අරුණි ශපීරෝ‍ වෙතින්

බහුවිධ බුද්ධි තියරිය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 29, 2011

යමක් ඉගෙන ගන්නට අපට දැකීමෙන් (visual), ඇසීමෙන් (auditory) හා කර බැලීමෙන් (kinesthetic) පුළුවන. පුද්ගලයෙක් තුල මේ හැකියාවන් තුනින් එකක් වැඩියෙන් කාර්යක්ෂම ය. යමක් උගන්වද්දී ඉගෙන ගන්නා අයට වඩා පහසුවෙන් හා වඩාත් ඵලදායී වන අන්දමෙන් කියා දෙන්නට නම් මේ ආකාර 3 ම භාවිතය වඩා සුදුසු ය. එවිට අයෙක් තමා සතු වැඩි හැකියාව අනුව පහසුවෙන් දැනුම උකහා ගනියි.

1983 දී Howard Gardner විසින් Frames of Mind පොතින් මිනිසා සතු කුසලතා ගැන බහුවිධ බුද්ධි තියරියක් -Theory of Multiple Intelligences (MI) මෙසේ ගෙනහැර පෑවේ ය. මිනිසාට මේ අංශ අටෙන් ම බුද්ධි වර්ධනය හැකිය. නමුත් එක අංශයක ඉහළ මට්ටමකින් අති මහත් කුසලතාවයක් දැක්වීමට පුද්ගලයාට හැකිය. එසේම ඉහළ මට්ටමකින් තවත් කුසලතාවයක් දැක්වීමට හැකියාවක් ඒකීය පුද්ගලයා පෙන්වන්නේ ද නැත.

හවර්ඩ් ගාඩ්නර් මිනිසා සතු කුසලතාවයන් වර්ගීකරණය කරන ලද්දේ මෙසේ ය:

භාෂාමය: වම් මොළයේ අන්තර්ගත වන භාෂාමය හැකියාව හසුරවන්නේ ශබ්දාර්ථ (semantics), ව්‍යාකරණ, ස්වරශාස්ත්‍රය (phonology) සහ වාගලංකාරය (rhetoric) යනාදියයි. කුසලතාවය ඉහළ මට්ටමිකින් දැක්වූ අයෙකුගේ උදාහරණයක්: T. S. Eliot

සංගීතමය: දකුණු මොළයේ අන්තර්ගත වන සංගීතමය හැකියාව හසුරවන්නේ ස්වරමානය (pitch), ශබ්ද ප්‍රමාණය (volume), රිද්මය (rhythm), ස්වරගුණය (timbre) යනාදියෙනි. කුසලතාවය දැක්වූ හැකියාව තිබි අයෙකුගේ උදාහරණයක්: Igor Stravinsky

තාර්කික-ගණිතමය: පිරිමි අයගේ දකුණු මොළයේ ද, ගැහැණු අයගේ මොළයේ දෙපැත්තේ ම ද පිහිටා ඇති මේ හැකියාව දිගු තාර්කික විචාරයට, විසංයුක්ත (abstract) චින්තනයට, ගණනයට හැකියාව. උදාහරණයක්: ඇල්බට් අයින්ස්ටයින්

අවකාශමය: දකුණු මොළයේ පිටුපස පිහිටා ඇති මේ හැකියාවෙන් වස්තු නිවැරදි ව දකින්නත්, ඒවා මනසින් වෙනස් කරමින් ඒ මේ අත හරවන්නත් හැකිය. උදාහරණයක්: පැබ්ලෝ පිකාසෝ

ශාරීරික වූ කිනස්තෙටික්: දකුණු අතින් වැඩ කරන අයගේ වම් මොළයේ ද, වම් අතින් වැඩ කරන අයගේ දකුණු මොළයේ ද පිහිටන මේ හැකියාව ශරීරය මනාව පාලනය කරගන්නට පුළුවන් වූවකි. උදාහරණයක්: මාර්තා ග්‍රැහැම්

ස්වපුද්ගල (intrapersonal): පිරිමි මොළයේ දකුණුපස ඉදිරියේ ද, ගැහැණු මොළයේ ඉදිරිපස දෙපැත්තේම ද පිහිටන මේ හැකියාවෙන් පුද්ගලයා තුල වූ ස්ව හැඟීම් හා ආවේග අවබෝධයට හා හඳුනාගන්නට පුළුවන. උදාහරණයක්: සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

පුද්ගලයන් අතර සබඳතා (interpersonal): දකුණු මොළයත් වම් මොළයත් අතර සංවාදය පහසු මේ පුද්ගලයන්ට විවිධ වූ චෛතසික ස්වභාවයන්, හැඟීම්, හැදියාවන්, හැකියාවන් සහ උවමනාවන් හඳුනා ගැනීමට හැකියාවක් ඇත. උදාහරණයක්: මහත්මා ගාන්ධි

ස්වභාවවාදි: මෙය ඔහු එකතු කරන්නේ 1993 දී ලියූ Creating Minds පොතින් ඉහත සියල්ල කතාබහට ලක් කළාට පසුව ලියන ලද පර්යේෂණ ලිපි වල ය. මෙයට මොළයේ පැත්තක් නිශ්චිත නොවේ. නමුත් ඉහත හැකියාවන්ට වඩා වෙනස් වූවක් නිසා වෙනම හැකියාවක් ලෙස ඔහු ඉදිරිපත් කරන ලදි. නිරීක්ෂණයට, වටහා ගැනීමට, රටාවන් සංවිධානයට, හා පැලෑටි හා සත්වයන් හඳුනා ගැනීමට හා ඒවා වර්ගීකරණයට හැකියාව. උදාහරණයක්: චාල්ස් ඩාර්වින්

මේ හැකියාවන් අංශ 8 න් එකක් හෝ ඊට වැඩියෙන් ප්‍රගුණ කරන්නාව ගාඩ්නර් හඳුන්වන්නේ ‘මාස්ටර්’ කියා ය. එනම් පවතින්නා වූ යම් කුසලතාවයක් ඒ ක්ෂේත්‍රයේ ඉහළින් ම ප්‍රගුණ කර දක්වන්නට හැකියාව ඇත්තා ය. එවැන්නා පවතිනවාට වඩා හොඳ යමක් අළුතින් සොයා මුලින් ම ඉදිරිපත් කරන්නෙක් (innovator) නොවේ.

හැකියාවක් ප්‍රගුණ කළ හෝ නොකළ අයෙක්, එහෙත් තම අංශයේ අළුත් යමක් ගෙනහැර පෑ අයෙක් ගාඩ්නර් හඳුන්වන්නේ maker කියා ය. චාල්ස් ඩාවින් පරිනාමවාදයේ අධ්‍යයන පටන් ගති. ෆ්‍රොයිඩ් විසින් මනෝවිශ්ලේෂණය පටන් ගති. මාර්තා ග්‍රැහැම් රංගනය නව මඟක ගෙන ගියා ය.

අනුන්ව නම්වා ගන්නට හැකියාව ඇති influencer නොහොත් අන්‍යයන් තම මතවාදයට හරවා ගන්නට කටයුතු කරන්නා හඳුන්වන ගාඩ්නර් කාල් මාක්ස් හා මහත්මා ගාන්ධිව උදාහරණ ලෙස පෙන්වයි.

අන්තරාවලෝකනයට introspector හපන් අයෙක් සේ ගාඩ්නර් හඳුන්වන්නේ වර්ජිනියා වුල්ෆ් ය. ඇය ස්වපුද්ගල විමර්ශනය සවිස්තරාත්මකව කරන අයෙකි.

ගාඩ්නර් 1991 දී ලියූ The Unschooled Mind පොතේ ඔහුගේ තියරිය පාසැල් දරුවන් වෙනුවෙන් භාවිතා කරන අන්දම පැහැදිලි කර ඇත. ඉහත අංශ 8 ගැන දරුවන් දැනුවත් කිරීමෙන් තම හැකියාව හඳුනා ගන්නට උදව් කිරීම වැදගත් යැයි ඔහු කියයි. තමාට ලැබුණු (හාඩ්-වයර් වී ඇති) හැකියාවන් හඳුනාගැනීමෙන් ඉලක්ක කරා යන ගමන් හි සාර්ථකත්වය වඩා පහසුවෙන් සාක්ෂාත් වීම සිද්ධ වේ.

තමා යටතේ වැඩ කරන සේවකයන් වෙතින් බලාපොරොත්තු විය යුත්තේ ඉහත අංශ 8 න් එකකින් වැඩියෙන් දක්ෂතාවයක් පෙන්වීම ය. දෙකකින් හෝ තුනකින් පෙන්වීම ව්‍යතිරේකය සේ බලාපොරොත්තු වන්න යැයි ගාඩ්නර් කියයි. රුකියාවට සේවකයන් තෝරන (human resource) හපනා ස්වපුද්ගල හැකියාවන් හඳුනන්නෙකි. ෆිනෑන්ස් අංශයේ ඉන්නේ නම් තාර්කික-ගණිතමය හපනෙකි. ෆුට්බෝල් හපනා (කිනස්තෙටික්) මහා ගත්කරුවෙක් (භාෂාමය) වීම ස්වභාවය නොවන බව ගාඩ්නර් කියයි.

දරුවන් තුල එක් අවදියක දී එක් අංශයක කුසලතාවයක් පිළිබිඹු වීම නිසා දිගට ම ඒ කුසලතාවයට පමණක් වර්ධනය වන්නට ඉඩ දීමෙන් අනිකුත් කුසලතා ඇත්දැයි විමසිල්ල මඟ හැරී යයි. ඒ නිසා කුඩා කාලයේ දී අංශ 8 න් ම කුසලතාවයන් වර්ධනයට ඉඩ දීම වඩා සුදුසුයි. එවිට වඩා දිරිය දිය යුත්තේ මොන අංශයට දැයි දරුවාටත් තමන්ටත් පැහැදිලිව දකින්නට ලැබෙයි. දරුවාට ඇත්තේ දෙමාපියන්ට ඇති කුසලතා ම නොවන බව සමහර දෙමාපියන් පිළි නොගනිති. විමසිල්ලකින් තොර වූ හැදියාවෙන් දෙමාපියන් නියුතු දේවල් වල ම නියැළීම නිසා තමන්ට වඩාත්ම කුසලතාවයක් ඇති හැකියාව වර්ධනයට අවස්ථාවක් කිසි විටෙක උදා නොවෙයි.

පසු කාලයක දී ගාඩ්නර් විසින් සාංදෘශ්ටික (existential) නම් තවත් අංශයක් ගැන සඳහන් කරයි. ඒ අයගේ කුසලතාවය නම් විශ්වයේ හා පැවැත්මේ ස්වභාවය ගැන කාල්පනික අදහස් (speculate) පැවසීමට ඇති හැකියාවයි.

ගාඩ්නර් විසින් 2004 දී ඔහුගේ බහුවිධ බුද්ධි තියරිය යාවත්කාලීන කර, ව්‍යාපාරික සමාජයට පාවිච්චි කරගත හැකි විලසකින් ඉදිරිපත් කරන්නේ Changing Minds: The Art and Science of Changing Our Own and Other People’s Minds (2004) පොතෙනි.

පින්තූරයට එකතු කරපු ඡායාරූප ලබා ගත්තේ පහත වෙබ් අඩවි වලිනි: මාර්ටින් වික්‍රමසිංහ; සරත් කොටගම; ඩබ්. ඩී. අමරදේව; චිත්‍රසේන; අශෝක හඳගම; ජයසිරි සේමගේ; මහාචාර්ය දියනාත් සමරසිංහ; ඒ. ටී. ආරියරත්න

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on නොවැම්බර් 29, 2011 at 10:10 පෙ.ව.

    මමත් මේ ගැන ලියන්න හිතාගෙන හිටියෙ…
    හැබැයි අරුණි අක්කගෙ ලිපිය මම හිතගෙන හිටිය කරුණු වලට වඩා ගොඩක් සාරවත්…. මම මේකට ආගමත් ඈඳාගෙන ලියන්නයි හිටියේ…

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 10:32 පෙ.ව.

      Alchemiya,

      ආගම ඈඳාගත්තම ඔප්පු කර පෙන්වා ඇති විද්‍යාත්මක සිද්ධාන්ත වල වැදගත්කම පැත්තකට යන නිසා තමයි ඉන් බැහැරව කතා කළේ.

  2. චතුර විජේකෝන් said, on නොවැම්බර් 29, 2011 at 11:34 පෙ.ව.

    මට තාම හිතාගන්න බැරි…. මට තියෙන්නේ මොන විදිහේ හැකියාවක් ද කියලා… කීනස්තටික් එක නම් නෑ සුවර්. සොබා දහම කෙරෙහිත් ඒ හැටි ම යොමු වෙලා නැති නිසා අන්තිම එකත් අත අරින්න පුළුවන්.. අනෙක් ඒවායින් ප්‍රබල කෝකද කියලා හිතාගන්න බෑ..පුළුවන් නම් අක්කා අදහසක් දෙන්න..

  3. සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 29, 2011 at 6:10 ප.ව.

    එතකොට ඩා වින්චි වගේ කෙනෙක් මේවයින් දෙක තුනක් ම මාස්ටර් කරපු කෙනෙක් නේද..?

    දාර්ශනිකයො ( ඇරිස්ටෝටල් වගේ ) අයිති වෙන්නෙ කොයිකටද..?

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 10:56 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      ඩා වින්චි සහ ඇරිස්ටෝටල් දෙන්නාම වැටෙන්නෙ ගණිතමය-තාර්කික වූවට. අනිත් හැකියාවන් ඒ ඒ අංශ වල යෙදි අයට වඩා පැහැදිලිව වැඩියෙන් ඇතැයි පෙනුනාට, මේ ගණිතමය-තාර්කික අංශය තමයි ඔවුන්ගේ සමස්ත ඉදිරිපත් කිරීම් සලකා බලද්දී වැඩියෙන් ඉස්මතු වෙන්නේ. ඒ වගේම එක අංශයක කුසලතා දැක්වූ පමණින් තවත් අංශයකින් කුසලතා ඇත්තේ ද නැහැ, උදාහරණයක්: භාෂාමය අංශයෙන් තාර්කික බවින් පරිණත නෝම් චොම්ස්කි තුල ස්වපුද්ගල අවබෝධයට ඇති තාර්කික බව අඩුයි. ඒ නිසා එයා භාෂාමය අංශයෙන් දැක් වූ සොයා ගැනීම් ස්වපුද්ගල ස්වභාවයන් විස්තර කරන්න යොදා ගනිද්දී අවුල් කරගෙන තියනවා.

  4. ශානක ශෂිමාල් said, on නොවැම්බර් 30, 2011 at 2:00 පෙ.ව.

    kalekata passe kiyawapu hoda lipiyak

    http://www.cinelanka.net

  5. M.S.P said, on නොවැම්බර් 30, 2011 at 5:05 පෙ.ව.

    පින්තූරයට එකතු කරපු ඡායාරූප වලට ප්‍රබුද්ධ වගේම ජාතියක් ජන්මයක් චාරයක් නැති අයත් එකතු කිරීම ටිකක් හානි කරාවි. තම බිරිද නිරුවත් කර ජ්‍යතන්තර දනය සොයා සම්භාව්‍ය වී, පසුව බිරිද අතහැරී චරිත මාර්ටින් වික්‍රමසිංහ; සරත් කොටගම; ඩබ්. ඩී. අමරදේව; චිත්‍රසේන අතරට ……

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 11:45 පෙ.ව.

      M.S.P,

      අශෝක හඳගම මා දන්නා වඩාත් ම දක්ෂ ගණිතමය-තාර්කික හැකියාව ඇති ලාංකිකයා. ඔහුගේ චිත්‍රපටි වලින් පිළිබිඹු වන ඒ දක්ෂතාවය වටහා ගන්න සෙසු ලාංකිකයන්ට මහත් කාලයක් ගතවේවි. ඔහු උපදින්නට තිබුනේ තව වසර ගණනාවකින් පස්සෙයි!!! ඉහත පින්තූරයේ ඉන්නා අය සියල්ල ම මා දන්නා හඳුනන කතාබහ කර ඇති හා ඔවුන්ගේ දක්ෂතා කවුරුත් කියන්න අසා නොව මවිසින් ම දැකි අයයි.

      හඳයාගේ බිරිඳ රඟපෑ ඇය කැමැත්තෙන්ම නිරුවත් වූ චිත්‍රපටියට පෙර (එය තිරගත වූ දවස්වල පත්තර වලින් ඇයගේ කැමැත්ත කියවත හැකිය) ඔහු විසින් ජාත්‍යන්තර කීර්තිය අත් කරගත් චිත්‍රපටි නිපදවා තියෙනවා. සඳ දඩයම (1996); චන්ද කින්නරී (1998) සහ 14 වැනි Singapore International Film Festival (SIFF) දී මේ මගේ සඳයි (2000) යන්නට ජාත්‍යන්තර සම්මානය ලැබුවේ තනි තටුවෙන් පියාඹන්න (2002) නිර්මාණයට ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නට පෙර. ඔහු නෙමෙයි බිරිඳ අතහැරියේ බිරිඳයි ඔහුව අතහැර ගියේ. ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධ අය නිසා ඒක ප්‍රසිද්ධ නාඩගමක් වුනා.

      මගේ ප්‍රසිද්ධ තාත්තා මගේ අප්‍රසිද්ධ අම්මාව අතහැර ගියා. නමුත් එයින් පමණක් මගේ තාත්තා කියූ ලියූ දේවල් වල වැදගත්කම හා ඉන් ජනතාවට ලැබුණු සහනය අඩුවෙන් සලකන්න බැහැ!!!

  6. indika27 said, on නොවැම්බර් 30, 2011 at 7:49 පෙ.ව.

    මාර්ටින් වික්‍රමසිංහ සිංහලයේ මහා ගත්කරු…කිව්වගමන් මතක් වෙන්නෙ අර හම්පඩ නවකතා තුන කලියුගය ගම්පෙරලිය සහ යුගාන්තය..
    නමුත් වික්‍රමසිංහ මහත්තය ලියපු ඔක්කොම පොත් සහ ලිපි බැලුවොත් ( ජීව විද්‍යා,විචාර,කලා කෘති ගැන අදහස්,දේශපාලනය) අපට මාටින් වික්‍රමසිංහ කියන කෙනා නියම විදියට ලංවෙලා අඳුනගන්න පුලුවනි…
    සාමාන්‍ය තරමේ වයලින් වාදකයෙක් උන අයින්ස්ටයින් ඒ ඔස්සේ යන්නෙ නතුව විද්‍යාවෙන් ඉදිරියට ගියා…වැරදිලා හරි අයින්ස්ටයින් වයලීනය මුල්කොටගෙන බොහෝ දියුණු උනානම් අද අයින්ස්ටයින් මේ ලිස්ට් එකේ ඔබ ඇතුලු කල තැන නැතුව වෙන තැනක ඉඳී..
    මහත්මා ගාන්ධිට සමකාලීනයකේ හිටිය රබීන්ද්‍රනාත් තාගෝර් කියල..එතුම ඇවිල්ල ප්‍රථම ආසියාතික නොබෙල් ත්‍යාගලාභියා..වැරදිලාවත් තාගෝර් ඉංග්‍රීසි භාෂාව නොදැන හිටියනම් තාමත් තාගෝර් අර බෙංගාලයවත් ලෝකයවත් දන්නෙ නැති නිකම් මැරුණ චරිතයකි…
    තාෙගා්ර් මේ දේට මේ කලාවට දක්ෂයැයි කියන්න බෑ..චිත්‍ර,සංගීතය,ගද්‍ය පද්‍ය,වලට ඔහු විශිෂ්ඨයෙක් උනා..ඒ වගේම ප්‍රායෝගික මට්ටමේ දේශපාලකයෙක් චින්තකයෙක් ද උනා..තාගෝර් මේ ලිස්ට් එකේ දාන්න තැනක් නෑ..හැබැයි එකක් තාගෝර් ඉංගිරිස් නොදැන හිටියනම් මම ඔබ තියා මේ ලෝකෙ බොහෝ අය තාගෝර් ගැන දැනගන්නෙ නෑ…
    යම් අවස්ථාවලදි බහුතරයගෙ නිරීක්ෂණවලට හසු නොවන දක්ෂතා පුද්ගලයින් තුලතියෙනව..දැන් ඩාවින් මහත්තය ඔය පොත පත ලියපු නිසා උන්දැගෙ පරිනාමවාදය ජනප්‍රියයි..අපි අහන්න ප්‍රිය වෙන්නෙ පරිණාමවාදයේ පියා වන ඩාවින් මිස මියුසික් කරපු ඩාවින් දේශගවේෂක ඩාවින් නෙමෙයි..
    මේක නිරීක්ෂක සහ බාහිර සමාජය මත තීරනය වන මායාවක්..උදාහරණයක් විදියට මම කුනුහරුප කතා ලියන කෙනෙක් උනොත් මගේ යාලුවො අපේක්සා කරන්නෙ මං කුනුහරුප කතා ලියනව දකින්න..ඒ අස්සෙ මං ලියන ටැක්නිකල් දේවල් බලන්න ආස නෑ..ඉතින් ටෙක්නිකල් දේවල් ලිව්වත් මාකට් නැති හෝ වෙනයමු හේතු මත මම ආයෙත් අර කුනුහරුප කතා ලියන්න ගන්නවා…
    අවසානෙ කාලයක් ගියාම බයි ප්‍රැක්ටිස් මං ජාතියේ මහා කුනුහරුප කතා රචකයා වෙයි…නමුත් එයින් කියවෙනවද මම ටෙකිනිකල් හරිෙවනදෙයක් හරි දන්නෙ නෑ කියල..මගේ ස්කිල් එක ඒකයි කියල…
    මිනිස්සු අමරදේව ඩීජේ වලනටනවට ආස නෑ…මාටින් වික්‍රමසිංහ විද්‍යාව ලියනවට ආස නෑ..ඉතින් කාලයක් ගියාම පුද්ගලයින් තමුන්ට පක්ෂ අයට ගැලපෙන දෛ් දෙන ඉල්ලුමට සැපයුම කරන අය වෙනව..ඒකෙන් දිගින් දිගට සාර්ථක උනොත් උගෙ මොලේ මේමයි කියල ප්‍රවාද ගොඩනගනව..

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 11:56 පෙ.ව.

      indika27,

      බහුතර සමාජය විසින් පිළිගත් හෝ නොපිළිගත් පමණින් පුද්ගලයෙකු යම් අංශයකින් මහත් කුසලතාවයක් වඩවා ගත්තා යැයි තීරණය වෙන්නේ නැහැ.

      නොබෙල් තෑගි වලින් දක්ෂතා මනින්න පුළුවන් ද? ස්ටීව් ජොබ්ස්ට නොබෙල් තෑග්ගක් නොලැබුනාට එයාගේ උත්සාහයේ වටිනාකම නොබෙල් තෑගි ලැබිච්ච බරාක් ඔබාමාට වඩා ලෝක සමාජයට වැඩදායක නැද්ද?

      ඉල්ලුම සපයනවා ද නැත්නම් තමන්ගේ කැමැත්ත කරනවා ද යන්න තෝරා ගැනීමට ඒකීය මිනිසාට නිදහසක් තියෙනවා නේද? අනිත් අය ඔයා ලියන විහිළු කතා කියවන්න ආසා වූ පමණින්, ඊට මහත් මුදලක් ගෙවන්නේ නම් හෝ ඊට මහත් ඉල්ලුමක් තියෙන්නේ නම් පමණක් නිසා ඊට ඔයාගේ කැමැත්තක් නැත්නම් ඔයා විහිළු කතා ලිය යුතු ද?

  7. chandi said, on නොවැම්බර් 30, 2011 at 8:06 පෙ.ව.

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කිව්වට බොහෝ අය ගොඩක් දේවල් වලට දක්ෂකම් පානව. ඒ වගේ අය කොයි තරම් ලෝකෙ ඉන්නවාද? මේ විදිහට බහුවිධ බුද්ධි තියරිය හැම දෙයකටම උත්තර සපයනවානේ. ස්තූතියි නංගි ගොඩක් කරුණු දැනගත්තා. පහුගිය ටිකේ ආවේ නැති උනාට ඉවර ඇති විදිහට කියවන්නම් ඔයාගෙ රසවත් ලිපිටික.

    • arunishapiro said, on නොවැම්බර් 30, 2011 at 11:59 පෙ.ව.

      chandi,

      වඩාත්ම සාර්ථකත්වය ලබන්න පුළුවන් එක අංශයක් වර්ධනය කිරීමෙන්. බොහෝ අය ගොඩක් දේවල් වලට දස්කම් පාන බව හැබෑව, ඒත් ඒ ගොඩක් දෙනා තමන්ට වඩාත්ම කුසලතා දක්වත හැකි එක අංශයකට ගියා නම් ඒ අංශයෙන් වඩාත්ම ඉහළ මට්ටමකට යා ගත හැකිවූවා විය හැකි අවස්ථාව නැති කරගන්නවා ද?

  8. […] සමත කියලා පුරාණ කාළෙ කිව්වෙත්, දැන් බහුවිධ බුද්ධි න්‍යාය වගේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ මේ […]

  9. Senewirathna Bandara said, on ජූලි 27, 2014 at 2:33 පෙ.ව.

    පාසලක වැඩ සටහනක් වෙනුවෙන් මෙම තියරිය ගැන සිංහලෙන් ලියවුණු ලිපියක් සෙව්වා. එවිට තමයි මෙය හමුවුණේ. ඔබට ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: