අරුණි ශපීරෝ‍ වෙතින්

ඒවරි දූපතෙන් ටැබැස්කෝ සෝස්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 15, 2011

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මා ඉගෙන ගනිද්දී සුදු අප්පුහාමි වාසය කලේ ජර්මනියේ. හේමන්තය පටන් ගන්නවාත් සමඟ දිනක් මගේ නේවාසික කාමරයේ දොරට තට්ටුවක් වැදුණ. දොර අරිද්දී සුදු අප්පුහාමි එතැන සිටගෙන. ඔහු අත අගනා තෑගි දෙකක්. එකක් ජර්මනියේ ඔහුගේ ගමේ අයෙක් ගොතන ලද වූල් ජර්සියකි. අනික ටැබැස්කෝ සෝස් බෝතලයකි. ග්‍රීෂ්ම රටකින් ඇවිත් පළමු හේමන්තයට මුහුණ දෙන මටයි ඔහු ඒ තෑගි ගෙනැත් තිබුනෙ.

ඉතින් මේ ටැබස්කෝ සෝස් ගැන. 1987 දී මම හඳුනාගත් ඒ සෝස් රස අදත් එසේ ම අනගිත්වයෙන් යුතු වූවකි. චොක්ලට් නැතත් අපේ ගෙදර ටැබස්කෝ සෝස් බෝතලයක් නැති දවසක් සොයා ගැනීම දුෂ්කරයි!!!

ලුයිසියානාවේ Avery Island හි නැහැය කිති කවන්නේ විනාකිරි, මිරිස් කරල් සහ ලුණු වලින් මුසු සුවඳක්. විනාකිරි, මිරිස් සහ ලුණු තමයි ටැබස්කෝ සෝස් වල අඩංගු වෙන්නෙ. මේ සෝස් වර්ගය රටවල් 165 ක විකිණෙන අතර අභ්‍යවකාශයටත් ගෙන ගිහින් තියනවා!!

කට දන මිරිස් සැර මනින මිනුම් දණ්ඩක් තමයි Scoville scale කියන්නෙ. මිනුම් දණ්ඩ ලැබන්නෙ 1912 දී විල්බර් ස්කොවිල් නැමැත්තා ගෙන්. සැර මිරිස් කරලක තියන Scoville heat units (SHU) වලින් පුළුවන් කොච්චර කට දවන්න හැකියාව ඊට ඇත්දැයි කියන්න. ටැබැස්කෝ සෝස් සැර 2,500 වෙද්දී ලංකාවේ වියළි රතු මිරිස් කරලක සැර 50,000 ත් 75,000 ත් අතර.

මුලින් ම මේ සෝස් එක හදන්නෙ 1868 දී Edmund McIlhenny නැමැත්තා. ඇමෙරිකන් සිවිල් යුද්ධය ඉවර වෙද්දී දකුණේ ආර්ථිකය සෑහෙන්න පිරිහිලා. එඩ්මන්ඩ් මැක්ඉල්හෙනි සතුව තිබූ කොන්ෆෙඩරසි මුදල් මිලියනයේ වටිනාකම ද නැති වී ගිහින්. එයා යුද්දෙට යන්න කලින් වගා කරපු මිරිස් කරල් ආපහු එද්දී සරුව වැවී තියෙනවා එයා දකිනවා. ඉතින් අළුත් ව්‍යාපාරයක් පටන් ගන්න එයා මිරිස් කරල් චොප්ප කරලා විනාකිරියි ලුණුයි දාා බෝතල් කරලා මුල් ම සෝස් බෝතල් හදනවා. 2011 දී ත් ඔවුන් ඒ මිශ්‍රණය ඒ විදියට ම හදලා ටිකක් වැඩි කාලයක් කල් තියලා තමයි වෙළඳපොලට ඉදිරිපත් කරන්නෙ.

සෝස් වර්ග කෑම පිඟන් වලට හලද්දී වැඩියෙන් වැටුනොත් හරි ජංජාලයයිනෙ. ඉතින් ටැබස්කෝ සෝස් හදපු අය මුලින් ම ඒ ගැන කල්පනා කරද්දී විසඳුමක් හොයා ගන්නෙ සුවඳ විලවුන් බෝතලයකින්. ඒ අය සුවඳ විලවුන් බෝතලයක කට දිහා බලල ඒ විදියට බිංදුවක් දෙකක් හැලෙන බෝතල් වලට සෝස් දාන්න පටන් ගන්නවා.

ඒවරි දූපත සාමාන්‍ය දූපතක් නෙවෙයි. ඒක සැතපුම් 3 ක් (කිලෝමීටර් 5) දිග ලුණු ඉල්ලමක් වටේ තියන වගුරු බිම් වලින් හැදුනක්. ඒවරි පරම්පරාවත්, මැක්ඉල්හෙනි පරම්පරාවත් තාම එහි පදිංචියෙන් යුතු යි. ඔවුන් වාසය කරන antebellum නිවාස එක පැත්තකත් ගොවිපල හා කම්හල් ශ්‍රමිකයන්ට සහන මිලකට දෙන Tango නිවාස අනිත් පැත්තේ ද පිහිටයි. කාමර දෙකක් හා නානකාමර දෙකක් ඇති නිවසකට ගෙවන කුලිය මාසයකට $138 කි.

දූපතේ බලන බලන හැම අතක ම පිරිලා තියෙන්නෙ රතු පාටින් දිලෙන මිරිස් කරල් වගාව. ඒක බලන්න ලෝකයේ නන් දෙසින් සංචාරකයන් ද එන තැනක්. අද ලෝක ඉල්ලුම පිරිමහන්න මිරිස් කරල් සේරම ඒවරි දූපතේ වවන්නෙ නැහැ. ඒත් මිරිස් කරල් බීජ තවමත් වවන්නෙ එහි.

ජීව උද්‍යානයක් හා පරිසර ආරක්ෂා කරන අක්කර 170 ක් ඒ දිවයිනේ වෙන්වෙනවා. ටැබස්කෝ සෝස් හදන ශ්‍රමිකයන්ට ලැබෙන නිසි වේතන වලට අමතර ව, සම්පූර්ණ සෞඛ්‍ය රක්ෂණය හා දන්ත රක්ෂණයත්, විශ්‍රාම වැටුප් සැලසුම් ද ටැබැස්කෝ කොම්පැණියෙන් ම පිරිනැමෙනවා.

යම් නිෂ්පාදනයක් අනගි නම් කාලයාගේ ඇවෑමෙන් එහි අගය තවත් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අනගි දැයක් නිෂ්පාදනය කරන කොම්පැණියක් සිය සේවකයන්ගේ අගය ද මනාව දන්නවා නම් පරම්පරා ගණනාවක් ගියත් සේවකයා සහ නිෂ්පාදන අයිතිකරුවා අතර ඇත්තේ තම තමන්ගෙ උත්සාහයට අනුව ලාභ බෙදා ගන්නා සුහද සබඳතාවයක්.

McIlhenny’s Gold: How a Louisiana Family Built the Tabasco Empire ලියන්නේ Jeffrey Rothfeder විසිනි.

TABASCO: An Illustrated History ලියන්නේ Shane K. Bernard විසිනි.

The Tabasco Cookbook: 125 Years of America’s Favorite Pepper Sauce ලියන්නේ Paul McIlhenny සහ Barbara Hunter විසිනි.

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. ගෝල්ඩ් fish said, on දෙසැම්බර් 15, 2011 at 12:39 ප.ව.

    //දූපතේ බලන බලන හැම අතක ම පිරිලා තියෙන්නෙ රතු පාටින් දිලෙන මිරිස් කරල් වගාව// මේක දකින්න අපිත් ආසයි….

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 8:59 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      යාළු මාළුවාට බලන්න පින්තූරයක් තමයි දාන්න වෙන්නෙ. නැත්නම් ගූගල් ලෝක සිතියමක් අරගෙනත් බලන්න පුළුවන් වෙයි ද?

  2. සාගර said, on දෙසැම්බර් 15, 2011 at 3:03 ප.ව.

    ඇත්තතට මමත් හරි ආස සෝස් එකක් තමයි ටැබැස්කෝ සෝස්. මම වැඩිපුර කැමති ටැබැස්කෝ සෝස් සවර්මා (අරාබි සැන්ඩ්විච් වර්ගයක්) එක්ක කන්න. තාමත් රස මතක් වෙනකොට කටට කෙල උනනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 9:01 පෙ.ව.

      සාගර,

      සාගර කවදා හෝ ටැබැස්කෝ සෝස් දැන්වීමක් දැකලා තියෙනවා ද?

      • සාගර said, on දෙසැම්බර් 16, 2011 at 2:46 ප.ව.

        මම විදේශගතව සිටි වසර 6 තුළ දැන්වීමක්නම් දැකලා නැහැ. ඒත් මම යාළුවො දෙන්නෙක්ට පුරුදු කලා. එකෙක් සවර්මා 2යි ටැබැස්කෝ සෝස් පොඩි බෝතලයකටයි සතියට දෙතුන් පාරක් වගකියනවා. තවමත් ඒ පුරුද්ද තියනවා කියලා කතා කලාම කියනවා.

  3. දූපත් said, on දෙසැම්බර් 15, 2011 at 4:21 ප.ව.

    ශිපිරෝ,,, බ්‍රිටිෂ් කොලොම්බියා නම් කෙමෙස්ට්‍රි ලොක්කියක් ද?……
    //යම් නිෂ්පාදනයක් අනගි නම් කාලයාගේ ඇවෑමෙන් එහි අගය තවත් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. :- ඔතන මට නොතේරෙන දෙයක් තියනව,,, පොප් drinks (කොකාකෝලා වගේ)අගය වැඩි වෙන්නෙ අනගි හන්නදද නැත්නම් ප්‍රචාරණය අනගි හන්දද???

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 9:04 පෙ.ව.

      දූපත්,

      නැහැ මම හැදෑරුවේ දර්ශනය.

      ප්‍රචාරණයෙන් විතරක් භාණ්ඩයක් අලෙවි කරන්න බැහැ. කොකා කෝලා දැන්වීම් කොච්චර දැක්කත්, ඇමෙරිකාවේ වසර 25 ක් විතර පදිංචි වෙලා හිටියත්, මම කෝකා කෝලා බොන කෙනෙක් නෙමෙයි. මම කැමති ප්ලේන් ටී වලට. ඒත් කෝක් හැරෙන්නට වෙන බොන්න තියෙන්නෙ පෙප්සි විතරයි නම් කෝක් තමයි තෝරා ගන්නෙ!!! ඊට කැමැති අය මෙන් ම අකමැති අය ද ඉන්නවා.

  4. ඕනයා (දුලිප් සිකුරාජපති) said, on දෙසැම්බර් 15, 2011 at 4:40 ප.ව.

    එක එක සෝස් ජාති ටෙස්ට් කරන එක මගෙ එක විනෝදාංශයක් . . . හොයාගෙන බලන්න ඕනෙ මේ ජාතියෙනුත්

  5. kevin perera said, on දෙසැම්බර් 15, 2011 at 8:13 ප.ව.

    I love tabasco sauce. I went to Olive garden last weekend and I always get tabasco sauce. with my steak.

  6. kevin perera said, on දෙසැම්බර් 15, 2011 at 8:41 ප.ව.

    වෙලාවක් තිබේනම් දිවයින පත්තරේ මෙන්න මේ ලිපියට පිලිතුරක් දෙන්නකො අරුණි.
    http://www.divaina.com/2011/12/16/feature01.html
    මේ ලේඛකයා මේ ලිපියට දාපු නම තමයි “ඒ මෝඩ රුසියානු ‘විරෝධතා’ ගැන ” යන්න හැබැයි ඔහුට නොතේරුණු කාරණය තම්යි එයාගේ අදහස ලාංකික ගැමි මෝඩ චූන් එකක්.කියන එක.(ගැමි නොවෙයි ඉතා නිවැරිදිව කිව්වොත් ගමෙන් නගරයට ආපු ගොඩයන්ගෙ)

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 9:10 පෙ.ව.

      kevin perera,

      ටයිම් සඟරාව “විරෝධතා දක්වන්නා” 2011 වසරේ පුද්ගලයා හැටියට තෝරා ගත් බව ඇහුනම ලියන්න සුදුසු මාතෘකාවක් යැයි සිතමින් සිටියෙ. ලංකාවේ පත්තර වල යන ඒවාට උත්තර දෙන්න ගියොත් නම් ලියලා ඉවරයක් වෙන්නෙ නැහැ!!! ඒත් මේක කියවලා සටහනක් ඉක්මණින් ලියන්නම්. ඇමෙරිකාවේ වෝල් වීදියේ විරෝධතාවන්ට ද රුසියාවේ මැතිවරණ විරෝධතාවන්ට ද ජයවේවා!!!

    • Sudath said, on දෙසැම්බර් 16, 2011 at 1:05 ප.ව.

      @kevin perera
      මොකක්ද මේ අමන කතාව?
      ලංකාවෙ ගම් වල ඉන්නෙ ගොඩයො?
      නැත්නම් සිංහල පත්තර වලට ලියන්නෙ ගොඩයොද?
      ඇයි ඒ ලිපියට පිළිතුරු දෙන්න තවත් කෙනකුට කියන්නෙ?
      කරුණාකරල පැහැදිළි කරන්න.

      • kevin perera said, on දෙසැම්බර් 16, 2011 at 2:07 ප.ව.

        @Sudath
        පිලිතුර දිගයි කෙටියෙන් කියන්න බලන්නම්.
        1. මොකක්ද මේ අමන කතාව?…ඔයාට තරහගියා එහෙම නැත්නම් හිත රිදුනා නේද. පිලිතුර තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප හරියට ඔඩු දුවපු තුවාලයක් වගෙයි. තුවාලවලට බෙහෙත් දානකොට රිදෙනව.ඒකයි ඔයාට මං කියපු දෙය අමන වගේ හිතෙන්නෙ සහ හිත රිදෙන්නෙ.
        2.ලංකාවෙ ගම් වල ඉන්නෙ ගොඩයො? නැහැ ගම්වල ඇත්තටම ජීවත් වෙන්නෙ නියම ගැමියන්.මා ගොඩයන් යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් නොව ගමෙන් නගරයට පැමිනි නගරයේ දෙවල් සමග ඇඟෙන් හොඳට සෙට්වෙලා ආතල් එකේ ඉන්න ගමන් ඔලුවෙන් ලොවෙත් නැති සුන්දර ගමක් ගැන මනෝ විකාර දොඩවන්නන්ය.දිවයින පත්තරේ ලි‍යන බහුතරය මෙවැනි කඳ ජපන් ඔලුව මනමේ ගොඩයන්ය..උදාහරණයකින් කියන්නේ නම් මිනිසෙකු මොඩ් පොරක් හෝ ගොඩයකු වන්නේ පෙනුමෙන් හෝ ජීවත් වන භුගෝලීය ස්ථානය මත නොව ඔලුවේ දරා සිටින ආකල්ප වලිනි.රෙදි කෑල්ලක් කරේ දාගෙන වේට්ටියක් යන්තම් ඉනේ දාගෙන ඉන්න පෙනුමෙන් අමු ගොඩයකු වන් මහත්මා ගාන්ධි දිහා බලන්න. මට අනුව ගාන්ධි මොඩ් පොරකි. නූතන ජංගම අතේ තියාගෙන ඩෙනිම් ඇඳගෙන බී එම් ඩබලිව් වල යන මට එදිනෙදා නිව්යොර්ක් නගරයේදී හමුවන බොහොමයක් ලාංකිකයන් පවා ආකල්පවලින් අමු ගොඩයන්ය.
        3. ඇයි ඒ ලිපියට පිළිතුරු දෙන්න තවත් කෙනකුට කියන්නෙ? මට වෙලාවක් නැහැ සහ සිංහල යුනිකෝඩ් අමාරුවෙන් ටයිප් කරන්නෙ. ඊටත් වඩා අරුනි යනු මට අනුව මොඩ් ගැහැණියකි.ඉතින් අරුණිගේ පිලිතුර අනිවාර්යෙන්ම මොඩ් පිලිතුරකි.

        • Sudath said, on දෙසැම්බර් 16, 2011 at 2:40 ප.ව.

          @kevin perera
          හරි දැන් තේරුණා. පැහැදිළි කිරීම ගැන ස්තුතියි.
          නගරයට පැමිණි ගොඩයන් ගැන ඔබගේ අර්ථදැක්වීම මා දැන සිටියේ නැහැ.

          දිවයින පත්තරේ ලිපිය මම නැවත කියවා ඔබ අදහස් කරන දේ තේරුම් ගන්නට උත්සාහ ගන්නම්. ගොර්බරචොව් සහ පුටින් අතර වෙනසක් තියෙනව වගේ මටත් පෙනෙන නමුත් ඒ ලිපියේ කියන දේ එසේම වෙනවාද කියන්නට දන්නෙ නෑ. කොහොමටත්, ප්‍රන්ස විප්ලවය දවස් 70කටත් රුසියන් විප්ලවය අවුරුදු හැත්තෑවටත් සීමා වුනේ කොහොමද කියන එකත් මගේ කල්පනාවට ඇවිත් තිබෙන දෙයක්.

    • arunishapiro said, on දෙසැම්බර් 24, 2011 at 11:18 ප.ව.

      kevin perera,

      මේ සටහන් කියවන්න එන අය ඉල්ලනවා වගේ ඒ ඒ කරුණු සඳහා මූලාශ්‍ර කොහෙන් දැයි දිවයින ලිපියේ මහින්ද පතිරණ මහතාගෙන් අසන්නට ඕනෑ කියා හිතුනා ඒ ලිපිය කියවා ගෙන යද්දී. ඒත් ඉතින්, ස්ටාලින්ගෙ රුසියාවේ සාගතයක් තිබ්බෙ නැහැ කියලා කියන්නත් Walter Duranty පුවත්පත් වාර්තා කරුවන් සිටි නිසා, ඔහුට පුලිට්සර් වැනි තෑගිත් ලැබි නිසා ලංකාවේ පත්තර වලට ලියන මහින්ද පතිරණට වැරැද්දක් කියන්න පුළුවන් ද කියලත් හිතෙනවා කෙවින්.

  7. kathandarakaraya said, on දෙසැම්බර් 16, 2011 at 5:31 පෙ.ව.

    පෙම්වතියට ටැබැස්කෝ සෝස් බෝතල් ගෙනියන්නෝ සුද්දෝ නොව ජරමානුවෝය!

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 9:13 පෙ.ව.

      kathandarakaraya,

      සුදු අප්පුහාමි ඒ කාලේ මගෙ යාළුවෙක් විතරයි. පස්සෙ ආපු වතාවක තමයි පෙම්වතිය වෙන්න කැමති ද කියලා ඇහැව්වේ. ඒත් චොක්ලට් හෝ රෝස මල් ගෙනාවේ නැහැ. ජර්මනියේ කාලයක් විසූ නිසා ජර්මානුවෙක් විදියට හිතන්න පුරුදු වෙලා ඉන්නවා තවමත් සමහර දේවල් ගැන.

  8. සපතේරු උන්නැහේ said, on දෙසැම්බර් 16, 2011 at 7:45 පෙ.ව.

    ඔය ටැබැස්කෝ සෝස් මෙහෙත් හරි ජනප්‍රියයි… කොච්චරද කියනවනම්… ඕනම නේල් පොලිෂ් වර්ගයකට “කියුටෙක්ස්” කියනව වගේ… රෙස්ටොරන්ට් එකකදි වේටර් කෙනෙක් “ඔබට චිලී සෝස් ඕනැද” කියල අහනව වෙනුවට අහන්නෙ “ඔබට ටැබැස්කෝ ඕනැද” කියල… ඒත් සමහර විට දෙන්නෙ වෙන බ්‍රෑන්ඩ් එකක්…

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2011 at 9:15 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      අන්න සාගරගේ කටට කෙළත් උනලා ඔය පැත්තෙ තියන ටැබැස්කෝ දාපු සැන්ඩ්විච් මතක් වෙලා. සපතේරු උන්නැහේ මල්ලි ඔය පැත්තෙ දී ටැබැස්කෝ සෝස් ගැන දැන්වීම් දැකලා තියනවා ද?

      //රෙස්ටොරන්ට් එකකදි වේටර් කෙනෙක් “ඔබට චිලී සෝස් ඕනැද” කියල අහනව වෙනුවට අහන්නෙ “ඔබට ටැබැස්කෝ ඕනැද” කියල// අනගි භාණ්ඩයක් බව පෙන්වන පැහැදිලි ලකුණක් වගේ!!!

  9. W.A. Wijewardena said, on දෙසැම්බර් 16, 2011 at 11:44 ප.ව.

    I recently watched a History Channel episode on ‘Tabasco’ under its Food Tech programme. Aruni has written much more on Tabasco than what the History Channel has revealed. Thanks for the write up especially educating us on this Scoville Scale on measuring the hotness of chillies.

  10. chandi said, on දෙසැම්බර් 21, 2011 at 2:40 පෙ.ව.

    ටික දවසකින් එන්න බැරි උනා. ටොබැස්කෝ කිව්වම කටට කෙල ආවා. මාත් හරිම ආසයි. හැම අතින්ම සැර යන්තමට පැනිරස සමග ඇඹුල නියමයි. හොඳ විස්තරයක් දැනගත්තා. මිරිස් වල සැර මැනීම ගැනත්. ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: