෙයි. විකිපීඩියාවෙ තියෙන්නෙ මෙහෙම: The South Sydney Rabbitohs (often shortened to Souths) are an Australian professional rugby league football team based in Redfern, a suburb of South-central Sydney,New South Wales. ඇහැට කනට පේන හාදයෙකු තමයි ඒ ටීම් ඒක අයිතිකාරයා, රසල් ක්‍රෝ නළුවා!! තරඟ කරන අයත් හොඳට ඇහැට කනට පේන අය තමා!!! ඔය පැත්තෙ ආව දවසක අමා නංගිව එක්කන් යන්නම් තරඟයක් බලන්න.

  10. යහපත් ඇනෝ said, on නොවැම්බර් 21, 2011 at 10:29 පෙ.ව.

    මේ මොන ෆුට් බෝල් ද? මේකට ඇමරිකන් ෆුට් බෝල් කියලා නම තියපු එකා පාන් කන හරකෙක් නේ. ආසාවටවත් බෝලේ පයේ ගෑවෙන්නේ නෑ. මං හිතන්නේ මේක ඇමරිකන් රග්බි.

  11. ලොකු පුතා said, on නොවැම්බර් 23, 2011 at 2:41 ප.ව.

    ඔයාගේ පිළිතුර ගාව ප්‍රති පිළිතුරු දෙන්න තැනක් නැති නිසා තමයි මම අලුත් කමෙන්ට් එකක් විදිහට මේක ලියන්නේ

    අක්කේ මෙතන මුලින්ම මට පොඩි වැරද්දක් වෙලාද මන්දා…
    මම National Reserves කියන වචනය සිංහලෙන් ලියද්දි ලියල තියෙන්නේ, “වත්කම” කියලා, ඒක වැරදිද කියල මට තේරෙන්නේ නැහැ. ඒකට කියන හරිම සිංහල වචනය මට තාම පැහැදිලිත් නැහැ…. 🙂

    ඒත් අක්කේ ඔයා කතා කරන්නේ GDP එක ගැන, ඇමෙරිකාවේ GDP එක චීනෙට වඩා අගයක් විදිහට ගත්තම ගොඩක් වැඩියි තමයි.
    GDP එක පවා ඒ ඒ රටේ ජීවනවියදම සහ වෙනත් කරුණු ගොඩක් සලකලා සංශෝදනයකට ලක් කරලා රටවල් සංසන්දනය කරන විදිහක් ගැනත් මම කියෙව්වා මෙන්න මේ වෙබ් එකෙන්.

    http://www.piie.com/realtime/?p=1935

    ඒ වගේම ඇමරිකාව සතු External DEBT ප්‍රමාණය ට්‍රිලියන 14.71 ක් කියල CIA වෙබ් සයිට් එකේ තියෙනවා
    https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2079.html

    ඒකෙන් චීනෙට දෙන්න ඕනේ කොටස තමයි මම කිව්වේ ට්‍රිලියන 1 කට ආසන්නයි කියලා

    මේ තමයි මම කියපු විදිහට National Reserves අනුව සැකසුනු ලිස්ට් එකක්, ඒකේ මුල් පෙලේ ඉන්නේ ආසියාවේ රටවල්.
    http://en.wikipedia.org/wiki/Foreign-exchange_reserves

    චීනෙට ගිහින් කවුරු ආයෝජනය කලත් එයාලගේ රජය සතු National Reserves ප්‍රමාණය ඉහලයි කියන්නෙ එයාල රජයක් විදිහට පොහොසත්. ඇමරිකාව කොච්චර ලාභ ඉපයුවත් ඒවා එයාල අතේ(රජයේ) රැඳිලා නැත්තේ වියදම අධික නිසා වෙන්න ඇති.

    මිනිස්සු චීන නමක් යටතේ එන බඩු ගන්න පොරකන්නේ නැති උනාට දැන්කාලේ ගොඩ දෙනෙකුට ගන්න වෙන්නේ මොන වෙළඳ නාමය යටතේ ආවත් Made in China කියන බඩු භාණ්ඩ. එකෙන් චීන රජයට ලොකු අදායමක් සහ චීන මිනිස්සුන්ට රැකියා ලැබෙන්නේ නැත්නම් එයාල මේ ආයෝජකයින්ට අවස්ථාවක් දෙන්නේ නැහැ නේද. ඒකෙන් වක්‍රාකාරව චීනේ කරන්නේ හොඳ බිස්නස් එකක්. තමන්ම සල්ලි ආයෝජනය කරගෙන සල්ලි හම්බ කලත්, කාට හරි ආයෝජනය කරන්න ඉඩ දීල ඒ හරහා අනියම්ව සල්ලි හම්බු කලත් අන්තිමේදී එකතු වෙන සල්ලි ප්‍රමාණය නේද වැදගත්.

    මම මුල් කමෙන්ට් එකෙන් සහ දැනුත් කියන්නෙ ඒ ඒ වෙනස්කම් කොච්චර තිබුනත් චීනය සතු National Reserves වැඩි බව පමණයි. කුමන ක්‍රමයක් යටතේ හෝ ඔවුන්ගේ ආණ්ඩුවට සල්ලි තියෙනවා. ඒ නිසා එයාල පොහොසත් විදිහට මම දකිනවා.

    මෙන්න මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන නිසා මට හිතෙන්නේ ඇමෙරිකාවේ බල බිදීගෙන එනවා කියලා :
    > මේ එකක්,
    http://www.cnbc.com/id/44039103/S_P_Downgrades_US_Credit_Rating_to_AA_Plus
    > අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සැපයුම් කටයුතු වෙනත් රටවල් වලට(චීනය ඇතුළු) බාර දීලා නාසා එකේ වැඩකටයුතු අඩපණ කරපු එක
    > ආරක්ෂක වියදම් අඩු කිරීම
    > රැකියා වියුක්තියක් ඇති පිරිසක් බිහි වීම

    ඔස්ට්‍රේලියාව, ඇමරිකාව හා චීනේ සම්බන්ධ ප්‍රශ්නෙදි අපි දෙන්න දකින්නේ දෙවිදිහකට, දෙන්නෙක් එකම දේ එකම විදිහට දකින්නේ නැහැ කියන එකට ඒක හොඳම උදාහරණයක්.

    <<>>

    ඒ කියන්නෙ ඇමරිකාවත් තමන් උසස්ය කියලා ලෝකෙට පෙන්නගෙන හිටපු තත්ත්වය පහත දාන්න ලැස්ති වෙනවා කියන එක නේද.

    <<>>

    අක්කේ, මෙන්න මේ ගල ගැහුවේ කොහාටද කියලනම් මට හරියටම තේරුනේ නැහැ….. 🙂 🙂

    අක්කගේ චීන සටහන් ටික මම නිවාඩු පාඩුවේ බලාගෙන යන්නම්….

    • arunishapiro said, on නොවැම්බර් 23, 2011 at 4:48 ප.ව.

      ලොකු පුතා,

      ඔයා කතා කරන්නෙ ජාතික වත්කමක් ගැන. ඇමෙරිකාව ධනවාදී රටක්. ජාතික වත්කමක් නෙමෙයි පුද්ගලික වත්කමක් තියන ක්‍රමයක් මෙහෙ තියෙන්නෙ.

      ආණ්ඩුවට සියල්ල අයිති රටක් චීනය. ඇමෙරිකාවේ වැඩියෙන් තියෙන්නෙ පුද්ගලික වත්කම. එහෙම රටවල් දෙකක් අරගෙන එකක ජාතික වත්කම අනිකට වඩා වැඩියි කීමෙන් රට පොහොසත් යැයි කියන්න පුළුවන් ද?

      ඇමෙරිකාවේ හැමදාම පුද්ගලික වත්කම් රජයේ වත්කමට වඩා වැඩියෙන් තිබිච්ච රටක්. ඒකයිනෙ ධනවාදී රටක් කියා කියන්නෙ. ඇපල් කොම්පැණියේ cash reserves විතරක් ස්ටීව් ජොබ්ස් මිය ගිය දවසේ ඇමෙරිකන් ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ වූ මුදල් වලට වඩා වැඩි වූවා. පුද්ගලික ජනතාව සතු රත්තරන් ඇමෙරිකන් ආණ්ඩුව සතු රත්තරන් තොගයට වඩා වැඩියි. බිල් ගේට්ස් සතු වත්කම සමහර රටක දළ ජාතික නිෂ්පාදිතයට වඩා වැඩියි. එහෙම වෙද්දී රටක ආණ්ඩුවක් සතු වත්කම් හා ආණ්ඩුවට වඩා පුද්ගලයන් සතු වත්කම් තියන රටක් ගෙන ඒ දෙක අතර වත්කම් සංසන්දනය කරන්න යෑමෙන් ගණන් කරන්නේ තැඹිලි ගොඩක් එක්ක රටකජු ගොඩක් ගණන් කරලා ගොඩ වැඩි කාගේ ද කියා බලන එක වගේ දෙයක්. චීනයේ පුද්ගලයන් හම්බ කරගෙන ඇති හා ආණ්ඩු වත්කම් ද ඇමෙරිකාවේ පුද්ගලික හා ආණ්ඩු වත්කම් ද දෙකම එකතු කරලා සංසන්දනය කළොත් අන්න එතකොට පුළුවන් වැඩියෙන් පොහොසත් කවුරු ද කියලා හොයා ගන්න.

      ඇමෙරිකාවේ අද වෙනකොට ණය ට්‍රිලියන 15 ඉක්මවා ගිහින්. එයින් හැම ඩොලරයකින්ම සත 40 ක් චීනය හා වෙනත් රටවල් වලින් ගත් ණය. ඩොලරයෙන් සත 60 ක් ඇමෙරිකන් ආණ්ඩුව ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවගෙන් ගත් ණය. ඇමෙරිකන් ආණ්ඩුවේ ණය ගැන කතා කරද්දී ඇමෙරිකාවේ පුද්ගලික වත්කම් ඇති අයගේ ණය ගැන නෙමෙයි කතාව. ඇමෙරිකන් ආණ්ඩුව බෙදා හරින සුබ සාධනය සඳහා දරණ වියදම් වලට තමයි ඒ ණය.

      ඊ ළඟට චීනයට ගිහින් කවුරු හරි ආයෝජනය කළොත් ඉන් පමණක් චීනයේ ජාතික වත්කම ඉහළ යන්නෙ නැහැ. ආයෝජනය කරන අය වියදම් පියවා ලාභය අරගන්නයි ආයෝජන කරන්නෙ. ඒ ලාභය අයිති ආයෝජනය කරන්නාට මිස චීන රජයට නොවේ.

      //දැන්කාලේ ගොඩ දෙනෙකුට ගන්න වෙන්නේ මොන වෙළඳ නාමය යටතේ ආවත් Made in China කියන බඩු භාණ්ඩ.// ඇමෙරිකාවේ ඉන්නා මගේ නිවසේ හැම රටකින් ම නිපැදවූ භාණ්ඩ බොහොමයක් පාවිච්චියට ගැනෙනවා. චීනයෙන් විතරක් නෙමෙයි ඇමෙරිකාව භාණ්ඩ මිල දී ගන්නෙ. ලංකාවෙ කඩෙන් ගන්න හකුරු, බ්‍රසීලයෙන් ගේන තැඹිලි වතුර, කොලොම්බියාවේ කෝපි, ලෙබනන් වල හදපු රෝස වතුර, එංගලන්තයෙන් මාමයිට්, ඉන්දියාවේ බාස්මතී. චීනයෙන් ලාභ බඩු ගන්න නිසා අපිට මෙහෙ අපේ මොළය, තාක්ෂණය, ආයෝජන යොදවන්න හැකියාව ලැබෙන්නෙ ඒ භාණ්ඩ නිපැදවීමෙන් ලබන ලාභයට වඩා අති මහත් ලාභ උපයන්න පුළුවන් බඩු innovate කරන්න.

      //ඇමරිකාව කොච්චර ලාභ ඉපයුවත් ඒවා එයාල අතේ(රජයේ) රැඳිලා නැත්තේ වියදම අධික නිසා වෙන්න ඇති.// ලොකු පුතා ඇමෙරිකාවේ ආණ්ඩුවත් ඇමෙරිකාවේ පුද්ගලික වත්කමත් එකට දාලා කතා කරනවා. ඇමෙරිකාව ආණ්ඩුවක් හැටියට ලාභ උපයන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ බදු ගෙවන ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් වියදම් කිරීමයි. රජය ණය වෙලා තියෙන්නෙ රජයේ බංකොළොත් ප්‍රතිපත්ති නිසා. පුද්ගලිකව බංකොළොත් වූ අය ද එහෙම බංකොළොත් ආයෝජන කරපු අය. ඒ දෙගොල්ලොන්ට අමතරව බිල් ගේට්ස්, ඇපල් කොම්පැණිය හා ඇමෙරිකාවේ වැඩිපුර පුද්ගලික වත්කම උපයන අය බංකොළොත් නොවී ලාභ උපයන අය.

      ඔයා මා දාපු සටහන් කියෙව්වාට පස්සේ වැටහේවි ආණ්ඩුව සල්ලි තිබ්බට රටක් පොහොසත් වෙන්නෙ නැත්තෙ ඇයි කියලා. චීන ආණ්ඩුවට තියන හිස රදවල් මොනවා ද කියලත් වටහා ගන්න පුළුවන් වේවි.

      ඇමෙරිකානු ආණ්ඩුවේ credit rating පහළ බැස්සීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල බංකොළොත් බව පෙන්නුම් කරන්නක්. 1947 දී දෙවන ලෝක යුද්ධයෙන් පසුව ද ඇමෙරිකාවේ ණය වසරක ආර්ථික ඉපැයීමට වඩා ඉහළ ගියා. ඒත් ඇමෙරිකාවේ බලය එයින් බිඳී ගියේ නැති බවත් ඉතිහාසය පෙන්වනවා නේද?

      ජපානයේ ණය ට්‍රිලියන $10.55 ක්, 225.80% of GDP. ඔවුන්ගේ GDP ට්‍රිලියන $5.458 ක්. ජපානයට තියෙන්න AA- credit rating. ඇමෙරිකාවේ ණය ට්‍රලියන 15 ක්, 100% of GDP කියමුකො. ඇමෙරිකාවේ GDP ට්‍රලියන $15.227 ක්. ඇමෙරිකාවට තියෙන්නෙ AA+ credit rating. චීනය එක්ක සංසන්දනය දත්ත කළින් දීලා ඇතිනෙ. අනිත් චීන විස්තර කියෙව්වම ඇමෙරිකාව හා ජපානය තියන තැනට චීනයට එන්න කොච්චර කාලයක් යයි ද කියලා වැටහේවි, සමහර විට!

      අභ්‍යවකාශේ වැඩ බාර දීලා අපි ඊ ළඟ සෙනසුරාදාට යන්න හදන්නෙ කොහාට ද කියා දන්නවා ද?

      //ඔස්ට්‍රේලියාව, ඇමරිකාව හා චීනේ සම්බන්ධ ප්‍රශ්නෙදි අපි දෙන්න දකින්නේ දෙවිදිහකට, දෙන්නෙක් එකම දේ එකම විදිහට දකින්නේ නැහැ කියන එකට ඒක හොඳම උදාහරණයක්.// දෙන්නෙක් එකම දෙයක් ඒ විදියට දැක්කෙ නැති වුනාට ඒ දේ වෙනස් වෙන්නෙ නැහැ. හඳ ඔයා හඳ මාමා හැටියට දැක්කාට මම හඳේ හාවෙක් දැක්කාට හඳ වෙනස් වෙන්නෙ නැහැ. සත්‍යයත් එහෙමයි. දැක්ක විදිය වෙනස් නිසා සත්‍ය වෙනස් වෙන්නෙ නැහැ.

      තම බලය පෙන්වන්නට පමණක් ආණ්ඩුවේ සැලසුම් ගහනා අය විසින් දමා ගත් ඵලකට නැති වූ රෙගුලාසි අහක් කිරීමෙන් ඇමෙරිකාවේ ජනතාව ලෝකයට පෙන්වන්නේ ඇමෙරිකාවේ උපත සිද්ධ වූ දා පටන් පෙන්වන ආණ්ඩුව නෙමෙයි පුරවැසියා උසස්ය යන්නම තමයි. තවත් විදියකින් කිව්වොත් ඇමෙරිකානුවන් ලෝකෙට ලොක්කෝ වෙන්නේ ඇයි කියන කාරණයයි. මේක නිසියාකාරව වටහා ගන්නා ඕනෑම රටක පුරවැසියන්ට ඒ රට ලෝකයෙන් ම උසස් රට කරගන්න පුළුවන්.

      //මහා විශාල නොහැකියාව රට පාලනය කරන ඇත්තන් ගෙදර යවා ගන්න තියන අපහසුවයි!!!// මේක එක තැනකට ගහපු ගලක් නෙමෙයි ලොකු පුතා. අද ලෝකයේ වැඩිපුර රටවල් වලින් දකින්න ලැබෙන ඵෛතිහාසික තත්වයක්.

      • arunishapiro said, on නොවැම්බර් 24, 2011 at 1:45 ප.ව.

        China Derangement Syndrome
        Once again, an economic yellow peril is exaggerated.

        Ronald Bailey

        The 1979 book Japan as Number One: Lessons for America, by East Asia scholar Ezra Vogel, stoked fears that the United States was about to be outcompeted by the land of the rising sun. And why not? The U.S. had just suffered through a decade of stagflation and was about to enter what was then the worst recession since the Great Depression. By the late 1980s, the case seemed ironclad. “I don’t mean to be an alarmist, but I get the uneasy feeling that America is history,” wrote Robert Kuttner, then the economics correspondent for The New Republic, in the Los Angeles Times in May 1988. Evidence for this decline and fall? “The total value of stocks listed on the Tokyo stock exchange is now $3.54 trillion dollars, compared to $2.34 trillion for the New York Stock Exchange.”

        In his 1988 book Trading Places: How We Are Giving Our Future to Japan and How to Reclaim It, former Reagan administration trade negotiator Clyde Prestowitz warned, “The power behind the Japanese juggernaut is much greater than most Americans suspect, and the juggernaut cannot stop of its own volition, for Japan has created a kind of automatic wealth machine, perhaps the first since King Midas.”

        Two decades later, we know that the panic over Japanese economic competition was greatly exaggerated. Today the total value of the New York Stock Exchange is nearly three times that of Tokyo’s. Japan is not Number One. In fact, as of last year it became Number Three, behind China.

        Twenty-five years ago, Japanophobes (or should they be called Japanophiles?) were fretting about the differential economic growth rates of the United States and Japan. At times in the 1980s, Japan’s gross domestic product (GDP) was growing at nearly 10 percent per year, whereas American GDP was increasing at a merely respectable 4 percent. (All figures are unadjusted for inflation.) Had the growth rates continued at those levels after 1988, Japan’s overall economy would have caught up to ours within 10 years.

        Instead, the Japanese financial bubble burst. In 2011 the country’s GDP in current dollars is $5.5 trillion, compared to the American total of nearly $15 trillion. Per capita GDP (adjusted for purchasing power, a measure of what it costs to purchase similar baskets of goods and services among countries) for Japan is $34,000, compared to $46,000 for Americans. Japan has suffered through two decades of stagflation, and you no longer hear anyone recommending that the U.S. adopt Japanese-style top-down industrial policy as an economic panacea.

        So now comes China. “We are getting our clock cleaned by Chinese state capitalism,” wrote Robert Kuttner, now editor of The American Prospect, earlier this year at The Huffington Post. Massachusetts Institute of Technology economist Simon Johnson piled on at the annual conference of the American Economic Association, declaring, “The age of American predominance is over. The [Chinese] Yuan will be the world’s reserve currency within two decades.” The conservative Citizens Against Government Waste even aired a television commercial featuring a Beijing economics class in 2030 in which a professor explains how America became indebted to China. The professor concludes, “So now they work for us.” The class chuckles knowingly.

        This gloomy message of American decline relative to China appears to be seeping into popular consciousness. An April 2011 poll by Xavier University found that “a stunning 63 percent believe that the Chinese economy is more powerful than the US economy.”

        “The U.S. could lose its status as the world’s biggest economic power within five years,” reported The Daily Mail in April. The Mail article was based on calculations released by the International Monetary Fund projecting that total Chinese GDP, adjusted for purchasing power, will surpass U.S. GDP by 2016.

        Can that be? Let’s do the math: China’s total GDP is around $6 trillion today. Assuming 10 percent GDP growth for the next 20 years, China’s GDP would rise to $40 trillion. If the U.S. economy grew at, say, 3 percent a year, total GDP would be $27 trillion. Back in 2007, before the financial crisis, the investment bank Goldman Sachs issued a report projecting that Chinese GDP would be $26 trillion in 2030, compared to $23 trillion for the U.S. It bears noting that current Chinese purchasing power per capita is about $6,000, compared to $46,000 for Americans.

        But it is unlikely that China’s economy can sustain 10 percent annual growth for two more decades. Economic history suggests that once countries catch up with leading economies in terms of technologies and business management, growth slows down. Consider what would happen if Chinese growth slows to 5 percent. Assuming sustained respective 5 percent and 3 percent growth rates for China and the U.S. for the next two decades, China’s total GDP would reach just $16 trillion, not $34 trillion. In 30 years, it would grow to $26 trillion, by which time U.S. GDP would be $36 trillion. In 40 years, China’s GDP would be $42 trillion, compared to our $49 trillion. All in all, it would take China a half-century to catch up.

        Just to be clear: Anyone who thinks that they know what purchasing power parity might be between any two countries by 2060 is seriously deluded. Calculations like these—mine and Goldman Sachs’—can only provide rough possible scenarios for the economic future.

        Of course, there’s no guarantee that U.S. growth will remain steady at 3 percent. As the recent history of Japan shows, it is possible to adopt economic policies that produce decades’ worth of economic stagnation. In that case, China’s GDP may well surpass ours sooner rather than later, although perhaps not for the reasons alarmists predict.

        Then again, China has already picked most of the low-hanging fruit, economically speaking. Future productivity increases will not come from merely copying technologies developed in other advanced countries. Furthermore, continued rapid growth depends on the kind of innovative management that can thrive only in open societies. Unless China makes the transition to an open society, its future is not growth but stagnation and political disillusionment. And if it does make that transition, then China will be a partner, not a rival.

        Science Correspondent Ronald Bailey is the author of Liberation Biology (Prometheus).


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: