අරුණි ශපීරෝ‍ වෙතින්

ගාඩ්නර්ගේ තියරියෙන් තමන්ගේ ස්වභාවික බුද්ධිය ගැන විමසිල්ලක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 1, 2011

මේකත් තමන්ට තමන් විසින් ලකුණු දීලා තමන් ගැන සොයා ගන්නා වූ විභාගයක්. හදා තියෙන්නෙ ගාඩ්නර්ගේ තියරිය ආශ්‍රිතව. ඉංග්‍රීසියෙන් කරන්න කැමති අයට මේ සබැඳියට යන්න පුළුවන්.

පහත වාක්‍ය කියවද්දී ලකුණු 1 ක් වැඩියෙන් ම එකඟ නොවන්නට; ලකුණු 2 ක් ටිකක් එකඟ නොවන්නට; ලකුණු 3 ක් ටිකක් එකඟ වන්නට; ලකුණු 4 ක් වැඩියෙන් ම එකඟ වන්නට යනාදී වශයෙන් දීලා තමන් තමන්ට දෙන ලකුණු ලියන්න ඕනා වාක්‍ය අසල පේළියේ ඇති සුදු හිස් කොටුවෙයි. මේ සටහනේ දී වාක්‍ය එක්ක ලකුණු දාන පේළි හරියට ම ගැලපෙන්නෙ නැති නිසයි කොටස් කොටස් වෙන් කරලා තියෙන්නෙ.

1. මා ගැන තවත් දැන ගැනීමට මම කැමතියි.

2. මට සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට හැකියි.
3. මට ගැටළු විසඳන්නට වඩා පහසු යමක් කරද්දී ය.
4. නිතර ම මගේ ඔළුවේ සිංදුවක් හෝ සංගීතයක් රැව් දෙයි.
5. මා සතු මුදල් අය-වැය හදා පාලනය කිරීම මට පහසු ය.
6. කතන්දර ගොතන්නට මට පහසු ය.
7. අතින් පයින් කරන දේවල් මනාව කරන්න මට පුළුවන.

8. කතාබහේ දී අනුන් කියනා දෑට පමණක් නොව කියන වචන ද අසා සිටිමි.

********

1. ප්‍රහේලිකා, වචන අර්ථ සොයන ගැටළු විසඳන්නට මා කැමතියි.

2. සංගදිග්ධ බව මට අල්ලන්නේ නැත, පැහැදිලි බවට මා කැමතියි.

3. සුදෝකු වැනි තාර්කික ප්‍රහේලිකා ප්‍රිය කරමි.

4. භාවනා කිරීමට මා කැමතියි.

5. සංගීතය මට ඉතා වැදගත් වූවකි.

6. (උවමනා වුවොත්) මට අනුන් රවටන බොරු කියත හැකිය.

7. මම ක්‍රීඩාවක හෝ නර්තනයේ යෙදෙන්නෙක්මි.

8. පෞරුෂය විමසන, බුද්ධිය විමසන විභාග ගන්නට මා කැමතියි.

**********

1. බුද්ධි හීන ලෙස හැසිරෙන අය මට අප්‍රසන්න ය.

2. මගේ ආවේග අනුව කැමති සංගීතය තීරණය වෙයි.

3. මම අනුන් ඇසුරට කැමති අයෙකි.

4. පිළිවෙලට වැඩ හා වැඩක් ඉවර කරන්නත් මා කැමතියි.

5. ප්‍රස්තාර හා රූප සටහන් මට පහසුවෙන් වැටහේ.

6. ජිල් බෝල වැනි ක්‍රීඩා වඩා හොඳින් පුළුවන.

7. උද්ධෘත පාඨයන් හා වාක්‍ය්‍යන් මතකයෙන් කියන්නට මට පහසු ය.

8. පුංචි කාලේ දී ත් මා ගිය තැනක් නැවත හඳුනා ගැනීම පහසුය.

1. විෂම සංගීත රස විඳින්න මා කැමතියි.

2. යමකට අවධානය යොමු කරද්දී මා කුරුටු ගාන්නෙමි.

3. ඕනෑ නම් අනුන් ලවා මගේ කැමැත්ත කරවන්නට පුළුවනි.

4. මගේ හැඟීම්/හැසිරීම් මොනවාදැයි කළින් කියත හැකිය.

5. මනසින් ගණන් හදන්නට මට පහසුය.

6. හඬක් නැගුනේ කුමකින් දැයි කියන්නට මට හැකිය.

7. පාසැලේ දී මා ප්‍රියතම විෂය ඉංග්‍රීසි/සිංහල භාෂාවයි.

8. ගැටළු මුළුමනින් විසඳීමත් එහි සියළු ඵලවිපාක සෙවීමත් කැමතියි.

1. මම විවාද හා සංවාද ප්‍රිය කරමි

2. බිය ඇති කරන හා තියුණු ක්‍රීඩා වලට මම කැමතියි.

3. මම වඩාත්ම කැමැත්තේ තනියම කරන ක්‍රීඩාවන්ට ය.

4. මා වටා ඉන්නා අයගේ සිතැඟියාවන් ගැන මට කැක්කුමක් ඇත.

5. මගේ නිවස ඡායාරූප හා පින්තූර වලින් පිරුණකි.

6. අත් වලින් හදන දේවල් නිමාවට මා දක්ෂයෙක්මි.

7. පසුබිම් සංගීතයට මා කැමතියි.

8. දුරකතන නොම්මර මතකයේ තබා ගැනීම මට පහසු ය.

*******

1. මා අනාගත ඉලක්ක සහ සැලසුම් හදන්නෙක්මි.

2. හැම දෙයක් ම අත ගා සංවේදනය ලබන්නට මම වඩා කැමතියි.

3. අයෙක් මට කැමත්ත දක්වනවා ද නැද්ද යන්න කීම මට ඉතා පහසුයි.

4. යම් බඩුවක් වෙනත් මානයකින් සිතා ගන්නට මට හැකියාව ඇත.

5. බඩුවක් හදන්නට ඇති උපදෙස් කොළය නොබලා මම බඩුව හදන්නෙක්මි.

6. අළුතින් මුණ ගැසෙනා අය සමඟ කතා කිරීම මට පහසු ය.

7. මම අළුතින් යමක් ඉගෙන ගන්නේ පටන් ගෙන එහි නිරත වීමෙනි.

8. ඇස් වසා ගත් කළ මට නිතරම පැහැදිලි රූප දකින්නට හැකිය.

1. ගණන් කරද්දී මා ඇඟිලි ගනින්නේ නැත.

2. බොහෝ විට මම මා සමඟ කතාබස් කරමි.

3. මා සංගීත පංති යන්නට මහත් කැමැත්තක් දැක්වූයෙමි.

4. තවත් භාෂාවක මූලික පදනම අල්ලා ගන්නට මට පහසුය.

5. බෝල වලින් කරන ක්‍රීඩා මට පහසුයි. ඉන් ලබන රසවින්ඳනය වැඩිය.

6. මගේ ප්‍රියතම විෂය ගණිතයයි.

7. මම හැම විටම මගේ හැඟීම් ගැන දන්නෙක්මි.

8. මගේ හැකියාවන් වල ශක්තීන් හා දුර්වලකම් ඇති සැටියෙන් දනිමි.

1. මට දිනපොතක් ඇත.

2. අනුන්ගේ හැසිරිල්ලකින් කියන කතා මට හොඳින් වටහා ගත හැකිය.

3. පාසැලේ දී මගේ ප්‍රියතම විෂය චිත්‍ර ඇඳීමයි.

4. කියැවීමෙන් මා සතුටක් ලබමි.

5. සිතියමක් කියවන්නට මට ඉතා පහසුය.

6. උදව් දිය නොහැකි අයගේ දුක දැකීමෙන් මා සිත පෙළේ.

7. අනුන් අතර රණ්ඩු ආරවුල් බේරන්නට මට හැකියාව ඇත.

8. සංගීතඥයෙක් හෝ ගායක/ගායිකාවක් වන්නට මා සිහින දැක්කෙමි.

*******

1. මම කැමති කණ්ඩායම් ක්‍රීඩාවන්ට ය.

2. සිංදුවක් ගැයීමෙන් මට සතුටක් දැනේ.

3. අළුත් තැනකට ගිය විට අතරමං නොවන්නෙමි.

4. අළුත් දැයක් රූප සටහන් බලා ඉගෙනීමට කැමැත්තෙමි.

5. තනිවම කාලය ගෙවීම මගේ සතුටකි.

6. සිත් පීඩා ඇති මගේ යහළුවෝ උදව් හා උපදෙස් සඳහා එන්නේ මා ළඟට ය.

සියල්ල අවසානයේ දී මුළු එකතුව ගණන් හදන්නේ උඩ සිට පහළට එක තීරුවක් ගෙන එහි ඇති සියළු සුදු කොටුවල එකතුව මෙතැන ලියැවීමෙනි.

පළමු තීරුවේ මුළු එකතුවෙන් භාෂාමය බුද්ධි හැකියාව

දෙවැනි තීරුවේ මුළු එකතුවෙන් ගණිතමය-තාර්කික බුද්ධි හැකියාව

තුන්වැනි තීරුවේ මුළු එකතුවෙන් සංගීතමය බුද්ධි හැකියාව

හතරවැනි තීරුවේ මුළු එකතුවෙන් ශාරීරික වූ කිනෙස්තටික් බුද්ධි හැකියාව

පස්වැනි තීරුවේ මුළු එකතුවෙන් අවකාශමය-දෘශ්‍යමය බුද්ධි ලකුණු

හයවැනි තීරුවේ මුළු එකතුවෙන් ස්වපුද්ගල බුද්ධි හැකියාව

හත්වැනි තීරුවේ මුළු එකතුවෙන් පුද්ගලයන් අතර සබඳතා බුද්ධි හැකියාව

වැඩියෙන් ම ලකුණු ඇති තීරුව ඔබගේ සහජ ශක්තිය ඇති හැකියාව කුමක් දැයි පෙන්නුම් කරයි. ඉතින් එය තමයි ඔබගේ ස්වභාවික බුද්ධිය හැටියට ගාඩ්නර් පෙන්වන්නේ!!!

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. සොසී said, on දෙසැම්බර් 1, 2011 at 10:49 පෙ.ව.

    හිස් කොට්ටෙ ලියන්න බැහැනෙ අක්කා…. ඒ මොක ද?

    මම හරිම කැමැති මේ වගේ ප්‍රශ්ණ වලට. ඒත් හිස් කොටුවෙ ලියන්නෙ කොහොමෙයි?

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2011 at 9:46 පෙ.ව.

      සොසී,

      ඒකනෙ නංගි මටත් තියනවා හදා ගන්න ඕනා අඩුපාඩු ගොඩක්. පොඩ්ඩක් විතර code ලියන්න ඉගෙන ගත්තා නම් වැඩ කරන කොටු, ලියලා ඉවර වෙද්දී ම මුළු එකතුව ගණනය වෙන කොටු දාන්න තිබ්බා.

  2. අමා said, on දෙසැම්බර් 1, 2011 at 11:47 පෙ.ව.

    අක්ක මම ඉස්කෝලේ යන කාලේදී මෙන්න මේ අක්ක කියපු IQ 6 මනින පොතක් කරා මතකයි. එකේ ගණන් හදන්න එහෙම එක එක ප්‍රශ්න තියෙනවා. ඒ කිව්වේ ගණිතය, භාෂාව, හැඩතල වගේ ඒවායින් ගැටළු විසඳන්න. මට ලකුණු තිබ්බේ ගණිතය, spatial සහ භාෂා 3 න්. ඒ උනාට ඔය 3 න් එකකටත් වඩා ‘පුද්ගලයන් අතර සබඳතා බුද්ධිය’ තිබ්බ නම් හොඳයි කියල මට හිතෙනවා! ඒක නැති එකමයි ප්‍රශ්නේ 😦

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2011 at 9:49 පෙ.ව.

      අමා,

      යම් අංශයකට බුද්ධියක් සහජයෙන් නැත්නම් උවමනාවෙන් ඇති කරගන්න පුළුවන් වූවක්, ක්‍රම සහ විධි මඟ එනවා!!!

  3. Alchemiya said, on දෙසැම්බර් 1, 2011 at 1:36 ප.ව.

    අනේ මන්දා මම මොන වගේ කෙනෙක් ද කියලා… මෙන්න මගේ ලකුණු…
    Linguistic 35
    Logic – Mathematical – 36
    Musical – 31
    Bodily-Kinesthetic – 37
    Spatial-Visual – 32
    Interpersonal – 38
    Intrapersonal – 34

    දැන් කියන්නකො බලන්න මම කවුද කියලා…

    • arunishapiro said, on දෙසැම්බර් 2, 2011 at 10:09 පෙ.ව.

      Alchemiya,

      දාපු උත්තර ගැන ආයෙත් විමසා බලන්න වේවි. අපි මෙහෙමයි කියා හිතාගෙන ඉන්න සමහර දේවල් එහෙම ද කියලා විමසන්න ඕනා. උදාහරණයක්: අයෙක් කිව්වොත් කියැවීමෙන් මා සතුටක් ලබමි කියලා මම අහනවා මේ සතියෙ (රැකියාවට හෝ අධ්‍යාපනයට නියමිත නොවූ) පොත් කීයක් කියෙව්වා ද? මේ මාසේ පොත් කීයක් කියෙව්වා ද? මේ අවුරුද්දෙ පොත් කීයක් කියෙව්වා ද? ප්‍රහේලිකා වචන අර්ථ සොයන්නට මා කැමතියි කිව්වොත් අහනවා මේ සතියෙ ප්‍රහේලිකා කීයක් පිරෙව්වා ද? ශබ්දකෝෂයක් බලා අළුත් වචන කීයක් ඉගෙන ගත්තා ද? මනසින් ගණන් හදන්න පහසුයි කියන්නා ගෙන් අහනවා අද, ඊයේ, මේ සතියේ … කැල්කියුලේටර් පාවිච්චි නොකර විසඳූ වඩාත්ම සංකීරණ වූ ගැටළුව මොකක් ද? යනාදී වශයෙන්. එහෙම බලද්දී “කැමති” දේවල් වලින් “කරන” වෙනස් කරලා හඳුනා ගන්න පුළුවන්. පුද්ගලයා වැඩියෙන් කරන්නේ මොනවා දැයි යන්නෙන් තමයි එයා වැඩියෙන් ම කැමැත්ත දක්වන්නේ කුමකට දැයි සොයා ගන්න පුළුවන්.

      Interpersonal සහ Intrapersonal දෙකත් වටහා ගැනීම සංකීර්ණයි. මම හිතනවා මම අනිත් අයගේ හැඟීම් හඳුනාගන්න සමත් නිසා මම ජනප්‍රියයි කියලා. ඒත් වටේ ඉන්න අය මාව ආශ්‍රය කරන්නෙ මම හැමෝටම තේ අරන් දෙන නිසා වෙන්න ඇති!!! ඕනෑ නම් අනුන් ලවා මගේ කැමැත්ත කරවා ගන්නට මට පුළුවනි කියා මා සිතනවා. ඒත් මම කවදාවත් මා යටතේ (depend) වෙන්නෙ නැති අයව මගේ කැමැත්තට නතු කරගන්න කිසිම උත්සාහයක් කරලා නැති වෙන්න පුළුවන්.

      ඊ ළඟට සමහර විට එක අංශයකින් ස්වභාවික බුද්ධිය තිබුනට පුද්ගලික තෝරා ගැනීම (දැනුවත්ව හෝ නොදැනුවත්ව) ඒ ස්වභාවික බුද්ධිය වර්ධනයට නොවෙන්න පුළුවනි. එතකොට ගොඩක් දේවල් වලට හිත යොමු කිරීම නිසා එක දෙයකින් ලොව ජයගත්තෙක් වෙන අවස්ථාව නැති කරගෙන බොහෝ දේවල් වලින් දැනුමැතියෙක් වෙන්න තෝරා ගෙන. ඊ ළඟ සටහන කියවන්නකො.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: