අරුණි ශපීරෝ‍ වෙතින්

අනගි බඩුවක අනගි බව සදා පවතී

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 16, 2011

සමහර අයට වාහනයක් කියන්නෙ එක තැනක සිට තවත් තැනකට යන්න පාවිච්චි කරගන්න උපකරණයක්. අනිත් අයට ඒක සමාජ තත්වය පෙන්වන ආභරණයක්. කෙනෙකුට තියන වාහනය හෝ වාහනයක ඇතුල බලලා අයිතිකාරයා ගැන පේන කියන අයත් ඉන්නවා!!!

ඇමෙරිකාවේ ෂෙවලේ කොම්පැණිය වාහන හදන්න පටන් ගන්නෙ 1911 දී. කෝර්වෙට් හැදෙන්නෙ 1953 දී. මයාමි වයිස් කියන රූපවාහිනි ටෙලි නාට්‍ය හදන්න පටන් ගනිද්දී ඔවුන්ට අවශ්‍ය වුනා කුඩු අපරාධ මර්ධන රහස් පොලිස් විමර්ශක සනී ක්‍රොකෙට් පදවන වාහනයට ඉතාලියේ හදන ෆෙරාරි එකක් ගන්න. ෆෙරාරි පදවන්නෙ කුඩු වලින් පෝසත් වෙච්ච අය විතරක් ම නෙමෙයි. ඒත් කුඩු විකුණන අය අල්ලන්න නම් තමන් ද ඒ වගේ සල්ලි විසි කරන්න පුළුවන් අයෙක් බව පෙන්වන වාහනයක් තියෙන්න ඕනා කියලා තමයි සනී පැමිණිලි කරන්නේ. ෆෙරාරිය අනිත් වාහන වලට වඩා තමන් පෝසත් බව රට්ටුන්ට පෙන්වන වාහනයක්. ඒත් මයාමි වයිස් නිෂ්පාදකයන්ට ෆෙරාරියක් ගන්න සල්ලි තිබුනෙ නැහැ. ඔවුන් ඉතින් කොර්වෙට් එකක් අරගෙන ඒක ෆෙරාරියක් විදියට පෙන්න වෙනස් කරගන්නවා. මුල් මයාමි වයිස් බලද්දී සනී පදවන සුදු ෆෙරාරිය වගේ පෙන්නෙ ඒ කොර්වෙට් එක. මයාමි වයිස් ජනප්‍රිය වෙද්දී ෆෙරාරි කොම්පැණිය තෑගි කරනවා 1986 ටෙස්ටරෝසා ෆෙරාරි දෙකක්, අර කොර්වෙට් චැසි තියන දෙක විනාශ කරන්න කියන ඉල්ලීම යටතේ. පස්සෙ පෙන්වන සනී පදවන සුදු ෆෙරාරිය ලැබෙන්නෙ එහෙමයි.

මේ කාටූනයේ තියෙන්නෙ ෂෙවලේ කොම්පැණිය හදන කොර්වෙට් එකක්. කොම්පැණිය අවුරුදු 100 ක් පරණ වුනත් අනගි භාණ්ඩයක් ඉදිරිපත් කිරීම නිසා තාම හිස් හරවන්න සමත් වූ බවයි කාටූන්කරුවා පෙන්වන්නෙ. කොර්වෙට් හැඩය යාන්තමට එක එක වෙනස්කම් වලට භාජනය වුනත් දැක්කම ඕනෑ කෙනෙකුට ඒක කොර්වෙට් එකක් කියා හඳුනාගන්න තවමත් පුළුවන්. ඒකට ෆෙරාරියට වගේ ‘කුඩුකාරයෝ පදවන වාහනයක්’ කියා නමක් වැටුනෙත් නැහැ.

කාටූනයේ ඇති කොර්වෙට් වාහනය සඳහන් කරන ‘කොල්ලො’ තමයි අනිත් ස්පෝර්ට්ස් වාහන. පෝෂා කරේරා වලට කියන්නෙ “ගෑණු යට ඇඳුම් ඇඳගෙන යන” ස්පෝර්ට්ස් කාර් කියලා.

අනගි දැයක් අනගි දැයි තීරණය කරන්නෙ පාරිභෝගිකයා. කොච්චර දැන්වීම් දැම්මත් භාණ්ඩය ගන්න කැමති පිරිසක් නැත්නම් භාණ්ඩයක් දිගු කාලයක් තිස්සේ ජනප්‍රිය වෙන්නෙ නැහැ.

ඉහත කාටූනය ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ කාටූන් කලාකරුවෙකු වන Henry Payne මහතාගේ අවසරය ඇතිව පළ කරන ලදි.

Thank you Mr. Henry Payne! 🙂

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. සාබිත් said, on දෙසැම්බර් 16, 2011 at 11:32 පෙ.ව.

    ඇත්ත! අලුතෙන් කොච්චර දේවල් ආවත් ‘නැහැ මට අරකම දෙන්න’ කියලා ඉල්ලන මිනිස්සු කොච්චර ඉන්නවද!ඒ තරම් විශ්වාසයක් ගොඩනගා ගන්න එකම කොච්චර අමාරුද?

  2. maathalan said, on දෙසැම්බර් 16, 2011 at 11:39 පෙ.ව.

    අනගි බඩු හරි ගනන් නේ.. ඕවා මොනවද දැන් මෙහේ තියෙනවා නියම බඩු. අදයි හෙටයි නයිට් රේස් කොටුවේ. කන්න නැතත් යනවා ඒක බලන්න..

  3. ලොකු පුතා said, on දෙසැම්බර් 16, 2011 at 3:45 ප.ව.

    මමත් සමහර වෙලාවට මම ගන්න බඩුමුට්ටු වල අනර්ඝත්වය බලනවා
    එහෙම බලන්නේ මම ඒ භාණ්ඩය කොච්චර කාලයක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවද යන්නත් එයින් මම කරන්නේ කුමන කාර්යයක්ද යන්නත් අනුව….

    සමහර වෙලාවට අනගි භාණ්ඩයක් ගන්නවට වැඩිය මිලඅඩු භාණ්ඩයක් ගන්න එක වාසි වෙන වෙලාවලුත් තියෙනවා
    මම දැන් මෙහේ ඉන්න කෙටි කාල සීමාවට පාවිච්චි කරන්න ගන්නේ බොහොම මිලඅඩු භාණ්ඩ
    මිලඅඩු උනත් වගකීමක් තියෙන නිසා ඒවායින් මට පාඩුවක් වෙන්නේ නැහැ
    මොකද මේ දේවල් මම ගන්නේ කෙටි කාලින පාවිච්චියට නිසා

  4. ලොකු පුතා said, on දෙසැම්බර් 16, 2011 at 3:47 ප.ව.

    // පෝෂා කරේරා වලට කියන්නෙ “ගෑණු යට ඇඳුම් ඇඳගෙන යන” ස්පෝර්ට්ස් කාර් කියලා.//

    මේ කාර් වලට එහෙම කියන්න හේතුව ඒ ලින්ක් එකේ තියෙන කතාව කිව්වත් තේරුනේ නැහැනේ

    • arunishapiro said, on දෙසැම්බර් 25, 2011 at 11:46 පෙ.ව.

      ලොකු පුතා,

      කොච්චර දැන්වීම් හා ප්‍රචාරණය තිබ්බත් මහජන මතය කියන එක හැඩගස්සවන්න විදියක් ලෝකයේ කිසිම අයෙක් හරියට නිශ්චිතව නොදන්නා බව ඔප්පු කරන සාධකයක් ඒ.

      මේ කාර් වලට එහෙම කියන්න එකම හේතුව අනිත් ස්පෝර්ට්ස් වාහන පාවිච්චි කරන අය එහෙම දකින නිසා. නමක් වැටුනට පස්සෙ ඒක මුල් ඇදලා පැල වෙලා අතු දාලා ලොකුවට වැඩෙනවා … කොච්චර මුදල් වියදම් කරත් ප්‍රචාරණයෙන් වෙනස් කරන්න බැහැ. ඇයි එහෙම නමක් වැටුනේ? කවුදැයි දන්නෙ කවුරු පටන් ගත්ත ද කියලා හැට ගණන් වල දී .. හැබැයි නම ගැලපෙන නිසා වෙන්නැති ඒක තවමත් තියෙන්නෙ!!!

  5. Alchemiya said, on දෙසැම්බර් 16, 2011 at 4:38 ප.ව.

    අපේ පැටියා පොඩි කාලෙ ඉඳලම ආස ලොකු ලොකු කාර් ජාති වලටනේ… කෝවේට්, කැමෙරෝ, ෆෙරාරි, ලැම්බෝගිනී, වෝල්වෝ, මස්ටැන්ග්, පෝෂා, ලෝටස්……… ලිස්ට් එක ඉවර නෑ..
    දැන් මට සිල්සට් එක දීලා තියෙන්නේ ඊලඟට ගන්න කාර් එක මොකක්ද වෙන්න ඕන කියලා…
    දැක්කනේ එයාට තියෙන සෙල්ලම් කාර් ගොඩ…
    මම නම් හිතන්නේ ගිය ආත්මේ කාර් රේස් කාරයෙක්ද කොහෙද….

  6. kathandarakaraya said, on දෙසැම්බර් 16, 2011 at 5:50 ප.ව.

    /* අනගි බඩුවක අනගි බව සදා පවතී */

    මේ මොනවා කියනවාද? දාන්න පහක්.

    වයස දශක පහක් ගියත්, කැම්පස් එකෙන් අවුට්වෙලා අවුරුදු විසි හතක් ගියත්, කැලනියේ, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ නෙමේ කොයි ලෝකේ ගියත් අබගි බඩුව කවදත් අනගියි!

    ඇත්තම කියනවා නම් සිංගල් මෝල්ට් විස්කි එකක් එන්න එන්න පදම් වෙනවා වගේ එන්න එන්න අනගි බව වැඩි වෙනවා!
    මගේ සුභ පැතුම්!

  7. ඉන්දික උපශාන්ත said, on දෙසැම්බර් 18, 2011 at 2:52 පෙ.ව.

    ට්‍රැකටර් හදාපු මිනිහ නිර්මාණය කරපු ලැම්බොගිනිය එක්ක කොර්වෙට්ට හැරෙන්නවත් බෑ. ඒත් ඉතින් ඒ ගානට ඔය පෙනුමයි පර්ෆෝමන්සුයි තීන වෙන ස්පෝර්ට් කාරෙකක් නැති නිසා කොර්වෙට් බැබලෙනව!

  8. Ano said, on දෙසැම්බර් 18, 2011 at 2:53 පෙ.ව.

    සුදු මහත්තයාගේ අනගි බඩුව (විහිළුවක් හොඳේ !!!)

  9. chandi said, on දෙසැම්බර් 21, 2011 at 2:42 පෙ.ව.

    අපේ මහත්තයා මේ ටිකේ හයිබ්‍රිඩ් වාහනම හොයනවා. අනේ මන්දා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: